Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ වගේ කැරකෙන බයිසිකලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ වගේ කැරකෙන බයිසිකලේ

[FONT=Malithi_Web]ජීවිතේ වගේ කැරකෙන බයිසිකලේ

[/FONT][FONT=Malithi_Web]මහමඟ යන විට දැන් බයිසිකල් සීනු නාදයක් ඇසෙන්නේ කලාතුරකිනි. අප ළමා කාලය ගතකළ කාලයේ මහමඟ වම්පසින් ගමන් කරනා පාපැදිකරුවෝ මීට වඩා බොහෝ සෙයින් සිටියහ. එහෙත් බයිසිකලය තවමත් ජන ජීවිතයෙන් ඈත් වී නැත. අප අත්දුටු පසුගිය දශක කීපයේ බයිසිකල් ආශ්‍රිතව ගොඩනැගුණු කුඩා සමාජ ප්රවණතාවන් සිහිකරන විට යම් චමත්කාරයක් සිටත නිරායාසයෙන් නැගේ. කාලයෙන් කාලයට බයිසිකලය සමාජය විසින් උපයෝගී කරගත් ආකාරය තේරුම් ගැනීම එහි යාන්ත්‍රණය තරමටම සරල වුවද එහි ගමන් විලාසය තරමටම සුන්දරය.

පැඩලය සහිත තනිරෝදය පැදීම අපට පෙනෙන්නේ සර්කස් එකක් ලෙසයි. එහෙත් අද දින භාවිත බයිසිකලයේ මූලාරම්භය පැඩලය සහිත තනි රෝදයයි. (පැඩල් රහිත ද්වි රෝද බයිසිකල්ද තිබිණි) සමතෝලනය රැක ගැනීමේ පහසුව තකා පසුකාලීනව ඊට පසුපසින් කුඩා රෝදයක් සවිකරන ලදී. පසුපසින් කුඩා රෝදය තිබුණද පැඩලය තිබුණේ ඉදිරි රෝදයට සවිකරලාය. ඒවායේ චේන් එකක් නොවීය. පසුකාලීනව රෝද දෙක එක ප්‍රමාණයට ගෙන චේන් එකක් සහිත පැඩලය සවිකිරීමත් සමඟ බයිසිකලය වඩාත් දියුණු ප්‍රවාහන මෙවලමක් බවට පත්වූයේය. වඩ වඩාත් පොදු ජනයා අතර එය ප්‍රචලිත වූයේය.

හැට හැත්තෑ ගණන්වල කොළඹ ආශ්රිත නගරවල වාහන තදබදය වර්ධනය වනවිට එම ප්‍රදේශවල දරුවන් හට බයිසිකල් අරන් දෙන්නට දෙමාපියෝ තරමක් මැලි වූවෝය. ඒ කාලයේදී වාහන තදබදය නැති පාරවල් ආශ්‍රිතව ජීවත් වූ දරුවෝ, ඉක්මණින් කුඩා අවදියේම බයිසිකල් පදින්නට පැරදුවූවෝය. “අපේ පැත්තෙ නං කිරි දරුවන්ටත් ඇහැකියි බයිසිකල් පදින්න” දකුණේ පිටිසර ගමක අයෙකු කියනවා ඒ කාලයේ වගේ කනට වැටී තිබිණි.

වාහන ගමනාගමනය අඩු ගම්බද ජනයාට බයිසිකලයේ උපයෝගීතාව වඩාත් තදින් දැනුණේය.

බයිසිකල් පැදීම කිරිදරු වියේදීම හුරුවන්නට බැරි වූ ළමෝ ඊට පෙර සිහිනෙන් බයිසිකල් පැද්දෝය. අප ඇතැම් විට දැනුදු සිහිනෙන් පියාඹන්නේ පියාඹන්නට ඇති ආසාව නිසාය. බයිසිකල් පදින්නට පුරුදුවන්නට පෙර දරුවන් සිහිනෙන් බයිසිකල් පැදි වාර අනන්ත වග කුඩා කාලයේදී අපි එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කර ගනිද්දී දැනගත්තෙමු.

රැපියල් හැට පහකට මිල නියම වී ඇති පැරණි (මුද්‍රිත) බයිසිකල් වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ හමුවේ. (ඒ කාලයේ ෆියට් කාර් රථයක මිල පැරණි වෙළඳ දැන්වීම්වල පෙන්නුම් කරන්නේ රුපියල් 3450/-ක් ලෙසයි) ඉහත කී වෙළඳ දැන්වීමේ රූපයේ ඇති ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේ හැඩය අද වනවිටත් වැඩි වෙනසකට ලක්වී නොමැත. එහෙත් කාලයෙන් කාලයට එක් එක් මෝස්තරයට පැමිණි බයිසිකල් ළමුන්ගේ සිත් ගත්තේය. එසේ වරින්වර විවිධ බයිසිකල් මෝස්තර පැමිණියද ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේ හැඩය වෙනස් වූයේ යන්තමිනි.

අප පාසල් යන කාලයේ ළමුන් ආසා කළේ ස්පෝර්ට්ස් වර්ගයේ බයිසිකල්වලටය. ඒවායේ හැඬලය තිබුණේ අත මඳක් ඇලකොට අඹරා අල්ලාගත යුතු ආකාරයටය. රෝද ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයට වඩා කුඩාය. ඒ හැරුණුකොට ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේම හැඩය ඇති කුඩා බයිසිකල් තිබිණි. කුඩා ළමුන් පැද්ද එම බයිසිකල් ජනයා හැඳින්වූයේ බාගෙ සහ කාල බයිසිකල් යනුවෙනි. ළමුන් පදින බයිසිකල්වල ලොකු වෙනසක් මුලින්ම පෙනෙන්නට තිබුණේ, මෝටර් බයිසිකලයේ අවතීර්ණයත් සමගය.

1977 වසරේ විවෘත ආර්ථික හඳුන්වාදීමත් සමඟ ටික කලක් යනවිට කොළඹ නගරය සමීප උප නගරවල චොපර් බයිසිකල් පදින ළමෝ බොහෝ සෙයින් පෙනෙන්නට සිටියහ. (ඒ වනවිට හැට ගණන් අග කාලයේ තිබුණු ඉහත කී නාගරික දෙමාපියන්ගේ මතය වෙනස් වී දරුවන්ට කුඩා කලදීම බයිසිකල් අරන් දෙන්නට පටන්ගෙන තිබුණි.) චොපර් බයිසිකලය මුල්ම කාලයේ, බයිසිකල් පරිනාමයේ මුල් අවස්ථාවේ බයිසිකලයට තනිකර වෙනස් ස්වරූපයේය. මුල් යුගයේ බයිසිකල්වල තනි රෝදයට පසුපස වූ රෝදය ඉතා කුඩාය. චොපර් බයිසිකලයේ ඉදිරි රෝදය කුඩාය. පසුපස රෝදය ලොකුය.

ඉන්පසු දරුවන් අතර ජනප්‍රිය වනු පෙනුණේ පසුගිය දශක දෙකේ පැමිණි මවුන්ටන් බයිසිකලයයි. ඒවායේ හැඩයද වෙනස්ය. රෝද මහතය. කඳු නගින්නට ගියර් ඇත.

ස්ටෑන්ඩර්ඩ් බයිසිකලය මෙන්ම රේස් පදින, රෝද සිහින් රේසිං බයිසිකල් හැත්තෑ ගණන්වල පටන් තිබිණි. ක්‍රීඩකයා කොන්ද නවාගෙන හැඬලය අල්ලාගෙන යනවා දකින විට කුඩා අවදියේදී අපට මහ අමුත්තක් දැනුණේය.

පාරේ යන බයිසිකල් රේස් අදටත් වඩා ඒ කාලයේ ජනප්‍රියය. ලංකාදීප දීපචාරිකා වැනි රටපුරා යන බයිසිකල් සවාරි ඒ කාලයේ පටන්ම පැවතියේය. ඒ කාලයේ පොදු ජනයා අදට වඩා බයිසිකල් ශූරයන් අඳුනාගෙන සිටියෝය. බොහෝ කාලයක් යනතුරු හැට හැත්තෑ ගණන්වල ගාලු පාරෙ ගිය බයිසිකල් රේස්වල මුලින්ම ආවේ මොරිස් කුමාරවේල්ය. රේස් බලන්නට ගාලු පාර දෙපස රොක්වන හැමෝම මොරිස් කුමාරවේල් සෑම රේස් එකකින්ම ඉදිරියෙන් එන කාලයේ එක් දිනක් ඔහු ඉදිරියෙන් ආවේ නැත. ඉදිරියෙන්ම ආවේ කිංස්ලි මෙන්ඩිස් නම් පාපැදි ශූරයෙකි. අනෙක් පාපැදිකරුවන් ආවේ ඔහු ගොස් පැයකට පමණ පසුවයි. එකල බයිසිකල් ශූරයන්ගේ නම කියවුණේ (පුවත්පත්වල) ශූරයාගේ ගමේ නමත් සමගයි. ගල්කිස්සේ මොරිස් කුමාරවේල්, රත්නපුරේ සුමනවීර, පානදුරේ සුසිරිපාල, වත්තල චුට්ටා ආදී වශයෙනි.

ඒ කාලයේ මහමඟ යන බයිසිකල් එකක බෙල් එකක්, පසුපස තිබෙන එළිය පරාවර්තන වන රතු ලයිට් එක, රාත්‍රියේ නම් ඉදිරි විදුලි පහන අනිවාර්යයෙන් තිබිය යුතු බවට නීතියෙන් නියම වී තිබුණද අපේ පරපුරේ කොලුවකුට රෝද දෙක සහ චේන් එක හොඳටම ප්‍රමාණවත් විය. ඔවුනට බ්‍රේක්ද ඕනෑ නොවූ තරම්ය. ඩබල් දමා යාමද ඉඳහිට තහනම්ය.

පොලිසිය ඉන්නා විට දැන් හෙල්මට් නැති අය කරන්නාක් මෙන් ඒ හරියේ අනෙකා බැහැලා පයින් ගියේය. බෙල් එක නැතිව, පසුපස රතු ලයිට් එක නැතිව රාත්‍රියේ ලයිට් නැතිව යන බයිසිකල් ඒ කාලයේ පොලිසියෙන් ඇල්ලූ විට දඩ නියම විය. දඩයට අමතරව හෝ දඩය නොමැතිව බයිසිකලයේ හුළං ඇරීමද දඬුවමකි. ඇතැම් අයට බයිසිකල් කරේ තියාගෙන යන දඬුවමද විඳින්නට සිදුවූයේය.

බයිසිකලය ජන ජීවිතයට සමීප වීම නිසාම ඒ ආශ්‍රිතව බිහිවූ ගීත සහ චිත්‍රපට දර්ශන බහුල ලෙස තිබිණි. වඩාත් ජනප්‍රිය ගීය වූයේ අද පවා අප විනෝද ගමන්වලදී කියන “දුප්පත් අපගේ බයිසිකලේ” ගීතයයි. ව්‍යාපාරවලට කෙතරම් බයිසිකලය උපයෝගී වීද යන්න එම ගීයේ එක් ඛන්ඩයකින් කියැවිණි.

“කිරිකරු, මල්කරු, පත්තරකරු හා ලියුම් බෙදන්නාගේ බයිසිකලේ තව අවුරුදු දස දහසක් ගෙවුණද අපට පිහිට වෙයි සියලු කලේ.”

ව්‍යාපාරවලට භාවිත කළ ඇතැම් බයිසිකල්වල ඉදිරියේ වූ කුඩා රෝදයට උඩින් බක්කියක් විය. එහි ඇතැම්විට පාන් පෙට්ටියක් තිබිණි. ඇතැම් විට එම ඉදිරි පැස සහිත බයිසිකලයේ පිටුපස පෙට්ටියද තිබුණේය. බයිසිකල් සීනු හඬක් නංවන යම් ව්‍යාපාරික කටයුත්තක් වේ නම් දැන් ඒ සීනු හඬ තැපැල් පියුම් පමණක් සීමා වී ඇත්තේය. “Postman who ring the bell twice” නම් ඉංග්‍රීසි චිත්‍රපටයක්ද ආයේය.

බයිසිකල් හොරා නම් සිංහල චිත්‍රපටය නම ගත්තේ “Bicycle thieves” නම් ඉංග්‍රීසි චිත්‍රපටයෙන් විය යුතුය. බයිසිකල් සොරා ගැනීමට පිළියමක් වශයෙන් කෙරුණේ යම් කණුවකට තබා බයිසිකලය දම්වැලක පටලවා ඉබ්බෙකු දැමීමයි. දම්වැලෙන් ඉදිරි කණුවකට දැමුණු බයිසිකලයක, දම්වැලක දැමුණු ඉදිරි රෝදය ඉතිරි කොට, බයිසිකලයේ සෙසු සියල්ලම සොරාගෙන ගොස් තිබිණි. සොරා ඉතිරි කොට ගිය ඉදිරි බයිසිකල් කොටසේ ඡායාරූපයක් මුහුණු පොතේ (Facebook) පළවී තිබිණි. තවත් තැනක මුළු බයිසිකලයම ඉතිරි කොට සොරා දම්වැලත් ඉබ්බත් රැගෙන ගොස් තිබුණේ. බජාර් බාසාවෙන් කියන “නක්කියට” විය යුතුය.

පරිත්‍යාගය චිත්‍රපටය ඇරඹෙන්නේ අමරසිරි කළංසූරිය පාරේ බයිසිකලය පැද යන දර්ශනයකිනි. එම දර්ශනය සමඟ පසුබිමෙන් ඇසෙන්නේ ටී.එම්. ජයරත්න හා මාලිනී බුලත්සිංහල ගැයූ “ලා හිරු පායලා - පිපි මල් යායක් පීදිලා” නම් ප්‍රේමසිරි කේමදාස මාස්ටර් සංගීතය නිර්මාණය කළ ගීතයයි. එම ගීතය චිත්‍රපටයේ එම රූප පෙළට අති සුන්දරව ගැලපුණේය. “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා බයිසිකල් පදින බයිසිකල් රේස් එකද අමතක නොවන්නකි. අදත් අවුරුදු කාලවලදී “මහා බයිසිකල් ධාවන තරගය. කරුණාකර පාරෙන් ඉවත් වී ඉඩදෙන්න” යනුවෙන් කෑ ගසමින් පාරේ යන වාහනවලටත් නිවේදනය කරද්දී ඒ පසුපසින් බයිසිකල් හත අටක් දිවෙන රේස් එදාත් තිබුණේය. සිකුරුලියා චිත්‍රපටයේ ක්ලැරන්ස් සංගීතය නිර්මාණය කළ ජෝති ගයන ගීයකට විජය සහ සුවිනීතා බයිසිකල් පදින සුන්දර රූප පෙළක් විය.

බයිසිකලයේ ගමන් රිද්මයට තනුවත්, ලයත් ඇති වික්ටර් රත්නායක ගැයූ අර්ථවත් චිත්‍රපට ගීයක් විය.

“කැරකෙනවා කැරකෙනවා ජීවිත රෝදේ ආලය ලුහුබැඳ කැරකෙනවා

කන්දක් නැගි තැන පල්ලමකි පල්ලෙමෙ වැටුණොත් සෙල්ලමකි.”

සෙල්ලමට පල්ලමේ බයිසිකල් පැද අත පය හම ඇරගත් පුරුෂ ලක්ෂණ තවමත් අපේ ශරීර මතුපිට තිබේ.

වැඩිහිටියන්ගේ බයිසිකල් තමන්ට පදින්නට ඉඩ නොදීම අපේ පරම්පරාවේ ළමයින් අත්විඳි තවත් සිතේ අමාරුවකි. ඊට දෙන දඬුවම්ද ළමුන් දැන සිටි බව මැක්සි ලෙනාර්ඩ් ගීයනේ කීවේය.

“බයිසිකල් එකක් තියෙනවා අපේ මාමට

මට හරි ආසයි ඒක පදින්න.

නමුත් ඒක දෙන්නෙ නෑ මා හට

කඩයි කියලා බයයි හරියට

අපි බයිසිකලේ හුළං අරිමුද

යාළුවො අඬ ගහයි මා හට...”

ජන ජීවිතය හා බැඳුණ නිසාම බයිසිකලය ආශ්රයෙන් ගොඩනැගුණු උපහැරණද තිබේ. “හොඳ පල්ලමක් හම්බවුණා” යනුවෙන් අදහස් කළේ දෙපාවලට වෙහෙස නොදී බයිසිකලයෙන් ගුරුත්වාකර්ෂණයේ පිහිටෙන් ගමන් යෑමයි. අද පවා බොඩි බිල්ඩින් කොට තම ශරීරයේ මස්පිඬු ඇති බව ව්‍යාජ ලෙස පෙන්වන්නට දෑත් දෙපසට දුරින් තබාගෙන යන අයට කියන්නේ “බයිසිකල් හැඬල් එක ගිල්ලා වගේ” කියාය.

ඩෙස්මන් කතිරානාගේත්, පුංචිනාගේත් ආලය සමාන කළේ බයිසිකලටයි.

“බයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේ

බයිසිකලේ රෝද ඔබයි හැඬල් එකයි මං...”

පෙඩල් කරමින් දියමත පාවී යන අතර එංගලන්තයේ තේම්ස් නදියේ අපද්‍රව්‍ය ඉවත් කරන පුද්ගලයකුගේ රූප පෙළක්ද ළඟදී දුටිමි.

කාල රෝදයද බයිසිකල් රෝදය සේම කැරකෙමින් ඉදිරියට යයි. එහි නැවතීමක් නැත. බයිසිකලයද අපෙන් වරෙක ඈත් වෙයි. වරෙක අලුත් වෙයි. සියල්ල ඉදිරියට ඇදේ.

♦ සමන් පුෂ්ප ලියනගේ

[/FONT]

[QUOTE="Target Hoona, post: 23614854, member: 558749"] [b]ජීවිතේ වගේ කැරකෙන බයිසිකලේ[/b] [COLOR=#333333][FONT=Malithi_Web][SIZE=5][COLOR=Blue]ජීවිතේ වගේ කැරකෙන බයිසිකලේ[/COLOR][/SIZE] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][B]මහමඟ යන විට දැන් බයිසිකල් සීනු නාදයක් ඇසෙන්නේ කලාතුරකිනි. අප ළමා කාලය ගතකළ කාලයේ මහමඟ වම්පසින් ගමන් කරනා පාපැදිකරුවෝ මීට වඩා බොහෝ සෙයින් සිටියහ. එහෙත් බයිසිකලය තවමත් ජන ජීවිතයෙන් ඈත් වී නැත. අප අත්දුටු පසුගිය දශක කීපයේ බයිසිකල් ආශ්‍රිතව ගොඩනැගුණු කුඩා සමාජ ප්රවණතාවන් සිහිකරන විට යම් චමත්කාරයක් සිටත නිරායාසයෙන් නැගේ. කාලයෙන් කාලයට බයිසිකලය සමාජය විසින් උපයෝගී කරගත් ආකාරය තේරුම් ගැනීම එහි යාන්ත්‍රණය තරමටම සරල වුවද එහි ගමන් විලාසය තරමටම සුන්දරය.[/B] පැඩලය සහිත තනිරෝදය පැදීම අපට පෙනෙන්නේ සර්කස් එකක් ලෙසයි. එහෙත් අද දින භාවිත බයිසිකලයේ මූලාරම්භය පැඩලය සහිත තනි රෝදයයි. (පැඩල් රහිත ද්වි රෝද බයිසිකල්ද තිබිණි) සමතෝලනය රැක ගැනීමේ පහසුව තකා පසුකාලීනව ඊට පසුපසින් කුඩා රෝදයක් සවිකරන ලදී. පසුපසින් කුඩා රෝදය තිබුණද පැඩලය තිබුණේ ඉදිරි රෝදයට සවිකරලාය. ඒවායේ චේන් එකක් නොවීය. පසුකාලීනව රෝද දෙක එක ප්‍රමාණයට ගෙන චේන් එකක් සහිත පැඩලය සවිකිරීමත් සමඟ බයිසිකලය වඩාත් දියුණු ප්‍රවාහන මෙවලමක් බවට පත්වූයේය. වඩ වඩාත් පොදු ජනයා අතර එය ප්‍රචලිත වූයේය. හැට හැත්තෑ ගණන්වල කොළඹ ආශ්රිත නගරවල වාහන තදබදය වර්ධනය වනවිට එම ප්‍රදේශවල දරුවන් හට බයිසිකල් අරන් දෙන්නට දෙමාපියෝ තරමක් මැලි වූවෝය. ඒ කාලයේදී වාහන තදබදය නැති පාරවල් ආශ්‍රිතව ජීවත් වූ දරුවෝ, ඉක්මණින් කුඩා අවදියේම බයිසිකල් පදින්නට පැරදුවූවෝය. “අපේ පැත්තෙ නං කිරි දරුවන්ටත් ඇහැකියි බයිසිකල් පදින්න” දකුණේ පිටිසර ගමක අයෙකු කියනවා ඒ කාලයේ වගේ කනට වැටී තිබිණි. වාහන ගමනාගමනය අඩු ගම්බද ජනයාට බයිසිකලයේ උපයෝගීතාව වඩාත් තදින් දැනුණේය. බයිසිකල් පැදීම කිරිදරු වියේදීම හුරුවන්නට බැරි වූ ළමෝ ඊට පෙර සිහිනෙන් බයිසිකල් පැද්දෝය. අප ඇතැම් විට දැනුදු සිහිනෙන් පියාඹන්නේ පියාඹන්නට ඇති ආසාව නිසාය. බයිසිකල් පදින්නට පුරුදුවන්නට පෙර දරුවන් සිහිනෙන් බයිසිකල් පැදි වාර අනන්ත වග කුඩා කාලයේදී අපි එකිනෙකාගේ අත්දැකීම් හුවමාරු කර ගනිද්දී දැනගත්තෙමු. රැපියල් හැට පහකට මිල නියම වී ඇති පැරණි (මුද්‍රිත) බයිසිකල් වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ හමුවේ. (ඒ කාලයේ ෆියට් කාර් රථයක මිල පැරණි වෙළඳ දැන්වීම්වල පෙන්නුම් කරන්නේ රුපියල් 3450/-ක් ලෙසයි) ඉහත කී වෙළඳ දැන්වීමේ රූපයේ ඇති ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේ හැඩය අද වනවිටත් වැඩි වෙනසකට ලක්වී නොමැත. එහෙත් කාලයෙන් කාලයට එක් එක් මෝස්තරයට පැමිණි බයිසිකල් ළමුන්ගේ සිත් ගත්තේය. එසේ වරින්වර විවිධ බයිසිකල් මෝස්තර පැමිණියද ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේ හැඩය වෙනස් වූයේ යන්තමිනි. [IMG]https://www.elakiri.com//static.deshaya.lk/assets/uploads/image_3019dfb757.jpg[/IMG]අප පාසල් යන කාලයේ ළමුන් ආසා කළේ ස්පෝර්ට්ස් වර්ගයේ බයිසිකල්වලටය. ඒවායේ හැඬලය තිබුණේ අත මඳක් ඇලකොට අඹරා අල්ලාගත යුතු ආකාරයටය. රෝද ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයට වඩා කුඩාය. ඒ හැරුණුකොට ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයේම හැඩය ඇති කුඩා බයිසිකල් තිබිණි. කුඩා ළමුන් පැද්ද එම බයිසිකල් ජනයා හැඳින්වූයේ බාගෙ සහ කාල බයිසිකල් යනුවෙනි. ළමුන් පදින බයිසිකල්වල ලොකු වෙනසක් මුලින්ම පෙනෙන්නට තිබුණේ, මෝටර් බයිසිකලයේ අවතීර්ණයත් සමගය. 1977 වසරේ විවෘත ආර්ථික හඳුන්වාදීමත් සමඟ ටික කලක් යනවිට කොළඹ නගරය සමීප උප නගරවල චොපර් බයිසිකල් පදින ළමෝ බොහෝ සෙයින් පෙනෙන්නට සිටියහ. (ඒ වනවිට හැට ගණන් අග කාලයේ තිබුණු ඉහත කී නාගරික දෙමාපියන්ගේ මතය වෙනස් වී දරුවන්ට කුඩා කලදීම බයිසිකල් අරන් දෙන්නට පටන්ගෙන තිබුණි.) චොපර් බයිසිකලය මුල්ම කාලයේ, බයිසිකල් පරිනාමයේ මුල් අවස්ථාවේ බයිසිකලයට තනිකර වෙනස් ස්වරූපයේය. මුල් යුගයේ බයිසිකල්වල තනි රෝදයට පසුපස වූ රෝදය ඉතා කුඩාය. චොපර් බයිසිකලයේ ඉදිරි රෝදය කුඩාය. පසුපස රෝදය ලොකුය. ඉන්පසු දරුවන් අතර ජනප්‍රිය වනු පෙනුණේ පසුගිය දශක දෙකේ පැමිණි මවුන්ටන් බයිසිකලයයි. ඒවායේ හැඩයද වෙනස්ය. රෝද මහතය. කඳු නගින්නට ගියර් ඇත. ස්ටෑන්ඩර්ඩ් බයිසිකලය මෙන්ම රේස් පදින, රෝද සිහින් රේසිං බයිසිකල් හැත්තෑ ගණන්වල පටන් තිබිණි. ක්‍රීඩකයා කොන්ද නවාගෙන හැඬලය අල්ලාගෙන යනවා දකින විට කුඩා අවදියේදී අපට මහ අමුත්තක් දැනුණේය. පාරේ යන බයිසිකල් රේස් අදටත් වඩා ඒ කාලයේ ජනප්‍රියය. ලංකාදීප දීපචාරිකා වැනි රටපුරා යන බයිසිකල් සවාරි ඒ කාලයේ පටන්ම පැවතියේය. ඒ කාලයේ පොදු ජනයා අදට වඩා බයිසිකල් ශූරයන් අඳුනාගෙන සිටියෝය. බොහෝ කාලයක් යනතුරු හැට හැත්තෑ ගණන්වල ගාලු පාරෙ ගිය බයිසිකල් රේස්වල මුලින්ම ආවේ මොරිස් කුමාරවේල්ය. රේස් බලන්නට ගාලු පාර දෙපස රොක්වන හැමෝම මොරිස් කුමාරවේල් සෑම රේස් එකකින්ම ඉදිරියෙන් එන කාලයේ එක් දිනක් ඔහු ඉදිරියෙන් ආවේ නැත. ඉදිරියෙන්ම ආවේ කිංස්ලි මෙන්ඩිස් නම් පාපැදි ශූරයෙකි. අනෙක් පාපැදිකරුවන් ආවේ ඔහු ගොස් පැයකට පමණ පසුවයි. එකල බයිසිකල් ශූරයන්ගේ නම කියවුණේ (පුවත්පත්වල) ශූරයාගේ ගමේ නමත් සමගයි. ගල්කිස්සේ මොරිස් කුමාරවේල්, රත්නපුරේ සුමනවීර, පානදුරේ සුසිරිපාල, වත්තල චුට්ටා ආදී වශයෙනි. ඒ කාලයේ මහමඟ යන බයිසිකල් එකක බෙල් එකක්, පසුපස තිබෙන එළිය පරාවර්තන වන රතු ලයිට් එක, රාත්‍රියේ නම් ඉදිරි විදුලි පහන අනිවාර්යයෙන් තිබිය යුතු බවට නීතියෙන් නියම වී තිබුණද අපේ පරපුරේ කොලුවකුට රෝද දෙක සහ චේන් එක හොඳටම ප්‍රමාණවත් විය. ඔවුනට බ්‍රේක්ද ඕනෑ නොවූ තරම්ය. ඩබල් දමා යාමද ඉඳහිට තහනම්ය. පොලිසිය ඉන්නා විට දැන් හෙල්මට් නැති අය කරන්නාක් මෙන් ඒ හරියේ අනෙකා බැහැලා පයින් ගියේය. බෙල් එක නැතිව, පසුපස රතු ලයිට් එක නැතිව රාත්‍රියේ ලයිට් නැතිව යන බයිසිකල් ඒ කාලයේ පොලිසියෙන් ඇල්ලූ විට දඩ නියම විය. දඩයට අමතරව හෝ දඩය නොමැතිව බයිසිකලයේ හුළං ඇරීමද දඬුවමකි. ඇතැම් අයට බයිසිකල් කරේ තියාගෙන යන දඬුවමද විඳින්නට සිදුවූයේය. බයිසිකලය ජන ජීවිතයට සමීප වීම නිසාම ඒ ආශ්‍රිතව බිහිවූ ගීත සහ චිත්‍රපට දර්ශන බහුල ලෙස තිබිණි. වඩාත් ජනප්‍රිය ගීය වූයේ අද පවා අප විනෝද ගමන්වලදී කියන “දුප්පත් අපගේ බයිසිකලේ” ගීතයයි. ව්‍යාපාරවලට කෙතරම් බයිසිකලය උපයෝගී වීද යන්න එම ගීයේ එක් ඛන්ඩයකින් කියැවිණි. “කිරිකරු, මල්කරු, පත්තරකරු හා ලියුම් බෙදන්නාගේ බයිසිකලේ තව අවුරුදු දස දහසක් ගෙවුණද අපට පිහිට වෙයි සියලු කලේ.” [IMG]https://www.elakiri.com//static.deshaya.lk/assets/uploads/image_e3cf24f08e.jpg[/IMG] ව්‍යාපාරවලට භාවිත කළ ඇතැම් බයිසිකල්වල ඉදිරියේ වූ කුඩා රෝදයට උඩින් බක්කියක් විය. එහි ඇතැම්විට පාන් පෙට්ටියක් තිබිණි. ඇතැම් විට එම ඉදිරි පැස සහිත බයිසිකලයේ පිටුපස පෙට්ටියද තිබුණේය. බයිසිකල් සීනු හඬක් නංවන යම් ව්‍යාපාරික කටයුත්තක් වේ නම් දැන් ඒ සීනු හඬ තැපැල් පියුම් පමණක් සීමා වී ඇත්තේය. “Postman who ring the bell twice” නම් ඉංග්‍රීසි චිත්‍රපටයක්ද ආයේය. බයිසිකල් හොරා නම් සිංහල චිත්‍රපටය නම ගත්තේ “Bicycle thieves” නම් ඉංග්‍රීසි චිත්‍රපටයෙන් විය යුතුය. බයිසිකල් සොරා ගැනීමට පිළියමක් වශයෙන් කෙරුණේ යම් කණුවකට තබා බයිසිකලය දම්වැලක පටලවා ඉබ්බෙකු දැමීමයි. දම්වැලෙන් ඉදිරි කණුවකට දැමුණු බයිසිකලයක, දම්වැලක දැමුණු ඉදිරි රෝදය ඉතිරි කොට, බයිසිකලයේ සෙසු සියල්ලම සොරාගෙන ගොස් තිබිණි. සොරා ඉතිරි කොට ගිය ඉදිරි බයිසිකල් කොටසේ ඡායාරූපයක් මුහුණු පොතේ (Facebook) පළවී තිබිණි. තවත් තැනක මුළු බයිසිකලයම ඉතිරි කොට සොරා දම්වැලත් ඉබ්බත් රැගෙන ගොස් තිබුණේ. බජාර් බාසාවෙන් කියන “නක්කියට” විය යුතුය. පරිත්‍යාගය චිත්‍රපටය ඇරඹෙන්නේ අමරසිරි කළංසූරිය පාරේ බයිසිකලය පැද යන දර්ශනයකිනි. එම දර්ශනය සමඟ පසුබිමෙන් ඇසෙන්නේ ටී.එම්. ජයරත්න හා මාලිනී බුලත්සිංහල ගැයූ “ලා හිරු පායලා - පිපි මල් යායක් පීදිලා” නම් ප්‍රේමසිරි කේමදාස මාස්ටර් සංගීතය නිර්මාණය කළ ගීතයයි. එම ගීතය චිත්‍රපටයේ එම රූප පෙළට අති සුන්දරව ගැලපුණේය. “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා බයිසිකල් පදින බයිසිකල් රේස් එකද අමතක නොවන්නකි. අදත් අවුරුදු කාලවලදී “මහා බයිසිකල් ධාවන තරගය. කරුණාකර පාරෙන් ඉවත් වී ඉඩදෙන්න” යනුවෙන් කෑ ගසමින් පාරේ යන වාහනවලටත් නිවේදනය කරද්දී ඒ පසුපසින් බයිසිකල් හත අටක් දිවෙන රේස් එදාත් තිබුණේය. සිකුරුලියා චිත්‍රපටයේ ක්ලැරන්ස් සංගීතය නිර්මාණය කළ ජෝති ගයන ගීයකට විජය සහ සුවිනීතා බයිසිකල් පදින සුන්දර රූප පෙළක් විය. බයිසිකලයේ ගමන් රිද්මයට තනුවත්, ලයත් ඇති වික්ටර් රත්නායක ගැයූ අර්ථවත් චිත්‍රපට ගීයක් විය. [B]“කැරකෙනවා කැරකෙනවා ජීවිත රෝදේ ආලය ලුහුබැඳ කැරකෙනවා කන්දක් නැගි තැන පල්ලමකි පල්ලෙමෙ වැටුණොත් සෙල්ලමකි.”[/B] සෙල්ලමට පල්ලමේ බයිසිකල් පැද අත පය හම ඇරගත් පුරුෂ ලක්ෂණ තවමත් අපේ ශරීර මතුපිට තිබේ. වැඩිහිටියන්ගේ බයිසිකල් තමන්ට පදින්නට ඉඩ නොදීම අපේ පරම්පරාවේ ළමයින් අත්විඳි තවත් සිතේ අමාරුවකි. ඊට දෙන දඬුවම්ද ළමුන් දැන සිටි බව මැක්සි ලෙනාර්ඩ් ගීයනේ කීවේය. [B]“බයිසිකල් එකක් තියෙනවා අපේ මාමට මට හරි ආසයි ඒක පදින්න. නමුත් ඒක දෙන්නෙ නෑ මා හට කඩයි කියලා බයයි හරියට අපි බයිසිකලේ හුළං අරිමුද යාළුවො අඬ ගහයි මා හට...”[/B] ජන ජීවිතය හා බැඳුණ නිසාම බයිසිකලය ආශ්රයෙන් ගොඩනැගුණු උපහැරණද තිබේ. “හොඳ පල්ලමක් හම්බවුණා” යනුවෙන් අදහස් කළේ දෙපාවලට වෙහෙස නොදී බයිසිකලයෙන් ගුරුත්වාකර්ෂණයේ පිහිටෙන් ගමන් යෑමයි. අද පවා බොඩි බිල්ඩින් කොට තම ශරීරයේ මස්පිඬු ඇති බව ව්‍යාජ ලෙස පෙන්වන්නට දෑත් දෙපසට දුරින් තබාගෙන යන අයට කියන්නේ “බයිසිකල් හැඬල් එක ගිල්ලා වගේ” කියාය. ඩෙස්මන් කතිරානාගේත්, පුංචිනාගේත් ආලය සමාන කළේ බයිසිකලටයි. [B]“බයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේ බයිසිකලේ රෝද ඔබයි හැඬල් එකයි මං...”[/B] පෙඩල් කරමින් දියමත පාවී යන අතර එංගලන්තයේ තේම්ස් නදියේ අපද්‍රව්‍ය ඉවත් කරන පුද්ගලයකුගේ රූප පෙළක්ද ළඟදී දුටිමි. කාල රෝදයද බයිසිකල් රෝදය සේම කැරකෙමින් ඉදිරියට යයි. එහි නැවතීමක් නැත. බයිසිකලයද අපෙන් වරෙක ඈත් වෙයි. වරෙක අලුත් වෙයි. සියල්ල ඉදිරියට ඇදේ. [/COLOR][/SIZE][B]♦ සමන් පුෂ්ප ලියනගේ[/B] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom