Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිත-පූජාවන්-දෙකක්-ගැන-නොකී-කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත-පූජාවන්-දෙකක්-ගැන-නොකී-කතාවක්

කිසිදු මානසික ව්‍යාකූලත්වයකින් තොරව, ඉතා හොඳ සිහිබුද්ධියෙන් යුතුව, කල්පනා කර බලා වේදනාත්මක තීරණ දෙකක් ගත් උදාරතර භික්ෂූන් වහන්සේ දෙපළක් පිළිබඳව ස්මරණය කිරීම මෙම ලිපියේ අරමුණයි. උන්වහන්සේලා දෙනමම සිය ජීවිතය පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් පූජා කරන්නට යෙදුණි. සත්වයෙකුට ලැබිය හැකි වේදනාත්මකම මරණයට නොබියව මුහුණ දීමට උන්වහන්සේලා දැඩිව තීරණය කර තිබුණි. ඒ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජාවක නියැලීමයි. වියට්නාම් ජාතික “තිච් ක්වන්ග් ඩක්“ හිමිපාණෝ (1963දී) සහ බෝවත්තේ ඉන්දරතන හිමිපාණෝ (2013දී) එම වීර යතිවරයාණන් වහන්සේලා දෙනමයි. ක්වන්ග් ඩක් හිමිපාණන්ගේ ජීවිත පරිත්‍යාගයට පසුගිය ජූනි 11දාට පනස් වසරක් සපිරිණි. පනස් වසර සපුරන්නට මාසයක් තිබියදී එවැනිම වූ ජීවිත පූජාවක් කිසිවෙකුත් නොසිතූ මොහොතක ලංකාවේදී සිදුවිය. මේ උන්වහන්සේලා දෙනමගේ ජීවිත පූජාවන් දෙස නැවත හැරී බැලීමකි.

එක්දහස් නවසිය හැට ගණන් යනු වියට්නාමයේ යුද සමයයි. ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කෙරෙමින් තිබිණි. මෙම ආක්‍රමණ නිසා වියට්නාමයේ සාමාන්‍ය වැසියන් විඳි දුක් ගැහැට අපමණය. ඇමරිකන් හමුදාව අති අමානුෂික අයුරින් වියට්නාම් වැසියන්ට සලකන්නට විය. ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන සිදුවිය. ගම්බිම් පිටින් සමූල ඝාතනය කෙරිනි. මේ මියයන්නේ එරට අහිංසක වැසියන්ය. ඔවුන් එරට රජයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හෝ සම්බන්ධ අය නොවූවෝ වෙති. එහෙත්, ඇමරිකානු හමුදාවට එයින් වැඩක් නැත. බෞද්ධ රටක් වූ වියට්නාමයට එල්ලවී තිබුණු මේ ඇමරිකානු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අකාලයේ මියයන අහිංසක ජනතාව වෙනුවෙන් ලෝකයට හඬ නගන්නට ඉදිරිපත් වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඇමරිකානු ත්‍රස්තවාදයටත්, ඇමරිකානු භීෂණයටත් එරෙහිව ලෝක ජනමතයක් ගොඩනැගීම උදෙසා වියට්නාම් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ “තිච් ක්වන්ග් ඩක්“ (Thich Quang Duc) නාහිමිපාණෝ ගත් වෙහෙස අපමණ විය. ඇමරිකානු ප්‍රධානීන්, වියට්නාම් ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු සියළුදෙනා වෙත උන්වහන්සේ ගෙනගිය පණිවිඩය වූයේ යුද්ධය කෙසේ වෙතත්, අහිංසක ජනතාව එයට වගකිවයුතු නැති බැවින්, ඒ අහිංසක ජනතාව ඝාතනය කිරීම් වහා නතර කරන ලෙසයි. ඒ ඉල්ලීම බීරි අලින්ට වීණා වැයීමක් බව වැටහුණු උන්වහන්සේ වඩාත් දරුණු නමුත් පරාර්ථකාමී පණිවිඩයක් තුළින් මේ අපරාධය, ලෝක ජනතාව වෙත ගෙන යාම හැර වෙනත් කළහැක්කක් නැති බව අවබෝධ කරගෙන තිබිණි.

පූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ දිනයක් සහ ස්ථානයක් ප්‍රසිද්ධ කළේය. ඒ 1963 ජූනි 11දා වියට්නාමයේ සයිගොන් නුවර ජනාකීර්ණ ප්‍රධාන වීදියකි. වියට්නාම් ජනතාවට සිදුකරන මේ අපරාධයට විරෝධය දක්වමින්, මනුෂ්‍යයෙකුට විඳිය හැකි වේදනාත්මකම මරණයට තමන් මුහුණදෙන බවත්, එය සියදිවි නසාගැනීමක් නොව පිවිතුරු චේතනාවකින්, සිහිබුද්ධියෙන් යුතුව සිදුකරන ජීවිත පූජාවක් බවත් උන්වහන්සේ කල්ඇතිව බලධාරීන්ටද රටවැසියාටද දැනුම් දුන්නේය. මෙය සිදු නොවන ක්‍රියාවක් ලෙස සැලකූ බලධාරීන් මේ පණිවිඩයට ඇහුම්කන් නුදුන්හ. එදින උදෑසන උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ වතාවත් කිරීමෙන් අනතුරුව ජීවිත පූජාව සිදුකරන ස්ථානය බලා පෙරහැරකින් වැඩමකෙරිණි. විහාරස්ථානය සතු මෝටර් රථයද මෙයට එක්වී තිබිණි. සයිගොන් නුවර (Nguyen Dinh Chieu & Cach Mang Thang Tam Street) වීදියට ඒ වනවිට භික්ෂූන් වහන්සේ ඇතුළු සාමාන්‍ය ජනතාව දහස් ගණනින් එක්රොක් වී තිබිණි. පොලිස් නිලධාරීන්ගෙන්ද අඩුවක් නොවීය. තව මොහොතකින් සිදුවන්නට යන සිදුවීම කෙසේ අදහාගත හැකිදැයි කිසිවෙකුට සිතාගත නොහැකිය. වීදිය මධ්‍යයේ භාවනානුගෝගී ඉරියව්වෙන් වාඩිවූ ක්වන්ග් ඩක් හිමිපාණෝ සිය ගෝල භික්ෂූන් වහන්සේ නමකට කියා මෝටර් රථයේ තිබුණු පෙට්‍රල් භාජනය ගෙන්වාගෙන ගෝල භික්ෂූන් වහන්සේ ලවාම උන්වහන්සේගේ සිරුරට ඇතිතරම් පෙට්‍රල් වත්කරගනු ලැබීය. නායක හිමියෝ නිසොල්මන්ය. තම නායක හිමියන් ඉදිරියේ වැඳවැටුණු ගෝල භික්ෂූන් වහන්සේ, තරමක් එහාට ගොස් බිමට වැටුණු පෙට්‍රල් දහරාව ඔස්සේ යන ලෙසින් ගිනිකූරක් දල්වනු ලැබිණි. එක්වරම යෝධ ගිණි ජාලාවක් නාහිමියන්ගේ සිරුර වෙළාගැනිනි. බුරබුරා නැගෙන යෝධ ගිනිදැල් අතර ක්වන්ග් ඩක් හිමියෝ තනිවූහ. පෞද්ගලික අභිලාෂයන්ගෙන්ද, පෞද්ගලික අපේක්ෂාවන්ගෙන්ද ඔබ්බට විහිදීගිය පිවිතුරු මනසකින් යුතුව, අප්‍රමාණ වද වේදනාවන්ටත්, කෘරතර ඝාතනවලටත් ලක්වන වියට්නාම් ජනතාව වෙත පැතිරුණු මහා පරාර්ථකාමී සිතුවිල්ලද, චිත්ත ඒකාග්‍රතාවයේ අසමාන ශක්තියද පදනම් කොටගත් මෙම අසාමාන්‍ය සිදුවීම, බටහිර මතවාදයන් උඩු යටිකුරු කළාවූද, අතිශයින් විශ්මයට පත්කළාවූද අවස්ථාවක් විය.

තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන්ගේ සිරුර ගිනිදැල්වලින් වෙලාගෙන තිබියදී, බොහෝ සෙයින් දැවීගොස් බිමට ඇදවැටෙන මොහොත දක්වාම උන්වහන්සේ වචනාර්ථයෙන්ම නොසෙල්වී, නිසොල්මනේ සිටීමට තරම් දමනය කළ සිතකින් පසුවූ බව ඒ මොහොත සියැසින් දුටු දහසක් දෙනා, මවිතය පලකරමින් පසුව ප්‍රකාශ කර තිබිණි. උන්වහන්සේ සතු වූ දමනය කළ සිත, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙහි පැහැදිලි කරන අභය චිත්තය, බියට හා ත්රස්තවාදයට ප්රතිපක්ෂ වූ නිර්භීතකම නොව, භය නොහඳුනන, එහෙයින්ම එය නොදැනෙන්නාවූ තත්වයකි. සංවෘත වූ නමුදු, නොකිළිටි වූ මනසයි. මනුෂ්‍යයෙකු විසින් තවත් මිනිසුන් උදෙසා සිදුකළාවූ මේ අසාමාන්‍ය ජීවිත පූජාව බටහිරයේ ප්රකටව පැවති විද්‍යාත්මක මතවාදයන් උඩු යටිකුරු කිරීමට සමත් විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මේ පරාර්ථකාමී චර්යාවත්, දමනය කළ සිතත් මුළු මහත් ලෝකයටම දැවැන්ත පාඩමක් කියාදීමට සමත් විය. මේ ජීවිත පූජාවත් සමග වියට්නාම් ජනතාවට සිදුවන අපරාධ පිළිබඳව ලෝකය දැනුවත් වී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නට විය. ඇමරිකානු ආක්‍රමණය වෙනත් මගකට යොමු කිරීමට මේ ජීවිත පූජාව සමත්විය.

ජීවිත පූජාවේ නියැළුණු අතිපූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේගේ දැවීගිය හදවත අදටත් පූජනීයත්වයෙන් එරට සලකනු ලැබේ. උන්වහන්සේ දැවීගොස් ඉතිරිවුණු භෂ්මාවශේෂවලින් කොටසක් ගෙන කුඩා චෛත්‍යයක් සාදවා තිබේ. තවත් භෂ්මාවශේෂ කොටසක් මහජන ගෞරවය පිණිස විහාරස්ථානයක ප්‍රදර්ශනය කරයි. එදා පෙට්‍රල් ලබාගත් මෝටර් රථය පවා අද දක්වාම සංරක්ෂණය කර තිබේ. උන්වහන්සේ බෝධිසත්ව වරයෙකු ලෙස එරට බෞද්ධයෝ බැති සිතින් අදහති. එබැවින්ම උන්වහන්සේගේ ඡායාරූපවල හිස පිටුපසින් රශ්මි මාලාවක්ද චිත්රණය කර තිබේ. පරාර්ථකාමී පිරිසිදු චේතනාවක් වෙනුවෙන් ජීවිතය දන් දුන් උන්වහන්සේ ලෝක බෞද්ධයාට පමණක් නොව, සමස්ථ ලෝකයටම පරාර්ථකාමීත්වය පිළිබඳ දැවැන්ත පාඩමක් කියාදීමට සමත් වී තිබුණු බව බොහෝ විදේශීය විචාරකයන්ගේ මතය වී තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුකාලීනව ලෝකයේ ඇතැම් විචාර ඇතිවූ නමුදු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව, එනම්, සියල්ලට සිත මුල්වේ යන්නෙන් ගත්කළ, උන්වහන්සේගේ ජීවිත පූජාවේ චේතනාව ගැන සැලකිලිමත් විය යුතුය. එවිට පිරිසිදු චේතනාවකින් එය සිදුවී ඇත්නම් එහි බුද්ධ දර්ශනයට පටහැනි යමක් සිදුවී නැති බව අවබෝධ කරගත හැකිය. ජීවිත පූජාවන් යන්න බෞද්ධ දර්ශනයට අරුමයක් නොවේ. ජාතක කතා ඇතුළුව බෞද්ධ පොතපත පරිශීලනය කරන්නවුන් හට මෙවන් ජීවිත පූජා ගැන සඳහන් වන කතාවස්තූන් කොතෙකුත් හමුවී ඇතුවාට සැක නැත. එබැවින් මේ සියල්ල බුද්ධිමත් මනසින් සියුම්ව නිරීක්ෂණය කළයුතුය.

මෑත කාලයේ බොහෝ ආන්දෝලනයට ලක්වූ, ශ්‍රී ලංකාවේ සිදුවූ ඒ හා සමාන ජීවිත පූජාවක් ගැනද සටහනක් තැබිය යුතුය. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ කරුණු කිහිපයක්ම ඉල්ලීම් කොටගෙන සිරුරට ගිනි තබාගෙන සිය ජීවිතය පූජා කිරීමක නියැලිනි. එය උන්වහන්සේගේම වචනයෙන් කිවහොත්, “මෙය ජීවිත පූජාවක් මිසක් සියදිවි නසාගැනීමක් නොවේ“ යන්නය. ලංකා ඉතිහාසයේ මෙවන් සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. වෙසක් පොහෝ දිනයේ සිදුවූ මෙම සිදුවීම නිසා ලාංකික ජනතාව ඉමහත් කැළඹීමකට පත්විය. විශේෂයෙන්ම බෞද්ධයෝ දෙකම්මුල් හි අත යොමාගෙන සෝ සුසුම් හෙළූහ. මන්දයත් මේසා වූ අතිශය වේදනාත්මක මරණයක් වෙනුවෙන් උන්වහන්සේගේ ඉදිරිපත්වීම අදහාගත නොහැක්කක් වුණු බැවිනි. අනෙක් කරුණ වන්නේ උන්වහන්සේ ඉල්ලා තිබුණේ පුද්ගලික අරමුණු නොව, ඒවා සියල්ල සිංහල බෞද්ධයාගේ පැවැත්ම උදෙසා ඉටුකළයුතු පොදු අරමුණු ඇතුළත් ක්‍රියාමාර්ග වුණු නිසාය. එසේනම් උන්වහන්සේගේ චේතනාව වී ඇත්තේ පොදු අරමුණු උදෙසා රටේ පාලකයන්ගේ හා ජනතාවගේ අවධානය යොමුකර ගැනීමය.

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් කාලාන්තරයක් පුරාවටම ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කරවීමට සහ පොදුවේ සතුන්ට සිදුවන හිංසාකාරී ක්‍රියාවන් නතර කරන ලෙසට කිසියම් බලපෑමක් කළ හිමිනමකි. නමුත් උන්වහන්සේගේ එම ක්‍රියාවන්වලට වැඩි ප්‍රචාරයක් මාධ්‍ය තුළ ලැබුණේ නැත. මේ යුගයේ බොහෝ දෙනා සිතන්නේ ඒවා කළ නොහැකි දේවල් ලෙසය. එබැවින් ඒවා ගණන් ගත යුතු දේවල් නොවන බව සාමාන්‍ය පිළිගැනීම වී තිබේ. එහෙත්, ජීවිත පූජාවෙන් පසු ඒවා ගණන් ගත යුතු දේවල් බවට පත්වී තිබේ. සියළු ආකාරයේ ජනමාධ්‍යයන්ට කලින් ප්‍රවෘත්තියක් නොවූ එම සිද්ධීන් වර්තමානයේ ප්‍රවෘත්තියක් බවට පත්වී තිබේ. ඒ මක්නිසාද යත් ජීවිත පූජාව නිසාය. අද බොහොමයක් ප්‍රාදේශීය සභාවල ගව ඝාතනය තහනම් කෙරෙමින් පවතී. පා ගමන්, උද්ඝෝෂණ, බැනර් ඇතුළුව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද මේ පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙමින් තිබේ. ඒ උන්වහන්සේගේ ජීවිත පූජාව නිසාය. උන්වහන්සේ සිය ජීවිතය පූජා කළේ පොදු අරමුණු උදෙසාය. එම අරමුණු මොනවාද යන්න ඔබ දන්නවා ඇත. පුද්ගලික අභිලාෂයන් එහි නැත. පෞද්ගලික නොවූ අරමුණු උදෙසා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ පරාර්ථකාමී සිතක් හිමි තැනැත්තෙක් පමණි. එවන් මනුෂ්‍යයෝ ද අතිශය දුර්ලභය. පණපිටින්ම සිරුර දවාගෙන, තමාට විඳිය හැකි වේදනාත්මකම මරණය පොදු අරමුණු වෙනුවෙන් කැපකළ මනුෂ්‍යයාගේ සිත ගැන කල්පනා කර බලද්දී ඒ සිත මොන තරම් දමනය කළ සිතක් විය යුතුදැයි සිතේ. සිත දමනය කළ අයෙකුට හැර වෙනකෙකුට එය කළ හැක්කක් නොවේ. බෝවත්තේ ඉන්දරතන හිමිපාණෙන් වහන්සේගේ සිරුර දැවීගොස් තිබියදී පවා උන්වහන්සේගේ මුවින් පිටවූයේ “ගව ඝාතනය නතර කරන්න“ කියාය. සිරුර ගිනිදැල් වෙලාගෙන තිබියදී උන්වහන්සේ ඔබ මොබ ඇවිද්දේ ගිනිදළු තව තවත් බුරබුරා ඇවිලීමට රුකුල් දෙමිනි. ඒ වේදනාත්මක මොහොතේ පවා උන්වහන්සේ හඬ අවදි කළේ අහිංසක සතුන් වෙනුවෙනි. මෙවන් වූ උදාරතර මානසිකත්වයකින් හෙබි උන්වහන්සේව තවමත් අප සමාජය හරිහැටි හඳුනාගෙන නැතුවා සේය. මේ ජීවිත පූජාව වියට්නාමයේ තිච් ක්වන්ග් ඩක් හිමිපාණන් වහන්සේගේ ජීවිත පූජාවට දෙවැනි කොට තැකිය නොහැකිය. උතුම් අරමුණු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයේ නියැළුණු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේට කළහැකි විශාලතම ගෞරවය වන්නේ උන්වහන්සේ බලාපොරොත්තුවූ, සිංහල බෞද්ධ රටකට ගැලපෙන සාරධර්ම සුරක්ෂිත කිරීම හා රටට නොගැළපෙන ක්‍රියාවන් සමාජයෙන් ඉවත් කිරීම වෙනුවෙන් පෙනීසිටීමය.

එදා වියට්නාමයේ සිදුවූ ජීවිත පූජාව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යට ගෙනආවේ මැල්කම් බ්‍රවුන් නම් ඡායාරූප ශිල්පියාගේ දක්ෂතාවය නිසාය. ඔහු එදා ගත් එම ඡායාරූපය එම වසරේ ලොව හොඳම පුවත්පත් ඡායාරූපය ලෙසින්ද තෝරාගෙන තිබිණි. මෙදා ලංකාවේ සිදුවූ එම සිදුවීමේදී එය මාධ්‍යට ආවරණය කළේ කමල් සුරවීර නම් මාධ්‍යවේදියාය. ඔවුන් ලබාදුන් එම සිදුවීම් පිටපත් නොවන්නට පරාර්ථකාමී ජීවිත පූජාවක සංවේදී ප්‍රබලත්වය අපට දැකගත හැකි නොවනු ඇත. මෙම ලිපිය, අපවත්වී වදාල වියට්නාම් ජාතික තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ යන පරාර්ථකාමී සිතැති වීර යතිවරයාණන් වහන්සේලා දෙනමට පිදෙන උපහාරයක්ම වේවා.!

චාරුක කුමාරපේලි

(ඊමේල් මගින් අප වෙත ලැබුණු ලිපියකි.)

[QUOTE="MC New York, post: 15212375, member: 461456"] [b]ජීවිත-පූජාවන්-දෙකක්-ගැන-නොකී-කතාවක්[/b] [IMG]http://www.lankafrontline.com/wp-content/uploads/2013/06/bowatte-indarathana-thera-1.jpg[/IMG] [FONT="Malithi Web"][SIZE="4"]කිසිදු මානසික ව්‍යාකූලත්වයකින් තොරව, ඉතා හොඳ සිහිබුද්ධියෙන් යුතුව, කල්පනා කර බලා වේදනාත්මක තීරණ දෙකක් ගත් උදාරතර භික්ෂූන් වහන්සේ දෙපළක් පිළිබඳව ස්මරණය කිරීම මෙම ලිපියේ අරමුණයි. උන්වහන්සේලා දෙනමම සිය ජීවිතය පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් පූජා කරන්නට යෙදුණි. සත්වයෙකුට ලැබිය හැකි වේදනාත්මකම මරණයට නොබියව මුහුණ දීමට උන්වහන්සේලා දැඩිව තීරණය කර තිබුණි. ඒ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ජීවිත පූජාවක නියැලීමයි. වියට්නාම් ජාතික “තිච් ක්වන්ග් ඩක්“ හිමිපාණෝ (1963දී) සහ බෝවත්තේ ඉන්දරතන හිමිපාණෝ (2013දී) එම වීර යතිවරයාණන් වහන්සේලා දෙනමයි. ක්වන්ග් ඩක් හිමිපාණන්ගේ ජීවිත පරිත්‍යාගයට පසුගිය ජූනි 11දාට පනස් වසරක් සපිරිණි. පනස් වසර සපුරන්නට මාසයක් තිබියදී එවැනිම වූ ජීවිත පූජාවක් කිසිවෙකුත් නොසිතූ මොහොතක ලංකාවේදී සිදුවිය. මේ උන්වහන්සේලා දෙනමගේ ජීවිත පූජාවන් දෙස නැවත හැරී බැලීමකි. එක්දහස් නවසිය හැට ගණන් යනු වියට්නාමයේ යුද සමයයි. ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කෙරෙමින් තිබිණි. මෙම ආක්‍රමණ නිසා වියට්නාමයේ සාමාන්‍ය වැසියන් විඳි දුක් ගැහැට අපමණය. ඇමරිකන් හමුදාව අති අමානුෂික අයුරින් වියට්නාම් වැසියන්ට සලකන්නට විය. ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන සිදුවිය. ගම්බිම් පිටින් සමූල ඝාතනය කෙරිනි. මේ මියයන්නේ එරට අහිංසක වැසියන්ය. ඔවුන් එරට රජයට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හෝ සම්බන්ධ අය නොවූවෝ වෙති. එහෙත්, ඇමරිකානු හමුදාවට එයින් වැඩක් නැත. බෞද්ධ රටක් වූ වියට්නාමයට එල්ලවී තිබුණු මේ ඇමරිකානු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අකාලයේ මියයන අහිංසක ජනතාව වෙනුවෙන් ලෝකයට හඬ නගන්නට ඉදිරිපත් වූයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. ඇමරිකානු ත්‍රස්තවාදයටත්, ඇමරිකානු භීෂණයටත් එරෙහිව ලෝක ජනමතයක් ගොඩනැගීම උදෙසා වියට්නාම් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වූ “තිච් ක්වන්ග් ඩක්“ (Thich Quang Duc) නාහිමිපාණෝ ගත් වෙහෙස අපමණ විය. ඇමරිකානු ප්‍රධානීන්, වියට්නාම් ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු සියළුදෙනා වෙත උන්වහන්සේ ගෙනගිය පණිවිඩය වූයේ යුද්ධය කෙසේ වෙතත්, අහිංසක ජනතාව එයට වගකිවයුතු නැති බැවින්, ඒ අහිංසක ජනතාව ඝාතනය කිරීම් වහා නතර කරන ලෙසයි. ඒ ඉල්ලීම බීරි අලින්ට වීණා වැයීමක් බව වැටහුණු උන්වහන්සේ වඩාත් දරුණු නමුත් පරාර්ථකාමී පණිවිඩයක් තුළින් මේ අපරාධය, ලෝක ජනතාව වෙත ගෙන යාම හැර වෙනත් කළහැක්කක් නැති බව අවබෝධ කරගෙන තිබිණි. පූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ දිනයක් සහ ස්ථානයක් ප්‍රසිද්ධ කළේය. ඒ 1963 ජූනි 11දා වියට්නාමයේ සයිගොන් නුවර ජනාකීර්ණ ප්‍රධාන වීදියකි. වියට්නාම් ජනතාවට සිදුකරන මේ අපරාධයට විරෝධය දක්වමින්, මනුෂ්‍යයෙකුට විඳිය හැකි වේදනාත්මකම මරණයට තමන් මුහුණදෙන බවත්, එය සියදිවි නසාගැනීමක් නොව පිවිතුරු චේතනාවකින්, සිහිබුද්ධියෙන් යුතුව සිදුකරන ජීවිත පූජාවක් බවත් උන්වහන්සේ කල්ඇතිව බලධාරීන්ටද රටවැසියාටද දැනුම් දුන්නේය. මෙය සිදු නොවන ක්‍රියාවක් ලෙස සැලකූ බලධාරීන් මේ පණිවිඩයට ඇහුම්කන් නුදුන්හ. එදින උදෑසන උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ වතාවත් කිරීමෙන් අනතුරුව ජීවිත පූජාව සිදුකරන ස්ථානය බලා පෙරහැරකින් වැඩමකෙරිණි. විහාරස්ථානය සතු මෝටර් රථයද මෙයට එක්වී තිබිණි. සයිගොන් නුවර (Nguyen Dinh Chieu & Cach Mang Thang Tam Street) වීදියට ඒ වනවිට භික්ෂූන් වහන්සේ ඇතුළු සාමාන්‍ය ජනතාව දහස් ගණනින් එක්රොක් වී තිබිණි. පොලිස් නිලධාරීන්ගෙන්ද අඩුවක් නොවීය. තව මොහොතකින් සිදුවන්නට යන සිදුවීම කෙසේ අදහාගත හැකිදැයි කිසිවෙකුට සිතාගත නොහැකිය. වීදිය මධ්‍යයේ භාවනානුගෝගී ඉරියව්වෙන් වාඩිවූ ක්වන්ග් ඩක් හිමිපාණෝ සිය ගෝල භික්ෂූන් වහන්සේ නමකට කියා මෝටර් රථයේ තිබුණු පෙට්‍රල් භාජනය ගෙන්වාගෙන ගෝල භික්ෂූන් වහන්සේ ලවාම උන්වහන්සේගේ සිරුරට ඇතිතරම් පෙට්‍රල් වත්කරගනු ලැබීය. නායක හිමියෝ නිසොල්මන්ය. තම නායක හිමියන් ඉදිරියේ වැඳවැටුණු ගෝල භික්ෂූන් වහන්සේ, තරමක් එහාට ගොස් බිමට වැටුණු පෙට්‍රල් දහරාව ඔස්සේ යන ලෙසින් ගිනිකූරක් දල්වනු ලැබිණි. එක්වරම යෝධ ගිණි ජාලාවක් නාහිමියන්ගේ සිරුර වෙළාගැනිනි. බුරබුරා නැගෙන යෝධ ගිනිදැල් අතර ක්වන්ග් ඩක් හිමියෝ තනිවූහ. පෞද්ගලික අභිලාෂයන්ගෙන්ද, පෞද්ගලික අපේක්ෂාවන්ගෙන්ද ඔබ්බට විහිදීගිය පිවිතුරු මනසකින් යුතුව, අප්‍රමාණ වද වේදනාවන්ටත්, කෘරතර ඝාතනවලටත් ලක්වන වියට්නාම් ජනතාව වෙත පැතිරුණු මහා පරාර්ථකාමී සිතුවිල්ලද, චිත්ත ඒකාග්‍රතාවයේ අසමාන ශක්තියද පදනම් කොටගත් මෙම අසාමාන්‍ය සිදුවීම, බටහිර මතවාදයන් උඩු යටිකුරු කළාවූද, අතිශයින් විශ්මයට පත්කළාවූද අවස්ථාවක් විය. තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන්ගේ සිරුර ගිනිදැල්වලින් වෙලාගෙන තිබියදී, බොහෝ සෙයින් දැවීගොස් බිමට ඇදවැටෙන මොහොත දක්වාම උන්වහන්සේ වචනාර්ථයෙන්ම නොසෙල්වී, නිසොල්මනේ සිටීමට තරම් දමනය කළ සිතකින් පසුවූ බව ඒ මොහොත සියැසින් දුටු දහසක් දෙනා, මවිතය පලකරමින් පසුව ප්‍රකාශ කර තිබිණි. උන්වහන්සේ සතු වූ දමනය කළ සිත, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙහි පැහැදිලි කරන අභය චිත්තය, බියට හා ත්රස්තවාදයට ප්රතිපක්ෂ වූ නිර්භීතකම නොව, භය නොහඳුනන, එහෙයින්ම එය නොදැනෙන්නාවූ තත්වයකි. සංවෘත වූ නමුදු, නොකිළිටි වූ මනසයි. මනුෂ්‍යයෙකු විසින් තවත් මිනිසුන් උදෙසා සිදුකළාවූ මේ අසාමාන්‍ය ජීවිත පූජාව බටහිරයේ ප්රකටව පැවති විද්‍යාත්මක මතවාදයන් උඩු යටිකුරු කිරීමට සමත් විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මේ පරාර්ථකාමී චර්යාවත්, දමනය කළ සිතත් මුළු මහත් ලෝකයටම දැවැන්ත පාඩමක් කියාදීමට සමත් විය. මේ ජීවිත පූජාවත් සමග වියට්නාම් ජනතාවට සිදුවන අපරාධ පිළිබඳව ලෝකය දැනුවත් වී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නට විය. ඇමරිකානු ආක්‍රමණය වෙනත් මගකට යොමු කිරීමට මේ ජීවිත පූජාව සමත්විය. ජීවිත පූජාවේ නියැළුණු අතිපූජ්‍ය තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේගේ දැවීගිය හදවත අදටත් පූජනීයත්වයෙන් එරට සලකනු ලැබේ. උන්වහන්සේ දැවීගොස් ඉතිරිවුණු භෂ්මාවශේෂවලින් කොටසක් ගෙන කුඩා චෛත්‍යයක් සාදවා තිබේ. තවත් භෂ්මාවශේෂ කොටසක් මහජන ගෞරවය පිණිස විහාරස්ථානයක ප්‍රදර්ශනය කරයි. එදා පෙට්‍රල් ලබාගත් මෝටර් රථය පවා අද දක්වාම සංරක්ෂණය කර තිබේ. උන්වහන්සේ බෝධිසත්ව වරයෙකු ලෙස එරට බෞද්ධයෝ බැති සිතින් අදහති. එබැවින්ම උන්වහන්සේගේ ඡායාරූපවල හිස පිටුපසින් රශ්මි මාලාවක්ද චිත්රණය කර තිබේ. පරාර්ථකාමී පිරිසිදු චේතනාවක් වෙනුවෙන් ජීවිතය දන් දුන් උන්වහන්සේ ලෝක බෞද්ධයාට පමණක් නොව, සමස්ථ ලෝකයටම පරාර්ථකාමීත්වය පිළිබඳ දැවැන්ත පාඩමක් කියාදීමට සමත් වී තිබුණු බව බොහෝ විදේශීය විචාරකයන්ගේ මතය වී තිබිණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුකාලීනව ලෝකයේ ඇතැම් විචාර ඇතිවූ නමුදු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව, එනම්, සියල්ලට සිත මුල්වේ යන්නෙන් ගත්කළ, උන්වහන්සේගේ ජීවිත පූජාවේ චේතනාව ගැන සැලකිලිමත් විය යුතුය. එවිට පිරිසිදු චේතනාවකින් එය සිදුවී ඇත්නම් එහි බුද්ධ දර්ශනයට පටහැනි යමක් සිදුවී නැති බව අවබෝධ කරගත හැකිය. ජීවිත පූජාවන් යන්න බෞද්ධ දර්ශනයට අරුමයක් නොවේ. ජාතක කතා ඇතුළුව බෞද්ධ පොතපත පරිශීලනය කරන්නවුන් හට මෙවන් ජීවිත පූජා ගැන සඳහන් වන කතාවස්තූන් කොතෙකුත් හමුවී ඇතුවාට සැක නැත. එබැවින් මේ සියල්ල බුද්ධිමත් මනසින් සියුම්ව නිරීක්ෂණය කළයුතුය. මෑත කාලයේ බොහෝ ආන්දෝලනයට ලක්වූ, ශ්‍රී ලංකාවේ සිදුවූ ඒ හා සමාන ජීවිත පූජාවක් ගැනද සටහනක් තැබිය යුතුය. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ කරුණු කිහිපයක්ම ඉල්ලීම් කොටගෙන සිරුරට ගිනි තබාගෙන සිය ජීවිතය පූජා කිරීමක නියැලිනි. එය උන්වහන්සේගේම වචනයෙන් කිවහොත්, “මෙය ජීවිත පූජාවක් මිසක් සියදිවි නසාගැනීමක් නොවේ“ යන්නය. ලංකා ඉතිහාසයේ මෙවන් සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. වෙසක් පොහෝ දිනයේ සිදුවූ මෙම සිදුවීම නිසා ලාංකික ජනතාව ඉමහත් කැළඹීමකට පත්විය. විශේෂයෙන්ම බෞද්ධයෝ දෙකම්මුල් හි අත යොමාගෙන සෝ සුසුම් හෙළූහ. මන්දයත් මේසා වූ අතිශය වේදනාත්මක මරණයක් වෙනුවෙන් උන්වහන්සේගේ ඉදිරිපත්වීම අදහාගත නොහැක්කක් වුණු බැවිනි. අනෙක් කරුණ වන්නේ උන්වහන්සේ ඉල්ලා තිබුණේ පුද්ගලික අරමුණු නොව, ඒවා සියල්ල සිංහල බෞද්ධයාගේ පැවැත්ම උදෙසා ඉටුකළයුතු පොදු අරමුණු ඇතුළත් ක්‍රියාමාර්ග වුණු නිසාය. එසේනම් උන්වහන්සේගේ චේතනාව වී ඇත්තේ පොදු අරමුණු උදෙසා රටේ පාලකයන්ගේ හා ජනතාවගේ අවධානය යොමුකර ගැනීමය. පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් කාලාන්තරයක් පුරාවටම ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කරවීමට සහ පොදුවේ සතුන්ට සිදුවන හිංසාකාරී ක්‍රියාවන් නතර කරන ලෙසට කිසියම් බලපෑමක් කළ හිමිනමකි. නමුත් උන්වහන්සේගේ එම ක්‍රියාවන්වලට වැඩි ප්‍රචාරයක් මාධ්‍ය තුළ ලැබුණේ නැත. මේ යුගයේ බොහෝ දෙනා සිතන්නේ ඒවා කළ නොහැකි දේවල් ලෙසය. එබැවින් ඒවා ගණන් ගත යුතු දේවල් නොවන බව සාමාන්‍ය පිළිගැනීම වී තිබේ. එහෙත්, ජීවිත පූජාවෙන් පසු ඒවා ගණන් ගත යුතු දේවල් බවට පත්වී තිබේ. සියළු ආකාරයේ ජනමාධ්‍යයන්ට කලින් ප්‍රවෘත්තියක් නොවූ එම සිද්ධීන් වර්තමානයේ ප්‍රවෘත්තියක් බවට පත්වී තිබේ. ඒ මක්නිසාද යත් ජීවිත පූජාව නිසාය. අද බොහොමයක් ප්‍රාදේශීය සභාවල ගව ඝාතනය තහනම් කෙරෙමින් පවතී. පා ගමන්, උද්ඝෝෂණ, බැනර් ඇතුළුව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද මේ පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙමින් තිබේ. ඒ උන්වහන්සේගේ ජීවිත පූජාව නිසාය. උන්වහන්සේ සිය ජීවිතය පූජා කළේ පොදු අරමුණු උදෙසාය. එම අරමුණු මොනවාද යන්න ඔබ දන්නවා ඇත. පුද්ගලික අභිලාෂයන් එහි නැත. පෞද්ගලික නොවූ අරමුණු උදෙසා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නේ පරාර්ථකාමී සිතක් හිමි තැනැත්තෙක් පමණි. එවන් මනුෂ්‍යයෝ ද අතිශය දුර්ලභය. පණපිටින්ම සිරුර දවාගෙන, තමාට විඳිය හැකි වේදනාත්මකම මරණය පොදු අරමුණු වෙනුවෙන් කැපකළ මනුෂ්‍යයාගේ සිත ගැන කල්පනා කර බලද්දී ඒ සිත මොන තරම් දමනය කළ සිතක් විය යුතුදැයි සිතේ. සිත දමනය කළ අයෙකුට හැර වෙනකෙකුට එය කළ හැක්කක් නොවේ. බෝවත්තේ ඉන්දරතන හිමිපාණෙන් වහන්සේගේ සිරුර දැවීගොස් තිබියදී පවා උන්වහන්සේගේ මුවින් පිටවූයේ “ගව ඝාතනය නතර කරන්න“ කියාය. සිරුර ගිනිදැල් වෙලාගෙන තිබියදී උන්වහන්සේ ඔබ මොබ ඇවිද්දේ ගිනිදළු තව තවත් බුරබුරා ඇවිලීමට රුකුල් දෙමිනි. ඒ වේදනාත්මක මොහොතේ පවා උන්වහන්සේ හඬ අවදි කළේ අහිංසක සතුන් වෙනුවෙනි. මෙවන් වූ උදාරතර මානසිකත්වයකින් හෙබි උන්වහන්සේව තවමත් අප සමාජය හරිහැටි හඳුනාගෙන නැතුවා සේය. මේ ජීවිත පූජාව වියට්නාමයේ තිච් ක්වන්ග් ඩක් හිමිපාණන් වහන්සේගේ ජීවිත පූජාවට දෙවැනි කොට තැකිය නොහැකිය. උතුම් අරමුණු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයේ නියැළුණු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේට කළහැකි විශාලතම ගෞරවය වන්නේ උන්වහන්සේ බලාපොරොත්තුවූ, සිංහල බෞද්ධ රටකට ගැලපෙන සාරධර්ම සුරක්ෂිත කිරීම හා රටට නොගැළපෙන ක්‍රියාවන් සමාජයෙන් ඉවත් කිරීම වෙනුවෙන් පෙනීසිටීමය. එදා වියට්නාමයේ සිදුවූ ජීවිත පූජාව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යට ගෙනආවේ මැල්කම් බ්‍රවුන් නම් ඡායාරූප ශිල්පියාගේ දක්ෂතාවය නිසාය. ඔහු එදා ගත් එම ඡායාරූපය එම වසරේ ලොව හොඳම පුවත්පත් ඡායාරූපය ලෙසින්ද තෝරාගෙන තිබිණි. මෙදා ලංකාවේ සිදුවූ එම සිදුවීමේදී එය මාධ්‍යට ආවරණය කළේ කමල් සුරවීර නම් මාධ්‍යවේදියාය. ඔවුන් ලබාදුන් එම සිදුවීම් පිටපත් නොවන්නට පරාර්ථකාමී ජීවිත පූජාවක සංවේදී ප්‍රබලත්වය අපට දැකගත හැකි නොවනු ඇත. මෙම ලිපිය, අපවත්වී වදාල වියට්නාම් ජාතික තිච් ක්වන්ග් ඩක් නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේ යන පරාර්ථකාමී සිතැති වීර යතිවරයාණන් වහන්සේලා දෙනමට පිදෙන උපහාරයක්ම වේවා.! චාරුක කුමාරපේලි (ඊමේල් මගින් අප වෙත ලැබුණු ලිපියකි.) [/SIZE][/FONT] [IMG]http://www.lankafrontline.com/wp-content/uploads/2013/06/thich-quang-duc-thera-1.jpg[/IMG] [IMG]http://www.lankafrontline.com/wp-content/uploads/2013/06/thich-quang-duc-thera-3.jpg[/IMG] [IMG]http://www.lankafrontline.com/wp-content/uploads/2013/06/thich-quang-duc-thera-4.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom