ජාතිවාදී ගැටුම් පිටුපස ඉන්නේ ගෝඨා' - මංගල

Details Created On Wednesday, 25 June 2014 03:25 Category: සාමාන්‍ය
''සියලු ජාතිවාදී ගැටුම් පිටුපස සිටින්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිස අන් කිසිවෙකු නොවේ'' යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (24 ) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු එබව සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තුවේදීත්, පසුගිය මාධ්‍ය සාකච්ඡාවලිදීත් පැහැදිලි කළ පරිදි ම බොදුබල සේනා ත්‍රස්ත සංවිධානයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධයක් පවතින බවත්, එහි රහස් ගිණුමකින් එම ත්‍රස්ත සංවිධානයට මුදල් ලැබෙන බවත් සමරවීර මහතා පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදී අලුත්ගම ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් දීර්ග ලෙස කරුණු දැක්වූ සමරවීර මන්ත්‍රීවරයා, තමා පාර්ලිමේන්තුවේදී මෙම රහස් ගිණුම් සම්බන්ධයෙන් කළ හෙළිදරව්වෙන් සති කිහිපයකට පසු ගාල්ල ප්‍රදේශයේ මේ බොදුබල ත්රස්තයින්ගේ කාර්යාලයක් විවෘත කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ වූ බව රටටම හෙළිදරව් වූ බවත්, ඉන් අනතුරුව මේ පිරිසට දිගින් දිගටම වසර 02ක් තිස්සේ ඔවුන් විසින් ධර්මය වෙනුවට වෛරය වපුරනු ලැබූ බවද සදහන් කර සිටියේය.
ස්වාධින පරීක්ෂණයක් අවශ්‍යයි :
මෙම මාධ්‍ය හමුවේදී සමරවීර මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
'' එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය සිද්ධිය වූ අලුත්ගම ධර්ගා නගරයේ පසුගියදා සංචාරය කරනු ලැබූවා. එහිදී අපට දැනගන්නට ලැබුනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පහර දීම් සිදුකළ බවට. සිංහල ළමුන්ට ඉංග්‍රීසි උගන්වන මුස්ලිම් ජාතික ගුරුවරියගේ ගෙයකට මේ ත්‍රස්තයින් ගිනි තබා තිබෙනවා. සිංහල කම්කවරුවන් 30කට ආසන්න පිරිසකට රැකියා සපයාදුන් ඇගලුම් කර්මාන්ත ශාලාවකට ගිනිතබා විනාශ කරනු ලැබූවා.
එසේම පැරණි ගෘහ භාණ්ඩ සහිත නිවසකට මෙම ත්‍රස්තයින් විසින් ගිනි තබා ඇත්තේ නිවසේ තිබුනු කැටයම් සහිත ගෘහ භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුවයි. එසේම පොලීසි හා එස්ටීඑෆ් එක වෙඩි තබා කදුළු ගෑස් ගසනු ලැබූවේ පැමිණ ත්‍රස්ත ක්‍රියාවන් කළ පුද්ගලයන්ට නොව ඒ ගමේ වාසය කළ පිරිසගෙන් ත්රස්තයන් ආරක්ෂා කරගැනීමට....
ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ සදහා මිය ගිය තරුණයන්ගේ මළ මිනී නැවත වතාවක් ගොඩගෙන පරීක්ෂණ කළයුතුයි...
එමෙන්ම වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයන්ගේ අධිකරණ වෛද්‍යවාර්තා වල ඒ පිහි ඇනුම් ලෙස වෙනස් කිරීම දක්වා තත්වය දරුනු වී ඇති බවත් එම චෝදනාව අධිකරණ ඇමැතිවරයා විසින්ම සිදු කරණ බවද ඔහු පෙන්වා දුන්නේය.
නොලිමිට්ස් ගින්න :
එසේම වැඩිදුරටත් කරුණු දැක්වූ සමරවීර මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ පසුගියදා ගිනි තැබූ පානදුර නොලිමිට්ස් ආයතනයට ගිනි තබා තැබීම සම්බන්ධයෙන් යාබද ආයතනයක තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්ව තිබූ තොරතුරු අනුව මෙම ආයතනයට ගිනි තැබීමට පැමිණි පිරිස ආරක්ෂ අංශය සම්බන්ධ කළු බූට් සපත්තු දාගත් පිරිසක් බවට හදුනාගෙන ඇතැයිද ඔවුන් විසින් මෙම ආයතනය තුළට ගොස් ගිනිතබා මේ විනාශය සිදුකළ බවටත් තොරතුරු අනාවරණ කළේය. (මෙහිදී එම කැමරා දර්ශන වල උපුටා ගත් ඡායාරුපයක් ඔහු මාධ්‍යවේදීන්ට පෙන්වීය.)
මේ ආයතනයට ගිනි තැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ප්රකාශයන්හි දැක්වූයේ එය අත්වැරදීමක් විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් බවයි.
එහෙත් එම ආයතනය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථ වලට ගිනිතැබීමෙන් එවැනි විදුලිකාන්දුවකින් විනාශ නොවන සීමාවෙන් ඔබ්බට මේ ගින්දර ගමන් කොට ඇති බවද සමරවීර මහතා සදහන් කර සිටියේය.
අත්අඩංගුවට ගත් 13දෙනා නිදහස් කලේ කව්ද ?
15 වන දින ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලීසිය නොවන බවත්, පොලීසිය මේ වන විට අක්‍රීය වී ඇති බවත් සදහන් කළ සමරවීර මන්ත්‍රීවරයා පවසා සිටියේ මේ සදහා මූලිකව වගකිව යුත්තේ ආරක්ෂ අමාත්‍යංශය බවයි. ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලීසියට අදාළ දිනයේදී සම්පූර්ණ මැදිහත්වීමක් නොකරන ලෙස දන්වා තිබූ බවත් ඔහු සඳහන් කළේය.
'' සිදුවීමෙන් අනතරුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මෙම පිරිසද නිදහස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලීසියට බලපෑම් සිදුකොට ඔවුන් නිදහස් කරනු ලැබූවා. ඉන් නොනැවතී ඊට එරෙහිවූ කළුතර නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන් මහතාද අලුත්ගම, බේරුවල පොලිස් බල ප්‍රදේශවලින් ඉවත් කළා..
මේ බලපෑම් කාගෙද ? මේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ බලපෑම් නොවේ. නමුත් ඇමරිකානු පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්ෂ හා ඔවුන්ගේ ගෝලබාලයන් විසින් තමයි මේ බලපෑම් සිදුකරනු ලබන්නේ. මේ සිදුවීම් සම්බන්ධනේ කරුණු හෙළි කළ යුත්තේ මේ පුහු වීරයින් අමරිකානු ලන්කට් එක ලංකාවේ ජාතික කොඩියෙන් වසාගෙන සිටින්නන්වීම නිසා' බව ද ඔහු සදහන් කර සිටියේය.
එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කළේ මේ ජාතිවාදී සංවිධාන මෙහෙය වන්නේ ආරක්ෂ අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රවිතාන, මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සැලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ඨ යන තිදෙනා විසින් බව මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
මොවුන් තිදෙනා ඉදිරියේ පොලිස්පතිවරයා අසරණවී ඇති බවද ඔහු සදහන් කර සිටියේය.
ඉන්ද්‍රන් කියන පොලිස් නිලධාරියාගේ අණ අනුව අත්අඩංගුවට ගත් 13 දෙනා නිදහස් කරන ලෙස මේ ඉහත තිදෙනාගේ බලපෑම් එල්ල කරනු ලැබූවා. එහෙත් ඉන්ද්‍රන් එය කළ නොහැකි බව සදහන් කර සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.
එසේම පසුගිය 16 වන දා බේරුවලදී අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් අලුත්ගම - බේරුවල ගැටුම සම්බන්ධයෙන් පැවැති රැස්වීමට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාද සම්බන්ධව සිටි බවත්, එම රැස්වීමට මෙම ගැටුමේ ප්‍රධාන සැකකරු වන ඥානසාර නැමැති චීවරධාරියාට ද ආරාධනා කර තිබු බවත් අත්අඩංගුවට ගත් 13 දෙනා නිදහස් කරන ලෙසත් නැතහොත් මරාගෙන මැරෙන බවට ඥානසාර හිමි කාලගෝට්ටියක් ඇති කළ බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
මේ අවස්ථාවේ අත්අඩංගුවට ගත් 13 දෙනා නිදහස් කරන ලෙස නැවත වතාවක් ඉල්ලීම් කරනු ලැබූ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් එය ප්‍රතික්ෂේප කළ පසුව, ඔහුගේ විරෝධතාවයන් නොසලකා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ගාමිණී නවරත්න නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කිරීමට පියවර ගත් බවත් මන්ත්‍රීවරයා පැවසිය.
ඒ අනුව මේ සිදුවීම් පිටුපස වන ක්රියාදාමයද පැහැදිලි බව ඔහු සදහන් කර සිටියේය.
මුස්ලිම් අන්තවාදයක් නැහැ :
ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නොමැති බවයි.
රටේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශය විසින් නිවැරදි ලෙස කටයුතු නොකරන්නේ නම්, එය හෙළිදරව් කිරීම ජාතික වගකීමක් බවත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
http://sinhala.lankanewsweb.net/news/12810-2014-06-25-03-25-32#