Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක් කතා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක් කතා කරය&#3538

බදාදා දෙහිඅත්තකණ්ඩියෙ පොළ දවස. මහවැලි සී කලාපෙ බොහෝ පිරිසක් එකතු වෙන නගරය එදාට හරිම කාර්ය බහුලයි. නගරය අවට පාසල්වල ගුරුභවතුන් බොහෝ දෙනෙක් පොළට එන්නේ පාසල ඇරුනායින් පසුව. පසුගිය මාසෙ හවස් වරුවෙ සිය ගණනක් සෙනඟ අතරේ තරුණ ගුරු මහත්මීන් දෙපළක් මැදිවියේ වූ කාන්තාවකට පොළ මැද දී දණගසා වඳින දසුන බොහෝ පිරිසකගේ කුතුහලයට හේතුවක් වුණා. මා අසල සිටි එළවළු වෙළෙන්දෙක් කුතුහලය දැනගෙන දොa කාරණය පැහැදිලි කළා. "ඔය නෝනා දොළකන්දෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නපු ටීචර්. දැන් පැන්ෂන් ගිහිං. ඒත් තවම දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා. ගුරුවරුන්ටත් ඉංග්‍රීසි දෙමළ උගන්වනවා. හරිම ගුණ යහපත් කෙනෙක්."

වෙළෙන්දා නැවතත් එළවළු මිල ගණන් කියමින් කෑ ගසන්නට වුණා. විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුතුමිය අසලින් ගුරු මහත්මීන් දෙදෙනා ඉවත්වන තුරු මා බලා සිටියා. උපැස් යුවළින් කඳුළු සඟවා ගත් ඇය පොළේ සෙනඟ අතර නොපෙනී ගියා. තුවාරගල ඉස්කෝලෙ හිටපු විදුහල්පති පුබුදු සම්පත් සමඟ එදිනම හවස අරලගංවිලට යන අතරතුර මෙම සිදුවීම ඔහුට කීවේ එය මගේ හිතේ පැලපදියම් වුණ නිසා. ඇත්තෙන්ම මා පසුවූයේ එම ගුරුතුමිය ගැන තවත් තොරතුරු බිඳක් හෝ සොයා ගැනීමේ නොතිත් ආසාවෙන්. ඒ නිසාමදොa අරලගංවිල පාරේ දොළකන්ද පසුකර කදිරපුර හන්දියෙන් දකුණට හැරවූ පුබුදුගේ යතුරුපැදිය කොන්ක්‍රීට් පාරක් දිගේ කිලෝමීටරයක් පමණ ගොස් කදිරපුර වෙල් යාය ඉස්මත්තේ වූ මහවැලි නිල නිවාසයක් අසල නතර කළා. "මේ තමයි ජසින්තා මැඩම්ගෙ ගෙදර. ඔයාට පත්තරේට ලියන්න තරම් වටින දේවල් එතුමිය සතුව තිබෙනවා. මමත් එතුමියගෙ ගෝලයෙක්."

"හලෝ....... පුබුදු ගුඩ් ඊවිනින් යාළුවෙකුත් එක්ක. එන්න ඇතුළට" ඉතාම ආචාරශීලීව අපිව පිළිගත් ඇය අපට අසුන් ගන්නට ඇරයුම් කළා. ආගිය තොරතුරු විමසන අතරේ පුබුදු ඒ ගුරුතුමියට අප පැමිණි කාරණය කීවා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකම චතුර ලෙස හැසිරවිය හැකි ඇය දිගු සුසුමක් හෙළා මොහොතක් නිහඬව අප දෙස බලා සිටියා. තවත් මොහොතකින් දෙනෙතින් කඩා වැටුණු කඳුළුවලට බාධාවක් නොකර ඔහේ ගලා යන්නට ඉඩ හැරියා. ඒ කඳුළු සමඟ ගලා ගියේ ඇගේ ජීවිත කතාවයි.

"මම සහෝදර සහෝදරියො හත්දෙනකුගෙ පවුලක පස්වැනියා. අයියලා තුන්දෙනයි, අක්කයි, මමයි, මල්ලිලා දෙන්නයි. අපේ අප්පා ඒ දවස්වල ගමේ ආරච්චි. එයා රාමනාදන්. අපි පුංචි කාලෙම තාත්තා අසනීප වෙලා නැති වුණා. අපි එතකොට හිටියෙ මඩකලපුවෙ පිල්ලුමලේ අපේ ගමේ. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු හතයි. අපි ඒ කාලෙ පොහොසත් මිනිස්සු. හරක් තුන්හාරසීයක් හිටියා. කුඹුරු ඉඩම් තිබුණා. ලොකු අයියා ගෙදර තාත්තගෙ වගකීම කරට අරගෙන ගෙදර වැඩ කළා. අම්මා අපිව දිගටම ඉස්කෝලෙ යෑව්වා. මම මුලින්ම ගියේ පිල්ලුමලේ ප්‍රාථමිකයට. ඊට පස්සෙ කල්මුනේ කොන්වන්ට් එකට ගියා. අපි ටික ටික ලොකු පන්තිවලට යනකොට මුදල් ප්‍රශ්න ආවා. අම්මා අපිව කන්‍යාරාමවල නතර කරල ඉගැන්නුවා. උසස් පෙළ කරලා අක්කා බැන්දා. මම උසස් පෙළ කරල පෞද්ගලික රෝහලක නර්ස් කෙනෙක් විදිහට වැඩ කළා. කාලයක් එහෙම රස්සාව කරගෙන යනකොට 1979 දී මට ගුරු පත්වීමක් ලැබුණා අම්පාරේ දෙමළ විද්‍යාලයට. ළමයි 300 ක් විතර ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා. මම ඒ අයට ඉංග්‍රීසි ඉගැන්නුවා. අම්පාරේ වැඩි පිරිසක් හිටියේ සිංහල අය. ඒ හැමෝම වගේ අපිත් එක්ක හිතවත්. අම්පාරෙ තිබුණ ප්‍රධාන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානෙ භාරව හිටිය ධර්මන් මම අඳුරගත්තෙ ඔය කාලේ. එයාගෙ අයියා වෛද්‍ය නඩරාජා. අයියගෙ වෛද්‍ය මධ්‍යස්ථානෙ භාරව තමයි එයා හිටියෙ. කොහොම හරි මේ හිතවත්කම ආදරයකට පෙරළිලා ගෙවල් දෙකේම අයගේ ආශිර්වාදය ඇතුව අපි 1982 මැයි මාසෙ 24 වැනිදා විවාහ වුණා. 1983 අවුරුද්දෙ මම ගුරු පුහුණුවට පලාලි ගුරු විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ දවස්වල රටේ උතුර - නැගෙනහිර තැන් තැන්වල පුංචි පුංචි ගැටුම් තිබුණා. 1984 අවුරුද්දේ මගේ ජීවිතේ කනගාටුදායකම අවස්ථාවක් උදා වුණා. අපි පලාලි ගුවන් තොටුපළ බෝඩිමක හිටියෙ. අගෝස්තු නිවාඩු මාසෙ එක්ග්සෑම් වලට කට්ටියක් එකතුවෙලා පාඩම් කළා. එකපාරට මහා හඬින් බෝම්බයක් පිපිරුණා. මම හොඳටම බයවෙලා කලන්තෙ හැදිල වැටුණා. මට මතක එච්චරයි. සිහිය එනකොට මම රෝහලේ. මාස 06 ක බඩේ හිටිය දරු පැටියා ඇබෝෂන් වෙලා. මට හිත හදාගන්න කියල යාපනේ හොස්පිටල් එකේ ඩොක්ටර්ලා කිව්වා. මම හිතේ දුක තුනීවෙනකන් කෑ ගහල ඇඬුවා. නිවාඩු මාසෙ හොස්පිටල් එකේ ඉඳලා සනීප වෙලා මම ටේ්රනින් කොලේඡ් එකට ගියා. ටේ්රනින් කාලෙ අවසානේ අම්මා අසනීප වෙලා නැති වුණා. අම්මාගේ නැතිවීම මට දරාගන්න බැරි තවත් වේදනාවක් ගෙනාවා. එහෙම කියූ ජසින්තා ගුරුතුමී කල්පනාකාරී දෙනෙත් තවත් ඈතට ගෙන ගියා. මවගේ වියෝවීමේ මතකය අදටත් ඇය පෙළන බව අපට වැටහුණා. නමුත් ඇය නැවතත් අතීතයේ මතකය අප හමුවේ තැබුවා.

"කොලේඡ් අවුට් වෙලා මම ආපසු අම්පාර දෙමළ ඉස්කෝලෙට ගිහිං වැඩ භාර ගත්තා. 1985 අගෝස්තු මාසෙ දෙවැනිදා මට තවත් අඳුරු දවසක්. අපේ පවුලෙ බාලම මල්ලිට කොටි පිස්තෝලකාරයො වෙඩි තියල මරල දාලා. එයා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කළේ. මඩකලපුවේ ඉඳන් කොළඹ යන රාත්‍රි කෝච්චියේදී තමයි එයාව මරලා තියෙන්නේ. ඒ මරණය මට තවමත් දරාගන්න බැහැ. මල්ලි නැති උනාට පස්සේ අපි හරිම බයෙන් ජීවත් උනේ. මගෙ ලොකු මල්ලි 1986 අවුරුද්දෙ මාර්තුවල චෙන්කල්අඩිවලදී වෙඩි තියල මැරුවා. කොටින්ට විරුද්ධ උනා කියල මේ අපරාධය කරල තියෙන්නේ. ලොකු මල්ලිගෙ මරණයට විරුද්ධව අපේ ලොකු අයියා කතා කරල තිබුණා. මම ඒ වෙනකොට මාස 08 ක ගැබිනි මවක්. දොස්තර මහත්තුරු කිව්වා මගේ දරුවා අවදානම් තත්ත්වයක ඉන්නේ හිත සන්සුන් කරගන්න කියලා. දවස් කීපයකින් අපේ ගෙදරට ඇවිත් ලොකු අයියටත් ත්‍රස්තවාදියො වෙඩි තිබ්බා. ඒ අයියා ඔවුන්ට විරුද්ධව හඬ නගපු නිසා.

අයියට වෙඩි තිබ්බ එක අපිට හැම දේකට වඩා ලොකු වේදනාවක්. ඒ වෙනකෙට අපේ එකම හයිය වුණේ අයිය. මේ සිද්ධියත් එක්ක මම ආයෙත් අසනීප වුණා. හොස්පිටල් ඇඩ්මිට් උනාට පස්සෙ ඩොක්ටර්ලා කිව්වේ "අම්මේ හිත හදාගන්න ඔයාගෙ දරුවා කම්පනයට නැතිවෙලා ඉන්නේ" කියලා. ඒ අය මාව සනසවන්න ගොඩක් මහන්සි වුණා. දරුවා බිහිවුණේ මළ දරුවෙක් විදිහට. ඒ වෙලාවෙ මම ගොඩක් වේදනා වින්දා. මම දෙවියන් වහන්සේට කිව්වා ඇයි මාව මේ විදිහට පීඩාවට පත් කරන්නෙ කියලා. ඇත්තම කිව්වොත් පිස්සුවෙන් වගේ ඇඬුවා. මගේ වේදනාව දැනුන නර්ස්ලාගෙත් ඇස්වල කඳුළු පිරිල තිබුණ විදිය අදටත් මට මතකයි. ඒ අය සිංහල උදවිය. නමුත් මට සැලකුවෙ සහෝදරියකට වගේ. එදා තිබුණු ජාතිවාදී ප්‍රශ්නත් එක්ක ඒ අය මට එහෙම ආදරය කරන එකත් මට දරාගන්න බැරි වුණා. ලොකු අයියගෙ මරණය වෙනකම්ම අපි කොටින්ට කප්පම් ගෙවමින් ජීවත් වුණේ. ඒත් එයා මරල දැම්මට පස්සේ අපි කප්පම් ගෙවන එක නතර කළා. අපි ගම අතහැරල අම්පාරෙ ස්ථිර පදිංචියට ආවෙ ඒ සිද්ධියත් එක්ක. පවුලට කොටින්ගෙන් ලොකු අනතුරක් වෙයි කියලා දැනුන නිසා. අනික එහෙ මහත්තයගෙ අයියා හිටිය නිසා අපිට ලොකු හයියක් වුණා.

අම්පාරේ සිංහල මිනිස්සු අපිත් එක්ක ජීවත් වුණේ අපේ නෑදැයො සහෝරදයො වගේ. ඔහොම ඉන්නකොට තමයි අපි කවුරුත් බලාපොරොත්තු නොවූ විනාශයක් සිද්ධ වුණේ. ඒ 1990 අවුරුද්දෙ ජුනි මාසේ 11 වැනිදා. අම්පාරෙ කලබලයක් ඇති වුණා. එතනදී නපුරු සිංහල මිනිස්සු කීපදෙනෙක් මහත්තයාගේ අයියගෙ µdමසිය පැය භාගයක් ඇතුළත ගිනි තියල විනාශ කළා. නැඟෙනහිර පළාතෙම ලෙඩ්ඩු බෙහෙත් ගත්ත ඩිස්පෙන්සරිය විනාශ කළා. ඒ කාලේ හැටියට ඒක ලක්ෂ 85 ක විතර පාඩුවක්. ස්කෑන්, එක්ස්රේ යන්ත්‍ර, ඊ.සී.ජී. තිබුණෙ අපේ ළඟ විතරයි. ඒ සේරම විනාඩි කීපයකින් අළුවෙලා ගියා. ඊට පස්සෙ ඒ අය අපිව මරන්න හෙව්වා. අපි හැංගුණා. අපිව බේරගත්තෙ සිල්වා කියල ලෝයර් කෙනෙක්. එයා අපිව එයාලගෙ ගෙදර එක්ක ගියා. එහෙම යනකොට එයා කිව්ව ඩර්වන් වටිනා දේවල් ගන්න කියලා. මම රත්තරන් බඩු ටිකක් ගත්තා. පවුම් දහයක විතර රත්තරන් බඩු අල්මාරියෙ තියෙද්දී සිල්වා මහත්තයා හදිසි කරන නිසා එයාගෙ වාහනයට නැගල ගේට්ටුවෙන් එළියට බහිනකොටම ආයුධ ගත්ත මිනිස්සු අපේ ගෙදර වත්තට පනිනවා දැක්කා. අපි සිල්වා මහත්තයගෙ ගෙදර හිටියේ පණ බයේ. මහත්තයාගෙ අයියා එයාගෙ නෝනයි දරුවො දෙන්නයි කොළඹ යවල තිබුණේ. මහත්තයගෙ අයියාව නීතිඥ සුනිල් දිසානායක මහත්තයා හංගාගෙන හිටියා. දවස් දෙකකට පස්සේ යනකොට මුළු ගෙදරම අළුවෙලා. අවුරුදු ගණනක් ජීවිතේ හම්බ කරපු සේසතම ඉවරයි. අපිට ඇඳගෙන හිටිය ඇඳුම විතරක් ඉතුරු වුණා. කොටින්ගෙන් බේරෙන්න සිංහල මිනිස්සු අතරට ආව අපිට දුෂ්ට කීපදෙනෙක් මේ අපරාධය කළා. නමුත් අපේ ජීවිත රැකගත්තෙ දෙවිවරු වගේ හිටිය තවත් සිංහල මිනිස්සු ටිකක්. ඒක කවදාවත් අමතක කරන්න බෑ. මගේ දෙවැනි අයියා ගුරුවරයෙක්. එයා පදිංචි වෙලා හිටියෙ කොළඹ. එයා අපිට එහෙ එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. එහෙම යන්න කලින් මගේ තුන්වැනි අයියට මොනවද උනේ කියලා හෙව්වා. එයාත් එයාගෙ අවුරුදු 11 පුතත් ආගිය අතක් නෑ. එයාගෙ නෝනයි අනිත් දරුවයි කල්මුණේ නෝනගෙ ගමේ ගිහිං හිටියෙ. අපි හැම තැනම අයියා හෙව්වා. ඊට දවස් දෙකකට විතර පස්සෙ අයියගෙයි පුතාගෙයි මිනී හම්බ උනා. එයාලට අර මිනිස්සු ගහල මරල. මේ වේදනාව දරාගන්න බැරුව ඊට දවස් කීපයකට පස්සෙ අපි කොළඹට ආවා.

කොළඹ ආවෙ නඩරාජා ඩොක්ටර්ගෙ යාළුවෙක් මාර්ගයෙන්. මේ කරදර නිසා නඩරාජා ඩොක්ටර්ගෙ පවුලේ අයට ලන්ඩන් යන්න වීසා ලැබුණා. දෙවැනි අයියා විශ්‍රාම අරගෙන දරුවො එක්ක ඉන්දියාවට ගියා. මම මහත්තයා එක්ක අවතැන් කඳවුරක නතර වුණා. මගේ අක්කා විවාහ වෙලා හිටියෙ මඩකලපුවෙ. එයා එහෙ එන්න කිව්වාට කොටින්ට බය නිසා අපි එහෙ ගියෙත් නෑ. අවතැන් කඳවුරේ ඉඳන් මම රාජගිරියෙ කතෝලික ඉස්කෝලෙ උගන්වන්න ගියා. ඒ වෙනකොට මට එකම සාරියයි තිබුණේ. නමුත් ප්‍රින්සිපල් හිටියෙ මුදියන්සෙ කියල මැඩම් කෙනෙක්. මට අඳින්න අරන් දුන්නේ ඒ මැඩම්. මට මාසෙටම හම්බ වුණේ රුපියල් 1000 යි. මගෙ මහත්තයට රස්සාවක් තිබුණෙත් නැහැ. අපි හරිම අමාරුවෙන් ජීවත් වුණේ. අපිට ජීවත්වෙන්න උදව් කළේ මුදියන්සෙ මැඩම්. අපි කනවද නැද්ද කියල පවා එයා හොයල බැලුවා. 1991 අවුරුද්දෙ අපි ආපසු අම්පාරට ආවෙ රුපියල් 1000 පඩියට කොළඹ ඉන්න අමාරු නිසා. ඒ ඇවිත් අපි කෙළින්ම ගියේ පී. දයාරත්න ඇමැතිතුමා හම්බවෙන්න. දයාරත්න ඇමැතිතුමා අපේ පවුලේ අය එක්ක සමීප හිතවතෙක්. එතුමා කිව්වා ඔයාල තව කාලයක් ජීවත් වෙන්න ඕනෑ. ඒ නිසා මාරුවීම හදාගෙන දෙහිඅත්තකණ්ඩියට යන්න කියලා.

අපි දෙහිඅත්තකණ්ඩියට ආවෙ 1992 ජනවාරි මාසෙ. මාසෙ පළමුවැනිදාම බක්මීදෙනිය ඉස්කෝලෙ වැඩ භාර ගත්තා. ඒ වෙනකොට දෙහිඅත්තකණ්ඩිය මේ තරම් දියුණු නැහැ. දූවිලිවලින් පිරිලා. අපි දෙන්නට නවතින්න නිල නිවසක්වත් තිබුණේ නෑ. අපි නතරවෙලා හිටියේ ඉස්කෝලෙ අතහැර දමා තිබුණ කුඩා කාමරයක. අවුරුදු දෙකක් ඒ පුංචි කාමරේ හිරවෙලා ඉස්කෝලෙ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. මගේ ජීවිතෙට තිබුණ එකම සැනසීම දරුවොයි ගුරුවරුයි මට ආදරය කළ එක. විදුහල්පතිතුමාත් එයාට දෙන්න පුළුවන් උපරිම උදව් ලබා දුන්නා.

මම දෙමළ. ආගම රෝමානු කතෝලික. සිංහල බෞද්ධ දරුවන්ට මම ඉංග්‍රීසි උගන්වනවා. දරුවො ඉස්කෝලෙ ඇරිල ඇවිත් දණ ගහල කකුල් දෙක අල්ලලා මට වඳිනවා. මට ඒක දරාගන්න බැහැ. මොකද මට කවුරුවත් ඊට කලින් එහෙම ගෞරව කරල නැහැ. දෙමළ කතෝලික ඉස්කෝලවල මේ වගේ අත්දැකීම් ලැබුවෙත් නැහැ. රාජගිරියෙ ඉස්කෝලෙ දෙමළ එකක්නෙ. ඒකෙ ප්‍රින්සිපල් මැඩම්ගෙ මහත්තයා සිංහල නිසා තමයි එයාට මුදියන්සේ සර්ගෙ නම ලැබුණෙ.

දෙහිඅත්තකණ්ඩියේ දොළකන්ද මහාවිද්‍යාලයට මට මාරුවීමක් ලැබුණේ ඔය අතරෙදි. එහේදී අපිට හොඳ නිල නිවසක් ලැබුණා. ඉස්කෝලෙ විදුහල්පති ධනපාල සර්. එයාත් ගුරු මණ්ඩලයත් මිනිස්කම පිරී ඉතිරී යන උදවිය. අදටත් මට ඒ අය මතක් වෙනකොට ලොකු ගෞරවයක් දැනෙනවා. දොළකන්දෙ දහසකට ආසන්න සිංහල බෞද්ධ දරුවන්ට මම දෙමළ ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ අතර මගේ දක්ෂතා බලලා කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමා මාව ගුරුවරුන්ට ඉංග්‍රීසි දෙමළ උගන්වන්න බඳවා ගත්තා. ඇලික් පාඨමාලාව මම මෑතක් වන තුරු මෙහෙය වූවා. මගේ සහෝදර සහෝදරියො නැති වෙලා පාලුවෙන් වේදනාවෙන් සිටිය මගේ දුක තුනී වුණේ දොළකන්දෙ ගුරුවරු සහ දරු පැටව් නිසා. මගේ ගෝලයෝ රජයේ රැකියා කරන අය ඉන්නවා. සමහර අය අද ව්‍යාපාරිකයෝ. ඒ හැම කෙනෙක්ම කොහේදි හරි මාව දැක්කත් දණ ගහල වඳිනවා. මම 1998 අවුරුද්දෙ ඔක්තෝබර් 10 වැනිදා විශ්‍රාම ගත්තා. මගේ විශ්‍රාම උත්සවය ඉතාම ඉහළින් කරන්න විදුහල්පතිතුමා කටයුතු කළා. නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමා ඇතුළුව නිලධාරීන් විශාල පිරිසක් උත්සවයට ආවා. එදා උත්සවයේදී ළමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කළා. ළමයි හැමෝම ඇඬුවා. ගුරුවරුත් ඇඩුවා. මටත් කතාවක් දුන්නා. මම වචන තුනයි කතා කළේ. මම ජාතියෙන් වෙනස්, ආගමෙන් වෙනස්. නමුත් මහවැලි සී කලාපෙ සිංහල බෞද්ධ දූ දරුවො දෙමවුපියො ගුරුවරු නිලධාරීන් මම දෙමළ කියල වෙනසක් කළේ නැහැ. ආදරෙන් මට සැලකුවා කියලා මම එදා කතාවේදි කිව්වා. මේ කතාව අහන් හිටිය ආණ්ඩුකාරතුමා තමයි මට මහවැලියෙ නිල නිවසක් දීලා සී කලාපය අතහැර නොයා තවදුරටත් දරුවන්ට උගන්වන්න කියලා ඉල්ලීමක් කළේ. ඒ කිව්වත් වගේම මහවැලියෙ ඩී. ආර්. පී. එම්. වෙලා හිටපු ඉන්ද්‍රසේකර ද සිල්වා මහත්තයා අපිට නිල නිවසක් දුන්නා. එයා මිනිස්කම පිරී ඉතිරී ගිය කෙනෙක්. මේ හැමෝගේම ආශිර්වාදයෙන් 1999 ඉඳන් අපි මේ නිල නිවසෙ ජීවත් වෙනවා. ඒත් මෑතකදී ආරංචි වුණා කදිරපුර ඉස්කෝලෙට මේ නිවස පවරල දීලා තියෙනවා කියලා. මම දැනටත් 5 ශ්‍රේණියේ දරුවන්ගේ සිට ගුරුවරු දක්වා අයට දෙමළ, ඉංග්‍රීසි උගන්වන්නෙ මේ නිල නිවසේ ඉඳන්. දැන් ළඟකදී ඉඳන් මේ නිවසෙ විදුලිය කපලා. හැම දුක් පිරිපත දරා මේ පළාතෙ දරුවන් එක්ක හිටිය මට දැන් මෙහෙන් යන්න වෙලා.

ඇය ඒ වදන් පෙළ ගැට ගැසුවේ දැඩි ආයාසයකින්. මුළු ජීවිත කාලයේම විඳි වේදනාවට වඩා ගැඹුරු වේදනාවක් දැන් ඇය පෙළමින් හිඳී. කුප්පි ලාම්පු එළියෙන් ආලෝකවත් වුණු ජසින්තා ගුරුතුමියගෙ මුහුණේ ඉරියව්වලින් ඒ බව හොඳ හැටි කියාපායි.

අපි ඔබෙන් මෙසේ අසමු. ජාති භේද නොතකමින් අනේක විධ අභියෝග මැද දූ දරුවන් දහස් ගණනකගේ ජීවිතය ආලෝකවත් කළ මේ ගුරු මාතාවගේ සැඳෑසමය අඳුරේ තැබීමට ඉඩ හරිමුද?

උපුටා ගැනීම: ඉරිදා දිවයින

[QUOTE="lkboy4u, post: 14751592, member: 3126"] [b]ජාති භේද නොතැකූ දමිළ ගුරුවරියක් කතා කරයි[/b] [SIZE=4]බදාදා දෙහිඅත්තකණ්ඩියෙ පොළ දවස. මහවැලි සී කලාපෙ බොහෝ පිරිසක් එකතු වෙන නගරය එදාට හරිම කාර්ය බහුලයි. නගරය අවට පාසල්වල ගුරුභවතුන් බොහෝ දෙනෙක් පොළට එන්නේ පාසල ඇරුනායින් පසුව. පසුගිය මාසෙ හවස් වරුවෙ සිය ගණනක් සෙනඟ අතරේ තරුණ ගුරු මහත්මීන් දෙපළක් මැදිවියේ වූ කාන්තාවකට පොළ මැද දී දණගසා වඳින දසුන බොහෝ පිරිසකගේ කුතුහලයට හේතුවක් වුණා. මා අසල සිටි එළවළු වෙළෙන්දෙක් කුතුහලය දැනගෙන දොa කාරණය පැහැදිලි කළා. "ඔය නෝනා දොළකන්දෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නපු ටීචර්. දැන් පැන්ෂන් ගිහිං. ඒත් තවම දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා. ගුරුවරුන්ටත් ඉංග්‍රීසි දෙමළ උගන්වනවා. හරිම ගුණ යහපත් කෙනෙක්." වෙළෙන්දා නැවතත් එළවළු මිල ගණන් කියමින් කෑ ගසන්නට වුණා. විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුතුමිය අසලින් ගුරු මහත්මීන් දෙදෙනා ඉවත්වන තුරු මා බලා සිටියා. උපැස් යුවළින් කඳුළු සඟවා ගත් ඇය පොළේ සෙනඟ අතර නොපෙනී ගියා. තුවාරගල ඉස්කෝලෙ හිටපු විදුහල්පති පුබුදු සම්පත් සමඟ එදිනම හවස අරලගංවිලට යන අතරතුර මෙම සිදුවීම ඔහුට කීවේ එය මගේ හිතේ පැලපදියම් වුණ නිසා. ඇත්තෙන්ම මා පසුවූයේ එම ගුරුතුමිය ගැන තවත් තොරතුරු බිඳක් හෝ සොයා ගැනීමේ නොතිත් ආසාවෙන්. ඒ නිසාමදොa අරලගංවිල පාරේ දොළකන්ද පසුකර කදිරපුර හන්දියෙන් දකුණට හැරවූ පුබුදුගේ යතුරුපැදිය කොන්ක්‍රීට් පාරක් දිගේ කිලෝමීටරයක් පමණ ගොස් කදිරපුර වෙල් යාය ඉස්මත්තේ වූ මහවැලි නිල නිවාසයක් අසල නතර කළා. "මේ තමයි ජසින්තා මැඩම්ගෙ ගෙදර. ඔයාට පත්තරේට ලියන්න තරම් වටින දේවල් එතුමිය සතුව තිබෙනවා. මමත් එතුමියගෙ ගෝලයෙක්." "හලෝ....... පුබුදු ගුඩ් ඊවිනින් යාළුවෙකුත් එක්ක. එන්න ඇතුළට" ඉතාම ආචාරශීලීව අපිව පිළිගත් ඇය අපට අසුන් ගන්නට ඇරයුම් කළා. ආගිය තොරතුරු විමසන අතරේ පුබුදු ඒ ගුරුතුමියට අප පැමිණි කාරණය කීවා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකම චතුර ලෙස හැසිරවිය හැකි ඇය දිගු සුසුමක් හෙළා මොහොතක් නිහඬව අප දෙස බලා සිටියා. තවත් මොහොතකින් දෙනෙතින් කඩා වැටුණු කඳුළුවලට බාධාවක් නොකර ඔහේ ගලා යන්නට ඉඩ හැරියා. ඒ කඳුළු සමඟ ගලා ගියේ ඇගේ ජීවිත කතාවයි. "මම සහෝදර සහෝදරියො හත්දෙනකුගෙ පවුලක පස්වැනියා. අයියලා තුන්දෙනයි, අක්කයි, මමයි, මල්ලිලා දෙන්නයි. අපේ අප්පා ඒ දවස්වල ගමේ ආරච්චි. එයා රාමනාදන්. අපි පුංචි කාලෙම තාත්තා අසනීප වෙලා නැති වුණා. අපි එතකොට හිටියෙ මඩකලපුවෙ පිල්ලුමලේ අපේ ගමේ. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු හතයි. අපි ඒ කාලෙ පොහොසත් මිනිස්සු. හරක් තුන්හාරසීයක් හිටියා. කුඹුරු ඉඩම් තිබුණා. ලොකු අයියා ගෙදර තාත්තගෙ වගකීම කරට අරගෙන ගෙදර වැඩ කළා. අම්මා අපිව දිගටම ඉස්කෝලෙ යෑව්වා. මම මුලින්ම ගියේ පිල්ලුමලේ ප්‍රාථමිකයට. ඊට පස්සෙ කල්මුනේ කොන්වන්ට් එකට ගියා. අපි ටික ටික ලොකු පන්තිවලට යනකොට මුදල් ප්‍රශ්න ආවා. අම්මා අපිව කන්‍යාරාමවල නතර කරල ඉගැන්නුවා. උසස් පෙළ කරලා අක්කා බැන්දා. මම උසස් පෙළ කරල පෞද්ගලික රෝහලක නර්ස් කෙනෙක් විදිහට වැඩ කළා. කාලයක් එහෙම රස්සාව කරගෙන යනකොට 1979 දී මට ගුරු පත්වීමක් ලැබුණා අම්පාරේ දෙමළ විද්‍යාලයට. ළමයි 300 ක් විතර ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා. මම ඒ අයට ඉංග්‍රීසි ඉගැන්නුවා. අම්පාරේ වැඩි පිරිසක් හිටියේ සිංහල අය. ඒ හැමෝම වගේ අපිත් එක්ක හිතවත්. අම්පාරෙ තිබුණ ප්‍රධාන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානෙ භාරව හිටිය ධර්මන් මම අඳුරගත්තෙ ඔය කාලේ. එයාගෙ අයියා වෛද්‍ය නඩරාජා. අයියගෙ වෛද්‍ය මධ්‍යස්ථානෙ භාරව තමයි එයා හිටියෙ. කොහොම හරි මේ හිතවත්කම ආදරයකට පෙරළිලා ගෙවල් දෙකේම අයගේ ආශිර්වාදය ඇතුව අපි 1982 මැයි මාසෙ 24 වැනිදා විවාහ වුණා. 1983 අවුරුද්දෙ මම ගුරු පුහුණුවට පලාලි ගුරු විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ දවස්වල රටේ උතුර - නැගෙනහිර තැන් තැන්වල පුංචි පුංචි ගැටුම් තිබුණා. 1984 අවුරුද්දේ මගේ ජීවිතේ කනගාටුදායකම අවස්ථාවක් උදා වුණා. අපි පලාලි ගුවන් තොටුපළ බෝඩිමක හිටියෙ. අගෝස්තු නිවාඩු මාසෙ එක්ග්සෑම් වලට කට්ටියක් එකතුවෙලා පාඩම් කළා. එකපාරට මහා හඬින් බෝම්බයක් පිපිරුණා. මම හොඳටම බයවෙලා කලන්තෙ හැදිල වැටුණා. මට මතක එච්චරයි. සිහිය එනකොට මම රෝහලේ. මාස 06 ක බඩේ හිටිය දරු පැටියා ඇබෝෂන් වෙලා. මට හිත හදාගන්න කියල යාපනේ හොස්පිටල් එකේ ඩොක්ටර්ලා කිව්වා. මම හිතේ දුක තුනීවෙනකන් කෑ ගහල ඇඬුවා. නිවාඩු මාසෙ හොස්පිටල් එකේ ඉඳලා සනීප වෙලා මම ටේ්රනින් කොලේඡ් එකට ගියා. ටේ්රනින් කාලෙ අවසානේ අම්මා අසනීප වෙලා නැති වුණා. අම්මාගේ නැතිවීම මට දරාගන්න බැරි තවත් වේදනාවක් ගෙනාවා. එහෙම කියූ ජසින්තා ගුරුතුමී කල්පනාකාරී දෙනෙත් තවත් ඈතට ගෙන ගියා. මවගේ වියෝවීමේ මතකය අදටත් ඇය පෙළන බව අපට වැටහුණා. නමුත් ඇය නැවතත් අතීතයේ මතකය අප හමුවේ තැබුවා. "කොලේඡ් අවුට් වෙලා මම ආපසු අම්පාර දෙමළ ඉස්කෝලෙට ගිහිං වැඩ භාර ගත්තා. 1985 අගෝස්තු මාසෙ දෙවැනිදා මට තවත් අඳුරු දවසක්. අපේ පවුලෙ බාලම මල්ලිට කොටි පිස්තෝලකාරයො වෙඩි තියල මරල දාලා. එයා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කළේ. මඩකලපුවේ ඉඳන් කොළඹ යන රාත්‍රි කෝච්චියේදී තමයි එයාව මරලා තියෙන්නේ. ඒ මරණය මට තවමත් දරාගන්න බැහැ. මල්ලි නැති උනාට පස්සේ අපි හරිම බයෙන් ජීවත් උනේ. මගෙ ලොකු මල්ලි 1986 අවුරුද්දෙ මාර්තුවල චෙන්කල්අඩිවලදී වෙඩි තියල මැරුවා. කොටින්ට විරුද්ධ උනා කියල මේ අපරාධය කරල තියෙන්නේ. ලොකු මල්ලිගෙ මරණයට විරුද්ධව අපේ ලොකු අයියා කතා කරල තිබුණා. මම ඒ වෙනකොට මාස 08 ක ගැබිනි මවක්. දොස්තර මහත්තුරු කිව්වා මගේ දරුවා අවදානම් තත්ත්වයක ඉන්නේ හිත සන්සුන් කරගන්න කියලා. දවස් කීපයකින් අපේ ගෙදරට ඇවිත් ලොකු අයියටත් ත්‍රස්තවාදියො වෙඩි තිබ්බා. ඒ අයියා ඔවුන්ට විරුද්ධව හඬ නගපු නිසා. අයියට වෙඩි තිබ්බ එක අපිට හැම දේකට වඩා ලොකු වේදනාවක්. ඒ වෙනකෙට අපේ එකම හයිය වුණේ අයිය. මේ සිද්ධියත් එක්ක මම ආයෙත් අසනීප වුණා. හොස්පිටල් ඇඩ්මිට් උනාට පස්සෙ ඩොක්ටර්ලා කිව්වේ "අම්මේ හිත හදාගන්න ඔයාගෙ දරුවා කම්පනයට නැතිවෙලා ඉන්නේ" කියලා. ඒ අය මාව සනසවන්න ගොඩක් මහන්සි වුණා. දරුවා බිහිවුණේ මළ දරුවෙක් විදිහට. ඒ වෙලාවෙ මම ගොඩක් වේදනා වින්දා. මම දෙවියන් වහන්සේට කිව්වා ඇයි මාව මේ විදිහට පීඩාවට පත් කරන්නෙ කියලා. ඇත්තම කිව්වොත් පිස්සුවෙන් වගේ ඇඬුවා. මගේ වේදනාව දැනුන නර්ස්ලාගෙත් ඇස්වල කඳුළු පිරිල තිබුණ විදිය අදටත් මට මතකයි. ඒ අය සිංහල උදවිය. නමුත් මට සැලකුවෙ සහෝදරියකට වගේ. එදා තිබුණු ජාතිවාදී ප්‍රශ්නත් එක්ක ඒ අය මට එහෙම ආදරය කරන එකත් මට දරාගන්න බැරි වුණා. ලොකු අයියගෙ මරණය වෙනකම්ම අපි කොටින්ට කප්පම් ගෙවමින් ජීවත් වුණේ. ඒත් එයා මරල දැම්මට පස්සේ අපි කප්පම් ගෙවන එක නතර කළා. අපි ගම අතහැරල අම්පාරෙ ස්ථිර පදිංචියට ආවෙ ඒ සිද්ධියත් එක්ක. පවුලට කොටින්ගෙන් ලොකු අනතුරක් වෙයි කියලා දැනුන නිසා. අනික එහෙ මහත්තයගෙ අයියා හිටිය නිසා අපිට ලොකු හයියක් වුණා. [/SIZE] [SIZE=4]අම්පාරේ සිංහල මිනිස්සු අපිත් එක්ක ජීවත් වුණේ අපේ නෑදැයො සහෝරදයො වගේ. ඔහොම ඉන්නකොට තමයි අපි කවුරුත් බලාපොරොත්තු නොවූ විනාශයක් සිද්ධ වුණේ. ඒ 1990 අවුරුද්දෙ ජුනි මාසේ 11 වැනිදා. අම්පාරෙ කලබලයක් ඇති වුණා. එතනදී නපුරු සිංහල මිනිස්සු කීපදෙනෙක් මහත්තයාගේ අයියගෙ µdමසිය පැය භාගයක් ඇතුළත ගිනි තියල විනාශ කළා. නැඟෙනහිර පළාතෙම ලෙඩ්ඩු බෙහෙත් ගත්ත ඩිස්පෙන්සරිය විනාශ කළා. ඒ කාලේ හැටියට ඒක ලක්ෂ 85 ක විතර පාඩුවක්. ස්කෑන්, එක්ස්රේ යන්ත්‍ර, ඊ.සී.ජී. තිබුණෙ අපේ ළඟ විතරයි. ඒ සේරම විනාඩි කීපයකින් අළුවෙලා ගියා. ඊට පස්සෙ ඒ අය අපිව මරන්න හෙව්වා. අපි හැංගුණා. අපිව බේරගත්තෙ සිල්වා කියල ලෝයර් කෙනෙක්. එයා අපිව එයාලගෙ ගෙදර එක්ක ගියා. එහෙම යනකොට එයා කිව්ව ඩර්වන් වටිනා දේවල් ගන්න කියලා. මම රත්තරන් බඩු ටිකක් ගත්තා. පවුම් දහයක විතර රත්තරන් බඩු අල්මාරියෙ තියෙද්දී සිල්වා මහත්තයා හදිසි කරන නිසා එයාගෙ වාහනයට නැගල ගේට්ටුවෙන් එළියට බහිනකොටම ආයුධ ගත්ත මිනිස්සු අපේ ගෙදර වත්තට පනිනවා දැක්කා. අපි සිල්වා මහත්තයගෙ ගෙදර හිටියේ පණ බයේ. මහත්තයාගෙ අයියා එයාගෙ නෝනයි දරුවො දෙන්නයි කොළඹ යවල තිබුණේ. මහත්තයගෙ අයියාව නීතිඥ සුනිල් දිසානායක මහත්තයා හංගාගෙන හිටියා. දවස් දෙකකට පස්සේ යනකොට මුළු ගෙදරම අළුවෙලා. අවුරුදු ගණනක් ජීවිතේ හම්බ කරපු සේසතම ඉවරයි. අපිට ඇඳගෙන හිටිය ඇඳුම විතරක් ඉතුරු වුණා. කොටින්ගෙන් බේරෙන්න සිංහල මිනිස්සු අතරට ආව අපිට දුෂ්ට කීපදෙනෙක් මේ අපරාධය කළා. නමුත් අපේ ජීවිත රැකගත්තෙ දෙවිවරු වගේ හිටිය තවත් සිංහල මිනිස්සු ටිකක්. ඒක කවදාවත් අමතක කරන්න බෑ. මගේ දෙවැනි අයියා ගුරුවරයෙක්. එයා පදිංචි වෙලා හිටියෙ කොළඹ. එයා අපිට එහෙ එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. එහෙම යන්න කලින් මගේ තුන්වැනි අයියට මොනවද උනේ කියලා හෙව්වා. එයාත් එයාගෙ අවුරුදු 11 පුතත් ආගිය අතක් නෑ. එයාගෙ නෝනයි අනිත් දරුවයි කල්මුණේ නෝනගෙ ගමේ ගිහිං හිටියෙ. අපි හැම තැනම අයියා හෙව්වා. ඊට දවස් දෙකකට විතර පස්සෙ අයියගෙයි පුතාගෙයි මිනී හම්බ උනා. එයාලට අර මිනිස්සු ගහල මරල. මේ වේදනාව දරාගන්න බැරුව ඊට දවස් කීපයකට පස්සෙ අපි කොළඹට ආවා. කොළඹ ආවෙ නඩරාජා ඩොක්ටර්ගෙ යාළුවෙක් මාර්ගයෙන්. මේ කරදර නිසා නඩරාජා ඩොක්ටර්ගෙ පවුලේ අයට ලන්ඩන් යන්න වීසා ලැබුණා. දෙවැනි අයියා විශ්‍රාම අරගෙන දරුවො එක්ක ඉන්දියාවට ගියා. මම මහත්තයා එක්ක අවතැන් කඳවුරක නතර වුණා. මගේ අක්කා විවාහ වෙලා හිටියෙ මඩකලපුවෙ. එයා එහෙ එන්න කිව්වාට කොටින්ට බය නිසා අපි එහෙ ගියෙත් නෑ. අවතැන් කඳවුරේ ඉඳන් මම රාජගිරියෙ කතෝලික ඉස්කෝලෙ උගන්වන්න ගියා. ඒ වෙනකොට මට එකම සාරියයි තිබුණේ. නමුත් ප්‍රින්සිපල් හිටියෙ මුදියන්සෙ කියල මැඩම් කෙනෙක්. මට අඳින්න අරන් දුන්නේ ඒ මැඩම්. මට මාසෙටම හම්බ වුණේ රුපියල් 1000 යි. මගෙ මහත්තයට රස්සාවක් තිබුණෙත් නැහැ. අපි හරිම අමාරුවෙන් ජීවත් වුණේ. අපිට ජීවත්වෙන්න උදව් කළේ මුදියන්සෙ මැඩම්. අපි කනවද නැද්ද කියල පවා එයා හොයල බැලුවා. 1991 අවුරුද්දෙ අපි ආපසු අම්පාරට ආවෙ රුපියල් 1000 පඩියට කොළඹ ඉන්න අමාරු නිසා. ඒ ඇවිත් අපි කෙළින්ම ගියේ පී. දයාරත්න ඇමැතිතුමා හම්බවෙන්න. දයාරත්න ඇමැතිතුමා අපේ පවුලේ අය එක්ක සමීප හිතවතෙක්. එතුමා කිව්වා ඔයාල තව කාලයක් ජීවත් වෙන්න ඕනෑ. ඒ නිසා මාරුවීම හදාගෙන දෙහිඅත්තකණ්ඩියට යන්න කියලා. අපි දෙහිඅත්තකණ්ඩියට ආවෙ 1992 ජනවාරි මාසෙ. මාසෙ පළමුවැනිදාම බක්මීදෙනිය ඉස්කෝලෙ වැඩ භාර ගත්තා. ඒ වෙනකොට දෙහිඅත්තකණ්ඩිය මේ තරම් දියුණු නැහැ. දූවිලිවලින් පිරිලා. අපි දෙන්නට නවතින්න නිල නිවසක්වත් තිබුණේ නෑ. අපි නතරවෙලා හිටියේ ඉස්කෝලෙ අතහැර දමා තිබුණ කුඩා කාමරයක. අවුරුදු දෙකක් ඒ පුංචි කාමරේ හිරවෙලා ඉස්කෝලෙ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. මගේ ජීවිතෙට තිබුණ එකම සැනසීම දරුවොයි ගුරුවරුයි මට ආදරය කළ එක. විදුහල්පතිතුමාත් එයාට දෙන්න පුළුවන් උපරිම උදව් ලබා දුන්නා. මම දෙමළ. ආගම රෝමානු කතෝලික. සිංහල බෞද්ධ දරුවන්ට මම ඉංග්‍රීසි උගන්වනවා. දරුවො ඉස්කෝලෙ ඇරිල ඇවිත් දණ ගහල කකුල් දෙක අල්ලලා මට වඳිනවා. මට ඒක දරාගන්න බැහැ. මොකද මට කවුරුවත් ඊට කලින් එහෙම ගෞරව කරල නැහැ. දෙමළ කතෝලික ඉස්කෝලවල මේ වගේ අත්දැකීම් ලැබුවෙත් නැහැ. රාජගිරියෙ ඉස්කෝලෙ දෙමළ එකක්නෙ. ඒකෙ ප්‍රින්සිපල් මැඩම්ගෙ මහත්තයා සිංහල නිසා තමයි එයාට මුදියන්සේ සර්ගෙ නම ලැබුණෙ. දෙහිඅත්තකණ්ඩියේ දොළකන්ද මහාවිද්‍යාලයට මට මාරුවීමක් ලැබුණේ ඔය අතරෙදි. එහේදී අපිට හොඳ නිල නිවසක් ලැබුණා. ඉස්කෝලෙ විදුහල්පති ධනපාල සර්. එයාත් ගුරු මණ්ඩලයත් මිනිස්කම පිරී ඉතිරී යන උදවිය. අදටත් මට ඒ අය මතක් වෙනකොට ලොකු ගෞරවයක් දැනෙනවා. දොළකන්දෙ දහසකට ආසන්න සිංහල බෞද්ධ දරුවන්ට මම දෙමළ ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ අතර මගේ දක්ෂතා බලලා කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමා මාව ගුරුවරුන්ට ඉංග්‍රීසි දෙමළ උගන්වන්න බඳවා ගත්තා. ඇලික් පාඨමාලාව මම මෑතක් වන තුරු මෙහෙය වූවා. මගේ සහෝදර සහෝදරියො නැති වෙලා පාලුවෙන් වේදනාවෙන් සිටිය මගේ දුක තුනී වුණේ දොළකන්දෙ ගුරුවරු සහ දරු පැටව් නිසා. මගේ ගෝලයෝ රජයේ රැකියා කරන අය ඉන්නවා. සමහර අය අද ව්‍යාපාරිකයෝ. ඒ හැම කෙනෙක්ම කොහේදි හරි මාව දැක්කත් දණ ගහල වඳිනවා. මම 1998 අවුරුද්දෙ ඔක්තෝබර් 10 වැනිදා විශ්‍රාම ගත්තා. මගේ විශ්‍රාම උත්සවය ඉතාම ඉහළින් කරන්න විදුහල්පතිතුමා කටයුතු කළා. නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමා ඇතුළුව නිලධාරීන් විශාල පිරිසක් උත්සවයට ආවා. එදා උත්සවයේදී ළමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කළා. ළමයි හැමෝම ඇඬුවා. ගුරුවරුත් ඇඩුවා. මටත් කතාවක් දුන්නා. මම වචන තුනයි කතා කළේ. මම ජාතියෙන් වෙනස්, ආගමෙන් වෙනස්. නමුත් මහවැලි සී කලාපෙ සිංහල බෞද්ධ දූ දරුවො දෙමවුපියො ගුරුවරු නිලධාරීන් මම දෙමළ කියල වෙනසක් කළේ නැහැ. ආදරෙන් මට සැලකුවා කියලා මම එදා කතාවේදි කිව්වා. මේ කතාව අහන් හිටිය ආණ්ඩුකාරතුමා තමයි මට මහවැලියෙ නිල නිවසක් දීලා සී කලාපය අතහැර නොයා තවදුරටත් දරුවන්ට උගන්වන්න කියලා ඉල්ලීමක් කළේ. ඒ කිව්වත් වගේම මහවැලියෙ ඩී. ආර්. පී. එම්. වෙලා හිටපු ඉන්ද්‍රසේකර ද සිල්වා මහත්තයා අපිට නිල නිවසක් දුන්නා. එයා මිනිස්කම පිරී ඉතිරී ගිය කෙනෙක්. මේ හැමෝගේම ආශිර්වාදයෙන් 1999 ඉඳන් අපි මේ නිල නිවසෙ ජීවත් වෙනවා. ඒත් මෑතකදී ආරංචි වුණා කදිරපුර ඉස්කෝලෙට මේ නිවස පවරල දීලා තියෙනවා කියලා. මම දැනටත් 5 ශ්‍රේණියේ දරුවන්ගේ සිට ගුරුවරු දක්වා අයට දෙමළ, ඉංග්‍රීසි උගන්වන්නෙ මේ නිල නිවසේ ඉඳන්. දැන් ළඟකදී ඉඳන් මේ නිවසෙ විදුලිය කපලා. හැම දුක් පිරිපත දරා මේ පළාතෙ දරුවන් එක්ක හිටිය මට දැන් මෙහෙන් යන්න වෙලා. ඇය ඒ වදන් පෙළ ගැට ගැසුවේ දැඩි ආයාසයකින්. මුළු ජීවිත කාලයේම විඳි වේදනාවට වඩා ගැඹුරු වේදනාවක් දැන් ඇය පෙළමින් හිඳී. කුප්පි ලාම්පු එළියෙන් ආලෝකවත් වුණු ජසින්තා ගුරුතුමියගෙ මුහුණේ ඉරියව්වලින් ඒ බව හොඳ හැටි කියාපායි. අපි ඔබෙන් මෙසේ අසමු. ජාති භේද නොතකමින් අනේක විධ අභියෝග මැද දූ දරුවන් දහස් ගණනකගේ ජීවිතය ආලෝකවත් කළ මේ ගුරු මාතාවගේ සැඳෑසමය අඳුරේ තැබීමට ඉඩ හරිමුද?[/SIZE] [SIZE=4][B][SIZE=4]උපුටා ගැනීම: ඉරිදා [COLOR=Red]දිවයින[/COLOR][/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom