Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජාන විකෘති කරන බහුජාතික සමාගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාන විකෘති කරන බහුජාතික සමාගම්

GMO (Genetically Modified Organism) කියන්නේ ජාන නවීකරණය කළ ජීවීන් කියන එකයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය මගින් ඕනම ජාන විකෘතිතාවකට පත් කල සත්ව/ශාක වර්ගයක් මේ නමින් හඳුන් වන්න පුලුවන්. ඒ වගේම Transgenic Organism කියන්නේ එක් ජීවී වර්ගයක් තවත් ඊට වෙනස් ජීවී වර්ගයක ජාන භාවිතයෙන් වෙනස් කම් කර ඇත්නම්. 1973 දී පලමුවෙන්ම මීයෙක් ජාන නවීකරණයකට ලක් කළා වගේම මුලින්ම ශාකයක් ජාන වෙනස් කමකට භාජනය වුනේ 1983දි. එතනින් පසුව මේ ජාන ඉන්ජිනේරු තාක්ශනය පසුගිය දශක කිහිපය තුල බොහො දුර ගමනක් ඇවිත් තිබෙනවා. මේ සටහන් පෙල ජාන නවීකරණය වූ බෝග වගාව ගැනයි, ඉන් එහාට එනිසා සිදුවූ දේශපාලනික, සමාජයීය, පාරිසරික හා සෞඛ්‍යමය වෙනස් කම් ගැනයි.

ජාන නවීකරණයේ වැදගත්කම

ජාන නවීකරණය සම්පූර්ණ කලු යකෙක් හැටියට නම්කළ යුතු දෙයක් නෙවෙ යි. ඒ වගේම ජාන විකෘති කළ ආහාර නිශපාදනය සියලු ජනයා වෙනුවෙන් සද් භාවයෙන් කරන ව්‍යාපෘතියකුත් නෙවෙයි. ජාන වෙනස් කල බෝග ගැන කරුනු දක්වද්දි එහි ප්‍රධාන හේතුව හැටියට එන කාරණයක් තමයි ජනගහන වර්දනයට ගැලපෙන ආහාර ලබාදීම. ඇත්ත, වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන නවය ඉක්මවනවා කියල ඇස්තමේන්තු ගත කරලා තියෙද්දි දැනට ලෝකයේ අපට තියෙන සම්පත් කොහොමටවත් ප්‍රමාණවත් නෑ අනාගත්යේදි ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න. ලෝකයේ ඇතිවිය හැකි ආහාර හීනතාව පුරන්න විසඳුමක් වෙන්නේ ඇති සම්පත් වලින් වැඩි අස්වැන්නක් ලබාගන්නයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය උදව්වට එන්නේ එතනදි.

මෙහි තවත් වැදගත් කම් කිහිපයක් තිබෙනවා. කෘමින්ගෙන් පරිසම් වීමට ඇති හැකියාව, ශාකයේ නිරෝගි බව ඉහල වීම, බීජ වල කාලසීමාව දිගු වීම හා එනිසා බීජ ප්‍රවාහනයේ පහසුව, අඩු ශ්‍රමය/සම්පත් මගින් ඉක්මනින් පලදාව ගත්හැකි වීම, වඩා වැඩි ගුණාත්මක බව වගේ කරුනු දක්වන්න පුලුවන්. ඒ වගේම දැනට කරන පරීක්ශන අනුව විද්ඥායන්ට මිනිස්සුන්ට රෝග නිවාරණය කල හැකි ආහාර අනාගතයෙදි හඳුන්වා දිය හැකිවේලු.

ජාන තාක්ශනයේ බලපෑම

ජාන නවීකරණය කළ බෝග කෘශිකාර්මික වෙළඳ පොලට හඳුන්වා දෙන්නේ 90 දශකයේ දි යි. එයින් පසු ලෝකයේ අක්කර බිලියන බාගයක පමන ප්‍රමාණයක මේ බෝග වගා කරල තියනවා. එතැන් පටන් මේ GMO බොහොම මතභේදයට තුඩුදෙන කාරණයක් වුනා. විද්‍යාගාරයක නිපදවෙන සත්ව හෝ ශාකයක් පේටන්ට් කිරීමේ සදාචාරමය හැකියාව, මෙමගින් සිදුවිය හැකි පාරිසරික වෙනස් කම්, සෞඛ්‍යමය බලපෑම් ගැන ලොකු හාහෝවක් ලෝකයේම ඇති වුනා. යුරෝපයේ සමහර රටවල් GMO වගා කෙරීමට එරෙහි නීති ගෙනෙද්දි තවත් රටවල් GMO සහිත ද නැති ද බව දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගත්තා. ලංකාවත් ඒ රටවල් ගොඩට ඇතුලත්.

සම්ප්‍රදායික කෘශිකර්මයේදි ගොවීන් බීජ සොයාගන්නේ ඔවුන් විසින්ම යි. කලින් වතාවේ අස්වැන්නෙන් කොටසක් ඔවුන් ඊලඟ වතාවේ වගා කිරීම සඳහා යොදා ගන්නවා. මේ බීජ ජාන විවිදත්වයෙන් පිරිලා. GMO වල ප්‍රධාන ලක්ශනයක් තමයි මෙහෙම හදපු සියලුම බීජ එකම අච්චුවේ වීම. බීජවල ලක්ශන, ගුණ, හැකියා මෙන්ම නොහැකියාවන් එකකට එකක් සමාන යි. එක බීජයකින් හැදෙන ශාකයකට එක්තරා දිලීර ආසාදනයක් ඇතිවුනොත් අනිත් ශාකයටත් උරුම වන්නේ ඒ ඉරණම ම යි. ඒ එක්කම එන්නේ සියලුම බෝග විනාශ වී යාමේ අවදානමක්.

GMO බීජ වෙළඳපොල

ඇමරිකාවේ වගාකරන බඩඉරිඟු හා සෝයා වලින් 90%ක්ම ජාන නවීකරණය කළ ඒවා වනවා වගේම මේ GMO බීජ නිශ්පාදනය කරන්නේ සමාගම් කිහිපයක් විසින්. එයිනුත් Monsanto කියන්නේ බීජ නිපදවීමේ ප්‍රමුඛයෙක්. Monsanto ඔවුන්ගේම විද්‍යාගාර හා විද්‍යාඥයන් සමගින් විවිද වෙනස් කම් සහිතව බෝග හඳුන්වා දේන්න කටයුතු කරනවා. උදාහරනයක් විදිහට ඔවුන් නිපැයූ බෝගයක එක් ගුණාංගයක් තමයි බෝගයේ නිපදවෙන අතිරේක ප්‍රෝටීනයක් නිසා ඒ වෙත එන කෘමීන් එය ආහාරයට ගත් විට මිය යාම. ඒනිසා ඒ බෝගයට ඒ වර්ගයේ කෘමීන්ගෙන් හානියක් නැහැ.

ඔවුන් නිපදවන මේ බෝගවල තවත් ගුණාංගයක් තමයි මේවා පළිබෝධනාශක වලට ඇති ඉතා හොඳ දරාගැනීමේ හැකියාව. ඒත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ ඔවුන්ම නිපදවන RoundUp නම් පළිබෝධනාශකයට පමණක් වීම. ඒ නිසා මේ නිශ්පාදන දෙකම වෙළඳ පොළට නිකුත් වෙන්නෙ අත් අල්ලගෙනයි. එකක් ගන්නවා නම් අනිකත් ගතයුතුයි. ඒක වෙන්නෙ මෙහෙමයි RoundUP වල තිබෙන Glyphosate නම් සංයෝගය වල්නාශකයක් විදිහට ක්‍රියාකරනවා ඒත් Monsanto ඔවුන්ගේ බීජ ඊට ඔරොත්තු දෙන ලෙසට නිපදවා ඇති නිසා ඒ බෝග මතට කෙලින්ම RoundUp ඉස්සම වල් පැළෑටි මිය යනවා විතරයි බෝගයට හානියක් නෑ.

පැරගුවේ ආව Monsanto

එක්තරා විදිහකින් Monsanto ඇතුලු මේ සමාගම් වලට බීජ නිශ්පාදයේදි ලෝක ඒකාධිකාරයක් පවතිනවා. පැරගුවේ තමයි ලෝකයේ ලොකුම සෝයා වගා කරු වන්නේ. පැරගුවේ වගාකරන සෝයා බීජ එම ගොවීන්ට ලැබෙන්නේ 98%ක්ම Monsanto සමාගමෙන්. මේ ගොවීන්ට වගේම අනෙක් රටවල ගොවීන්ටත් මේ බීජ වගාකළ හැක්කේ එක කන්නයක එක වරක් පමනයි. මොකද Monsanto සමාගමට ඔවුන් නිපදවන GMO නිශ්පාදන වල Patent අයිතිය නිබෙන නිසා අලුත් කන්නයකට ගොවීන් අලුතෙන් බීජ ඔවුන්ගෙන් මිලදී ගතයුතුයි. බීජ විකිනෙන වාරයක් ගානෙම ඔවුන්ගේ පළිබෝධ නාශකයත් විකිනෙනවා.

ඒත් මේ නිශ්පාදන ඔවුන් කියනා තරම්ම වැරදි නැති සුපිරි ඒවා නෙවෙ යි. පැරගුවේහි වගාවන්වල දක්නට ලැබෙන දෙයක් තමයි RoundUp වලට ඔරොත්තු දෙන වල් පැලෑටි මෙන්ම කෘමීන් හමුවීම. පළිබොධ නාශක වලට මිය නොයන මේ වල් ශාක කෙටිකාලයක් ඇතුලත පරිණාමය හා වරණය වීම නිසා පැරගුවේ ගොවීන්ට වෙනත් පළිබෝධ නාශකත් යොදන්නට වෙලා තිබෙනවා. Monsanto GMO භාවිතා කරන්නට ගිහින් කරන්න වෙලා තියෙන අතිරේක ශ්‍රම හා මූල්‍ය වියදම් සැර වුනත් සාම්ප්‍රදායික ක්‍රමයට නැවතත් යන්නට ඔවුන් පරක්කු වැඩියි.

මේ ගැටලු වලට තවත් නිශ්පාදයක් ඉදිරිපත් කරන්නයි Monsanto සූදානම. Glyphosate වගේම Dicamba යන සංයෝගය එක්කල බෝග හා පළිබෝධනාශක මගින් මේ අලුත් ගැටලු විසඳන්න ඔවුන් බලාපොරොත්තු වෙද්දි පැරගුවේහි කුඩා පරිමාණ ගොවීන්ට මේ ක්‍රමය අවාසි ජනක ලෙස බලපෑම් කරනවා. කුඩා පරිමාණ ගොවීන්ට මේ මිලෙන් අධික බීජ කුඩා ඉඩ ප්‍රමානයක වගා කිරීමෙන් වාසි ගන්න බැහැ. කොටින්ම වාසි සහගත ලෙස පැරගුවේහි මේ GMO වගා කරන්න හැකියාව තියෙන්න විශාල ඉඩම් තිබෙන 2%ක් වූ ගොවීන්ට පමණ යි.

ඒත් මේ කුඩා පරිමාන ගොවීන්ට තම පරණ පුරුදු ක්‍රමය දිගටම කරගෙන යන්න අපහසු වෙන්නේ ඔවුන්ගේ හේන් අනෙක් විශාල හේන් වලට යාබදව පවතින නිසා. ඔවුන්ට තිබෙන්නෙත් විශාල භූමි ඇති ගොවීන් වදවන වල් පැලැටි උවදුරු හා කෘමි උවදුරු යි. ඒත් ඔවුන්ට ඒ වෙනුවෙන් යම් ක්‍රියාමර්ගයක් ගන්න අපහසු වෙන්නේ RoundUp වගේ පලිබෝධනාශක වලට ඔරොත්තු දෙන්නේ Monsanto නිපදවපු GMO බීජ පමනක් නිසා. මේ නිසා ඔවුන්ට වක්‍රව බලපෑම් එල්ල වෙලා තමන්ගේ බීජ වගාව වෙනස් කරගන්නට.

මේ විදිහටයි Monsanto වගේ සමාගම් බීජ ලෝක වෙළඳ පොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ගොවීන් කැමති වුනත් අකැමති වුනත් GMO බීජ වගා කළ යුතුයි යන තැනට තල්ලු වෙලා තිබෙනවා. නිශ්පාදනය කරන්නේ ආහාර පමණක් නම් පාරිභෝගිකයන් හැටියට අපට පරිබෝජනය කරන්නට වෙන්නෙත් ඒව යි. ගොවීන්ට වගේම අපිටත් කැමත්ත ඇතිව හෝ නැතිව ආහාරය ගන්න ජාන වෙනස් කල ආහාර පමන තිබෙන යුගයක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. එවිට ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? සමහර විට දැනටත් ඒ ආහාර ඔබ ගන්නවා විය හැකියි. ඔබ කන දේ ගැන ඔබ දැනුවත්ද?

උපුටා ගැනීම

[CODE]http://sammathayenobbata.blogspot.com/2016/03/blog-post_21.html[/CODE]

[QUOTE="daredevill, post: 19891693, member: 186854"] [b]ජාන විකෘති කරන බහුජාතික සමාගම්[/b] [SIZE="4"][FONT="Georgia"][CENTER][IMG]http://blogs-images.forbes.com/jonentine/files/2014/08/gmo-food1.jpeg[/IMG][/CENTER] [INDENT]GMO (Genetically Modified Organism) කියන්නේ ජාන නවීකරණය කළ ජීවීන් කියන එකයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය මගින් ඕනම ජාන විකෘතිතාවකට පත් කල සත්ව/ශාක වර්ගයක් මේ නමින් හඳුන් වන්න පුලුවන්. ඒ වගේම Transgenic Organism කියන්නේ එක් ජීවී වර්ගයක් තවත් ඊට වෙනස් ජීවී වර්ගයක ජාන භාවිතයෙන් වෙනස් කම් කර ඇත්නම්. 1973 දී පලමුවෙන්ම මීයෙක් ජාන නවීකරණයකට ලක් කළා වගේම මුලින්ම ශාකයක් ජාන වෙනස් කමකට භාජනය වුනේ 1983දි. එතනින් පසුව මේ ජාන ඉන්ජිනේරු තාක්ශනය පසුගිය දශක කිහිපය තුල බොහො දුර ගමනක් ඇවිත් තිබෙනවා. මේ සටහන් පෙල ජාන නවීකරණය වූ බෝග වගාව ගැනයි, ඉන් එහාට එනිසා සිදුවූ දේශපාලනික, සමාජයීය, පාරිසරික හා සෞඛ්‍යමය වෙනස් කම් ගැනයි. [B]ජාන නවීකරණයේ වැදගත්කම[/B] ජාන නවීකරණය සම්පූර්ණ කලු යකෙක් හැටියට නම්කළ යුතු දෙයක් නෙවෙ යි. ඒ වගේම ජාන විකෘති කළ ආහාර නිශපාදනය සියලු ජනයා වෙනුවෙන් සද් භාවයෙන් කරන ව්‍යාපෘතියකුත් නෙවෙයි. ජාන වෙනස් කල බෝග ගැන කරුනු දක්වද්දි එහි ප්‍රධාන හේතුව හැටියට එන කාරණයක් තමයි ජනගහන වර්දනයට ගැලපෙන ආහාර ලබාදීම. ඇත්ත, වසර 2050 වන විට ලෝකයේ ජනගහනය බිලියන නවය ඉක්මවනවා කියල ඇස්තමේන්තු ගත කරලා තියෙද්දි දැනට ලෝකයේ අපට තියෙන සම්පත් කොහොමටවත් ප්‍රමාණවත් නෑ අනාගත්යේදි ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න. ලෝකයේ ඇතිවිය හැකි ආහාර හීනතාව පුරන්න විසඳුමක් වෙන්නේ ඇති සම්පත් වලින් වැඩි අස්වැන්නක් ලබාගන්නයි. ජාන ඉන්ජිනේරු තාක්ශනය උදව්වට එන්නේ එතනදි. මෙහි තවත් වැදගත් කම් කිහිපයක් තිබෙනවා. කෘමින්ගෙන් පරිසම් වීමට ඇති හැකියාව, ශාකයේ නිරෝගි බව ඉහල වීම, බීජ වල කාලසීමාව දිගු වීම හා එනිසා බීජ ප්‍රවාහනයේ පහසුව, අඩු ශ්‍රමය/සම්පත් මගින් ඉක්මනින් පලදාව ගත්හැකි වීම, වඩා වැඩි ගුණාත්මක බව වගේ කරුනු දක්වන්න පුලුවන්. ඒ වගේම දැනට කරන පරීක්ශන අනුව විද්ඥායන්ට මිනිස්සුන්ට රෝග නිවාරණය කල හැකි ආහාර අනාගතයෙදි හඳුන්වා දිය හැකිවේලු. [CENTER][IMG]http://cdn2.omidoo.com/sites/default/files/imagecache/full_width/images/bydate/201410/shutterstock202576327.jpg[/IMG][/CENTER] [B]ජාන තාක්ශනයේ බලපෑම[/B] ජාන නවීකරණය කළ බෝග කෘශිකාර්මික වෙළඳ පොලට හඳුන්වා දෙන්නේ 90 දශකයේ දි යි. එයින් පසු ලෝකයේ අක්කර බිලියන බාගයක පමන ප්‍රමාණයක මේ බෝග වගා කරල තියනවා. එතැන් පටන් මේ GMO බොහොම මතභේදයට තුඩුදෙන කාරණයක් වුනා. විද්‍යාගාරයක නිපදවෙන සත්ව හෝ ශාකයක් පේටන්ට් කිරීමේ සදාචාරමය හැකියාව, මෙමගින් සිදුවිය හැකි පාරිසරික වෙනස් කම්, සෞඛ්‍යමය බලපෑම් ගැන ලොකු හාහෝවක් ලෝකයේම ඇති වුනා. යුරෝපයේ සමහර රටවල් GMO වගා කෙරීමට එරෙහි නීති ගෙනෙද්දි තවත් රටවල් GMO සහිත ද නැති ද බව දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගත්තා. ලංකාවත් ඒ රටවල් ගොඩට ඇතුලත්. සම්ප්‍රදායික කෘශිකර්මයේදි ගොවීන් බීජ සොයාගන්නේ ඔවුන් විසින්ම යි. කලින් වතාවේ අස්වැන්නෙන් කොටසක් ඔවුන් ඊලඟ වතාවේ වගා කිරීම සඳහා යොදා ගන්නවා. මේ බීජ ජාන විවිදත්වයෙන් පිරිලා. GMO වල ප්‍රධාන ලක්ශනයක් තමයි මෙහෙම හදපු සියලුම බීජ එකම අච්චුවේ වීම. බීජවල ලක්ශන, ගුණ, හැකියා මෙන්ම නොහැකියාවන් එකකට එකක් සමාන යි. එක බීජයකින් හැදෙන ශාකයකට එක්තරා දිලීර ආසාදනයක් ඇතිවුනොත් අනිත් ශාකයටත් උරුම වන්නේ ඒ ඉරණම ම යි. ඒ එක්කම එන්නේ සියලුම බෝග විනාශ වී යාමේ අවදානමක්. [CENTER][IMG]http://mediad.publicbroadcasting.net/p/kplu/files/styles/medium/public/201307/arctic_vs_conventional_cropped.png[/IMG][/CENTER] [B]GMO බීජ වෙළඳපොල[/B] ඇමරිකාවේ වගාකරන බඩඉරිඟු හා සෝයා වලින් 90%ක්ම ජාන නවීකරණය කළ ඒවා වනවා වගේම මේ GMO බීජ නිශ්පාදනය කරන්නේ සමාගම් කිහිපයක් විසින්. එයිනුත් Monsanto කියන්නේ බීජ නිපදවීමේ ප්‍රමුඛයෙක්. Monsanto ඔවුන්ගේම විද්‍යාගාර හා විද්‍යාඥයන් සමගින් විවිද වෙනස් කම් සහිතව බෝග හඳුන්වා දේන්න කටයුතු කරනවා. උදාහරනයක් විදිහට ඔවුන් නිපැයූ බෝගයක එක් ගුණාංගයක් තමයි බෝගයේ නිපදවෙන අතිරේක ප්‍රෝටීනයක් නිසා ඒ වෙත එන කෘමීන් එය ආහාරයට ගත් විට මිය යාම. ඒනිසා ඒ බෝගයට ඒ වර්ගයේ කෘමීන්ගෙන් හානියක් නැහැ. ඔවුන් නිපදවන මේ බෝගවල තවත් ගුණාංගයක් තමයි මේවා පළිබෝධනාශක වලට ඇති ඉතා හොඳ දරාගැනීමේ හැකියාව. ඒත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ ඔවුන්ම නිපදවන RoundUp නම් පළිබෝධනාශකයට පමණක් වීම. ඒ නිසා මේ නිශ්පාදන දෙකම වෙළඳ පොළට නිකුත් වෙන්නෙ අත් අල්ලගෙනයි. එකක් ගන්නවා නම් අනිකත් ගතයුතුයි. ඒක වෙන්නෙ මෙහෙමයි RoundUP වල තිබෙන Glyphosate නම් සංයෝගය වල්නාශකයක් විදිහට ක්‍රියාකරනවා ඒත් Monsanto ඔවුන්ගේ බීජ ඊට ඔරොත්තු දෙන ලෙසට නිපදවා ඇති නිසා ඒ බෝග මතට කෙලින්ම RoundUp ඉස්සම වල් පැළෑටි මිය යනවා විතරයි බෝගයට හානියක් නෑ. [B]පැරගුවේ ආව Monsanto[/B] එක්තරා විදිහකින් Monsanto ඇතුලු මේ සමාගම් වලට බීජ නිශ්පාදයේදි ලෝක ඒකාධිකාරයක් පවතිනවා. පැරගුවේ තමයි ලෝකයේ ලොකුම සෝයා වගා කරු වන්නේ. පැරගුවේ වගාකරන සෝයා බීජ එම ගොවීන්ට ලැබෙන්නේ 98%ක්ම Monsanto සමාගමෙන්. මේ ගොවීන්ට වගේම අනෙක් රටවල ගොවීන්ටත් මේ බීජ වගාකළ හැක්කේ එක කන්නයක එක වරක් පමනයි. මොකද Monsanto සමාගමට ඔවුන් නිපදවන GMO නිශ්පාදන වල Patent අයිතිය නිබෙන නිසා අලුත් කන්නයකට ගොවීන් අලුතෙන් බීජ ඔවුන්ගෙන් මිලදී ගතයුතුයි. බීජ විකිනෙන වාරයක් ගානෙම ඔවුන්ගේ පළිබෝධ නාශකයත් විකිනෙනවා. ඒත් මේ නිශ්පාදන ඔවුන් කියනා තරම්ම වැරදි නැති සුපිරි ඒවා නෙවෙ යි. පැරගුවේහි වගාවන්වල දක්නට ලැබෙන දෙයක් තමයි RoundUp වලට ඔරොත්තු දෙන වල් පැලෑටි මෙන්ම කෘමීන් හමුවීම. පළිබොධ නාශක වලට මිය නොයන මේ වල් ශාක කෙටිකාලයක් ඇතුලත පරිණාමය හා වරණය වීම නිසා පැරගුවේ ගොවීන්ට වෙනත් පළිබෝධ නාශකත් යොදන්නට වෙලා තිබෙනවා. Monsanto GMO භාවිතා කරන්නට ගිහින් කරන්න වෙලා තියෙන අතිරේක ශ්‍රම හා මූල්‍ය වියදම් සැර වුනත් සාම්ප්‍රදායික ක්‍රමයට නැවතත් යන්නට ඔවුන් පරක්කු වැඩියි. මේ ගැටලු වලට තවත් නිශ්පාදයක් ඉදිරිපත් කරන්නයි Monsanto සූදානම. Glyphosate වගේම Dicamba යන සංයෝගය එක්කල බෝග හා පළිබෝධනාශක මගින් මේ අලුත් ගැටලු විසඳන්න ඔවුන් බලාපොරොත්තු වෙද්දි පැරගුවේහි කුඩා පරිමාණ ගොවීන්ට මේ ක්‍රමය අවාසි ජනක ලෙස බලපෑම් කරනවා. කුඩා පරිමාණ ගොවීන්ට මේ මිලෙන් අධික බීජ කුඩා ඉඩ ප්‍රමානයක වගා කිරීමෙන් වාසි ගන්න බැහැ. කොටින්ම වාසි සහගත ලෙස පැරගුවේහි මේ GMO වගා කරන්න හැකියාව තියෙන්න විශාල ඉඩම් තිබෙන 2%ක් වූ ගොවීන්ට පමණ යි. [CENTER][IMG]http://www.occupy.com/sites/default/files/styles/slide_narrow/public/field/image/o-gmo-facebook_0.jpg?itok=Agzl8BVR[/IMG][/CENTER] ඒත් මේ කුඩා පරිමාන ගොවීන්ට තම පරණ පුරුදු ක්‍රමය දිගටම කරගෙන යන්න අපහසු වෙන්නේ ඔවුන්ගේ හේන් අනෙක් විශාල හේන් වලට යාබදව පවතින නිසා. ඔවුන්ට තිබෙන්නෙත් විශාල භූමි ඇති ගොවීන් වදවන වල් පැලැටි උවදුරු හා කෘමි උවදුරු යි. ඒත් ඔවුන්ට ඒ වෙනුවෙන් යම් ක්‍රියාමර්ගයක් ගන්න අපහසු වෙන්නේ RoundUp වගේ පලිබෝධනාශක වලට ඔරොත්තු දෙන්නේ Monsanto නිපදවපු GMO බීජ පමනක් නිසා. මේ නිසා ඔවුන්ට වක්‍රව බලපෑම් එල්ල වෙලා තමන්ගේ බීජ වගාව වෙනස් කරගන්නට. මේ විදිහටයි Monsanto වගේ සමාගම් බීජ ලෝක වෙළඳ පොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ගොවීන් කැමති වුනත් අකැමති වුනත් GMO බීජ වගා කළ යුතුයි යන තැනට තල්ලු වෙලා තිබෙනවා. නිශ්පාදනය කරන්නේ ආහාර පමණක් නම් පාරිභෝගිකයන් හැටියට අපට පරිබෝජනය කරන්නට වෙන්නෙත් ඒව යි. ගොවීන්ට වගේම අපිටත් කැමත්ත ඇතිව හෝ නැතිව ආහාරය ගන්න ජාන වෙනස් කල ආහාර පමන තිබෙන යුගයක් ඇතිවන්නට ඉඩ තිබෙනවා. එවිට ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද? සමහර විට දැනටත් ඒ ආහාර ඔබ ගන්නවා විය හැකියි. ඔබ කන දේ ගැන ඔබ දැනුවත්ද? [/INDENT] උපුටා ගැනීම [CODE]http://sammathayenobbata.blogspot.com/2016/03/blog-post_21.html[/CODE][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom