Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1sam" data-source="post: 24142688" data-attributes="member: 557062"><p>වරක් මම නත්තල් නිවාඩුවට ලංකාවට යාමට මෙල්බර්න් ගුවන් තොටුපොළට හොඳටම ප්‍රමාද වී පැමිණියා. කෙසේ හෝ අවසානයේ boarding gate එක ලඟට වෙලාවට යා ගත්තා. ප්‍රමාද වීම නිසා පැය කිහිපයකින් වතුරවත් නැතිව බඩගින්නේ හිටපු මම, බෝඩින් පටන් ගැනීමට මිනිත්තු කිහිපයක් තියන නිසා මා ළඟ තිබුන කලින් මිලදී ගත් ඩියුටි ෆ්‍රී බඩුත් හෑන්ඩ් ලගේජ් එකට දමා ගත්තා. ඒ බඩු පෙරදින මිලදී ගෙන ගෙදර ගෙනවිත් එහි සීල් ගලවා (කස්ටම් එකෙන් පිටවනතුරු ඒ සීල් නොකැඩිය යුතු උනත් ) එහි තිබුන කැමරාවේ බැටරිය චාර්ජ් කර ඒ බඩු සමග නොමිලේ ලැබුන කුඩා බ්‍රැන්ඩි බෝතල් දෙක (එකක් 90 ml පමණ ) බී එයට කෝක් පුරවා තැබුවේ නිකං ලැබුනත් ඒවාත් ඩියුටි ෆ්‍රී බිලේ අයිටම් හැටියට රටින් පිටට ගෙන යා යුතු නිසයි. ඩියුටි ෆ්‍රී බඩු බෑග් එකට දමන විට අර කියූ බ්‍රැන්ඩි (ඒක නිකං දුන්නා උනාට රෙමි මාර්ටින් මිනියේචර් බෝතල්) දෙක හමු උනා. ඒවා ගෙනගොස් වැඩක් නැතිනිසා බින් එකට දමන්න යනවිට එහි තියන කෝක් ටික මතක් වී, එතනම බිත්තිය හැටියට තියන අඳුරු කල වීදුරුව පැත්තට හැරී උඩ බලාගෙන කටට හලාගත්තා ඉන්පසු හිස් බෝතලුත් පෙට්ටිත් එතනම තියන බින් එකට දමා ඇතුලට ගොස් වේටින් රූම් එකේ හිස්ව තිබුණ ඉදිරි පෙළ පුටුවක් ලඟට ගොස් ඊට අල්ලපු පුටුවේ ඉන්න සුද්දාගෙන් එතන ඉඳ ගන්නද කියා අසන්න (සාමාන්‍යයෙන් කවුරුත් එහෙම අහනවා) හදනකොටම ඌ රවලා බලලා නැගිටලා ගියා. මම එතන ඉඳගත්ත ගමන්ම අනික් පැත්තේ හිටපු පොඩි එකාව ඒකාගේ අම්මා ඇදලා අරගෙන උකුලෙන් තියා ගෙන අහක බලා ගත්තා. අහල පහල අනිකුත් මිනිස්සුත් මට රවනවා වගේ තමයි මට තේරුනේ. ඔසියෝ හරි ආචාරශීලී මිනිස්සු. ඒත් මට මේවගේ සැලකීමක් ලැබුනේ මොකද කියා තේරුනේ ඊළඟ මොහොතේයි. මම දැන් ඉඳගෙන ඉන්නේ අර කෝක් ටික බිවූ අඳුරු වීදුරුවේ ඇතුල් පැත්තේයි. පිටතින් ඇතුල නොපෙනුනාට, ඇතුලතින් පිට පැත්ත පේන්නේ සාමාන්‍ය වීදුරුවක් ලෙසටයි. (මේක one way mirror එකක්.) මම රෙමි මාටින් කුඩා බෝතල් දෙකක් උඩ බලාගෙන එකපාර කටේ හලාගත්ත වෘත්තීය බේබද්දෙක් කියලා තමයි එතන ආසන්නයේ තිබිච්ච පුටු 20 ක පමණ පිරිසට තේරුම් යන්න ඇත්තේ. මම ප්ලේන් එකට නැගලා සිංගප්පුරුවට එනකම්ම ටොයිලට් එකටවත් යන්න නැගිටින්නේ නැතිව ඔලුව හංගාගෙන ආවා.</p></blockquote><p></p>
[QUOTE="1sam, post: 24142688, member: 557062"] වරක් මම නත්තල් නිවාඩුවට ලංකාවට යාමට මෙල්බර්න් ගුවන් තොටුපොළට හොඳටම ප්‍රමාද වී පැමිණියා. කෙසේ හෝ අවසානයේ boarding gate එක ලඟට වෙලාවට යා ගත්තා. ප්‍රමාද වීම නිසා පැය කිහිපයකින් වතුරවත් නැතිව බඩගින්නේ හිටපු මම, බෝඩින් පටන් ගැනීමට මිනිත්තු කිහිපයක් තියන නිසා මා ළඟ තිබුන කලින් මිලදී ගත් ඩියුටි ෆ්‍රී බඩුත් හෑන්ඩ් ලගේජ් එකට දමා ගත්තා. ඒ බඩු පෙරදින මිලදී ගෙන ගෙදර ගෙනවිත් එහි සීල් ගලවා (කස්ටම් එකෙන් පිටවනතුරු ඒ සීල් නොකැඩිය යුතු උනත් ) එහි තිබුන කැමරාවේ බැටරිය චාර්ජ් කර ඒ බඩු සමග නොමිලේ ලැබුන කුඩා බ්‍රැන්ඩි බෝතල් දෙක (එකක් 90 ml පමණ ) බී එයට කෝක් පුරවා තැබුවේ නිකං ලැබුනත් ඒවාත් ඩියුටි ෆ්‍රී බිලේ අයිටම් හැටියට රටින් පිටට ගෙන යා යුතු නිසයි. ඩියුටි ෆ්‍රී බඩු බෑග් එකට දමන විට අර කියූ බ්‍රැන්ඩි (ඒක නිකං දුන්නා උනාට රෙමි මාර්ටින් මිනියේචර් බෝතල්) දෙක හමු උනා. ඒවා ගෙනගොස් වැඩක් නැතිනිසා බින් එකට දමන්න යනවිට එහි තියන කෝක් ටික මතක් වී, එතනම බිත්තිය හැටියට තියන අඳුරු කල වීදුරුව පැත්තට හැරී උඩ බලාගෙන කටට හලාගත්තා ඉන්පසු හිස් බෝතලුත් පෙට්ටිත් එතනම තියන බින් එකට දමා ඇතුලට ගොස් වේටින් රූම් එකේ හිස්ව තිබුණ ඉදිරි පෙළ පුටුවක් ලඟට ගොස් ඊට අල්ලපු පුටුවේ ඉන්න සුද්දාගෙන් එතන ඉඳ ගන්නද කියා අසන්න (සාමාන්‍යයෙන් කවුරුත් එහෙම අහනවා) හදනකොටම ඌ රවලා බලලා නැගිටලා ගියා. මම එතන ඉඳගත්ත ගමන්ම අනික් පැත්තේ හිටපු පොඩි එකාව ඒකාගේ අම්මා ඇදලා අරගෙන උකුලෙන් තියා ගෙන අහක බලා ගත්තා. අහල පහල අනිකුත් මිනිස්සුත් මට රවනවා වගේ තමයි මට තේරුනේ. ඔසියෝ හරි ආචාරශීලී මිනිස්සු. ඒත් මට මේවගේ සැලකීමක් ලැබුනේ මොකද කියා තේරුනේ ඊළඟ මොහොතේයි. මම දැන් ඉඳගෙන ඉන්නේ අර කෝක් ටික බිවූ අඳුරු වීදුරුවේ ඇතුල් පැත්තේයි. පිටතින් ඇතුල නොපෙනුනාට, ඇතුලතින් පිට පැත්ත පේන්නේ සාමාන්‍ය වීදුරුවක් ලෙසටයි. (මේක one way mirror එකක්.) මම රෙමි මාටින් කුඩා බෝතල් දෙකක් උඩ බලාගෙන එකපාර කටේ හලාගත්ත වෘත්තීය බේබද්දෙක් කියලා තමයි එතන ආසන්නයේ තිබිච්ච පුටු 20 ක පමණ පිරිසට තේරුම් යන්න ඇත්තේ. මම ප්ලේන් එකට නැගලා සිංගප්පුරුවට එනකම්ම ටොයිලට් එකටවත් යන්න නැගිටින්නේ නැතිව ඔලුව හංගාගෙන ආවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom