Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“නෑ මං එහෙම කියන්නෙත් නෑ...ස්නායු යථා තත්ත්වයට පත්කරන්න පුළුවන් සියුම් ඔපරේෂන් එකක් තියෙනවා..ඒත් අවාසනාවට වගේ ඒකට අවශ්‍ය පහසුකම් අපිට නෑ..ඒ කියන්නේ මේ රටේම නෑ..අපිට පුළුවන් නම් මෙයාව ඇමෙරිකා වගේ ගෙනියන්න සමහරවිට අපිට ඒ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්..ඒත් දන්නවනේ ඉතින් මේක මොළයේ සිදු කරන සැත්කමක් නිසා පොඩ්ඩක් හරි මිස් වුණොත් ජීවිතේ ගැනවත් ෂුවර් කරන්න අපිට බෑ.. තේරුණා නේද..”

ඇමෙරිකා යන වදන තම මුවින් පිටවෙනවාත් සමඟින් දිලෙන්නට වූ නෙත්මිගේ දෑස් දෙස බලමින් ඔහු විමසුයේ මෙම තරුණිය පිලිබඳ උපන් කරුණාවෙනි.

“ඔව් ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්..” යනුවෙන් සිහින් හඬින් පවසා කාමරයෙන් පිටව ගිය ඈ නැවතත් දැඩි සත්කාර ඒකකය කරා පා නගන්නට වූයේ බර වූ හදවතිනි.

ජීවිතය පිලිබඳ නුදුරේම සැබෑ කරගත හැකි සුන්දර සිහිනයන් රැසක් සිත් දරා සිටි ප්‍රගීත් කිසි දිනෙක නොසිතූ අයුරින් ඉතා අසරණ තත්ත්වයකට පත් විය.ඔහුගේ ශරීරයේ දකුණු අංශය අප්‍රාණික ස්වභාවයක් ඉසිලූ නිසාවෙන්ම ඔහුට දිවි ගෙවන්නට සිදු වූයේ ඇඳක් මත හිඳිමිනි.

සිය ආදරණීය ගුරුවරයාට මුහුණ දීමට සිදුවූ ඛේදනීය අනතුර පිළිබඳව දැනගත් සිය ගණනක් සිසු සිසුවියන් ගෙන් දින පතා රෝහල් වාට්ටුව පිරී යන්නට වූයෙන් එහි සිටි අනෙක් රෝගීන්ගේ අවධානයද වැඩි වශයෙන් ගීත් වෙත යොමු වන්නට විය.

කඩවසම් සුන්දර රුවකට හිමිකම් කියූ ප්‍රගීත් ඕනෑම යුවතියකගේ අවධානය වුවද සැණෙකින් දිනා ගන්නට සමත් ප්‍රියමනාප තරුණයකු වූ බැවින් එවැන්නකු රෝගීව එලෙසින් ගිලන් ඇඳට වැටී සිටිනු දැකීම කාගේ වූවද සිතට කණගාටුවක් එක් කරනා කරුණක් විය.

සිය දයාබර ඇඳුරුතුමාට අත් වී ඇති ශෝචනීය ඉරණම දුටු යෞවන යෞවනියන්ගේ නෙත් සිත් කඳුලින් නැහැවෙන්නට වූ අතර කෙසේ හෝ ඔහුට ඉක්මන් සුවය ලැබෙන ලෙස පතා කළුතර බෝධීන් වහන්සේ අභියස සති තුනක බෝධි පුජාවක් පැවැත්වීමට කථිකා කරගන්නා ලද්දේ ඔවුන් ඉගෙන ගන්නා අදාල අධ්‍යාපන ආයතනයන්හි අනෙකුත් ආචාර්යවරුන්ගේද සහය ඇතිවය.

මසක් පමණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ ප්‍රගීත් නැවත නිවෙස කරා රැගෙන පැමිණි නිවැසියන්ට පැවරුණු මූලික කාර්යය වූයේ සිය ආබාධිත තත්ත්වය නිසාවෙන් බෙහෙවින් කලකිරීමට හා පීඩාවට පත් වී ඇති ඔහුගේ මනස සාදා සිත ශක්තිමත් කිරීමය.මන්ද යත් ඔහුගේ ශාරීරික දුර්වලතාවයට මානසික බිඳ වැටීමද එක් වුවහොත් හානියට පත්ව ඇති ස්නායු යථා තත්වයට පත් කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක් ලබා දෙන්නා වූ ඖෂධ ධාරණය කරගැනීමට නොහැකිව රෝගී තත්වය උත්සන්න වීමට වූවද හැකි බව පවසා වෛද්‍යවරුන් විසින් ඔවුන් තරයේ දැනුවත් කර තිබුණු බැවිනි.

මෙලෙසින් හෝ ජීවිතය බේරාගැනීමට හැකිවීම පිලිබඳව සතුටු විය යුතු යැයි විවිධ තර්ක ඉදිරිපත් කරමින් ඔහුගේ සිත සතුටු කළ හැකි සියල්ලම කිරීමට හැකි තාක් උත්සාහ ගන්නා අතරම තමන් සතු සියලු ඉඩකඩම් හා දේපළ උකස් කර විසල් මුදලක් වියදම් කර හෝ ඔහුගේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමට හැකියාවක් ඇති කටයුතු පිලිබඳ දැනගැනීම පිණිස ඔවුන් දන්නා හඳුනනා වෛද්‍යවරුන් හමු වී අදහස් විමසන්නට විය.

මෙම කාර්යයෙහි පෙරමුණ ගෙන සිටියේ පුහුණු වෛද්‍යවරියක ලෙස සේවය කළ නෙත්මි විසිනි..ඈ ඔවුන්ගේ පුහුණුව භාර වෛද්‍යවරයකු වූ අසිත වීරසිංහ මහතාගේද සහය ඇතිව ප්රගීත්ගේ වෛද්‍ය වාර්ථා විදේශීය රෝහල් කිහිපයකට ද යවමින් ඔහුගේ රෝගී තත්ත්වය තව දුරටත් අධ්‍යයනය කරන්නට වූයේ දැඩි අපේක්ෂාවකිනි.

පොලිස් නිලධාරීන් විසින් අනතුර සිදු වූ ස්ථානයේ ප්රගීත්ගේ අත් බෑගයේ තිබී හමු වූ කුඩා පාර්සලයක් නිසල් වෙත භාර දීමට කටයුතු කළ අතර දිනෙක නෙත්මි නිවෙසට පැමිණි මොහොතක ඔහු විසින් ඇයට එය භාරදෙන ලද්දේ කඳුළු පිරි දෙනෙතිනි.

“මෙතන තියෙන්නේ එයා එදා ඔයාට දෙන්න හිටිය ප්‍රසන්ට් එකක් නෙතූ..”

යනුවෙන් බිදුණු හඬින් පැවසූ නිසල් එතනින් ඉවත්ව යන්නට වූයේ ඇයට එය තනිව හිඳ බැලීමට ඉඩ කඩ සලසා දෙමිනි.

සුළු වශයෙන් කැඩී හානි වී තිබූ සමරු ඵලකයක් එම කවරයේ වූ අතර මිල අධික වූ වටිනා ලෝහයකින් තනා ඇති එහි කුඩා ඔරුවක මංගල ඇඳුමින් සැරසී සිටිනා ආදරණීය යුවලක් කැටයම් කර තිබිණි.බොඳ වූ දෙනෙතින් එදෙස බලා සිටි ඈ එම කවරයේම තිබුණු කුඩා සුභ පැතුම් පත දුටුවේ ප්‍රමාද වී ය.

“ දුක්වෙනා හදවතට සැනසීම ගෙන දෙන්න

කඳුළු නැති දෙනෙතින් සැමදා සිනාවෙන්න..”

එහි ලියා ඇති අවසන් පද පෙළ කියවනා විටදී ඇගේ දෑසින් උතුරා ගිය කඳුළැලි වළකා ගැනීමට නම් ඈට නොහැකි විය..මඳ වේලාවක් කඳුළු ඔස්සේ සිය සිතේ සඟවා සිටින්නා වූ වේදනාව පිට කරමින් දුක තුනී කරගත් ඈ ගීත්ගේ නිවසින් පිටව ගියේ සිතේ රඳවාගත් ස්ථීර අරමුණකින් යුතුවය.

අනපේක්ෂිත අයුරින් මුහුණ පෑමට සිදු වූ දුක්බර ඉරණම වෙනුවෙන් අප්‍රමාණ වේදනාවක් දරාගෙන සිටිනා තම සිතෙහි ශක්තිය ක්‍රම ක්‍රමයෙන් දිය වී යන බැව් වටහා ගත්තද ඇඳකට පමණක් වී ගත කරනා මෙම නීරස දිවිය පිලිබඳ දැනෙනා කළකිරීම , පිළිකුල ඉවත්කර ගැනීමට හෝ ජිවීතය පිලිබඳ තවත් අපේක්ෂා පොදි බඳින්නට හැකි තත්ත්වයක ගීත් සිටියේ නැත..කුඩා කාමරයක බිත්ති සතරකට පමණක් කොටු වී සිටිනා තමන් කෙතරම් අසරණද යන හැඟුම සෑම විටම ඔහු සිත රිදවීමට සමත් විය.

තම ලබඳියන් හැකි සෑම විටම තමා අසල රැඳෙමින් සිය තනිකම පාළුව දුරලීමට තැත් කළද දින කිහිපයක පටන් නිසල්ගේ හා නෙතූගේ පැමිණීම අඩු වී ඇති බැව් ඔහු සිහියට නැගුවේ වේදනාවෙනි.

“එයාලටත් කොච්චර වැඩ තියෙනවද....හැමදාමත් මං ගැනම බල බල ඉන්න එයාලට බෑනේ..මේ කාටවත්ම කරදරයක් නොවී ඇයි මං මැරිලා ගියේ නැත්තේ...”

දෙනෙතින් කඩා හැලෙන්නට වෙර දරනා කඳුළැල් වළකා ගනිමින් ගීත් සෙමින් කොඳුරන්නට වූයේ තනිකම දරාගත නොහැකි හැඟීමකින් හදවත පීඩාවට ලක් වෙද්දීය..

එලෙසින් වේදනාවෙන් ඔද්දල් වූ ඔහු සිත නෙතූ සමඟ ගෙවූ ඒ ආදරණිය මතකයන් සොයා යන්නට වූයේ එහි රැඳෙන්නට වූ ආශාවෙනි..

නමුදු විටින් විටින් විට නෙත්මි පසෙකින් මැවී පෙනුණු ඇගේ කඩවසම් වෛද්‍ය මිතුරන්ගේ චායාවන් නිසාවෙන් ඔහුගේ සොඳුරු මනෝ ලොව බිඳී ගොස් යමි කිසි ඊරිෂ්‍යා සහගත හැඟුමක් සිතා වෙලා ගන්නට වූයෙන් ඔහුට තමා පිළිබඳ ඇති කළකිරිම තවත් වැඩි වන්නට විය..

දිමුත් දේශප්‍රිය බණ්ඩාර ඔහුගේ සිත නිරතුරු පීඩාවට පත් කරන්නට වූ නෙතුගේ ලඟම මිතුරෙකු විය..ඔහුද මේ වන විට ඇයත් සමඟින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර ඔහුගේ උපන් ගමද නුවර වූ බැවින් ඔහු නෙතුගේ ඥාති සහෝදරයකු වූ පසිඳුගේ මිත්රයකුද වීම ඔහු සිත රිදවනා තවත් කරුණක් විය.

එම දුක් මුසු සිතිවිලි සමඟින් පැටලී සිටි ගීත් දිමුත්ගේ හා නෙතුගේ රුව මනසින් එක්තැන් කර ඔවුන්ගේ මනා ගැළපීම පිලිබඳ සිතන්නට වූයේ ශෝකයෙනි.. එහෙත් ඒ සමඟම මෙලෙසින් තමාට පණ මෙන් ආදරය කරනා එම අහිංසකාවිය පිලිබඳ අහිතක් සිතීම සම්බන්ධයෙන් පවා ඔහුට පසුතැවීමක් දැනෙන්නට විය..ඈ සරසවි අධ්‍යාපනය ලබමින් සිටිනා කාලයේ සිට අසරු කළ දිමුත් ඔහුද හොඳින්ම දන්නා මිතුරෙකි..එමෙන්ම මිට පෙර කෙදිනක හෝ ඔහුට මෙවැන්නක් නොසිතුනද දැන් තමා මේ අයුරින් අනෙක් අය සැක කරනුයේ තමන් පත් වී ඇති අසරණ තත්වය නිසාවෙන් යැයි වැටහුණු බැවින් ඔහුගේ මුවඟින් විසල් සුසුමක් පිට වූයේ ඔහුටත් නොදැනීමය..

“අයියෝ මොකද්ද ගීත් අයියා ඔච්චර හොඳට ඇඳට වෙලා විවේක ගන්න චාන්ස් එකක් ලැබිලා තියෙද්දිනේ ඔයා මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කර කර හූල්ලලන්නේ..”

දෑතේ හා උරහිසෙහිද ගමන් මළු ඔසවාගෙන අනපේක්ෂිත මොහොතක තමා බැලීමට පැමිණි සිය නෑනා වන ෂෙහානි දුටු ප්‍රගීත් සතුටත් පුදුමයත් මුසු බැල්මෙන් ඈ දෙස බලා හිඳි බැවින් ෂෙහානි නැවතත් සිය හඬ අවදි කරන්නට වූයේ සිනහවෙමිනි.

“අයියා මේ බය වෙලා ඉන්නෙ මේ බෑග් ටික දැකල නම් කිසි දේකට බය වෙන්න එපා අනේ මේ වගේම තව බෑග් දෙකක් එළියේත් තියෙනවා..හ්ම් දන්නවද මං ඇත්තටම මෙහෙ ආවේ ඔයාගේ මස්සිනාගෙයි දොස්තර නෝනාගෙයි බලවත් ඉල්ලීමට..අපේ ට්‍රේනින් පටන් ගන්නකන් මෙහෙට වෙලා ඉඳලා හැම තිස්සෙම බෙරී වෙලා තියෙන ඔයාගේ මුහුණට පොඩ්ඩක් හිනා වෙන්න පුරුදු කරන්න කියලා නෙතූ නංගි ඊයේ අපේ ගෙදරටම ඇවිත් කියල අම්මලාගෙන් කැමැත්ත ගත්ත විතරයි නිසල් අයියා අද පාන්දරම වාහනයක් එවලා මට එන්න..ඒ නිසා ඔන්න මාත් ආවා..ඉතින් ඒ සම්බන්ධයෙන් ගීත් සර්ගේ හිතේ කිසි අකමැත්තක් එහෙම නෑ නේද..”

ඉතා විනෝදජනක අයුරින් නොනවත්වා දිගු විස්තර කතනයක් සිදු කළ ඈ අවසානයේ ගීත්ගෙන් එසේ විමසුයේ ඔහුගේ මුවටද සිනාවක් නැඟෙන අයුරිනි.

“ඇත්තටම ඔයා මෙහේ ආව එක නම් ලොකු දෙයක් ෂෙහානි..උදේ වරුවේ තනියෙන් මේ කාමරේටම වෙලා ඉන්න ගියාම එපා වෙනවා..ඊටත් වඩා එහෙම ඉන්න කොට මහා විකාර අදහස් මගේ ඔළුවට එනවා..ඔයාට ගොඩක් පින් මං වෙනුවෙන් මෙහෙට ආවට..”

පිළිතුරක් අපේක්ෂාවෙන් සිනහ මුහුණින් යුතුව තමන් වෙත දෑස් දල්වා ගෙන සිටිනා සුන්දර යුවතිය දෙස බලා ගීත් අවංකව සිය හැඟීම ප්‍රකාශ කරන ලද්දේ තමා ගැන මෙතරම් සොයා බලනා නෙත්මි හා නිසල් පිලිබඳ මොහොතකට හෝ අහිතක් සිතීම ගැන වූ දැඩි පසුතැවීමෙන් යුතුවය.

“අයියෝ අයියා ඔයා ඔය පින් ටික දෙන්න ඕන මට නෙමෙයි නිසල් අයියටයි නෙතූ නංගිටයි..මේකනේ අයියා නොමිලේම හොටෙල් එකේ වෙඩින් එක ගන්න නම් නිසල්ව තරහ කරගෙන හරි යන්නේ නෑ..අනිත් එක තමයි දවසක ලොකු ලෙඩක් එහෙම හැදුනොත් නොමිලේ බෙහෙත් ටික ගන්න නම් නෙතූවත් ශේප් එකේ තියා ගන්න වෙනවා..ඒ වගේම කවද හරි දවසක අපේ ළමයින්ට ක්ලාස් එකේ ෆ්‍රී කාර්ඩ් එකක් ගන්න නම් ඔයාවත් ඉක්මණට සනීප කරගන්න ඕනනේ..ඔන්න ඔය සේරම හිතල බලලා තමයි මං ආවේ..එහෙනම් මං වොෂ් එකක් දාගෙනම එන්නම් අයියා..”

යැයි කියමින් කාමරයෙන් පිට වී යන ෂෙහානි දෙස බලා සිටි ගීත්ගේ සිතට සහනයක් එක් වූයේ කිහිප දිනකට හෝ තමා තනිව ඉන්නා විට සිතෙනා අප්‍රිය ජනක සිතිවිළි වලට යළිත් ඉඩ නොලැබෙනා බැව් සිතුණු හෙයිනි.

ඉතා කාර්ය බහුල වූ සති කිහිපයක් ගත කළ නෙතූ සැදෑ වරුවක ප්රගීත්ගේ නිවෙස වෙත පැමිණියේ බොහෝ දිනකට පසුවය. නමුදු ආලින්දයේ රැස් වී දක්ෂ දේශීය වෛද්‍යවරයකු පිලිබඳ හෝටලයේ සේවය කරනා නව සේවකයකු විසින් පවසන ලද පුවතක් සම්බන්ධයෙන් අදහස් විමසමින් සිටි නිවැසියන් සිව් දෙනාම මවිතයට පත් කරමින් ඈ ඔවුන් කිසිවෙකුත් සමඟින් හෝ වදනකුදු නොදොඩා කල්පනාබරවම පා නැගුවේ ගීත්ගේ කාමරය වෙතය.

යමෙක් කාමරය වෙත එනු දැනී පියාගෙන සිටි දෙනෙත් විවර කළ ගීත් ඈ වෙත හෙලුවේ අසරණ වූ බැල්මකි. කළු පැහැති ජීන්ස් කලිසමකින් හා ලා රෝස පැහැති හැඩ දමන ලද අත් දිගු හැට්ටයකින්ද සැරසී සිටි නෙතූ දෙස මොහොතක් දෑස් විදා බලා සිටි ඔහුට හැඟුණේ නොදැක සිටි දින කිහිපය තුලදී ඇය තවත් හැඩ වී ඇති බවකි. නමුදු ලබන මස තමන් මේ සුන්දර යුවතිය සමඟින් විවාහ වීමට සුදානම්ව සිටි බැව් සිහිවෙත්ම ඔහුගේ හදවත ඉකිබිඳින්නට විය..

කඳුළු පිරි දෑසින් තමා දෙස බලා සිටිනා ප්‍රගීත් වෙත ලං වූ නෙත්මි සයනයේ ඔහු අසලින්ම අසුන් ගන්නට වූයේ ඇඳ විට්ටමට කොට්ටයක් තබා කතාකිරීමට පහසු වන සේ ඔහුට එහි වාරුවීමට උපකාර කරමිනි. මඳ වේලාවක් ඔහු දෙස තම දෙනෙත් යොමුකර සිටි ඇයට සිතුණේ දෙමසක් පමණ නිවසටම වී සිටි බැවින් ඔහුගේ පැහැපත් මුහුණට තවත් එළියක් එක් වී ඒ සුන්දර මුහුණ තවත් ආකර්ශනීය වී ඇති බැව් ය.

එම හැඟුමෙන් යුතුවම තම අත්බෑගය විවෘත කර ඔහු විසින් ඈට තෑගී කිරීමට සිතා සිටි සමරුව එතුලින් එළියට ගන්නා ලද්දේ මන බඳිනා සුන්දර සිනහවකින් ඔහු වෙත සංග්‍රහ කරමිනි.

“හ්ම්..ගීත් ඔයාට මේ ස්ටැචූ එක දැක්කම මොනාද හිතෙන්නේ..මට නම් හිතෙන්නේ ඔරුවේ මේ ඉන්නෙ අපි දෙන්න කියල.. මේ ඔරුවත් හරියට අපේ මේ ජිවිතේ වගේ නේද...ඈත දියඹේ දියරැළි උඩ පාවෙන මේ වගේ යාත්‍රාවක් කොච්චර ලස්සනට ගොඩ බිම ඉන්න කෙනෙකුට පේනවද..ඒත් එක සැරේම හමන කුණාටුවකට අහුවෙලා අසරණවෙන ඒ පුංචි යාත්‍රාවේ පිහිටට තියෙන්නේ ඒක පදවන්න තියෙන හබල විතරයි..ඒ යාත්‍රාවේ නැත්නම් ඔරුවේ ඉන්න කෙනාගේ උත්සාහය තියෙනකන් එයා කොහොම හරි හබලෙන් ගහලා ඔරුව කොහොමහරි ගොඩබිමකට ගෙනියන්න උත්සහා කරනවා..ඒත් මොන වෙලාවක හරි ඒ මනුස්සයගේ හිතේ තියෙන ධෛර්ය හිඳිලා ගිහින් හබල අත හැරුණොත් අන්න එතකොට ඒ ඔරුව මුහුදේ රැළි අතරම විනාශ වෙලා සැඟවිලා යනවා..

ඒත් මං අපේ මේ ඔරුව එහෙම විනාශ වෙන්න දෙන්නේ නෑ ගීත්..මගේ උත්සාහය මං කවදාවත් අත් හරින්නේ නෑ.. අම්මා නැති වුණ දවසේ ඉඳල මගේ ජිවිතයට සැරින් සැරේ එක් වුණු හැම අභියෝගයකට මුහුණ දීලා මං අද මේ ඉන්න තැනට ආවේ මගේ හිතේ ඉතිරිවෙලා තිබුණ ධෛර්යයෙන් වගේම පැත්තකට වෙලා ඉඳගෙන හැමදාමත් ඔයා මගේ හිතට දුන්නු ශක්තියෙන්..

මට දැන් තවත් ලොකු අභියෝගයක් අරමුණක් තියෙනවා ගීත්..ඔව් මං කොහොම හරි ඔයාව සනීප කරගන්නවා..අපි දෙන්න තව සති දෙකකින් බඳිනවා..ඊට සති දෙකකට පස්සේ අපි ඇමරිකා යනවා ඔයාගේ ට්‍රීට්මන්ට් වලට..ආයෙත් අපි ලංකාවට එන්නේ ඔයා හොඳටම හොඳ වුණාට පස්සේ..හැබැයි ගීත් මේ හැම දෙයක්ම කරන්න වෙනද වගේම ඔයා මගේ හිතට ශක්තිය දෙන්න ඕන..ඔයා හිතින් වැටෙනවා කියන්නේ මගේ හිතත් දුර්වල වෙනවා කියන එක..එහෙම වෙන්න දෙන්න බෑ අයියා..මොකද ඔයා ආයෙත් එනකන් ළමයි සිය ගණනක් මඟ බලාගෙන ඉන්නවා ඔයාගෙන් ඉගෙන ගන්න..තේරුණා නේද අපේ ගීත් සර්ට..?”

දිලිසෙන දෙනෙතින් හා ස්ථීර අදිටනින් යුතුව සිනහමුසු මුහුණින් සිය වදන් නිමා කළ නෙතූ දෙස දෑස් අයා බලා සිටි ප්‍රගීත් තම උරහිස මත ඇති ඇගේ දෑත සිප ගත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි වූ සෙනෙහසක් ආදරයක් ඈ වෙනුවෙන් තම සිත මත තෙරපෙද්දීය..

මෙතෙක් වෙලා දොර අසල හිඳ ඇගේ වදන් ශ්‍රවණය කරමින් බොඳ වූ දෙනෙතින් ඔවුන් දෙස බලා සිටි නිම්මි, දයාන් මෙන්ම නිසල් හා සෙනායා ද නෙත්මි අසළට ගොස් සිට ගත්තේ ඈ ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් ශක්තියක් වීමට තමන්ද සිටිනා බැව් හැඟවීමටය. මන්ද යත් වදනකුදු ප්‍රකාශ කිරීමට නොහැකි ලෙස ඔවුන්ගේ හදවත් එම මොහොතේ දී සංවේදීව තිබිණි.

නෙත්මි මෙවන් දැඩි තීරණයකට එළැඹියේ වෛද්‍ය අසිත වීරසිංහ මහතා ද සමඟින් සාකච්චා කිරීමෙන් අනතුරුවය. ඔහු පැවසූ අයුරින් ප්රගීත්ගේ වෛද්‍ය වාර්ථා ඇමරිකාවේ සිටිනා තම වෛද්‍ය මිතුරෙකු වෙත යවා ඇති අතර එම මිතුරා ලබා දී ඇති තොරතුරු අනුව ඔහු සේවය කරන රෝහලේ එවැනි සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවත් ගීත්ගේ වාර්ථා අනුව ඔහුද එම සැත්කමට සාර්ථකව බඳුන් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවටත් ඔහු ප්රත්යක්ෂ කර තිබිණි.

එබැවින් අසිත වීරසිංහ මහතා විසින් සිදු කරන ලද නිර්දේශය අනුව දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ නෙත්මිට ද ඇමරිකා වෛද්‍ය ශිෂ්‍යත්වය හැදෑරීමට අවස්ථාවක් සලසාදෙන අතරම ඇගේ සැමියාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඔහුද ඈ සමඟින් එහි රැගෙන යාම සම්බන්ධයෙන් අවසර ගැනීමට විසල් ප්රයත්නයක් දැරීමට ඔවුන්ට සිදු විය.ඒ සඳහා ඔවුන්ගේ ඇඳුනුම්කම් ප්‍රයෝජනයට ගනිමින් එම ශිෂ්‍යත්ව කටයුතු හා සම්බන්ධ අදාළ ඉහල නිලධාරීන් හමුවී කටයුතු පිළියෙළ කිරීමට සිදුවීම නිසාවෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇය ඉතා කාර්ය බහුල වන්නට විය.

විසල් මුදලක් වැය කිරීමෙන් හෝ ගීත්ගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කිරීමට නිවැසියන් සියලු දෙනා අදිටන් කරගෙන සිටියේ මුදලට වඩා ඔහුගේ ජීවිතයේ සතුට ඔවුන්ට බෙහෙවින් වැදගත් වන බැවිනි.

“ඔයාට පුළුවන් දූ..මට විශ්වාසයි ඔයාලා ආයෙත් මෙහෙට එනකොට මගේ පුතා කලින් වගේම එයාගේ කකුල් වලින් හොඳට ඇවිද ගෙන එයි..ඔව් දූ මට විශ්වාසයි..” යැයි ස්ථීර හඬින් නිම්මි පැවසූයේ නෙත්මි අසළට ගෙස් ඈ සිය තුරුළට ගන්නා අතරය.

“ඔව් අක්කා ඔයාට පුළුවන්..ඒ වගේම තමයි ඕනෑම දේකට ඕනෑම මොහොතක අපි ඔයත් එක්ක ඉන්නවා..ඔයා අපේ අයියා වෙනුවෙන් කරන මේ දේවල් වෙනුවෙන් පින් දෙන්නවත් ස්තුති කරන්නවත් වචන හොයා ගන්න මට බෑ අක්කා..”

කඳුළු පිරි වුවනින් නෙතූ අසළට ලං වූ සෙනායාද එසේ පවසමින් තම මව මෙන්ම ඈ වැළඳ ගත්තේ මහත් සෙනෙහසිනි.

එකට වැළඳගෙන දුක බෙදා ගනිමින් හඬමින් සිනාසෙනා ප්රගීත්ගේ මව , නැගණිය හා අනාගත සහකාරිය ඔහුට සිය දෑසින් පෙන්වා ඇසක් ද ඉඟි මරමින් ගීත් අසළින්ම හිඳ ගත් නිසල් ඔහුගේ පනැති වමත තදින් අල්ලා ගත්තේ සහෝදරත්වය පිරි සෙනෙහසිනි.

සයනය මතට වී හිඳිමින් මේ සියල්ල දෙස නිහඬ බැල්මෙන් බලා හිඳි ප්රගීත්ගේ හදවත ඔවුන් සියලුදෙනා වෙනුවෙන් නැඟී උතුම් වූ සෙනෙහසකින් පිරෙන්නට වූ අතර ඉදිරියේදී තම ජිවිතයේ සිදුවිය හැකි ඕනෑම අවස්ථාවකට නොබියව මුහණ දිය හැකි ආත්ම විශ්වසයකින් හා ධෛර්යකින් තම සිත දිරිමත් වූ බැව් ඔහුට දැනෙන්නට විය.

නෙතූ පැවසූ අරුත්බර වදන් නැවතත් සිහි කරමින් මෙම ජිවිත යාත්‍රාවේ තමාට හබලක් වී ශක්තිය ගෙන දෙන්නා වූ තම ළබැඳියන් දෙස ආදරය පිරී ඉතිරුණු බැල්මෙන් මොහොතක් බලා හිඳි ගීත්,

“ඔව් මගේ නෙතූ..ඔව් මගේ අම්මේ..මං ඉක්මණටම සනීප වෙනවා..ඔයාල වෙනුවෙන් මේ ජිවිතයම කැප කරන්න මට සනීප වෙන්නම වෙනවා... ඔව් මං ඇමරිකා ඉඳලා ආයෙත් මෙහෙට එන්නේ ඇක්සිඩන්ට් එකට කලින් හිටිය ගීත් විදියටයි..ආයේ මේ කිසිම දෙයක් නිසා ඔයාලා මට දුන්නු මේ ශක්තිය මං නැති කරගන්නේ නෑ නෙතූ..මේ ඇත්තමයි..”

සිය මව හා නැගණිය තුරුලේ හිඳිමින් තමා දෙසම බලා හිඳිනා ඒ දිළිසෙනා තරු නෙත් වෙතම දෙනෙත් පා කරමින් සෙමෙන් නමුදු ඔහු පැවසූයේ ස්ථීර අදිටනකිනි.

~ සමාප්තයි ~

පුරා දෙමසක් ජීවිත යාත්‍රාවේ අප සමගින් යාත්‍රා කල සහෘද ඔබට හදපිරි ප්රණාමය෴

[QUOTE="argan, post: 16972567, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"] [COLOR="DarkOrange"]“නෑ මං එහෙම කියන්නෙත් නෑ...ස්නායු යථා තත්ත්වයට පත්කරන්න පුළුවන් සියුම් ඔපරේෂන් එකක් තියෙනවා..ඒත් අවාසනාවට වගේ ඒකට අවශ්‍ය පහසුකම් අපිට නෑ..ඒ කියන්නේ මේ රටේම නෑ..අපිට පුළුවන් නම් මෙයාව ඇමෙරිකා වගේ ගෙනියන්න සමහරවිට අපිට ඒ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්..ඒත් දන්නවනේ ඉතින් මේක මොළයේ සිදු කරන සැත්කමක් නිසා පොඩ්ඩක් හරි මිස් වුණොත් ජීවිතේ ගැනවත් ෂුවර් කරන්න අපිට බෑ.. තේරුණා නේද..”[/COLOR] ඇමෙරිකා යන වදන තම මුවින් පිටවෙනවාත් සමඟින් දිලෙන්නට වූ නෙත්මිගේ දෑස් දෙස බලමින් ඔහු විමසුයේ මෙම තරුණිය පිලිබඳ උපන් කරුණාවෙනි. [COLOR="DarkOrange"]“ඔව් ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්..” [/COLOR]යනුවෙන් සිහින් හඬින් පවසා කාමරයෙන් පිටව ගිය ඈ නැවතත් දැඩි සත්කාර ඒකකය කරා පා නගන්නට වූයේ බර වූ හදවතිනි. ජීවිතය පිලිබඳ නුදුරේම සැබෑ කරගත හැකි සුන්දර සිහිනයන් රැසක් සිත් දරා සිටි ප්‍රගීත් කිසි දිනෙක නොසිතූ අයුරින් ඉතා අසරණ තත්ත්වයකට පත් විය.ඔහුගේ ශරීරයේ දකුණු අංශය අප්‍රාණික ස්වභාවයක් ඉසිලූ නිසාවෙන්ම ඔහුට දිවි ගෙවන්නට සිදු වූයේ ඇඳක් මත හිඳිමිනි. සිය ආදරණීය ගුරුවරයාට මුහුණ දීමට සිදුවූ ඛේදනීය අනතුර පිළිබඳව දැනගත් සිය ගණනක් සිසු සිසුවියන් ගෙන් දින පතා රෝහල් වාට්ටුව පිරී යන්නට වූයෙන් එහි සිටි අනෙක් රෝගීන්ගේ අවධානයද වැඩි වශයෙන් ගීත් වෙත යොමු වන්නට විය. කඩවසම් සුන්දර රුවකට හිමිකම් කියූ ප්‍රගීත් ඕනෑම යුවතියකගේ අවධානය වුවද සැණෙකින් දිනා ගන්නට සමත් ප්‍රියමනාප තරුණයකු වූ බැවින් එවැන්නකු රෝගීව එලෙසින් ගිලන් ඇඳට වැටී සිටිනු දැකීම කාගේ වූවද සිතට කණගාටුවක් එක් කරනා කරුණක් විය. සිය දයාබර ඇඳුරුතුමාට අත් වී ඇති ශෝචනීය ඉරණම දුටු යෞවන යෞවනියන්ගේ නෙත් සිත් කඳුලින් නැහැවෙන්නට වූ අතර කෙසේ හෝ ඔහුට ඉක්මන් සුවය ලැබෙන ලෙස පතා කළුතර බෝධීන් වහන්සේ අභියස සති තුනක බෝධි පුජාවක් පැවැත්වීමට කථිකා කරගන්නා ලද්දේ ඔවුන් ඉගෙන ගන්නා අදාල අධ්‍යාපන ආයතනයන්හි අනෙකුත් ආචාර්යවරුන්ගේද සහය ඇතිවය. මසක් පමණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ ප්‍රගීත් නැවත නිවෙස කරා රැගෙන පැමිණි නිවැසියන්ට පැවරුණු මූලික කාර්යය වූයේ සිය ආබාධිත තත්ත්වය නිසාවෙන් බෙහෙවින් කලකිරීමට හා පීඩාවට පත් වී ඇති ඔහුගේ මනස සාදා සිත ශක්තිමත් කිරීමය.මන්ද යත් ඔහුගේ ශාරීරික දුර්වලතාවයට මානසික බිඳ වැටීමද එක් වුවහොත් හානියට පත්ව ඇති ස්නායු යථා තත්වයට පත් කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක් ලබා දෙන්නා වූ ඖෂධ ධාරණය කරගැනීමට නොහැකිව රෝගී තත්වය උත්සන්න වීමට වූවද හැකි බව පවසා වෛද්‍යවරුන් විසින් ඔවුන් තරයේ දැනුවත් කර තිබුණු බැවිනි. මෙලෙසින් හෝ ජීවිතය බේරාගැනීමට හැකිවීම පිලිබඳව සතුටු විය යුතු යැයි විවිධ තර්ක ඉදිරිපත් කරමින් ඔහුගේ සිත සතුටු කළ හැකි සියල්ලම කිරීමට හැකි තාක් උත්සාහ ගන්නා අතරම තමන් සතු සියලු ඉඩකඩම් හා දේපළ උකස් කර විසල් මුදලක් වියදම් කර හෝ ඔහුගේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමට හැකියාවක් ඇති කටයුතු පිලිබඳ දැනගැනීම පිණිස ඔවුන් දන්නා හඳුනනා වෛද්‍යවරුන් හමු වී අදහස් විමසන්නට විය. මෙම කාර්යයෙහි පෙරමුණ ගෙන සිටියේ පුහුණු වෛද්‍යවරියක ලෙස සේවය කළ නෙත්මි විසිනි..ඈ ඔවුන්ගේ පුහුණුව භාර වෛද්‍යවරයකු වූ අසිත වීරසිංහ මහතාගේද සහය ඇතිව ප්රගීත්ගේ වෛද්‍ය වාර්ථා විදේශීය රෝහල් කිහිපයකට ද යවමින් ඔහුගේ රෝගී තත්ත්වය තව දුරටත් අධ්‍යයනය කරන්නට වූයේ දැඩි අපේක්ෂාවකිනි. පොලිස් නිලධාරීන් විසින් අනතුර සිදු වූ ස්ථානයේ ප්රගීත්ගේ අත් බෑගයේ තිබී හමු වූ කුඩා පාර්සලයක් නිසල් වෙත භාර දීමට කටයුතු කළ අතර දිනෙක නෙත්මි නිවෙසට පැමිණි මොහොතක ඔහු විසින් ඇයට එය භාරදෙන ලද්දේ කඳුළු පිරි දෙනෙතිනි. [COLOR="DarkOrange"] “මෙතන තියෙන්නේ එයා එදා ඔයාට දෙන්න හිටිය ප්‍රසන්ට් එකක් නෙතූ..”[/COLOR] යනුවෙන් බිදුණු හඬින් පැවසූ නිසල් එතනින් ඉවත්ව යන්නට වූයේ ඇයට එය තනිව හිඳ බැලීමට ඉඩ කඩ සලසා දෙමිනි. සුළු වශයෙන් කැඩී හානි වී තිබූ සමරු ඵලකයක් එම කවරයේ වූ අතර මිල අධික වූ වටිනා ලෝහයකින් තනා ඇති එහි කුඩා ඔරුවක මංගල ඇඳුමින් සැරසී සිටිනා ආදරණීය යුවලක් කැටයම් කර තිබිණි.බොඳ වූ දෙනෙතින් එදෙස බලා සිටි ඈ එම කවරයේම තිබුණු කුඩා සුභ පැතුම් පත දුටුවේ ප්‍රමාද වී ය. [COLOR="Green"] “ දුක්වෙනා හදවතට සැනසීම ගෙන දෙන්න කඳුළු නැති දෙනෙතින් සැමදා සිනාවෙන්න..”[/COLOR] එහි ලියා ඇති අවසන් පද පෙළ කියවනා විටදී ඇගේ දෑසින් උතුරා ගිය කඳුළැලි වළකා ගැනීමට නම් ඈට නොහැකි විය..මඳ වේලාවක් කඳුළු ඔස්සේ සිය සිතේ සඟවා සිටින්නා වූ වේදනාව පිට කරමින් දුක තුනී කරගත් ඈ ගීත්ගේ නිවසින් පිටව ගියේ සිතේ රඳවාගත් ස්ථීර අරමුණකින් යුතුවය. අනපේක්ෂිත අයුරින් මුහුණ පෑමට සිදු වූ දුක්බර ඉරණම වෙනුවෙන් අප්‍රමාණ වේදනාවක් දරාගෙන සිටිනා තම සිතෙහි ශක්තිය ක්‍රම ක්‍රමයෙන් දිය වී යන බැව් වටහා ගත්තද ඇඳකට පමණක් වී ගත කරනා මෙම නීරස දිවිය පිලිබඳ දැනෙනා කළකිරීම , පිළිකුල ඉවත්කර ගැනීමට හෝ ජිවීතය පිලිබඳ තවත් අපේක්ෂා පොදි බඳින්නට හැකි තත්ත්වයක ගීත් සිටියේ නැත..කුඩා කාමරයක බිත්ති සතරකට පමණක් කොටු වී සිටිනා තමන් කෙතරම් අසරණද යන හැඟුම සෑම විටම ඔහු සිත රිදවීමට සමත් විය. තම ලබඳියන් හැකි සෑම විටම තමා අසල රැඳෙමින් සිය තනිකම පාළුව දුරලීමට තැත් කළද දින කිහිපයක පටන් නිසල්ගේ හා නෙතූගේ පැමිණීම අඩු වී ඇති බැව් ඔහු සිහියට නැගුවේ වේදනාවෙනි. [COLOR="DarkOrange"] “එයාලටත් කොච්චර වැඩ තියෙනවද....හැමදාමත් මං ගැනම බල බල ඉන්න එයාලට බෑනේ..මේ කාටවත්ම කරදරයක් නොවී ඇයි මං මැරිලා ගියේ නැත්තේ...”[/COLOR] දෙනෙතින් කඩා හැලෙන්නට වෙර දරනා කඳුළැල් වළකා ගනිමින් ගීත් සෙමින් කොඳුරන්නට වූයේ තනිකම දරාගත නොහැකි හැඟීමකින් හදවත පීඩාවට ලක් වෙද්දීය.. එලෙසින් වේදනාවෙන් ඔද්දල් වූ ඔහු සිත නෙතූ සමඟ ගෙවූ ඒ ආදරණිය මතකයන් සොයා යන්නට වූයේ එහි රැඳෙන්නට වූ ආශාවෙනි.. නමුදු විටින් විටින් විට නෙත්මි පසෙකින් මැවී පෙනුණු ඇගේ කඩවසම් වෛද්‍ය මිතුරන්ගේ චායාවන් නිසාවෙන් ඔහුගේ සොඳුරු මනෝ ලොව බිඳී ගොස් යමි කිසි ඊරිෂ්‍යා සහගත හැඟුමක් සිතා වෙලා ගන්නට වූයෙන් ඔහුට තමා පිළිබඳ ඇති කළකිරිම තවත් වැඩි වන්නට විය.. දිමුත් දේශප්‍රිය බණ්ඩාර ඔහුගේ සිත නිරතුරු පීඩාවට පත් කරන්නට වූ නෙතුගේ ලඟම මිතුරෙකු විය..ඔහුද මේ වන විට ඇයත් සමඟින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර ඔහුගේ උපන් ගමද නුවර වූ බැවින් ඔහු නෙතුගේ ඥාති සහෝදරයකු වූ පසිඳුගේ මිත්රයකුද වීම ඔහු සිත රිදවනා තවත් කරුණක් විය. එම දුක් මුසු සිතිවිලි සමඟින් පැටලී සිටි ගීත් දිමුත්ගේ හා නෙතුගේ රුව මනසින් එක්තැන් කර ඔවුන්ගේ මනා ගැළපීම පිලිබඳ සිතන්නට වූයේ ශෝකයෙනි.. එහෙත් ඒ සමඟම මෙලෙසින් තමාට පණ මෙන් ආදරය කරනා එම අහිංසකාවිය පිලිබඳ අහිතක් සිතීම සම්බන්ධයෙන් පවා ඔහුට පසුතැවීමක් දැනෙන්නට විය..ඈ සරසවි අධ්‍යාපනය ලබමින් සිටිනා කාලයේ සිට අසරු කළ දිමුත් ඔහුද හොඳින්ම දන්නා මිතුරෙකි..එමෙන්ම මිට පෙර කෙදිනක හෝ ඔහුට මෙවැන්නක් නොසිතුනද දැන් තමා මේ අයුරින් අනෙක් අය සැක කරනුයේ තමන් පත් වී ඇති අසරණ තත්වය නිසාවෙන් යැයි වැටහුණු බැවින් ඔහුගේ මුවඟින් විසල් සුසුමක් පිට වූයේ ඔහුටත් නොදැනීමය.. [COLOR="DarkOrange"]“අයියෝ මොකද්ද ගීත් අයියා ඔච්චර හොඳට ඇඳට වෙලා විවේක ගන්න චාන්ස් එකක් ලැබිලා තියෙද්දිනේ ඔයා මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කර කර හූල්ලලන්නේ..”[/COLOR] දෑතේ හා උරහිසෙහිද ගමන් මළු ඔසවාගෙන අනපේක්ෂිත මොහොතක තමා බැලීමට පැමිණි සිය නෑනා වන ෂෙහානි දුටු ප්‍රගීත් සතුටත් පුදුමයත් මුසු බැල්මෙන් ඈ දෙස බලා හිඳි බැවින් ෂෙහානි නැවතත් සිය හඬ අවදි කරන්නට වූයේ සිනහවෙමිනි. [COLOR="DarkOrange"] “අයියා මේ බය වෙලා ඉන්නෙ මේ බෑග් ටික දැකල නම් කිසි දේකට බය වෙන්න එපා අනේ මේ වගේම තව බෑග් දෙකක් එළියේත් තියෙනවා..හ්ම් දන්නවද මං ඇත්තටම මෙහෙ ආවේ ඔයාගේ මස්සිනාගෙයි දොස්තර නෝනාගෙයි බලවත් ඉල්ලීමට..අපේ ට්‍රේනින් පටන් ගන්නකන් මෙහෙට වෙලා ඉඳලා හැම තිස්සෙම බෙරී වෙලා තියෙන ඔයාගේ මුහුණට පොඩ්ඩක් හිනා වෙන්න පුරුදු කරන්න කියලා නෙතූ නංගි ඊයේ අපේ ගෙදරටම ඇවිත් කියල අම්මලාගෙන් කැමැත්ත ගත්ත විතරයි නිසල් අයියා අද පාන්දරම වාහනයක් එවලා මට එන්න..ඒ නිසා ඔන්න මාත් ආවා..ඉතින් ඒ සම්බන්ධයෙන් ගීත් සර්ගේ හිතේ කිසි අකමැත්තක් එහෙම නෑ නේද..”[/COLOR] ඉතා විනෝදජනක අයුරින් නොනවත්වා දිගු විස්තර කතනයක් සිදු කළ ඈ අවසානයේ ගීත්ගෙන් එසේ විමසුයේ ඔහුගේ මුවටද සිනාවක් නැඟෙන අයුරිනි. [COLOR="DarkOrange"]“ඇත්තටම ඔයා මෙහේ ආව එක නම් ලොකු දෙයක් ෂෙහානි..උදේ වරුවේ තනියෙන් මේ කාමරේටම වෙලා ඉන්න ගියාම එපා වෙනවා..ඊටත් වඩා එහෙම ඉන්න කොට මහා විකාර අදහස් මගේ ඔළුවට එනවා..ඔයාට ගොඩක් පින් මං වෙනුවෙන් මෙහෙට ආවට..”[/COLOR] පිළිතුරක් අපේක්ෂාවෙන් සිනහ මුහුණින් යුතුව තමන් වෙත දෑස් දල්වා ගෙන සිටිනා සුන්දර යුවතිය දෙස බලා ගීත් අවංකව සිය හැඟීම ප්‍රකාශ කරන ලද්දේ තමා ගැන මෙතරම් සොයා බලනා නෙත්මි හා නිසල් පිලිබඳ මොහොතකට හෝ අහිතක් සිතීම ගැන වූ දැඩි පසුතැවීමෙන් යුතුවය. [COLOR="DarkOrange"] “අයියෝ අයියා ඔයා ඔය පින් ටික දෙන්න ඕන මට නෙමෙයි නිසල් අයියටයි නෙතූ නංගිටයි..මේකනේ අයියා නොමිලේම හොටෙල් එකේ වෙඩින් එක ගන්න නම් නිසල්ව තරහ කරගෙන හරි යන්නේ නෑ..අනිත් එක තමයි දවසක ලොකු ලෙඩක් එහෙම හැදුනොත් නොමිලේ බෙහෙත් ටික ගන්න නම් නෙතූවත් ශේප් එකේ තියා ගන්න වෙනවා..ඒ වගේම කවද හරි දවසක අපේ ළමයින්ට ක්ලාස් එකේ ෆ්‍රී කාර්ඩ් එකක් ගන්න නම් ඔයාවත් ඉක්මණට සනීප කරගන්න ඕනනේ..ඔන්න ඔය සේරම හිතල බලලා තමයි මං ආවේ..එහෙනම් මං වොෂ් එකක් දාගෙනම එන්නම් අයියා..”[/COLOR] යැයි කියමින් කාමරයෙන් පිට වී යන ෂෙහානි දෙස බලා සිටි ගීත්ගේ සිතට සහනයක් එක් වූයේ කිහිප දිනකට හෝ තමා තනිව ඉන්නා විට සිතෙනා අප්‍රිය ජනක සිතිවිළි වලට යළිත් ඉඩ නොලැබෙනා බැව් සිතුණු හෙයිනි. ඉතා කාර්ය බහුල වූ සති කිහිපයක් ගත කළ නෙතූ සැදෑ වරුවක ප්රගීත්ගේ නිවෙස වෙත පැමිණියේ බොහෝ දිනකට පසුවය. නමුදු ආලින්දයේ රැස් වී දක්ෂ දේශීය වෛද්‍යවරයකු පිලිබඳ හෝටලයේ සේවය කරනා නව සේවකයකු විසින් පවසන ලද පුවතක් සම්බන්ධයෙන් අදහස් විමසමින් සිටි නිවැසියන් සිව් දෙනාම මවිතයට පත් කරමින් ඈ ඔවුන් කිසිවෙකුත් සමඟින් හෝ වදනකුදු නොදොඩා කල්පනාබරවම පා නැගුවේ ගීත්ගේ කාමරය වෙතය. යමෙක් කාමරය වෙත එනු දැනී පියාගෙන සිටි දෙනෙත් විවර කළ ගීත් ඈ වෙත හෙලුවේ අසරණ වූ බැල්මකි. කළු පැහැති ජීන්ස් කලිසමකින් හා ලා රෝස පැහැති හැඩ දමන ලද අත් දිගු හැට්ටයකින්ද සැරසී සිටි නෙතූ දෙස මොහොතක් දෑස් විදා බලා සිටි ඔහුට හැඟුණේ නොදැක සිටි දින කිහිපය තුලදී ඇය තවත් හැඩ වී ඇති බවකි. නමුදු ලබන මස තමන් මේ සුන්දර යුවතිය සමඟින් විවාහ වීමට සුදානම්ව සිටි බැව් සිහිවෙත්ම ඔහුගේ හදවත ඉකිබිඳින්නට විය.. කඳුළු පිරි දෑසින් තමා දෙස බලා සිටිනා ප්‍රගීත් වෙත ලං වූ නෙත්මි සයනයේ ඔහු අසලින්ම අසුන් ගන්නට වූයේ ඇඳ විට්ටමට කොට්ටයක් තබා කතාකිරීමට පහසු වන සේ ඔහුට එහි වාරුවීමට උපකාර කරමිනි. මඳ වේලාවක් ඔහු දෙස තම දෙනෙත් යොමුකර සිටි ඇයට සිතුණේ දෙමසක් පමණ නිවසටම වී සිටි බැවින් ඔහුගේ පැහැපත් මුහුණට තවත් එළියක් එක් වී ඒ සුන්දර මුහුණ තවත් ආකර්ශනීය වී ඇති බැව් ය. එම හැඟුමෙන් යුතුවම තම අත්බෑගය විවෘත කර ඔහු විසින් ඈට තෑගී කිරීමට සිතා සිටි සමරුව එතුලින් එළියට ගන්නා ලද්දේ මන බඳිනා සුන්දර සිනහවකින් ඔහු වෙත සංග්‍රහ කරමිනි. [COLOR="DarkOrange"]“හ්ම්..ගීත් ඔයාට මේ ස්ටැචූ එක දැක්කම මොනාද හිතෙන්නේ..මට නම් හිතෙන්නේ ඔරුවේ මේ ඉන්නෙ අපි දෙන්න කියල.. මේ ඔරුවත් හරියට අපේ මේ ජිවිතේ වගේ නේද...ඈත දියඹේ දියරැළි උඩ පාවෙන මේ වගේ යාත්‍රාවක් කොච්චර ලස්සනට ගොඩ බිම ඉන්න කෙනෙකුට පේනවද..ඒත් එක සැරේම හමන කුණාටුවකට අහුවෙලා අසරණවෙන ඒ පුංචි යාත්‍රාවේ පිහිටට තියෙන්නේ ඒක පදවන්න තියෙන හබල විතරයි..ඒ යාත්‍රාවේ නැත්නම් ඔරුවේ ඉන්න කෙනාගේ උත්සාහය තියෙනකන් එයා කොහොම හරි හබලෙන් ගහලා ඔරුව කොහොමහරි ගොඩබිමකට ගෙනියන්න උත්සහා කරනවා..ඒත් මොන වෙලාවක හරි ඒ මනුස්සයගේ හිතේ තියෙන ධෛර්ය හිඳිලා ගිහින් හබල අත හැරුණොත් අන්න එතකොට ඒ ඔරුව මුහුදේ රැළි අතරම විනාශ වෙලා සැඟවිලා යනවා.. ඒත් මං අපේ මේ ඔරුව එහෙම විනාශ වෙන්න දෙන්නේ නෑ ගීත්..මගේ උත්සාහය මං කවදාවත් අත් හරින්නේ නෑ.. අම්මා නැති වුණ දවසේ ඉඳල මගේ ජිවිතයට සැරින් සැරේ එක් වුණු හැම අභියෝගයකට මුහුණ දීලා මං අද මේ ඉන්න තැනට ආවේ මගේ හිතේ ඉතිරිවෙලා තිබුණ ධෛර්යයෙන් වගේම පැත්තකට වෙලා ඉඳගෙන හැමදාමත් ඔයා මගේ හිතට දුන්නු ශක්තියෙන්.. මට දැන් තවත් ලොකු අභියෝගයක් අරමුණක් තියෙනවා ගීත්..ඔව් මං කොහොම හරි ඔයාව සනීප කරගන්නවා..අපි දෙන්න තව සති දෙකකින් බඳිනවා..ඊට සති දෙකකට පස්සේ අපි ඇමරිකා යනවා ඔයාගේ ට්‍රීට්මන්ට් වලට..ආයෙත් අපි ලංකාවට එන්නේ ඔයා හොඳටම හොඳ වුණාට පස්සේ..හැබැයි ගීත් මේ හැම දෙයක්ම කරන්න වෙනද වගේම ඔයා මගේ හිතට ශක්තිය දෙන්න ඕන..ඔයා හිතින් වැටෙනවා කියන්නේ මගේ හිතත් දුර්වල වෙනවා කියන එක..එහෙම වෙන්න දෙන්න බෑ අයියා..මොකද ඔයා ආයෙත් එනකන් ළමයි සිය ගණනක් මඟ බලාගෙන ඉන්නවා ඔයාගෙන් ඉගෙන ගන්න..තේරුණා නේද අපේ ගීත් සර්ට..?”[/COLOR] දිලිසෙන දෙනෙතින් හා ස්ථීර අදිටනින් යුතුව සිනහමුසු මුහුණින් සිය වදන් නිමා කළ නෙතූ දෙස දෑස් අයා බලා සිටි ප්‍රගීත් තම උරහිස මත ඇති ඇගේ දෑත සිප ගත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි වූ සෙනෙහසක් ආදරයක් ඈ වෙනුවෙන් තම සිත මත තෙරපෙද්දීය.. මෙතෙක් වෙලා දොර අසල හිඳ ඇගේ වදන් ශ්‍රවණය කරමින් බොඳ වූ දෙනෙතින් ඔවුන් දෙස බලා සිටි නිම්මි, දයාන් මෙන්ම නිසල් හා සෙනායා ද නෙත්මි අසළට ගොස් සිට ගත්තේ ඈ ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් ශක්තියක් වීමට තමන්ද සිටිනා බැව් හැඟවීමටය. මන්ද යත් වදනකුදු ප්‍රකාශ කිරීමට නොහැකි ලෙස ඔවුන්ගේ හදවත් එම මොහොතේ දී සංවේදීව තිබිණි. නෙත්මි මෙවන් දැඩි තීරණයකට එළැඹියේ වෛද්‍ය අසිත වීරසිංහ මහතා ද සමඟින් සාකච්චා කිරීමෙන් අනතුරුවය. ඔහු පැවසූ අයුරින් ප්රගීත්ගේ වෛද්‍ය වාර්ථා ඇමරිකාවේ සිටිනා තම වෛද්‍ය මිතුරෙකු වෙත යවා ඇති අතර එම මිතුරා ලබා දී ඇති තොරතුරු අනුව ඔහු සේවය කරන රෝහලේ එවැනි සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවත් ගීත්ගේ වාර්ථා අනුව ඔහුද එම සැත්කමට සාර්ථකව බඳුන් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවටත් ඔහු ප්රත්යක්ෂ කර තිබිණි. එබැවින් අසිත වීරසිංහ මහතා විසින් සිදු කරන ලද නිර්දේශය අනුව දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ නෙත්මිට ද ඇමරිකා වෛද්‍ය ශිෂ්‍යත්වය හැදෑරීමට අවස්ථාවක් සලසාදෙන අතරම ඇගේ සැමියාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඔහුද ඈ සමඟින් එහි රැගෙන යාම සම්බන්ධයෙන් අවසර ගැනීමට විසල් ප්රයත්නයක් දැරීමට ඔවුන්ට සිදු විය.ඒ සඳහා ඔවුන්ගේ ඇඳුනුම්කම් ප්‍රයෝජනයට ගනිමින් එම ශිෂ්‍යත්ව කටයුතු හා සම්බන්ධ අදාළ ඉහල නිලධාරීන් හමුවී කටයුතු පිළියෙළ කිරීමට සිදුවීම නිසාවෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇය ඉතා කාර්ය බහුල වන්නට විය. විසල් මුදලක් වැය කිරීමෙන් හෝ ගීත්ගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කිරීමට නිවැසියන් සියලු දෙනා අදිටන් කරගෙන සිටියේ මුදලට වඩා ඔහුගේ ජීවිතයේ සතුට ඔවුන්ට බෙහෙවින් වැදගත් වන බැවිනි. [COLOR="DarkOrange"] “ඔයාට පුළුවන් දූ..මට විශ්වාසයි ඔයාලා ආයෙත් මෙහෙට එනකොට මගේ පුතා කලින් වගේම එයාගේ කකුල් වලින් හොඳට ඇවිද ගෙන එයි..ඔව් දූ මට විශ්වාසයි..” [/COLOR]යැයි ස්ථීර හඬින් නිම්මි පැවසූයේ නෙත්මි අසළට ගෙස් ඈ සිය තුරුළට ගන්නා අතරය. [COLOR="DarkOrange"] “ඔව් අක්කා ඔයාට පුළුවන්..ඒ වගේම තමයි ඕනෑම දේකට ඕනෑම මොහොතක අපි ඔයත් එක්ක ඉන්නවා..ඔයා අපේ අයියා වෙනුවෙන් කරන මේ දේවල් වෙනුවෙන් පින් දෙන්නවත් ස්තුති කරන්නවත් වචන හොයා ගන්න මට බෑ අක්කා..”[/COLOR] කඳුළු පිරි වුවනින් නෙතූ අසළට ලං වූ සෙනායාද එසේ පවසමින් තම මව මෙන්ම ඈ වැළඳ ගත්තේ මහත් සෙනෙහසිනි. එකට වැළඳගෙන දුක බෙදා ගනිමින් හඬමින් සිනාසෙනා ප්රගීත්ගේ මව , නැගණිය හා අනාගත සහකාරිය ඔහුට සිය දෑසින් පෙන්වා ඇසක් ද ඉඟි මරමින් ගීත් අසළින්ම හිඳ ගත් නිසල් ඔහුගේ පනැති වමත තදින් අල්ලා ගත්තේ සහෝදරත්වය පිරි සෙනෙහසිනි. සයනය මතට වී හිඳිමින් මේ සියල්ල දෙස නිහඬ බැල්මෙන් බලා හිඳි ප්රගීත්ගේ හදවත ඔවුන් සියලුදෙනා වෙනුවෙන් නැඟී උතුම් වූ සෙනෙහසකින් පිරෙන්නට වූ අතර ඉදිරියේදී තම ජිවිතයේ සිදුවිය හැකි ඕනෑම අවස්ථාවකට නොබියව මුහණ දිය හැකි ආත්ම විශ්වසයකින් හා ධෛර්යකින් තම සිත දිරිමත් වූ බැව් ඔහුට දැනෙන්නට විය. නෙතූ පැවසූ අරුත්බර වදන් නැවතත් සිහි කරමින් මෙම ජිවිත යාත්‍රාවේ තමාට හබලක් වී ශක්තිය ගෙන දෙන්නා වූ තම ළබැඳියන් දෙස ආදරය පිරී ඉතිරුණු බැල්මෙන් මොහොතක් බලා හිඳි ගීත්, [COLOR="DarkOrange"] “ඔව් මගේ නෙතූ..ඔව් මගේ අම්මේ..මං ඉක්මණටම සනීප වෙනවා..ඔයාල වෙනුවෙන් මේ ජිවිතයම කැප කරන්න මට සනීප වෙන්නම වෙනවා... ඔව් මං ඇමරිකා ඉඳලා ආයෙත් මෙහෙට එන්නේ ඇක්සිඩන්ට් එකට කලින් හිටිය ගීත් විදියටයි..ආයේ මේ කිසිම දෙයක් නිසා ඔයාලා මට දුන්නු මේ ශක්තිය මං නැති කරගන්නේ නෑ නෙතූ..මේ ඇත්තමයි..”[/COLOR] සිය මව හා නැගණිය තුරුලේ හිඳිමින් තමා දෙසම බලා හිඳිනා ඒ දිළිසෙනා තරු නෙත් වෙතම දෙනෙත් පා කරමින් සෙමෙන් නමුදු ඔහු පැවසූයේ ස්ථීර අදිටනකිනි. [/SIZE][/COLOR][/B] [CENTER][B][COLOR="Red"][SIZE="5"]~ සමාප්තයි ~[/SIZE][/COLOR][/B] [B][COLOR="Green"][SIZE="5"]පුරා දෙමසක් ජීවිත යාත්‍රාවේ අප සමගින් යාත්‍රා කල සහෘද ඔබට හදපිරි ප්රණාමය෴ [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom