Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු &#35

ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු ද?

ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තවදුරටත් බාධා නොමති බව කියැවෙන ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළ වීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි තුළත් ඉන් පිටතත් විශාල සාකච්ඡාවක් වැඩෙමින් පවතී. ඒ ගැන මාගේ අදහස මීට පෙර ඉදිරිපත් කරන්නට යෙදුණු අතර තවදුරටත් එම අදහස විස්තර කිරීම කාලෝචිත යැයි හැඟෙන නිසා ලිපි පෙළක් ලෙස අදාල මාතෘකාව සාකච්ඡා කරන්නට උත්සාහ කරමි. මේ එහි පළමු ලිපියයි.

මුරුගසන් වරුසාවට තෙමුනහම මිනිසුන් උමතු වන බව මට මුළින්ම කියා දුන්නේ අම්මාය. ඒ මා කුඩා කාලයේ දීයි. ඇයට අනුව මුරුගසන් වරුසාවට තෙමුණු මිනිසුන්ට තවත් මිනිසෙකු පෙනෙන්නේ 'දඩයම් කොට' 'මරාගතයුතු' ආකාරයේ සතෙකු ලෙසය. එනිසා ඔවුහු එකිනෙකා මරාගනිති. තම අතින් මිය යන්නේ තන්ගේ ම සහෝදරයා යැයි එබඳු මිනිසුනට නොවැටහේ. තේරුම් කර දීමට ද නොහැකිය. ඒ මුරුගසන් වරුසාවට තෙමී ඇති නිසා ඔවුන්ගේ සිහි විකල් වී ඇති බැවිනි.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධ සාකච්ඡාව කිහිප ආකාරයකින් මේ කතාව සිහිගන්වයි.

ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් බිහිවන්නේ 1950 දශකයේ පමණ දී ය. (මා වැරදි නම් නිවැරදි කරන්න). නමුත් වසර 30ක පමණ කාලයක් පැවති යුද්ධය නිසා මෙබඳු යමක් දෙමළ සමාජය තුළ තිබෙන බව නොදන්නා පරම්පරාවක් දකුණේ බිහිවෙයි. යුද්ධයෙන් පසුව දෙමළ මිනිසා දෙමළ බසින් ජාතික ගීය ගයන්නට තැත් කිරීම මෙකී පරම්පරාවට පෙනෙන්නේ දෙමළා ගේ මහත් මුරණ්ඩු, අහංකාරකම නිසා ඉල්ලා හිටින අළුත්ම අළුත් ඉල්ලීමක් ලෙසය. යුද්දයෙන් පරාජය වුණත් තවමත් මොවුන්ගේ ආඩම්බර කම් අඩු වී නැතිය කියාය. එහෙයින් මොවුන්ගේ 'අහංකාර ඉල්ලීම' පරාජය කළ යුතු ය කියාය. (ඇත්තවශයෙන්ම එසේ සිතන්නට අපට පුහුණු කළේ අපේ දේසප්‍රේමී දේසපාලකයන් ය. එයට විකල්ප වූ කියැවීමක් සමාජයට, අලුත් පරම්පරාවට ලබා දීමට කිසිවකු සමත් වූයේ ද නැත).

දෙමළ මිනිසාට අනුව මේ තත්වය පෙනෙනවා ඇත්තේ තමන් කාලයක් තිස්සේ හිමිකරගෙන සිටි යමක් හදිසියේ අහිමි කිරීමක් ලෙසය. උදුරා ගැනීමක් ලෙසය.

එකම කරුණ දෙමළ මිනිසාට මෙතෙක් අත්කරගෙන සිටි යමක් අහිමි කිරීමක් ලෙසත් සිංහල බහුතරයකට දෙමළා අළුතෙන්ම යමක් ලබාගන්නට කරන මුරණ්ඩු උත්සාහයක් ලෙසත් පෙනෙන්නේ ඇයි?

දෙමළ ජනයා ගායනා කරන මෙම පරිවර්තිත ජාතික ගීයේ තම මව්බිම හැඳින්වීමට යොදන නම වන්නේ 'ඉලංකෙයි' යන්න නොවේ. තම භාෂාවෙන් මෙරට හැඳින්වීමට වෙනත් වචනයක් භාවිතයේ තිබිය දීත් මෙම ගීතය තුළ යොදා ඇත්තේ 'ශ්‍රී ලංකා' යන්න පමණි.

මෙහි වෙන් වූ දෙමළ ජාතියක් ගැන කතා නොකරයි. ඒ වෙනුවට මහත් අභිමානයෙන් යුතුව 'අප සියළුම දෙනා එකම මවකගේ දරුවන් ය' කියා තමන්ට වැටහෙන භාෂාවෙන් කියන්නට උත්සාහ කෙරෙයි.

මෙහි දෙමළ ජනයාට වෙන් වූ වෙනම රටක් ගැන කතා නො කෙරෙයි. ඒ වෙනුවට අප සියළු දෙනාම 'ශ්‍රී ලංකා' නම් එකම මව්බිමේ දරුවන්ය කියා ප්‍රකාශ කරයි.

කිසිදා සිංහල වචනයක් අසා නැති උතුරේ ඈත දුෂ්කර පෙදෙස් වල වසන දරුවන් තමන්ගේ භාෂාවෙන් 'මේ මුළු රටටම' තමන් ආදරය කරන බවත් 'මේ රටේ' වසන සියලු දෙනා 'තම සහෝදර සහෝදරියන්' බවත් 'භේද දුරලා සියලු දෙනා එක්විය යුතුබවත්' කියන්නට හදන විට එයට එරෙහිවීම තේරුම් ගතහැක්කේ කෙසේ ද? 'වෙන්වී යාම' දෙසට ගමන් කළ පරම්පරාවක් 'එක්වීම' දෙසට ගමන් කරන්න හදන විට එයට එරෙහි වීම තේරුම් ගන්නේ කෙසේ ද?

මට වැටහෙන පරිදි, ඒ අප සියළු දෙනා මුරුගසන් වරුසාවට තෙමී ඇති බැවිණි. ඒ නිසා අපගේ සිහි විකල් වී ඇති බැවිනි. හතුරුකම මිතුරුකම හඳුණාගන්නට බැරි තරම් අප ගේ සිහි විකල් වී ඇති බැවිණි. සහෝදරත්වයේ, මිත්‍රත්වයේ පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි තරමට අපගේ සිහි විකල් වී ඇති බැවිණි.මීට වෙනස් ආකාරයකට මට මෙම ප්‍රතිචාරය තේරුම් ගැනීමට නොහැකිය.

(මතු සම්බන්ධයි..)

පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි.

[QUOTE="Al Baik, post: 18070184, member: 326965"] [b]ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු #[/b] [SIZE="5"]ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු ද? ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තවදුරටත් බාධා නොමති බව කියැවෙන ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළ වීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි තුළත් ඉන් පිටතත් විශාල සාකච්ඡාවක් වැඩෙමින් පවතී. ඒ ගැන මාගේ අදහස මීට පෙර ඉදිරිපත් කරන්නට යෙදුණු අතර තවදුරටත් එම අදහස විස්තර කිරීම කාලෝචිත යැයි හැඟෙන නිසා ලිපි පෙළක් ලෙස අදාල මාතෘකාව සාකච්ඡා කරන්නට උත්සාහ කරමි. මේ එහි පළමු ලිපියයි. මුරුගසන් වරුසාවට තෙමුනහම මිනිසුන් උමතු වන බව මට මුළින්ම කියා දුන්නේ අම්මාය. ඒ මා කුඩා කාලයේ දීයි. ඇයට අනුව මුරුගසන් වරුසාවට තෙමුණු මිනිසුන්ට තවත් මිනිසෙකු පෙනෙන්නේ 'දඩයම් කොට' 'මරාගතයුතු' ආකාරයේ සතෙකු ලෙසය. එනිසා ඔවුහු එකිනෙකා මරාගනිති. තම අතින් මිය යන්නේ තන්ගේ ම සහෝදරයා යැයි එබඳු මිනිසුනට නොවැටහේ. තේරුම් කර දීමට ද නොහැකිය. ඒ මුරුගසන් වරුසාවට තෙමී ඇති නිසා ඔවුන්ගේ සිහි විකල් වී ඇති බැවිනි. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධ සාකච්ඡාව කිහිප ආකාරයකින් මේ කතාව සිහිගන්වයි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් බිහිවන්නේ 1950 දශකයේ පමණ දී ය. (මා වැරදි නම් නිවැරදි කරන්න). නමුත් වසර 30ක පමණ කාලයක් පැවති යුද්ධය නිසා මෙබඳු යමක් දෙමළ සමාජය තුළ තිබෙන බව නොදන්නා පරම්පරාවක් දකුණේ බිහිවෙයි. යුද්ධයෙන් පසුව දෙමළ මිනිසා දෙමළ බසින් ජාතික ගීය ගයන්නට තැත් කිරීම මෙකී පරම්පරාවට පෙනෙන්නේ දෙමළා ගේ මහත් මුරණ්ඩු, අහංකාරකම නිසා ඉල්ලා හිටින අළුත්ම අළුත් ඉල්ලීමක් ලෙසය. යුද්දයෙන් පරාජය වුණත් තවමත් මොවුන්ගේ ආඩම්බර කම් අඩු වී නැතිය කියාය. එහෙයින් මොවුන්ගේ 'අහංකාර ඉල්ලීම' පරාජය කළ යුතු ය කියාය. (ඇත්තවශයෙන්ම එසේ සිතන්නට අපට පුහුණු කළේ අපේ දේසප්‍රේමී දේසපාලකයන් ය. එයට විකල්ප වූ කියැවීමක් සමාජයට, අලුත් පරම්පරාවට ලබා දීමට කිසිවකු සමත් වූයේ ද නැත). දෙමළ මිනිසාට අනුව මේ තත්වය පෙනෙනවා ඇත්තේ තමන් කාලයක් තිස්සේ හිමිකරගෙන සිටි යමක් හදිසියේ අහිමි කිරීමක් ලෙසය. උදුරා ගැනීමක් ලෙසය. එකම කරුණ දෙමළ මිනිසාට මෙතෙක් අත්කරගෙන සිටි යමක් අහිමි කිරීමක් ලෙසත් සිංහල බහුතරයකට දෙමළා අළුතෙන්ම යමක් ලබාගන්නට කරන මුරණ්ඩු උත්සාහයක් ලෙසත් පෙනෙන්නේ ඇයි? දෙමළ ජනයා ගායනා කරන මෙම පරිවර්තිත ජාතික ගීයේ තම මව්බිම හැඳින්වීමට යොදන නම වන්නේ 'ඉලංකෙයි' යන්න නොවේ. තම භාෂාවෙන් මෙරට හැඳින්වීමට වෙනත් වචනයක් භාවිතයේ තිබිය දීත් මෙම ගීතය තුළ යොදා ඇත්තේ 'ශ්‍රී ලංකා' යන්න පමණි. මෙහි වෙන් වූ දෙමළ ජාතියක් ගැන කතා නොකරයි. ඒ වෙනුවට මහත් අභිමානයෙන් යුතුව 'අප සියළුම දෙනා එකම මවකගේ දරුවන් ය' කියා තමන්ට වැටහෙන භාෂාවෙන් කියන්නට උත්සාහ කෙරෙයි. මෙහි දෙමළ ජනයාට වෙන් වූ වෙනම රටක් ගැන කතා නො කෙරෙයි. ඒ වෙනුවට අප සියළු දෙනාම 'ශ්‍රී ලංකා' නම් එකම මව්බිමේ දරුවන්ය කියා ප්‍රකාශ කරයි. කිසිදා සිංහල වචනයක් අසා නැති උතුරේ ඈත දුෂ්කර පෙදෙස් වල වසන දරුවන් තමන්ගේ භාෂාවෙන් 'මේ මුළු රටටම' තමන් ආදරය කරන බවත් 'මේ රටේ' වසන සියලු දෙනා 'තම සහෝදර සහෝදරියන්' බවත් 'භේද දුරලා සියලු දෙනා එක්විය යුතුබවත්' කියන්නට හදන විට එයට එරෙහිවීම තේරුම් ගතහැක්කේ කෙසේ ද? 'වෙන්වී යාම' දෙසට ගමන් කළ පරම්පරාවක් 'එක්වීම' දෙසට ගමන් කරන්න හදන විට එයට එරෙහි වීම තේරුම් ගන්නේ කෙසේ ද? මට වැටහෙන පරිදි, ඒ අප සියළු දෙනා මුරුගසන් වරුසාවට තෙමී ඇති බැවිණි. ඒ නිසා අපගේ සිහි විකල් වී ඇති බැවිනි. හතුරුකම මිතුරුකම හඳුණාගන්නට බැරි තරම් අප ගේ සිහි විකල් වී ඇති බැවිණි. සහෝදරත්වයේ, මිත්‍රත්වයේ පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි තරමට අපගේ සිහි විකල් වී ඇති බැවිණි.මීට වෙනස් ආකාරයකට මට මෙම ප්‍රතිචාරය තේරුම් ගැනීමට නොහැකිය. (මතු සම්බන්ධයි..) පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom