ජාලයේ සල්ලි ගස් සෙලවීම

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජාලයේ සල්ලි ගස් සෙලවීම

    network.jpg


    ඔන්ලයින් ෂොප් නැතිනම් අන්තර්ජාල සාප්පුවක් පිහිටුවීමේ හැකියාව ද කෙනෙකුට ඇත. අත්කම් නිර්මාණ කිරීමේ දක්ෂයකුට තම නිර්මාණවල ඡායාරූප නිර්මාණාත්මක වෙබ් අඩවියක් සාදා පළ ‍කරමින් ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගත හැකිය.

    වර්තමාන සමාජයේ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමෝපායන් බොහොමයක් ඇත. ඒ අතරින් ඉක්මනින්මුදල් සෙවීමේ ක්‍රමෝපායක් ලෙස පසුගිය වසර කිහිපයක සිට ශීඝ්‍රයෙන් රට පුරා පැතිර ගිය ක්‍රමවේදයක් වන්නේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමයි. එසේත් නැතහොත් ඉන්ටර්නෙට් මනී ය. දිනපතා පුවත්පතක් ගත්තද සති අන්ත පුවත්පතක් ගත්තද අන්තර්ජාලය හරහා මාසයකට විශාල මුදලක් උපයාගත හැකි බවට කෑ මොර දෙන දැන්වීම් රාශියකි. ඒ සඳහා ටියුෂන් ලබා දෙන ආයතන සහ පුද්ගලයෝ බොහොමයකි. ඔවුන් පවසන ආකාරයට වෙනත් රැකියාවක් නොකොට විවේක පාඩුවේ නිවෙසේ සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමේ හැකියාවක් ඇත. එහෙත් කරුණු සොයා බැලීමේ දී අන්තර්ජාලයෙන් මුදල් සොයා ජීවත් වන කෙනෙකු සොයා ගැනීමට උගහටය. එහෙත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ හොඳම ක්‍රම තමන් උගන්වන බව පවසන දැන්වීම්වල නම් අඩුවක් නොමැත.

    අප ජීවන රටාවේ සාම්ප්‍රදායික මුදල් ඉපැයීමේ ක්‍රම ඇත. එනම් කිසියම් ආයතනයක රැකියාවක් කිරීම නැතිනම් තමන්ගේ ම වූ ව්‍යාපාරයක් ඇරැඹීමයි. අප ලබා දෙන සේවයට අනුව වැටුපක් අපට හිමි‍ වේ. බොහොමයක් දෙනා මධ්‍යගත වූ ස්ථානයක රැකියා කරන බව අප අත්දැකීමෙන්ම දනිමු. එනම් එක් ආයතනයකට සීමා වී රාජකාරී කිරීමයි. එහෙත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ කාර්යයේ දී අප එක් ස්ථානයකට නැතිනම් කාර්යාලයකට මධ්‍යගත නොවී සේවය කළ හැකි වීමයි.

    ඉන්ටර්නෙට් මනී නැතිනම් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම යනු අන්තර්ජාලයේ වෙළෙදාම් කිරිමයි. නැතහොත් ඊ මාර්කටින්ය. එනම් කිසියම් භාණ්ඩයක‍ වෙළෙදාම් කරමින් මුදල් සෙවීමයි. එසේම කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රචාරණය කිරීම ද ඊ මාර්කටින් විෂය පථයට අයත් ය. වර්තමාන සමාජයේ පවතින දුර්මතයක් වන්නේ අන්තර්ජාලයෙන් මුදල් සෙවීම යනු ඇඩ් ක්ලික් කිරීම, ඩේටා එන්ට්‍රි, ටයිප්සෙටින් යන කාර්යයන් හරහා මුදල් සෙවීම පමණක් බවයි. ඇඩ් ක්ලික් කිරීම අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ එක් මාර්ගයක් පමණි.

    අන්තර්ජාලයෙන් මෙසේ ව්‍යාපාර කටයුතු කර ගැනීමට බොහෝ ව්‍යාපාරිකයන් පෙළැඹී ඇත්තේ විශේෂයෙන්ම බටහිර රටවල ඒ ඒ රටවල අවැසි සේවාවන් ලබා ගැනීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමයි. නිදසුනකින් දැක්වුවහොත් කිසියම් භාණ්ඩයක් ප්‍රචාරණය කර ගැනීම සඳහාවෙළෙද දැන්වීමක් නිර්මාණයකර ගැනීමට ඇමරිකාවේ දී ඉතා විශාල මුදලක් වැය වේ. එහෙත් ලංකාවේ සිටින දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලවා අන්තර්ජාලය හරහා සිදු කර ගන්නේ නම් වැය වනුයේ ඉතාම සුළු මුදලකි.

    එනයින් බලන කළ අදාළ ආයතනයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි වේ. එසේම තම ව්‍යාපාර භෞතිකව මධ්‍යගත නොවී ලොව පුරා පැතිරවීමට ද අන්තර්ජාලය හොදම මාධ්‍යයකි. එනම් විදෙස් රටවල භාණ්ඩ ලොව පුරා විකුණා ගැනීමට අන්තර්ජාලය හරහා සිදු කර ගත හැකිය. ඇමේසන්.කොම්, ඊ බේ (e-bay) වැනි වෙබ් අඩවි ඊට හොදම උදාහරණයන්ය.

    බොහෝ දෙනා නොදැනුවත් වුවත් අන්තර්ජාලයෙන් වැඩි මුදලක් උපයා ගැනීමට නම් තමන් සතුව කිසියම් දක්ෂතාවක් පැවැතිය යුතුමය. නිදසුන් මගින් පැහැදිලි කළ හොත් ඩේටා එන්ට්‍රි රාජකාරී ලබා ගැනීම සඳහාවේගවත්ව පරිගණක යතුරුකරණය කිරීමේ හැකියාව තිබිය යුතුමය. ඒ මන්දයත් අදාළ ව්‍යාපාරිකයන් ලබා දෙන කාල සීමාව තුළ අදාළ වැඩ කොටස නිම කර භාරදිය යුතු නිසාය. අනෙක් රාජකාරී සදහාද එලෙසමය.

    එසේම ග්‍රැෆික් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය, ගිණුම් කටයුතු, වෛද්‍ය උපදෙස් දක්වාද අන්තර්ජාල වෙළෙදාම පැතිර ගොස් තිබේ. කිසිදු කුසලතාවක් නොමැති නම් කළ හැකි වන්නේ ඇඩ් ක්ලික් කිරීම පමණි. ඒ හරහා මාසයක්ම වැඩ කළත් ලබාගත හැකි වන්නේ රුපියල් 3000-5000 දක්වා වූ සුළු මුදලක් පමණි.

    අන්තර්ජාල වෙළෙදාමට දිගු ඉතිහාසයක් ඇත. අන්තර්ජාලයේ පැතිර යාමත් සමග තම භාණ්ඩ විකුණා ගැනීමත් සේවාවන් ලබාගැනීමත් පුළුල් වීම නිසා අන්තර්ජාල වෙළෙදාම දිනෙන් දින දියුණුවට පත් විය.

    කිසිවකුට කිසියම් විෂයයක් සම්බන්ධව ග්‍රන්ථ හෝ කෙටි කතා, නවකතා රචනා කොට ඊ පොතක් ලෙස (E Book) අන්තර්ජාලයේ පළ කළ හැකිය. ඇමේසන්. කොම් වෙබ් (Amazon.com) අඩවිය ‍ඊට හොඳම තෝතැන්නයි. ඒ හරහා එම විෂයයට කැමැත්තක් දක්වන්නෝ එම පොත මිලදී ගැනීමට පෙළැඹෙති. දහස් ගණනක ඩිජිටල් පොත් සාප්පුවක් ඇති ඇමේසන්.කොම් හි ලොව පුරා දහස් ගණනකගේ විවිධ විෂයයන්ට අදාළ ඊ පොත් රැසක් පළ කර ඇති වෙබ් අඩවියකි.

    ඊට අමතරව පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීමට හැකියාව ඇත්තෙකුට පරිගණක හෝ ජංගම දුරකතන සඳහා නවතම අමතර මෘදුකාංග නිර්මාණය කර අන්තර්ජාලයේ මෘදුකාංග වෙළෙදාම් කරන වෙබ් අඩවියක් හා සම්බන්ධ වී තම මෘදුකාංගය ප්‍රචලිත කර මුදල් උපයා ගැනීමේ අවස්ථාව ඇත.

    නිර්මාණශීලී ඡායාරූප ගැනීමේ දක්ෂයකුට මුදල් ඉපැයීමට අන්තර්ජාල‍ය හොඳ තෝතැන්නකි. ෂටර්ස්ටොක්.කොම්, ෂටර්පොයින්ට්.කොම්, අයිස්ටොක්ෆොටෝ. කොම් වැනි වෙබ් අඩවි නිර්මාණශීලී ඡායාරූප විකුණා මුදල් උපයා දීමට සැදී පැහැදී සිටිති. ඒ හරහා විකුණා ගන්නා ඡායාරූපවලට විකුණුම් මිලෙන් සියයට 35 සිට 85 දක්වා ගෙවීමක් ලබා ගැනීමට අදාළ ඡායාරූප ශිල්පියාට හැකියාව ඇත.

    දක්ෂ චිත්‍ර ශිල්පියකුට ද මේ ආකාරයේ අවස්ථාවන් බොහොමයක් ඇත. නිර්මාණශීලී චිත්‍ර අන්තර්ජාලය හරහා අලෙවි කොට විශාල ආදායම් ලබාගැනීම ඕනෑතරම් අවස්ථා ඇත.

    පැරැණි ගෘහ භාණ්ඩ, පැරැණි මුදල් නෝට්ටු සහ කාසි, මුද්දර සඳහාඅද ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබේ. පසුගිය කාලයේ මෙරට ද පැරැණි කාසි, පිගන් කෝප්ප සහ මහන මැෂින් සඳහාසුවිසල් ඉල්ලුමක් තිබූ අතර ඒ හරහා ඉතා විශාල මුදලක් උපයා ගන්නට ද මෙරට වැසියනට හැකියාව ලැබුණි. තමන් සතුව පැරැණි ගෘහ භාණ්ඩ, මුද්දර හෝ කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩයක් තිබේ නම් ඡායාරූප සමඟින් අන්තර්ජාලයේ පළ කිරීමෙන් ඒ සඳහාඋනන්දුවක් දක්වන්නන්ගේ අවධානය ලබාගෙන විකුණා ගැනීමේ අවකාශ ඇත. ඕ.එල්.එක්ස්.කොම්, ක්විකර්.කොම් සහ ක්‍රේග්ලිස්ට්.කොම් වෙබ් අඩවි පැරැණි දෑ විකිණීමට ප්‍රසිද්ධියක් ලබා ඇති වෙබ් අඩවිය.

    ඔන්ලයින් ෂොප් නැතිනම් අන්තර්ජාල සාප්පුවක් පිහිටුවීමේ හැකියාව ද කෙනෙකුට ඇත. අත්කම් නිර්මාණ කිරීමේ දක්ෂයකුට තම නිර්මාණවල ඡායාරූප නිර්මාණාත්මක වෙබ් අඩවියක් සාදා පළ ‍කරමින් ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගත හැකිය. එපමණක් නොවේ වෙනත් අයගේ භාණ්ඩ ද විකුණූ පසු මුදල් ලබා දිමේ පදනම මත තමන්ට කිසියම් ලාභයක් තබාගෙන අන්තර්ජාලයේ වෙළෙදාම් කර මුදල් උපයා ගැනීමේ අවස්ථාව ඇත. තමන්ගේ වෙබ් අඩවියක් හරහා භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි නම් ඊ බේ, ඉන්ඩියාබසාර් වැනි බොහෝ දෙනා ගැවසෙන වෙබ් අඩවිවල වැඩි මහන්සියකින් තොරව භාණ්ඩ ප්‍රදර්ශනය කර විකුණා ගැනීමේ හැකියාව ඇත. (Affiliate Marketing)

    අන්තර්ජාලය හරහා ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම සඳහාසුප්‍රසිද්ධම ආයතන ‍ද්විත්වයකි ඔඩෙක්ස් සහ එලාන්ස් යන ආයතනය. එපමණක් නොව තමන්ගෙන් කිසියම් සේවාවක් ලබා ගැනීම සඳහා කිසියම් ආයතනයක් උත්සාහ කරන විට එම ආයතනය ගැන පූර්ව නිගමනයක් ගැනීම නුවණට හුරුය. ඒ මන්දයත් වර්තමානය වන විට අන්තර්ජාලයේ වංචාකාර ලෙස මුදල් උපයන ආයතන ලක්ෂ ගණනක් බිහි වී ඇති අතර ඒවාට හසු වනන්නන්ද බොහොමය. එම නිසා තමන් අන්තර්ජාලය හරහා කිසියම් ආයතනයක් තමන්ගෙන් මුදල් ගෙවීමේ පදනම මත කිසියම් රාජකාරියක් සිදුකර ගන්නේ නම් එම ආයතනය ගැන ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් කරුණු සොයා බැලිය යුතුමය. එම වෙබ් අඩවිය පවත්වාගෙන යන රට, එම ආයතනයේ ලියාපදිංචි ලිපිනය, ආරම්භ කළ දිනය, දිනකට නරඹන පිරිස, අදාළ වෙබ් අඩවියට අදාළ වෙබ් රෑන්ක් පිළිබඳ තොරතුරු (Web Rank - වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය කුමක්ද යන්න ‍සොයා ගැනීම), එම පිරිස් පැමිණෙන්නේ කුමන රටවලින්ද, වෙබ් අඩවියට පැමිණෙන පිරිසේ අඩු වැඩිවීම් ගැන ප්‍රථමයෙන් විශ්ලේෂණයක් කිරීම නුවණට හුරුය.

    මෙසේ වෙබ් අඩවි විශ්ලේෂණය (Web Statistics) සදහාම සැකසුණු වෙබ් අඩවි ඇත. ඇලෙක්සා වෙබ් අඩවිය (www.alexa.com) වෙබ් අඩවි විශ්ලේෂණය සඳහාදැනට ජනප්‍රියතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියට ගොස් අදාළ තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනය ලබාදුන් විට එහි තොරතුරු ලබා දීම සිදු කරයි. එසේ නොමැතිව මුදලට ගිජුව කටයුතු කළ හොත් සිදු වන්නේ නිකරුණේ තම කාලය කැප කිරීමට සිදු වීමයි.

    තනි තනිවම ද ආයතන පිහිටුවා ගනිමින් ද වර්තමානය වන විට අන්තර්ජාල හරහා මුදල් උපැයීම සිදුවෙයි. විශේෂයෙන්ම ඩේටා එන්ට්‍රි සිදු කිරීම මෙරට මහ පරිමාණව ආයතනගතව සිදු කරන අන්තර්ජාල මුදල් ඉපැයීමේ කර්මාන්තයක් බවට පත්ව තිබේ. එපමණක් නොව විදෙස් රටවල ගිණුම් සකසා දීම වැනි කාර්යයන් ද මෙරට දී සිදුවන්නේ අදාළ විදෙස් ආයතනවලට දැරීමට සිදුවන අඩු පිරිවැය නිසා ය.

    තමන්ගේ වෙබ් අඩවියේ වෙනත් ව්‍යාපාරයන්හි වෙබ් අඩවිවල දැන්වීම් පළ කිරීමද ඉහළ ආදායමක් ලැබීමට ඇති මාර්ගයකි. එහෙත් එසේ වැඩි මුදලක් උපයා ගැනීමට හැකිවන්නේ තම වෙබ් අඩවියට පැමිණෙන අමුත්තන් වැඩි වන ප්‍රමාණයට ය. තම වෙබ් අඩවියට පැමිණෙන නරඹන්නෙක් එහි ප්‍රචාරය කර තිබෙන වෙනත් ආයතනයක දැන්වීමක් ක්ලික් කර එම වෙබ් අඩවියට පිවිසීමේ දී මුදල් එකතු වීමක් සිදු වෙයි.

    අන්තර්ජාලය හරහා තවත් මුදල් ඉපැයීමේ ක්‍රමයකි ෆොරෙක්ස් ට්‍රේඩින් හෙවත් අන්තර්ජාලයේ මුදල් ආයෝජනයයි. එනම් විදෙස් මුදල් මිලදී ගෙන එහි වටිනාකම වැඩි වන විට ලාභයක් තබා ගෙන නැවත විකිණීමයි. නිසි දැනුමක් නොමැතිව කළ හොත් මෙරට මුදල් විදෙස් වෙත ඇදී යන ක්‍රමවේදයක් වන මේ සඳහාමෙරට රජයේ කිසිදු අවධානයක් මේ වන තෙක් යොමු නොවී ඇත්තේ ෆොරෙක්ස් ට්‍රේඩින් මෙරට ක්‍රියාත්මක නොවන නිසාවෙනි. නමුත් නිසි පරිදි මුදල් ආයෝජනය කිරීම මඟින් මේ හරහා විශාල මුදලක් උපයා ගත හැකිවා සේම නිසි පරිදි ආයෝජනය නොකළොත් සියලු මුදල් අහිමි වීමේ අවධානමක් ද ඇත.

    අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේ ක්‍රම ත්‍රිත්වයක් ඇත. එනම් චෙක් පත් මඟින් බැංකු ගිණුමට සෘජුව තැන්පත් කිරීම හා පේපෑල් හරහා ය. අන්තර්ජාල වෙළෙදාමේ දී මුදල් හුවමාරුවේ දී යම් යම් ගැටලු මතුව ඇත්තේ අන්තර්ජාල වෙළෙදාමේ මුදල් හුවමාරු කරන අතරමැදි ආයතනය වන පේ පෑල් ආයතනය තවම ලංකාව සිය ලැයිස්තුවට ඇතුළත් නොකිරීමයි. එසේම ලංකාවේ නම අදුරු කිරීමට හේතුවක්ව ඇත්තේ ඊ බේ හරහා භාණ්ඩ මිලදී ගෙන එය නොලැබුණේ යැයි පවසමින් නැවත වරක් එම භාණ්ඩය අදාළ විකුණුම්කරුවන්ගෙන් ලබා ගැනීමයි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ලංකාවට ඊ බේ තහනම් කලාපයක් වනු නියතය.

    අන්තර්ජාල වෙළෙදාම යනු රටට විදෙස් විනිමය ගෙනන හොදම මාර්ගයකි. එහෙත් එහි නියම වටිනාකම යටපත් වී බොහෝ සරල දේවල් මතුපිටට පැමිණෙමින් තිබේ. දක්ෂතාවන් ඇත්තවුන්ට මුදල් උපයා ගැනීමේ හොදම අවකාශයක් ඇති අන්තර්ජාලයේ නියම වටිනාකම ජනතාවට හදුන්වා දීමට රජයට සම්බන්ධ ආයතනයක් ක්‍රියා කරන්නේ නම් විරැකියාවට ද යම් තරමක හෝ විසදුමක් සොයා ගැනීමට හැකි වනවා ඇත.

    තොරතුරු තාක්ෂණ ග්‍රන්ථ කතුවර ආසිරි ඩිල්හාන් ද සිල්වා මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි. [http://www.dinamina.lk/2016/08/20/21169]
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :eek:

    "අන්තර්ජාලය හරහා ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම සඳහාසුප්‍රසිද්ධම ආයතන ‍ද්විත්වයකි ඔඩෙක්ස් සහ එලාන්ස් යන ආයතනය"
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    :eek:

    "අන්තර්ජාලය හරහා ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම සඳහාසුප්‍රසිද්ධම ආයතන ‍ද්විත්වයකි ඔඩෙක්ස් සහ එලාන්ස් යන ආයතනය"

    පොඩි වැරදීමක් හිටං :rofl::rofl: