Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ජාතික තොටිල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික තොටිල්ල..

1.

මුනි සිරිපා සිඹිමින්නේ

සමනොළ ගිරි පෙදෙසින්නේ

මඳ සුළඟයි මේ එන්නේ

මගේ පුතා නිඳියන්නේ

2.

නිදහස මහ මුහදක් වේ

එහි උල්පත පුත නුඹ වේ

ඒ බව සිහිකොට මෙලොවේ

යුතුකම ඉටු කළ යුතු වේ

3.

විජය තුමා තම්මැන්නේ

පිරිවර සෙන් සමගින්නේ

සිටි සැටි දැන් සිහිවෙන්නේ

මගේ පුතා නැළවෙන්නේ

4.

දෙන දිවි මුත් රට වෙනුවෙන්

ජාතික දරුවන් ලැබුවෙන්

මිදි නොයෙක් සතුරු මුවෙන්

ලක් මව් විසුවාය සුවෙන්

5.

තවුසකු සේ ඇඳ පළඳා

පඬුවස්දෙව් මහ රාජිඳා

මාකඳුරින් ගොඩ බට දා

මඟුලක් වී ලක මුළු දා

6.

දෙව් පුර මෙන් දෙවියන්නේ

සිරි ලක දිව් බබළන්නේ

එහි සක් දෙව් රජු මෙන්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

7.

ලස්සන මෙන් මහ පොළවේ

අනුරාපුර ඉදි කෙරුවේ

දොරමඬලේ කුමරිඳු වේ

උඹට පුතේ සුව එළවේ

8.

ජාතික රණ දෙරණ මතේ

ගැටී වැටී මළ මොහොතේ

සුනදර සුරඹුනගේ අතේ

නැළවෙන බව සිතනු පුතේ

9.

සිරි මහ බෝ සිඹිමින්නේ

මහමෙවුනා පෙදෙසින්නේ

සුළං දෑලක් මේ එන්නේ

මුටසිව රජු සිහිවෙන්නේ

10.

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එ මී

11.

එදා පටන් මෙසිරි ලකේ

සම්මා සම් බුදු මැණිකේ

දම් එළියෙන් අඳුරු මැකේ

මිසදුටු විසකටු නො රැකේ

12.

දනන් කෙරෙන් මෙලක් දිවේ

පළමුව බොදු බැති වුවේ

අප පියතිස් නරනිඳු වේ

ඉගෙන ගනින් මගේ පුතේ

13.

ලන මෙන් මොක් පුර අරවා

ලෝවා මහ පහ කරවා

ඒ අප සිංහල දරුවා

සිරිලක් මව තුටු කෙරුවා

14.

ගොස් මාගම් පුර පවරා

අප මහ නා දෙරණිසුරා

මාගම් රජ පරම්පරා

ඇති කොට විසුවේ එ වරා

15.

කරදර දහසක් හමු වී

ඉන්ටැකි නම් සිනා වෙවී

ඔහු මෙ ලොවට පහළ දෙවී

රජෙකැයි සලකනු මැනවී

16.

අවිචියේ කප් දහසෙත්

වහල් කමේ එක් දවසෙත්

වෙනසක් නැති බව සිතතොත්

උඹට පුතේ වැඩ සැලසෙත්

17.

තමන් ලැබු දිවි පවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් නුඹෙන් පුතේ

මෙ ලොවට කිසි පලක් නැතේ

18.

තිස්ස රජුන් හට රුහුණේ

එඩිතර කුමරකු ලැබුණේ

ඉන් පසු සිරි ලක් දෙරණේ

ජාතික බැති මල් පිපුණේ

19.

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රුක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

20.

විජිතපුරේ කොටුවේදී

කඩු පිට කඩු පහර දිදී

යුද කොට ජයගත් පරිදී

සිහි කරපන් පුත පැහැදී

21.

රුවන්මාලි සෑ තනවා

මුනි පුත් සඟ ගණ පිනවා

ගිය එ රජුන් සිහි වෙනවා

මගේ පුතා නැළවෙනවා

22.

එළාරගේ මළ කුණටත්

ගරු බුහුමන් කළේ ඉමහත්

ගැමුණු පුතාගේ මෙ සිරිත්

පුරුදු කරන් පුතේ උඹත්

23.

ලියන 'තුරින් මෙ ලක් දිවේ

පළමුව මහ පළ ලැබුවේ

අප අනුලා දේවි වේ

එහෙම වෙයන් උඹත් දුවේ

24.

සිය රට ගැන ළය උණු වී

වැද මහ මුහදට බිලි වී

ආ ඒ කැළණියේ දේවී

මගේ පුතා නළවාවී

25.

වැද යුධ බිම නොම බිය වී

විහාර මහ රජ දේවී

පෑ විමන් සැටි සිහි වී

මගේ පුතා ඔද වේවී

26.

තුදුස් වසක් වල් වැදිලා

සිට දෙමළුන් බල බිඳලා

පුරඳුරු සිරි ඇර පාලා

ලක එක සේසත් නඟලා

27.

වළගම්බා නිරිඳු මහත්

පෑ දස්කම් සිහි කෙරුවොත්

පුතේ උඹේ ගතත් සිතත්

වෙයි උණුසුම් ලෙයින් සුරත්

28.

අබය ගිරි සෑ තනවා

දඹුලු විහාර ද කොටවා

ලක් මවගේ ඒ දරුවා

මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.

සිය රට ගළවමියි සිතා

දිවි දුන් සැඬ රුපුන් වෙතා

සෝමා දේවිගෙ පුවතා

ඉගෙන ගනින් මගේ පුතා

30.

මහ සිළු මහ තිස් නිරිඳා

සඟ සැට දහසකට එදා

සැට දහසක් සිවුරු පුදා

කළ පින්කම් සිතනු සොඳා

31.

සොළී පුරේ වැද ගජබා

සොළින්ගේ දප් සිඳ නො තබා

පෑ සිංහල විකුම් සොබා

සිතෙන විටත් සිත් පොළඹා

32.

බුදු ගොස් මහ තෙරිඳු ලවා

දහමට අටුවා ලියවා

ඒ අප සිංහල දරුවා

සිරි ලක් දිව හෙළි කෙරුවා

33.

අත්නගලු වනයේ දී

මඟියෙකු හට හිස දන් දී

බුදු බව පැතු සඟබොධී

සිහි කරපන් සිත පෑදී

34.

අහසේ නිල් වළාකුලේ

ගැටෙන රුවන් කොතිනුදුලේ

දෙව්රම් මහ සෑය කෙළේ

මහසෙන් මහ රජු ඒ කළේ

35.

හේමා රජ කුමරි එදා

දළදා හිමි ගෙන ආ දා

සාදු නදින් දෙව් සමුදා

ගුම් ගති සිරි ලක් සමුදා

36.

දැක කළු ලෙඩ නයෙක් එදා

අප බුදුදස් මහ නිරිඳා

කළ පිළියම් සිතන සඳා

උඹට පුතේ සැප ම සදා

37.

කුමාරදස් රජු පොරණේ

බැන්දේ ජානකිහරණේ

බමුණන්ගේ ඔද බිඳුණේ

සිහපුන්ගේ නැණ වැඩුණේ

38.

මිතුරා හට දිවි පිදුවේ

ඒ රජු ගේ ගුණ සිහි වේ

එඩිතර සිංහල පපුවේ

සැටි ඉන් කාටත් කියවේ

39.

ඉදි කොට පුර පොළොන්නරූ

අප පැරකුම් රජ කුමරූ

දඹදිව ජයගත් අයුරූ

උඹට පුතේ වෙයි මියරූ

40.

පද රස එක් කොට මෙ ලොවේ

කුස ජාතක කව් කෙරුවේ

දඹදෙනි පැරකුම් රජු වේ

ඉගෙන ගනින් මගේ දුවේ

41.

කළ වියකන විසුදු මගේ

වික්මැති ඒ රජුගේ රඟේ

සිහි වන මා පුතුගේ ඇඟේ

ලේ උණුසුම් වෙවී නැඟේ

42.

ඇති නම් මා අත කඩුවක්

මට සක් දෙව් කෙරෙයි කුමක්

මේ බස කියු සිහල පුතෙක්

උඹට පුතේ වෙයිද මතක්

43.

බලනේ කඳු මුඳුනේ දී

පරංගියා මැරුණ විදී

ඇසුවොත් පුත සිත පැහැදී

රාසිං දෙවියන්ට වඳි

44.

ඇහැළේපොළ පුත් කුමරූ

කඩුවට ගෙළ දුන් අයුරූ

පුරුදු කළොත් සිහල දරූ

නිදහස අත්වනු නිබොරූ

45.

නිදහස් හිරු දෙව් එනවා

දෑ බැති මල් පිබිදෙනවා

සිරි ලක් මව් හිනැහෙනවා

මගේ පුතා නැළවෙනවා

46.

නො දී වැටෙන්නට විපතේ

තබනට නිදහස් සැපතේ

මුළු ලක් දිව නුඹේ අතේ

තබමි ඉතින් ඔන්න පුතේ

47.

විජය අබා රජ්ජුරුවෝ

සැඬි දෙමළුන් වඳ කෙරුවෝ

පෙර අප සිංහල දරුවෝ

මෙ බඳු හපන්කම් කෙරුවෝ

48.

පඬි සක්විති තොටගමුවේ

වීදාගම වැත්තෑවේ

ඉපදුණ මේ ලංකාවේ

ඉපදීමත් පිනක් ම වේ

49.

කැප්පැටිපොළ සෙනෙවි සුරූ

කර රුපු සෙන් මන් දැදුරූ

අබිරු විකුම් පෑ අයුරූ

උඹට පුතේ වෙයි මියුරූ

50.

ඇඳි සළුපට ගෙන සෝදා

දළදා සමිඳුන්ට පුතා

කඩුවට ගෙළ දුන්නේ එදා

ගුරුකමටයි උඹට මෙදා

51.

එබඳු උතුම් ලංකාවේ

දුසිරිත් දසතින් බෝවේ

මේ ගැන වැඩ කළොත් ලොවේ

උඹෙත් මගෙත් නම කියවේ

52.

මැරුණොත් යළි උපදින්නේ

අතරක නෑ පවතින්නේ

එම මරණෙට ඉතිකින්නේ

ඇයිද පුතේ බය වෙන්නේ

53.

බියගලුකම නිවට කමයි

එය නැති නම් පිරිමිකමයි

සිංහල සිතුවිලි මෙහෙමයි

පුත නඹටත් එය උරුමයි

54.

ගන්නෝරුවේ කඳු මුදුනේ

සිට රජසිහ එ දිනේ

නැංවු යුද හඬ මෙ දිනේ

රැව් දෙයි ම පුතුගේ සවනේ

55.

සිංහල ඊ පහර වැදී

පරංගි සෙන් වැටුණ විදී

සිහි කෙරුවොත් සිතින් ළැදී

නුඹට අදත් පෙනෙයි ඇඳි

56.

නිදහස් ලිය ලියලන්නේ

සම් මස් ඇට පොහොරින්නේ

මේ සිතිවිලි සමඟින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

57.

පිළගම දේවාලේ වැදී

සිටි නිරිඳෙක් බයෙන් බැඳි

රෑ සිහිනෙන් දුටු පරිදී

පින් පැණ යුත් පුතෙක් ලදී

58.

ඉන් පසු සිරිලක සිරියා

වැඩි විය සුර පුරෙක නියා

වැටෙමින් සිටි සිංහලයා

ගේ නම ලොව පැතිර ගියා

59.

"නිවටුන්ගේ බිය සහදයි"

යනු කීවේ එ මහ රජයි

පුත නුඹගේ ගතයි හදයි

එ බසට යොමු කළොත් හොඳයි

60.

ලක එක සේසත් සෙවණේ

තැබු ඒ නිරිඳුගේ සරණේ

ලද ම පුතුට මුළු දෙරණේ

වෙන සැප කිම එම පමණේ

61.

"අහස් දියෙන් බිඳක් පවා

ඉවත නොගොස් නැවතේවා "

ඉටමින් මහ වැව් කණවා

වැඩ කෙළේ ඒ රජ දරුවා

62.

ලැග සිටිමින් වහල් බවේ

මෙත් කෙරුවත් පලක් නොවේ

පුත නුඹ හද මල් ගොමුවේ

මේ මල් පිබිදිය යුතුවේ

63.

කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩ ගෙන දස්කම්

පෑම තමයි සුරුවිරුකම්

64.

සතුරුව පෙරමුණට එතොත්

අර මහමෙර සමඟ වුවත්

සතුරු වෙයන් පුතේ නුඹත්

ඒකයි හරි වීරකමත්

65.

මිතුරුකමින් පෙරට එතොත්

දූවිල්ලක් එක්ක වුවත්

මිතුරු වෙයන් පුතේ නුඹත්

එයයි ලොවේ ගුණය මහත්

66.

උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

67.

සිරිකත මිණි විජිනි පතින්

පවන් සලයි නුඹට මෙතින්

බියක් සැකක් නො ව යහතින්

නිඳා ගනින් පුතේ ඉතින්

68.

බීමට එක කිරි උගුරක්

කෑමට නිසි රස අහරක්

නැතියෙන් උඹ වැනි දහසක්

අනේ පුතේ විඳින දුකක්

69.

අපිය අපේ රට රැක්කෝ

කියන අපේ ලොකු ලොක්කෝ

මේ බව තව නො ම දැක්කෝ

අපට ඉතින් බලයක් කෝ

70.

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරි කොට සිතතොත්

උඹයි මගේ පුතා සමත්

71.

විහාර මහ රජ දේවී

ගැමුණු පුතා හා එක් වී

සිහිනෙන් නුඹ අමතාවී

කළ යුතු දෙය පවසාවී

72.

කව්සේකර ගුත්තිල දා

සසදා සහ මුවදෙව් දා

මේ සිංහල ගත් සමුදා

දෙයි ම පුතුට නැණ පහදා

73.

මියුරු කොවුල් සැළ පරෙවී

තිසර ගිරා සරණ අවී

මේ ගත්වල තියෙන කවී

රසය උරා බොනු මැනවී

74.

විදු සක්විති ඇදුරිඳුගේ

බුත්සරණේ තිබෙන අගේ

දැන ගෙන පොඩි පුතා මගේ

වෙන්න උඹත් මතු එ වගේ

75.

විසතුරු පද අරුත් සොමී

එක් කොට පඬි ගුරුළු ගැමී

කළ දේ පොතින් වැහෙන එ මී

මගේ පුතාටත් කවමී

76.

සිනිඳු මොළොක් බව මලෙහී

පිරිසුදු බව පිනි බිඳෙහී

එක් වී මා පුතුගේ ළෙහී

අරක් ගනී හැම දිනෙහී

77.

ජාතික දෙව් ගී ගයමූ

මුළු ලෝකෙ මත් කරමූ

නිදහස් දෙව් දූට හමූ

වෙන්ට අපිත් පෙරට යමූ

78.

කුල බේදය ලියලන්නේ

ජාතික බැමි පුපුරන්නේ

මේ රට මේ විපතින්නේ

උඹ ද පුතේ ගලවන්නේ

එස්. මහින්ද හිමි.

දැන්වත් තමන්ගේ රට, දැය, සමය රැකගන්න සිතා ගත්තොත් හොඳයි...

(උපුටා ගන්නා ලදී.)

[QUOTE="chathurachami, post: 14757684, member: 131563"] [b]ජාතික තොටිල්ල..[/b] [SIZE="4"]1. මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිඳියන්නේ 2. නිදහස මහ මුහදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතු වේ 3. විජය තුමා තම්මැන්නේ පිරිවර සෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවෙන්නේ මගේ පුතා නැළවෙන්නේ 4. දෙන දිවි මුත් රට වෙනුවෙන් ජාතික දරුවන් ලැබුවෙන් මිදි නොයෙක් සතුරු මුවෙන් ලක් මව් විසුවාය සුවෙන් 5. තවුසකු සේ ඇඳ පළඳා පඬුවස්දෙව් මහ රාජිඳා මාකඳුරින් ගොඩ බට දා මඟුලක් වී ලක මුළු දා 6. දෙව් පුර මෙන් දෙවියන්නේ සිරි ලක දිව් බබළන්නේ එහි සක් දෙව් රජු මෙන්නේ මගේ පුතා ලොකු වෙන්නේ 7. ලස්සන මෙන් මහ පොළවේ අනුරාපුර ඉදි කෙරුවේ දොරමඬලේ කුමරිඳු වේ උඹට පුතේ සුව එළවේ 8. ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුනදර සුරඹුනගේ අතේ නැළවෙන බව සිතනු පුතේ 9. සිරි මහ බෝ සිඹිමින්නේ මහමෙවුනා පෙදෙසින්නේ සුළං දෑලක් මේ එන්නේ මුටසිව රජු සිහිවෙන්නේ 10. ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එ මී 11. එදා පටන් මෙසිරි ලකේ සම්මා සම් බුදු මැණිකේ දම් එළියෙන් අඳුරු මැකේ මිසදුටු විසකටු නො රැකේ 12. දනන් කෙරෙන් මෙලක් දිවේ පළමුව බොදු බැති වුවේ අප පියතිස් නරනිඳු වේ ඉගෙන ගනින් මගේ පුතේ 13. ලන මෙන් මොක් පුර අරවා ලෝවා මහ පහ කරවා ඒ අප සිංහල දරුවා සිරිලක් මව තුටු කෙරුවා 14. ගොස් මාගම් පුර පවරා අප මහ නා දෙරණිසුරා මාගම් රජ පරම්පරා ඇති කොට විසුවේ එ වරා 15. කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනා වෙවී ඔහු මෙ ලොවට පහළ දෙවී රජෙකැයි සලකනු මැනවී 16. අවිචියේ කප් දහසෙත් වහල් කමේ එක් දවසෙත් වෙනසක් නැති බව සිතතොත් උඹට පුතේ වැඩ සැලසෙත් 17. තමන් ලැබු දිවි පවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙ ලොවට කිසි පලක් නැතේ 18. තිස්ස රජුන් හට රුහුණේ එඩිතර කුමරකු ලැබුණේ ඉන් පසු සිරි ලක් දෙරණේ ජාතික බැති මල් පිපුණේ 19. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රුක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ 20. විජිතපුරේ කොටුවේදී කඩු පිට කඩු පහර දිදී යුද කොට ජයගත් පරිදී සිහි කරපන් පුත පැහැදී 21. රුවන්මාලි සෑ තනවා මුනි පුත් සඟ ගණ පිනවා ගිය එ රජුන් සිහි වෙනවා මගේ පුතා නැළවෙනවා 22. එළාරගේ මළ කුණටත් ගරු බුහුමන් කළේ ඉමහත් ගැමුණු පුතාගේ මෙ සිරිත් පුරුදු කරන් පුතේ උඹත් 23. ලියන 'තුරින් මෙ ලක් දිවේ පළමුව මහ පළ ලැබුවේ අප අනුලා දේවි වේ එහෙම වෙයන් උඹත් දුවේ 24. සිය රට ගැන ළය උණු වී වැද මහ මුහදට බිලි වී ආ ඒ කැළණියේ දේවී මගේ පුතා නළවාවී 25. වැද යුධ බිම නොම බිය වී විහාර මහ රජ දේවී පෑ විමන් සැටි සිහි වී මගේ පුතා ඔද වේවී 26. තුදුස් වසක් වල් වැදිලා සිට දෙමළුන් බල බිඳලා පුරඳුරු සිරි ඇර පාලා ලක එක සේසත් නඟලා 27. වළගම්බා නිරිඳු මහත් පෑ දස්කම් සිහි කෙරුවොත් පුතේ උඹේ ගතත් සිතත් වෙයි උණුසුම් ලෙයින් සුරත් 28. අබය ගිරි සෑ තනවා දඹුලු විහාර ද කොටවා ලක් මවගේ ඒ දරුවා මුනිඳු සසුන් හෙළි කෙරුවා 29. සිය රට ගළවමියි සිතා දිවි දුන් සැඬ රුපුන් වෙතා සෝමා දේවිගෙ පුවතා ඉගෙන ගනින් මගේ පුතා 30. මහ සිළු මහ තිස් නිරිඳා සඟ සැට දහසකට එදා සැට දහසක් සිවුරු පුදා කළ පින්කම් සිතනු සොඳා 31. සොළී පුරේ වැද ගජබා සොළින්ගේ දප් සිඳ නො තබා පෑ සිංහල විකුම් සොබා සිතෙන විටත් සිත් පොළඹා 32. බුදු ගොස් මහ තෙරිඳු ලවා දහමට අටුවා ලියවා ඒ අප සිංහල දරුවා සිරි ලක් දිව හෙළි කෙරුවා 33. අත්නගලු වනයේ දී මඟියෙකු හට හිස දන් දී බුදු බව පැතු සඟබොධී සිහි කරපන් සිත පෑදී 34. අහසේ නිල් වළාකුලේ ගැටෙන රුවන් කොතිනුදුලේ දෙව්රම් මහ සෑය කෙළේ මහසෙන් මහ රජු ඒ කළේ 35. හේමා රජ කුමරි එදා දළදා හිමි ගෙන ආ දා සාදු නදින් දෙව් සමුදා ගුම් ගති සිරි ලක් සමුදා 36. දැක කළු ලෙඩ නයෙක් එදා අප බුදුදස් මහ නිරිඳා කළ පිළියම් සිතන සඳා උඹට පුතේ සැප ම සදා 37. කුමාරදස් රජු පොරණේ බැන්දේ ජානකිහරණේ බමුණන්ගේ ඔද බිඳුණේ සිහපුන්ගේ නැණ වැඩුණේ 38. මිතුරා හට දිවි පිදුවේ ඒ රජු ගේ ගුණ සිහි වේ එඩිතර සිංහල පපුවේ සැටි ඉන් කාටත් කියවේ 39. ඉදි කොට පුර පොළොන්නරූ අප පැරකුම් රජ කුමරූ දඹදිව ජයගත් අයුරූ උඹට පුතේ වෙයි මියරූ 40. පද රස එක් කොට මෙ ලොවේ කුස ජාතක කව් කෙරුවේ දඹදෙනි පැරකුම් රජු වේ ඉගෙන ගනින් මගේ දුවේ 41. කළ වියකන විසුදු මගේ වික්මැති ඒ රජුගේ රඟේ සිහි වන මා පුතුගේ ඇඟේ ලේ උණුසුම් වෙවී නැඟේ 42. ඇති නම් මා අත කඩුවක් මට සක් දෙව් කෙරෙයි කුමක් මේ බස කියු සිහල පුතෙක් උඹට පුතේ වෙයිද මතක් 43. බලනේ කඳු මුඳුනේ දී පරංගියා මැරුණ විදී ඇසුවොත් පුත සිත පැහැදී රාසිං දෙවියන්ට වඳි 44. ඇහැළේපොළ පුත් කුමරූ කඩුවට ගෙළ දුන් අයුරූ පුරුදු කළොත් සිහල දරූ නිදහස අත්වනු නිබොරූ 45. නිදහස් හිරු දෙව් එනවා දෑ බැති මල් පිබිදෙනවා සිරි ලක් මව් හිනැහෙනවා මගේ පුතා නැළවෙනවා 46. නො දී වැටෙන්නට විපතේ තබනට නිදහස් සැපතේ මුළු ලක් දිව නුඹේ අතේ තබමි ඉතින් ඔන්න පුතේ 47. විජය අබා රජ්ජුරුවෝ සැඬි දෙමළුන් වඳ කෙරුවෝ පෙර අප සිංහල දරුවෝ මෙ බඳු හපන්කම් කෙරුවෝ 48. පඬි සක්විති තොටගමුවේ වීදාගම වැත්තෑවේ ඉපදුණ මේ ලංකාවේ ඉපදීමත් පිනක් ම වේ 49. කැප්පැටිපොළ සෙනෙවි සුරූ කර රුපු සෙන් මන් දැදුරූ අබිරු විකුම් පෑ අයුරූ උඹට පුතේ වෙයි මියුරූ 50. ඇඳි සළුපට ගෙන සෝදා දළදා සමිඳුන්ට පුතා කඩුවට ගෙළ දුන්නේ එදා ගුරුකමටයි උඹට මෙදා 51. එබඳු උතුම් ලංකාවේ දුසිරිත් දසතින් බෝවේ මේ ගැන වැඩ කළොත් ලොවේ උඹෙත් මගෙත් නම කියවේ 52. මැරුණොත් යළි උපදින්නේ අතරක නෑ පවතින්නේ එම මරණෙට ඉතිකින්නේ ඇයිද පුතේ බය වෙන්නේ 53. බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නඹටත් එය උරුමයි 54. ගන්නෝරුවේ කඳු මුදුනේ සිට රජසිහ එ දිනේ නැංවු යුද හඬ මෙ දිනේ රැව් දෙයි ම පුතුගේ සවනේ 55. සිංහල ඊ පහර වැදී පරංගි සෙන් වැටුණ විදී සිහි කෙරුවොත් සිතින් ළැදී නුඹට අදත් පෙනෙයි ඇඳි 56. නිදහස් ලිය ලියලන්නේ සම් මස් ඇට පොහොරින්නේ මේ සිතිවිලි සමඟින්නේ මගේ පුතා ලොකු වෙන්නේ 57. පිළගම දේවාලේ වැදී සිටි නිරිඳෙක් බයෙන් බැඳි රෑ සිහිනෙන් දුටු පරිදී පින් පැණ යුත් පුතෙක් ලදී 58. ඉන් පසු සිරිලක සිරියා වැඩි විය සුර පුරෙක නියා වැටෙමින් සිටි සිංහලයා ගේ නම ලොව පැතිර ගියා 59. "නිවටුන්ගේ බිය සහදයි" යනු කීවේ එ මහ රජයි පුත නුඹගේ ගතයි හදයි එ බසට යොමු කළොත් හොඳයි 60. ලක එක සේසත් සෙවණේ තැබු ඒ නිරිඳුගේ සරණේ ලද ම පුතුට මුළු දෙරණේ වෙන සැප කිම එම පමණේ 61. "අහස් දියෙන් බිඳක් පවා ඉවත නොගොස් නැවතේවා " ඉටමින් මහ වැව් කණවා වැඩ කෙළේ ඒ රජ දරුවා 62. ලැග සිටිමින් වහල් බවේ මෙත් කෙරුවත් පලක් නොවේ පුත නුඹ හද මල් ගොමුවේ මේ මල් පිබිදිය යුතුවේ 63. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩ ගෙන දස්කම් පෑම තමයි සුරුවිරුකම් 64. සතුරුව පෙරමුණට එතොත් අර මහමෙර සමඟ වුවත් සතුරු වෙයන් පුතේ නුඹත් ඒකයි හරි වීරකමත් 65. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත් 66. උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ 67. සිරිකත මිණි විජිනි පතින් පවන් සලයි නුඹට මෙතින් බියක් සැකක් නො ව යහතින් නිඳා ගනින් පුතේ ඉතින් 68. බීමට එක කිරි උගුරක් කෑමට නිසි රස අහරක් නැතියෙන් උඹ වැනි දහසක් අනේ පුතේ විඳින දුකක් 69. අපිය අපේ රට රැක්කෝ කියන අපේ ලොකු ලොක්කෝ මේ බව තව නො ම දැක්කෝ අපට ඉතින් බලයක් කෝ 70. මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරි කොට සිතතොත් උඹයි මගේ පුතා සමත් 71. විහාර මහ රජ දේවී ගැමුණු පුතා හා එක් වී සිහිනෙන් නුඹ අමතාවී කළ යුතු දෙය පවසාවී 72. කව්සේකර ගුත්තිල දා සසදා සහ මුවදෙව් දා මේ සිංහල ගත් සමුදා දෙයි ම පුතුට නැණ පහදා 73. මියුරු කොවුල් සැළ පරෙවී තිසර ගිරා සරණ අවී මේ ගත්වල තියෙන කවී රසය උරා බොනු මැනවී 74. විදු සක්විති ඇදුරිඳුගේ බුත්සරණේ තිබෙන අගේ දැන ගෙන පොඩි පුතා මගේ වෙන්න උඹත් මතු එ වගේ 75. විසතුරු පද අරුත් සොමී එක් කොට පඬි ගුරුළු ගැමී කළ දේ පොතින් වැහෙන එ මී මගේ පුතාටත් කවමී 76. සිනිඳු මොළොක් බව මලෙහී පිරිසුදු බව පිනි බිඳෙහී එක් වී මා පුතුගේ ළෙහී අරක් ගනී හැම දිනෙහී 77. ජාතික දෙව් ගී ගයමූ මුළු ලෝකෙ මත් කරමූ නිදහස් දෙව් දූට හමූ වෙන්ට අපිත් පෙරට යමූ 78. කුල බේදය ලියලන්නේ ජාතික බැමි පුපුරන්නේ මේ රට මේ විපතින්නේ උඹ ද පුතේ ගලවන්නේ එස්. මහින්ද හිමි.[/SIZE] [SIZE="5"]දැන්වත් තමන්ගේ රට, දැය, සමය රැකගන්න සිතා ගත්තොත් හොඳයි...[/SIZE] (උපුටා ගන්නා ලදී.) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom