Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජීවිතය පිරිසිදු වෙන්නෙ ප්‍රඥාවෙන්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය පිරිසිදු වෙන්නෙ ප්‍රඥාවෙන්....

ප්‍රඥාව ඇති කරගැනීම ගැන බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට වර්ණනා කරල තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා (පඤ්ඤා නරානං රතනං) ප්රජීවිතය පිරිසිදු වෙන්නෙ ප්‍රඥාවෙන්....ඥාව තමයි මනුෂ්‍යයන්ට තියෙන ලොකුම මාණික්‍යය. (පඤ්ඤා අනුත්තරා ආභා) ප්‍රඥාව තමයි ලෝකයේ උත්තරීතර ආලෝකය. (පඤ්ඤාය පරිසුජ්ඣතී) ප්‍රඥාවෙන් තමයි මිනිසුන් පිරිසිදු වෙන්නෙ. පිරිසිදු වෙන්නෙ වෙන කිසිම දේකින් නෙමෙයි. අපි කොච්චර නෑවත් මේ නානවා මේ දාඩිය දානවා. මේ දත් මදිනවා. මේ ගඳයි. එහෙම නැද්ද? මේක පිරිසිදු කරල ඉවර කරන්න බෑ. මේකෙන් හැමතිස්සේම ජරාව පිට වෙනවා. නමුත් මේ ජීවිතය පිරිසිදු කරන්න පුළුවන්. ‘පඤ්ඤාය පරිසුජ්ඣතී’ ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.

මේ ප්‍රඥාව තියෙන මනුෂ්‍යයාට අවබෝධය කියන එක කරා යන එක ආයෙ බල කර කර ඇන ඇන කියන්න ඕන නෑ. එයාට ඕන කාරණාව විතරයි. ඒ කාරණය නුවණින් මෙනෙහි කරන එක තමා සතු එකක්. ඒක බාහිර කෙනෙක් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. ඇඟිල්ලෙන් ඇන ඇන කියනවා නම් ඒක ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා නම් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. එයා ඒ ප්‍රඥාව පාවිච්චි කරනවා. ඇයි? ප්‍රඥාව තමා තුළ තියෙන එකක්නෙ. ප්‍රඥාව පිටින් ණයට ගන්න එකක් නෙමෙයි. ප්‍රඥාව එන්නෙ උපතින්. උපතින් එන එකක් ප්‍රඥාව කියන්නෙ. එතකොට ඒ උපතින් එන එක තමයි අපි පාවිච්චි කරන්නෙ. උපතින් එනවා මේ නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව. හැබැයි ඒක වැහිල තියෙන්න පුළුවන්. දැන් අපට වගේ නෙමෙයි ප්‍රඥාව කොයිතරම් වැහිල තිබුණද නන්ද කුමාරයගේ. බුදුරජාණන් වහන්සේට කොච්චර උපක්‍රම කරන්න වුණාද වැහිලා තිබුණු ප්‍රඥාව උපද්දවල ගන්න.

එ වගේ අපේ ප්‍රඥාව උලූප්පල ගන්න කෙනෙක් නෑ. ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඇයි බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය. ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයෙන් උන්වහන්සේ බලනවා අපි දිහා. උන්වහන්සේට පේනවා එතකොට මෙයා තුළ තියෙනවා මේ මේ විදිහට කල්පනාව. මේ කල්පනාවට ගැලපෙන්න මම මේක ප්‍රකාශ කළාම, ඒ විදිහට එයා හිතන්න පටන් ගන්නවා. එතකොට අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේට තමයි ඒ හැකියාව තිබුණෙ. ලෝකෙ වෙන කාටවත් නෑ.

ඉතින් ඒ නිසා අපේ ප්‍රඥාව මතු කරල දෙන්න වර්තමාන ලෝකයේ කවුරුවත් නෑ. බලාපොරොත්තු වෙන්නත් එපා! අපේ ප්‍රඥාව මතු කර ගැනීම අප විසින්ම තමා පිළිසරණ කරගෙන කරන්න ඕන. තමා විසින්ම කරන්න ඕන. එක අවස්ථාවක වංගීස මහරහතන් වහන්සේ (අරහත්වයට පත්වෙන්න කලින්) පිණ්ඩපාතෙ වඩිනවා. ඉස්සරහින් වඩිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. වංගීස ස්වාමීන් වහන්සේගේ ඇසට නොගැලපෙන අරමුණක් දැක්කා. දැකල ඔන්න අයෝනිසෝ මනසිකාරයට වැටුණා.

හිතේ තියෙනවනෙ අයෝනිසෝ මනසිකාරය. හිතේ නැත්තෙ යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන්නෙ අයෝනිසෝ මනසිකාරය. අපි අමාරුවෙන් උපදවාගන්න ඕන එක තමයි යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා රාගය හෝ ද්වේෂය ඇතිවෙන්න එක තත්පරයක් යන්නෙ නෑ.

ඉතින් වංගීස ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ‘‘ස්වාමීනි, මගේ හිත ගිනි ගන්නවා. මගේ හිතේ අකුසල් හටඅරගෙන. මගේ හිත කිළිටි වෙලා. මම මොකද කරන්නෙ?” ආනන්ද හාමුදුරුවො කියනවා ‘‘සිහිය උපදවා ගන්න. ඕක ඇතිවුණේ හේතුවක් නිසා. හේතුව තමයි බාහිරින් ලැබුණු සුභ නිමිත්ත. ඔබ තුළ තිබුණ අයෝනිසෝ මනසිකාරය. ඔය දෙක එකතු වෙලා ඔය රාගය හටගත්තේ. දැන් ඔබ ඒක අසුභ නිමිත්තට හරවල යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න” කිව්වා.

දැන් කවුරු අතේද තියෙන්නෙ? වංගීස ස්වාමීන් වහන්සේ මේක හිතුවා. ප්රහාණය වුණා. හරි සතුටුයි. ඇයි? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වීමෙන් නැති වී යනවා. හරි සතුටුයි. ‘අනේ මං කළණමිතුරන්ගේ ඇසුරෙන් හිත රැකගත්තා.’ පහුවදා ඔන්න උන්වහන්සේ තනියම වඩිනවා. ආයෙත් දැක්ක විෂභාග අරමුණක්. මොකද අපි මේ හිත කොයිතරම් පරිස්සම් කරගෙන හිටියත් බාහිර අරමුණු එන එක වළක්වන්න බෑනෙ.

‘දැන් අපි මෙතන ඉඳල අතෙන්ට යනවා. එතකොට අපට මේක පෙනෙයි’ කියල අපි දන්නවාද? එහෙම එකක් නෑ. ‘දැන් අපට හවසට මේක ඇහෙයි’ කියල අපි එහෙම දන්නෙ නෑ. ඊළඟ මොහොතෙ අපට මොකක් ඇහෙයිද, අපට මොකක් පෙනෙයිද, අපට මොකක් සිතෙයිද දන්නවද? දන්නෙ නෑ. මේ අවිනිශ්චිත පරිසරය තුළ ඔන්න වංගීස ස්වාමීන් වහන්සේ වැඩියා. ඔන්න අරමුණක් දැක්කා. එදා වගේම වුණා. හිත ඇවිලූණා. කෙලෙස් හටගත්තා. උන්වහන්සේ කල්පනා කළා ‘අනේ මට අද කළ්‍යාණමිත්‍රයෙක් ළඟ නෑ. හැමදාම බාහිර කෙනෙක් මගේ හිත පිරිසිදු කරල දෙන්නෙ නෑ. බාහිර කෙනෙක් මගේ ළඟ ඉඳල මගේ සිහිය උපද්දවන්නෙත් නෑ.’ දැන් බලන්න එදා සිහිය උපද්දවන්න ආනන්ද ස්වාමීන් වහන්සේ හිටියා. අද කවුරුවත් නෑ. උන්වහන්සේ කල්පනා කළා ‘මෙතන කවුරුවත් මට සිහිය උපද්දවන්න නෑ. අද මං ළඟ කළ්‍යාණමිත්‍රයෙක් නෑ. මං තනිවෙලා ඉන්නෙ. මං දැන් මගේ සිහිය උපද්දවා ගන්න ඕන. මං දැන් මගේ වීරිය උපද්දවා ගන්න ඕන’ කියලා උන්වහන්සේ එතැනම ප්‍රහාණයට පත් කළා. ප්රහාණය කරල උන්වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. ‘මගේ සිතේ හටගත්ත අකුසල් මං ප්රහාණය කරගත්තා’ කියලා. ආන්න එහෙම කළේ ප්‍රඥාවෙන් නෙමෙයිද? ප්‍රඥාවෙන්. නැතුව විඳව විඳවා තව කෙනෙකුගෙන් උදව්වක් බලාගෙන ඉන්නවා කියන්නෙ ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා කියන්නෙ උපන් සැණින් ඒ අකුසල් ප්රහාණය කරන විදිහට එයා නුවණින් කල්පනා කරනවා. නුවණින් විමසනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

(උපුටාගත් සදහම් ලිපියකි )

[QUOTE="asliyanage, post: 30830347, member: 8764"] ජීවිතය පිරිසිදු වෙන්නෙ ප්‍රඥාවෙන්.... ප්‍රඥාව ඇති කරගැනීම ගැන බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට වර්ණනා කරල තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා (පඤ්ඤා නරානං රතනං) ප්රජීවිතය පිරිසිදු වෙන්නෙ ප්‍රඥාවෙන්....ඥාව තමයි මනුෂ්‍යයන්ට තියෙන ලොකුම මාණික්‍යය. (පඤ්ඤා අනුත්තරා ආභා) ප්‍රඥාව තමයි ලෝකයේ උත්තරීතර ආලෝකය. (පඤ්ඤාය පරිසුජ්ඣතී) ප්‍රඥාවෙන් තමයි මිනිසුන් පිරිසිදු වෙන්නෙ. පිරිසිදු වෙන්නෙ වෙන කිසිම දේකින් නෙමෙයි. අපි කොච්චර නෑවත් මේ නානවා මේ දාඩිය දානවා. මේ දත් මදිනවා. මේ ගඳයි. එහෙම නැද්ද? මේක පිරිසිදු කරල ඉවර කරන්න බෑ. මේකෙන් හැමතිස්සේම ජරාව පිට වෙනවා. නමුත් මේ ජීවිතය පිරිසිදු කරන්න පුළුවන්. ‘පඤ්ඤාය පරිසුජ්ඣතී’ ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. මේ ප්‍රඥාව තියෙන මනුෂ්‍යයාට අවබෝධය කියන එක කරා යන එක ආයෙ බල කර කර ඇන ඇන කියන්න ඕන නෑ. එයාට ඕන කාරණාව විතරයි. ඒ කාරණය නුවණින් මෙනෙහි කරන එක තමා සතු එකක්. ඒක බාහිර කෙනෙක් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. ඇඟිල්ලෙන් ඇන ඇන කියනවා නම් ඒක ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා නම් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නෑ. එයා ඒ ප්‍රඥාව පාවිච්චි කරනවා. ඇයි? ප්‍රඥාව තමා තුළ තියෙන එකක්නෙ. ප්‍රඥාව පිටින් ණයට ගන්න එකක් නෙමෙයි. ප්‍රඥාව එන්නෙ උපතින්. උපතින් එන එකක් ප්‍රඥාව කියන්නෙ. එතකොට ඒ උපතින් එන එක තමයි අපි පාවිච්චි කරන්නෙ. උපතින් එනවා මේ නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව. හැබැයි ඒක වැහිල තියෙන්න පුළුවන්. දැන් අපට වගේ නෙමෙයි ප්‍රඥාව කොයිතරම් වැහිල තිබුණද නන්ද කුමාරයගේ. බුදුරජාණන් වහන්සේට කොච්චර උපක්‍රම කරන්න වුණාද වැහිලා තිබුණු ප්‍රඥාව උපද්දවල ගන්න. එ වගේ අපේ ප්‍රඥාව උලූප්පල ගන්න කෙනෙක් නෑ. ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඇයි බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය. ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයෙන් උන්වහන්සේ බලනවා අපි දිහා. උන්වහන්සේට පේනවා එතකොට මෙයා තුළ තියෙනවා මේ මේ විදිහට කල්පනාව. මේ කල්පනාවට ගැලපෙන්න මම මේක ප්‍රකාශ කළාම, ඒ විදිහට එයා හිතන්න පටන් ගන්නවා. එතකොට අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේට තමයි ඒ හැකියාව තිබුණෙ. ලෝකෙ වෙන කාටවත් නෑ. ඉතින් ඒ නිසා අපේ ප්‍රඥාව මතු කරල දෙන්න වර්තමාන ලෝකයේ කවුරුවත් නෑ. බලාපොරොත්තු වෙන්නත් එපා! අපේ ප්‍රඥාව මතු කර ගැනීම අප විසින්ම තමා පිළිසරණ කරගෙන කරන්න ඕන. තමා විසින්ම කරන්න ඕන. එක අවස්ථාවක වංගීස මහරහතන් වහන්සේ (අරහත්වයට පත්වෙන්න කලින්) පිණ්ඩපාතෙ වඩිනවා. ඉස්සරහින් වඩිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. වංගීස ස්වාමීන් වහන්සේගේ ඇසට නොගැලපෙන අරමුණක් දැක්කා. දැකල ඔන්න අයෝනිසෝ මනසිකාරයට වැටුණා. හිතේ තියෙනවනෙ අයෝනිසෝ මනසිකාරය. හිතේ නැත්තෙ යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන්නෙ අයෝනිසෝ මනසිකාරය. අපි අමාරුවෙන් උපදවාගන්න ඕන එක තමයි යෝනිසෝ මනසිකාරය. හිතේ තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා රාගය හෝ ද්වේෂය ඇතිවෙන්න එක තත්පරයක් යන්නෙ නෑ. ඉතින් වංගීස ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ‘‘ස්වාමීනි, මගේ හිත ගිනි ගන්නවා. මගේ හිතේ අකුසල් හටඅරගෙන. මගේ හිත කිළිටි වෙලා. මම මොකද කරන්නෙ?” ආනන්ද හාමුදුරුවො කියනවා ‘‘සිහිය උපදවා ගන්න. ඕක ඇතිවුණේ හේතුවක් නිසා. හේතුව තමයි බාහිරින් ලැබුණු සුභ නිමිත්ත. ඔබ තුළ තිබුණ අයෝනිසෝ මනසිකාරය. ඔය දෙක එකතු වෙලා ඔය රාගය හටගත්තේ. දැන් ඔබ ඒක අසුභ නිමිත්තට හරවල යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න” කිව්වා. දැන් කවුරු අතේද තියෙන්නෙ? වංගීස ස්වාමීන් වහන්සේ මේක හිතුවා. ප්රහාණය වුණා. හරි සතුටුයි. ඇයි? හේතු නිසා හටගත්ත දේ හේතු නැති වීමෙන් නැති වී යනවා. හරි සතුටුයි. ‘අනේ මං කළණමිතුරන්ගේ ඇසුරෙන් හිත රැකගත්තා.’ පහුවදා ඔන්න උන්වහන්සේ තනියම වඩිනවා. ආයෙත් දැක්ක විෂභාග අරමුණක්. මොකද අපි මේ හිත කොයිතරම් පරිස්සම් කරගෙන හිටියත් බාහිර අරමුණු එන එක වළක්වන්න බෑනෙ. ‘දැන් අපි මෙතන ඉඳල අතෙන්ට යනවා. එතකොට අපට මේක පෙනෙයි’ කියල අපි දන්නවාද? එහෙම එකක් නෑ. ‘දැන් අපට හවසට මේක ඇහෙයි’ කියල අපි එහෙම දන්නෙ නෑ. ඊළඟ මොහොතෙ අපට මොකක් ඇහෙයිද, අපට මොකක් පෙනෙයිද, අපට මොකක් සිතෙයිද දන්නවද? දන්නෙ නෑ. මේ අවිනිශ්චිත පරිසරය තුළ ඔන්න වංගීස ස්වාමීන් වහන්සේ වැඩියා. ඔන්න අරමුණක් දැක්කා. එදා වගේම වුණා. හිත ඇවිලූණා. කෙලෙස් හටගත්තා. උන්වහන්සේ කල්පනා කළා ‘අනේ මට අද කළ්‍යාණමිත්‍රයෙක් ළඟ නෑ. හැමදාම බාහිර කෙනෙක් මගේ හිත පිරිසිදු කරල දෙන්නෙ නෑ. බාහිර කෙනෙක් මගේ ළඟ ඉඳල මගේ සිහිය උපද්දවන්නෙත් නෑ.’ දැන් බලන්න එදා සිහිය උපද්දවන්න ආනන්ද ස්වාමීන් වහන්සේ හිටියා. අද කවුරුවත් නෑ. උන්වහන්සේ කල්පනා කළා ‘මෙතන කවුරුවත් මට සිහිය උපද්දවන්න නෑ. අද මං ළඟ කළ්‍යාණමිත්‍රයෙක් නෑ. මං තනිවෙලා ඉන්නෙ. මං දැන් මගේ සිහිය උපද්දවා ගන්න ඕන. මං දැන් මගේ වීරිය උපද්දවා ගන්න ඕන’ කියලා උන්වහන්සේ එතැනම ප්‍රහාණයට පත් කළා. ප්රහාණය කරල උන්වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. ‘මගේ සිතේ හටගත්ත අකුසල් මං ප්රහාණය කරගත්තා’ කියලා. ආන්න එහෙම කළේ ප්‍රඥාවෙන් නෙමෙයිද? ප්‍රඥාවෙන්. නැතුව විඳව විඳවා තව කෙනෙකුගෙන් උදව්වක් බලාගෙන ඉන්නවා කියන්නෙ ප්‍රඥාව නැතිකමමයි. ප්‍රඥාව තියෙනවා කියන්නෙ උපන් සැණින් ඒ අකුසල් ප්රහාණය කරන විදිහට එයා නුවණින් කල්පනා කරනවා. නුවණින් විමසනවා. මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා! හැම දෙනාටම තෙරුවන් සරණයි! (උපුටාගත් සදහම් ලිපියකි ) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom