Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියට මුහුණ දීමට ඇති අනාගත භීෂණයකට පිළියම් යොදමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]158466[/ATTACH]

1950 දශකයට පෙර මෙරට ජීවත් වූ සියලුම මුස්ලිම් ජනයා සාම්ප්‍රදායික මුස්ලිම්වරු වූහ. පනහේ දශකයේ සිට ටිකෙන් ටික මෙරට පැළපදියම් වූ ඉස්ලාම් නිකායක් වන වහබ්වාදය අනුගමනය කරන පිරිස අද වන විට ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජයේ බහුතරය බවට පත්වී ඇතැයි කියැවේ.

සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට සහ වහබ් වාදීන්ට පොදු චාරිත්‍ර යන් වන උපවාස උත්සවය සැමරීම සහ හජ් උත්සවය හැර සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අනෙකුත් සියලු චාරිත්‍ර වාරිත්‍ර මිත්‍යාවන් සේ සලකා ඒවා විනාශ කිරීමට වහබ්වාදීහූ කටයුතු කරති.

අපේ ආණ්ඩු සහ මානව හිමිකම් සංවිධාන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හමුවේ මුනිවත රැකීම අපට ගැටලුවකි. රාජ්‍ය නොවන සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ මේ පිළිබඳව කිසිවක් දන්නා බවක් පෙනෙන්නට නැත. සිංහල ජාතිකවාදී බලවේග පමණක් මේ පිළිබඳ යම් හෝ අවදි බවකින් කටයුතු කරනු දක්නට ලැබීම සතුටට කරුණකි.

මා විසින් මේ පිළිබඳව ලියා ඇති ලිපි ලේඛන කියවා බලා ජාති ආගම් කුලමල භේදයකින් තොරව මේ වහබ්වාදී අන්තවාදයට එරෙහිව නැගී සිට මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ප්රමුඛ සමස්ත රටවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය මෙන්ම ආගමික හා සංස්කෘතික නිදහස ආරක්ෂා කරදීමට පෙරට එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

[ATTACH=full]158470[/ATTACH]

1970 සිට වහබ්වාදී මූලධර්මවාදයට එරෙහිව සම්සූල් උලමා සේහුනා ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා කටයුතු කර ඇත. එතුමා වහබ්වාදයට එරෙහිව තම විරෝධය දක්වා ඇත්තේ සාමකාමී ක්‍රමවලින් බව පැහැදිලිය. රට පුරා ගොස් දේශනා පැවැත්වීම සහ කරුණු පැහැදිලි කෙරෙන කෘති 70ක් රචනා කිරීම මගින් වහාබ්වාදය ඉස්ලාම් ධර්මයට පටහැනි ඉගැන්වීමක් බව එතුමා පෙන්වා දී තිබේ.

2019 දී පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් වහබ්වාදයේ අනාගත ප්‍රතිඵල ගැන ඒ.අබ්දූල් රවුෆ් මවුලවි තුමා කල්තියා සිදුකළ අනතුරු ඇඟවීම සත්‍යයක් බව සනාථ කළේය. අපට නොපෙනුනද වහබ්වාදී මූලධර්ම වාදයෙන් තම මොල විකෘති කර ගත් සහරාන්ලා දහස් ගණනක් අද අප අතර ජීවත් වෙන බව අප සිහි තබා ගත යුතුය.

සාමකාමී ක්‍රම මගින් තම විරෝධය පළ කළ ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමන් සහ එතුමන්ගේ අනුගාමිකයන්ට මේ මූලධර්මවාදී වහබ් වාදින්ගේ ම්ලේච්ඡ මිනීමරු ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ සිංහල සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි.

වහබ්වාදී මූලධර්මවාදයට එරෙහිව අබ්දුල් රවුෆ් මවුලවිතුමා කටයුතු කිරීම නිසා එතුමාට එරෙහිව 1979 දී ෆත්වා (Fatwa)වක් පනවා ඇත. සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව විසින් එය පනවා ඇත්තේ ඒ සභාවේ කාත්තාන්කුඩි ශාඛාවේ යෝජනාවක් අනුව යි. ඊට අනුව අබ්දුල් රවුෆ් මවුලවිතුමා ඉස්ලාම් ආගම හැර ගිය මුරුතද් ( Murutad) වරයෙකි. එපමනක් නොව එතුමාගේ අනුගාමිකයන් වන කාත්තාන්කුඩි නගරයේ වෙසෙන පහළොස් දහසක පිරිස සහ රට පුරා වෙසෙන දහස් ගණනක අනුගාමික ඉස්ලාම් පිරිස ද මුරුතද්වරු ලෙස හංවඩු ගසා තිබේ. සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව විසින් 1979 දී දෙන ලද මේ ඊනියා ආගමික තීන්දුව ට අනුව මේ මුරුතද් වරු සියලු දෙනා ඝාතනය කළ යුතුය. මේ ෆත්වාව මුද්‍රණය කොට රට පුරා බෙදා හැරීමට සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය කටයුතු කර තිබේ.

ඔවුන් විසින් මේ ෆත්වාව ක්‍රියාවට නගා ඇති ආකාරය සහ ඒ සඳහා යොදාගත් කාලවකවානුව මීළඟට විමසා බලමු.

වසර 30 ක කාලයක් පුරා ඇදී ගිය බෙදුම්වාදී කැරැල්ල මුල් කරගත් යුද්ධය මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාටම සාපයක්ම විය. මේ තත්ත්වය නිසා ඇතැම් අවස්ථාවලදී නැගෙනහිර පළාත රජයේ පාලනයෙන් ගිලිහී කොටි ත්රස්තවාදීන්ගේ පාලනයට නතු වූ අවස්ථා ද තිබිණි. මේ ප්‍රාමාණික වශයෙන් සාම්ප්‍රදායික මුස්ලිම්වරු සංඛ්‍යාත්මකව අඩු වෙමින් වහබ්වාදීන් වැඩි වෙමින් තිබුණු කාලයයි.

[ATTACH=full]158469[/ATTACH]

1998 දී ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පාරුක් කාදිරී මවුලවි තුමාව ඝාතනය කෙරිණි. ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරමින් සිදුකළ එතුමාගේ ඝාතනය කොටි ත්රස්තවාදීන් විසින් බොර කළ දියේ වහාබ් අන්තවාදීන් විසින් සිදු කළ මාළු බෑම ක් බව ප්‍රදේශවාසී සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මතයයි. ක්‍රිස්තු වර්ෂ දෙදහස් හතරේදී කාත්තාන්කුඩි ප්‍රදේශයේ වෙසෙන සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට පහරදී ඔවුන්ගේ කඩ සාප්පු සහ ආගමික ස්ථාන කඩා බිඳ දැමීමට ඒ ප්‍රදේශයේ වහබ්වාදිහු ක්‍රියා කළහ. එමෙන්ම 2006 වසරේදී ද කාත්තාන්කුඩි නගරයේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට සහ ඔවුන්ගේ නිවාස සහ කඩසාප්පු වලට නැවතත් පහර දෙන ලදී. ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර එතුමාට ජීවිතාරක්ෂාව පතා දකුණු ඉන්දියාවේ නාගූර් වෙත පලා යෑමට සිදුවිය. මේ අවස්ථා දෙකේදීම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට තම ආගමික විශ්වාසයන් අතහැර වහබ්වාදය වැලඳගැනීමට බලහත්කාරකම් සිදු කෙරිණි.

අබ්දුල්ලා ෆයිල්වාන් තුමා මරුඳමුනේ ප්‍රදේශයේ ජීවත් වූ තවත් සුෆි මුස්ලිම් නායකයෙකි. කාත්තාන්කුඩි නගරයේ ද එතුමාගේ අනුගාමිකයන් ජීවත් විය. තම නායකයාගේ මරණින් පසු එතුමාගේ දේහය කාත්තාන්කුඩි ප්‍රදේශයේ භූමිදානය කර ස්මාරකයක් තැනවීමට ඔවුහු ක්‍රියා කළහ. මෑතකදී පාකිස්ථානයේ, සියල්කොට් හිදී ප්‍රියන්ත දියවඩන නම් සිංහල සහෝදරයාට එල්ල කළ ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එදා ෆයිල්වාන් තුමාගේ මෘතදේහය ට කාතන්කුඩියේ දී වහබ්වාදී මූලධර්මවාදීන් සිදුකර තිබේ. භූමිදානය කර තිබූ මෘත දේහය යලි ගොඩ ගත් අන්තවාදියෝ, එයට මුත්‍රා කර පාර දිගේ ඇදගෙන ගොස්, පහරදී, ඊට ගිනි තබා පසුව අළු මුහුදට විසිකර දැමූ බව කියැවේ. අනතුරුව එතුමාගේ අනුගාමිකයන්ට පහරදී ඔවුන්ගේ කඩසාප්පු සහ ආගමික ස්ථාන විනාශ කිරීමට ද මූලධර්මවාදීහු කටයුතු කළහ.නැගෙනහිර පළාත කොටි ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්ව තිබූ අවධියේ වහාබ් මූල ධර්මවාදීන් කටයුතු කළේ එලෙසිනි.

ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාට, ෆයිල්වාන් තුමාට ෆත්වා පනවා එතුමන්ලා සහ එතුමන්ලාගේ අනුගාමිකයන් ඝාතනය කිරීමට ක්‍රියා කළ / උත්සාහ කරන අය ප්‍රියන්ත දියවඩන සොයුරාගේ ඝාතනය ගැන සහ ඔහුගේ දරු පවුල ගැන දුක්වීම හාස්‍යජනක බව පැවසිය යුතුය.

[ATTACH=full]158471[/ATTACH]

ජීවිතාරක්ෂාව පතා දකුණු ඉන්දියාවට පලාගිය ඒ. අබ්දුල් රවුෆ් මවුලවි තුමාට කොළඹට පැමිණ රහසිගතව තම අනුගාමිකයන් හමුවීමට සිදු වූයේ වරක් දෙවරක් නොවේ. තම අනුගාමිකයන්ගේ ජීවිත, කඩ සාප්පු සහ ආගමික සිද්ධස්ථාන විනාශ නොකිරීමට නම් තමා මෙතෙක් දරන ලද මතවාද මිත්‍යාවන් යයි කියැවෙන ප්‍රකාශයක් ෆැක්ස් මඟින් ශ්‍රී ලංකාවට එවීමට එතුමාට බල කෙරිණි. තම අනුගාමිකයන්ගේ ආරක්ෂාව පතා එතුමා එවැන්නක් ඔවුන් වෙත ලබා දී තිබේ.

මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය ඇමතිතුමා විසින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි අධිකරණ ඇමතිතුමා ට මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන මෙන් ඉල්ලා ලිපියක් යැවූ බව මෑතකදී ජනමාධ්‍ය වල ප්‍රචාරය විය. ඒ ලිපිය සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවට යවන ලද්දක් නොවුනද ඔවුන් විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබිණි. ඔවුන්ට අනුව අබ්දුල් රවුෆ් මවුලවිතුමා ට සහ එතුමාගේ අනුගාමිකයන්ට එරෙහිව පණවන ලද ෆත්වාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුව දීර්ඝ කාලයකට පෙර විසඳා ගත් එකකි.

[ATTACH=full]158468[/ATTACH]

වාසනාවකට මෙන් 2008 පමණ වන විට නැගෙනහිර පළාත යළි රජයේ හමුදා යටතට පත්විය. එහෙත් අවාසනාවකට මෙන් රජයේ හමුදා විසින් තම බුද්ධි අංශ වලට සම්බන්ධකරගත් මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාම පාහේ වහබ්වාදීන් වූ බව කියැවේ. එබැවින් කොටි ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ බුද්ධි තොරතුරු රජයට නිසි පරිදි ලැබුණත් වහබ් ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන්ට නොලැබී යන්නට ඇතැයි සිතිය හැකිය. වර්තමානයේදී පවා එය එසේද යන්න සොයා බැලිය යුතුය.

එබැවින් කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති සහ අගමැති තනතුරු දරන මේ රජයෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු. රජයේ බුද්ධි අංශ වලට සම්බන්ධව සිටින මුස්ලිම් ජන වර්ගයට අයත් සියලු දෙනා වහබ්වාදීන් නම් සහරාන් ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු නිසි කලට නිසි අයුරින් ආරක්ෂක අංශ වලට වාර්තා වූයේ ද යන්න ද සොයා බැලිය යුතුය. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ විමර්ශන නිසි අයුරින් සිදු වෙනවාද යන්න සොයා බැලීම ද කාලීන අවශ්‍යතාවකි.

නැගෙනහිර පළාත තුළ රජයේ පාලනය ස්ථාපිත කළ පසු ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමා නැවත ලංකාවට පැමිණියේ ය. එතුමාට ඒ සඳහා ආරාධනා කරන ලද්දේ ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ඇතුළු දේශපාලන අධිකාරිය විසින් යැයි කියැවේ. ඊට හේතු වූයේ පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වූ දේශපාලකයින්ට කාත්තන්කුඩියේ වෙසෙන 10,000 කට වැඩි සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් ඡන්ද දායකයින්ගේ මනාපය ලබා ගැනීමයි.

එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී පනවන ලද ෆත්වාව ජමියතුල් උලමා සභාව විසින් මේ වන තෙක් ඉල්ලා අස් කරගෙන නැත. පාස්කු ප්‍රහාරයෙන් පසු උලමා සභාව විසින් එය ඉල්ලා අස් කර ගත් බව කියැවෙන වැරදි තොරතුරක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ලදැයි කියැවේ. එහි සභාපති වරයා වන රිස්වි මුෆ්ති මවුලවිතුමා කාත්තන්කුඩිය ට පැමිණි අවස්ථාවකදී එය ඉල්ලා අස්කරගෙන නැති බව ප්‍රකාශ කර තිබේ (ඒ බව සඳහන් වන වීඩියෝවක් පහත දක්වා ඇත). වසර දහස් ගණනක් ශ්‍රී ලංකාවේ අප සමඟ එකට වාසය කරන සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාට ෆත්වා මගින් මරණ දඬුවම පැනවීමට බලයක් මෑතකදී සිට සෞදි අරාබියේ මුදල් ආධාර මත මෙරට ප්‍රචලිත වන ඉස්ලාම් නිකායක් වන වහබ්වාදීන්ට ලබාදී ඇත්තේ කවුරුන් විසින් දැයි අපට දැන ගැනීමට අවශ්‍ය වී තිබේ.

මහත්වරුනි! නෝනාවරුනි! ලබ්බට තැබූ අත පුහුලටත් තබන බව අපි නොදන්නවා නොවේ. වෙනත් ආකාරයකින් කියනවා නම් මුරුතද්වරුන්ට තැබූ අත කාෆිර්වරුන් වන අපටත් තබන බව අපි දනිමු. මූලධර්මවාදීන් විසින් ෆාරුක් කාදිරී තුමාට දුන් දඬුවම, අබ්දුල්ලා ෆයිල්වාන් තුමාගේ මෘත ශරීරයට දුන් දඬුවම, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාට දීමට නොහැකි වූ දඬුවම, පාස්කු ප්‍රහාරයේ දී අහිංසක සිංහල සහ දෙමළ කිතුණු ජනතාවට ලබා නොදුන්නේ ද?

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කරමින් ඔවුන් ලබා දුන් පණිවිඩය අපි මැනවින් තේරුම් ගනිමු. ඒ පිළිබඳව හෝ ආරක්ෂක අංශවලට සාක්ෂි ලබාදුන් තරුණයාගේ ඔළුවට වෙඩි තබා අන්තවාදීන් ලබා දුන් පණිවිඩය අපි නිවැරදිව තේරුම් ගනිමු. රට පුරා තැනින් තැන අවි ගබඩා පවත්වාගෙන යෑමට කටයුතු කිරීමෙන් ඔවුන් ලබාදෙන පණිවිඩය කුමක්දැයි වටහා ගැනීමට ඔබට අසීරු නොවනු ඇත.

cntd...

[QUOTE="xcorat, post: 27320848, member: 555034"] [ATTACH type="full"]158466[/ATTACH] 1950 දශකයට පෙර මෙරට ජීවත් වූ සියලුම මුස්ලිම් ජනයා සාම්ප්‍රදායික මුස්ලිම්වරු වූහ. පනහේ දශකයේ සිට ටිකෙන් ටික මෙරට පැළපදියම් වූ ඉස්ලාම් නිකායක් වන වහබ්වාදය අනුගමනය කරන පිරිස අද වන විට ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජයේ බහුතරය බවට පත්වී ඇතැයි කියැවේ. සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට සහ වහබ් වාදීන්ට පොදු චාරිත්‍ර යන් වන උපවාස උත්සවය සැමරීම සහ හජ් උත්සවය හැර සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අනෙකුත් සියලු චාරිත්‍ර වාරිත්‍ර මිත්‍යාවන් සේ සලකා ඒවා විනාශ කිරීමට වහබ්වාදීහූ කටයුතු කරති. අපේ ආණ්ඩු සහ මානව හිමිකම් සංවිධාන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හමුවේ මුනිවත රැකීම අපට ගැටලුවකි. රාජ්‍ය නොවන සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ මේ පිළිබඳව කිසිවක් දන්නා බවක් පෙනෙන්නට නැත. සිංහල ජාතිකවාදී බලවේග පමණක් මේ පිළිබඳ යම් හෝ අවදි බවකින් කටයුතු කරනු දක්නට ලැබීම සතුටට කරුණකි. මා විසින් මේ පිළිබඳව ලියා ඇති ලිපි ලේඛන කියවා බලා ජාති ආගම් කුලමල භේදයකින් තොරව මේ වහබ්වාදී අන්තවාදයට එරෙහිව නැගී සිට මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ප්රමුඛ සමස්ත රටවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය මෙන්ම ආගමික හා සංස්කෘතික නිදහස ආරක්ෂා කරදීමට පෙරට එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. [ATTACH type="full"]158470[/ATTACH] 1970 සිට වහබ්වාදී මූලධර්මවාදයට එරෙහිව සම්සූල් උලමා සේහුනා ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා කටයුතු කර ඇත. එතුමා වහබ්වාදයට එරෙහිව තම විරෝධය දක්වා ඇත්තේ සාමකාමී ක්‍රමවලින් බව පැහැදිලිය. රට පුරා ගොස් දේශනා පැවැත්වීම සහ කරුණු පැහැදිලි කෙරෙන කෘති 70ක් රචනා කිරීම මගින් වහාබ්වාදය ඉස්ලාම් ධර්මයට පටහැනි ඉගැන්වීමක් බව එතුමා පෙන්වා දී තිබේ. 2019 දී පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් වහබ්වාදයේ අනාගත ප්‍රතිඵල ගැන ඒ.අබ්දූල් රවුෆ් මවුලවි තුමා කල්තියා සිදුකළ අනතුරු ඇඟවීම සත්‍යයක් බව සනාථ කළේය. අපට නොපෙනුනද වහබ්වාදී මූලධර්ම වාදයෙන් තම මොල විකෘති කර ගත් සහරාන්ලා දහස් ගණනක් අද අප අතර ජීවත් වෙන බව අප සිහි තබා ගත යුතුය. සාමකාමී ක්‍රම මගින් තම විරෝධය පළ කළ ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමන් සහ එතුමන්ගේ අනුගාමිකයන්ට මේ මූලධර්මවාදී වහබ් වාදින්ගේ ම්ලේච්ඡ මිනීමරු ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ සිංහල සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධ සමාජය දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි. වහබ්වාදී මූලධර්මවාදයට එරෙහිව අබ්දුල් රවුෆ් මවුලවිතුමා කටයුතු කිරීම නිසා එතුමාට එරෙහිව 1979 දී ෆත්වා (Fatwa)වක් පනවා ඇත. සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව විසින් එය පනවා ඇත්තේ ඒ සභාවේ කාත්තාන්කුඩි ශාඛාවේ යෝජනාවක් අනුව යි. ඊට අනුව අබ්දුල් රවුෆ් මවුලවිතුමා ඉස්ලාම් ආගම හැර ගිය මුරුතද් ( Murutad) වරයෙකි. එපමනක් නොව එතුමාගේ අනුගාමිකයන් වන කාත්තාන්කුඩි නගරයේ වෙසෙන පහළොස් දහසක පිරිස සහ රට පුරා වෙසෙන දහස් ගණනක අනුගාමික ඉස්ලාම් පිරිස ද මුරුතද්වරු ලෙස හංවඩු ගසා තිබේ. සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව විසින් 1979 දී දෙන ලද මේ ඊනියා ආගමික තීන්දුව ට අනුව මේ මුරුතද් වරු සියලු දෙනා ඝාතනය කළ යුතුය. මේ ෆත්වාව මුද්‍රණය කොට රට පුරා බෙදා හැරීමට සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය කටයුතු කර තිබේ. ඔවුන් විසින් මේ ෆත්වාව ක්‍රියාවට නගා ඇති ආකාරය සහ ඒ සඳහා යොදාගත් කාලවකවානුව මීළඟට විමසා බලමු. වසර 30 ක කාලයක් පුරා ඇදී ගිය බෙදුම්වාදී කැරැල්ල මුල් කරගත් යුද්ධය මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාටම සාපයක්ම විය. මේ තත්ත්වය නිසා ඇතැම් අවස්ථාවලදී නැගෙනහිර පළාත රජයේ පාලනයෙන් ගිලිහී කොටි ත්රස්තවාදීන්ගේ පාලනයට නතු වූ අවස්ථා ද තිබිණි. මේ ප්‍රාමාණික වශයෙන් සාම්ප්‍රදායික මුස්ලිම්වරු සංඛ්‍යාත්මකව අඩු වෙමින් වහබ්වාදීන් වැඩි වෙමින් තිබුණු කාලයයි. [ATTACH type="full"]158469[/ATTACH] 1998 දී ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පාරුක් කාදිරී මවුලවි තුමාව ඝාතනය කෙරිණි. ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරමින් සිදුකළ එතුමාගේ ඝාතනය කොටි ත්රස්තවාදීන් විසින් බොර කළ දියේ වහාබ් අන්තවාදීන් විසින් සිදු කළ මාළු බෑම ක් බව ප්‍රදේශවාසී සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ මතයයි. ක්‍රිස්තු වර්ෂ දෙදහස් හතරේදී කාත්තාන්කුඩි ප්‍රදේශයේ වෙසෙන සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට පහරදී ඔවුන්ගේ කඩ සාප්පු සහ ආගමික ස්ථාන කඩා බිඳ දැමීමට ඒ ප්‍රදේශයේ වහබ්වාදිහු ක්‍රියා කළහ. එමෙන්ම 2006 වසරේදී ද කාත්තාන්කුඩි නගරයේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට සහ ඔවුන්ගේ නිවාස සහ කඩසාප්පු වලට නැවතත් පහර දෙන ලදී. ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාව වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර එතුමාට ජීවිතාරක්ෂාව පතා දකුණු ඉන්දියාවේ නාගූර් වෙත පලා යෑමට සිදුවිය. මේ අවස්ථා දෙකේදීම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට තම ආගමික විශ්වාසයන් අතහැර වහබ්වාදය වැලඳගැනීමට බලහත්කාරකම් සිදු කෙරිණි. අබ්දුල්ලා ෆයිල්වාන් තුමා මරුඳමුනේ ප්‍රදේශයේ ජීවත් වූ තවත් සුෆි මුස්ලිම් නායකයෙකි. කාත්තාන්කුඩි නගරයේ ද එතුමාගේ අනුගාමිකයන් ජීවත් විය. තම නායකයාගේ මරණින් පසු එතුමාගේ දේහය කාත්තාන්කුඩි ප්‍රදේශයේ භූමිදානය කර ස්මාරකයක් තැනවීමට ඔවුහු ක්‍රියා කළහ. මෑතකදී පාකිස්ථානයේ, සියල්කොට් හිදී ප්‍රියන්ත දියවඩන නම් සිංහල සහෝදරයාට එල්ල කළ ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එදා ෆයිල්වාන් තුමාගේ මෘතදේහය ට කාතන්කුඩියේ දී වහබ්වාදී මූලධර්මවාදීන් සිදුකර තිබේ. භූමිදානය කර තිබූ මෘත දේහය යලි ගොඩ ගත් අන්තවාදියෝ, එයට මුත්‍රා කර පාර දිගේ ඇදගෙන ගොස්, පහරදී, ඊට ගිනි තබා පසුව අළු මුහුදට විසිකර දැමූ බව කියැවේ. අනතුරුව එතුමාගේ අනුගාමිකයන්ට පහරදී ඔවුන්ගේ කඩසාප්පු සහ ආගමික ස්ථාන විනාශ කිරීමට ද මූලධර්මවාදීහු කටයුතු කළහ.නැගෙනහිර පළාත කොටි ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට පත්ව තිබූ අවධියේ වහාබ් මූල ධර්මවාදීන් කටයුතු කළේ එලෙසිනි. ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාට, ෆයිල්වාන් තුමාට ෆත්වා පනවා එතුමන්ලා සහ එතුමන්ලාගේ අනුගාමිකයන් ඝාතනය කිරීමට ක්‍රියා කළ / උත්සාහ කරන අය ප්‍රියන්ත දියවඩන සොයුරාගේ ඝාතනය ගැන සහ ඔහුගේ දරු පවුල ගැන දුක්වීම හාස්‍යජනක බව පැවසිය යුතුය. [ATTACH type="full"]158471[/ATTACH] ජීවිතාරක්ෂාව පතා දකුණු ඉන්දියාවට පලාගිය ඒ. අබ්දුල් රවුෆ් මවුලවි තුමාට කොළඹට පැමිණ රහසිගතව තම අනුගාමිකයන් හමුවීමට සිදු වූයේ වරක් දෙවරක් නොවේ. තම අනුගාමිකයන්ගේ ජීවිත, කඩ සාප්පු සහ ආගමික සිද්ධස්ථාන විනාශ නොකිරීමට නම් තමා මෙතෙක් දරන ලද මතවාද මිත්‍යාවන් යයි කියැවෙන ප්‍රකාශයක් ෆැක්ස් මඟින් ශ්‍රී ලංකාවට එවීමට එතුමාට බල කෙරිණි. තම අනුගාමිකයන්ගේ ආරක්ෂාව පතා එතුමා එවැන්නක් ඔවුන් වෙත ලබා දී තිබේ. මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය ඇමතිතුමා විසින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි අධිකරණ ඇමතිතුමා ට මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන මෙන් ඉල්ලා ලිපියක් යැවූ බව මෑතකදී ජනමාධ්‍ය වල ප්‍රචාරය විය. ඒ ලිපිය සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවට යවන ලද්දක් නොවුනද ඔවුන් විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබිණි. ඔවුන්ට අනුව අබ්දුල් රවුෆ් මවුලවිතුමා ට සහ එතුමාගේ අනුගාමිකයන්ට එරෙහිව පණවන ලද ෆත්වාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුව දීර්ඝ කාලයකට පෙර විසඳා ගත් එකකි. [ATTACH type="full"]158468[/ATTACH] වාසනාවකට මෙන් 2008 පමණ වන විට නැගෙනහිර පළාත යළි රජයේ හමුදා යටතට පත්විය. එහෙත් අවාසනාවකට මෙන් රජයේ හමුදා විසින් තම බුද්ධි අංශ වලට සම්බන්ධකරගත් මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාම පාහේ වහබ්වාදීන් වූ බව කියැවේ. එබැවින් කොටි ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ බුද්ධි තොරතුරු රජයට නිසි පරිදි ලැබුණත් වහබ් ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන්ට නොලැබී යන්නට ඇතැයි සිතිය හැකිය. වර්තමානයේදී පවා එය එසේද යන්න සොයා බැලිය යුතුය. එබැවින් කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති සහ අගමැති තනතුරු දරන මේ රජයෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු. රජයේ බුද්ධි අංශ වලට සම්බන්ධව සිටින මුස්ලිම් ජන වර්ගයට අයත් සියලු දෙනා වහබ්වාදීන් නම් සහරාන් ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු නිසි කලට නිසි අයුරින් ආරක්ෂක අංශ වලට වාර්තා වූයේ ද යන්න ද සොයා බැලිය යුතුය. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ විමර්ශන නිසි අයුරින් සිදු වෙනවාද යන්න සොයා බැලීම ද කාලීන අවශ්‍යතාවකි. නැගෙනහිර පළාත තුළ රජයේ පාලනය ස්ථාපිත කළ පසු ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමා නැවත ලංකාවට පැමිණියේ ය. එතුමාට ඒ සඳහා ආරාධනා කරන ලද්දේ ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ඇතුළු දේශපාලන අධිකාරිය විසින් යැයි කියැවේ. ඊට හේතු වූයේ පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වූ දේශපාලකයින්ට කාත්තන්කුඩියේ වෙසෙන 10,000 කට වැඩි සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් ඡන්ද දායකයින්ගේ මනාපය ලබා ගැනීමයි. එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී පනවන ලද ෆත්වාව ජමියතුල් උලමා සභාව විසින් මේ වන තෙක් ඉල්ලා අස් කරගෙන නැත. පාස්කු ප්‍රහාරයෙන් පසු උලමා සභාව විසින් එය ඉල්ලා අස් කර ගත් බව කියැවෙන වැරදි තොරතුරක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ලදැයි කියැවේ. එහි සභාපති වරයා වන රිස්වි මුෆ්ති මවුලවිතුමා කාත්තන්කුඩිය ට පැමිණි අවස්ථාවකදී එය ඉල්ලා අස්කරගෙන නැති බව ප්‍රකාශ කර තිබේ (ඒ බව සඳහන් වන වීඩියෝවක් පහත දක්වා ඇත). වසර දහස් ගණනක් ශ්‍රී ලංකාවේ අප සමඟ එකට වාසය කරන සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාට ෆත්වා මගින් මරණ දඬුවම පැනවීමට බලයක් මෑතකදී සිට සෞදි අරාබියේ මුදල් ආධාර මත මෙරට ප්‍රචලිත වන ඉස්ලාම් නිකායක් වන වහබ්වාදීන්ට ලබාදී ඇත්තේ කවුරුන් විසින් දැයි අපට දැන ගැනීමට අවශ්‍ය වී තිබේ. මහත්වරුනි! නෝනාවරුනි! ලබ්බට තැබූ අත පුහුලටත් තබන බව අපි නොදන්නවා නොවේ. වෙනත් ආකාරයකින් කියනවා නම් මුරුතද්වරුන්ට තැබූ අත කාෆිර්වරුන් වන අපටත් තබන බව අපි දනිමු. මූලධර්මවාදීන් විසින් ෆාරුක් කාදිරී තුමාට දුන් දඬුවම, අබ්දුල්ලා ෆයිල්වාන් තුමාගේ මෘත ශරීරයට දුන් දඬුවම, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි තුමාට දීමට නොහැකි වූ දඬුවම, පාස්කු ප්‍රහාරයේ දී අහිංසක සිංහල සහ දෙමළ කිතුණු ජනතාවට ලබා නොදුන්නේ ද? මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කරමින් ඔවුන් ලබා දුන් පණිවිඩය අපි මැනවින් තේරුම් ගනිමු. ඒ පිළිබඳව හෝ ආරක්ෂක අංශවලට සාක්ෂි ලබාදුන් තරුණයාගේ ඔළුවට වෙඩි තබා අන්තවාදීන් ලබා දුන් පණිවිඩය අපි නිවැරදිව තේරුම් ගනිමු. රට පුරා තැනින් තැන අවි ගබඩා පවත්වාගෙන යෑමට කටයුතු කිරීමෙන් ඔවුන් ලබාදෙන පණිවිඩය කුමක්දැයි වටහා ගැනීමට ඔබට අසීරු නොවනු ඇත. cntd... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom