Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේ.සී. රංගා රෝහල් ඇඳ උඩදී අත්අඩංගුවට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ ඔය ගැන හොඳ විස්තරයක්

නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදිරියේම නිරුවත් වන හැටි

19 ඔක්තෝබර්, 2019

දේශපාලන හයියෙන්ද පොලීසියේ සහායෙන්ද මාරක රිය අනතුරක් සැඟවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා පස්සෙන් වසර 8ක් තිස්සේම රිය සක මෙන් නීතිය හඹා ආවේය. සිවිල් සහ දේශපාලන බලය හමුවේ තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඔහු මේ කාලය පුරා වළකාගෙන සිටියත් නීතිපති දප්පුල ලිවේරාගෙන් නම් මෙවර ගැලවිල්ලක් නොවීය. ඒ රංගාව එම අපරාධයෙන් ගලවාගෙන ඔහුව ආරක්ෂා කළ පොලීසියේ ලොක්කන්ටද කනේ පහරක් ගසමිනි. චුදිතයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලීසියට නියෝග කළේ ඉකුත්දාය.

නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගන්නැයි කියන එම පොලිස් නිලධාරීන් අතර පොලීසියේ රථවාහන අංශය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නද, විශ්‍රාමික පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාද, හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ආර් සංජීවද ඇතුළු පොලිස් නිලධාරීහු හය දෙනෙක් සිටිති. ඒ අයට එල්ල වී ඇත්තේ රිය අනතුරක් වසන් කරමින් සැබෑ රියැදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කරමින් සාක්ෂි වසන් කර සැබෑ රියැදුරාට පලායෑමට ආධාර හා අනුබල දීමය.

ශ්‍රී රංගාටත් පොලිස් නිලධාරීන් හය දෙනකුටත් වසර 8කට පසු නීතිය ක්‍රියාත්මක වන එම මාරක රිය අනතුර සිදු වන්නේ 2011 මාර්තු 30 දාය. ඒ සෙට්ටිකුලම රෝහල ආසන්නයේදීය. ඒ අනතුරින් මිය යන්නේ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු වූ ජයමිණි පුෂ්පකුමාර ය. ඔහු ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාය. අනතුර සිදු වන විට පුෂ්පකුමාර සිටින්නේ රියැදුරු අසුනට යාබද අසුනේය. රියැදුරු අසුනේ සිටින්නේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. අනතුරට මාස පහකට පෙර මන්ත්‍රී බලපත්‍රයෙන් මිල දී ගෙන තිබුණු ඒ ලෑන්ඩ් ක්රූශර් වර්ගයේ ජීප් රථය ඒ වන විටත් තිබුණේ ලියාපදිංචියෙන් තොරවය.

මේ නවීන පන්නයේ සුඛෝපභෝගී ජිප් රථය මිල දී ගත් දින සිටම ශ්‍රී රංගා මන්ත්‍රීවරයා විසින් මාර්ගයේ ධාවනය කර තිබුණේද ලියාපදිංචියකින් තොරවය. ඉහළම දේශපාලන අධිකාරිය සමඟ පැවති සම්බන්ධකම් නිසාම සිය ජිප් රථය ලියාපදිංචි කිරීමට පවා ඔහුට උනන්දුවක්ද නොවීය. රංගා මන්ත්‍රීවරයාගේ ජිප් රථයට පොලීසියෙන්ද බාධාවක් නොවීය.

කෙසේ වෙතත් අධික වේගය නිසා රංගා මන්ත්‍රීවරයාට එදා සිය ජිප් රථය පාලනය කරගත නොහැකි විය. පාලනයෙන් මිදුණු මෝටර් රථය නතර වන්නේ රෝහල් තාප්පයද බිඳ දමමින් පලුගසක ගැටී ය. එම අනතුරින් දැඩි හානි සිදු වන්නේ ජිප් රථයේ වම් පැත්තටය. රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පුෂ්ප කුමාර සිටියේ ඒ පැත්තේය. අනතුරින් බරපතළ තුවාල ලබා මරණයට පත්විය.

ස් පියාගන්නා විට ඉහළ දේශපාලන බලපෑමක් හමුවේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ රංගා මන්ත්‍රීවරයා වෙනුවට වෙනත් අයකු රියැදුරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්නය. ඒ වෙනුවෙන් සෙට්ටිකුලම පොලීසියේ පොත්පත් වෙනස් විය. එකල සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ හොරොව්පොතාන පොලීසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති ආර්. සංජීවය. සෙට්ටිකුලම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාව සිටියේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාය. වව්නියාව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියේ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටියදී පොලිස් සේවයෙන් විශ්‍රාමගත් අමරසිරි සේනාරත්නය. ඉහළ උපදෙස් මත මේ අය එක්ව තමාගේම සගයකු මරණයට පත් කළ රිය අනතුර එහෙම්පිටින්ම කණපිට හැරෙව්වේය. ඒ මියගිය සැරයන්වරයාට අනතුරේ සියලු පවු පටවමිනි.

එම අනතුර සිදුවන්නේ එවකට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ශ්‍රී රංගා මුරන්කන්හි පිහිටි සිය නිවෙසට යමින් සිටියදීය.

ඔහු බේරාගැනීමේ කටයුත්ත සිදු වන්නේ පොලිස් ලොක්කන්ගේ මැදිහත් වීම මත සිදු වන තිර පටපතක් අනුවය.

සෙට්ටිකුලම රෝහල් තාප්පයේ හැපී පලු ගසක වැදී නවතින සුඛෝපභෝගී ලෑන්ඩ් ක්රූශර් රථය කළ මාරක අනතුර සම්බන්ධව පොලීසිය ගොඩනැඟූ ප්‍රබන්ධයට අනුව අනතුර සිදු වන විට ජිප් රථයේ රියැදුරු අසුනේ සිටින්නේ සැරයන් පුෂ්පකුමාරය. අනතුරින් ඔහු මිය යන විට රථයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාත්, ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් උපාලි රණසිංහත්, රථයේ රියැදුරා ලෙස ඉදිරිපත් කළ වල්පොල රාළලාගේ පද්මලාලුත් තුවාල ලැබීය. ඒ බරපතළ ලෙස නොව, සුළු තුවාලයි.

මේ ප්‍රබන්ධය ගෙතෙන්නේ යැයි කියැවෙන්නේ වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලය තුළදීය. ඒ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයකුද පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවාගෙනය. ඊට නෛතික පිළිගැනීමක් දෙන්නේ සැරයන්වරයා මඟින් අධිකරණයට බී-වාර්තාවක් මඟින් කරුණු වාර්තා කරමිනි. ඒ සඳහා සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සන පවා යොදා තිබුණි. ඒ අස්සන ගැනත් ඇත්තේ මතභේදයකි. ඒ එය සැරයන්වරයා විසින් හොරට ගසා ඇති බවටය.

ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බේරාගැනීම වෙනුවෙන් පොලීසිය තවත් බොහෝ දේ එදා කළේය. ඔවුන්ගේ මේ ප්‍රබන්ධය තවදුරටත් සනාථ කරන්නට අනතුර ඇසින් දුටුවේයැයි කියන සාක්ෂිකරුවෝ දෙදෙනෙක්ද ඉදිරිපත් කෙරුණහ. ඒ එක් අයෙක් වන්නේ සෙට්ටිකුලමේ මැණික් ෆාම්හි පදිංචිකරුවකු වන රාජරත්නම්ය. අනෙක් තැනැත්තා සෙට්ටිකුලමේ මොහොත්තම් කුලම්හි පදිංචිකරුවකු වන මුරුගේසුය. ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස මේ අය අධිකරණයට ඉදිරිපත් කරන්න පවා පොලීසිය වග බලාගත්තේය. එහිදී ජිප් රථය අනතුරට පත් වූ බවට ඇසින් දුටු සාක්ෂි පමණක් ඔවුන්ගෙන් ලබාගැනීමට පොලීසිය සූක්ෂ්ම විය. අනතුර සිදු වන විට රථය පදවන ලද්දේ කවුරුන්දැයි කියා එහිදී වැරදීමකින් වත් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්න නම් ගියේ නැත.

පොලිස් ප්‍රබන්ධයට අනුව මේ අනතුරේ තුන්වැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත් කරන්නේ අනතුර සිදු වන විට ජීප් රථයේ සිටියේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් රණසිංහය. ඔහු සාක්ෂි දෙන්නේ තමන් ජීප් රථයේ පිටුපස දකුණු පැත්තේත් රියැදුරු පද්මලාල් පිටුපස වම් අසුනේත් ගමන් කළ බවය. මන්ත්‍රී ශ්‍රී රංගා ගමන් කළේයැයි කියන්නේ ඉදිරිපස වම් පැත්තේය. අනතුර සිදු වන විට වාහනය පැදවූයේ සැරයන් පුෂ්පලාල් බවද රණසිංහ සාක්ෂි දෙමින් කීවේය.

මේ සියලු ප්‍රබන්ධ ගොතන්නට වව්නියාවේ පොලිස් ලොක්කන්ට සිදු වන්නේ ඉහළම පොලිස් ලොක්කකුගෙන් ලද උපදෙස්වලට අනුවය.

ඒ අනුව වව්නියාවේ පොලිස් ප්‍රධානියා ලෙස එවකට සේවයේ නිරතව සිටි අමරසිරි සේනාරත්න මහතා වව්නියාවේ සිට සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ගොස් පොලිස් පොතේ සටහනක් තබන්නේ 30 වැනිදා අනතුර වූ ස්ථානය තමාගේ නිරීක්ෂණට ලක් වුණු බවටය. අනතුර සිදු වන විට වාහනය පදවා ඇත්තේ පුෂ්පකුමාර වුවත් අනතුර වන අවස්ථාවේ රියැදුරාද වාහනයේ ගමන් කරමින් සිටි බැවින් ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි බවය. නුවරඑළියේ සිට මැදවච්චිය දක්වා ජීප් රථය පදවාගෙන ආවේ තමා බවත්, සැරයන් පුෂ්පකුමාර වාහනය පදවන්නට වූයේ මැදවච්චියේ සිට බවත් එහිදී පද්මලාල් පැවසූ බවට සටහනක්ද තැබෙන්නේ පුෂ්පකුමාර වාහනය පදවන ලද බවට වූ ප්‍රබන්ධය වඩාත් ශක්තිමත් කරවමිනි.

එහෙත් සැබෑ ලෙසම ජීප් රථය පදවන්නේ සැරයන් පුෂ්පකුමාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. වාහනයේ රියැදුරා යැයි කියමින් ඉදිරිපත් වූ පද්මලාල් නමැත්තා ඒ අවස්ථාවේ ජීප් රථයේ තබා ඒ පැත්ත පළාතකවත් සිට නැත. පුෂ්පකුමාරගේ මරණ පරීක්ෂණය අනුරාධපුර හදිසි මරණ පරීක්ෂක එච්එම් කුලසේකර ඉදිරියේ 2011 අප්‍රේල් 01 වැනිදා පැවැත්වෙන විටදී සාක්ෂි දෙන සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ එවකට සේවයේ නිරතව සිටි කොස්තාපල් අමිල ප්‍රභාත්ගේ සාක්ෂියකින් පවා සනාථ වන්නේ එදා අනතුර වූ අවස්ථාවේ වාහනය පදවා ඇත්තේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවය.

කොස්තාපල් අමිලගේ සාක්ෂියට අනුව එදා ඔහු සිට ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා සෙට්ටිකුලම නගරයට ගොසිනි. අනතුර සිදු වන විට ඔහු රැඳී සිටින්නේ රෝහල අසල ඇති කඩයකට ගොඩ වී තේ පානය කරමිණි. තේ කඩෙන් පිටතට ඔහු දිව එන්නේ ජීප් රථය රෝහල් තාප්පයේ ගැටෙන හඬින් තැතිගෙනය. ඔහු දකින්නේ වාහනයේ රැඳී සිටි තිදෙනකු පමණි. අමිල ඇතුළු පිරිසක් මැදිහත් වී වාහනයේ සිර වී සිටි තිදෙනා පිටතට ගන්නේ යකඩ ඉනි දමා අගුළු කඩාය.

අනුරාධපුරයේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කොස්තාපල් අමිල පැවසුවේ ඒ දේවල් පමණක් නොව, මිය ගිය සැරයන්වරයා වාහනයේ රැඳී සිටියේ ඉදිරිපස වම් අසුනේ බවය. පොලිස් ලොක්කන්ට මකා දමන්න බැරි වූයේ අමිලගේ මේ සාක්ෂිය පමණි. මේ බව දැනගත් සැරයන් පුෂ්පකුමාරගේ බිරිය චාන්දනී රම්‍යලතා එදා සිටම සිය සැමියාගේ මරණයට සාධාරණයක් ඉල්ලා නොගිය තැනක් නැති තරම්ය. එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය ඇයව මඟහැරියේය. ඒ, සියල්ල සිදු වූයේ ඔහුගේ අනුදැනුම මත වූ බැවිනි. බාලසූරියගෙන් පසු පොලිස්පති ධුරයට පත්වන එන්.කේ. ඉලංගකෝන්ගෙන්ද ඇය සාධාරණය ඉල්ලන්නට වූවාය. ඉලංගකොන්ට හිසරදයක් බවට පත් වන තුරුම ඇය පොලිස් මූලස්ථානයට බඩගෑවාය. සිය සැමියාට සාධාරණයක් ඉල්ලා ඇය බලධාරීන්ට යොමු කළ ලිපි වසර ගණනාවක්ම පැවැතියේ අතින් අත යමිනි.

සැරයන් පුෂ්පකුමාරට සාධාරණයක් ඉටු වීමට මුල පිරෙන්නේ 2016 වසරේ ජනවාරියේය. ඒ, එවකට වව්නියාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි බස්නාහිර දකුණු දිසාවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා අතට සැරයන් පුෂ්පකුමාරගේ බිරියගේ දුග් ගැනවිල්ල පත් වීමත් සමගය.

වසර පහකට පෙර සිදු වූ ඒ රිය අනතුර ගැන නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එදා විමර්ශන ආරම්භ වන්නේද අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කරමිනි. මේ විමර්ශනයේදී පැහැදිලිවම සාක්ෂි සහිතව හෙළි වන්නේ අනතුර සිදු වන විට ජීප් රථය පදවන්නේ ශ්‍රී රංගා බවය. අනතුරින් පසු ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ කම්පනයට ප්‍රතිකාර ගැනීමට මිස, සීරීම් තුවාලයක්වත් ඔහුට සිදුව තිබී නැත. අනතුර ගැන සෙට්ටිකුලම පොලීසියේ නිලධාරීන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගෙන් හරස් ප්‍රශ්න නඟන විට ඔහු කෝප වී පොලිස් නිලධාරීන්ට බැන වැදුණු බව පවා විමර්ශනවලින් හෙළි වූයේය. අඩුම තරමින් අනතුර ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා පොලිස් නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. ප්‍රශ්න කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු දී ඇති පිළිතුර වී ඇත්තේ එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරියගෙන් ඇසිය යුතු ප්‍රශ්න අසන ලෙසටය.

[QUOTE="1sam, post: 28701001, member: 557062"] [SIZE=6]මේ තියෙන්නේ ඔය ගැන හොඳ විස්තරයක්[/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2]නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදිරියේම නිරුවත් වන හැටි [/HEADING] 19 ඔක්තෝබර්, 2019 [B]දේ[/B]ශපාලන හයියෙන්ද පොලීසියේ සහායෙන්ද මාරක රිය අනතුරක් සැඟවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා පස්සෙන් වසර 8ක් තිස්සේම රිය සක මෙන් නීතිය හඹා ආවේය. සිවිල් සහ දේශපාලන බලය හමුවේ තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඔහු මේ කාලය පුරා වළකාගෙන සිටියත් නීතිපති දප්පුල ලිවේරාගෙන් නම් මෙවර ගැලවිල්ලක් නොවීය. ඒ රංගාව එම අපරාධයෙන් ගලවාගෙන ඔහුව ආරක්ෂා කළ පොලීසියේ ලොක්කන්ටද කනේ පහරක් ගසමිනි. චුදිතයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලීසියට නියෝග කළේ ඉකුත්දාය. නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගන්නැයි කියන එම පොලිස් නිලධාරීන් අතර පොලීසියේ රථවාහන අංශය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නද, විශ්‍රාමික පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාද, හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ආර් සංජීවද ඇතුළු පොලිස් නිලධාරීහු හය දෙනෙක් සිටිති. ඒ අයට එල්ල වී ඇත්තේ රිය අනතුරක් වසන් කරමින් සැබෑ රියැදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කරමින් සාක්ෂි වසන් කර සැබෑ රියැදුරාට පලායෑමට ආධාර හා අනුබල දීමය. ශ්‍රී රංගාටත් පොලිස් නිලධාරීන් හය දෙනකුටත් වසර 8කට පසු නීතිය ක්‍රියාත්මක වන එම මාරක රිය අනතුර සිදු වන්නේ 2011 මාර්තු 30 දාය. ඒ සෙට්ටිකුලම රෝහල ආසන්නයේදීය. ඒ අනතුරින් මිය යන්නේ ඇමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයකු වූ ජයමිණි පුෂ්පකුමාර ය. ඔහු ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාය. අනතුර සිදු වන විට පුෂ්පකුමාර සිටින්නේ රියැදුරු අසුනට යාබද අසුනේය. රියැදුරු අසුනේ සිටින්නේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. අනතුරට මාස පහකට පෙර මන්ත්‍රී බලපත්‍රයෙන් මිල දී ගෙන තිබුණු ඒ ලෑන්ඩ් ක්රූශර් වර්ගයේ ජීප් රථය ඒ වන විටත් තිබුණේ ලියාපදිංචියෙන් තොරවය. මේ නවීන පන්නයේ සුඛෝපභෝගී ජිප් රථය මිල දී ගත් දින සිටම ශ්‍රී රංගා මන්ත්‍රීවරයා විසින් මාර්ගයේ ධාවනය කර තිබුණේද ලියාපදිංචියකින් තොරවය. ඉහළම දේශපාලන අධිකාරිය සමඟ පැවති සම්බන්ධකම් නිසාම සිය ජිප් රථය ලියාපදිංචි කිරීමට පවා ඔහුට උනන්දුවක්ද නොවීය. රංගා මන්ත්‍රීවරයාගේ ජිප් රථයට පොලීසියෙන්ද බාධාවක් නොවීය. කෙසේ වෙතත් අධික වේගය නිසා රංගා මන්ත්‍රීවරයාට එදා සිය ජිප් රථය පාලනය කරගත නොහැකි විය. පාලනයෙන් මිදුණු මෝටර් රථය නතර වන්නේ රෝහල් තාප්පයද බිඳ දමමින් පලුගසක ගැටී ය. එම අනතුරින් දැඩි හානි සිදු වන්නේ ජිප් රථයේ වම් පැත්තටය. රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පුෂ්ප කුමාර සිටියේ ඒ පැත්තේය. අනතුරින් බරපතළ තුවාල ලබා මරණයට පත්විය. ස් පියාගන්නා විට ඉහළ දේශපාලන බලපෑමක් හමුවේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ රංගා මන්ත්‍රීවරයා වෙනුවට වෙනත් අයකු රියැදුරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන්නය. ඒ වෙනුවෙන් සෙට්ටිකුලම පොලීසියේ පොත්පත් වෙනස් විය. එකල සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ හොරොව්පොතාන පොලීසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති ආර්. සංජීවය. සෙට්ටිකුලම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාව සිටියේ මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාය. වව්නියාව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියේ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටියදී පොලිස් සේවයෙන් විශ්‍රාමගත් අමරසිරි සේනාරත්නය. ඉහළ උපදෙස් මත මේ අය එක්ව තමාගේම සගයකු මරණයට පත් කළ රිය අනතුර එහෙම්පිටින්ම කණපිට හැරෙව්වේය. ඒ මියගිය සැරයන්වරයාට අනතුරේ සියලු පවු පටවමිනි. එම අනතුර සිදුවන්නේ එවකට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි ශ්‍රී රංගා මුරන්කන්හි පිහිටි සිය නිවෙසට යමින් සිටියදීය. ඔහු බේරාගැනීමේ කටයුත්ත සිදු වන්නේ පොලිස් ලොක්කන්ගේ මැදිහත් වීම මත සිදු වන තිර පටපතක් අනුවය. සෙට්ටිකුලම රෝහල් තාප්පයේ හැපී පලු ගසක වැදී නවතින සුඛෝපභෝගී ලෑන්ඩ් ක්රූශර් රථය කළ මාරක අනතුර සම්බන්ධව පොලීසිය ගොඩනැඟූ ප්‍රබන්ධයට අනුව අනතුර සිදු වන විට ජිප් රථයේ රියැදුරු අසුනේ සිටින්නේ සැරයන් පුෂ්පකුමාරය. අනතුරින් ඔහු මිය යන විට රථයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාත්, ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් උපාලි රණසිංහත්, රථයේ රියැදුරා ලෙස ඉදිරිපත් කළ වල්පොල රාළලාගේ පද්මලාලුත් තුවාල ලැබීය. ඒ බරපතළ ලෙස නොව, සුළු තුවාලයි. මේ ප්‍රබන්ධය ගෙතෙන්නේ යැයි කියැවෙන්නේ වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලය තුළදීය. ඒ සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයකුද පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවාගෙනය. ඊට නෛතික පිළිගැනීමක් දෙන්නේ සැරයන්වරයා මඟින් අධිකරණයට බී-වාර්තාවක් මඟින් කරුණු වාර්තා කරමිනි. ඒ සඳහා සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සන පවා යොදා තිබුණි. ඒ අස්සන ගැනත් ඇත්තේ මතභේදයකි. ඒ එය සැරයන්වරයා විසින් හොරට ගසා ඇති බවටය. ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බේරාගැනීම වෙනුවෙන් පොලීසිය තවත් බොහෝ දේ එදා කළේය. ඔවුන්ගේ මේ ප්‍රබන්ධය තවදුරටත් සනාථ කරන්නට අනතුර ඇසින් දුටුවේයැයි කියන සාක්ෂිකරුවෝ දෙදෙනෙක්ද ඉදිරිපත් කෙරුණහ. ඒ එක් අයෙක් වන්නේ සෙට්ටිකුලමේ මැණික් ෆාම්හි පදිංචිකරුවකු වන රාජරත්නම්ය. අනෙක් තැනැත්තා සෙට්ටිකුලමේ මොහොත්තම් කුලම්හි පදිංචිකරුවකු වන මුරුගේසුය. ස්වාධීන සාක්ෂිකරුවන් ලෙස මේ අය අධිකරණයට ඉදිරිපත් කරන්න පවා පොලීසිය වග බලාගත්තේය. එහිදී ජිප් රථය අනතුරට පත් වූ බවට ඇසින් දුටු සාක්ෂි පමණක් ඔවුන්ගෙන් ලබාගැනීමට පොලීසිය සූක්ෂ්ම විය. අනතුර සිදු වන විට රථය පදවන ලද්දේ කවුරුන්දැයි කියා එහිදී වැරදීමකින් වත් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්න නම් ගියේ නැත. පොලිස් ප්‍රබන්ධයට අනුව මේ අනතුරේ තුන්වැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත් කරන්නේ අනතුර සිදු වන විට ජීප් රථයේ සිටියේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ කොස්තාපල් රණසිංහය. ඔහු සාක්ෂි දෙන්නේ තමන් ජීප් රථයේ පිටුපස දකුණු පැත්තේත් රියැදුරු පද්මලාල් පිටුපස වම් අසුනේත් ගමන් කළ බවය. මන්ත්‍රී ශ්‍රී රංගා ගමන් කළේයැයි කියන්නේ ඉදිරිපස වම් පැත්තේය. අනතුර සිදු වන විට වාහනය පැදවූයේ සැරයන් පුෂ්පලාල් බවද රණසිංහ සාක්ෂි දෙමින් කීවේය. මේ සියලු ප්‍රබන්ධ ගොතන්නට වව්නියාවේ පොලිස් ලොක්කන්ට සිදු වන්නේ ඉහළම පොලිස් ලොක්කකුගෙන් ලද උපදෙස්වලට අනුවය. ඒ අනුව වව්නියාවේ පොලිස් ප්‍රධානියා ලෙස එවකට සේවයේ නිරතව සිටි අමරසිරි සේනාරත්න මහතා වව්නියාවේ සිට සෙට්ටිකුලම පොලිස් ස්ථානයට ගොස් පොලිස් පොතේ සටහනක් තබන්නේ 30 වැනිදා අනතුර වූ ස්ථානය තමාගේ නිරීක්ෂණට ලක් වුණු බවටය. අනතුර සිදු වන විට වාහනය පදවා ඇත්තේ පුෂ්පකුමාර වුවත් අනතුර වන අවස්ථාවේ රියැදුරාද වාහනයේ ගමන් කරමින් සිටි බැවින් ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි බවය. නුවරඑළියේ සිට මැදවච්චිය දක්වා ජීප් රථය පදවාගෙන ආවේ තමා බවත්, සැරයන් පුෂ්පකුමාර වාහනය පදවන්නට වූයේ මැදවච්චියේ සිට බවත් එහිදී පද්මලාල් පැවසූ බවට සටහනක්ද තැබෙන්නේ පුෂ්පකුමාර වාහනය පදවන ලද බවට වූ ප්‍රබන්ධය වඩාත් ශක්තිමත් කරවමිනි. එහෙත් සැබෑ ලෙසම ජීප් රථය පදවන්නේ සැරයන් පුෂ්පකුමාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රීවරයාය. වාහනයේ රියැදුරා යැයි කියමින් ඉදිරිපත් වූ පද්මලාල් නමැත්තා ඒ අවස්ථාවේ ජීප් රථයේ තබා ඒ පැත්ත පළාතකවත් සිට නැත. පුෂ්පකුමාරගේ මරණ පරීක්ෂණය අනුරාධපුර හදිසි මරණ පරීක්ෂක එච්එම් කුලසේකර ඉදිරියේ 2011 අප්‍රේල් 01 වැනිදා පැවැත්වෙන විටදී සාක්ෂි දෙන සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ එවකට සේවයේ නිරතව සිටි කොස්තාපල් අමිල ප්‍රභාත්ගේ සාක්ෂියකින් පවා සනාථ වන්නේ එදා අනතුර වූ අවස්ථාවේ වාහනය පදවා ඇත්තේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවය. කොස්තාපල් අමිලගේ සාක්ෂියට අනුව එදා ඔහු සිට ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා සෙට්ටිකුලම නගරයට ගොසිනි. අනතුර සිදු වන විට ඔහු රැඳී සිටින්නේ රෝහල අසල ඇති කඩයකට ගොඩ වී තේ පානය කරමිණි. තේ කඩෙන් පිටතට ඔහු දිව එන්නේ ජීප් රථය රෝහල් තාප්පයේ ගැටෙන හඬින් තැතිගෙනය. ඔහු දකින්නේ වාහනයේ රැඳී සිටි තිදෙනකු පමණි. අමිල ඇතුළු පිරිසක් මැදිහත් වී වාහනයේ සිර වී සිටි තිදෙනා පිටතට ගන්නේ යකඩ ඉනි දමා අගුළු කඩාය. අනුරාධපුරයේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කොස්තාපල් අමිල පැවසුවේ ඒ දේවල් පමණක් නොව, මිය ගිය සැරයන්වරයා වාහනයේ රැඳී සිටියේ ඉදිරිපස වම් අසුනේ බවය. පොලිස් ලොක්කන්ට මකා දමන්න බැරි වූයේ අමිලගේ මේ සාක්ෂිය පමණි. මේ බව දැනගත් සැරයන් පුෂ්පකුමාරගේ බිරිය චාන්දනී රම්‍යලතා එදා සිටම සිය සැමියාගේ මරණයට සාධාරණයක් ඉල්ලා නොගිය තැනක් නැති තරම්ය. එවකට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය ඇයව මඟහැරියේය. ඒ, සියල්ල සිදු වූයේ ඔහුගේ අනුදැනුම මත වූ බැවිනි. බාලසූරියගෙන් පසු පොලිස්පති ධුරයට පත්වන එන්.කේ. ඉලංගකෝන්ගෙන්ද ඇය සාධාරණය ඉල්ලන්නට වූවාය. ඉලංගකොන්ට හිසරදයක් බවට පත් වන තුරුම ඇය පොලිස් මූලස්ථානයට බඩගෑවාය. සිය සැමියාට සාධාරණයක් ඉල්ලා ඇය බලධාරීන්ට යොමු කළ ලිපි වසර ගණනාවක්ම පැවැතියේ අතින් අත යමිනි. සැරයන් පුෂ්පකුමාරට සාධාරණයක් ඉටු වීමට මුල පිරෙන්නේ 2016 වසරේ ජනවාරියේය. ඒ, එවකට වව්නියාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි බස්නාහිර දකුණු දිසාවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා අතට සැරයන් පුෂ්පකුමාරගේ බිරියගේ දුග් ගැනවිල්ල පත් වීමත් සමගය. වසර පහකට පෙර සිදු වූ ඒ රිය අනතුර ගැන නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එදා විමර්ශන ආරම්භ වන්නේද අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කරමිනි. මේ විමර්ශනයේදී පැහැදිලිවම සාක්ෂි සහිතව හෙළි වන්නේ අනතුර සිදු වන විට ජීප් රථය පදවන්නේ ශ්‍රී රංගා බවය. අනතුරින් පසු ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ කම්පනයට ප්‍රතිකාර ගැනීමට මිස, සීරීම් තුවාලයක්වත් ඔහුට සිදුව තිබී නැත. අනතුර ගැන සෙට්ටිකුලම පොලීසියේ නිලධාරීන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගෙන් හරස් ප්‍රශ්න නඟන විට ඔහු කෝප වී පොලිස් නිලධාරීන්ට බැන වැදුණු බව පවා විමර්ශනවලින් හෙළි වූයේය. අඩුම තරමින් අනතුර ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා පොලිස් නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. ප්‍රශ්න කරන්නට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු දී ඇති පිළිතුර වී ඇත්තේ එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරියගෙන් ඇසිය යුතු ප්‍රශ්න අසන ලෙසටය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom