Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොරොන්දම් පරීක්ෂාවේදී සැලකිලිමත් විය යුතු කරුණු

ප්‍රවීණ ජෝතිර්වේදී

ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි

“පොරොන්දම්” යන්න අපට ඉතා හුරු පුරුදු වදනකි. එහෙත් මෙම වදන ශ්‍රී ලාංකික ජේයාතිෂවේදීන්ගේ ශබ්ද කෝෂයට කවදා කෙසේ ඇතුළු වූවක්දැයි කියා කිසිවකු විසින් මෙතෙක් හෙළිදරව් කළ වගක් දක්නට නොමැත. ලංකාවේ ඉපැරණිම නක්ෂත්රාචාර්යවරයකු වශයෙන් සැලකෙන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිදුන් ඇතුළු එතුමන්ගේ පරම්පරාව විසින් ක්‍රි.ව. 1855 සිට මේ දක්වා ප්‍රසිද්ධ කරනු ලබන ඈපා පංචාංග ලිත් පෙළෙහි 1950 දක්වා වූ පංචාංග ලිත්වල පොරොන්දම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර 1951 ඈපා පංචාංග ලිතෙහි පටන් “විවාහ පරීක්ෂාව” නමින් පරිච්ඡේදයක් ඇතුළත් කර ඇත.

මේ අතර 1936 පළවූ ‘කල්පද්‍රැම’ පංචාංග ලිතෙහි “විවාහ පොරොන්දම් බලන ක්‍රමය” නමින් පරිච්ඡේදයක් වන අතර, 1900 දී පමණ ආරම්භ කරන ලද සිංහල පංචාංගය නම් වූ ග්‍රන්ථයේ “විවාහ පරීක්ෂාව හෙවත් පොරොන්දම් බලන ක්‍රමය” යනුවෙන් පරිච්ඡේදයක් වේ. මේ අනුව “පොරොන්දම්” යන වදන මෙයට වයසර 100කට පමණ පෙර සිංහලයට එක්වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. (මෙම තොරතුරු සදොස් වේ නම් සුධීහු කමා කර නිදොස් කරත්වා) “පොරොන්දම්” යන්න “පොරුතම්” යන දමිළ වදනෙන් බිඳී හෙළයට නැඟුණු වදනකි. පොරුතම් යන දමිළ වදනෙහි අරුත වන්නේ “ගැළපීම” යන්නයි. මේ අනුව අද අප වහරන “පොරොන්දම් ගැළපීම” යන්න අරුත් සුන් යෙදුමක් වේ. ඉහතකී පැරැණි පංචාංගයන්හි සඳහන් “විවාහ පරීක්ෂාව” හෝ “පොරොන්දම් බලන ක්‍රමය” යන වදන් වඩාත් නිවැරැදි වේ. පොරුතම් බැලීම අද ද දකුණු ඉන්දියාවේ පවතී. එහෙත් එහි ඇත්තේ අංග 10ක් පමණි. එය දසවිධ පොරුතම් වේ. උතුරු ඉන්දියාවේ මෙය “ගුණමිලාන්” හෙවත් අෂ්ටකූට ගැළපීම නමින් කරුණු අටක් සම්බන්ධයෙන් විමසීමක් කෙරේ. වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිතාවන්නේ විසි (20) පොරොන්දම් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැළපේ නම් එම දෙදෙනා අතර විවාහයක් සිදුවීම යහපත් යැයි තීරණය කෙරේ. “විවාහය සඳහා දෙදෙනෙක් නක්ෂත්රානුකූලව ගැළපීම පහසු දෙයක් නොවේ. එය ජෝතිෂයේ ඉතා වැදගත් අංගයකි. ඇසට ඇසක් ගැටීමෙන් අඩිතාලම වැටෙන විවාහය තුළ සතුට පමණක් නොව දිගුකල් පැවැත්මක්ද තිබිය යුතුය. එනිසා ගැළපීම නැතිවම බැරි දෙයකි. මෙය ඉතා පරිස්සමින් අධ්‍යයනය කළ යුතු කරුණු කාරණා ගණනාවකින් යුතු දිගු ක්‍රියා දාමයකි.” ආචාර්ය බී.වී. රාමන් මැතිඳුන්ගේ දියණිය වන ගයත්‍රි දේවී වාසුදේව් සිය ග්‍රන්ථයේ එසේ සඳහන් කරයි. එසේ වුවද අද අප ජනසමාජයේ පොරොන්දම් බැලීම ඉතා සරල කාරියකි. අද හැම පරිගණකයකම විවාහ ගැළපීමේ සරල ක්‍රමලේඛයක් ඇත. අධ්‍යනය කළ යුතු මූලික අවශ්‍යතාවන් ගැන කිසිදු අවබෝධයක් නොමැති විවාහාපේක්ෂිතයෝ එමගින් තමතමන්ගේ විවාහ ගැළපීම් කරගනිති. කවුරුන් කෙසේ ගැළපුවද, කරුණු විස්සම ගැළපී විවාහ දිවියට පත් බොහෝ දෙන නොබෝ කලකින් දික්කසාදවීම, විවාහයෙන් ටික කලකට පසු දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාධයන්ට ගොදුරුවීම. දරු සම්පත් අහිමිවීම, තත්ත්වයන් පහළ වැටීම, ධන ධාන්‍ය විනාශයට පත්වීම ආදී කනගාටුදායක සිද්ධීන් බහුලව සිදුවන බව අප විසින් කරන ලද සමීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත. එවැනි අසාර්ථක විවාහයන්ට ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික විසි පොරොන්දම් ක්‍රමයේදී අදාළ දෙදෙනාගේ පූර්ව කර්මයන් මනාව හෙළි නොවීමයි. නැතහොත් විවාහය වැනි තිරසර බන්ධනයක අඩිතාලමට අවශ්‍ය මූලික ගුණාංගයන් හඳුනා නොගැනීමයි. මීට අමතරව විසි පොරොන්දම් ක්‍රමයේදී ලැබෙන පිළිතුරු සුබ හා අසුබ වශයෙන් සඳහන් වූ පත්‍රිකාවකින් ජ්‍යෝතිෂය ගැන කිසිවක් නොදන්නා අය තේරුම් ගන්නේ හෝ අවබෝධ කරගන්නේ මොනවාද? විවාහාපේක්ෂිත දෙපළගේ ආධ්‍යාත්මයන්හි ගුණාගුණ හෝ විශේෂිත පෞද්ගලික ගුණාංග හෝ පිළිබඳ පාර්ශ්වකරුවන්ට අවබෝධයක් ලැබෙනවාද? නැත. එහෙත් වැඩි ගණනක් ගැළපීම් සුබ යැයි සඳහන් වේ නම් එම යෝජනාව ස්ථිර කිරීමට පෙලඹෙති. ඊට අමතරව කුජ දෝෂය, ශනි ඒරාෂ්ටකය හෝ රාහු වැනි පාපයන්ගේ ගැළපුම විශේෂ කොට සලකති. මෙය විසෙන් විස නැසීමේ න්‍යාය යැයි සඳහන් වුවද, ගිනි ගත් තැනකට වහා ගිනි ඇවිළෙන සුළු පෙට්‍රල් වත්කිරීම කොතරම් ප්රඥාගෝචර ද යන්න විමසා බැලීම වටී. වඩාත් විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක් මත විවාහ සහකරු ගැළපේද යන්න විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම දෙය නිවැරැදි ජන්ම කේන්ද්‍රයයි. රූපය, කුලය, ධනය, බලය, රැකියාව, දේපළ යානවාහන ආදිය පිළිබඳ සොයා බැලීමට පෙර සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති එකම මාර්ගය උපදින මොහොතේ නවග්‍රහයන් පෙළ ගැසී සිටි ආකාරය දැක්වෙන ජන්ම සිතියම හෙවත් ජන්ම කේන්ද්‍රය විමසීම වේ. එහෙත් කිසිවකු විසින් සපයන උපන් වේලාව අනුව නිවැරැදි ජන්ම කේන්ද්‍රයක් සැකසීම ද පහසු කාර්යයක් නොවේ. රෝහල්, මාතෘ නිවාස හා වින්නඹු මාතාවන් වෙතින් ලැබෙන උපන් වේලාවන් බොහොමයක් නිවැරැදි ඒවා නොවන බව අප විසින් අත්දැක ඇත. උපදින දරුවාගේත්, මවගේත් ජීවිතවල සුරක්ෂිතභාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා උපන් වේලාව පිළිබඳ ඔවුන් වෙතින් විශේෂ අවධානයක් යොමු නොවීම ඊට හේතුවයි. මේ නිසා සපයන උපන් වේලාව නිවැරැදිදැයි පරීක්ෂා කිරීම හා වැරැදි නම් නිවැරැදි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. එහෙත් අභාග්‍යයකට මෙන් මෙවැනි කර්තව්‍යයක් අප රට ජෝතිෂ ක්ෂේත්රයේ දක්නට නොලැබේ.

මෑතකදී මාවෙත ලැබුණු දරුවකුගේ කේන්ද්‍රයක උපත සිදුවී ඇත්තේ ඉතාලියේ රෝහලකය. ඒ හේතුව නිසාම එම කේන්ද්‍රයේ නිරවද්‍යතාව තීරණය කිරීම පිණිස දරුවා උපන් රෝහලේ පිහිටීම පිළිබඳ මවුපියන්ගෙන් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානීය පිහිටීම් සහ වේලා කලාපය සැලකිල්ලට ගෙන මවිසින් සකස් කළ කේන්ද්‍රය, මා වෙත ඉදිරිපත් කළ කේන්ද්‍රයට වඩා බෙහෙවින් වෙනස් විය. මේ පිළිබඳ මවුපියන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ලාංකික දෛවඥ මහතකු විසින් ඉතාලියේ උපන් වේලාව ලංකා වේලාවට හරවා එම කේන්ද්‍රය සැකසූ බවයි. ඒ අනුව එය ඉතාලියේ සිදුවූ උපතක් සඳහා සැකසූ කේන්ද්‍රයක් නොවන බව මනාව පැහැදිලි වේ. මෙවැනි ප්‍රබල වැරැදි අනාවරණය කරගෙන නිවැරැදි විද්‍යාත්මක ජන්ම කේන්ද්‍රයක් සැකසීම සඳහා උපන් දිනය හා වේලාවට අමතරව උපන් ස්ථානයද විදේශයක නම් අදාළ වේලා කලාපයද ඉතා වැදගත් සාධකයන් වේ. ඊට අමතරව උපන් දිනය වන විට ගණනය කරන ලද අයනංශ ප්‍රමාණය හෙවත් පෘථිවියේ ඇලය ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු සාධකයකි. මෙම තොරතුරු අනුසාරයෙන් නිවැරැදිව සකස් කරගත් ජන්ම කේන්ද්‍ර අනුව පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍රයන් වෙන් වෙන්ව විශ්ලේෂණය කර, පහත සඳහන් කරුණු පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුය.

1. විවාහ වාසනාව හා කාල නිශ්චය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නිසි වයස් එළඹි කල්හි විවාහය ගැන සිතීම අරුමයක් නොවේ. එපමණකුදු නොව තම දූ දරුවන්ගේ අනාගතය ගැන වෙහෙසන මා පියවරු තමන්ට යමක් කමක් කරගත හැකි අවධියේදී දරුවනට පෙලවහක් කරදීමට උත්සුක වෙති. මෙවැනි සමහර මාපියන් වසර ගණනාවක් තිස්සේ තම දරුවාට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සෙවීම සඳහා මුළු සේසතම වැය කරමින් වෙහෙසෙති. එහෙත් විවාහක වයස ඉක්ම ගියද අපේක්ෂාවන් සාර්ථක නොවූ අවස්ථා කොතකුත් වේ. සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම සාර්ථක වුවද දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක කුමන හෝ අඩුපාඩුවක් භෞතික හේතුව වශයෙන් පෙරට පැමිණේ. අප වෙතින් විමසුම් කළ එවැනි ජන්මීන් බොහොමයක් දෙනා විවාහයට කැමැත්තක් දැක්වුවද, විවාහ සැපත විඳීමේ වාසනාවක් නොමැත්තෝ බව ජන්ම පත්‍රවලින් අනාවරණය කරගත හැකිවිය. එම නිසා පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍ර හිමියන්ට විවාහ සම්පත විඳීමේ වාසනාව තිබේදැයි බැලීම ප්‍රථම සහ වැදගත්ම කාර්යය වේ. විවාහ වාසනාව ජන්ම පත්‍රයෙන් හෙළි වුවද, අප සිතන කාල සීමාවන්හිදී විවාහයක් නොසිදුවීමට ද විවිධ ග්‍රහ බලපෑම් හේතුවේ. එය විවාහ ප්‍රමාදයයි. මෙවැනි අවස්ථාවන්හිදීද නියමිත පරිදි පොරොන්දම් ගැළපුණද අනපේක්ෂිත ප්‍රමාදයන් ඇතිවේ. විවාහය පමාවීම නිසා ජ්‍යෝතිෂයේ පිහිට පතා එන බොහෝ දෙනකුගේ ජන්ම පත්රයන්හි විවාහ පමාවීමේ ප්‍රබල හේතූන් දක්නට ඇත. මෙවැනි බොහෝ කේන්ද්‍රවල ශනි හා සඳු යන දෙපළගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම මත විවාහය පමාවන බවට ක්‍රිස්ණමූර්ති පද්ධති ක්රමයේ එන ඉගැන්වීම අප විසින් කරන ලද සමීක්ෂණයන් මගින් මනාව තහවුරු වී ඇත. ඒ අනුව පොරොන්දම් ගැළපුණද වරක් දෙකක් උත්සාහයන් අසාර්ථක වූයේ නම් හේතු විමසිය යුතුය. තවත් සමහර දරුවෝ විවාහය ගැන කිසිදු අපේක්ෂාවක් නොමැතිව සිටිති. එහෙත් මවුපියන්ගේ බලකිරීම මත විවාහ සහකරුවන් සෙවීමට එකඟ වෙති. ගෙනෙන කිසිදු යෝජනාවකට කැමැත්ත පළ නොකරති. කුමක් හෝ අඩුපාඩුවක් පෙන්වා ඉන් ගැලවී යති. අවසන තනිකඩව වෙසෙති. දිගින් දිගටම මෙසේ සිදුවන්නේ නම් එවන් අය විවාහයට අකමැති අය වශයෙන් ජෝතිෂ්‍ය විද්‍යානුකූලව හඳුනා ගත හැකිය. අගනුවරට ආසන්න විශ්‍රාමික යුවළකගේ එකම දරුවා වූ විවාහ වන වයසේ සිටි රූමත් දියණිය විවාහය ගැන කිසිම උනන්දුවක් නැතිව සිටීම නිසා මාපියන් සිත් තැවුලෙන් පසුවූහ. ඇය එවකට සරසවි අධ්‍යාපනය ලබමින් සිටි නිසා නොගැළපෙන පෙම් සබඳතාවක් ඇද්දැයි විමසුවද එවැන්නක්ද නොවීය. එකම දරුවා නිසාත්, පවුලට පිරිමියකුගේ එක්වීමක් අපේක්ෂා කළ නිසාත් කෙසේ හෝ ඇය විවාහයකට කැමැති කරවා ගැනීමේ මා පිය ප්රයත්නය සාර්ථක විය. ඒ සඳහා පවුලේ අය මෙන්ම දියණියද හොඳින් දන්නා හඳුනන ඇගේ සරසවියේම සිටි තරුණයෙක් තෝරා ගැනීමට හැකි වූ අතර, විවාහය සඳහා සියලු දේ සංවිධානය කර හෝටල්වලට අත්තිකාරම් ගෙවා, ආරාධනා පත් සකසා නෑ හිත මිතුරන්ට ආරාධනය කොට මාපියන් බරින් නිදහස් වීමට දින ගනිමින් සිටියහ. විවාහ මංගල්‍යයට හරියටම දින 15 කට පෙර එම දියණිය තමන් විවාහ වීමට අකමැති බව ප්‍රකාශ කළාය. මවුපියන්ගේ සුසුම් මැද මංගල්‍යයට තිත තැබිණි. අදත් ඇය අවිවාහකය. ඉහත කී කරුණු විමසීමෙන් අනතුරුව ඒවාට ධනාත්මක පිළිතුරු සැපයේ නම් පොරොන්දම් ගැළපීමට පෙර විවාහාපේක්ෂිත දෙදෙනා කුමන කාල වකවානුවලදී යුග දිවියට පිවිසේද යන්න විනිශ්චය කළ යුතුය. විවාහ සම්පත හිමි වුවද, විවාහයට රුකුල් දෙන ග්‍රහයින්, පවත්නා මහ දශා, අතුරු දශා අධිපතීන් හා එකඟ නොවීම නිසා ප්‍රමාදයන්ට භාජනය වේ. විවාහය පමණක් නොව හඳහනේ රාජ යෝග තිබුණද එකී කරුණ අරභයා මහ දශාධිපතියාගේ ආවරණය නොමැත්තේ නම් බලාපොරොත්තු ඉටු නොවේ. මෙවැනි විමසීමක් නොකර යෝජනා හඹා යමින් ඒවාට පොරොන්දම් ගැළපීමෙන් යහපතක් සිදුවන්නේ මඟුල් කපුවන්ට, පුවත්පත් ආයතනවලට සහ ජෝතිශ්යවේදිනට පමණි. මේ නිසා කුමන කාල වකවානුවකදී විවාහයක් සාර්ථක වන්නේද යන්න ප්‍රථමයෙන්ම විමසීම වැදගත් වේ.

පොරොන්දම් පරීක්ෂණය සම්බන්ධයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධති ඉගැන්වීම අනුව මීළඟට වැදගත් වන කරුණු පහත පරිදි වේ.

2. ආයුෂ (අල්පායුෂ, මධ්‍යායුෂ, දීර්ඝායුෂ)

3. ශාරීරික සෞඛ්‍ය (අසාධ්‍ය රෝග/සුවකළ නොමැකි රෝග/හදිසි අනතුරු)

4. දරු සම්පත්

5. රැකියාව, ධනය ඉපැයීමේ මාර්ග සහ ධනය රැඳීම

6. අධ්‍යාපනය

7. විවාහයෙන් පසු අනියම් සබඳතා සහ බහු විවාහ යෝග

මේ අනුව එක් එක් කේන්ද්‍රයන් වෙතින් අනාවරණය වන ඉහත කී මූලික කරුණු පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් පමණක් විද්‍යාත්මක පොරොන්දම් ගැළපීමක් සිදුකළ යුතුය. මෙහිදී ‘විද්‍යාත්මක’ යන පදය යෙදුවේ ඉහත ඡේදයක සඳහන් කළ මූලික දත්තයන් අනුගමනය නොකළ, ජනප්‍රිය දළ කේන්ද්‍රයක් මගින් නිවැරැදි පලාපල කථනය සාර්ථක නොවන හෙයිනි. භාව කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්, ද කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලට වඩා වෙනස්වීම් සුලභව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් දළ කේන්ද්‍රයක 7 වැනි රාශියේ සිටින ග්‍රහයෙක් භාව කේන්ද්‍රයක 6 වැනි භාවයේ පිහිටීමට පුළුවන. ඒ දළ කේන්ද්‍රයක 7 වෙනි රාශියේ සිටින ග්‍රහයා දෙස බලා විවාහය පිළිබඳ කියන ධනාත්මක අනාවැකි භාව කේන්ද්‍රයකදී සමානාත්මක වේ. 7 වැන්න කේන්ද්‍රයක විවාහස්ථානය වන අතර 6 වැන්න යනු 7 වැන්නෙන් 12 වැන්න වන නිසා 6 වැන්නේ සිටින විවාහය කෙරෙහි අසුබයෙක් වනු ඇත.

ජන්ම කේන්ද්‍ර දහස් ගණනක් නිරීක්ෂණය කොට නිවැරැදි බවට සනාථ වූ ‘ක්‍රිෂ්ණමූර්ති පද්ධති පොරොන්දම් විනිශ්චය’ අනුව පහත සඳහන් කරුණු දහය අනුව අනේයාන්‍ය ගැළපීම් පිළිබඳ මනා අවධානයක් යොමු කෙරේ.

1. නෛසර්ගික චරිත ගැළපීම.

2. විවාහ ජීවිතයේ සුසංගමිකතාව.

3. ආකල්ප සහ පෙලඹවීම.

4. ජීවිත සන්තෘෂ්ටිය.

5. දෙදෙනා අතර අනේයාන්‍ය අවබෝධය.

6. විවාහයෙන් පසු වාසනාව සහ සතුට.

7. විවාහ යෝග්‍යතාව

8. අදාළ දෙදෙනා අතර විවාහයක් සිදුවීමේ ප්‍රවණතාව.

9. විවාහ ජීවිතයේ ප්‍රසන්නතා.

10. වර්තමාන මහදශාධිපතීන් අනුව විවාහයේ යෝග්‍යතාව.

දෙදෙනාගේ කේන්ද්‍රවල පවත්නා ග්‍රහ පිහිටීම් අනුව මෙම කරුණු දහය පිළිබඳ අනාවරණය වන ප්‍රතිඵල මත සුවිශේෂී වූ ලකුණු ක්‍රමයක් මගින් පොරොන්දම් ගැළපීම් සිදුකෙරෙන අතර, විවාහයට සුදුසු ලකුණු ප්‍රමාණයක් නොලද කේන්ද්‍ර විවාහය සඳහා අනුමත නොකෙරේ. විවාහ ජීවිතය අතිසාර්ථක එකක් බවට පත්කිරීමේ වගකීමෙහි කොටස්කරුවන් වශයෙන් විවාහ යෝජනා සම්බන්ධව සැලකිලිමත්වීමේදී පොරොන්දම් බැලීමට මුල් තැනක් දෙන්නේ නම් මෙම කරුණු පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළැඹ ඇත.

[QUOTE="rocat90, post: 19455134, member: 452168"] [SIZE=5]පොරොන්දම් පරීක්ෂාවේදී සැලකිලිමත් විය යුතු කරුණු[/SIZE] [SIZE=5] ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි [/SIZE] [SIZE=5] “පොරොන්දම්” යන්න අපට ඉතා හුරු පුරුදු වදනකි. එහෙත් මෙම වදන ශ්‍රී ලාංකික ජේයාතිෂවේදීන්ගේ ශබ්ද කෝෂයට කවදා කෙසේ ඇතුළු වූවක්දැයි කියා කිසිවකු විසින් මෙතෙක් හෙළිදරව් කළ වගක් දක්නට නොමැත. ලංකාවේ ඉපැරණිම නක්ෂත්රාචාර්යවරයකු වශයෙන් සැලකෙන දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිදුන් ඇතුළු එතුමන්ගේ පරම්පරාව විසින් ක්‍රි.ව. 1855 සිට මේ දක්වා ප්‍රසිද්ධ කරනු ලබන ඈපා පංචාංග ලිත් පෙළෙහි 1950 දක්වා වූ පංචාංග ලිත්වල පොරොන්දම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර 1951 ඈපා පංචාංග ලිතෙහි පටන් “විවාහ පරීක්ෂාව” නමින් පරිච්ඡේදයක් ඇතුළත් කර ඇත.[/SIZE] [SIZE=5] මේ අතර 1936 පළවූ ‘කල්පද්‍රැම’ පංචාංග ලිතෙහි “විවාහ පොරොන්දම් බලන ක්‍රමය” නමින් පරිච්ඡේදයක් වන අතර, 1900 දී පමණ ආරම්භ කරන ලද සිංහල පංචාංගය නම් වූ ග්‍රන්ථයේ “විවාහ පරීක්ෂාව හෙවත් පොරොන්දම් බලන ක්‍රමය” යනුවෙන් පරිච්ඡේදයක් වේ. මේ අනුව “පොරොන්දම්” යන වදන මෙයට වයසර 100කට පමණ පෙර සිංහලයට එක්වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. (මෙම තොරතුරු සදොස් වේ නම් සුධීහු කමා කර නිදොස් කරත්වා) “පොරොන්දම්” යන්න “පොරුතම්” යන දමිළ වදනෙන් බිඳී හෙළයට නැඟුණු වදනකි. පොරුතම් යන දමිළ වදනෙහි අරුත වන්නේ “ගැළපීම” යන්නයි. මේ අනුව අද අප වහරන “පොරොන්දම් ගැළපීම” යන්න අරුත් සුන් යෙදුමක් වේ. ඉහතකී පැරැණි පංචාංගයන්හි සඳහන් “විවාහ පරීක්ෂාව” හෝ “පොරොන්දම් බලන ක්‍රමය” යන වදන් වඩාත් නිවැරැදි වේ. පොරුතම් බැලීම අද ද දකුණු ඉන්දියාවේ පවතී. එහෙත් එහි ඇත්තේ අංග 10ක් පමණි. එය දසවිධ පොරුතම් වේ. උතුරු ඉන්දියාවේ මෙය “ගුණමිලාන්” හෙවත් අෂ්ටකූට ගැළපීම නමින් කරුණු අටක් සම්බන්ධයෙන් විමසීමක් කෙරේ. වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිතාවන්නේ විසි (20) පොරොන්දම් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැළපේ නම් එම දෙදෙනා අතර විවාහයක් සිදුවීම යහපත් යැයි තීරණය කෙරේ. “විවාහය සඳහා දෙදෙනෙක් නක්ෂත්රානුකූලව ගැළපීම පහසු දෙයක් නොවේ. එය ජෝතිෂයේ ඉතා වැදගත් අංගයකි. ඇසට ඇසක් ගැටීමෙන් අඩිතාලම වැටෙන විවාහය තුළ සතුට පමණක් නොව දිගුකල් පැවැත්මක්ද තිබිය යුතුය. එනිසා ගැළපීම නැතිවම බැරි දෙයකි. මෙය ඉතා පරිස්සමින් අධ්‍යයනය කළ යුතු කරුණු කාරණා ගණනාවකින් යුතු දිගු ක්‍රියා දාමයකි.” ආචාර්ය බී.වී. රාමන් මැතිඳුන්ගේ දියණිය වන ගයත්‍රි දේවී වාසුදේව් සිය ග්‍රන්ථයේ එසේ සඳහන් කරයි. එසේ වුවද අද අප ජනසමාජයේ පොරොන්දම් බැලීම ඉතා සරල කාරියකි. අද හැම පරිගණකයකම විවාහ ගැළපීමේ සරල ක්‍රමලේඛයක් ඇත. අධ්‍යනය කළ යුතු මූලික අවශ්‍යතාවන් ගැන කිසිදු අවබෝධයක් නොමැති විවාහාපේක්ෂිතයෝ එමගින් තමතමන්ගේ විවාහ ගැළපීම් කරගනිති. කවුරුන් කෙසේ ගැළපුවද, කරුණු විස්සම ගැළපී විවාහ දිවියට පත් බොහෝ දෙන නොබෝ කලකින් දික්කසාදවීම, විවාහයෙන් ටික කලකට පසු දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාධයන්ට ගොදුරුවීම. දරු සම්පත් අහිමිවීම, තත්ත්වයන් පහළ වැටීම, ධන ධාන්‍ය විනාශයට පත්වීම ආදී කනගාටුදායක සිද්ධීන් බහුලව සිදුවන බව අප විසින් කරන ලද සමීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇත. එවැනි අසාර්ථක විවාහයන්ට ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික විසි පොරොන්දම් ක්‍රමයේදී අදාළ දෙදෙනාගේ පූර්ව කර්මයන් මනාව හෙළි නොවීමයි. නැතහොත් විවාහය වැනි තිරසර බන්ධනයක අඩිතාලමට අවශ්‍ය මූලික ගුණාංගයන් හඳුනා නොගැනීමයි. මීට අමතරව විසි පොරොන්දම් ක්‍රමයේදී ලැබෙන පිළිතුරු සුබ හා අසුබ වශයෙන් සඳහන් වූ පත්‍රිකාවකින් ජ්‍යෝතිෂය ගැන කිසිවක් නොදන්නා අය තේරුම් ගන්නේ හෝ අවබෝධ කරගන්නේ මොනවාද? විවාහාපේක්ෂිත දෙපළගේ ආධ්‍යාත්මයන්හි ගුණාගුණ හෝ විශේෂිත පෞද්ගලික ගුණාංග හෝ පිළිබඳ පාර්ශ්වකරුවන්ට අවබෝධයක් ලැබෙනවාද? නැත. එහෙත් වැඩි ගණනක් ගැළපීම් සුබ යැයි සඳහන් වේ නම් එම යෝජනාව ස්ථිර කිරීමට පෙලඹෙති. ඊට අමතරව කුජ දෝෂය, ශනි ඒරාෂ්ටකය හෝ රාහු වැනි පාපයන්ගේ ගැළපුම විශේෂ කොට සලකති. මෙය විසෙන් විස නැසීමේ න්‍යාය යැයි සඳහන් වුවද, ගිනි ගත් තැනකට වහා ගිනි ඇවිළෙන සුළු පෙට්‍රල් වත්කිරීම කොතරම් ප්රඥාගෝචර ද යන්න විමසා බැලීම වටී. වඩාත් විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක් මත විවාහ සහකරු ගැළපේද යන්න විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම දෙය නිවැරැදි ජන්ම කේන්ද්‍රයයි. රූපය, කුලය, ධනය, බලය, රැකියාව, දේපළ යානවාහන ආදිය පිළිබඳ සොයා බැලීමට පෙර සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති එකම මාර්ගය උපදින මොහොතේ නවග්‍රහයන් පෙළ ගැසී සිටි ආකාරය දැක්වෙන ජන්ම සිතියම හෙවත් ජන්ම කේන්ද්‍රය විමසීම වේ. එහෙත් කිසිවකු විසින් සපයන උපන් වේලාව අනුව නිවැරැදි ජන්ම කේන්ද්‍රයක් සැකසීම ද පහසු කාර්යයක් නොවේ. රෝහල්, මාතෘ නිවාස හා වින්නඹු මාතාවන් වෙතින් ලැබෙන උපන් වේලාවන් බොහොමයක් නිවැරැදි ඒවා නොවන බව අප විසින් අත්දැක ඇත. උපදින දරුවාගේත්, මවගේත් ජීවිතවල සුරක්ෂිතභාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා උපන් වේලාව පිළිබඳ ඔවුන් වෙතින් විශේෂ අවධානයක් යොමු නොවීම ඊට හේතුවයි. මේ නිසා සපයන උපන් වේලාව නිවැරැදිදැයි පරීක්ෂා කිරීම හා වැරැදි නම් නිවැරැදි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. එහෙත් අභාග්‍යයකට මෙන් මෙවැනි කර්තව්‍යයක් අප රට ජෝතිෂ ක්ෂේත්රයේ දක්නට නොලැබේ. මෑතකදී මාවෙත ලැබුණු දරුවකුගේ කේන්ද්‍රයක උපත සිදුවී ඇත්තේ ඉතාලියේ රෝහලකය. ඒ හේතුව නිසාම එම කේන්ද්‍රයේ නිරවද්‍යතාව තීරණය කිරීම පිණිස දරුවා උපන් රෝහලේ පිහිටීම පිළිබඳ මවුපියන්ගෙන් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානීය පිහිටීම් සහ වේලා කලාපය සැලකිල්ලට ගෙන මවිසින් සකස් කළ කේන්ද්‍රය, මා වෙත ඉදිරිපත් කළ කේන්ද්‍රයට වඩා බෙහෙවින් වෙනස් විය. මේ පිළිබඳ මවුපියන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ලාංකික දෛවඥ මහතකු විසින් ඉතාලියේ උපන් වේලාව ලංකා වේලාවට හරවා එම කේන්ද්‍රය සැකසූ බවයි. ඒ අනුව එය ඉතාලියේ සිදුවූ උපතක් සඳහා සැකසූ කේන්ද්‍රයක් නොවන බව මනාව පැහැදිලි වේ. මෙවැනි ප්‍රබල වැරැදි අනාවරණය කරගෙන නිවැරැදි විද්‍යාත්මක ජන්ම කේන්ද්‍රයක් සැකසීම සඳහා උපන් දිනය හා වේලාවට අමතරව උපන් ස්ථානයද විදේශයක නම් අදාළ වේලා කලාපයද ඉතා වැදගත් සාධකයන් වේ. ඊට අමතරව උපන් දිනය වන විට ගණනය කරන ලද අයනංශ ප්‍රමාණය හෙවත් පෘථිවියේ ඇලය ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු සාධකයකි. මෙම තොරතුරු අනුසාරයෙන් නිවැරැදිව සකස් කරගත් ජන්ම කේන්ද්‍ර අනුව පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍රයන් වෙන් වෙන්ව විශ්ලේෂණය කර, පහත සඳහන් කරුණු පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුය. 1. විවාහ වාසනාව හා කාල නිශ්චය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නිසි වයස් එළඹි කල්හි විවාහය ගැන සිතීම අරුමයක් නොවේ. එපමණකුදු නොව තම දූ දරුවන්ගේ අනාගතය ගැන වෙහෙසන මා පියවරු තමන්ට යමක් කමක් කරගත හැකි අවධියේදී දරුවනට පෙලවහක් කරදීමට උත්සුක වෙති. මෙවැනි සමහර මාපියන් වසර ගණනාවක් තිස්සේ තම දරුවාට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සෙවීම සඳහා මුළු සේසතම වැය කරමින් වෙහෙසෙති. එහෙත් විවාහක වයස ඉක්ම ගියද අපේක්ෂාවන් සාර්ථක නොවූ අවස්ථා කොතකුත් වේ. සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම සාර්ථක වුවද දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක කුමන හෝ අඩුපාඩුවක් භෞතික හේතුව වශයෙන් පෙරට පැමිණේ. අප වෙතින් විමසුම් කළ එවැනි ජන්මීන් බොහොමයක් දෙනා විවාහයට කැමැත්තක් දැක්වුවද, විවාහ සැපත විඳීමේ වාසනාවක් නොමැත්තෝ බව ජන්ම පත්‍රවලින් අනාවරණය කරගත හැකිවිය. එම නිසා පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍ර හිමියන්ට විවාහ සම්පත විඳීමේ වාසනාව තිබේදැයි බැලීම ප්‍රථම සහ වැදගත්ම කාර්යය වේ. විවාහ වාසනාව ජන්ම පත්‍රයෙන් හෙළි වුවද, අප සිතන කාල සීමාවන්හිදී විවාහයක් නොසිදුවීමට ද විවිධ ග්‍රහ බලපෑම් හේතුවේ. එය විවාහ ප්‍රමාදයයි. මෙවැනි අවස්ථාවන්හිදීද නියමිත පරිදි පොරොන්දම් ගැළපුණද අනපේක්ෂිත ප්‍රමාදයන් ඇතිවේ. විවාහය පමාවීම නිසා ජ්‍යෝතිෂයේ පිහිට පතා එන බොහෝ දෙනකුගේ ජන්ම පත්රයන්හි විවාහ පමාවීමේ ප්‍රබල හේතූන් දක්නට ඇත. මෙවැනි බොහෝ කේන්ද්‍රවල ශනි හා සඳු යන දෙපළගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම මත විවාහය පමාවන බවට ක්‍රිස්ණමූර්ති පද්ධති ක්රමයේ එන ඉගැන්වීම අප විසින් කරන ලද සමීක්ෂණයන් මගින් මනාව තහවුරු වී ඇත. ඒ අනුව පොරොන්දම් ගැළපුණද වරක් දෙකක් උත්සාහයන් අසාර්ථක වූයේ නම් හේතු විමසිය යුතුය. තවත් සමහර දරුවෝ විවාහය ගැන කිසිදු අපේක්ෂාවක් නොමැතිව සිටිති. එහෙත් මවුපියන්ගේ බලකිරීම මත විවාහ සහකරුවන් සෙවීමට එකඟ වෙති. ගෙනෙන කිසිදු යෝජනාවකට කැමැත්ත පළ නොකරති. කුමක් හෝ අඩුපාඩුවක් පෙන්වා ඉන් ගැලවී යති. අවසන තනිකඩව වෙසෙති. දිගින් දිගටම මෙසේ සිදුවන්නේ නම් එවන් අය විවාහයට අකමැති අය වශයෙන් ජෝතිෂ්‍ය විද්‍යානුකූලව හඳුනා ගත හැකිය. අගනුවරට ආසන්න විශ්‍රාමික යුවළකගේ එකම දරුවා වූ විවාහ වන වයසේ සිටි රූමත් දියණිය විවාහය ගැන කිසිම උනන්දුවක් නැතිව සිටීම නිසා මාපියන් සිත් තැවුලෙන් පසුවූහ. ඇය එවකට සරසවි අධ්‍යාපනය ලබමින් සිටි නිසා නොගැළපෙන පෙම් සබඳතාවක් ඇද්දැයි විමසුවද එවැන්නක්ද නොවීය. එකම දරුවා නිසාත්, පවුලට පිරිමියකුගේ එක්වීමක් අපේක්ෂා කළ නිසාත් කෙසේ හෝ ඇය විවාහයකට කැමැති කරවා ගැනීමේ මා පිය ප්රයත්නය සාර්ථක විය. ඒ සඳහා පවුලේ අය මෙන්ම දියණියද හොඳින් දන්නා හඳුනන ඇගේ සරසවියේම සිටි තරුණයෙක් තෝරා ගැනීමට හැකි වූ අතර, විවාහය සඳහා සියලු දේ සංවිධානය කර හෝටල්වලට අත්තිකාරම් ගෙවා, ආරාධනා පත් සකසා නෑ හිත මිතුරන්ට ආරාධනය කොට මාපියන් බරින් නිදහස් වීමට දින ගනිමින් සිටියහ. විවාහ මංගල්‍යයට හරියටම දින 15 කට පෙර එම දියණිය තමන් විවාහ වීමට අකමැති බව ප්‍රකාශ කළාය. මවුපියන්ගේ සුසුම් මැද මංගල්‍යයට තිත තැබිණි. අදත් ඇය අවිවාහකය. ඉහත කී කරුණු විමසීමෙන් අනතුරුව ඒවාට ධනාත්මක පිළිතුරු සැපයේ නම් පොරොන්දම් ගැළපීමට පෙර විවාහාපේක්ෂිත දෙදෙනා කුමන කාල වකවානුවලදී යුග දිවියට පිවිසේද යන්න විනිශ්චය කළ යුතුය. විවාහ සම්පත හිමි වුවද, විවාහයට රුකුල් දෙන ග්‍රහයින්, පවත්නා මහ දශා, අතුරු දශා අධිපතීන් හා එකඟ නොවීම නිසා ප්‍රමාදයන්ට භාජනය වේ. විවාහය පමණක් නොව හඳහනේ රාජ යෝග තිබුණද එකී කරුණ අරභයා මහ දශාධිපතියාගේ ආවරණය නොමැත්තේ නම් බලාපොරොත්තු ඉටු නොවේ. මෙවැනි විමසීමක් නොකර යෝජනා හඹා යමින් ඒවාට පොරොන්දම් ගැළපීමෙන් යහපතක් සිදුවන්නේ මඟුල් කපුවන්ට, පුවත්පත් ආයතනවලට සහ ජෝතිශ්යවේදිනට පමණි. මේ නිසා කුමන කාල වකවානුවකදී විවාහයක් සාර්ථක වන්නේද යන්න ප්‍රථමයෙන්ම විමසීම වැදගත් වේ. පොරොන්දම් පරීක්ෂණය සම්බන්ධයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධති ඉගැන්වීම අනුව මීළඟට වැදගත් වන කරුණු පහත පරිදි වේ. 2. ආයුෂ (අල්පායුෂ, මධ්‍යායුෂ, දීර්ඝායුෂ) 3. ශාරීරික සෞඛ්‍ය (අසාධ්‍ය රෝග/සුවකළ නොමැකි රෝග/හදිසි අනතුරු) 4. දරු සම්පත් 5. රැකියාව, ධනය ඉපැයීමේ මාර්ග සහ ධනය රැඳීම 6. අධ්‍යාපනය 7. විවාහයෙන් පසු අනියම් සබඳතා සහ බහු විවාහ යෝග මේ අනුව එක් එක් කේන්ද්‍රයන් වෙතින් අනාවරණය වන ඉහත කී මූලික කරුණු පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් පමණක් විද්‍යාත්මක පොරොන්දම් ගැළපීමක් සිදුකළ යුතුය. මෙහිදී ‘විද්‍යාත්මක’ යන පදය යෙදුවේ ඉහත ඡේදයක සඳහන් කළ මූලික දත්තයන් අනුගමනය නොකළ, ජනප්‍රිය දළ කේන්ද්‍රයක් මගින් නිවැරැදි පලාපල කථනය සාර්ථක නොවන හෙයිනි. භාව කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්, ද කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලට වඩා වෙනස්වීම් සුලභව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් දළ කේන්ද්‍රයක 7 වැනි රාශියේ සිටින ග්‍රහයෙක් භාව කේන්ද්‍රයක 6 වැනි භාවයේ පිහිටීමට පුළුවන. ඒ දළ කේන්ද්‍රයක 7 වෙනි රාශියේ සිටින ග්‍රහයා දෙස බලා විවාහය පිළිබඳ කියන ධනාත්මක අනාවැකි භාව කේන්ද්‍රයකදී සමානාත්මක වේ. 7 වැන්න කේන්ද්‍රයක විවාහස්ථානය වන අතර 6 වැන්න යනු 7 වැන්නෙන් 12 වැන්න වන නිසා 6 වැන්නේ සිටින විවාහය කෙරෙහි අසුබයෙක් වනු ඇත. ජන්ම කේන්ද්‍ර දහස් ගණනක් නිරීක්ෂණය කොට නිවැරැදි බවට සනාථ වූ ‘ක්‍රිෂ්ණමූර්ති පද්ධති පොරොන්දම් විනිශ්චය’ අනුව පහත සඳහන් කරුණු දහය අනුව අනේයාන්‍ය ගැළපීම් පිළිබඳ මනා අවධානයක් යොමු කෙරේ. 1. නෛසර්ගික චරිත ගැළපීම. 2. විවාහ ජීවිතයේ සුසංගමිකතාව. 3. ආකල්ප සහ පෙලඹවීම. 4. ජීවිත සන්තෘෂ්ටිය. 5. දෙදෙනා අතර අනේයාන්‍ය අවබෝධය. 6. විවාහයෙන් පසු වාසනාව සහ සතුට. 7. විවාහ යෝග්‍යතාව 8. අදාළ දෙදෙනා අතර විවාහයක් සිදුවීමේ ප්‍රවණතාව. 9. විවාහ ජීවිතයේ ප්‍රසන්නතා. 10. වර්තමාන මහදශාධිපතීන් අනුව විවාහයේ යෝග්‍යතාව. දෙදෙනාගේ කේන්ද්‍රවල පවත්නා ග්‍රහ පිහිටීම් අනුව මෙම කරුණු දහය පිළිබඳ අනාවරණය වන ප්‍රතිඵල මත සුවිශේෂී වූ ලකුණු ක්‍රමයක් මගින් පොරොන්දම් ගැළපීම් සිදුකෙරෙන අතර, විවාහයට සුදුසු ලකුණු ප්‍රමාණයක් නොලද කේන්ද්‍ර විවාහය සඳහා අනුමත නොකෙරේ. විවාහ ජීවිතය අතිසාර්ථක එකක් බවට පත්කිරීමේ වගකීමෙහි කොටස්කරුවන් වශයෙන් විවාහ යෝජනා සම්බන්ධව සැලකිලිමත්වීමේදී පොරොන්දම් බැලීමට මුල් තැනක් දෙන්නේ නම් මෙම කරුණු පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළැඹ ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom