Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජීවිත අටේ කඳුළු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැදුරු ඔයේ ‘කලිය’ට බිලිවූ ජීවිත අටේ කඳුළු කතාව

මෙවර සිංහල අලුත් අවුරුද්ද ගෙවී යත්ම අප සවන් වැකුණේ ඛේදවාචකයන්ගෙන් පිරි ඉතාමත් ශෝකජනක වූ ආරංචි පෙළකි. එනම්, මෙවර අවුරුදු සමයේ දියනෑමට ගොස් දියේ ගිලීමෙන් රටපුරා අහිමිවූ ජීවිත සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවකි. මෙම දියේ ගිලීමෙන් වූ ජීවිත හානි අතුරින් කොබෙයිගනේ කූරටියාගහමුල මංකඩේ දිය නෑමට ගිය එකම පවුලේ 07 දෙනෙකු ඇතුළු ජීවිත 08ක් දැදුරුඔය පතුලේ සැඟව ගියේ මුළු රටක්ම කඳුළු ගඟක ගිල්වමිනි.

සෙනසුරාදා (18) රාත්රියේදී සිද්ධියෙන් පැය 48කටත් පසුව මියගිය අයගේ ඥාතීන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ විලාප සෝ සුසුම් මධ්‍යයේ දේහයන් හතක් ගොපල්ලෑව නිෙවස වෙත ගෙන එන ලදි.

අලුත් අවුරුදු සතුට දෙගුණ තෙගුණ වන්නේ තම සමීපතම ඥාතීන් හා එක්ව අවුරුදු සැමරීමෙනි. සෑම අවුරුද්දකටම මෙන්ම මෙවරත් කොබෙයිගනේ ගොපල්ලෑවේ පදිංචි සමීර ඇතුළු පවුලේ අය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුපුරුදු පරිදි කාල වේලා ඇතිවම ලක සැහැස්තිවී සිටියහ. ගොපල්ලෑව, හෙන්ගමුව, කොබෙයිගනේ පදිංචි සමීර ප්‍රදීප් ප්‍රදේශයේ පොල් මිලදීගන්නා ව්‍යාපාරිකයෙකු වූ අතර ඔහුගේ නිෙවසේ සමීරගේ බිරිය සුමුදු, පුතා දිනෙත් සහ පියා ධර්මදාස සහ මවත් පදිංචිව සිටියහ. සමීරගේ නිෙවසට එපිටින් එකම ඉඩමේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රියන්ත සිය නිෙවස සාදාගෙන පදිංචිව සිටියි. එම නිෙවසේ ප්‍රියන්ත සමඟ ඔහුගේ බිරිය නිරෝෂා, පුතණුවන් අශේන් සහ ඔවුන්ගේ අනෙක් කුඩා පුතණුවන්ද දිවි ගෙවූහ.

පෙර අවුරුදුවලදී මෙන්ම රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රියන්තගේ බිරිය වන නිරෝෂාගේ නැඟණිය වන රොෂාණිත් ඇයගේ සැමියා වන ජයවීර සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් නිරෝෂාගේ මව සහ පියාත් මෙවරද සිංහල අවුරුදු වෙනුවෙන් පැමිණෙන බව දන්වා තිබිණ.

සිංහල අවුරුදු දිනය ගෙවී යත්ම පෙර දැනුම්දුන් පරිදි 15 වන දින රාගම සිට සිය නෑදෑයින් පැමිණීම වැඩිහිටි අයගේ මෙන්ම කුඩා දරුවන්ගේද ප්රමෝදයට හේතුවී තිබිණ. දිගුකලෙකින් පසු මුණගැසීමේ සතුටද සමරමින් සියලුදෙනා එක්ව සමීරගේ නිෙවස ඉදිරිපිට ගී ගයමින් විනෝදවීමට පෙර වසරවලදී මෙන්ම මෙවරද ඔවුන් අමතක කළේ නැත. මේ සෑමදෙනා අතරට හෙට්ටිපොළ තාරන ප්‍රදේශයේ සිට පැමිණි සමීරගේ ඥාති පුත්‍රයෙකු වන සෙනුර කාවින්ද ද එක්ව සිටියේය.

මේ සියලුදෙනා ඉකුත් 16 වන දින දිවා ආහාරයෙන් පසුව දැදුරුඔයේ දිය නෑමට යෑමට සූදානම් වූයේ අලුත් අවුරුද්දේ සතුට තව තවත් බෙදාගැනීමේ බලාපොරොත්තු ඇතුවයි. එහෙත් මෙසේ එක්ව දිය නෑමට යන ආදරණීයයන් සියලුදෙනාම නැවත ආපසු නොපැමිණෙන බව ඒ කිසිවෙකුත් නොසිතන්නට ඇත. සමීරලාගේ නිෙවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි දැදුරුඔය කූරටියාගහමුල මංකඩ වෙත යෑමට ඔවුන් නිල්පාට බට්ටා ලොරියකින් පිටත්ව ගියහ. මෙම පිරිස 15 දෙනෙකු පමණ වූ අතර ඔවුන් සවස 3.30 පමණ වනවිට දැදුරු ඔයට ළඟාවී සිටියහ.

මෙම මංකඩේ එක් පැත්තක තරමක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති බවත් ඒ ආසන්නයට යන අයෙකු ඔය පතුලේ වැලි තට්ටුව කිඳාබැසගෙන ගැඹුරු වළට ගසාගෙන යන බවත් ආසන්න ගමේ පදිංචිකරුවන් වන සමීර ඇතුළු පිරිස හොඳින් දැන සිටියහ. ගමේ අය මෙම ගැඹුරු ස්ථානය හඳුන්වන්නේ ‘කලිය’ යන නමිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඉතිහාසයේ වැඩිම ජල කඳක් ගලාගිය දැදුරුඔයේ මෙම ස්ථානය තවත් අවදානම් ලෙස ගැඹුරුවී ඇතැයිද ප්‍රදේශවාසීහු කියති. මීට පෙර අවස්ථා දෙකකදී මෙම ස්ථානයේ දී පස්දෙනෙකු පමණ දියේ ගිලී මියගිය බවද එම පිරිස කියති.

මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටි පිරිස එම ගැඹුරු ස්ථානයට මඳ දුරකින් දිය නෑමට වග බලාගත්හ. ගැඹුරු ස්ථානය පැත්තෙන් වැඩිහිටි පිරිස දිය නෑ අතර ඊට විරුද්ධව පිහිටි තරමක් නොගැඹුරු ස්ථානයක කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිස ක්‍රීඩා කරමින් දියනාමින් සිටි බව රාගම සිට පැමිණි දිලිප් යසස් රංගන ජයවීර (36) යන අය මරණ පිළිබඳව සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවැසීය.

ඔහු වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් මෙසේද පැවැසීය. “මගේ පදිංචිය අංක 341/01 නැලිගම රාගම. මා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටිනවා. මාගේ බිරිය වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු දිමුතු රොෂානි ආනන්ද යන අයත් මෙම සිද්ධිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් බරපතළ ලෙස රෝගාතුරව නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිද්ධිය වන අවස්ථාවේදී අප සමඟ පැමිණි බොහෝ දෙනෙක් දිය නා අවසන්ව සිටියා. මා සිටියේ මෙම දියේ ගිලීම සිදුවූ ස්ථානයට ටිකක් දුරින්. හදිසියේම මට ඇහුණා සමීර කෑගහනවා. මා දිවගොස් බලන විට සමීර සහ එයාගේ බිරිය ඔයේ අර ගැඹුරු ස්ථානයේ ගසාගෙන යමින් සිටියා. සමීර එයාගේ බිරියගේ අතකින් අල්ලාගෙන හිටියේ. එහි පැමිණෙන ලෙස සමීර මට සංඥා කළා. මා ඔවුන් දෙදෙනා බේරා ගැනීමට දියට පැන්නා. නමුත් මාවත් දියේ ගිලෙන්න පටන් ගත්තා. මට සමීරවවත් ඔහුගේ බිරියවත් අල්ලා ගැනීමට හැකි වුණේ නැහැ. විනාඩි කිහිපයකට පසු දැඩි පරීශ්‍රමයක් දරා ගොඩට පීනා ගැනීමට මට භැකි වුණා. ඒ අවස්ථාවේදී අප සමඟ පැමිණි කිසිවෙකු එහි සිටියේ නැහැ. හැමෝම වතුරට පැනලා. අම්මලා දෙන්නා හඬමින් සිටියා මතකයි. එවිටම මා දුටුවා මඳක් දුරින් මගේ බිරිය දියේ ගසාගෙන යනවා. මා ඔයේ කණ්ඩිය අයින දිගේ ගියා ඒ දෙසට. එතකොට මම දැක්කා ගමේ කිසියම් කෙනෙකු මාගේ බිරිය බේරා ගැනීමට ඔයට පැන්නා. ඉන් පසු බිරියව ගොඩට ගෙන එහි තිබූ යතුරුපැදියකින් කොබෙයිගනේ රෝහල වෙත ගෙනගියා. එම අවස්ථාවේදී බිරියට සිහිය තිබුණේ නැහැ. පසුව බිරියට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු නිකවැරටිය මූලික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මාරුකර යැව්වා. පසුව දැනගත්තා ඉතිරි අය දියේ ගිලී ඇති බව. මෙම මරණ සම්බන්ධයෙන් මාහට සැකයක් නැහැ.

ගොපල්ලෑව පදිංචි එල්. ප්‍රියන්ත (මියගිය සමීරගේ සොහොයුරා) සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසීය. “මාගේ බිරියගේ නැඟණිය වන දිමුතු රොෂාණි සහ ඇයගේ ස්වාමියා වන යසස් ජයවීර යන අයත් ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් මාගේ බිරිඳගේ මව සහ පියාත් පසුගිය 15 වැනිදා අපේ නිෙවසට පැමිණියා. තවත් තාරන උඩවෙල ප්‍රදේශයේ පදිංචි සෙනුර පුතාගේ පවුලේ අයත් අප නිෙවසට පැමිණියා. පසුව සෙනුර පුතාගේ පවුලේ අය ආපසු ගියා. සෙනුර පුතා නැවතුණා. ඒ පිටින් ආපු අයත් මගේ බිරිය සහ දරුවන් දෙදෙනාත් මාගේ සොහොයුරා වන සමීරත් ඔහුගේ බිරිය සහ දරුවාත් මාගේ මව සහ පියාත් මේගොල්ලො හැමෝම 16 වැනිදා සවස 4.00 ට විතර දියනෑමට දැදුරුඔයට යන්න පිටත්වුණා. මම ගියේ නැහැ. මම ඔය වැව්වලින් නාන්න කැමති නැති නිසා. මම නිෙවසේ සිටින විට අපේ ගමේ ජයතිලක නමින් හඳුන්වන අය විමසා සිටියා ඔයේ නාන්න ගිය කෙනෙක් දියේ ගිලිලා අපේ ගෙදර අයත් ගියාද කියලා. මම ඒ වෙලාවේ ගෙදර දිය නාමින් හිටියේ. ඉක්මනින් කලිසමක් ඇඳගෙන ඒ වෙලාවෙ අපේ නිෙවසේ සිටි අමිල මල්ලි සමඟ මම මෝටර්සයිකලයකින් ඔය දෙසට ගියා. පාරෙදි හමුවන අයගෙන් නාන මංකඩට යන පාර අහගෙන අපි ගියා. යනකොට මගේ අම්මයි බිරිඳගේ අම්මයි දරුවන් දෙදෙනෙකු සමඟ අඬමින් සිටියා. එයාල කිව්වා ඔක්කොමලව ගහගෙන ගියා. ගිහින් බලන්න කියලා.”

සිද්ධියෙන් මඳ වේලාවකට පසු එනම් පස්වරු 5.25 ට පමණ කිසියම් අයෙකු විසින් 119 හදිසි දුරකතන අංකය හරහා පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කොබෙයිගනේ පොලීසියේ ස්ථානාධිපති රුවන් රණසිංහ මහතා සිය නිලධාරීන් සමඟ සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබිණ. ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ඉතා සුළු වේලාවකදී දියේ ගිලුණු දෙදෙනෙකු සොයා ගැනීමට පිරිසට හැකිවිය. එහෙත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව පොලීසිය කියයි. අනතුරුව රෑබෝවීමත් සමඟම අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට බාධාකාරී තත්වයක් ඇතිවුවත් 17 වනදින උදෑසන වන විට නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ සහය ඇතිව මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගිය එකම පවුලේ 07 දෙනා අතර ගොපල්ලෑව පදිංචි එල්. සමීර ප්‍රදීප් පුෂ්පකුමාර (39), එම්.එල්. සාමා සුමුදු කුසුම්කුමාරි (34) (මියගිය සමීරගේ බිරිය), මියගිය සමීරගේ දරුවා, එල්. ධර්මදාස (72) ( මියගිය සමීරගේ පියා), බී. නිරෝෂා ලක්මාලි ආනන්ද (42) (සමීරගේ සොහොයුරා වන ප්‍රියන්තගේ බිරිය), සමීරගේ සොයුරු ප්‍රියන්තගේ දරුවා, බී. ආනන්ද (70) ( සමීරගේ සොයුරු ප්‍රියන්තගේ බිරියගේ පියා) යන අයයි. මියගිය අනෙක් අය වූයේ සමීරගේ ඥාති පුත්‍රයෙකු වන සෙනුර කාවින්ද ප්‍රභාත් (18) යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය විසින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වර්තා කිරීමෙන් අනතුරුව නිකවැරටිය ප්‍රධාන මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර එම ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලදි. එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු නිකවැරටිය මූලික රෝහල වෙත යොමුකරන ලෙසයි. එම අධිකරණ වෛද්‍ය වාර්තා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සියලුම දේහයන් ආදාහනය කිරීමෙන් වැළකී භූමදාන කටයුතු සිදුකරන ලෙස ඥාතීන් වෙත නියෝගයක් ලබාදුන්නේය.

කෙසේ වෙතත් මියගිය අයගේ දේහයන් ගොපල්ලෑව නිවසට රැගෙන ඒමට සිද්ධියෙන් පසු දින දෙකක් ගතවිය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව දේහයන් ඥාතීන් වෙත භාරදෙන අවස්ථාව වනවිටත් එම දේහයන් යහපත් තත්ත්වයෙන් තොතිබීම හේතුවෙන් දේහයන් සියල්ල මුද්‍රා තැබීමටද සිදුව තිබිණ.

වාරියපොළ සමූහ

එන්.එම්. රවීන්ද්‍ර ප්‍රභාත්

[QUOTE="EHDEHD, post: 31361084, member: 57610"] [SIZE=7]දැදුරු ඔයේ ‘කලිය’ට බිලිවූ ජීවිත අටේ කඳුළු කතාව [IMG alt="May be an image of one or more people and text"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.99422-6/672776619_1446490836607687_6578622629619783262_n.png?stp=dst-jpg_p552x414_tt6&_nc_cat=1&ccb=1-7&_nc_sid=13d280&_nc_eui2=AeEHuWoeUhbKkz9sRSS_sn_TVqSe5-xFpstWpJ7n7EWmy_3kBH7NJEtN9_UeMyBcbGo&_nc_ohc=_QBhGiXozVsQ7kNvwH2cKqi&_nc_oc=Adr6q3U6oxCBvUvvwM36vVZDfOB7d46UmqmMl_cXk1qrilyM00JH87kEOuTra0y6FJU&_nc_zt=14&_nc_ht=scontent.fcmb2-2.fna&_nc_gid=vQb2ljbns-EOLR4_m7EmLQ&_nc_ss=7a3a8&oh=00_Af21GyAVMc2bptfU94iZtfVRkrSX0RicsO69Wd6k8i8BKQ&oe=69EBE0EE[/IMG][/SIZE] මෙවර සිංහල අලුත් අවුරුද්ද ගෙවී යත්ම අප සවන් වැකුණේ ඛේදවාචකයන්ගෙන් පිරි ඉතාමත් ශෝකජනක වූ ආරංචි පෙළකි. එනම්, මෙවර අවුරුදු සමයේ දියනෑමට ගොස් දියේ ගිලීමෙන් රටපුරා අහිමිවූ ජීවිත සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවකි. මෙම දියේ ගිලීමෙන් වූ ජීවිත හානි අතුරින් කොබෙයිගනේ කූරටියාගහමුල මංකඩේ දිය නෑමට ගිය එකම පවුලේ 07 දෙනෙකු ඇතුළු ජීවිත 08ක් දැදුරුඔය පතුලේ සැඟව ගියේ මුළු රටක්ම කඳුළු ගඟක ගිල්වමිනි. සෙනසුරාදා (18) රාත්රියේදී සිද්ධියෙන් පැය 48කටත් පසුව මියගිය අයගේ ඥාතීන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ විලාප සෝ සුසුම් මධ්‍යයේ දේහයන් හතක් ගොපල්ලෑව නිෙවස වෙත ගෙන එන ලදි. අලුත් අවුරුදු සතුට දෙගුණ තෙගුණ වන්නේ තම සමීපතම ඥාතීන් හා එක්ව අවුරුදු සැමරීමෙනි. සෑම අවුරුද්දකටම මෙන්ම මෙවරත් කොබෙයිගනේ ගොපල්ලෑවේ පදිංචි සමීර ඇතුළු පවුලේ අය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුපුරුදු පරිදි කාල වේලා ඇතිවම ලක සැහැස්තිවී සිටියහ. ගොපල්ලෑව, හෙන්ගමුව, කොබෙයිගනේ පදිංචි සමීර ප්‍රදීප් ප්‍රදේශයේ පොල් මිලදීගන්නා ව්‍යාපාරිකයෙකු වූ අතර ඔහුගේ නිෙවසේ සමීරගේ බිරිය සුමුදු, පුතා දිනෙත් සහ පියා ධර්මදාස සහ මවත් පදිංචිව සිටියහ. සමීරගේ නිෙවසට එපිටින් එකම ඉඩමේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රියන්ත සිය නිෙවස සාදාගෙන පදිංචිව සිටියි. එම නිෙවසේ ප්‍රියන්ත සමඟ ඔහුගේ බිරිය නිරෝෂා, පුතණුවන් අශේන් සහ ඔවුන්ගේ අනෙක් කුඩා පුතණුවන්ද දිවි ගෙවූහ. පෙර අවුරුදුවලදී මෙන්ම රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රියන්තගේ බිරිය වන නිරෝෂාගේ නැඟණිය වන රොෂාණිත් ඇයගේ සැමියා වන ජයවීර සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් නිරෝෂාගේ මව සහ පියාත් මෙවරද සිංහල අවුරුදු වෙනුවෙන් පැමිණෙන බව දන්වා තිබිණ. සිංහල අවුරුදු දිනය ගෙවී යත්ම පෙර දැනුම්දුන් පරිදි 15 වන දින රාගම සිට සිය නෑදෑයින් පැමිණීම වැඩිහිටි අයගේ මෙන්ම කුඩා දරුවන්ගේද ප්රමෝදයට හේතුවී තිබිණ. දිගුකලෙකින් පසු මුණගැසීමේ සතුටද සමරමින් සියලුදෙනා එක්ව සමීරගේ නිෙවස ඉදිරිපිට ගී ගයමින් විනෝදවීමට පෙර වසරවලදී මෙන්ම මෙවරද ඔවුන් අමතක කළේ නැත. මේ සෑමදෙනා අතරට හෙට්ටිපොළ තාරන ප්‍රදේශයේ සිට පැමිණි සමීරගේ ඥාති පුත්‍රයෙකු වන සෙනුර කාවින්ද ද එක්ව සිටියේය. මේ සියලුදෙනා ඉකුත් 16 වන දින දිවා ආහාරයෙන් පසුව දැදුරුඔයේ දිය නෑමට යෑමට සූදානම් වූයේ අලුත් අවුරුද්දේ සතුට තව තවත් බෙදාගැනීමේ බලාපොරොත්තු ඇතුවයි. එහෙත් මෙසේ එක්ව දිය නෑමට යන ආදරණීයයන් සියලුදෙනාම නැවත ආපසු නොපැමිණෙන බව ඒ කිසිවෙකුත් නොසිතන්නට ඇත. සමීරලාගේ නිෙවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි දැදුරුඔය කූරටියාගහමුල මංකඩ වෙත යෑමට ඔවුන් නිල්පාට බට්ටා ලොරියකින් පිටත්ව ගියහ. මෙම පිරිස 15 දෙනෙකු පමණ වූ අතර ඔවුන් සවස 3.30 පමණ වනවිට දැදුරු ඔයට ළඟාවී සිටියහ. මෙම මංකඩේ එක් පැත්තක තරමක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති බවත් ඒ ආසන්නයට යන අයෙකු ඔය පතුලේ වැලි තට්ටුව කිඳාබැසගෙන ගැඹුරු වළට ගසාගෙන යන බවත් ආසන්න ගමේ පදිංචිකරුවන් වන සමීර ඇතුළු පිරිස හොඳින් දැන සිටියහ. ගමේ අය මෙම ගැඹුරු ස්ථානය හඳුන්වන්නේ ‘කලිය’ යන නමිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඉතිහාසයේ වැඩිම ජල කඳක් ගලාගිය දැදුරුඔයේ මෙම ස්ථානය තවත් අවදානම් ලෙස ගැඹුරුවී ඇතැයිද ප්‍රදේශවාසීහු කියති. මීට පෙර අවස්ථා දෙකකදී මෙම ස්ථානයේ දී පස්දෙනෙකු පමණ දියේ ගිලී මියගිය බවද එම පිරිස කියති. මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටි පිරිස එම ගැඹුරු ස්ථානයට මඳ දුරකින් දිය නෑමට වග බලාගත්හ. ගැඹුරු ස්ථානය පැත්තෙන් වැඩිහිටි පිරිස දිය නෑ අතර ඊට විරුද්ධව පිහිටි තරමක් නොගැඹුරු ස්ථානයක කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පිරිස ක්‍රීඩා කරමින් දියනාමින් සිටි බව රාගම සිට පැමිණි දිලිප් යසස් රංගන ජයවීර (36) යන අය මරණ පිළිබඳව සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවැසීය. ඔහු වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් මෙසේද පැවැසීය. “මගේ පදිංචිය අංක 341/01 නැලිගම රාගම. මා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටිනවා. මාගේ බිරිය වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු දිමුතු රොෂානි ආනන්ද යන අයත් මෙම සිද්ධිය අවස්ථාවේදී දියේ ගිලීමෙන් බරපතළ ලෙස රෝගාතුරව නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිද්ධිය වන අවස්ථාවේදී අප සමඟ පැමිණි බොහෝ දෙනෙක් දිය නා අවසන්ව සිටියා. මා සිටියේ මෙම දියේ ගිලීම සිදුවූ ස්ථානයට ටිකක් දුරින්. හදිසියේම මට ඇහුණා සමීර කෑගහනවා. මා දිවගොස් බලන විට සමීර සහ එයාගේ බිරිය ඔයේ අර ගැඹුරු ස්ථානයේ ගසාගෙන යමින් සිටියා. සමීර එයාගේ බිරියගේ අතකින් අල්ලාගෙන හිටියේ. එහි පැමිණෙන ලෙස සමීර මට සංඥා කළා. මා ඔවුන් දෙදෙනා බේරා ගැනීමට දියට පැන්නා. නමුත් මාවත් දියේ ගිලෙන්න පටන් ගත්තා. මට සමීරවවත් ඔහුගේ බිරියවත් අල්ලා ගැනීමට හැකි වුණේ නැහැ. විනාඩි කිහිපයකට පසු දැඩි පරීශ්‍රමයක් දරා ගොඩට පීනා ගැනීමට මට භැකි වුණා. ඒ අවස්ථාවේදී අප සමඟ පැමිණි කිසිවෙකු එහි සිටියේ නැහැ. හැමෝම වතුරට පැනලා. අම්මලා දෙන්නා හඬමින් සිටියා මතකයි. එවිටම මා දුටුවා මඳක් දුරින් මගේ බිරිය දියේ ගසාගෙන යනවා. මා ඔයේ කණ්ඩිය අයින දිගේ ගියා ඒ දෙසට. එතකොට මම දැක්කා ගමේ කිසියම් කෙනෙකු මාගේ බිරිය බේරා ගැනීමට ඔයට පැන්නා. ඉන් පසු බිරියව ගොඩට ගෙන එහි තිබූ යතුරුපැදියකින් කොබෙයිගනේ රෝහල වෙත ගෙනගියා. එම අවස්ථාවේදී බිරියට සිහිය තිබුණේ නැහැ. පසුව බිරියට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු නිකවැරටිය මූලික රෝහලේ හදිසි අනතුරු ඒකකයට මාරුකර යැව්වා. පසුව දැනගත්තා ඉතිරි අය දියේ ගිලී ඇති බව. මෙම මරණ සම්බන්ධයෙන් මාහට සැකයක් නැහැ. ගොපල්ලෑව පදිංචි එල්. ප්‍රියන්ත (මියගිය සමීරගේ සොහොයුරා) සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසීය. “මාගේ බිරියගේ නැඟණිය වන දිමුතු රොෂාණි සහ ඇයගේ ස්වාමියා වන යසස් ජයවීර යන අයත් ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් මාගේ බිරිඳගේ මව සහ පියාත් පසුගිය 15 වැනිදා අපේ නිෙවසට පැමිණියා. තවත් තාරන උඩවෙල ප්‍රදේශයේ පදිංචි සෙනුර පුතාගේ පවුලේ අයත් අප නිෙවසට පැමිණියා. පසුව සෙනුර පුතාගේ පවුලේ අය ආපසු ගියා. සෙනුර පුතා නැවතුණා. ඒ පිටින් ආපු අයත් මගේ බිරිය සහ දරුවන් දෙදෙනාත් මාගේ සොහොයුරා වන සමීරත් ඔහුගේ බිරිය සහ දරුවාත් මාගේ මව සහ පියාත් මේගොල්ලො හැමෝම 16 වැනිදා සවස 4.00 ට විතර දියනෑමට දැදුරුඔයට යන්න පිටත්වුණා. මම ගියේ නැහැ. මම ඔය වැව්වලින් නාන්න කැමති නැති නිසා. මම නිෙවසේ සිටින විට අපේ ගමේ ජයතිලක නමින් හඳුන්වන අය විමසා සිටියා ඔයේ නාන්න ගිය කෙනෙක් දියේ ගිලිලා අපේ ගෙදර අයත් ගියාද කියලා. මම ඒ වෙලාවේ ගෙදර දිය නාමින් හිටියේ. ඉක්මනින් කලිසමක් ඇඳගෙන ඒ වෙලාවෙ අපේ නිෙවසේ සිටි අමිල මල්ලි සමඟ මම මෝටර්සයිකලයකින් ඔය දෙසට ගියා. පාරෙදි හමුවන අයගෙන් නාන මංකඩට යන පාර අහගෙන අපි ගියා. යනකොට මගේ අම්මයි බිරිඳගේ අම්මයි දරුවන් දෙදෙනෙකු සමඟ අඬමින් සිටියා. එයාල කිව්වා ඔක්කොමලව ගහගෙන ගියා. ගිහින් බලන්න කියලා.” සිද්ධියෙන් මඳ වේලාවකට පසු එනම් පස්වරු 5.25 ට පමණ කිසියම් අයෙකු විසින් 119 හදිසි දුරකතන අංකය හරහා පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කොබෙයිගනේ පොලීසියේ ස්ථානාධිපති රුවන් රණසිංහ මහතා සිය නිලධාරීන් සමඟ සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබිණ. ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ඉතා සුළු වේලාවකදී දියේ ගිලුණු දෙදෙනෙකු සොයා ගැනීමට පිරිසට හැකිවිය. එහෙත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව පොලීසිය කියයි. අනතුරුව රෑබෝවීමත් සමඟම අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට බාධාකාරී තත්වයක් ඇතිවුවත් 17 වනදින උදෑසන වන විට නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ සහය ඇතිව මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි. සිද්ධියෙන් මියගිය එකම පවුලේ 07 දෙනා අතර ගොපල්ලෑව පදිංචි එල්. සමීර ප්‍රදීප් පුෂ්පකුමාර (39), එම්.එල්. සාමා සුමුදු කුසුම්කුමාරි (34) (මියගිය සමීරගේ බිරිය), මියගිය සමීරගේ දරුවා, එල්. ධර්මදාස (72) ( මියගිය සමීරගේ පියා), බී. නිරෝෂා ලක්මාලි ආනන්ද (42) (සමීරගේ සොහොයුරා වන ප්‍රියන්තගේ බිරිය), සමීරගේ සොයුරු ප්‍රියන්තගේ දරුවා, බී. ආනන්ද (70) ( සමීරගේ සොයුරු ප්‍රියන්තගේ බිරියගේ පියා) යන අයයි. මියගිය අනෙක් අය වූයේ සමීරගේ ඥාති පුත්‍රයෙකු වන සෙනුර කාවින්ද ප්‍රභාත් (18) යන අයයි. සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය විසින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වර්තා කිරීමෙන් අනතුරුව නිකවැරටිය ප්‍රධාන මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර එම ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලදි. එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු නිකවැරටිය මූලික රෝහල වෙත යොමුකරන ලෙසයි. එම අධිකරණ වෛද්‍ය වාර්තා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සියලුම දේහයන් ආදාහනය කිරීමෙන් වැළකී භූමදාන කටයුතු සිදුකරන ලෙස ඥාතීන් වෙත නියෝගයක් ලබාදුන්නේය. කෙසේ වෙතත් මියගිය අයගේ දේහයන් ගොපල්ලෑව නිවසට රැගෙන ඒමට සිද්ධියෙන් පසු දින දෙකක් ගතවිය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව දේහයන් ඥාතීන් වෙත භාරදෙන අවස්ථාව වනවිටත් එම දේහයන් යහපත් තත්ත්වයෙන් තොතිබීම හේතුවෙන් දේහයන් සියල්ල මුද්‍රා තැබීමටද සිදුව තිබිණ. වාරියපොළ සමූහ එන්.එම්. රවීන්ද්‍ර ප්‍රභාත් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom