Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මුළා කරන දිනපතා ලග්න පලාපල

ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය කේමන් කුලසිරි

දිනපතා ඔබේ ලග්නයට අනුව පවතින පලාපල රසවත් කර ලස්සනට හැඩ දමා ජෝතිෂ්‍ය විෂයට මහා සම්මාන ලාභී ඉතා සුපතල වියතුන් යයි නම් දරා ඇති පිරිස පුවත් පත් වල ,රුපවාහිනී නාලිකා වල හා ගුවන්විදුලි සේවාවන් තුළ ලග්න 12 ට වෙන වෙනම විස්තරාත්මකව පලාපල ඉදිරිපත් කරයි.

මෙසේ පලාපල පළ කරන්නේ එදිනෙදා සඳු ග්‍රහයාගේ ගමන මුල් කරගෙනයි.කෙනෙකු උපදින මොහොතේ සඳු ග්‍රහයා එක් එක් පුද්ගලයාගේ හඳහන් වල විවිධ අයුරින් එනම් මිත්‍රව,සමව,නිචව,මුල ත්‍රිකෝණව,සතුරුව හෝ උච්චව සිටිය හැකිය.එසේම මෙලොව උපදින සියලු දෙනාම උපදින්නේ පෙර කරන ලද කුසල් හා අකුසල් වල තිබෙන පල විපාකයන්ට සාපේක්ෂව ඇති ග්‍රහ බල දුබලතා අනුවයි.එම නිසා එක් එක් පුද්ගලයට විවිධ අයුරින් පල විපාක අත් වන්නේය.ඒ හේතුවෙන් කිසිම විටක එක හා සමාන බලපෑම් වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුට අත් වන්නේ නැත.

මෙලෙස උජාරුවට කියන ලියන ලග්න පලාපල ගැන මේ සත්‍ය මෙතෙක් කල් කිසිම උගතකු ජගතකු සමාජයට පෙන්වා දී නොමැත.මාගේ වසර 30 කට අසන්න ජෝතිෂ්‍ය විෂය පිළිබඳ පර්යේෂණ තුළින් ලද අත්දැකීම් වලින් පෙනී ගියේ මෙසේ පවසනා ලග්න පලාපල අසත්‍ය හා අසරණ මිනිසුන් මුළා කරන සිහින කතන්දර පමණක් වන බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහනය සාමාන්‍ය ලෙස කෝටි2 කට වැඩි ප්රමාණයකි.මේ සියලු දෙන මේෂ ,වෘෂභ ,මිථුන ,කටක ,සිංහ ,කන්‍යා, තුලා, යන ලග්න12 අයත් වන්නේය.මේ කෝටි2 වෙන් වෙන් වශයෙන් ලග්න12ට අනුව කොටස් 12 කට වෙන් කර ගනිමු.එම කොටස් 12න් මේෂ ලග්නයට අයත් සියලුම දෙනාට අදාලව එම පවසනා දවසේ ලග්න පලාපලය නිවැරදි වෙනවද ?උදාහරණයක් ලෙස මෙසේ පලාපල සදහන් කර තිබේ යැයි සිතමු , “මේෂ ලග්නයෙන් උපන් අයට අද දින ඉතාම යහපත් දිනයක් වන අතර බලාපොරොත්තු ඉටු වන හදිසි ධන ලාභ ලැබෙන විදේශ සංචාරයකට වාසනාව ලැබෙන නායකත්වය ලබන එහෙත් යටගිය රෝගයක් මතුවී කරදර සිදුවන දිනයක් වේවි.හදිසි අනතුරු වන්නටත් පුළුවන්.මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12 න් එක් කොටසකටම මේ ලග්න පලාපලය එකසේ ලැබෙනවද ?

මේෂ ලග්නයෙන් උපන් සමහර අය අද දිනයේ රෝගී වී රෝහලක ඇදක් මත සිටිනවා වියහැක , මේෂයෙන් උපන් තව පිරිසක් සිරගතවී හෝ සිරගත් වී මරණ දඬුවම් ලබා හෝ සිටිය හැක.එසේම මේෂ ලග්න තවත් කොටසක් දුගී දුප්පත්ව අසරණව හෝ සිගමන් යදිමින් සිටීමටද පුළුවන,එසේම මේෂයෙන් උපන් තවත් කෙනෙක් මහා ධනවතකුව බැබළෙමින් නායකයකු ලෙස සිටිනවා විය හැක.එසේම මේශයේ උපන් ඇතැමුන් කුඩා ළදරුවන් සේද ,තරුණ තරුණියන් සේද ,වැඩිමහල්ලන් හෝ මහලු අය සේ සිටිය හැක.එලෙසම මේෂ ලග්න කරුවන් ව ඉපද අඳ ගොළු බිහිරි අබ්බගත් ව අසරණව සිටින්නන්ද ඇත.ඉතින් මේ සියලුම දෙනාගේ ජිවන රටාවන් සමානද ?ඉහත කි දවසේ ලග්න පලාපලය මේ සියල්ලන්ටම එකසේ සත්‍ය වන්නේද ?බුද්ධිමත්ව සිතා බලන්න

එම නිසා ලග්නයට අනුව පලාපල රසවත්කර රුපවාහිනී ගුවන්විදුලි නාලිකාවල පැවසුවත් හැඩකර පුවත්පත් වල පළ කරත් ඒවා සත්‍ය යැයි පිළිගත හැක්කේද ?

මා හට ඇති ගැටලුව වන්නේ ලෝකයට යහපත කරනවායි කියාගන්න ,උගත් බුද්ධිමතුන් යැයි කියාගන්න පිරිස මේ යථාර්ථය ලෝකයට පෙන්වා නොදෙන්නේ ඇයි යන්නයි.එක්කෝ ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් නැතුව ඇති, නැත්නම් දැන දැනම අසරණ මිනිසුන් මුල කරනවා විය හැකි.

ජෝතිෂ්‍ය යනු විද්‍යාත්මක හා තර්කානුකුල වුද ඉතාම නිවැරදි වුද දිව්‍ය නෙත්රයක් බඳු විෂයකි.නමුත් කොහොමින් හෝ යන්තම් ඉගෙන ගෙන අහිංසක මිනිසුන් මුළා කරමින් තමාගේ අදායම සරි කරගන්න වංචාකාර පුද්ගලයන් බොහොමයක් ඇති නිසා මේ උතුම් ජෝතිෂ විෂය පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ අවිශ්වාසයකි.

ඔබට නිවැරදිව ලග්න පලාපල දැනගත හැකි වන්නේ .ඔබ උපන් දිනය වෙලාව හා ස්ථානය භාවිතා කර ගනිමින් නිවැරදිව සකසන ලද හඳහන නොඑසේනම් කේන්ද්‍රය රැගෙන ජෝතිෂ්‍ය විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ජෝතිර්වේදී මහතකු හමුවට යෑමෙන් පමණි.පුවත් පත් හෝ රුපවාහිනී නාලිකා වල සඳහන් කරන දවසේ පලාපල වලට රැවටෙන්නට එපා.

[QUOTE="rocat90, post: 19455116, member: 452168"] [SIZE=5]ඔබ මුළා කරන දිනපතා ලග්න පලාපල[/SIZE] [SIZE=5] ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය කේමන් කුලසිරි දිනපතා ඔබේ ලග්නයට අනුව පවතින පලාපල රසවත් කර ලස්සනට හැඩ දමා ජෝතිෂ්‍ය විෂයට මහා සම්මාන ලාභී ඉතා සුපතල වියතුන් යයි නම් දරා ඇති පිරිස පුවත් පත් වල ,රුපවාහිනී නාලිකා වල හා ගුවන්විදුලි සේවාවන් තුළ ලග්න 12 ට වෙන වෙනම විස්තරාත්මකව පලාපල ඉදිරිපත් කරයි. මෙසේ පලාපල පළ කරන්නේ එදිනෙදා සඳු ග්‍රහයාගේ ගමන මුල් කරගෙනයි.කෙනෙකු උපදින මොහොතේ සඳු ග්‍රහයා එක් එක් පුද්ගලයාගේ හඳහන් වල විවිධ අයුරින් එනම් මිත්‍රව,සමව,නිචව,මුල ත්‍රිකෝණව,සතුරුව හෝ උච්චව සිටිය හැකිය.එසේම මෙලොව උපදින සියලු දෙනාම උපදින්නේ පෙර කරන ලද කුසල් හා අකුසල් වල තිබෙන පල විපාකයන්ට සාපේක්ෂව ඇති ග්‍රහ බල දුබලතා අනුවයි.එම නිසා එක් එක් පුද්ගලයට විවිධ අයුරින් පල විපාක අත් වන්නේය.ඒ හේතුවෙන් කිසිම විටක එක හා සමාන බලපෑම් වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුට අත් වන්නේ නැත. මෙලෙස උජාරුවට කියන ලියන ලග්න පලාපල ගැන මේ සත්‍ය මෙතෙක් කල් කිසිම උගතකු ජගතකු සමාජයට පෙන්වා දී නොමැත.මාගේ වසර 30 කට අසන්න ජෝතිෂ්‍ය විෂය පිළිබඳ පර්යේෂණ තුළින් ලද අත්දැකීම් වලින් පෙනී ගියේ මෙසේ පවසනා ලග්න පලාපල අසත්‍ය හා අසරණ මිනිසුන් මුළා කරන සිහින කතන්දර පමණක් වන බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනය සාමාන්‍ය ලෙස කෝටි2 කට වැඩි ප්රමාණයකි.මේ සියලු දෙන මේෂ ,වෘෂභ ,මිථුන ,කටක ,සිංහ ,කන්‍යා, තුලා, යන ලග්න12 අයත් වන්නේය.මේ කෝටි2 වෙන් වෙන් වශයෙන් ලග්න12ට අනුව කොටස් 12 කට වෙන් කර ගනිමු.එම කොටස් 12න් මේෂ ලග්නයට අයත් සියලුම දෙනාට අදාලව එම පවසනා දවසේ ලග්න පලාපලය නිවැරදි වෙනවද ?උදාහරණයක් ලෙස මෙසේ පලාපල සදහන් කර තිබේ යැයි සිතමු , “මේෂ ලග්නයෙන් උපන් අයට අද දින ඉතාම යහපත් දිනයක් වන අතර බලාපොරොත්තු ඉටු වන හදිසි ධන ලාභ ලැබෙන විදේශ සංචාරයකට වාසනාව ලැබෙන නායකත්වය ලබන එහෙත් යටගිය රෝගයක් මතුවී කරදර සිදුවන දිනයක් වේවි.හදිසි අනතුරු වන්නටත් පුළුවන්.මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12 න් එක් කොටසකටම මේ ලග්න පලාපලය එකසේ ලැබෙනවද ? මේෂ ලග්නයෙන් උපන් සමහර අය අද දිනයේ රෝගී වී රෝහලක ඇදක් මත සිටිනවා වියහැක , මේෂයෙන් උපන් තව පිරිසක් සිරගතවී හෝ සිරගත් වී මරණ දඬුවම් ලබා හෝ සිටිය හැක.එසේම මේෂ ලග්න තවත් කොටසක් දුගී දුප්පත්ව අසරණව හෝ සිගමන් යදිමින් සිටීමටද පුළුවන,එසේම මේෂයෙන් උපන් තවත් කෙනෙක් මහා ධනවතකුව බැබළෙමින් නායකයකු ලෙස සිටිනවා විය හැක.එසේම මේශයේ උපන් ඇතැමුන් කුඩා ළදරුවන් සේද ,තරුණ තරුණියන් සේද ,වැඩිමහල්ලන් හෝ මහලු අය සේ සිටිය හැක.එලෙසම මේෂ ලග්න කරුවන් ව ඉපද අඳ ගොළු බිහිරි අබ්බගත් ව අසරණව සිටින්නන්ද ඇත.ඉතින් මේ සියලුම දෙනාගේ ජිවන රටාවන් සමානද ?ඉහත කි දවසේ ලග්න පලාපලය මේ සියල්ලන්ටම එකසේ සත්‍ය වන්නේද ?බුද්ධිමත්ව සිතා බලන්න එම නිසා ලග්නයට අනුව පලාපල රසවත්කර රුපවාහිනී ගුවන්විදුලි නාලිකාවල පැවසුවත් හැඩකර පුවත්පත් වල පළ කරත් ඒවා සත්‍ය යැයි පිළිගත හැක්කේද ? මා හට ඇති ගැටලුව වන්නේ ලෝකයට යහපත කරනවායි කියාගන්න ,උගත් බුද්ධිමතුන් යැයි කියාගන්න පිරිස මේ යථාර්ථය ලෝකයට පෙන්වා නොදෙන්නේ ඇයි යන්නයි.එක්කෝ ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් නැතුව ඇති, නැත්නම් දැන දැනම අසරණ මිනිසුන් මුල කරනවා විය හැකි. ජෝතිෂ්‍ය යනු විද්‍යාත්මක හා තර්කානුකුල වුද ඉතාම නිවැරදි වුද දිව්‍ය නෙත්රයක් බඳු විෂයකි.නමුත් කොහොමින් හෝ යන්තම් ඉගෙන ගෙන අහිංසක මිනිසුන් මුළා කරමින් තමාගේ අදායම සරි කරගන්න වංචාකාර පුද්ගලයන් බොහොමයක් ඇති නිසා මේ උතුම් ජෝතිෂ විෂය පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ අවිශ්වාසයකි. ඔබට නිවැරදිව ලග්න පලාපල දැනගත හැකි වන්නේ .ඔබ උපන් දිනය වෙලාව හා ස්ථානය භාවිතා කර ගනිමින් නිවැරදිව සකසන ලද හඳහන නොඑසේනම් කේන්ද්‍රය රැගෙන ජෝතිෂ්‍ය විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ජෝතිර්වේදී මහතකු හමුවට යෑමෙන් පමණි.පුවත් පත් හෝ රුපවාහිනී නාලිකා වල සඳහන් කරන දවසේ පලාපල වලට රැවටෙන්නට එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom