ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට

    ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට

    ( තිළිණි ද සිල්වා )

    එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් අද (22) සමත් වී ඇත.

    එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ලාංකික ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූ බව ඔහුට සුබ පැතුම් එක් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් ද තබා ඇත.

    මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කර තිබිණි. ජයන්ති කුරුඋතුම්පල සමඟ 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදු වි ඇත.
    ඒ කඳු මුදුනට ළඟා වීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම හේතුවෙනි.
    මුහුදු මට්මමේ සිට මීටර් 8,848 ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ළඟා වෙමින් එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ජයන්ති කුරුඋතුම්පල සමත් විය.
    අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්ව තිබිණි.
    මීට පෙර 2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමට ජෙහාන් සමත් විය.

    b9d90678aa691f82996d40023f407f97.jpg



    29244383_1482295485216159_1847215658270433661_n.jpg


    32741568_1545697995542574_8901641353880928256_n.jpg


    32314101_1540941336018240_1388922690437382144_n.jpg


    32332577_1540942092684831_2044502993805508608_n.jpg


    32313235_1540947966017577_2593725170891882496_n.jpg






    https://www.facebook.com/everestlka/
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    dodo mahattaya mokada kiyanne yanawada oyath ???

    :lol::lol:
    නෑ මචං ...... මමත් ආසයි අයිස් කඳු නගින්න, හිමේ ඇවිදින්න.:yes: ඒත් ලෝකේ උසම තැනට යන්න ඕනේ කියන ආසාව නම් නෑ.:rolleyes:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට නම් පට්ට ආසාවක් තියෙනවා එවරස්ට් නගින්න :rofl:
     

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    ඕක එච්චර ගේමක් නෑ බන්. මහ දෙයක් නෙමෙයි. මාත් නගින්න හිටියේ. අම්ම එපා කිව්වා.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මළමිනී පසුකරගෙන ගිහින් එවරස්‌ට්‌ මුදුනේ

    මළමිනී පසුකරගෙන ගිහින් එවරස්‌ට්‌ මුදුනේ සිංහ ධජ නැංවූ දෙවැනියා යොහාන්

    ජනිත සෙනෙවිරත්න


    everest.jpg
    මිනිසෙකුට ජය ගත නොහැකි අභියෝගයක්‌ මෙලොව නැත. අවශ්‍ය වන්නේ උනන්දුව සහ කැපවීමය. එයට හොඳම උදාහරණය යොහාන් පීරීස්‌ය. එවරස්‌ට්‌ කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්‌ට්‌ කන්ද තරණය කිරීමට යොහාන් පීරීස්‌ පසුගිය මැයි 22 වැනිදා සමත් විය.

    everest2.jpg
    ලෝකයේ මුහුදු මට්‌ටමේ සිට ඇති උසම ස්‌ථානය වන්නේ එවරස්‌ට්‌ කඳු මුදුනයි. එවරස්‌ට්‌ කඳු මුදුන තරණය කිරීම යනු ජීවිතය හා මරණය අතර සටනකි. ඈත අතීතයේදී ඉන්දියානු උප මහාද්වීපය ආසියානු මහාද්වීපයේ ගැටීමෙන් අනතුරුව හිමාල කන්ද බිහිවුණු බව පැවසේ. ලොව උසම කඳු රැසක්‌ මෙම හිමාල සීමාවට අයත් වේ. එයිනුත් ලොව උසම කඳු 7 ක්‌ හිමාලයෙහි මධ්‍යම කොටස වන නේපාලයේ පිහිටා තිබේ. එවරස්‌ට්‌ කඳු පන්තිය පිහිටා ඇත්තේ නේපාලයේ උතුරුදිග මායිමේ චීන නේපාල දේශ සීමාව මතය.

    එවරස්‌ට්‌ කඳු මුදුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරගනිමින් යොහාන් පීරීස්‌ නේපාල වේලාවෙන් පසුගිය 22 වැනිදා උදෑසන 5.55 ට එවරස්‌ට්‌ තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ ශ්‍රී ලංකාවට අභිමානයක්‌ එක්‌ කරමිනි.

    එවරස්‌ට්‌ කන්ද තරණය කර එන අතරමඟ හිමාල අඩවියේ සිට යොහාන් පිරීස්‌ තම අත්දැකීම් 'දිවයින ඉරිදා සංග්‍රහය'ට විස්‌තර කළේ මෙසේය.

    එවරස්‌ට්‌ ගමන ජීවිතයයි මරණයයි අතර ගමනක්‌. ඒත් ජීවිතයේ ඕනෑම අභියෝගයක්‌ ජය ගන්න අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය පමණයි. කිසිම දෙයක්‌ ලේසියෙන් අත්හරින්න එපා ...ඕනෑම අභියෝගයක්‌ ජයගන්න පුළුවන් ...

    මම අවුරුදු අටේදී තමයි මුලින්ම මගේ පියා ලංකාවේ කඳු නගින්න එක්‌ක ගියේ. එයා ඉංජිනේරුවෙක්‌, එයා හරිම වික්‍රමාන්විත ත්‍රාසජනක වැඩවලට ආසයි, මම පොඩි කාලේ ඉඳලා ලංකාවේ කඳු ගොඩක්‌ නැගලා තියෙනවා

    මම ජීවත් වුණේ රත්මලානේ, මම පාසල් ගියේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට, පාසලෙන් ඉවත් වුණාට පස්‌සේ රමණි ප්‍රනාන්දු මහත්මියගේ සැලුන් එකට සම්බන්ධ වෙලා වසර දොළහමාරක්‌ වැඩ කළා.

    ඊට පස්‌සේ මම මගේම සැලුන් එක කටින් ස්‌ටේෂන් නමින් පටන් ගත්තා 1999 දී, අද වන විට ලොව පුරා ඒ ආයතනයේ ශාඛා තිබෙනවා.

    මම මුලින්ම හිමාලය කන්ද නගින්න ගියේ 2010 දී. එදා ගියේ බේස්‌ කෑම්ප් එකට, එදා මම හිතා ගත්තා එවරස්‌ට්‌ කඳු මුදුනට කවදා හරි නගිනවාමයි කියලා.

    2012 දී හිමාලය කඳු වැටියේ අයිලන්ඩ් පීක්‌ කියන කන්ද නගිද්දී ජයන්න්ති කුරුඋතුම්පාල හම්බ වුණා, පස්‌සේ අපි එකට කඳු නගින්න පටන් ගත්තා.

    අපි 2014 දී ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද නැග්ගා, 2016 දී එවරස්‌ට්‌ කන්ද ජයන්ති සමග නගින්න පටන් ගත්තා.

    ජයන්ති කුරුඋතුම්පාල සමඟ 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්‌ට්‌ කඳු මුදුන පෙනෙන තෙක්‌ මානය දක්‌වා ගමන් කළ යොහාන්ට මීටර් 448 ක්‌ පහළින් සිය ගමන නතර කිරීමට සිදුවූයේ කඳු මුදුනට ළඟා වීමට ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් නොමැති වීම හේතුවෙනි.

    මුහුදු මට්‌මමේ සිට මීටර් 8,848 ක්‌ උසින් පිහිටි එවරස්‌ට්‌ කඳු මුදුනට සාර්ථකව ළඟා වෙමින් එවරස්‌ට්‌ කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමට ජයන්ති කුරුඋතුම්පාල එදා සමත් වූවාය.

    අන්තර්ජාතික කඳු නැගීමේ මඟපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙස යොහාන් මෙවර එවරස්‌ට්‌ තරණයට එක්‌ව තිබිණි.

    එවරස්‌ට්‌ කන්ද තරණයට අති විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි. යොහාන්ට මෙවර ඒ සඳහා රුපියල් ලක්‌ෂ 80 ක්‌ වැයවී තිබිණි.

    ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා ගැනීම අවශ්‍ය විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පළමු අනුග්‍රාහකයා බවට ද පත්විය. ඊට අමතරව ශ්‍රී ලංකිකයන් රැසක්‌ ඔහුට හැකි පමණින් දායකත්වය ලබා දුන්හ. ප්‍රධාන පෙළේ සමාගම් දෙකක්‌ ඒ සඳහා විශාල දායකත්වයක්‌ ලබා දුන් අතර ඉතිරි මුදල් තමා විසින්ම සපයා ගත් බව යොහාන් පැවසීය.

    මෙම ගවේෂණයේ වියදම සඳහා IMG හී ප්‍රවර්ධන සහාය, ෂර්පා සහ මඟපෙන්වීම් සහාය, සියලුම කඳු නැගීමේ බලපත්‍ර ගාස්‌තු, ගවේෂණය සඳහා ආහාර පාන සහ නවාතැන් පහසුකම්, භාණ්‌ඩ ගෙනයැමේ ගාස්‌තු, සන්නිවේදන පහසුකම්, ඔක්‌සිජන්, රක්‌ෂණාවරණය සහ හෙලිකොප්ටර් මගින් සිදුකරන මුදා ගැනීම් සේවාව මෙන්ම එවරස්‌ට්‌ කන්දේ පිහිටුවා ඇති කඳවුරේ IMG වෛද්‍ය සායනය සඳහා මෙම මුදල වැය වී තිබේ.

    everest3.jpg
    මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්‌ට්‌ කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙවර යොහාන් පීරිස්‌ සිය ගමන ආරම්භ කළේ පසුගිය අප්‍රේල් තුන් වැනිදාය. ඒ වසර එකහමාරක අසීරු පුහුණුවීම්වලට පසුවය.

    මුලින්ම කත්මන්ඩු ආවා. එතනින් ගුවන් මගින් ලුක්‌ලා කියන තැනට ආවා, එතන ඉඳලා දින 14 ක්‌ ඇවිදලා බේස්‌ කෑම්ප් ආවා, මෙවර මා සමග වෙනත් විවිධ රටවල 13 දෙනෙක්‌ එවරස්‌ට්‌ නැග්ගා , බේස්‌ කෑම්ප් ඉඳලා සති හයක්‌ එවරස්‌ට්‌ කන්ද නගින්න යනවා, එතන ඉඳලා මුලින්ම පළමු කෑම්ප් එකට ගිහින් ආපහු බේස්‌ කෑම්ප් එකට ආවා, ආපහු දෙවන කෑම්ප් එකට ගිහින් ආපසු බේස්‌ කෑම්ප් එකට ආවා.

    ආපහු තුන් වන කෑම්ප් එකට ගිහින් බේස්‌ කෑම්ප් එකට ආවා, මේ විදිහට තමයි අවසන් එවරස්‌ට්‌ තරණයට අවශ්‍ය විදිහට ශරීරය සකසා ගන්නේ. ඒ විදිහට ශරීරයේ රතු රුධිරානු ප්‍රමාණය ඉහළ යනවා, ඉන්පසු බේස්‌ කෑම්ප් සිට හතරවන කෑම්ප් දක්‌වා ගොස්‌ ඉන්පසු කෙලින්ම එවරස්‌ට්‌ මුදුනටම නගිනවා.

    මේ අවසන් කොටසේදී අධික ශීතල හා ඔක්‌සිජන් අඩුවීම නිසා බොහෝ කඳු නගින්නන් මරණයට පත් වෙලා තියෙනවා.

    ඒ යන අතරතුර මාර්ගයේ එසේ මියගිය ගොඩක්‌ අයගේ මළ සිරුරු දැකගන්නට පුළුවන්, ඔක්‌සිජන් අඩුකම හා අධික ශීතල හා හිම නිසා ඒ මළ සිරුරු නරක්‌ නොවී එලෙසම තිබෙනවා, මේ මළ සිරුරු දැක්‌කහම ගොඩක්‌ වෙලාවට හිත ගැස්‌සෙනවා, ඒත් මම ඒ සියල්ල දරා ගෙන එවරස්‌ට්‌ මුදුනටම ගියා...... යොහාන් පැවසීය.

    ජෝර්ඡ් මලර් සහ අර්වින් 1924 දී එවරස්‌ට්‌ කඳු මුදුන මුලින්ම ස්‌පර්ශ කළා යෑයි සැලකේ. නමුත් ඉහළට නැංගමුත් ඔවුන්ට කඳු මුදුනින් යළිත් පහළට බැස ගන්නට නොහැකිවී තිබේ.

    මීටර් 8844 ක්‌ උස එවරස්‌ට්‌ කන්දේ උතුරු භාගයේ මීටර 8155 ක උසින් මලර්ගේ මෘත ශරීරය 1999 දී සොයාගනු ලැබීය. එඩ්මන් හිලරි සහ ටෙන්සින් නෝර්ගේ සහ එඩ්මන් හිලර් විසින් 1953 දී එවරස්‌ට්‌ තරණය කරන ලදී. ටෙන්සින් නෝර්ගේ යනු නේපාල ජාතික සහායකයෙකි. චීන දිශාවේ ටිබෙටය ඔස්‌සේ තරණය කළ වැන්ග් ෆෝෂෝ 1960 දී එවරස්‌ට්‌ තරණය කළේය.

    යොහාන් පීරිස්‌ ජුනි පළමු වැනිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ එවරස්‌ට්‌ තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා යන වීර නාමයද සමගය.



     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    එවරස්‌ට්‌ කන්ද තරණයට අති විශාල මුදලක්‌ වැය වන ක්‍රියාවලියකි. යොහාන්ට මෙවර ඒ සඳහා රුපියල් ලක්‌ෂ 80 ක්‌ වැයවී තිබිණි.

    ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා ගැනීම අවශ්‍ය විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පළමු අනුග්‍රාහකයා බවට ද පත්විය. ඊට අමතරව ශ්‍රී ලංකිකයන් රැසක්‌ ඔහුට හැකි පමණින් දායකත්වය ලබා දුන්හ. ප්‍රධාන පෙළේ සමාගම් දෙකක්‌ ඒ සඳහා විශාල දායකත්වයක්‌ ලබා දුන් අතර ඉතිරි මුදල් තමා විසින්ම සපයා ගත් බව යොහාන් පැවසීය.

    මෙම ගවේෂණයේ වියදම සඳහා IMG හී ප්‍රවර්ධන සහාය, ෂර්පා සහ මඟපෙන්වීම් සහාය, සියලුම කඳු නැගීමේ බලපත්‍ර ගාස්‌තු, ගවේෂණය සඳහා ආහාර පාන සහ නවාතැන් පහසුකම්, භාණ්‌ඩ ගෙනයැමේ ගාස්‌තු, සන්නිවේදන පහසුකම්, ඔක්‌සිජන්, රක්‌ෂණාවරණය සහ හෙලිකොප්ටර් මගින් සිදුකරන මුදා ගැනීම් සේවාව මෙන්ම එවරස්‌ට්‌ කන්දේ පිහිටුවා ඇති කඳවුරේ IMG වෛද්‍ය සායනය සඳහා මෙම මුදල වැය වී තිබේ.



    Everest naginna patta wiyadamak yanawa.....
    Danna aya wiyadama wistara danna..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කෝ සමිට් එකට ගිහින් නැ වගේනේ මගටද මන්ද ගිහින් තියෙන්නේ