ජෙබයියන්ගේ යුටෝපියානු ෆැන්ටසි සිහිනය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    453012115_10212017686954512_7741183834289461895_n.jpg


    යුටෝපියාව කියන්නෙ සමාජවාදීන් විශ්වාස කරන සියලුම දේ සියලුම දෙනාට සමානව තියෙන සිහින රාජ්‍යයක්, මේක ගොඩක් අය හදන්න ට්‍රයි කරා ඒත් හරි ගියේ නෑ ෆේල් , වරක් ඇමරිකාවෙ ඉඩම් මිලට ගෙන යුටෝපියාව එහේ හදන්න උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. කොටින්ම ඩොක්ටර් ගන්නෙත් එකම සැලරි එකනම් කම්කරුවන් ගන්නෙත් එකම සැලරි එකනම් ,හැමෝගෙම ජීවන තත්වය එකම සමාන නම්, මිනිස්සු හිතන්න ගන්නව මොන මගුලටද යකෝ ඩොක්ටර් කෙනෙක් වෙන්න මහන්සි වෙන්නෙ කියල. ලෝකයෙ ඉදිරියට යාම එතනින් නවතිනවා. ඒ නිසා යුටෝපියාව ෆේල්. ලෝකයෙ ඉදිරි ගමනට තරඟකාරීත්වය අත්‍යවශ්‍යයයි.

    නමුත් තරඟකාරී ( Competitive) වීම එකක්.අනෙකා ගැන ඇතිවන ඊර්ෂ්‍යාව තවත් එකක් ( Jealousy / Enviousness ).
    තරඟකාරී හැඟීම ඊර්ෂ්‍යාව බවට පෙරළුන විට එය මහත් ව්‍යසනයකට අත වැනීමක්.


    මෙසේ වීමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ උන්ට තියනවා අපට නෑ. උන් ඔක්කොම ගන්නවා අපට නෑ. වැනි ආකල්ප සිත තුලට ඇතුළු වීමයි.

    එසේ නැතහොත් යමෙක් විසින් ඉහත කරුණු සෘජුව, වක්‍රාකාරව හෝ ව්‍යංගයෙන් සිත් තුලට ඇතුළු කිරීමයි.

    මෙය ළමා මනෝ විද්‍යාවේ මානසික හැඩ ගැන්වීම (Mental Grooming ) ලෙස හඳුන්වනවා. දරුණුම ළමා අපයෝජකයන් විසින් සිය වින්දිතයන් තම ග්‍රහණයට ගැනීමට භාවිතා කරන ප්‍රකටම ක්‍රමය මෙයයි.

    දැනට අනුර කුමාර ඇතුළු නඩය ලංකාවේ කරමින් සිටින්නේ මෙයයි. නිදහසින් පසු මේ රටේ ක්‍රියාත්මක කල වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට බංකොලොත් වූ බව හොඳාකාරවම දැන දැන, එය එසේ නොවේය , මේ දුක්ඛදායී තත්වයට හේතුව යම් කිසි කල්ලියක් විසින් සිදුකරන ලද හොරකම්ය කියා මනසට ඇතුල් කිරීමේ මේ වැඩේ භයානක අවසානයක් දක්වා යන්න පුළුවන්.

    ලංකාවේ තරුණ ජවය නිවැරදි දිශානතියකට යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ අනෙකා ගැන ද්වේශය ඇති කිරීම තූළින් කරන බල පෙරලියකින් නම් එය තරම් අඥාන ක්‍රියාවක් තවත් නැත.

    වඩාත්ම භයානක මේ වයිරය ඇතිකරන mental grooming එක කරල තමන්ගෙ පැත්තට බලය වෙනුවෙන් හරව ගන්නේ ගෝඨාභය ගෙනල්ල බලාපොරොත්තු සුන් වූ බහුතරය. උන් අනුරගෙන් බලාපොරොත්තු වෙන දේ දෙන්න බැරි වුනොත් ඒක රටේ වගේම අනුරගෙත් දේශපාලනයේ අවසානය.


    ලඟ ලඟම දෙපාරක් රැවටෙනව කියන්නෙ මිනිස්සු ඕනෙම දෙයක් කරන්න පෙළඹෙන පුළුවන්.


    අනුර ආවාම Designer clothes ඇඳීමට බලා සිටින තරුණයා Emerald shirt එකකින් සෑහීමකට පත්වන්නේ නැහැ. BMW i8 එකක් පැදීමේ බලාපොරොත්තු ඇතිකර Alto එකක් වත් දී ගන්නට බැරි තැනට පත් වුවහොත් සිතා ගැනීමට වත් අපහසු විපාක අත් විඳීමට සිදුවනු ඇත.
    එසේ නම් කල යුතු මේ තාක් කල් ලංකාවේ දේශපාලන පක්ෂ කලා මෙන් මිනිසුන් මුලා කිරීමට ජනප්‍රිය බොරු කීම නොවේ. හොරාකන ලද මුදල් ගෙනවිත් රට දියුණු කරනවා වැනි පල් කෙබර ඇද නොබා සත්‍ය වශයෙන්ම ආර්ථිකය නගා සිටුවීමට හැකි ක්‍රමවේද සැකසිය යුතුය. යමෙක් රටේ මුදල් රුපියලක් හෝ සොරකම් කොට ඇතැයි කරුණු සහිතව ඔප්පු කල හැකිනම් තරාතිරම නොබලා දිය හැකි උපරිම දඬුවම් දිය යුතුය. ඒ ගැන විවාදයක් නැත.

    බිලියන 41 ක් වූ ණය ප්‍රමාණය කුමන කජ්ජක් දැයි වැනි කතා කීම කෙතරම් ප්‍රඥා ගෝචර දැයි සිතා බැලිය යුතුය.

    විශේෂයෙන් ප්‍රවේශම් විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ගේ කඳවුරට කඹුරා, ඒ වෙනුවෙන් බලාපොරොත්තු වූ පඬුරු පාක්කුඩම්, තාන්න මාන්න නොලැබුණ කල විජේවීරටත් වඩා ජේ වී පී බවට පත්ව සිටින ජෙබයියන් ගෙනි.

    ආවේග මත රතු ආණ්ඩුවක් පත් කිරීමට බලා සිටින බොහෝ අයගේ අපේක්ෂාව එසේ වූ විගස ශ්‍රී ලංකාවේ සියළු ගැටළු විසඳී සියළු දෙනා අත සමානව මූදල් ගැවසෙන සුඛිත මුදිත යුගයක් බිහි වනු ඇතැයි යන්නයි.

    එය යුටෝපියානු ෆැන්ටසි සිහිනයකි. මොන පාට ආණ්ඩුව ආවත් කිසිදා එසේ වන්නේ නැත. කෙතරම් තිත්ත වුවත් ඇත්ත ඇති සැටියෙන් කියා සාධනීය හා මහ පොළොව තුල ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ජනතා බලය ලබා ගැනීම කල යුතුය.
    හඳ දෙන බව පවසා ආදේශකය ලෙස කලටි පොල් බෑයක් දෙන්නට සිදු වුවහොත්, රතු ආණ්ඩුව යුටෝපියානු ෆැන්ටසි සිහිනයෙන් අවදි වීමට ගත වනු ඇත්තේ ඉතා කෙටි කාලයකි. එහි අවසානය අපි මෙතෙක් නොදැකපු දරුණු එකක් විය හැක.


    up
    ------ Post added on Aug 3, 2024 at 1:37 PM
     
    • Like
    • Love
    Reactions: tin tin and monson