Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික කොඩිය හැදුණු හැටි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික කොඩිය හැදුණු හැටි.....

අපි 66 වෙනි නිදහස සමරන මොහොතේ මම ඔයාලට ගෙනාවා අපි සෑම විශේෂ ජාතික උත්සවයකදීම අපි යොදා ගන්නා අපේ රටේ සංකේතයක් වන ජාතික කොඩිය ගැන විස්තරයක්. අපේ ජාතික කොඩිය නිර්මාණය වුනේ කොහොමද කියලා ඔයාලට විස්තරය ලබාදෙන්නයි මම හදන්නේ. කියවලා බලන්නකෝ

ශ්‍රී ලංකාවේ පළමුවෙනි නිදහස් පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි මාසයේදී පස්වෙනි ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර්හි ආදිපාදවරයා අතින් විවෘත වීමට නියමිතව තිබිණි. එම අවස්ථාවේදී එසවිය යුතු නිල ධජය කුමක්ද යන ප්රශ්නය තවත් මත හරඹයකට තුඩුදුන් අතර දේශපාලනඥයෝ විවිධ, පරස්පර විරෝධී අදහස් පළ කරමින් ප්රශ්නය වඩාත් අවුල් කළහ. 1947 දෙසැම්බර් 22 දක්වාම මේ සම්බන්ධයෙන් රජයේ නිශ්චිත ප්‍රතිපත්තියක් නොතිබූ බව මැතිසබේදී නැගූ ප්‍රශ්නයකට අග්‍රමාත්‍යවරයා දුන් පිළිතුරෙන් හෙළි විය.

මින් දින කිහිපයකට පසු මඩකලපුව මන්ත්‍ර ඒ. සින්නලබේබේ පහත සඳහන් යෝජනාව සභාගත කළේය. එය 1948 ජනවාරි 16 දා විවාදයට ගන්නා ලදී.

1815 ගිවිසුමෙන් පසු එංගලන්තයට ගෙන යන ලද රතු පසුබිමක, දකුණතින් අසිපතක් දරා සිටින කහපාට සිංහ රූපයක් නිරූපණය කෙරෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජකීය ධජය නිදහස් ලංකාවේ නිල ධජය විය යුතු බව මේ සභාවේ විශ්වාසයයි.

ජේ. ආර්. විසින් එම යෝජනාව කෙටුම්පත් කර, සින්නලබේබේ ලවා එය සභාගත කරවූ බව ඒ දිනවල කවුරුවත් දැන සිටියේ නැතත්, යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු සභාව තුළ සින්නලබේබේ හැසිරුණ ආකාරයෙන් රහස එළිදරව් වන්නට ඇත. මක්නිසාද යත්, මෙහිලා ඔහුගෙන් ලැබුණ එකම දායකත්වය ජේ. ආර්. කෙටුම්පත් කළ යෝජනාවට “මම යෝජනා කරමි” යන වචන දෙක තුන එකතු කිරීම පමණි. ඉන් එහාට වචනයක්වත් ඔහු කතා කළේ නැත. ඔහු විසින් කළ යුතුව තිබූ කතාව කළේ යෝජනාව ස්ථිර කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහයි. එපමණක් නොව, යෝජනාව පිළිබඳ විවාදයේදී සභාගැබේ හැම පැත්තෙන්ම උද්වේගී මත “පිපිරෙද්දී” සින්නලබේබේ, අගක් මුලක් නොදැක, බහුරූ කෝලමක භූමිකාව රඟපෑවේය. තමන් ඉදිරිපත් කළ යෝජනාව විවාද වෙද්දී යෝජකයා කරබාගෙන සිටි අවස්ථාවක් ගැන පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර කෙදිනකවත් සඳහන්ව නැත. විවාදයට ඔහුගෙන් ලැබුණු දායකත්වය කෙසේවෙතත්, මහජන ගැලරියට ගොස් එය නැරඹුවේ නම් ඔහුගේ නිහඬතාවය පාර්ලිමේන්තු වරප්රසාදවලින්වත් වසන් කරගත හැකිව තිබිණි.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ජේ. ආර්. විසින් සින්නලබේබේ තෝරාගනු ලැබිම ඉතාම උපායශීලී පියවරක් විය. ප්‍රථමයෙන්ම, ඔහු මුස්ලිම් ජාතිකයකු වූ නිසා, සිංහ කොඩිය ජාතික කොඩිය කිරීමේ අදහසට වඩාත් දැඩි විරෝධය අපේක්ෂා කළ හැකිවූ ද්‍රවිඩ මන්ත්‍රීවරු ඉන් අන්දමන්ද වූහ. දෙවනුව, පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් සින්නලබේබේට නැති නිසා “කටවැරදුනත්”, “දිව ලිස්සා ගියත්” අදාල අරමුණට ඉන් හානියක් විය නොහැක.

ඒ හැමටත් වඩා, කැබිනට් අනුමැතියක් නොලබා, රජයෙන් ඉදිරිපත් වෙන යෝජනාවකට මුහුණ පෑමට සිදුවන සීමා බන්ධනවලින් තොරව, ස්වාධීන තීරණයක් ගැනීමට මන්ත්‍රී මණ්ඩලයට අවස්ථාව ලබාදීමෙන් ජේ. ආර්. ගත් පියවර කෙතරම් දූරදර්ශීදැයි එම විවාදයේදී ප්‍රකාශ වූ පරස්පර විරෝධී මත ගැටුම්වලින් වටහාගත හැකිවිය. එමෙන්ම කැබිනට්ටුව මගින් ඒ පිළිබඳ සාකච්ඡා කල් තැබිමට ඉඩ තිබූ නිසා, ජේ. ආර්. ගත් පියවර ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලද හැකි විකල්ප මාර්ගය විය. (“සිංහ කොඩිය ගෝත්‍රික සළකුණකැයි වමේ නායකයකු වූ පිලිප් ගුණවර්ධන පැවැසීය. මාක්ස්වාදී කණ්ඩායමේ කැමැත්ත රතු කොඩියට බව ඔහු ඉතා වේගවත් ස්වරයෙන් ප්‍රකාශ කළේය.) විවාදය හමාර කරමින් කතා කළ අග්‍රමාත්‍යවරයා ඉතාම ප්‍රායෝගික ස්ථාවරයක පිහිටා මෙසේ තම අදහස් දැක්වීය.

“ධජය එසවීමේ උත්සවයක් අප පවත්වනවා නම් මෙන්න මේ ප්‍රධාන කරුණ නිසා සිංහ කොඩිය එසවීමට මට ඕනෑ. අපේ රට අපට අහිමිවූදා මේ රටේ ජනතාව එංගලන්තයේ රජතුමා තම රජු හැටියට තෝරාගත් අවස්ථාවේ, පහත හෙළන ලද්දේ මේ (සිංහ) කොඩියයි. සිහසුනින් නෙරපා දමන ලද මහනුවර අන්තිම රජතුමාගේ කොඩිය වූයේ මේ (සිංහ) කොඩියයි. එංගලන්තය මේ රටේ ජනතාවට දැන් ස්වාධීනත්වය පවරන නිසා ඔවුන් අපට ආපසු පවරන ඒ නිදහසත් සමග අපේ කොඩියත් යළි ප්රතිශ්ඨාපනය කළ යුතුයි. නිදහස් දා මේ කොඩිය (සිංහ කොඩිය) එසවීමට අප බලාපොරොත්තු වන්නේ ඒ නිසයි.”

“මේ සිංහ කොඩිය එසවූ පසු, එය වෙනස් කළ යුතු බව හැමදෙනාගේම මතය නම්, මහජනතාවගේ අභිලාෂය අනුව, වෙනත් සුදුසු කොඩියක් එසවිය යුතුය. සිංහ කොඩිය එසවූ පසු ඒ වෙනුවට වෙනත් සුදුසු කොඩියක් භාවිතා කළාට මගේ විරුද්ධත්වයක් නැත.”

ජාතික ධජය ගැන රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කෙරුණු බව 1948 ජනවාරි 27 දා අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජී. ජී. පොන්නම්බලම්, ටී.බි. ඡයා, ජේ. ඇල්. කොතලාවල, ඇල්. ඒ. රාජපක්ෂ, ඇස්. නඩේසන් සහ ජේ. ආර්. ජයවර්ධන එම කමිටුවේ සාමාජිකයෝ වූහ. කැබිනට් ඇමැතිවරුන් පස් දෙනකුගෙන් සමන්විත වූ එම කමිටුවට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකුද වූ අතර ඇස්. නඩේසන් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පත් කළ නියෝජිතයා විය. ජාතීන් වශයෙන් ගත් කළ සිංහයෝ 4ක් ද ද්‍රවිඩයෝ 2ක් සහ එක් මුස්ලිම් ජාතිකයෙක් ද ඊට අයත් වූහ.

කමිටුවේ නිර්දේශය ලත් විගස “ශ්‍රී ලංකාවේ ජාතික ධජය කුමක් විය යුතුද යන කාරණාව ගැන තීරණයක් ගනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන (නිදහස්) උළෙලේදී සිංහ කොඩිය ඔසවනු ඇතැ”යි අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සහතික විය.

රැස්වීම් ගණනාවක්ම පැවැත්වූ කොඩි කමිටුව 1950 පෙබරවාරියේදී තම වාර්තාව නිකුත් කළේය. එක් සාමාජිකයෙකුගේ පමණක් (ඇස්. නඩේසන්) විරෝධය මැද්දේ 1948 පෙබරවාරි 12 දා එසවූ සිංහ කොඩියම මදක් වෙනස් කර ජාතික කොඩිය ලෙස භාවිතා කිරීමට කමිටුව නිර්දේශ කළේය. කොඩියේ ප්‍රමාණයෙන් (කොළ පැහැති තීරුවෙන් පිටත කහපාට වාටිය හැර) 1.7 ප්රමාණුපාතිකව දිග පළල එක හා සමාන කොළ හා තැඹිලි පාට තීරු දෙකක් සිංහ කොඩියට එකතු කිරීමට කමිටුව කළ නිර්දේශය රජය විසින් පිළිගන්නා ලදී. මීට වසර 28කට පසු 1978 දී තවත් වෙනසක් කරමින් කොඩියේ කොන් හතරට බෝපත් හතරක් එක් කෙරිණි. මෙහිලා පුරෝගාමී වූයේ එවකට අගමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධනයි.

ජාතික ගීතය පිළිබඳව එවැනි වාද විවාද නොවීය. ඇත්ත වශයෙන් ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්ණය නිරාකරණය වීමට පෙර ජාතික ගීය ගැන සම්මුතියකට එළඹ තිබිනි. මෙහිදීද පුරෝගාමී වුයේ ජේ. ආර්. ය. 1949 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ජාතික ගීය ගැන ඉක්මන් තීරණයක් ගැනීම අවශ්‍ය විය.බ්‍රිතාන්‍ය ජාතික ගීය තවදුරටත් භාවිතා කිරීමට රජයේ කැමැත්තක් තිබුණේ නැත. 1930 අවසානයේ ලංකා ජාතික සංගමයේ සැසිවාරයකදී ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ලද “නමෝ නමෝ මාතා” ගීය ජේ. ආර්. ගේ මතකයේ රැඳී තිබිණි. සමරකෝන්ගේම තනුවකට අනුව ප්‍රබන්ධ කරන ලද එම ගීතය ඔහු සංගීතය හැදෑරූ රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේ ආභාසයෙන් අභිමානවත් වූවකි. ජාතික ගීතයක් ගැන තීරණයක් ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එවකට ස්වදේශ ඇමැති ධුරය හෙබවූ ඊ.ඒ.පී. විජයරත්න විසින් පත් කෙරුණු කමිටුවට ජේ. ආර්. ද පත් විය. එය ජේ.ආර්.ගේම ඉල්ලීම අනුව කරන ලද්දකි. ප්‍රබන්ධ කීපයක්ම කමිටුවට ඉදිරිපත් විය. ජාතික ගීය ලෙස “නමෝ නමෝ මාතා” ගීතය සුදුසු යයි ජේ. ආර්. සහ ස්වදේශ ඇමැතිවරයා පළ කළ අදහස කමිටුව අනුමත කළේය. රජය කමිටු නිර්දේශය පිළිගත්තේය.කේ. එම්. ද සිල්වා හා හවඩ් රිගින්ස් රචිත ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයෙනි.

ටිකක් දිග ලිපියක් යාලුවනේ. කියවලා බලලා හොදනම් comment එකක් දාලාම යන්න. දිරි ගැන්වීමක් වශයෙන් rep එකකුත් දීලම යන්න.

[QUOTE="hi90, post: 16237798, member: 60800"] [b]ජාතික කොඩිය හැදුණු හැටි.....[/b] [SIZE="4"]අපි 66 වෙනි නිදහස සමරන මොහොතේ මම ඔයාලට ගෙනාවා අපි සෑම විශේෂ ජාතික උත්සවයකදීම අපි යොදා ගන්නා අපේ රටේ සංකේතයක් වන ජාතික කොඩිය ගැන විස්තරයක්. අපේ ජාතික කොඩිය නිර්මාණය වුනේ කොහොමද කියලා ඔයාලට විස්තරය ලබාදෙන්නයි මම හදන්නේ. කියවලා බලන්නකෝ :):) [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/February/2014.02.04/20.png[/IMG] ශ්‍රී ලංකාවේ පළමුවෙනි නිදහස් පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි මාසයේදී පස්වෙනි ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර්හි ආදිපාදවරයා අතින් විවෘත වීමට නියමිතව තිබිණි. එම අවස්ථාවේදී එසවිය යුතු නිල ධජය කුමක්ද යන ප්රශ්නය තවත් මත හරඹයකට තුඩුදුන් අතර දේශපාලනඥයෝ විවිධ, පරස්පර විරෝධී අදහස් පළ කරමින් ප්රශ්නය වඩාත් අවුල් කළහ. 1947 දෙසැම්බර් 22 දක්වාම මේ සම්බන්ධයෙන් රජයේ නිශ්චිත ප්‍රතිපත්තියක් නොතිබූ බව මැතිසබේදී නැගූ ප්‍රශ්නයකට අග්‍රමාත්‍යවරයා දුන් පිළිතුරෙන් හෙළි විය. මින් දින කිහිපයකට පසු මඩකලපුව මන්ත්‍ර ඒ. සින්නලබේබේ පහත සඳහන් යෝජනාව සභාගත කළේය. එය 1948 ජනවාරි 16 දා විවාදයට ගන්නා ලදී. 1815 ගිවිසුමෙන් පසු එංගලන්තයට ගෙන යන ලද රතු පසුබිමක, දකුණතින් අසිපතක් දරා සිටින කහපාට සිංහ රූපයක් නිරූපණය කෙරෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජකීය ධජය නිදහස් ලංකාවේ නිල ධජය විය යුතු බව මේ සභාවේ විශ්වාසයයි. [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2014/February/2014.02.04/20-2.png[/IMG] ජේ. ආර්. විසින් එම යෝජනාව කෙටුම්පත් කර, සින්නලබේබේ ලවා එය සභාගත කරවූ බව ඒ දිනවල කවුරුවත් දැන සිටියේ නැතත්, යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු සභාව තුළ සින්නලබේබේ හැසිරුණ ආකාරයෙන් රහස එළිදරව් වන්නට ඇත. මක්නිසාද යත්, මෙහිලා ඔහුගෙන් ලැබුණ එකම දායකත්වය ජේ. ආර්. කෙටුම්පත් කළ යෝජනාවට “මම යෝජනා කරමි” යන වචන දෙක තුන එකතු කිරීම පමණි. ඉන් එහාට වචනයක්වත් ඔහු කතා කළේ නැත. ඔහු විසින් කළ යුතුව තිබූ කතාව කළේ යෝජනාව ස්ථිර කළ කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහයි. එපමණක් නොව, යෝජනාව පිළිබඳ විවාදයේදී සභාගැබේ හැම පැත්තෙන්ම උද්වේගී මත “පිපිරෙද්දී” සින්නලබේබේ, අගක් මුලක් නොදැක, බහුරූ කෝලමක භූමිකාව රඟපෑවේය. තමන් ඉදිරිපත් කළ යෝජනාව විවාද වෙද්දී යෝජකයා කරබාගෙන සිටි අවස්ථාවක් ගැන පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර කෙදිනකවත් සඳහන්ව නැත. විවාදයට ඔහුගෙන් ලැබුණු දායකත්වය කෙසේවෙතත්, මහජන ගැලරියට ගොස් එය නැරඹුවේ නම් ඔහුගේ නිහඬතාවය පාර්ලිමේන්තු වරප්රසාදවලින්වත් වසන් කරගත හැකිව තිබිණි. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ජේ. ආර්. විසින් සින්නලබේබේ තෝරාගනු ලැබිම ඉතාම උපායශීලී පියවරක් විය. ප්‍රථමයෙන්ම, ඔහු මුස්ලිම් ජාතිකයකු වූ නිසා, සිංහ කොඩිය ජාතික කොඩිය කිරීමේ අදහසට වඩාත් දැඩි විරෝධය අපේක්ෂා කළ හැකිවූ ද්‍රවිඩ මන්ත්‍රීවරු ඉන් අන්දමන්ද වූහ. දෙවනුව, පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් සින්නලබේබේට නැති නිසා “කටවැරදුනත්”, “දිව ලිස්සා ගියත්” අදාල අරමුණට ඉන් හානියක් විය නොහැක. ඒ හැමටත් වඩා, කැබිනට් අනුමැතියක් නොලබා, රජයෙන් ඉදිරිපත් වෙන යෝජනාවකට මුහුණ පෑමට සිදුවන සීමා බන්ධනවලින් තොරව, ස්වාධීන තීරණයක් ගැනීමට මන්ත්‍රී මණ්ඩලයට අවස්ථාව ලබාදීමෙන් ජේ. ආර්. ගත් පියවර කෙතරම් දූරදර්ශීදැයි එම විවාදයේදී ප්‍රකාශ වූ පරස්පර විරෝධී මත ගැටුම්වලින් වටහාගත හැකිවිය. එමෙන්ම කැබිනට්ටුව මගින් ඒ පිළිබඳ සාකච්ඡා කල් තැබිමට ඉඩ තිබූ නිසා, ජේ. ආර්. ගත් පියවර ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලද හැකි විකල්ප මාර්ගය විය. (“සිංහ කොඩිය ගෝත්‍රික සළකුණකැයි වමේ නායකයකු වූ පිලිප් ගුණවර්ධන පැවැසීය. මාක්ස්වාදී කණ්ඩායමේ කැමැත්ත රතු කොඩියට බව ඔහු ඉතා වේගවත් ස්වරයෙන් ප්‍රකාශ කළේය.) විවාදය හමාර කරමින් කතා කළ අග්‍රමාත්‍යවරයා ඉතාම ප්‍රායෝගික ස්ථාවරයක පිහිටා මෙසේ තම අදහස් දැක්වීය. “ධජය එසවීමේ උත්සවයක් අප පවත්වනවා නම් මෙන්න මේ ප්‍රධාන කරුණ නිසා සිංහ කොඩිය එසවීමට මට ඕනෑ. අපේ රට අපට අහිමිවූදා මේ රටේ ජනතාව එංගලන්තයේ රජතුමා තම රජු හැටියට තෝරාගත් අවස්ථාවේ, පහත හෙළන ලද්දේ මේ (සිංහ) කොඩියයි. සිහසුනින් නෙරපා දමන ලද මහනුවර අන්තිම රජතුමාගේ කොඩිය වූයේ මේ (සිංහ) කොඩියයි. එංගලන්තය මේ රටේ ජනතාවට දැන් ස්වාධීනත්වය පවරන නිසා ඔවුන් අපට ආපසු පවරන ඒ නිදහසත් සමග අපේ කොඩියත් යළි ප්රතිශ්ඨාපනය කළ යුතුයි. නිදහස් දා මේ කොඩිය (සිංහ කොඩිය) එසවීමට අප බලාපොරොත්තු වන්නේ ඒ නිසයි.” “මේ සිංහ කොඩිය එසවූ පසු, එය වෙනස් කළ යුතු බව හැමදෙනාගේම මතය නම්, මහජනතාවගේ අභිලාෂය අනුව, වෙනත් සුදුසු කොඩියක් එසවිය යුතුය. සිංහ කොඩිය එසවූ පසු ඒ වෙනුවට වෙනත් සුදුසු කොඩියක් භාවිතා කළාට මගේ විරුද්ධත්වයක් නැත.” ජාතික ධජය ගැන රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කෙරුණු බව 1948 ජනවාරි 27 දා අගමැතිවරයා ප්‍රකාශයට පත් කළේය. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජී. ජී. පොන්නම්බලම්, ටී.බි. ඡයා, ජේ. ඇල්. කොතලාවල, ඇල්. ඒ. රාජපක්ෂ, ඇස්. නඩේසන් සහ ජේ. ආර්. ජයවර්ධන එම කමිටුවේ සාමාජිකයෝ වූහ. කැබිනට් ඇමැතිවරුන් පස් දෙනකුගෙන් සමන්විත වූ එම කමිටුවට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකුද වූ අතර ඇස්. නඩේසන් උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පත් කළ නියෝජිතයා විය. ජාතීන් වශයෙන් ගත් කළ සිංහයෝ 4ක් ද ද්‍රවිඩයෝ 2ක් සහ එක් මුස්ලිම් ජාතිකයෙක් ද ඊට අයත් වූහ. කමිටුවේ නිර්දේශය ලත් විගස “ශ්‍රී ලංකාවේ ජාතික ධජය කුමක් විය යුතුද යන කාරණාව ගැන තීරණයක් ගනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන (නිදහස්) උළෙලේදී සිංහ කොඩිය ඔසවනු ඇතැ”යි අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවට සහතික විය. රැස්වීම් ගණනාවක්ම පැවැත්වූ කොඩි කමිටුව 1950 පෙබරවාරියේදී තම වාර්තාව නිකුත් කළේය. එක් සාමාජිකයෙකුගේ පමණක් (ඇස්. නඩේසන්) විරෝධය මැද්දේ 1948 පෙබරවාරි 12 දා එසවූ සිංහ කොඩියම මදක් වෙනස් කර ජාතික කොඩිය ලෙස භාවිතා කිරීමට කමිටුව නිර්දේශ කළේය. කොඩියේ ප්‍රමාණයෙන් (කොළ පැහැති තීරුවෙන් පිටත කහපාට වාටිය හැර) 1.7 ප්රමාණුපාතිකව දිග පළල එක හා සමාන කොළ හා තැඹිලි පාට තීරු දෙකක් සිංහ කොඩියට එකතු කිරීමට කමිටුව කළ නිර්දේශය රජය විසින් පිළිගන්නා ලදී. මීට වසර 28කට පසු 1978 දී තවත් වෙනසක් කරමින් කොඩියේ කොන් හතරට බෝපත් හතරක් එක් කෙරිණි. මෙහිලා පුරෝගාමී වූයේ එවකට අගමැතිව සිටි ජේ. ආර්. ජයවර්ධනයි. ජාතික ගීතය පිළිබඳව එවැනි වාද විවාද නොවීය. ඇත්ත වශයෙන් ජාතික කොඩිය පිළිබඳ ප්‍රශ්ණය නිරාකරණය වීමට පෙර ජාතික ගීය ගැන සම්මුතියකට එළඹ තිබිනි. මෙහිදීද පුරෝගාමී වුයේ ජේ. ආර්. ය. 1949 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ හෙයින් ජාතික ගීය ගැන ඉක්මන් තීරණයක් ගැනීම අවශ්‍ය විය.බ්‍රිතාන්‍ය ජාතික ගීය තවදුරටත් භාවිතා කිරීමට රජයේ කැමැත්තක් තිබුණේ නැත. 1930 අවසානයේ ලංකා ජාතික සංගමයේ සැසිවාරයකදී ආනන්ද සමරකෝන් සහ ඔහුගේ සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ලද “නමෝ නමෝ මාතා” ගීය ජේ. ආර්. ගේ මතකයේ රැඳී තිබිණි. සමරකෝන්ගේම තනුවකට අනුව ප්‍රබන්ධ කරන ලද එම ගීතය ඔහු සංගීතය හැදෑරූ රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේ ආභාසයෙන් අභිමානවත් වූවකි. ජාතික ගීතයක් ගැන තීරණයක් ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එවකට ස්වදේශ ඇමැති ධුරය හෙබවූ ඊ.ඒ.පී. විජයරත්න විසින් පත් කෙරුණු කමිටුවට ජේ. ආර්. ද පත් විය. එය ජේ.ආර්.ගේම ඉල්ලීම අනුව කරන ලද්දකි. ප්‍රබන්ධ කීපයක්ම කමිටුවට ඉදිරිපත් විය. ජාතික ගීය ලෙස “නමෝ නමෝ මාතා” ගීතය සුදුසු යයි ජේ. ආර්. සහ ස්වදේශ ඇමැතිවරයා පළ කළ අදහස කමිටුව අනුමත කළේය. රජය කමිටු නිර්දේශය පිළිගත්තේය.කේ. එම්. ද සිල්වා හා හවඩ් රිගින්ස් රචිත ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයෙනි.[/SIZE] [COLOR="Red"][SIZE="4"]ටිකක් දිග ලිපියක් යාලුවනේ. කියවලා බලලා හොදනම් comment එකක් දාලාම යන්න. දිරි ගැන්වීමක් වශයෙන් rep එකකුත් දීලම යන්න. [/SIZE][/COLOR] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom