Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙලාවෙ රටට තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමද?

ඉන්දියවේ මිනිස්සු භාෂා 200ක් කථා කරත් තියෙන්නේ එක ජාතික ගීයක්, ඉතිං භාෂා 2ක් කථා කරන අපිට මොකටද ජාතික ගී දෙකක්....

මෙච්චර කාලෙකට මේ රටේ ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් විතරයි... දැන් මොකටද දෙමළෙන්...?

මේකෙන් වෙන්නේ ආපහු ජාතිවාදයක් ඇති වෙන එක......

ජාතික ගී දෙකක් තිබුණොත් රටත් දෙකට බෙදෙයි.....

ඉහතින් දැක්වූයේ මේ දිනවල ජනප්‍රියතම මාතෘකාව ඔස්සේ පිරිසක් විසින් නිර්මාණය කරගෙන ඇති තර්කයන් කිහිපයකි. මේ තර්ක වලට පදනමක් තිබෙනවාද? එක අතකට පදනමක් නැතුවාද නොවේ. එනම් මෙම තර්කයන් තුල ඇති එකම පදනම, ජාතික ගීය යළි දමිළ භාෂාවෙන් ගායනා කිරීමට වත්මන් ජනපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එකඟතාවය පලකිරීමයි. එය මෛත්‍රී විරෝධී පිළට මෛත්‍රී විරෝධී මතයක් ගොඩ නැගීමට පදනමකි. මෙම තීරණයත් සමගින් පොටක් පාදාගත් ඔවුන්, දැන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කිරීමට පටන්ගෙන ඇත්තේ අඩුම තරමේ තමන් ඉදිරිපත්කරන තර්කය පිළිබඳවවත් අවබෝධයක් නැතිවය. මේ පිටුපස සිටින්නේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු මහින්දගේ පරාජයත් සමගින් යන එනමන් නැති වූ පිරිසක් බව දැන් කාටත් නොරහසකි. එවන් වූ පිරිසට ඔවුනගේම තර්කයන් පිළිබඳව යම් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙම සටහන තබමි.

ඇත්තටම මේ දිනවල තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමද? නැත. එය කිසිවිටෙකත් වත්මන් ජනපතිතුමන්ට හෝ වත්මන් රජයට ලොකුම අවශ්‍යතාවයක් නොවුනු අතර එය ලොකුම අවශ්‍යතාවයක් කරගෙන සිටින්නේ මෙම සිදුවීමෙන් යම් දේශපාලනික වාසියක් ලබාගැනීමට මාන බලන ජානිපෙ ඇතුළු සුළු පිරිසකි. නොඑසේනම් පසුගිය මාසයේ ජාතික කොඩිය බිම දමන්නට කටයුතු කළ, යළි ජාතිවාදයක් අවුළුවමින් රට ගිණි තබා හෝ තම අරමුණු කරා යාමට වෙර දරණ ජාතිවාදීන් පිරිසකි.

මෙච්චර කාලෙකට මෙරට ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් පමණක්යැයි කියන්නවුන්ගේ දැනුම සම්බන්ධයෙන් අප අනුකම්පාකළ යුතුය. නිදහස ලබාගැනීමෙන් පසු පැවැත්වූ පළමු සංවත්සරයේදීම එනම් 1949 ක්වූ පෙබරවාරි මස 04 වන දින නිදහස් චතුරශ්‍රයේදී ජාතික ගීය සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කර තිබියදීත් අද එය අළුත් දෙයක් සේ පෙන්වමින් ජාතිවාදයක් වැපීරීමට උත්සාහ කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප කම්පා වෙමු. කළකට ඉහත මනාප 13000ක් ගත්ත විමල් වීරවංශට මනාප ලක්ෂ දෙක ඉක්මවා ලබාගත හැකි වූයේ මහින්ද නිසාය. සාමාන්‍ය පෙළවත් නැතිව, ඉංජිනේරු කටයුතු අමාත්‍ය ධූරය දැරුවේ මහින්දට පිං සිදුවෙන්නටය. එවන් විමල් වීරවංශලා, මහින්ද යළි කරලියට ගෙන ඒම වෙනුවෙන් ගන්නා උත්සාහය පිළිබඳව අපට ගැටළුවක් නැත. මහින්ද නැත්තං අපිට හෙටක් (යන එන මං) නෑ කියමින් රට පුරා බස් රැළි පැවැත්වූවාටද අපට ගැටළුවක් නැත. නමුත් කරුණු කාරණා මවාපාමින් ජාතිවාදයක් වැපිරීමට උත්සාහ කිරීම පිළිබඳවනම් අපට ගැටළුවක් ඇත.

ඉන්දියාවේ භාෂා 200ක් කථා කරත් තියෙන්නෙ එක ජාතික ගීයක්ළු. ඉන්දියාවෙ තියෙන්නෙ එක ජාතික ගීයක් බවට තර්කයක් නැත. ඒත් භාෂා 200ක් නොව, ඉන්දියාවේ භාෂා 1652ක් ඇත. ගැටළුව ඇත්තේ, පසුගිය දිනවල ඉන්දීය අගමැතිතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව පළු යන්න බැනපු විමල් වීරවංශලා, දැන් විලි ලැජ්ජාවක් නැතුව ජාතික ගීය සම්බන්ධයෙන් උදාහරණයකට ගන්නේ ඉන්දියාවම වීමය. පසුගිය වසර 10 පුරාවට මෙරටට පැමිණියේ ගොත්‍රික නායකයින්ය. නොඑසේනම් පසුකාලීනව රටේ ජනතාවගෙන් ගුටි කා, දිවි පිදීමට සිදුවූ ගඩාෆිලා වැන්නවුන්ය. එවන් යුගයකින් පසු, ඉන්දීය අගමැතිවරයා වැන්නවුන් මෙරටට පැමිණෙද්දී පිරිසකට කාලා ඉන්නට බැරි විය. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගසනවා යැයි, අභූත චෝදනා නැගූ, ප්‍රතිපත්තියක් නැති එම පිරිසම දැන් ඉන්දියාවේ ජාතික ගීය ගැන කථාකරති. ඇයි ඉන්දියාවම? විමල් වීරවංශලාට සංචාරය කරන්නට හොඳ, ගිහිං අයිස් ක්‍රීම් කන්නට හොඳ, දර්ශනීය ස්ථාන වල සිට සෙල්ෆි ගසන්නට හොඳ, ජාතික ගීය භාෂා කිහිපයකින්ම ගායනා කෙරෙන ස්විට්සර්ලන්තය, නවසීලන්තය, කැනඩාව, දකුණු අප්‍රිකාව, බෙල්ජියම වැනි රටක් උදාහරණයකට නොගන්නේ මන්දැයි ගැටළු සහගතය.

මහින්ද රාජපක්ෂ රජය මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් 07/2007 චක්‍රලේඛය නිකුත් කෙරෙන්නේ 2007 මැයි මස 28 වනදාය. එමගින් රජයේ සේවකයින්ට, සිංහල හා දමිළ භාෂා දෙකෙහිම ප්‍රවීණතාවයක් ලබා ගැනීම අනිවාර්ය කරද්දී, අද ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව කෑ මොර දෙන විමල් වීරවංශලා සිටියේ කොහේදැයි අපි ප්‍රශ්න කර සිටිමු. මේවා අවශ්ථාවාදී පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් කෙරෙන ක්‍රියාත්මකවීම් යැයි මා පවසන්නේ එබැවිනි. මහින්ද යමක් කරොත් එහෙයි කියාගෙන සිටියවුන් මෛත්‍රී එවැනිම යමක් කළාම ගිරිය කඩාගෙන කෑගසන්නේ එබැවිනි.

ජාතික ගීයක් ගායනා කරද්දී ජාතිය ගැන, රට ගැන හැඟීමක් නොදැනේනම් ඉන් පලක් තිබේද? දමිළ වැසියන් බහුතරයකට සිංහල නොවැටහේ. යන්තම් කථා කරගතහැකි වුවත් ජාතික ගීයේ අර්ථය නොවැටහේ. ඉතිං දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ ගයන්නේ “ශ්‍රී ලංකා මාතා.. අප ශ්‍රී ලංකා.. නමෝ නමෝ නමෝ මාතා”නම් එහි ඇති ගැටළුව කුමක්ද? එමගින් ඇතිවන ජාතිවාදය කුමක්ද? එමගින් රටට සිදුවන හානිය කුමක්ද?

[QUOTE="Al Baik, post: 18074706, member: 326965"] [SIZE="5"][I]මේ වෙලාවෙ රටට තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමද? ඉන්දියවේ මිනිස්සු භාෂා 200ක් කථා කරත් තියෙන්නේ එක ජාතික ගීයක්, ඉතිං භාෂා 2ක් කථා කරන අපිට මොකටද ජාතික ගී දෙකක්.... මෙච්චර කාලෙකට මේ රටේ ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් විතරයි... දැන් මොකටද දෙමළෙන්...? මේකෙන් වෙන්නේ ආපහු ජාතිවාදයක් ඇති වෙන එක...... ජාතික ගී දෙකක් තිබුණොත් රටත් දෙකට බෙදෙයි.....[/I] ඉහතින් දැක්වූයේ මේ දිනවල ජනප්‍රියතම මාතෘකාව ඔස්සේ පිරිසක් විසින් නිර්මාණය කරගෙන ඇති තර්කයන් කිහිපයකි. මේ තර්ක වලට පදනමක් තිබෙනවාද? එක අතකට පදනමක් නැතුවාද නොවේ. එනම් මෙම තර්කයන් තුල ඇති එකම පදනම, ජාතික ගීය යළි දමිළ භාෂාවෙන් ගායනා කිරීමට වත්මන් ජනපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එකඟතාවය පලකිරීමයි. එය මෛත්‍රී විරෝධී පිළට මෛත්‍රී විරෝධී මතයක් ගොඩ නැගීමට පදනමකි. මෙම තීරණයත් සමගින් පොටක් පාදාගත් ඔවුන්, දැන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කිරීමට පටන්ගෙන ඇත්තේ අඩුම තරමේ තමන් ඉදිරිපත්කරන තර්කය පිළිබඳවවත් අවබෝධයක් නැතිවය. මේ පිටුපස සිටින්නේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු මහින්දගේ පරාජයත් සමගින් යන එනමන් නැති වූ පිරිසක් බව දැන් කාටත් නොරහසකි. එවන් වූ පිරිසට ඔවුනගේම තර්කයන් පිළිබඳව යම් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙම සටහන තබමි. ඇත්තටම මේ දිනවල තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමද? නැත. එය කිසිවිටෙකත් වත්මන් ජනපතිතුමන්ට හෝ වත්මන් රජයට ලොකුම අවශ්‍යතාවයක් නොවුනු අතර එය ලොකුම අවශ්‍යතාවයක් කරගෙන සිටින්නේ මෙම සිදුවීමෙන් යම් දේශපාලනික වාසියක් ලබාගැනීමට මාන බලන ජානිපෙ ඇතුළු සුළු පිරිසකි. නොඑසේනම් පසුගිය මාසයේ ජාතික කොඩිය බිම දමන්නට කටයුතු කළ, යළි ජාතිවාදයක් අවුළුවමින් රට ගිණි තබා හෝ තම අරමුණු කරා යාමට වෙර දරණ ජාතිවාදීන් පිරිසකි. මෙච්චර කාලෙකට මෙරට ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් පමණක්යැයි කියන්නවුන්ගේ දැනුම සම්බන්ධයෙන් අප අනුකම්පාකළ යුතුය. නිදහස ලබාගැනීමෙන් පසු පැවැත්වූ පළමු සංවත්සරයේදීම එනම් 1949 ක්වූ පෙබරවාරි මස 04 වන දින නිදහස් චතුරශ්‍රයේදී ජාතික ගීය සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කර තිබියදීත් අද එය අළුත් දෙයක් සේ පෙන්වමින් ජාතිවාදයක් වැපීරීමට උත්සාහ කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප කම්පා වෙමු. කළකට ඉහත මනාප 13000ක් ගත්ත විමල් වීරවංශට මනාප ලක්ෂ දෙක ඉක්මවා ලබාගත හැකි වූයේ මහින්ද නිසාය. සාමාන්‍ය පෙළවත් නැතිව, ඉංජිනේරු කටයුතු අමාත්‍ය ධූරය දැරුවේ මහින්දට පිං සිදුවෙන්නටය. එවන් විමල් වීරවංශලා, මහින්ද යළි කරලියට ගෙන ඒම වෙනුවෙන් ගන්නා උත්සාහය පිළිබඳව අපට ගැටළුවක් නැත. මහින්ද නැත්තං අපිට හෙටක් (යන එන මං) නෑ කියමින් රට පුරා බස් රැළි පැවැත්වූවාටද අපට ගැටළුවක් නැත. නමුත් කරුණු කාරණා මවාපාමින් ජාතිවාදයක් වැපිරීමට උත්සාහ කිරීම පිළිබඳවනම් අපට ගැටළුවක් ඇත. ඉන්දියාවේ භාෂා 200ක් කථා කරත් තියෙන්නෙ එක ජාතික ගීයක්ළු. ඉන්දියාවෙ තියෙන්නෙ එක ජාතික ගීයක් බවට තර්කයක් නැත. ඒත් භාෂා 200ක් නොව, ඉන්දියාවේ භාෂා 1652ක් ඇත. ගැටළුව ඇත්තේ, පසුගිය දිනවල ඉන්දීය අගමැතිතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව පළු යන්න බැනපු විමල් වීරවංශලා, දැන් විලි ලැජ්ජාවක් නැතුව ජාතික ගීය සම්බන්ධයෙන් උදාහරණයකට ගන්නේ ඉන්දියාවම වීමය. පසුගිය වසර 10 පුරාවට මෙරටට පැමිණියේ ගොත්‍රික නායකයින්ය. නොඑසේනම් පසුකාලීනව රටේ ජනතාවගෙන් ගුටි කා, දිවි පිදීමට සිදුවූ ගඩාෆිලා වැන්නවුන්ය. එවන් යුගයකින් පසු, ඉන්දීය අගමැතිවරයා වැන්නවුන් මෙරටට පැමිණෙද්දී පිරිසකට කාලා ඉන්නට බැරි විය. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගසනවා යැයි, අභූත චෝදනා නැගූ, ප්‍රතිපත්තියක් නැති එම පිරිසම දැන් ඉන්දියාවේ ජාතික ගීය ගැන කථාකරති. ඇයි ඉන්දියාවම? විමල් වීරවංශලාට සංචාරය කරන්නට හොඳ, ගිහිං අයිස් ක්‍රීම් කන්නට හොඳ, දර්ශනීය ස්ථාන වල සිට සෙල්ෆි ගසන්නට හොඳ, ජාතික ගීය භාෂා කිහිපයකින්ම ගායනා කෙරෙන ස්විට්සර්ලන්තය, නවසීලන්තය, කැනඩාව, දකුණු අප්‍රිකාව, බෙල්ජියම වැනි රටක් උදාහරණයකට නොගන්නේ මන්දැයි ගැටළු සහගතය. මහින්ද රාජපක්ෂ රජය මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් 07/2007 චක්‍රලේඛය නිකුත් කෙරෙන්නේ 2007 මැයි මස 28 වනදාය. එමගින් රජයේ සේවකයින්ට, සිංහල හා දමිළ භාෂා දෙකෙහිම ප්‍රවීණතාවයක් ලබා ගැනීම අනිවාර්ය කරද්දී, අද ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව කෑ මොර දෙන විමල් වීරවංශලා සිටියේ කොහේදැයි අපි ප්‍රශ්න කර සිටිමු. මේවා අවශ්ථාවාදී පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් කෙරෙන ක්‍රියාත්මකවීම් යැයි මා පවසන්නේ එබැවිනි. මහින්ද යමක් කරොත් එහෙයි කියාගෙන සිටියවුන් මෛත්‍රී එවැනිම යමක් කළාම ගිරිය කඩාගෙන කෑගසන්නේ එබැවිනි. ජාතික ගීයක් ගායනා කරද්දී ජාතිය ගැන, රට ගැන හැඟීමක් නොදැනේනම් ඉන් පලක් තිබේද? දමිළ වැසියන් බහුතරයකට සිංහල නොවැටහේ. යන්තම් කථා කරගතහැකි වුවත් ජාතික ගීයේ අර්ථය නොවැටහේ. ඉතිං දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ ගයන්නේ “ශ්‍රී ලංකා මාතා.. අප ශ්‍රී ලංකා.. නමෝ නමෝ නමෝ මාතා”නම් එහි ඇති ගැටළුව කුමක්ද? එමගින් ඇතිවන ජාතිවාදය කුමක්ද? එමගින් රටට සිදුවන හානිය කුමක්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom