Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිනිවා වල කොටි සිංහ සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනිවා වල කොටි සිංහ සටන

- ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 මාර්තු 20 )

රටකට එරෙහිව විදේශ බලවේග ක්‍රියාත්මක වන විට එයට එරෙහිව නැගී සිටිමට නායකත්වය දිය යුත්තේ රටේ පාලකයන්ය. එය රටක පාලකයන්ගේ ඓතිහාසික වගකීමයි. ජාතියට ඇති තර්ජනයක් හඳුනාගෙන එයට සාර්ථකව මුහුනදීමට අසමත් නායකයින් වහාම ඉවත්කිරීම රටක ජනතාවගේ ඓතිහාසික වගකීමයි. 1940 දී හිට්ලර්ගේ නාසිවාදයෙන් බ්‍රිතාන්‍යට වියහැකි දිගු කාලීන අනතුර වටහා ගත නොහැකිව හිට්ලර් සමග සාම සාකච්ඡා උගුලක පැටලී සිටි බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් එලවා දමා නව අග්‍රාමාත්‍ය ලෙස වින්සන්ට් චර්චිල් නැමති අභීත නායකයා පත් කරගන්නට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එදා තීරණය නොකරන්නට දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍යයේ පරාජය නිසැක වන්නට තිබුනි.

අද ලංකාව මුහුන දී තිබෙන්නේත් එවැනි තත්වයකටය. ලංකාවට එරෙහි යුද්ධයක් අද නැති වුනත් එදා යුද්ධයෙන් පවා ප්රභාකරන්ගේ ත්රස්තවාදීනට ඉටුකර ගත නොහැකි වූ ඊලාම් සිහිනය, ලංකාවේ වත්මන් බියගුලු නායකත්වයට විදේශ බලපෑම් එල්ල කිරීම තුලින් , යහපාලන රජයේ පාලන කාලය තුලම ඉටු කරවා ගැනීමේ ක්‍රියාවලිය ජගත් මානව හිමිකම් කොමිසම හරහා 2015 සිට ආරම්ඹ වී ඇත.

දෙමල ඩයස්පෝරාවේ අන්තවාදී කොටස් උපක්රමශීලීව කටයුතු කොට 2009 යුධ ජයග්‍රහණය කනපිට හරවමින් සිටින ආකාරය අපි මදක් විමසා බලමු.

2009 මැයි මස 19දා අවසාන කොටි නායකයාත් ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කර දැමුවායයි අප සිතුවාට ලංකාවෙන් පිටස්තරව ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තරජාතික ජාලය තවමත් ඉතුරුව ඇති බව එවකට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ලේකම්ව සිටි ගෝටාභය රාජපක්ෂ මහතා ඇතුලු නායකත්වය නම් හොඳින්ම වටහා ගෙන සිටියහ. ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල් ටී ටි ඊ යේ නායකත්වයට පත් 'කේ පී' ව ඉතා සූක්ෂම බුද්ධි අංශ මෙහෙයුමක් හරහා මැලේසියාවේදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන එන්නට ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වරයා නායකත්වය දුන්නේ ඒ නිසාය. කේ පී මාර්ගයෙන් කොටීන්ගේ අන්තර් ජාතික ජාලය ගැන තොරතුරු රැසක් හෙලිවූ අතර බුද්ධි අංශ වලට ඊලඟට පැවරුන කාර්යය වූයේ එකින් එක මේ ජාලය බිඳ හෙලීමය. 'ඔපරේෂන් ඩබල් එජ්’ ( දෙපිට කැපෙන මෙහෙයුම ) නමින් රහස් මෙහෙයමුක් ඇරබී ලංකාව තුල සිට අන්තර්ජාතික කොටි ජාලයන් සමඟ සම්බන්ධතා පවත්වන ඔත්තු කාරයක් සෙවීම ඇරබෙන්නේ ඒ අනුවය. 2015 දී යහපාලන රජය විසින් එම මෙහෙයුම භාරව සිටි කර්නල් ශම්මි කුමාරත්න වැනි බුද්ධි අංශ නිලධාරීන්ව එක්නැලිගොඩ විමර්ශනය හරහා අත් අඩංගුවට ගෙන , මීට පෙර වතාවක රනිල් වික්‍රමසිංහ බලයට ආ 2002 වසරේදී සිදු කල 'මිලේනියම් සිටී' පාවාදීම හරහා හිටපු අති දක්ෂ බුද්ධිහමුදා නිලධාරියෙකු වූ කර්නල් මුතාලිප් ඇතුලු කන්ඩායමේ තොරතුරු එල් ටී ටී යට හෙලිදරව් කොට මුතාලිප් ඇතුලු 40 කට වැඩි බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතනය කර්න්නට කොටින්ට අවස්ථාව ලබා දුන්නක් මෙන් මෙවරද 'ඔපරේශන් ඩබල් එජ්' නමින් බුද්ධි අංශ විසින් හදුන්වන ලද රහස් මෙහෙයුම කොටි හිතවාදීනට හෙලිදරව් කරවන ලදී. මේ අමන හා දේශද්‍රෝහී ක්‍රියාවල අවසාන ප්‍රතිපලය නම් ලංකාවේ බුද්ධි අංශ අකර්මණ්‍ය වී අන්තර්ජාතික කොටි ජාලයන් ගැන සොයා බලනවා තබා අඩුම ගානේ දිගන මුස්ලිම් කඩ ගිනි තැබීමෙ සිද්ධිය පවා කලින් වැලක්විය නොහැකි තරමට බුද්ධි අංශ වල දුර්වලවී ඇතැයි චෝදනා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහටම සිදු වීමය. බුද්ධි අංශ මෙසේ දුර්වල වීමට හේතුවූයේ කවුදැයි දැනගන්නට අවශ්‍යනම් අගමැතිවරයාට කරන්නට ඇත්තේ කන්නාඩියක් ඉදිරියට යාම පමනි.

ප්රභාකරන් හා එල් ටී ටී ඊ යේ අනෙකුත් සන්නද්ධ නායකයින් මියගොස් ලංකාව තුල ත්‍රස්ථවාදය තාවකාලිකව අවසන් වූවාට කොටින්ගේ අන්තර්ජාතික ජාලය විනාශ වූයේ නැත. මෙම ජාලයට වාර්ෂිකව එකතු වෙනවා යැයි බුද්ධි අංශ විසින් ‘ කේ පී’ ගෙන් ලද තොරතුරුද ආශ්‍රිතව ඇස්තමේන්තු කොට තිබූ, ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 6200 ක පමන මුදල අදත් ඔවුන්ට එකතුවේ. මෙය පහසුවෙන් අතහැරිය හැකි ධන නිධානයක් නොවේ. 'කේ පී' අත් අඩංගුවට ගනු ලද වහාම එල් ටී ටී යේ අන්තර්ජාතික ජාලය ප්‍රතිසංවිධානය කොට මතු පිහිටවන ඊලාම් දේශයේ අගමැතිවරයා ලෙස දැනට ඇමෙරිකාවේ ජීවත් වන විශ්වනාදන් රුද්රකුමාරන් නැමත්තා පත්කරගනු ලබන්නේ ඒ අනුවය. ඊට අමතරව ලොව පුරා විසිරුන නායකත්ව මන්ඩයක් විසින් වත්මන් එල් ටී ටී අදායම් පාලනය කෙරේ. දැන් යුද්ධයට මුදල් අවශ්‍ය නැති නිසා මෙම ගෝලීය ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එදා යුධ අවි සඳහා වියදම් කල මුදලෙන් සුලු කොටසක් වැයකොට ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයින්, අන්තර්ජාතික ආයතනවල වගකිවයුතු තනතුරු දරන නිලධාරීන් හා චනල් 4 වැනි කුප්‍රකට මාධ්‍ය ආයතන වල සහාය මිලදී ගැනීමට හැකියාව අත. විටින් විට උද්ඝෝෂණයක් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා යුරෝපයෙ විසිර සිටින අන්තවාදී තරුණ කොටස් කැඳවා ඔවුන්ගේ විය හියදම් බලා ගැනීම මෙම සංවිධානයට සුලු දෙයකි. මේ උද්ඝෝෂන නරබන්නන් සිතන්නේ සමස්ථ දෙමල ප්‍රජාවම ඊලම සිහිනයට සහාය දක්වනවා කියායි. ලොව පුරා විසිරී සිටින තම බලගතු ගනුදෙනුකරුවන් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුලට පවා දෙමළ ඊලමේ අවශ්‍යතා රිංගවා ගන්නට කොටි ඩයස්පෝරාව මේ වන විට සමත් වී ඇත. සෑම මාස තුනකට වරක්ම ජිනීවා වල පැවත්වෙන එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් සැසිවාර වලට බුරුතු පිටින් සහභාගී වී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන අමූලික බොරු කියන ඉන්දියාවේ ‘වයිකෝ' වැන්නන් මුදල් ගෙවා ගෙන්නා ගන්නේ මේ සංවිධානාත්මක කොටි ජාලය විසිනි.

ඇත්තෙන්ම කියනවානම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්වෛරී රටකට එරෙහිව කල හැකි දෙයක් නැත. උදාහරණයක් ලෙස වසරක් පාසා මෙම කවුන්සිලය විසින් ඊශ්‍රායලයට එරෙහිව සම්මත කරන යෝජනා ඊශ්‍රායලය තුට්ටුවකටවත් ගනන් ගන්නේ නැත. එයට හේතුව රටකට එරෙහිව සම්බාධක ආදිය පැනවිය හැක්කේ මානව හිමිකම් කවුන්සිලයට ඉහලින් සිටින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට පමනක් වීමයි. එතැනදී ඊශ්‍රායලයට අමෙරිකාවේ රැකවරනය අත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවට එරෙහිව යම් යෝජනාවක් ආරක්ෂක මන්ඩලයට ගෙන ගියද එහි නිෂේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල සහාය තිබෙන තාක් ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ආරක්ෂක මන්ඩලය තුල සම්මත කර ගත නොහැක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන හුඹස් බියකින් පෙලීමට අවශ්‍යතාවක් පසුගිය රජයට නොතිබුනේ මේ නිසායි.

නමුත් 2015 දී රජය වෙනස් වූවාට පසු රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේනගේ හවුල් ආන්ඩුව යටතේ පසු සිදුවූයේ අදහාගත නොහැකි ආකාරයේ ඓතිහාසික වරදකි. ඒ එවකට විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මහතා විසින් ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවකට සම අනුග්‍රහය දක්වීමට ගත් තීරණයයි.

2015 දී ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රටක් විසින් එක්සත් ජාතීගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යොජනාවකට යහපාලන නායකයින් විසින් සම අනුග්‍රහය ලබා දීම 1815 දී නිලමේලා විසින් උඩරට ගිවිසුම මගින් සිංහලය සුද්දාට පාවා දුන්නාක් වැනිම පවාදීමකි. රජය එය නොකරන්නට චීනය හා රුසියාව ඇතුලු බොහෝ රටවල් ඇමෙරිකාව ගෙන ආ ජිනීවා යෝජනාවට විරුද්ධ වන්නට ඉඩ තිබුනි. ඔවුන් එසේ විරුද්ධ වූවානම් එදා එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත වුවත් එය කිසිදිනක ආරක්ෂක මන්ඩලය දක්වා ගෙන ගොස් එහිදී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගන්නට ජිනීවා යෝජනාව පිටුපස සිටි බලවේග වලට නොහැකි වනු ඇත. මන්ද චීනය හා රුසියාවට ආරක්ෂක මන්ඩලය තුල නිෂේධ බලය හිමි බැවිනි. එහෙත් ලංකාව උඩබලාගෙන කෙල ගසාගත් පසු කෙල පිසින්නට ඉදිරිපත්වන්නේ කවුද ? එදා ලංකා රජයම සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 30 /1 යෝජනාව ඒකමතිකව සම්මත වූයේ එබැවිනි.

2015 සිට සෑම කාර්තුවකම මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට බුරුතු පිටින් කථිකයින් ගෙනැවිත් දෙමළ ඩයස්පෝරාව ඉල්ලන්නේ ලංකාවේ ප්‍රශ්ණය ආරක්ෂක මන්ඩලයට ගෙන යන ලෙසයි. ඔවුන් මේ වන විටත් පලමු කඩුල්ල පැන ඇති නිසා මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දෙවන පියවරයි. මේ හරහා ශ්‍රී ලංකා රජය දැඩි පීඩනයකට ලක්කොට ලංකාව තුලම ව්‍යවස්ථා සංශෝධනයක් කරවාගෙන තම ඊලම් සිහිනය ඉටුකරවා ගැනීමට මූලික අඩිතාලම දමාගැනීම ඔවුන්ගේ කෙටි කාලීන බලාපොරොත්තුවයි. එයද තම අරමුණ කරා යන ගමනේ ඔවුන් විසින් තබන්නට බලාපොරොත්තු වන එක් ඉදිරි පියවරක් මිස අවසාන පියවර නොවේ.

විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා වලදි එම යෝජනාවට සම අනුග්‍රහය දීමට තීරනය කල වේලේ අලුතින් පත්ව සිටි ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ ගන දැනුවත්ව නොසිටි බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එසේ නම් ජනාධිපතිවරයාගේ ලිඛිත වසරයකින් තොරව විදේශ ඇමතිවරයා ගත් තීරණයම නීති විරෝදි බව ලොව පිලිගත් සමහරක් නීති විශාරදයින්ගේ මතයයි. ඔවුන් කියනා ආකාරයට විදේශ ඇමතිට ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කොට පැමින පසුව ජනාධිපතිවරයාට හා කැබිනට් මන්ඩලයට දැනුම් දී එහි වගකීම රට මත පැටවිය නොහැක. . එමෙන්ම යොජනාව නිසි විවාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කල ආකාරයත් නීති විරෝදී බව මේ විශේසඥයෝ පෙන්වා දෙති. 2015 ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දැක්වූ , අද රට මර උගුලක පටලවා ඇති, බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන ජිනීවා 30/1 යෝජනාව සම්මත කල ආකාරයට එරෙහිව නීතිමය පියවර ගන්නට රටට ආදරය කරන ලක් දූ පුතුන්ගෙන් සැදුම්ලත් ගෝලීය ශ්‍රී ලාංකීය සංසධය මේ වන විට තීරණය කර ඇත්තේ ඒ නිසාය.

පසුගිය වසර ගනාවක් තිස්සේ ජිනීවා වල ජගත් මානව හිමිකම් කවුන්සිලය තුල පිලිරැව් දුන්නේ අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ කොටි හඩ පමනි. ලංකාවේ කීර්ති නාමය කිලුටු කරමින් ඔවුන් දේශණ පිට දේශණ පවත්වන විට ශ්‍රී ලංකාවේ යහපාලන රජයේ නියෝජිතයෝ මුනිවත රැක්කහ.නමුත් ශ්‍රී ලංකීය ගෝලීය සංසධයේ රජය විසින් නොකරන වගකීම ඉටුකිරීම කරට ගත්දා සිට මේ තත්වය වෙනස් වෙමින් පවති. අද සිංහයන්ද කොටින් හා කරට කර සිටිමින් තම වගකීම ජගත් මානව හිමිකම් කවුන්සිලය තුල ඉටු කරන නිසා අනාගතයේ බලයට පත්වන දේශප්‍රේමී රජයක කාර්ය භාරය තරමක් දුරටහෝ පහසු වී ඇත.

[QUOTE="DANUSHKA637, post: 22990628, member: 409323"] [b]ජිනිවා වල කොටි සිංහ සටන[/b] [b]- ආචාර්ය නාලක ගොඩහේවා ( මව්බිම 2018 මාර්තු 20 ) රටකට එරෙහිව විදේශ බලවේග ක්‍රියාත්මක වන විට එයට එරෙහිව නැගී සිටිමට නායකත්වය දිය යුත්තේ රටේ පාලකයන්ය. එය රටක පාලකයන්ගේ ඓතිහාසික වගකීමයි. ජාතියට ඇති තර්ජනයක් හඳුනාගෙන එයට සාර්ථකව මුහුනදීමට අසමත් නායකයින් වහාම ඉවත්කිරීම රටක ජනතාවගේ ඓතිහාසික වගකීමයි. 1940 දී හිට්ලර්ගේ නාසිවාදයෙන් බ්‍රිතාන්‍යට වියහැකි දිගු කාලීන අනතුර වටහා ගත නොහැකිව හිට්ලර් සමග සාම සාකච්ඡා උගුලක පැටලී සිටි බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් එලවා දමා නව අග්‍රාමාත්‍ය ලෙස වින්සන්ට් චර්චිල් නැමති අභීත නායකයා පත් කරගන්නට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එදා තීරණය නොකරන්නට දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍යයේ පරාජය නිසැක වන්නට තිබුනි. අද ලංකාව මුහුන දී තිබෙන්නේත් එවැනි තත්වයකටය. ලංකාවට එරෙහි යුද්ධයක් අද නැති වුනත් එදා යුද්ධයෙන් පවා ප්රභාකරන්ගේ ත්රස්තවාදීනට ඉටුකර ගත නොහැකි වූ ඊලාම් සිහිනය, ලංකාවේ වත්මන් බියගුලු නායකත්වයට විදේශ බලපෑම් එල්ල කිරීම තුලින් , යහපාලන රජයේ පාලන කාලය තුලම ඉටු කරවා ගැනීමේ ක්‍රියාවලිය ජගත් මානව හිමිකම් කොමිසම හරහා 2015 සිට ආරම්ඹ වී ඇත. දෙමල ඩයස්පෝරාවේ අන්තවාදී කොටස් උපක්රමශීලීව කටයුතු කොට 2009 යුධ ජයග්‍රහණය කනපිට හරවමින් සිටින ආකාරය අපි මදක් විමසා බලමු. 2009 මැයි මස 19දා අවසාන කොටි නායකයාත් ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කර දැමුවායයි අප සිතුවාට ලංකාවෙන් පිටස්තරව ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තරජාතික ජාලය තවමත් ඉතුරුව ඇති බව එවකට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ලේකම්ව සිටි ගෝටාභය රාජපක්ෂ මහතා ඇතුලු නායකත්වය නම් හොඳින්ම වටහා ගෙන සිටියහ. ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල් ටී ටි ඊ යේ නායකත්වයට පත් 'කේ පී' ව ඉතා සූක්ෂම බුද්ධි අංශ මෙහෙයුමක් හරහා මැලේසියාවේදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන එන්නට ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වරයා නායකත්වය දුන්නේ ඒ නිසාය. කේ පී මාර්ගයෙන් කොටීන්ගේ අන්තර් ජාතික ජාලය ගැන තොරතුරු රැසක් හෙලිවූ අතර බුද්ධි අංශ වලට ඊලඟට පැවරුන කාර්යය වූයේ එකින් එක මේ ජාලය බිඳ හෙලීමය. 'ඔපරේෂන් ඩබල් එජ්’ ( දෙපිට කැපෙන මෙහෙයුම ) නමින් රහස් මෙහෙයමුක් ඇරබී ලංකාව තුල සිට අන්තර්ජාතික කොටි ජාලයන් සමඟ සම්බන්ධතා පවත්වන ඔත්තු කාරයක් සෙවීම ඇරබෙන්නේ ඒ අනුවය. 2015 දී යහපාලන රජය විසින් එම මෙහෙයුම භාරව සිටි කර්නල් ශම්මි කුමාරත්න වැනි බුද්ධි අංශ නිලධාරීන්ව එක්නැලිගොඩ විමර්ශනය හරහා අත් අඩංගුවට ගෙන , මීට පෙර වතාවක රනිල් වික්‍රමසිංහ බලයට ආ 2002 වසරේදී සිදු කල 'මිලේනියම් සිටී' පාවාදීම හරහා හිටපු අති දක්ෂ බුද්ධිහමුදා නිලධාරියෙකු වූ කර්නල් මුතාලිප් ඇතුලු කන්ඩායමේ තොරතුරු එල් ටී ටී යට හෙලිදරව් කොට මුතාලිප් ඇතුලු 40 කට වැඩි බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතනය කර්න්නට කොටින්ට අවස්ථාව ලබා දුන්නක් මෙන් මෙවරද 'ඔපරේශන් ඩබල් එජ්' නමින් බුද්ධි අංශ විසින් හදුන්වන ලද රහස් මෙහෙයුම කොටි හිතවාදීනට හෙලිදරව් කරවන ලදී. මේ අමන හා දේශද්‍රෝහී ක්‍රියාවල අවසාන ප්‍රතිපලය නම් ලංකාවේ බුද්ධි අංශ අකර්මණ්‍ය වී අන්තර්ජාතික කොටි ජාලයන් ගැන සොයා බලනවා තබා අඩුම ගානේ දිගන මුස්ලිම් කඩ ගිනි තැබීමෙ සිද්ධිය පවා කලින් වැලක්විය නොහැකි තරමට බුද්ධි අංශ වල දුර්වලවී ඇතැයි චෝදනා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහටම සිදු වීමය. බුද්ධි අංශ මෙසේ දුර්වල වීමට හේතුවූයේ කවුදැයි දැනගන්නට අවශ්‍යනම් අගමැතිවරයාට කරන්නට ඇත්තේ කන්නාඩියක් ඉදිරියට යාම පමනි. ප්රභාකරන් හා එල් ටී ටී ඊ යේ අනෙකුත් සන්නද්ධ නායකයින් මියගොස් ලංකාව තුල ත්‍රස්ථවාදය තාවකාලිකව අවසන් වූවාට කොටින්ගේ අන්තර්ජාතික ජාලය විනාශ වූයේ නැත. මෙම ජාලයට වාර්ෂිකව එකතු වෙනවා යැයි බුද්ධි අංශ විසින් ‘ කේ පී’ ගෙන් ලද තොරතුරුද ආශ්‍රිතව ඇස්තමේන්තු කොට තිබූ, ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 6200 ක පමන මුදල අදත් ඔවුන්ට එකතුවේ. මෙය පහසුවෙන් අතහැරිය හැකි ධන නිධානයක් නොවේ. 'කේ පී' අත් අඩංගුවට ගනු ලද වහාම එල් ටී ටී යේ අන්තර්ජාතික ජාලය ප්‍රතිසංවිධානය කොට මතු පිහිටවන ඊලාම් දේශයේ අගමැතිවරයා ලෙස දැනට ඇමෙරිකාවේ ජීවත් වන විශ්වනාදන් රුද්රකුමාරන් නැමත්තා පත්කරගනු ලබන්නේ ඒ අනුවය. ඊට අමතරව ලොව පුරා විසිරුන නායකත්ව මන්ඩයක් විසින් වත්මන් එල් ටී ටී අදායම් පාලනය කෙරේ. දැන් යුද්ධයට මුදල් අවශ්‍ය නැති නිසා මෙම ගෝලීය ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එදා යුධ අවි සඳහා වියදම් කල මුදලෙන් සුලු කොටසක් වැයකොට ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයින්, අන්තර්ජාතික ආයතනවල වගකිවයුතු තනතුරු දරන නිලධාරීන් හා චනල් 4 වැනි කුප්‍රකට මාධ්‍ය ආයතන වල සහාය මිලදී ගැනීමට හැකියාව අත. විටින් විට උද්ඝෝෂණයක් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා යුරෝපයෙ විසිර සිටින අන්තවාදී තරුණ කොටස් කැඳවා ඔවුන්ගේ විය හියදම් බලා ගැනීම මෙම සංවිධානයට සුලු දෙයකි. මේ උද්ඝෝෂන නරබන්නන් සිතන්නේ සමස්ථ දෙමල ප්‍රජාවම ඊලම සිහිනයට සහාය දක්වනවා කියායි. ලොව පුරා විසිරී සිටින තම බලගතු ගනුදෙනුකරුවන් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුලට පවා දෙමළ ඊලමේ අවශ්‍යතා රිංගවා ගන්නට කොටි ඩයස්පෝරාව මේ වන විට සමත් වී ඇත. සෑම මාස තුනකට වරක්ම ජිනීවා වල පැවත්වෙන එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් සැසිවාර වලට බුරුතු පිටින් සහභාගී වී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන අමූලික බොරු කියන ඉන්දියාවේ ‘වයිකෝ' වැන්නන් මුදල් ගෙවා ගෙන්නා ගන්නේ මේ සංවිධානාත්මක කොටි ජාලය විසිනි. ඇත්තෙන්ම කියනවානම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්වෛරී රටකට එරෙහිව කල හැකි දෙයක් නැත. උදාහරණයක් ලෙස වසරක් පාසා මෙම කවුන්සිලය විසින් ඊශ්‍රායලයට එරෙහිව සම්මත කරන යෝජනා ඊශ්‍රායලය තුට්ටුවකටවත් ගනන් ගන්නේ නැත. එයට හේතුව රටකට එරෙහිව සම්බාධක ආදිය පැනවිය හැක්කේ මානව හිමිකම් කවුන්සිලයට ඉහලින් සිටින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට පමනක් වීමයි. එතැනදී ඊශ්‍රායලයට අමෙරිකාවේ රැකවරනය අත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවට එරෙහිව යම් යෝජනාවක් ආරක්ෂක මන්ඩලයට ගෙන ගියද එහි නිෂේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල සහාය තිබෙන තාක් ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ආරක්ෂක මන්ඩලය තුල සම්මත කර ගත නොහැක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන හුඹස් බියකින් පෙලීමට අවශ්‍යතාවක් පසුගිය රජයට නොතිබුනේ මේ නිසායි. නමුත් 2015 දී රජය වෙනස් වූවාට පසු රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේනගේ හවුල් ආන්ඩුව යටතේ පසු සිදුවූයේ අදහාගත නොහැකි ආකාරයේ ඓතිහාසික වරදකි. ඒ එවකට විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මහතා විසින් ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවකට සම අනුග්‍රහය දක්වීමට ගත් තීරණයයි. 2015 දී ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රටක් විසින් එක්සත් ජාතීගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල යොජනාවකට යහපාලන නායකයින් විසින් සම අනුග්‍රහය ලබා දීම 1815 දී නිලමේලා විසින් උඩරට ගිවිසුම මගින් සිංහලය සුද්දාට පාවා දුන්නාක් වැනිම පවාදීමකි. රජය එය නොකරන්නට චීනය හා රුසියාව ඇතුලු බොහෝ රටවල් ඇමෙරිකාව ගෙන ආ ජිනීවා යෝජනාවට විරුද්ධ වන්නට ඉඩ තිබුනි. ඔවුන් එසේ විරුද්ධ වූවානම් එදා එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත වුවත් එය කිසිදිනක ආරක්ෂක මන්ඩලය දක්වා ගෙන ගොස් එහිදී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගන්නට ජිනීවා යෝජනාව පිටුපස සිටි බලවේග වලට නොහැකි වනු ඇත. මන්ද චීනය හා රුසියාවට ආරක්ෂක මන්ඩලය තුල නිෂේධ බලය හිමි බැවිනි. එහෙත් ලංකාව උඩබලාගෙන කෙල ගසාගත් පසු කෙල පිසින්නට ඉදිරිපත්වන්නේ කවුද ? එදා ලංකා රජයම සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 30 /1 යෝජනාව ඒකමතිකව සම්මත වූයේ එබැවිනි. 2015 සිට සෑම කාර්තුවකම මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට බුරුතු පිටින් කථිකයින් ගෙනැවිත් දෙමළ ඩයස්පෝරාව ඉල්ලන්නේ ලංකාවේ ප්‍රශ්ණය ආරක්ෂක මන්ඩලයට ගෙන යන ලෙසයි. ඔවුන් මේ වන විටත් පලමු කඩුල්ල පැන ඇති නිසා මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දෙවන පියවරයි. මේ හරහා ශ්‍රී ලංකා රජය දැඩි පීඩනයකට ලක්කොට ලංකාව තුලම ව්‍යවස්ථා සංශෝධනයක් කරවාගෙන තම ඊලම් සිහිනය ඉටුකරවා ගැනීමට මූලික අඩිතාලම දමාගැනීම ඔවුන්ගේ කෙටි කාලීන බලාපොරොත්තුවයි. එයද තම අරමුණ කරා යන ගමනේ ඔවුන් විසින් තබන්නට බලාපොරොත්තු වන එක් ඉදිරි පියවරක් මිස අවසාන පියවර නොවේ. විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා වලදි එම යෝජනාවට සම අනුග්‍රහය දීමට තීරනය කල වේලේ අලුතින් පත්ව සිටි ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ ගන දැනුවත්ව නොසිටි බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එසේ නම් ජනාධිපතිවරයාගේ ලිඛිත වසරයකින් තොරව විදේශ ඇමතිවරයා ගත් තීරණයම නීති විරෝදි බව ලොව පිලිගත් සමහරක් නීති විශාරදයින්ගේ මතයයි. ඔවුන් කියනා ආකාරයට විදේශ ඇමතිට ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කොට පැමින පසුව ජනාධිපතිවරයාට හා කැබිනට් මන්ඩලයට දැනුම් දී එහි වගකීම රට මත පැටවිය නොහැක. . එමෙන්ම යොජනාව නිසි විවාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කල ආකාරයත් නීති විරෝදී බව මේ විශේසඥයෝ පෙන්වා දෙති. 2015 ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දැක්වූ , අද රට මර උගුලක පටලවා ඇති, බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන ජිනීවා 30/1 යෝජනාව සම්මත කල ආකාරයට එරෙහිව නීතිමය පියවර ගන්නට රටට ආදරය කරන ලක් දූ පුතුන්ගෙන් සැදුම්ලත් ගෝලීය ශ්‍රී ලාංකීය සංසධය මේ වන විට තීරණය කර ඇත්තේ ඒ නිසාය. පසුගිය වසර ගනාවක් තිස්සේ ජිනීවා වල ජගත් මානව හිමිකම් කවුන්සිලය තුල පිලිරැව් දුන්නේ අන්තවාදී දෙමල ඩයස්පෝරාවේ කොටි හඩ පමනි. ලංකාවේ කීර්ති නාමය කිලුටු කරමින් ඔවුන් දේශණ පිට දේශණ පවත්වන විට ශ්‍රී ලංකාවේ යහපාලන රජයේ නියෝජිතයෝ මුනිවත රැක්කහ.නමුත් ශ්‍රී ලංකීය ගෝලීය සංසධයේ රජය විසින් නොකරන වගකීම ඉටුකිරීම කරට ගත්දා සිට මේ තත්වය වෙනස් වෙමින් පවති. අද සිංහයන්ද කොටින් හා කරට කර සිටිමින් තම වගකීම ජගත් මානව හිමිකම් කවුන්සිලය තුල ඉටු කරන නිසා අනාගතයේ බලයට පත්වන දේශප්‍රේමී රජයක කාර්ය භාරය තරමක් දුරටහෝ පහසු වී ඇත.[/b] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom