Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේම්ස් බොන්ඩ්ව නිර්මාණය කළ ඉයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේම්ස් බොන්ඩ්ව නිර්මාණය කළ ඉයන්

අද දක්වා අතිශයින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට පදනම් වන චරිතය නිර්මාණය වුණේ, බ්‍රිතාන්‍ය ජාතික නාවික රහස් ඔත්තු නිලධාරියෙක් හා මාධ්‍යවේදියෙක් වූ ඉයන් ෆ්ලෙමින් අතින්.

මුල් කාලීන ජීවිතය

ඉයන් ෆ්ලෙමින් උපත ලබන්නේ 1908 වසරේ ස්කොට් මූලයක් සහිත වංශවත් හා ධනවත් පවුලක. කුඩා අවදියේම ඔහුට සිය පියා අහිමි වනවා. ඉන්පසු ඔහුගේ මව ඔහුව ඇතුළත් කරන්නේ ප්‍රධාන පෙළේ පාසලක් වන ඊට්න් විද්‍යාලයට. එසේ වුවත් අධ්‍යාපනයට එතරම් දක්ෂතාවක් නොදක්වන ෆ්ලෙමින් ඉන්පසු සිය මව විසින් යොමු කරන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් පුහුණු කරන සැන්ඩ්හර්ස්ට් විද්‍යාලයට. එහෙත් එහිදී ද කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීමට ෆ්ලෙමින් සමත් වන්නේ නැහැ. මේ හැරුනු විට ඔහු මියුනික් හා ජිනීවා විශ්ව විද්‍යාලවල විදේශීය භාෂාවන් ද හදාරනවා. මවගේ අරමුණ වන්නේ ඉයන්ව බ්‍රිතාන්‍ය විදේශ සේවයට ඇතුළත් කිරීම යි. කෙසේ වුවත් එය සාර්ථක වන්නේ නැහැ. එහෙත් මවගේ බලපෑම නිසාම රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙක් ලෙස කටයුතු කිරීමට ෆ්ලෙමින් හට අවස්ථාව ලැබෙනවා. මේ කාලයේ දී ජෝසෆ් ස්ටාලින්ගේ නායකත්වය යටතේ රුසියාවේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් පිරිසකට එරෙහිව, ඔත්තු බැලීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් වාර්තා කිරීමේ අවස්ථාව ඉයන්ට ලැබෙනවා.

රහස් ඔත්තු කටයුතුවලට සම්බන්ධ වීම හා පශ්චාත් යුද්ධ සමය

කමාන්ඩර් ඉයන් ෆ්ලෙමින්, නාවික ඔත්තු සේවා නිලධාරී (pinterest)

නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙන ඉයන් 1939 දී දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේදීම රාජකීය නාවික හමුදාවේ රහස් ඔත්තු අංශයේ ප්‍රධානි අද්මිරාල් ජෝන් ගොඩ්ෆ්‍රිගේ පුද්ගලික සහායකයා ලෙස පත්වීමක් ලබනවා. ඒ කමාන්ඩර් තනතුරට උසස් කිරීමෙන් පසුව යි. පසුකාලීනව ජේම්ස් බොන්ඩ් නවකතාවල රහස් ඔත්තු සේවා ප්‍රධානියා වන “එම්” ගේ චරිතයට පදනම් වන්නේ අද්මිරාල් ගොඩ්ෆ්‍රි බවයි පැවසෙන්නේ. රහස් ඔත්තු කටයුතු ගැන හොඳ අවබෝධයක් ඉයන් ලබාගන්නේ මේ අවදියේ. නට්සි ජර්මනියට විරුද්ධව විවිධ ඔත්තු සේවා මෙහෙයුම් කිහිපයක්ම ඉයන් ෆ්ලෙමින් සැලසුම් කරනවා. ප්රධානකොටම සතුරු පෙරමුණට පිටුපසින් විශේෂ බලකායන් යොදා සිදු කරන මෙහෙයුම් මෙලෙස සැලසුම් කිරීමට ඉයන් ෆ්ලෙමින් සම්බන්ධ වී සිටියා. යුද්ධ සමයේ රාජකාරී කටයුතු සඳහා එවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ජැමෙයිකා දිවයිනට පැමිණෙන ඉයන් ෆ්ලෙමින් එම රටට සිත් බැඳී, ස්ථිර පදිංචිය සඳහා ඉඩමක් ද මිලට ගැනීමට කටයුතු කරනවා.

1945 දී යුද්ධය අවසාන වීමත් සමඟ නාවික හමුදාවෙන් ඉවත් වන ඉයන් ෆ්ලෙමින් කෙම්ස්ලි නැමැති බ්‍රිතාන්‍ය පුවත්පත් සමාගමේ විදේශ කළමණාකරු ලෙස පත්වනවා. මේ වකවානුවේ තමන් සමඟ අනියම් සබඳතාවයක් නිසා එවකටත් ගැබ්ගෙන සිටි රොදර්මෙයර් ආර්යාව සමඟ විවාහ වන ඉයන් ෆ්ලෙමින් ජැමයිකාවේ තැනූ ගෝල්ඩ්න්අයි නම් තම නව නිවසේ පදිංචියට යනවා.

ඉයන් ෆ්ලෙමින් ජැමැයිකාවේදී source pinterest

ජේම්ස් බොන්ඩ් නිර්මාණය කිරීම

තම වෘත්තීමය රහස් ඔත්තු සේවා අත්දැකීම් ලේඛණගත කිරීමට ඉයන් ෆ්ලෙමින් තුළ කැමැත්තක් තිබු බව පැවසෙනවා. එළෙඹෙමින් තිබූ සිය විවාහය නිසා ඇතිව තිබූ පීඩනය මඟහරවා ගැනීම සඳහා ඔහු තම මුල්ම ජේම්ස් බොන්ඩ් කතාව රචනා කරන්නේ 1952 වසරේ. ඉයන් ෆ්ලෙමින් තුළ සැබවින්ම ඇති ගති ලක්ෂණ ගණනක්, එනම් සූදුවට ඇති ආශාව, අධික දුම්පානය හා මධ්‍යසාර භාවිතය, ස්ත්‍රී ධූර්තබව ආදිය මෙම ජේම්ස් බොන්ඩ් චරිතයට ආරෝපණය කරනවා. ඒ හැරුණු විට ජේම්ස් බොන්ඩ් ද නාවික හමුදාවේ කමාන්ඩර් නිලය දැරුවෙක්. කමාන්ඩෝ මෙහෙයුම්වලට සැබවින්ම සම්බන්ධව සිටි සිය ස්කොට් ජාතික මිතුරෙකු ද චරිත නිර්මාණය කිරීමේ දී යොදා ගත් බව පැවසෙනවා. ජේම්ස් බොන්ඩ් යන නම ඉයන් ණයට ගන්නේ පක්ෂීන් ගැන පොතක් ලීයූ ඇමරිකානු ජාතික පක්ෂි විශේෂඥයෙකුගේ නමින්.

පොත් පිටකවරයට යොදා ගත් ඉයන් ෆ්ලෙමින්ගේ ඡායාරූපය source Times Literary Supplement

ඒ වන විට නිරවි යුද්ධය (cold war) ආරම්භ වී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී පැවතුණා. ඉයන් ෆ්ලෙමින් සිය වීරයා ස්ථානගත කළේ සෝවියට් කඳවුරට එරෙහි මෙහෙයුම් සිදු කරන්නෙක් ලෙස යි. සැබවින්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නොතිබූ “ඝාතන සඳහා බලපත්‍රයක්” (license to kill) සහිත 007 කේතයෙන් හැඳින්වෙන ඒජන්තයෙක් ලෙස ජේම්ස් බොන්ඩ් හැඳින්වුණා. මුල්ම ජේම්ස් බොන්ඩ් නවකතාව Casino Royale ලෙස හැඳින්වූ අතර එය ප්‍රංශයේ මුහුදු බඩව තිබූ සූදුවට ප්‍රසිද්ධ මන:කල්පිත නගරයක දී, ප්‍රබල ප්‍රංශ වෘත්තීය සමිති නායකයෙක් වන සෝවියට් ඒජන්තයෙකුට එරෙහි මෙහෙයුමක් ගැන කියැවෙනවා. එය ඉක්මණින්ම ජනප්‍රිය වුණා. ඉන්පසු 1953 දී Live and Let Die හි ජේම්ස් බොන්ඩ් ඇමරිකාවේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කොටගත් කළු ජාතික සෝවියට් ඒජන්තයෙක් ලුහුබඳිනවා. මුල් කාලීන බොන්ඩ් නවකතාවල සෝවියට් ඒජන්තයන්, සැබෑ ජීවිතයේ දී ඒ වන විටත් අක්‍රීයව පැවතුනු, SMERSH නම් රහස් ඔත්තු සේවයට අයත් වූවන් බව හැඟවුණා. කෙසේ වුවත් 1961 දී නිකුත්වූ Thunderball නවකතාවේ සිට බොන්ඩ්ගේ ප්‍රධානතම සතුරන් වූයේ SPECTRE නම් අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධානය යි. 1953 සහ 1966 අතර ජේම්ස් බොන්ඩ් නවකතා 12ක් සහ කෙටිකතා එකතු 2ක් පළකිරීමට ඉයන් ෆ්ලෙමින්ට හැකි වුණා. අවසාන නවකතා දෙක පළවූයේ ඔහුගේ මරණයෙන් පසුව යි.

ජේම්ස් බොන්ඩ් නවකතාවල මුල් මුද්‍රණ කිහිපයක් source www. The Book Bond.com

ජේම්ස් බොන්ඩ් නවකතාවල මුල් මුද්‍රණ කිහිපයක් www. The Book Bond.com

කෙටිකතා එකතුවක් www. The Book Bond.com

අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත්වීම

ඉයන් ෆ්ලෙමින්, මුල් වරට තිරයේ ජේම්ස් බොන්ඩ් නිරූපණය කළ ෂෝන් කොනරි සමඟ www. reddit.com

Dr No 1962 දී මුලින්ම තිරයට නැගුනු බොන්ඩ් නවකතාව බවට පත්වූ අතර චිත්‍රපටවල ජනප්‍රියත්වය නිසා බොන්ඩ් චරිතය අන්තර්ජාතික කීර්තියට පත්වුණා. කෙසේ වුවත් මේ චිත්‍රපට වැඩි ගණනක් නවකතාව අනුවම නිර්මාණය වී නැහැ. ඉයන් ෆ්ලෙමින් මීට අමතරව තම කුඩා පුතු වෙනුවෙන් Chitty Chitty Bang Bang නම් ළමා නවකතාවක් ද, ලොව පුරා විවිධ නගර ගැන සංචාර ග්රන්ථයක් ද පළ කොට තිබෙනවා.

සිය අධික දුම්පානය හා මධ්‍යසාර භාවිතය නිසා ඉයන් ෆ්ලෙමින් හෘද රෝගවලින් පෙළුනා. 1961 දී හෘදයාබාධයකට මුහුණ දුන්නත් ඔහු සිය ජීවන රටාව වෙනස් කරගත්තේ ද නැහැ. එම නිසා 1964 අගෝස්තු 12 දින සිය පුතුගේ 12වැනි උපන් දිනය දවසේ ඔහු සදහටම දිවියෙන් සමුගත්තා. ඔහුගේ එකම පුතු වන කැස්පාර් ද ඉන් වසර 11කට පසු මරු වැළඳ ගන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. කෙසේ වුවත් ජේම්ස් බොන්ඩ් චරිතය නිසා ඉයන් ෆ්ලෙමින් නාමය අදටත් අමරණීයව පවතිනවා.

[QUOTE="Idias, post: 23494453, member: 556682"] [b]ජේම්ස් බොන්ඩ්ව නිර්මාණය කළ ඉයන්[/b] [SIZE=4]අද දක්වා අතිශයින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට පදනම් වන චරිතය නිර්මාණය වුණේ, බ්‍රිතාන්‍ය ජාතික නාවික රහස් ඔත්තු නිලධාරියෙක් හා මාධ්‍යවේදියෙක් වූ ඉයන් ෆ්ලෙමින් අතින්.[/SIZE] [I] [/I] [B][SIZE=4][B]මුල් කාලීන ජීවිතය[/B][/SIZE][/B] [SIZE=4]ඉයන් ෆ්ලෙමින් උපත ලබන්නේ 1908 වසරේ ස්කොට් මූලයක් සහිත වංශවත් හා ධනවත් පවුලක. කුඩා අවදියේම ඔහුට සිය පියා අහිමි වනවා. ඉන්පසු ඔහුගේ මව ඔහුව ඇතුළත් කරන්නේ ප්‍රධාන පෙළේ පාසලක් වන ඊට්න් විද්‍යාලයට. එසේ වුවත් අධ්‍යාපනයට එතරම් දක්ෂතාවක් නොදක්වන ෆ්ලෙමින් ඉන්පසු සිය මව විසින් යොමු කරන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරීන් පුහුණු කරන සැන්ඩ්හර්ස්ට් විද්‍යාලයට. එහෙත් එහිදී ද කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීමට ෆ්ලෙමින් සමත් වන්නේ නැහැ. මේ හැරුනු විට ඔහු මියුනික් හා ජිනීවා විශ්ව විද්‍යාලවල විදේශීය භාෂාවන් ද හදාරනවා. මවගේ අරමුණ වන්නේ ඉයන්ව බ්‍රිතාන්‍ය විදේශ සේවයට ඇතුළත් කිරීම යි. කෙසේ වුවත් එය සාර්ථක වන්නේ නැහැ. එහෙත් මවගේ බලපෑම නිසාම රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙක් ලෙස කටයුතු කිරීමට ෆ්ලෙමින් හට අවස්ථාව ලැබෙනවා. මේ කාලයේ දී ජෝසෆ් ස්ටාලින්ගේ නායකත්වය යටතේ රුසියාවේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් පිරිසකට එරෙහිව, ඔත්තු බැලීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් වාර්තා කිරීමේ අවස්ථාව ඉයන්ට ලැබෙනවා.[/SIZE] [B][SIZE=4][B]රහස් ඔත්තු කටයුතුවලට සම්බන්ධ වීම හා පශ්චාත් යුද්ධ සමය[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran1-534x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කමාන්ඩර් ඉයන් ෆ්ලෙමින්, නාවික ඔත්තු සේවා නිලධාරී (pinterest)[/SIZE] [SIZE=4]නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙන ඉයන් 1939 දී දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේදීම රාජකීය නාවික හමුදාවේ රහස් ඔත්තු අංශයේ ප්‍රධානි අද්මිරාල් ජෝන් ගොඩ්ෆ්‍රිගේ පුද්ගලික සහායකයා ලෙස පත්වීමක් ලබනවා. ඒ කමාන්ඩර් තනතුරට උසස් කිරීමෙන් පසුව යි. පසුකාලීනව ජේම්ස් බොන්ඩ් නවකතාවල රහස් ඔත්තු සේවා ප්‍රධානියා වන “එම්” ගේ චරිතයට පදනම් වන්නේ අද්මිරාල් ගොඩ්ෆ්‍රි බවයි පැවසෙන්නේ. රහස් ඔත්තු කටයුතු ගැන හොඳ අවබෝධයක් ඉයන් ලබාගන්නේ මේ අවදියේ. නට්සි ජර්මනියට විරුද්ධව විවිධ ඔත්තු සේවා මෙහෙයුම් කිහිපයක්ම ඉයන් ෆ්ලෙමින් සැලසුම් කරනවා. ප්රධානකොටම සතුරු පෙරමුණට පිටුපසින් විශේෂ බලකායන් යොදා සිදු කරන මෙහෙයුම් මෙලෙස සැලසුම් කිරීමට ඉයන් ෆ්ලෙමින් සම්බන්ධ වී සිටියා. යුද්ධ සමයේ රාජකාරී කටයුතු සඳහා එවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ජැමෙයිකා දිවයිනට පැමිණෙන ඉයන් ෆ්ලෙමින් එම රටට සිත් බැඳී, ස්ථිර පදිංචිය සඳහා ඉඩමක් ද මිලට ගැනීමට කටයුතු කරනවා.[/SIZE] [SIZE=4]1945 දී යුද්ධය අවසාන වීමත් සමඟ නාවික හමුදාවෙන් ඉවත් වන ඉයන් ෆ්ලෙමින් කෙම්ස්ලි නැමැති බ්‍රිතාන්‍ය පුවත්පත් සමාගමේ විදේශ කළමණාකරු ලෙස පත්වනවා. මේ වකවානුවේ තමන් සමඟ අනියම් සබඳතාවයක් නිසා එවකටත් ගැබ්ගෙන සිටි රොදර්මෙයර් ආර්යාව සමඟ විවාහ වන ඉයන් ෆ්ලෙමින් ජැමයිකාවේ තැනූ ගෝල්ඩ්න්අයි නම් තම නව නිවසේ පදිංචියට යනවා.[/SIZE] [I] [/I] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran2-680x463.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඉයන් ෆ්ලෙමින් ජැමැයිකාවේදී source pinterest[/SIZE] [B][SIZE=4][B]ජේම්ස් බොන්ඩ් නිර්මාණය කිරීම[/B][/SIZE][/B] [SIZE=4]තම වෘත්තීමය රහස් ඔත්තු සේවා අත්දැකීම් ලේඛණගත කිරීමට ඉයන් ෆ්ලෙමින් තුළ කැමැත්තක් තිබු බව පැවසෙනවා. එළෙඹෙමින් තිබූ සිය විවාහය නිසා ඇතිව තිබූ පීඩනය මඟහරවා ගැනීම සඳහා ඔහු තම මුල්ම ජේම්ස් බොන්ඩ් කතාව රචනා කරන්නේ 1952 වසරේ. ඉයන් ෆ්ලෙමින් තුළ සැබවින්ම ඇති ගති ලක්ෂණ ගණනක්, එනම් සූදුවට ඇති ආශාව, අධික දුම්පානය හා මධ්‍යසාර භාවිතය, ස්ත්‍රී ධූර්තබව ආදිය මෙම ජේම්ස් බොන්ඩ් චරිතයට ආරෝපණය කරනවා. ඒ හැරුණු විට ජේම්ස් බොන්ඩ් ද නාවික හමුදාවේ කමාන්ඩර් නිලය දැරුවෙක්. කමාන්ඩෝ මෙහෙයුම්වලට සැබවින්ම සම්බන්ධව සිටි සිය ස්කොට් ජාතික මිතුරෙකු ද චරිත නිර්මාණය කිරීමේ දී යොදා ගත් බව පැවසෙනවා. ජේම්ස් බොන්ඩ් යන නම ඉයන් ණයට ගන්නේ පක්ෂීන් ගැන පොතක් ලීයූ ඇමරිකානු ජාතික පක්ෂි විශේෂඥයෙකුගේ නමින්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran3.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]පොත් පිටකවරයට යොදා ගත් ඉයන් ෆ්ලෙමින්ගේ ඡායාරූපය source Times Literary Supplement[/SIZE] [SIZE=4]ඒ වන විට නිරවි යුද්ධය (cold war) ආරම්භ වී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී පැවතුණා. ඉයන් ෆ්ලෙමින් සිය වීරයා ස්ථානගත කළේ සෝවියට් කඳවුරට එරෙහි මෙහෙයුම් සිදු කරන්නෙක් ලෙස යි. සැබවින්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නොතිබූ “ඝාතන සඳහා බලපත්‍රයක්” (license to kill) සහිත 007 කේතයෙන් හැඳින්වෙන ඒජන්තයෙක් ලෙස ජේම්ස් බොන්ඩ් හැඳින්වුණා. මුල්ම ජේම්ස් බොන්ඩ් නවකතාව Casino Royale ලෙස හැඳින්වූ අතර එය ප්‍රංශයේ මුහුදු බඩව තිබූ සූදුවට ප්‍රසිද්ධ මන:කල්පිත නගරයක දී, ප්‍රබල ප්‍රංශ වෘත්තීය සමිති නායකයෙක් වන සෝවියට් ඒජන්තයෙකුට එරෙහි මෙහෙයුමක් ගැන කියැවෙනවා. එය ඉක්මණින්ම ජනප්‍රිය වුණා. ඉන්පසු 1953 දී Live and Let Die හි ජේම්ස් බොන්ඩ් ඇමරිකාවේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කොටගත් කළු ජාතික සෝවියට් ඒජන්තයෙක් ලුහුබඳිනවා. මුල් කාලීන බොන්ඩ් නවකතාවල සෝවියට් ඒජන්තයන්, සැබෑ ජීවිතයේ දී ඒ වන විටත් අක්‍රීයව පැවතුනු, SMERSH නම් රහස් ඔත්තු සේවයට අයත් වූවන් බව හැඟවුණා. කෙසේ වුවත් 1961 දී නිකුත්වූ Thunderball නවකතාවේ සිට බොන්ඩ්ගේ ප්‍රධානතම සතුරන් වූයේ SPECTRE නම් අන්තර්ජාතික ත්‍රස්තවාදී සංවිධානය යි. 1953 සහ 1966 අතර ජේම්ස් බොන්ඩ් නවකතා 12ක් සහ කෙටිකතා එකතු 2ක් පළකිරීමට ඉයන් ෆ්ලෙමින්ට හැකි වුණා. අවසාන නවකතා දෙක පළවූයේ ඔහුගේ මරණයෙන් පසුව යි.[/SIZE] [I] [/I] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran4-680x360.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජේම්ස් බොන්ඩ් නවකතාවල මුල් මුද්‍රණ කිහිපයක් source www. The Book Bond.com[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran5-680x362.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජේම්ස් බොන්ඩ් නවකතාවල මුල් මුද්‍රණ කිහිපයක් www. The Book Bond.com[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran6-680x544.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කෙටිකතා එකතුවක් www. The Book Bond.com[/SIZE] [B][SIZE=4][B]අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත්වීම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Ran7-680x563.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඉයන් ෆ්ලෙමින්, මුල් වරට තිරයේ ජේම්ස් බොන්ඩ් නිරූපණය කළ ෂෝන් කොනරි සමඟ www. reddit.com[/SIZE] [I] [/I] [SIZE=4]Dr No 1962 දී මුලින්ම තිරයට නැගුනු බොන්ඩ් නවකතාව බවට පත්වූ අතර චිත්‍රපටවල ජනප්‍රියත්වය නිසා බොන්ඩ් චරිතය අන්තර්ජාතික කීර්තියට පත්වුණා. කෙසේ වුවත් මේ චිත්‍රපට වැඩි ගණනක් නවකතාව අනුවම නිර්මාණය වී නැහැ. ඉයන් ෆ්ලෙමින් මීට අමතරව තම කුඩා පුතු වෙනුවෙන් Chitty Chitty Bang Bang නම් ළමා නවකතාවක් ද, ලොව පුරා විවිධ නගර ගැන සංචාර ග්රන්ථයක් ද පළ කොට තිබෙනවා.[/SIZE] [SIZE=4]සිය අධික දුම්පානය හා මධ්‍යසාර භාවිතය නිසා ඉයන් ෆ්ලෙමින් හෘද රෝගවලින් පෙළුනා. 1961 දී හෘදයාබාධයකට මුහුණ දුන්නත් ඔහු සිය ජීවන රටාව වෙනස් කරගත්තේ ද නැහැ. එම නිසා 1964 අගෝස්තු 12 දින සිය පුතුගේ 12වැනි උපන් දිනය දවසේ ඔහු සදහටම දිවියෙන් සමුගත්තා. ඔහුගේ එකම පුතු වන කැස්පාර් ද ඉන් වසර 11කට පසු මරු වැළඳ ගන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. කෙසේ වුවත් ජේම්ස් බොන්ඩ් චරිතය නිසා ඉයන් ෆ්ලෙමින් නාමය අදටත් අමරණීයව පවතිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom