Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිත කාලයම ඇඟේ තබාගෙන සිටින වේදනාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත කාලයම ඇඟේ තබාගෙන සිටින වේදනාවක්

පිස්සු හැදෙනව බන් මෙකෙ ලියල තියෙන ඒව දැක්කම. මෙ මිනිස්සු කොහොම මේව දරාගෙන ඉන්නවද මන්ද

සටහන, ඡායා – රසික ගුණවර්ධන

“සුදු කොඩි ලෙලෙන විට ගම හතර වට

හදවත දැවෙයි සිහිවන විට මිතුරු කැළ

සතුටින් සිටියෙ මිතුදම් ගොඩ නගාගෙන

කෙළෙසින් දමා යන්නද ඔබෙ නිසල වත.”

ඒ කවිය මීගමුව නගරයේ ඇති බැනරයකිනි. මේ වන විට කොළඹ නගරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පැවතියද මීගමුවේ තත්ත්වය එසේ නැත. මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරා දිනකට පසු අප එහි යන විට නගරය අරක් ගෙන පැවති පාළු මූසල නිහඬ බව ඒසා දුරට තවමත් පහව නැත. තැනින් තැන එල්ලන ලද බැනර්ද, සුදු කොඩිවැල්ද එම ශෝකානුකූල හැඟීම තව තවත් තීව්ර කරවයි. අප දෙවැනි වර මීගමුවට ගියේ සිදුවීම සිදු වී දින හතක් ගෙවී ගිය පසුවය. එහෙත් මීගමුවේ මිනිසුන්ට ඒ රුදුරු ප්‍රහාරය අද ඊයේ සිදු වූ ගාණය. ඔවුහු තවමත් ශෝක වෙති. වැලපෙති.

සෑම පාරකම මුර සංචාරයේ යෙදෙන අවි දරා ගත් හමුදා සෙබළුන්ය. ගමට පිටස්තරයෙකු පැමිණි විට ඔහු පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන ගම්වැසියන්ය. පාරේ ඉක්මනින් ඇවිද යන ගැහැනුන් හා පිරිමින්ය. නිවසක ඉස්තෝප්පුවට වී කල්පනාවේ නිමග්න වන ගැහැනුන්ය, පිරිමින්ය. නිහඬ පටු පාරක නිහැඬියාව බිඳිමින් ඇසෙන්නේ ඉටි කොළවලින් දැමූ සුදු කොඩි වැල් සුළඟට එකිනෙක ගැටෙන සිලි සිලි හඬය.

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙදෙනකු භූමිදානය කළ කටුවාපිටිය සොහොනට අප යන විට පෙර දවස පැමිණ සිය ඥාතීන් සිහිකර එහි තබා ගිය මල් කළඹ පස් ගොඩවල් මත මළානික වී ගොසිනි. ඒවා වැලපෙන හදවත්වල ශෝකය උරාගෙන ඇතිවා සේය. විටින් විට එහි එකා දෙන්නා පැමිණ යති. මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයෙන් එහි පැමිණි පියවරුන්ද, සොහොයුරියන් කිහිපදෙනෙක්ද, මියගිය ඥාතීන්ට ආශිර්වාද පතා එහි ආගමික කටයුතු පවත්වති.

“මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ හයියක් වෙන එක. ඒ මිනිස්සුන්ට උදව් වෙන එක. තමන්ගෙ සමීපතමයන් නැති උනහම ඕනෙම කෙනෙකුට ලොකු දුකක් දැනෙනව. දැන් මේ ගමේම හැම කෙනෙක්ම ඒ දුකෙන් ඉන්නෙ. අපි එයාලත් එක්ක හැම වෙලාවකම ඉන්නව. ඒක තමයි අපට අපේ ආගමෙන් උගන්වල තියෙන්නෙ. අපිට පලිගන්ඩ කියල දීල නෑ. අපිට කියල දීල තියෙන්නෙ අනිත් අයට ආදරය කරන්ඩ.” එහිදී එක් සොහොයුරියක අප හා පැවසුවාය.

ඒ පියවරුන් සහ සොහොයුරියන් සෑම නිවසකටම ගොස් දුකට පත් හිත්වලට උපදේශන සේවයේ යෙදෙති. බොහෝ පල්ලිවලින් පැමිණ පියවරුන් සහ සොහොයුරියන් මේ කාර්යයේ නියැලෙන බව අප කළ සංචාරයේදී දුටුවෙහුය. එය අනෙකුත් ආගමික පූජකයන්ට ඉතාම හොඳ ආදර්ශයකි. වෛරය පතුරනවා වෙනුවට ආදරය පතුරන්නේ කෙසේද යන්න ඔවුන්ගෙන් උගත හැකිය.

අප මෙලනිගේ නිවසට ගොඩ වැදුණෙමු. ප්‍රහාරයෙන් මෙලනිගේ නෑනා, එනම් සොහොයුරාගේ බිරිඳ මිය ගොසිනි. ඇගේ කුඩා දරුවන් දෙදෙනා එයින් ජීවිත ගලවාගෙන ඇත්තේ නූලෙනි.

“ස්වාමි පූජාව නැවැත්තුවට පස්සෙ අපි නැගිටල යන්ඩ හැදුවෙ. එතකොට ස්වාමි කීව පොඞ්ඩක් ඉඳගන්ඩ ස්තූති කථාවක් තියනව කියල. ඊට පස්සෙ ස්තූති කතාව විනාඩි පහක් හයක් වගේ තිබ්බ. ඊට පස්සෙ තමා එකපාරටම………….” ඇය මොහොතක් නිහඬ වූවාය. ඒ වේදනාකාරී සිදුවීම ඇය වචනයෙන් කියනවාට වඩා ඇගේ නිහැඬියාව හරහා වටහා ගැනීම පහසු සේම උචිතය. කතාව නවත්වන තැන්ද, විරාම ගන්නා තැන්ද, නිහඬව සිටිනා තැන්ද තීරණය කරන්නේ ඇය විසිනි. අපට ඇත්තේ නිහඬව ඇයට ඇහුම්කන් දීමය.

“එතකොටම කට්ටිය එළියට එන්ඩ ගත්ත, ඒ දවස්වල කරන්ට් එකත් යන හින්ද මම නංගිට කීව කරන්ට් එක මොනවහරි වෙන්ඩ ඇති කියල. ඊට පස්සෙ මම නංගිව එළියට තල්ලු කරල මෙයාල හොයාගෙන දිව්වා. මොකද මම දන්නවනෙ මෙයාල මාව හොයාගෙන එනව කියල.” මෙලනි සිය නෑනාගේ කුඩා දැරිය තුරුලු කරගෙන එසේ පවසයි. “අපට මෙයාවයි මල්ලිවයි හම්බ වුණේ පැය ගාණකට පස්සෙ. නෑනගෙ යාළුවෙක් ළඟ ඉඳල ඒ අය මේ අයව එක්කගෙන ගිහිල්ල තිබ්බ. අපි හිතුවෙ මේ දෙන්නත් නෑ කියල. මගෙ යාළුවෙක් බංකුවේ එහෙම්මම ඉඳගෙන හිටිය. මම ළඟට ගිහිල්ල බලනකොට එයාගෙ බෙල්ල නෑ කඳ විතරයි.” මෙලනි තුවාල ලැබූවන්ට උපකාර කිරීමට ගිය විට ඇයගේ පාදය වීදුරු කටු ඇණී තුවාල වී ඇත. අප ඇය සමඟ කතාබහ කරන අවස්ථාවේද ඒ වීදුරු කටු ඇය පාදවලින් ඉවත් කර නොතිබුණි. ඇය පැවසූවේ ඒවා ඉවත් කිරීමට නැවත පැමිණෙන ලෙස රෝහලෙන් දැනුම් දී ඇති බවයි.

“තාත්ත කෙනෙක් ඇවිල්ල මගෙ අතට ළමයෙක් දුන්නා එයාට වතුර ටිකක් පොවන්ඩ ඕනෙ කියල. මම එයාව අත් දෙකට අර ගත්තා. එයාට දිග කොණ්ඩයක් තිබුණා. මම කොණ්ඩෙ එහාට කරපුවහම ඒ ළමයගෙ ඇස් දෙක වැටුණා මගෙ ගවුමට. එතකොටම ළමය හුස්ම ඉහළට ඇද්ද. මම තාත්ත බලපුවහම මට තාත්ත හොයා ගන්ඩ බැරි වුණා. මම ළමයව තුරුළු කරගෙන වීදුරු කටු ගොඬේම දීවා. මං දන්නෙ නෑ ළමය මැරුණ කියන්න. පස්සෙ තමා මට තේරුණෙ……. මම ගිහිල්ල ඒ ළමයව වාහනේකට දුන්නා.” මෙලනි සේම මේ සිදුවීම් වලට මුහුණ දුන් බොහෝ දෙනා ජීවත් වන්නේ මේ සංවේදී සිදුවීම් කරපින්නාගෙනය. ඔවුන්ට ඒවා බිම තබා සැහැල්ලු වීමට උවමනාය. එසේ නොමැති උවහොත් ඔවුනට වේදනාවෙන් මිරිකෙමින් ජීවිත කාලයම ජීවත් වන්නට සිදුවනු ඇත.

“මම ආයෙ ඇතුළට දුවගෙන යද්දි කට්ටිය බිම වැටිල කෑ ගහනව. මගේ කකුල්වලින් අදිනව උදව් කරන්න කියල. මට උදව් කරන්න විදිහක් නෑ. සමහරුන්ගෙ මූණවල් විරූපී වෙලා. ඇඟවල් කෑලි වෙලා. සමහරුන්ව උස්සල ගන්ඩවත් බෑ.” මෙලනි විටක සිය නෑනාගේ දරුවාගේ හිස අතගාමින් සිටී. සිය නෑනාගේ පසකින් තබා අති ඡායාරූපය දෙස බලා සිටී. එසේ බොහෝ වේලාවක් නිහඬව සිටින ඇය, හදිසියේ මතක් වූ කාරණයක් අපට කියයි.

“අපි හිටපු තැනට අර ආපු කෙනාව හොඳට පේනවා. නංගි හිටියෙ මගෙ එහා පැත්තෙ. මම නංගිට, අන්න නංගි ආයෙ කවුද එනව…. කියන්ඩ හම්බුණෙ නෑ, එකපාරටම ඩෝං ගෑව. ඇත්තටම මට එවලෙ කල්පනාවක් තිබ්බෙ නෑ. මම හිතුවෙ ප්‍රාතිහාරයක් කියල……… බෝම්බයක් කියල මම දන්නෙත් ගෙදර ආවට පස්සෙ. අපි බෝම්බවල සද්දෙ අහල නෑනෙ කවදාවත්.”

මෙලනි ගේ මව, මාලනී එදා පල්ලි ගොස් සිට නැත. ඇය සිට ඇත්තේ නිවසේය. “මෙයා මට කෝල් කරල කීව පල්ලියෙ පිපිරීමක් වුණා අයියල කොහෙද කියල බලන්ඩ කියල. මට එයාලට කතා කරන්න බැරි වුණා. පොඩි දෙන්න ගැනත් ආරංචියක් නෑ. කට්ටිය කීව ඔයාලගෙ කට්ටිය ඉස්පිරිතාලෙට අරගෙන ගියා එහෙට ගිහිල්ල බලන්න කියල. එහෙම කිව්වත් මට යාගන්ඩ බෑ. පොඩි දෙන්නෙක් කොහොමද එකපාරට එහෙම බලන්නෙ…….. මම ඉස්පිරිතාලෙට ගියහම පුතා කෑ ගහගෙන ආව, අමාලි ඉන්නව දරුවො දෙන්න නෑ කියල. පස්සෙ පැය හතරකට විතර පස්සෙ කෝල් එකක් ආව පොඩි දෙන්න ඉන්නව කියල. කොහොම හරි පොඩි දුව දැකල තියනව මෙයාගෙ අම්ම හිටගෙන ඉන්නව. එකපාරටම එයා මගෙ පොඩි දුවේ කියාගෙන මෙයාගෙ කකුල් දෙක මුල ඇදගෙන වැටිල.” තමාගේ මව තමා ඉදිරිපිට මියයනු දුටු කුඩා දැරිවිය ඒ කම්පනය තවමත් තිබෙනවාට සැක නැත. ඇගේ පුංචිකම ඒ වේදනාව පරයා නැගී සිට ඇත. එහෙත් ඒ කම්පනය විසින් ඇය වෙලා නොගනී යැයි සහතික විය නොහැකිය. ඒ හේතුවෙන් ඇය පිළිබඳව සලකා බැලීම වැදගත්ය. මෙලනිද, මාලනීද, කුඩා දැරිය ද තමන්ගේ වේදනාව සඟවාගෙන සිටිති. එහෙත් ඒ මතකයන් නිතර ඔවුන් පාරනු ඇත.

නිරාශා ද, ඇගේ දියණිය ස්නේහා ද දෙවියන්ගේ පූජාවට යන විට ස්නේහාට මේ තරම් ඉක්මනින් දෙව් මව් තුරුළට යන්නට සිදුවනු ඇතැයි ඔවුන් නොසිතන්නට ඇත. එහෙත් සියල්ලන්ම නොසිතූ ව්‍යසනයක් සිදු වී ඇත. එහි වේදනාව දන්නේ ජීවත්ව සිටිනවුන්ටය. සිය දියණියගේ වියෝවේ වේදනාව නිරාශාව දවා හළුකරවයි.

“අපි හැම ඉරිදම පල්ලි යනවා. උදේ අට හමාරට දහම් පාසල් ගිහිල්ල එකොළහ හමාරට තමා එන්නෙ. එදා පාස්කු පූජාවට පාන්දර යන්න ඕනෙ හින්ද මේ ගොල්ලො නැගිට්ටෙ නෑ. අන්තිම මොහොතෙ පුතා නැගිට්ටා. එතකොට අපි ඇහුව එනවද කියල. එයා බෑ කීව හින්දම මමයි, දුවයි විතරක් ගියා. ඊට පස්සෙ එහා ගෙදර, දැන් නැතිවෙලා ඉන්න තුන්දෙනත් එක්ක තමයි අපි ත්‍රීවීලර් එකේ පල්ලියට ගියෙ. අපි හතට පහක් විතර තියෙද්දි පල්ලියට ගියා. එදා පූජාව ටිකක් පරක්කු වෙලා පටන් ගත්තෙ. ඊට පස්සෙ පූජාව කරල ඉවර වෙද්දිම එක්කෙනෙක් ඇතුළට එනව දැක්කා. අඩි දෙක තුනයි ඇතුළට එනව දැක්කෙ, ආයෙ එච්චරම තමා. මට පියවි සිහියට එනකොට මට බලන්න දෙයක් තිබ්බෙ නෑ ඇත්තටම. මම බංකුවලට යටවෙලා හිටියෙ. මට පිටිපස්සෙන් කෙනෙක් කතා කරල කීව ඔයාට පණ තියනව කියලා. ඊට පස්සෙ තමා මම පියවි සිහියට ආවෙ. මෙහා පැත්තෙ අයිය ඉඳගෙන හිටියා, එහා පැත්තෙ අක්ක හිටියා. ඉස්සරහ මගෙ දුවයි අක්කලාගෙ අම්මයි හිටිය. බලනොකොට මගෙ ඉස්සරහ මුකුත් තිබ්බෙ නෑ. මම අක්කගෙ නම කියල කෑ ගැහුව. දෝනී කියල කෑ ගැහුවා. මම ඔළුව උස්සල බලනොකොට මගෙ දුව වැටිල හිටිය. බලන්නවත් දෙයක් තිබ්බෙ නෑ…..” දුවගේ මතක ඇය පාරවයි. තිත් තැබීම් නැවත පටන් ගැනීම් ඇයට අවශ්‍ය ලෙසය. “මගෙ දුවයි ඇන්ටියි හිටපු තැනින් තමා අර බෝම්බ ගෙනා කෙනා පල්ලියට ඇතුල් වුණේ. මගෙ දත් ඔක්කොම කැඩිල, මගෙ ඇඟේ තවම තැන් හතක බෝම්බ කෑලි තියනව. මට ලේ වමනෙ කරවල බඬේ තිබ්බ ඔක්කොම ටික අයින් කළා. මම දවස් එක හමාරක් විතර ඉස්පිරිතාලෙ හිටියා.” නිරාශාගේ ඇඟේ තවමත් තැනින් තැන කළු පැහැ තැලුම් ඇත. නිරාශාට ඒ අඳුරු දිනයේ තමන්ගේ සමීපතමයන් තමන්ට අහිමි කළ බෝම්බයේ කැබලි සිය ජීවිත කාලය පුරාවටම ඇඟේ තබාගෙන සිටින්නට වීම දෛවයේ සරදමක් වැනිය.

“මම දුවව බලන්න නැගිටල යනකොට හතර දෙනෙක් ඇවිල්ල මාව වෑන් එකකට දාගත්ත. එතකොටම මගෙ මහත්තය ඇවිල්ල කෝ දුව කීව. මම කීව දුව වැටිල ඉන්නව ගන්ඩ දෙයක් නෑ කියල. මගෙ දුවගෙ බොඩිය සීල් කරල ගෙනාවෙ. මම ළඟ ගෙවල්වලට උයන්න ගියා. ඒකත් මේ ළමයි හින්දම නතර කළා.” සිතන්නට හැකි මිනිසෙකු නිපදවූ සිතන්නට නොහැකි බෝම්බය නිරාශාගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකු නැවත ගෙනවිත් නොදෙන්නටම පැහැරගෙන ගොසිනි.

“මගෙ දුව ඉස්කෝලෙ හත වසරෙ හිටියෙ. හරි අහිංසක විදිහට හිටපු දරුවෙක්. ඉස්කෝලෙ හැමදේටම සහභාගි වුණා. බාලදක්ෂ කණ්ඩායමෙත් හිටියා. ඉස්කෝලෙ ටීචර් කීවා වටින දරුවෙක් අපට නැති වුණේ කියල. මෙයා නැටුම්වලට හරි කැමතියි. ටීවි එකේ නැටුමක් ගියොත් එයත් කොහොම හරි ඒක ඒ විදිහට කරනවා. එයාට දක්ෂකම් තිබුණත් මට එයාව දේකට දාගන්න තරම් පුළුවන්කමක් තිබුණෙ නෑ. ගෙදර වැඩ වලටත් උදව් කළා. එයා තාත්තට තමයි ගොඩක් ළංවෙලා හිටියෙ. තාත්තට මේක දරා ගන්න ගොඩක් අමාරුයි. ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා ඇවිල්ලා හිත හදල හදල තමා එයා දැන් ඔය තත්ත්වෙන් හරි ඉන්නෙ. අපි හිතන්නෙ එයා අපිව දාල ගියත් එයාගෙ ආශිර්වාදය අපිට තියනව කියලා. එයාගෙ පිහිට අපට තියනවා. එයා ජේසුස් වහන්සේ ළඟට ගියා.” නිරාශා කඳුළු බිඳු අතරින් පවසයි.

අප නිරාශාගෙන් සමුගෙන පැමිණීමට සැරසෙන විට ඇය අපට ආයාචනාවක් කළේය. “මම කියන එක කොහොම හරි පත්තරේට ලියන්න. මම ආයෙ කවදාවත් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ නෑ. අවංකවම වැඩක් නෑ. එයාල මේක දැනගෙන ඉඳල තියනවනෙ. අඩුගානෙ එයාල පල්ලිවලට මේක කීව නම් මෙයාලට මේක වළක්ව ගන්න තිබුණා. එයාලගෙ දරුවො විතරක් නෙවෙයිනෙ දරුවො, මෙයාලත් අහිංසක දරුවොනෙ. හැමෝම ඒ වගේ දරුවො. ඡන්දෙ ඕනෙ කියනවනෙ ඉස්කෝලවලට දාන්ඩ. මගෙ දරුවො මම ගෙදර තියාගෙන හරි අකුරු කියල දෙනවා, මම ඡන්දෙ දාන්නෙ නෑ. අපිට දෙවියො ඉවසීම දීල තියන හින්ද තමා අපි මේ විදිහට ඉන්නෙ. අපේ අහිංසක දරුවො පොළොවට යටකරල අපි බලාගෙන ඉන්නව. අපි දුක් විඳල හදපු දරුවොනෙ මේ. ඇයි මේ? ලොකු ලොක්කන්ගෙ දේවල් පිරිමහ ගන්න මේ අහිංසක දරුවො අහිංසක මිනිස්සු පළි නෑ. ඡන්දෙනන් පාවිච්චි කරන්නෙ නෑ මම.”

සෑම තැනකම මරණ දැන්වීම්ය. අපි ඒවා එකින් එක පසුකරමින් ඉදිරියට ඇදෙන්නෙමු. කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවකට මුවාවීමට කඩපිළකට ගොඩ වූ විට එයින්ද ඇසෙන්නේ දුක්බර කතාවන්ය. සැකය, භීතිය මිනිසුන් වෙලාගෙනය.

දෙවියන්ගේ පූජාවට උපකාර කරනා පුංචි ජනිතගේ මව, සහෝදරිය ඇතුළු පවුලේ ඥාතීන්ටද සිය ජීවිත හැරයන්නට සිදුවී ඇත. පුංචි ජනිතගේ පියාත්, සීයාත් සමඟ තනිවන්නට ඔහුට සිදුවී ඇත. ඒ තනිය මකන්නට ඔහුගේ නැන්දනිය දැන් ටික දිනක සිට එහි පැමිණ ඇත. ශෝකය සඟවා ඇය අප සමඟ ඔවුන්ගේ දුක්බර කතාව පැවසීය.

“මගෙ අම්මයි, නෑනයි, නෑනගෙ දුවයි, අක්කගෙ පුතයි නැති වුණා. මම එදා පල්ලියට ගියෙ නෑ. අම්ම මට කතා කරල කීව කිඹුලපිටියෙ පල්ලියට ගිහිල්ල දවල් කෑමට එන්න කියල. අම්ම ඉඳල තියෙන්නෙ පල්ලිය ඉස්සරහ.” මියගිය රොෂානිගේ නෑනාගේ වැඩිමහල් පිරිමි දරුවා සහ රොෂාන් සිට ඇත්තේ පල්ලියේ පියවරුන්ට උපකාර කරමිනි. ඔහු පුරුද්දක් ලෙස එසේ පල්ලියේ පූජාවන්ට උපකාර කරන බව රොෂානි පවසයි. “කලින් දවසෙ රෑත් මෙයා පූජාවට උදව් කරන්න ගිහිල්ල හිටිය. ඒ උනාට මහන්සිය බලන්නෙ නැතුව මෙයා එදා උදේ පූජාවටත් ගිහිල්ල.” පුංචි රොෂාන් අපට පසකින් පුටුවකට බරදී කල්පනාවක නිමග්න වී සිටී. “පූජාව ඉවර වෙන්න ගියෙ. එතකොටම ඩෝං ගාල සද්දයක් ආව ඊට පස්සෙ මුකුත් මතක නෑ.”

“අක්කගෙ පුතා අපට හොයා ගන්න බැරි වුණා. අපි හැමතැනම හෙව්ව. ඉස්පිරිතාලෙටත් ගියා. හැමතැනකින්ම නෑ කියල කීව. පස්සෙ අපේ අක්ක පොටෝ එකක් අරගෙන මීගමුව ඉස්පිරිතාලෙට ගියහම නර්ස් කෙනෙක් කීව මමයි මේ ළමයට ඔක්සිජන් දීල ඔක්කොම කරල කොළඹ ඇරියෙ කියල. ඊට පස්සෙ එහෙ ඩොක්ටර් කෙනෙක්ගෙ අංකයක් දීල කතා කරන්න කීව. ඩොක්ටර් කීව ළමය අයි.සී.යූ. එකේ ඉන්නව එන්න කියල. පස්සෙ අපි දන්නෙ ඩොක්ටර් එහෙම කියල තියෙන්නෙ අපි කලබල වෙයි කියල. එයත් නැතිවෙලා තියෙන්නෙ එදාම හැන්දෑවෙ. පුතා අපිට එදාම හම්බුණා නම් ඔක්කොමගෙ කටයුතු එක දවසෙ කරන්න තිබ්බා.” රොෂානි සිය පවුලේ ඥාතීන්ගේ ඡායාරූපය තබාගෙන ඒ දෙස බලාගෙන ඔවුන් පිළිබඳව පවසයි. ඇය විටක සංවේදී වෙයි. විටක බොහෝ වේලාවක් නතර වී සිට නැවත කතා කරයි.

“ඔක්කොම සීල් නොකර ගේන්ඩ පුළුවන්කමක් තිබ්බ. හැබැයි මල්ශාලාවෙන් ටයිම් එක පරක්කු වෙලා බොඩි දෙකක් නරක් වෙලා. ඒ හින්ද සීල් කරල ගෙනාවෙ.”

“අම්ම එළියට එන්ඩ ඇවිල්ල ආයෙ ගිහින් ඉඳගෙන. අක්ක පල්ලියෙ පිටිපස්සෙ ඉඳල තියෙන්නෙ. එයා බඩගගා කියල අම්මව බේරල දෙන්ඩ කියල. හැබැයි එතකොටත් අම්ම නැතිවෙලා. අපි ලොකු වුණත් අපේ හැමදෙයක්ම අම්ම බැලුවෙ. අපේ උප්පැන්න සහතික පවා තාම තියෙන්නෙ අම්ම ළඟ. මට තවම හිතා ගන්ඩ බෑ මේ මොකක්ද වුණේ කියල.” රොෂානි කියයි.

අපට ඈතින් ඇති පුටුවකට වී රොෂානිගේ පියා දෑසේ කඳුළු පුරවාගෙන වාඩි වී සිටී. ඔහු නිහඬව අපේ කතා බහට ඇහුන්කන් දේ.

“අයිය අවුරුදු විසි දෙකක් හමුදාවෙ ඉඳල ගිය මාසෙ තමා විශ්‍රාම අරගෙන ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න කියල ගෙදර ආවෙ. එයා සතුටින් ඉන්න ආවට එයාට ඒ දෙන්නම නැතුව ගියා. එයා බ්‍රහස්පතින්දට තමා පල්ලි යන්නෙ. ගිහින් ඉටි පන්දම් පත්තු කරල එනව. අපි තමයි පූජාවට යන්නෙ. එදා එයා පූජාවට ගියේ නෑ. එයා කියල දහයට එයා පල්ලිය ළඟට එන්නන් එයාල එක්කගෙන යන්න කියල. හැබැයි අයිය නැගිටින්නත් කලින් මේක වුණා. අවුරුදු ගාණක් බෝම්බ සද්දෙ අහල අන්තිමට කවුද හිතුවෙ එයාගෙ පවුලෙ අය බෝම්බෙකින්ම නැතිවෙයි කියල. මෙයා ඉස්පිරිතාලෙ ළඟට ගිහිල්ල ආමි එකේ අයට බැනල තියනව උඹල මෙහෙමද ආරක්ෂාව ගැන බැලුවෙ. අපි කොහොමද මේක අදහ ගන්නෙ.”

“කාලද ඉන්නෙ?” අප පිටවීමට සූදානම් වන විට ඔවුන්ගෙන් විමසුවෙමු. “අපි දවස් ගාණකින් ඉව්වෙ නෑ. ළමයි බිස්කට් එකක් කාල ඉන්නවා. අපිත් මොනවහරි කාල ඉන්නව. තාත්ත තේ එකක්වත් බොන්නෙ නෑ. හැමදාම මම තේ එක ඇල් වුණහම ඒක විසිකරල කෝප්පෙ හෝදල තියනවා.”

මේ වේදනාව දරාගෙන ඔවුන් ජීවත් විය යුතුය. ඊට ඔවුනට උපකාර අවැසිය. එකිනෙකාට වැරදි පැටවීම් නවත්වා සියලු ශ්‍රී ලාංකිකයන් එයට පෙළ ගැසිය යුතුය. ඉන්පසු එළැඹෙන මැතිවරණයකදී වැරදිකරුවන් පන්නා දැමිය හැකිය. ප්‍රහාරය සිදුවූ දින ලේ බැංකුවට අතුරු සිදුරු නැතිව සෙනඟ එකතු වූවා සේ ජීවත්ව සිටින උපකාර අවැසි වුන්ට උපකාර කිරීමට පෙළ ගැසිය යුතුය. මේ මොහොත විසින් ඉල්ලා සිටින්නේ එයයි.

අප සුදු කොඩි මැදින්, වැලපෙන මිනිසුන් අතරින් මීගමුවේ මතක රැගෙන පැමිණියෙමු.

[QUOTE="AEG, post: 24464563, member: 407630"] [b]ජීවිත කාලයම ඇඟේ තබාගෙන සිටින වේදනාවක්[/b] [SIZE="4"][COLOR="Black"]පිස්සු හැදෙනව බන් මෙකෙ ලියල තියෙන ඒව දැක්කම.:( මෙ මිනිස්සු කොහොම මේව දරාගෙන ඉන්නවද මන්ද :no::no:[/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="3"]සටහන, ඡායා – රසික ගුණවර්ධන “සුදු කොඩි ලෙලෙන විට ගම හතර වට හදවත දැවෙයි සිහිවන විට මිතුරු කැළ සතුටින් සිටියෙ මිතුදම් ගොඩ නගාගෙන කෙළෙසින් දමා යන්නද ඔබෙ නිසල වත.” ඒ කවිය මීගමුව නගරයේ ඇති බැනරයකිනි. මේ වන විට කොළඹ නගරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පැවතියද මීගමුවේ තත්ත්වය එසේ නැත. මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරා දිනකට පසු අප එහි යන විට නගරය අරක් ගෙන පැවති පාළු මූසල නිහඬ බව ඒසා දුරට තවමත් පහව නැත. තැනින් තැන එල්ලන ලද බැනර්ද, සුදු කොඩිවැල්ද එම ශෝකානුකූල හැඟීම තව තවත් තීව්ර කරවයි. අප දෙවැනි වර මීගමුවට ගියේ සිදුවීම සිදු වී දින හතක් ගෙවී ගිය පසුවය. එහෙත් මීගමුවේ මිනිසුන්ට ඒ රුදුරු ප්‍රහාරය අද ඊයේ සිදු වූ ගාණය. ඔවුහු තවමත් ශෝක වෙති. වැලපෙති. සෑම පාරකම මුර සංචාරයේ යෙදෙන අවි දරා ගත් හමුදා සෙබළුන්ය. ගමට පිටස්තරයෙකු පැමිණි විට ඔහු පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන ගම්වැසියන්ය. පාරේ ඉක්මනින් ඇවිද යන ගැහැනුන් හා පිරිමින්ය. නිවසක ඉස්තෝප්පුවට වී කල්පනාවේ නිමග්න වන ගැහැනුන්ය, පිරිමින්ය. නිහඬ පටු පාරක නිහැඬියාව බිඳිමින් ඇසෙන්නේ ඉටි කොළවලින් දැමූ සුදු කොඩි වැල් සුළඟට එකිනෙක ගැටෙන සිලි සිලි හඬය. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙදෙනකු භූමිදානය කළ කටුවාපිටිය සොහොනට අප යන විට පෙර දවස පැමිණ සිය ඥාතීන් සිහිකර එහි තබා ගිය මල් කළඹ පස් ගොඩවල් මත මළානික වී ගොසිනි. ඒවා වැලපෙන හදවත්වල ශෝකය උරාගෙන ඇතිවා සේය. විටින් විට එහි එකා දෙන්නා පැමිණ යති. මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයෙන් එහි පැමිණි පියවරුන්ද, සොහොයුරියන් කිහිපදෙනෙක්ද, මියගිය ඥාතීන්ට ආශිර්වාද පතා එහි ආගමික කටයුතු පවත්වති. “මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ හයියක් වෙන එක. ඒ මිනිස්සුන්ට උදව් වෙන එක. තමන්ගෙ සමීපතමයන් නැති උනහම ඕනෙම කෙනෙකුට ලොකු දුකක් දැනෙනව. දැන් මේ ගමේම හැම කෙනෙක්ම ඒ දුකෙන් ඉන්නෙ. අපි එයාලත් එක්ක හැම වෙලාවකම ඉන්නව. ඒක තමයි අපට අපේ ආගමෙන් උගන්වල තියෙන්නෙ. අපිට පලිගන්ඩ කියල දීල නෑ. අපිට කියල දීල තියෙන්නෙ අනිත් අයට ආදරය කරන්ඩ.” එහිදී එක් සොහොයුරියක අප හා පැවසුවාය. ඒ පියවරුන් සහ සොහොයුරියන් සෑම නිවසකටම ගොස් දුකට පත් හිත්වලට උපදේශන සේවයේ යෙදෙති. බොහෝ පල්ලිවලින් පැමිණ පියවරුන් සහ සොහොයුරියන් මේ කාර්යයේ නියැලෙන බව අප කළ සංචාරයේදී දුටුවෙහුය. එය අනෙකුත් ආගමික පූජකයන්ට ඉතාම හොඳ ආදර්ශයකි. වෛරය පතුරනවා වෙනුවට ආදරය පතුරන්නේ කෙසේද යන්න ඔවුන්ගෙන් උගත හැකිය. අප මෙලනිගේ නිවසට ගොඩ වැදුණෙමු. ප්‍රහාරයෙන් මෙලනිගේ නෑනා, එනම් සොහොයුරාගේ බිරිඳ මිය ගොසිනි. ඇගේ කුඩා දරුවන් දෙදෙනා එයින් ජීවිත ගලවාගෙන ඇත්තේ නූලෙනි. “ස්වාමි පූජාව නැවැත්තුවට පස්සෙ අපි නැගිටල යන්ඩ හැදුවෙ. එතකොට ස්වාමි කීව පොඞ්ඩක් ඉඳගන්ඩ ස්තූති කථාවක් තියනව කියල. ඊට පස්සෙ ස්තූති කතාව විනාඩි පහක් හයක් වගේ තිබ්බ. ඊට පස්සෙ තමා එකපාරටම………….” ඇය මොහොතක් නිහඬ වූවාය. ඒ වේදනාකාරී සිදුවීම ඇය වචනයෙන් කියනවාට වඩා ඇගේ නිහැඬියාව හරහා වටහා ගැනීම පහසු සේම උචිතය. කතාව නවත්වන තැන්ද, විරාම ගන්නා තැන්ද, නිහඬව සිටිනා තැන්ද තීරණය කරන්නේ ඇය විසිනි. අපට ඇත්තේ නිහඬව ඇයට ඇහුම්කන් දීමය. “එතකොටම කට්ටිය එළියට එන්ඩ ගත්ත, ඒ දවස්වල කරන්ට් එකත් යන හින්ද මම නංගිට කීව කරන්ට් එක මොනවහරි වෙන්ඩ ඇති කියල. ඊට පස්සෙ මම නංගිව එළියට තල්ලු කරල මෙයාල හොයාගෙන දිව්වා. මොකද මම දන්නවනෙ මෙයාල මාව හොයාගෙන එනව කියල.” මෙලනි සිය නෑනාගේ කුඩා දැරිය තුරුලු කරගෙන එසේ පවසයි. “අපට මෙයාවයි මල්ලිවයි හම්බ වුණේ පැය ගාණකට පස්සෙ. නෑනගෙ යාළුවෙක් ළඟ ඉඳල ඒ අය මේ අයව එක්කගෙන ගිහිල්ල තිබ්බ. අපි හිතුවෙ මේ දෙන්නත් නෑ කියල. මගෙ යාළුවෙක් බංකුවේ එහෙම්මම ඉඳගෙන හිටිය. මම ළඟට ගිහිල්ල බලනකොට එයාගෙ බෙල්ල නෑ කඳ විතරයි.” මෙලනි තුවාල ලැබූවන්ට උපකාර කිරීමට ගිය විට ඇයගේ පාදය වීදුරු කටු ඇණී තුවාල වී ඇත. අප ඇය සමඟ කතාබහ කරන අවස්ථාවේද ඒ වීදුරු කටු ඇය පාදවලින් ඉවත් කර නොතිබුණි. ඇය පැවසූවේ ඒවා ඉවත් කිරීමට නැවත පැමිණෙන ලෙස රෝහලෙන් දැනුම් දී ඇති බවයි. “තාත්ත කෙනෙක් ඇවිල්ල මගෙ අතට ළමයෙක් දුන්නා එයාට වතුර ටිකක් පොවන්ඩ ඕනෙ කියල. මම එයාව අත් දෙකට අර ගත්තා. එයාට දිග කොණ්ඩයක් තිබුණා. මම කොණ්ඩෙ එහාට කරපුවහම ඒ ළමයගෙ ඇස් දෙක වැටුණා මගෙ ගවුමට. එතකොටම ළමය හුස්ම ඉහළට ඇද්ද. මම තාත්ත බලපුවහම මට තාත්ත හොයා ගන්ඩ බැරි වුණා. මම ළමයව තුරුළු කරගෙන වීදුරු කටු ගොඬේම දීවා. මං දන්නෙ නෑ ළමය මැරුණ කියන්න. පස්සෙ තමා මට තේරුණෙ……. මම ගිහිල්ල ඒ ළමයව වාහනේකට දුන්නා.” මෙලනි සේම මේ සිදුවීම් වලට මුහුණ දුන් බොහෝ දෙනා ජීවත් වන්නේ මේ සංවේදී සිදුවීම් කරපින්නාගෙනය. ඔවුන්ට ඒවා බිම තබා සැහැල්ලු වීමට උවමනාය. එසේ නොමැති උවහොත් ඔවුනට වේදනාවෙන් මිරිකෙමින් ජීවිත කාලයම ජීවත් වන්නට සිදුවනු ඇත. “මම ආයෙ ඇතුළට දුවගෙන යද්දි කට්ටිය බිම වැටිල කෑ ගහනව. මගේ කකුල්වලින් අදිනව උදව් කරන්න කියල. මට උදව් කරන්න විදිහක් නෑ. සමහරුන්ගෙ මූණවල් විරූපී වෙලා. ඇඟවල් කෑලි වෙලා. සමහරුන්ව උස්සල ගන්ඩවත් බෑ.” මෙලනි විටක සිය නෑනාගේ දරුවාගේ හිස අතගාමින් සිටී. සිය නෑනාගේ පසකින් තබා අති ඡායාරූපය දෙස බලා සිටී. එසේ බොහෝ වේලාවක් නිහඬව සිටින ඇය, හදිසියේ මතක් වූ කාරණයක් අපට කියයි. “අපි හිටපු තැනට අර ආපු කෙනාව හොඳට පේනවා. නංගි හිටියෙ මගෙ එහා පැත්තෙ. මම නංගිට, අන්න නංගි ආයෙ කවුද එනව…. කියන්ඩ හම්බුණෙ නෑ, එකපාරටම ඩෝං ගෑව. ඇත්තටම මට එවලෙ කල්පනාවක් තිබ්බෙ නෑ. මම හිතුවෙ ප්‍රාතිහාරයක් කියල……… බෝම්බයක් කියල මම දන්නෙත් ගෙදර ආවට පස්සෙ. අපි බෝම්බවල සද්දෙ අහල නෑනෙ කවදාවත්.” මෙලනි ගේ මව, මාලනී එදා පල්ලි ගොස් සිට නැත. ඇය සිට ඇත්තේ නිවසේය. “මෙයා මට කෝල් කරල කීව පල්ලියෙ පිපිරීමක් වුණා අයියල කොහෙද කියල බලන්ඩ කියල. මට එයාලට කතා කරන්න බැරි වුණා. පොඩි දෙන්න ගැනත් ආරංචියක් නෑ. කට්ටිය කීව ඔයාලගෙ කට්ටිය ඉස්පිරිතාලෙට අරගෙන ගියා එහෙට ගිහිල්ල බලන්න කියල. එහෙම කිව්වත් මට යාගන්ඩ බෑ. පොඩි දෙන්නෙක් කොහොමද එකපාරට එහෙම බලන්නෙ…….. මම ඉස්පිරිතාලෙට ගියහම පුතා කෑ ගහගෙන ආව, අමාලි ඉන්නව දරුවො දෙන්න නෑ කියල. පස්සෙ පැය හතරකට විතර පස්සෙ කෝල් එකක් ආව පොඩි දෙන්න ඉන්නව කියල. කොහොම හරි පොඩි දුව දැකල තියනව මෙයාගෙ අම්ම හිටගෙන ඉන්නව. එකපාරටම එයා මගෙ පොඩි දුවේ කියාගෙන මෙයාගෙ කකුල් දෙක මුල ඇදගෙන වැටිල.” තමාගේ මව තමා ඉදිරිපිට මියයනු දුටු කුඩා දැරිවිය ඒ කම්පනය තවමත් තිබෙනවාට සැක නැත. ඇගේ පුංචිකම ඒ වේදනාව පරයා නැගී සිට ඇත. එහෙත් ඒ කම්පනය විසින් ඇය වෙලා නොගනී යැයි සහතික විය නොහැකිය. ඒ හේතුවෙන් ඇය පිළිබඳව සලකා බැලීම වැදගත්ය. මෙලනිද, මාලනීද, කුඩා දැරිය ද තමන්ගේ වේදනාව සඟවාගෙන සිටිති. එහෙත් ඒ මතකයන් නිතර ඔවුන් පාරනු ඇත. නිරාශා ද, ඇගේ දියණිය ස්නේහා ද දෙවියන්ගේ පූජාවට යන විට ස්නේහාට මේ තරම් ඉක්මනින් දෙව් මව් තුරුළට යන්නට සිදුවනු ඇතැයි ඔවුන් නොසිතන්නට ඇත. එහෙත් සියල්ලන්ම නොසිතූ ව්‍යසනයක් සිදු වී ඇත. එහි වේදනාව දන්නේ ජීවත්ව සිටිනවුන්ටය. සිය දියණියගේ වියෝවේ වේදනාව නිරාශාව දවා හළුකරවයි. “අපි හැම ඉරිදම පල්ලි යනවා. උදේ අට හමාරට දහම් පාසල් ගිහිල්ල එකොළහ හමාරට තමා එන්නෙ. එදා පාස්කු පූජාවට පාන්දර යන්න ඕනෙ හින්ද මේ ගොල්ලො නැගිට්ටෙ නෑ. අන්තිම මොහොතෙ පුතා නැගිට්ටා. එතකොට අපි ඇහුව එනවද කියල. එයා බෑ කීව හින්දම මමයි, දුවයි විතරක් ගියා. ඊට පස්සෙ එහා ගෙදර, දැන් නැතිවෙලා ඉන්න තුන්දෙනත් එක්ක තමයි අපි ත්‍රීවීලර් එකේ පල්ලියට ගියෙ. අපි හතට පහක් විතර තියෙද්දි පල්ලියට ගියා. එදා පූජාව ටිකක් පරක්කු වෙලා පටන් ගත්තෙ. ඊට පස්සෙ පූජාව කරල ඉවර වෙද්දිම එක්කෙනෙක් ඇතුළට එනව දැක්කා. අඩි දෙක තුනයි ඇතුළට එනව දැක්කෙ, ආයෙ එච්චරම තමා. මට පියවි සිහියට එනකොට මට බලන්න දෙයක් තිබ්බෙ නෑ ඇත්තටම. මම බංකුවලට යටවෙලා හිටියෙ. මට පිටිපස්සෙන් කෙනෙක් කතා කරල කීව ඔයාට පණ තියනව කියලා. ඊට පස්සෙ තමා මම පියවි සිහියට ආවෙ. මෙහා පැත්තෙ අයිය ඉඳගෙන හිටියා, එහා පැත්තෙ අක්ක හිටියා. ඉස්සරහ මගෙ දුවයි අක්කලාගෙ අම්මයි හිටිය. බලනොකොට මගෙ ඉස්සරහ මුකුත් තිබ්බෙ නෑ. මම අක්කගෙ නම කියල කෑ ගැහුව. දෝනී කියල කෑ ගැහුවා. මම ඔළුව උස්සල බලනොකොට මගෙ දුව වැටිල හිටිය. බලන්නවත් දෙයක් තිබ්බෙ නෑ…..” දුවගේ මතක ඇය පාරවයි. තිත් තැබීම් නැවත පටන් ගැනීම් ඇයට අවශ්‍ය ලෙසය. “මගෙ දුවයි ඇන්ටියි හිටපු තැනින් තමා අර බෝම්බ ගෙනා කෙනා පල්ලියට ඇතුල් වුණේ. මගෙ දත් ඔක්කොම කැඩිල, මගෙ ඇඟේ තවම තැන් හතක බෝම්බ කෑලි තියනව. මට ලේ වමනෙ කරවල බඬේ තිබ්බ ඔක්කොම ටික අයින් කළා. මම දවස් එක හමාරක් විතර ඉස්පිරිතාලෙ හිටියා.” නිරාශාගේ ඇඟේ තවමත් තැනින් තැන කළු පැහැ තැලුම් ඇත. නිරාශාට ඒ අඳුරු දිනයේ තමන්ගේ සමීපතමයන් තමන්ට අහිමි කළ බෝම්බයේ කැබලි සිය ජීවිත කාලය පුරාවටම ඇඟේ තබාගෙන සිටින්නට වීම දෛවයේ සරදමක් වැනිය. “මම දුවව බලන්න නැගිටල යනකොට හතර දෙනෙක් ඇවිල්ල මාව වෑන් එකකට දාගත්ත. එතකොටම මගෙ මහත්තය ඇවිල්ල කෝ දුව කීව. මම කීව දුව වැටිල ඉන්නව ගන්ඩ දෙයක් නෑ කියල. මගෙ දුවගෙ බොඩිය සීල් කරල ගෙනාවෙ. මම ළඟ ගෙවල්වලට උයන්න ගියා. ඒකත් මේ ළමයි හින්දම නතර කළා.” සිතන්නට හැකි මිනිසෙකු නිපදවූ සිතන්නට නොහැකි බෝම්බය නිරාශාගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකු නැවත ගෙනවිත් නොදෙන්නටම පැහැරගෙන ගොසිනි. “මගෙ දුව ඉස්කෝලෙ හත වසරෙ හිටියෙ. හරි අහිංසක විදිහට හිටපු දරුවෙක්. ඉස්කෝලෙ හැමදේටම සහභාගි වුණා. බාලදක්ෂ කණ්ඩායමෙත් හිටියා. ඉස්කෝලෙ ටීචර් කීවා වටින දරුවෙක් අපට නැති වුණේ කියල. මෙයා නැටුම්වලට හරි කැමතියි. ටීවි එකේ නැටුමක් ගියොත් එයත් කොහොම හරි ඒක ඒ විදිහට කරනවා. එයාට දක්ෂකම් තිබුණත් මට එයාව දේකට දාගන්න තරම් පුළුවන්කමක් තිබුණෙ නෑ. ගෙදර වැඩ වලටත් උදව් කළා. එයා තාත්තට තමයි ගොඩක් ළංවෙලා හිටියෙ. තාත්තට මේක දරා ගන්න ගොඩක් අමාරුයි. ෆාදර්ස්ලා සිස්ටර්ස්ලා ඇවිල්ලා හිත හදල හදල තමා එයා දැන් ඔය තත්ත්වෙන් හරි ඉන්නෙ. අපි හිතන්නෙ එයා අපිව දාල ගියත් එයාගෙ ආශිර්වාදය අපිට තියනව කියලා. එයාගෙ පිහිට අපට තියනවා. එයා ජේසුස් වහන්සේ ළඟට ගියා.” නිරාශා කඳුළු බිඳු අතරින් පවසයි. අප නිරාශාගෙන් සමුගෙන පැමිණීමට සැරසෙන විට ඇය අපට ආයාචනාවක් කළේය. “මම කියන එක කොහොම හරි පත්තරේට ලියන්න. මම ආයෙ කවදාවත් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ නෑ. අවංකවම වැඩක් නෑ. එයාල මේක දැනගෙන ඉඳල තියනවනෙ. අඩුගානෙ එයාල පල්ලිවලට මේක කීව නම් මෙයාලට මේක වළක්ව ගන්න තිබුණා. එයාලගෙ දරුවො විතරක් නෙවෙයිනෙ දරුවො, මෙයාලත් අහිංසක දරුවොනෙ. හැමෝම ඒ වගේ දරුවො. ඡන්දෙ ඕනෙ කියනවනෙ ඉස්කෝලවලට දාන්ඩ. මගෙ දරුවො මම ගෙදර තියාගෙන හරි අකුරු කියල දෙනවා, මම ඡන්දෙ දාන්නෙ නෑ. අපිට දෙවියො ඉවසීම දීල තියන හින්ද තමා අපි මේ විදිහට ඉන්නෙ. අපේ අහිංසක දරුවො පොළොවට යටකරල අපි බලාගෙන ඉන්නව. අපි දුක් විඳල හදපු දරුවොනෙ මේ. ඇයි මේ? ලොකු ලොක්කන්ගෙ දේවල් පිරිමහ ගන්න මේ අහිංසක දරුවො අහිංසක මිනිස්සු පළි නෑ. ඡන්දෙනන් පාවිච්චි කරන්නෙ නෑ මම.” සෑම තැනකම මරණ දැන්වීම්ය. අපි ඒවා එකින් එක පසුකරමින් ඉදිරියට ඇදෙන්නෙමු. කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවකට මුවාවීමට කඩපිළකට ගොඩ වූ විට එයින්ද ඇසෙන්නේ දුක්බර කතාවන්ය. සැකය, භීතිය මිනිසුන් වෙලාගෙනය. දෙවියන්ගේ පූජාවට උපකාර කරනා පුංචි ජනිතගේ මව, සහෝදරිය ඇතුළු පවුලේ ඥාතීන්ටද සිය ජීවිත හැරයන්නට සිදුවී ඇත. පුංචි ජනිතගේ පියාත්, සීයාත් සමඟ තනිවන්නට ඔහුට සිදුවී ඇත. ඒ තනිය මකන්නට ඔහුගේ නැන්දනිය දැන් ටික දිනක සිට එහි පැමිණ ඇත. ශෝකය සඟවා ඇය අප සමඟ ඔවුන්ගේ දුක්බර කතාව පැවසීය. “මගෙ අම්මයි, නෑනයි, නෑනගෙ දුවයි, අක්කගෙ පුතයි නැති වුණා. මම එදා පල්ලියට ගියෙ නෑ. අම්ම මට කතා කරල කීව කිඹුලපිටියෙ පල්ලියට ගිහිල්ල දවල් කෑමට එන්න කියල. අම්ම ඉඳල තියෙන්නෙ පල්ලිය ඉස්සරහ.” මියගිය රොෂානිගේ නෑනාගේ වැඩිමහල් පිරිමි දරුවා සහ රොෂාන් සිට ඇත්තේ පල්ලියේ පියවරුන්ට උපකාර කරමිනි. ඔහු පුරුද්දක් ලෙස එසේ පල්ලියේ පූජාවන්ට උපකාර කරන බව රොෂානි පවසයි. “කලින් දවසෙ රෑත් මෙයා පූජාවට උදව් කරන්න ගිහිල්ල හිටිය. ඒ උනාට මහන්සිය බලන්නෙ නැතුව මෙයා එදා උදේ පූජාවටත් ගිහිල්ල.” පුංචි රොෂාන් අපට පසකින් පුටුවකට බරදී කල්පනාවක නිමග්න වී සිටී. “පූජාව ඉවර වෙන්න ගියෙ. එතකොටම ඩෝං ගාල සද්දයක් ආව ඊට පස්සෙ මුකුත් මතක නෑ.” “අක්කගෙ පුතා අපට හොයා ගන්න බැරි වුණා. අපි හැමතැනම හෙව්ව. ඉස්පිරිතාලෙටත් ගියා. හැමතැනකින්ම නෑ කියල කීව. පස්සෙ අපේ අක්ක පොටෝ එකක් අරගෙන මීගමුව ඉස්පිරිතාලෙට ගියහම නර්ස් කෙනෙක් කීව මමයි මේ ළමයට ඔක්සිජන් දීල ඔක්කොම කරල කොළඹ ඇරියෙ කියල. ඊට පස්සෙ එහෙ ඩොක්ටර් කෙනෙක්ගෙ අංකයක් දීල කතා කරන්න කීව. ඩොක්ටර් කීව ළමය අයි.සී.යූ. එකේ ඉන්නව එන්න කියල. පස්සෙ අපි දන්නෙ ඩොක්ටර් එහෙම කියල තියෙන්නෙ අපි කලබල වෙයි කියල. එයත් නැතිවෙලා තියෙන්නෙ එදාම හැන්දෑවෙ. පුතා අපිට එදාම හම්බුණා නම් ඔක්කොමගෙ කටයුතු එක දවසෙ කරන්න තිබ්බා.” රොෂානි සිය පවුලේ ඥාතීන්ගේ ඡායාරූපය තබාගෙන ඒ දෙස බලාගෙන ඔවුන් පිළිබඳව පවසයි. ඇය විටක සංවේදී වෙයි. විටක බොහෝ වේලාවක් නතර වී සිට නැවත කතා කරයි. “ඔක්කොම සීල් නොකර ගේන්ඩ පුළුවන්කමක් තිබ්බ. හැබැයි මල්ශාලාවෙන් ටයිම් එක පරක්කු වෙලා බොඩි දෙකක් නරක් වෙලා. ඒ හින්ද සීල් කරල ගෙනාවෙ.” “අම්ම එළියට එන්ඩ ඇවිල්ල ආයෙ ගිහින් ඉඳගෙන. අක්ක පල්ලියෙ පිටිපස්සෙ ඉඳල තියෙන්නෙ. එයා බඩගගා කියල අම්මව බේරල දෙන්ඩ කියල. හැබැයි එතකොටත් අම්ම නැතිවෙලා. අපි ලොකු වුණත් අපේ හැමදෙයක්ම අම්ම බැලුවෙ. අපේ උප්පැන්න සහතික පවා තාම තියෙන්නෙ අම්ම ළඟ. මට තවම හිතා ගන්ඩ බෑ මේ මොකක්ද වුණේ කියල.” රොෂානි කියයි. අපට ඈතින් ඇති පුටුවකට වී රොෂානිගේ පියා දෑසේ කඳුළු පුරවාගෙන වාඩි වී සිටී. ඔහු නිහඬව අපේ කතා බහට ඇහුන්කන් දේ. “අයිය අවුරුදු විසි දෙකක් හමුදාවෙ ඉඳල ගිය මාසෙ තමා විශ්‍රාම අරගෙන ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න කියල ගෙදර ආවෙ. එයා සතුටින් ඉන්න ආවට එයාට ඒ දෙන්නම නැතුව ගියා. එයා බ්‍රහස්පතින්දට තමා පල්ලි යන්නෙ. ගිහින් ඉටි පන්දම් පත්තු කරල එනව. අපි තමයි පූජාවට යන්නෙ. එදා එයා පූජාවට ගියේ නෑ. එයා කියල දහයට එයා පල්ලිය ළඟට එන්නන් එයාල එක්කගෙන යන්න කියල. හැබැයි අයිය නැගිටින්නත් කලින් මේක වුණා. අවුරුදු ගාණක් බෝම්බ සද්දෙ අහල අන්තිමට කවුද හිතුවෙ එයාගෙ පවුලෙ අය බෝම්බෙකින්ම නැතිවෙයි කියල. මෙයා ඉස්පිරිතාලෙ ළඟට ගිහිල්ල ආමි එකේ අයට බැනල තියනව උඹල මෙහෙමද ආරක්ෂාව ගැන බැලුවෙ. අපි කොහොමද මේක අදහ ගන්නෙ.” “කාලද ඉන්නෙ?” අප පිටවීමට සූදානම් වන විට ඔවුන්ගෙන් විමසුවෙමු. “අපි දවස් ගාණකින් ඉව්වෙ නෑ. ළමයි බිස්කට් එකක් කාල ඉන්නවා. අපිත් මොනවහරි කාල ඉන්නව. තාත්ත තේ එකක්වත් බොන්නෙ නෑ. හැමදාම මම තේ එක ඇල් වුණහම ඒක විසිකරල කෝප්පෙ හෝදල තියනවා.” මේ වේදනාව දරාගෙන ඔවුන් ජීවත් විය යුතුය. ඊට ඔවුනට උපකාර අවැසිය. එකිනෙකාට වැරදි පැටවීම් නවත්වා සියලු ශ්‍රී ලාංකිකයන් එයට පෙළ ගැසිය යුතුය. ඉන්පසු එළැඹෙන මැතිවරණයකදී වැරදිකරුවන් පන්නා දැමිය හැකිය. ප්‍රහාරය සිදුවූ දින ලේ බැංකුවට අතුරු සිදුරු නැතිව සෙනඟ එකතු වූවා සේ ජීවත්ව සිටින උපකාර අවැසි වුන්ට උපකාර කිරීමට පෙළ ගැසිය යුතුය. මේ මොහොත විසින් ඉල්ලා සිටින්නේ එයයි. අප සුදු කොඩි මැදින්, වැලපෙන මිනිසුන් අතරින් මීගමුවේ මතක රැගෙන පැමිණියෙමු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom