Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජෝන්ස්ටවුන් සියදිවි නසාගැනීමේ සිද්ධිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන්ස්ටවුන් සියදිවි නසාගැනීමේ සිද්ධිය

පීපල්ස් චර්ච් නාම පුවරුවක් (San Diego State University)

‘”පීපල්ස් ටෙම්ප්ල්” කියන්නේ 1955 දී නිර්මාණය කළ ආගමික ව්‍යාපාරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියෑනා ජනපදයේ ඉන්ඩියෑනාපොලිස් හි දී මෙම ආගමික සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ජිම් ජෝන්ස් නම් ප්‍රොතෙස්තන්ත්‍ර පාස්ටර්වරයෙක් විසින්.

1978 නොවැම්බර් 18 වන දා ගයානාවේ අප්‍රසිද්ධ ජනාවාස ප්‍රදේශයක දී ජෝන්ස් ද ඇතුළුව මෙම සංවිධානයේ සාමාජිකයින් 909 දෙනෙකු එකවර සියදිවි නසාගත්තා.

ජෝන්ස් සහ අනුගාමිකයින් එක්සත් ජනපදය හැරයයි

1955 දී ඉන්ඩියෑනාපොලිස් හි දී “පීපල්ස් ටෙම්ප්ල්” නම් පල්ලිය ප්‍රථමයෙන් පිහිටුවනු ලැබුවේ බයිබලයේ ඉගැන්වීම් පදනම් කරගත්තක් ලෙස වුවත්, ඔවුන් විසින් “අපොස්තලික සමාජවාදය” නම් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිවෙත නිසා එල්ල වූ විවේචන හේතුවෙන් 1965 දී කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් මිටියාවත ප්‍රදේශයට පල්ලිය ගෙනයනු ලැබුවා පමණක් නොව ඉන් වසර කීපයකට පසු තවත් ශාඛා ද කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටුවනු ලැබුවා.

පාස්ටර් ජිම් ජෝන්ස් (Wikipedia)

1973 දි ලෙස්ටර් කින්සොල්වින් නම් මාධ්‍යවේදියෙකු විසින් මෙම ආගමික සංවිධානය පිළිබඳව විවේචනාත්මක ලිපි රැසක් පුවත්පත් වල පලකරනු ලැබුවා. ඒ සමඟ ම වාගේ ජෝන්ස්ගේ පල්ලියේ සාමාජිකයින් 8දෙනෙකු ද පල්ලිය හැර යෑමෙන් කලබලයට පත් වූ ජෝන්ස් සහ ඔහුගේ අනුගාමිකයෙක් පොලීසියෙන් සහ මාධ්‍යවලින් එල්ලවිය හැකි ප්රහාරයන්ගෙන් ගැලවීමට උපක්රමයන් සෙවීම ආරම්භ කළා. රට හැර යෑම විසඳුම ලෙස සැලකූ ඔවුන් කැනඩාව, ට්‍රිනිඩෑඩ්, හා බාබඩෝස් ආදී රටවල් සලකා බැලුණු අතර අවසන ඔවුන් විසින් දකුණු ඇමරිකාවේ ගයනාව තෝරාගත්තා. 1973 ඔක්තෝබර් මස ගයනාවේ කෘශිකාර්මික මීසමක් පිහිටුවීමට සම්මත කරගත් ඔවුන්, 1974 දී ගයනා අගනුවර වන ජෝර්ජ්ටවුන්වලින් කිලෝමීටර 240ක් ඇතින් පිහිටි කැලෑ

බිමකින් අක්කර 3800ක් බද්දට ගනු ලැබුවා.

පීපල්ස් චර්ච් හි දේව මෙහෙයක් (Emaze)

ජෝන්ස්ටවුන් පිහිටුවීම

බදුගත් බිමට පැමිණි අනුගාමිකයින් 500ක් දෙනා ‘ජෝන්ස්ටවුන්’ නම් ජනාවාසය ගොඩනැගීම ආරම්භ කළා. 1977 දී ජෝන්ස් ද ඇතුළු අනුගාමිකයින් බොහොමයක් දෙනා මධ්‍යයන්ගේ පීඩනයෙන් ගැලවීමට එක්සත් ජනපදය හැරදමා විත් ජෝන්ස්ටවුන් හි පදිංචි වුණා. 1978 වන විට එහි ජනගහනය 1000 පමණ දක්වා ඉහළ නැග තිබුණා.

අන්තවාදී පාලනයක්

බොහොමයක් අනුගාමිකයින් විශ්වාස කළේ තම නායක ජෝන්ස් පොරොන්දු වූ ලෙසටම ජෝන්ස්ටවුන් ‘පොරොන්දු දේශය’ වනු ඇති බවයි. නමුත් සිදුවූයේ ඔවුන් නොසිතූවක්. ජෝන්ස්ටවුන්හි ජීවිතය අති දුශ්කර ජීවිතයක් වුණා.

පළමු මාස කීපය පුරාවටම උදෑසන 06.30 සිට සවස 06.00 දක්වා සතියට දින 6ක් නොකඩවා වැඩ කිරීමට සිදුවුණා. ඔවුනට විවේකය ලැබුණේ කෑම පැය පමණයි. රාත්‍රී කාලයෙන් වැඩි කොටසක් ජෝන්ස්ගේ දේශන වලට ඇහුම්කන් දෙමින් ගත කිරීමට ඔවුනට සිදුවුණා. ඊට අමතර සවස් කාලයේ සමාජවාදය පිළිබඳව පන්ති වලට සහභාගී වීමටත් ඔවුනට සිදුවුණා. ගොවිපළෙහි පස නිසරු වූ නිසා තිරිඟු ආදිය මද වූ අතර සහල්, බෝංචි ආදිය මත යැපීමට සාමාජිකයින්ට සිදුවුණා.

ජෝන්ස්ටවුන්හි අන්තවාදී පුරුදු

ජෝන්ස් තම දේශනා වලදී නිතර පැවසුවේ ඇමරිකානු CIA ඇතුළු සංවිධාන ජෝන්ස්ටවුන් විනාශ කිරීම ‘කුමණ්ත්‍රණය’ කරමින් සිටින බවයි. විටින් විට හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කර සියළුම සාමාජිකයින් එක් රැස් කරගන්නා ජෝන්ස් තම අනුගාමිකයින්ට සියදිවි නසාගැනීම, සටන් කිරීම ඇතුළු තෝරාගැනීම කීපයක් දී ඡන්දය විමසුවා. සියදිවි නසාගැනීම සම්මත වූ වාරයන් දෙකකම ඔහු විසින් සියළුම සාමාජිකයින් පෝලිම් ගස්වා ඔවුනට සයනයිඩ් අඩංගු බව කියූ පානයන් ලබා දී ඔවුන් මිනිත්තු 45ක් තුල මරණයට පත්වන බවට ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබුවා. අදාල කාලය තුල දී ඔවුන් මරණයට පත් නොවීම නිසා විමතියට පත්ව සිටි ඔවුනට දැන්ගැනීමට ලැබුණේ ඔවුන්ගේ පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට කළ ක්‍රියාකාරකමක් බවත් එය සත්‍යයෙන්ම විෂ නොවූ බවත් ය.

1978 දී ජෝන්ස්ටවුන් (slate.com)

1978 වන විට ජෝන්ස් විටින් විට රෝගී තත්ත්වයන්ට පත්වීමට ද පටන්ගත් බව කියැවෙනවා. තමන්ගේ රෝගී තත්ත්වය ඉතා බරපතල බව කියමින් තම අනුගාමිකයන්ගේ අනුකම්පාව ලබාගැනීමට ද ජෝන්ස් උත්සාහ කළ බවයි පැවසෙන්නේ. ශාරීරික රෝගයන් පමණක් නොව දරුණු මානසික රෝගයකින් ද ඔහු පෙළෙන්නට ඇතැයි සැක කෙරුණා.

කොන්ග්රස් සාමාජික රයන්ගේ ඝාතනය

මේ වන විට ජෝන්ස්ටවුන්හි පදිංචිව සිටි අනුගාමිකයින්ගේ ඇමරිකානු නෑදෑයින් ඔවුන් ගැන සිත්තැවුලට පත්ව සිටියා. එක්සත් ජනපද කොන්ග්‍රසයේ සාමාජික ලියෝ රයන්ව හමු වූ ඔවුන් ජෝන්ස්ටවුන් වලට ගොස් ජනපදය පරීක්ෂා කිරීමට පොළඹවාගත්තා. 1978 නොවැම්බර් 17 වන දා මාධ්‍යවේදීන් ද ඇතුළු පිරිසක් සමඟ ජෝන්ස්ටවුන් වෙත පැමිණි රයන් වොඋන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූවා. දෙවනි දිනත් ජෝන්ස්ටවුන් වෙත පැමිණ සාකච්ඡා පවත්වා පිටව යන රයන් වෙත පැමිණි පල්ලියේ අනුගාමිකයින් පිරිසක් ඉල්ලා සිටියේ තමන්ට ගයනාවෙන් පිටව යෑමට උදව් කරනා ලෙසයි.

තම සමාජිකයින් පල්ලිය හැර යෑමට උත්සාහ කිරීම ගැන ජෝන්ස් කලබලයට පත්වූ අතර ඔහුගේ ප්‍රධාන අනුගාමිකයෙක් උත්සාහ කළේ රයන්ට පිහියකින් ඇණ ඝාතනය කිරීමටයි. රයන් එම ප්‍රහාරයෙන් ගැලවී යෑමට සමත් වුණත්, ඔවුන් අල්ලා ඝාතනය කරන ලෙස ජෝන්ස් තම පිරිසට නියෝග කළා.

කොන්ග්රස් සාමාජික ලියෝ රයන් මියගිය වන බවට වූ පුවත්පත් ලිපියක් (StevenWarRan)

රයන් සහ පිරිස පෝට් කයිටුමා හි ගුවන් පථය වෙත පැමිණ ගුවන් යානයකට නැග පිටව යෑමට සැරසෙන තෙක් රැක සිටි ජෝන්ස්ගේ අනුගාමිකයින් එම පිරිසට වෙඩි තබනු ලැබුවා. කොන්ග්රස් සාමාජික රයන් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙම සිදුවීමෙන් මියගියා.

“විප්ලවීය දිවිපිදුම”

1978 නොවැම්බර් 18 වන දා රයන් ඝාතනයෙන් අනතුරුව සවස් යාමයේ ජනපදයට පැමිණෙන ජෝන්ස් සියල්ලන්වම පැවිලියමට රැස් කරනවා. රැස්වූ අනුගාමිකයින්ට ඔහු විසින් ප්‍රකාශ කරන්නේ කොන්ග්රස් සාමාජිකා ගමන් කරනා යානාවේ නියමුවාට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබනා බව තමාට දැනෙන බවත්, යානය කඩා වැටෙනා බවත්, එයට වරදකරු ලෙස තමන් සියල්ලන්ම බලධාරීන් විසින් ඝාතනය කර දමනු ලබන ඇති බවත් ය. එමනිසා තමන් සියළුදෙනාම ‘විප්ලවීය’ ලෙස සියදිවි නසාගත යුතු බව ඔහු විසින් යෝජනා කරනවා.

ඇතැම් සාමාජිකයින් විසින් තමන් සියදිවි නසාගැනීම නොව පලායෑම කළ යුතු බව කීවත් ජෝන්ස් විසින් එය නොසලකා හරිනු ලබනවා. ඔහු විසින් පුනරුත්පත්තිය පිළිබඳව ද කරන ලද ඇඟවුම් නිසා බහුතරයක් අනුගාමිකයින්ගේ සහය ද ඔහුට හිමිවෙනවා. එම නිසා සයනයිඩ්, වැලියම්, සහ කොලරල් හයිඩ්රේට් ආදිය යොදන ලද පැණිබීමක් පිළියෙල කරනු ලබනවා.

රූපයේ දැක්වෙන බැරලයේ ඇත්තේ සයනයිඩ් දැමූ පැණිබීම පානයයි (theunredacted.com)

පළමුව බිළින්දන් සහ කුඩා දරුවන්ගේ මුව තුළට කටුව ඉවත් කළ සිරින්ජ මගින් මෙම බීම විදිනු ලැබුවා. මව්වරුන් ඉදිරියට පැමිණ පැණිබීම අඩංගු බේසමෙන් තම දරුවන්ට පෙවීමට පටන්ගත් අතර ජෝන්ස්ගේ ප්‍රධාන අනුගාමිකයින් විසින් වැඩිහිටියන්වද එය පානය කිරීමට දිරිගන්වනු ලැබුවා. කෙසේ නමුත් මිනිත්තු 5ක් තුළ විෂ ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර, එය තම දරුවන් තුළ ඇතිකරවනු ලැබූ වේදනාව සහ ප්‍රතික්‍රියාවන් දුටු වැඩිහිටියන් තමන් විසින් එය පානය කිරීමට පැකිලෙන්නට වුණා.

එම අවස්ථාව ජෝන්ස් විසින් පටිගත කර තිබූ අතර එම හඬ පටයේ පසුබිමින් සාමාජිකයින්ගේ හැඬුම් සහ විලාපයන් අසන්නට ලැබෙනවා. කැමැත්තෙන් දිවි නසාගැනීමට එකඟ වුවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමේ දී සාමාජිකයින් මහත් පැකිළීමක් සහ බියක් දැක්වූ බවට එය සාක්ෂි සපයනවා. පැණිබීම බිව් සියළුම සාමාජිකයින් පැවිලියමෙන් පිටත එළිමහනට රැගෙන ගිය අතර, ජෝන්ස් තම අනුගාමිකයින් මෙන් වස පානය කළේ නැහැ. ඔහු තවත් සාමාජිකයින් කීපදෙනෙකු සමඟ හිසට වෙඩි තබාගත්තා.

සියදිවි නසාගත්තවුන් ගණන 909කි (Newsweek)

අනාවරණය

කොන්ග්රස් සාමාජිකයන්ගේ මරණය නිසා නොවැම්බර් 19 වන දින ගයනා පොලිස් නිලධාරීන් ජෝන්ස්ටවුන් ජනපදයට පැමිණියා. ඔවුනට දක්නට ලැබුණේ ජනපදයේ බිම සියදිවි නසාගත්තවුන්ගෙන් වැසී පැවතුණු බවයි. බොහෝ දෙනෙකු තමන්ගේ ආදරණීයයන් වැළඳගෙන මරු දැක තිබුණා.

ජෝන්ස්ටවුන්හි සමූහ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් දිවි බේරාගැනීමට කීපදෙනෙක් සමත්වුණා. විවිධ කටයුතු සඳහා ජනපදයෙන් පිටතට ගොස් සිටි කීපදෙනෙක්, ආරක්ෂකයින් රවටා ජනපදයෙන් අසල වනයට පලාගිය කීපදෙනෙක් සහ සිය කන් ඇසීමේ දුර්වලතාවයක් නිසා රැස්වීමට කළ නියෝගය නෑසුණු පුද්ගලයෙකුත් මෙම සිදුවීමෙන් දිවි බේරාගෙන තිබුණා. ඉතුරු ජනපදිකයින් 909 දෙනාම එදින මරු වැළඳගත්තා.

Source: rorar.lk

[QUOTE="Minimuthu Mora, post: 21727563, member: 529847"] [b]ජෝන්ස්ටවුන් සියදිවි නසාගැනීමේ සිද්ධිය[/b] [CENTER][SIZE="4"][COLOR="Purple"][img]http://i.imgur.com/Z4MuNVh.jpg[/img] පීපල්ස් චර්ච් නාම පුවරුවක් (San Diego State University) ‘”පීපල්ස් ටෙම්ප්ල්” කියන්නේ 1955 දී නිර්මාණය කළ ආගමික ව්‍යාපාරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියෑනා ජනපදයේ ඉන්ඩියෑනාපොලිස් හි දී මෙම ආගමික සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ජිම් ජෝන්ස් නම් ප්‍රොතෙස්තන්ත්‍ර පාස්ටර්වරයෙක් විසින්. 1978 නොවැම්බර් 18 වන දා ගයානාවේ අප්‍රසිද්ධ ජනාවාස ප්‍රදේශයක දී ජෝන්ස් ද ඇතුළුව මෙම සංවිධානයේ සාමාජිකයින් 909 දෙනෙකු එකවර සියදිවි නසාගත්තා. [B]ජෝන්ස් සහ අනුගාමිකයින් එක්සත් ජනපදය හැරයයි[/B] 1955 දී ඉන්ඩියෑනාපොලිස් හි දී “පීපල්ස් ටෙම්ප්ල්” නම් පල්ලිය ප්‍රථමයෙන් පිහිටුවනු ලැබුවේ බයිබලයේ ඉගැන්වීම් පදනම් කරගත්තක් ලෙස වුවත්, ඔවුන් විසින් “අපොස්තලික සමාජවාදය” නම් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනු ලැබුවා. ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිවෙත නිසා එල්ල වූ විවේචන හේතුවෙන් 1965 දී කැලිෆෝනියාවේ රෙඩ්වුඩ් මිටියාවත ප්‍රදේශයට පල්ලිය ගෙනයනු ලැබුවා පමණක් නොව ඉන් වසර කීපයකට පසු තවත් ශාඛා ද කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටුවනු ලැබුවා. [img]http://i.imgur.com/vfQE1vv.jpg[/img] පාස්ටර් ජිම් ජෝන්ස් (Wikipedia) 1973 දි ලෙස්ටර් කින්සොල්වින් නම් මාධ්‍යවේදියෙකු විසින් මෙම ආගමික සංවිධානය පිළිබඳව විවේචනාත්මක ලිපි රැසක් පුවත්පත් වල පලකරනු ලැබුවා. ඒ සමඟ ම වාගේ ජෝන්ස්ගේ පල්ලියේ සාමාජිකයින් 8දෙනෙකු ද පල්ලිය හැර යෑමෙන් කලබලයට පත් වූ ජෝන්ස් සහ ඔහුගේ අනුගාමිකයෙක් පොලීසියෙන් සහ මාධ්‍යවලින් එල්ලවිය හැකි ප්රහාරයන්ගෙන් ගැලවීමට උපක්රමයන් සෙවීම ආරම්භ කළා. රට හැර යෑම විසඳුම ලෙස සැලකූ ඔවුන් කැනඩාව, ට්‍රිනිඩෑඩ්, හා බාබඩෝස් ආදී රටවල් සලකා බැලුණු අතර අවසන ඔවුන් විසින් දකුණු ඇමරිකාවේ ගයනාව තෝරාගත්තා. 1973 ඔක්තෝබර් මස ගයනාවේ කෘශිකාර්මික මීසමක් පිහිටුවීමට සම්මත කරගත් ඔවුන්, 1974 දී ගයනා අගනුවර වන ජෝර්ජ්ටවුන්වලින් කිලෝමීටර 240ක් ඇතින් පිහිටි කැලෑ බිමකින් අක්කර 3800ක් බද්දට ගනු ලැබුවා. [img]http://i.imgur.com/cqwthYu.jpg[/img] පීපල්ස් චර්ච් හි දේව මෙහෙයක් (Emaze) [B]ජෝන්ස්ටවුන් පිහිටුවීම[/B] බදුගත් බිමට පැමිණි අනුගාමිකයින් 500ක් දෙනා ‘ජෝන්ස්ටවුන්’ නම් ජනාවාසය ගොඩනැගීම ආරම්භ කළා. 1977 දී ජෝන්ස් ද ඇතුළු අනුගාමිකයින් බොහොමයක් දෙනා මධ්‍යයන්ගේ පීඩනයෙන් ගැලවීමට එක්සත් ජනපදය හැරදමා විත් ජෝන්ස්ටවුන් හි පදිංචි වුණා. 1978 වන විට එහි ජනගහනය 1000 පමණ දක්වා ඉහළ නැග තිබුණා. [B]අන්තවාදී පාලනයක්[/B] බොහොමයක් අනුගාමිකයින් විශ්වාස කළේ තම නායක ජෝන්ස් පොරොන්දු වූ ලෙසටම ජෝන්ස්ටවුන් ‘පොරොන්දු දේශය’ වනු ඇති බවයි. නමුත් සිදුවූයේ ඔවුන් නොසිතූවක්. ජෝන්ස්ටවුන්හි ජීවිතය අති දුශ්කර ජීවිතයක් වුණා. පළමු මාස කීපය පුරාවටම උදෑසන 06.30 සිට සවස 06.00 දක්වා සතියට දින 6ක් නොකඩවා වැඩ කිරීමට සිදුවුණා. ඔවුනට විවේකය ලැබුණේ කෑම පැය පමණයි. රාත්‍රී කාලයෙන් වැඩි කොටසක් ජෝන්ස්ගේ දේශන වලට ඇහුම්කන් දෙමින් ගත කිරීමට ඔවුනට සිදුවුණා. ඊට අමතර සවස් කාලයේ සමාජවාදය පිළිබඳව පන්ති වලට සහභාගී වීමටත් ඔවුනට සිදුවුණා. ගොවිපළෙහි පස නිසරු වූ නිසා තිරිඟු ආදිය මද වූ අතර සහල්, බෝංචි ආදිය මත යැපීමට සාමාජිකයින්ට සිදුවුණා. [B]ජෝන්ස්ටවුන්හි අන්තවාදී පුරුදු [/B] ජෝන්ස් තම දේශනා වලදී නිතර පැවසුවේ ඇමරිකානු CIA ඇතුළු සංවිධාන ජෝන්ස්ටවුන් විනාශ කිරීම ‘කුමණ්ත්‍රණය’ කරමින් සිටින බවයි. විටින් විට හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කර සියළුම සාමාජිකයින් එක් රැස් කරගන්නා ජෝන්ස් තම අනුගාමිකයින්ට සියදිවි නසාගැනීම, සටන් කිරීම ඇතුළු තෝරාගැනීම කීපයක් දී ඡන්දය විමසුවා. සියදිවි නසාගැනීම සම්මත වූ වාරයන් දෙකකම ඔහු විසින් සියළුම සාමාජිකයින් පෝලිම් ගස්වා ඔවුනට සයනයිඩ් අඩංගු බව කියූ පානයන් ලබා දී ඔවුන් මිනිත්තු 45ක් තුල මරණයට පත්වන බවට ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබුවා. අදාල කාලය තුල දී ඔවුන් මරණයට පත් නොවීම නිසා විමතියට පත්ව සිටි ඔවුනට දැන්ගැනීමට ලැබුණේ ඔවුන්ගේ පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට කළ ක්‍රියාකාරකමක් බවත් එය සත්‍යයෙන්ම විෂ නොවූ බවත් ය. [img]http://i.imgur.com/rYtwZgI.jpg[/img] 1978 දී ජෝන්ස්ටවුන් (slate.com) 1978 වන විට ජෝන්ස් විටින් විට රෝගී තත්ත්වයන්ට පත්වීමට ද පටන්ගත් බව කියැවෙනවා. තමන්ගේ රෝගී තත්ත්වය ඉතා බරපතල බව කියමින් තම අනුගාමිකයන්ගේ අනුකම්පාව ලබාගැනීමට ද ජෝන්ස් උත්සාහ කළ බවයි පැවසෙන්නේ. ශාරීරික රෝගයන් පමණක් නොව දරුණු මානසික රෝගයකින් ද ඔහු පෙළෙන්නට ඇතැයි සැක කෙරුණා. [B]කොන්ග්රස් සාමාජික රයන්ගේ ඝාතනය[/B] මේ වන විට ජෝන්ස්ටවුන්හි පදිංචිව සිටි අනුගාමිකයින්ගේ ඇමරිකානු නෑදෑයින් ඔවුන් ගැන සිත්තැවුලට පත්ව සිටියා. එක්සත් ජනපද කොන්ග්‍රසයේ සාමාජික ලියෝ රයන්ව හමු වූ ඔවුන් ජෝන්ස්ටවුන් වලට ගොස් ජනපදය පරීක්ෂා කිරීමට පොළඹවාගත්තා. 1978 නොවැම්බර් 17 වන දා මාධ්‍යවේදීන් ද ඇතුළු පිරිසක් සමඟ ජෝන්ස්ටවුන් වෙත පැමිණි රයන් වොඋන් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූවා. දෙවනි දිනත් ජෝන්ස්ටවුන් වෙත පැමිණ සාකච්ඡා පවත්වා පිටව යන රයන් වෙත පැමිණි පල්ලියේ අනුගාමිකයින් පිරිසක් ඉල්ලා සිටියේ තමන්ට ගයනාවෙන් පිටව යෑමට උදව් කරනා ලෙසයි. තම සමාජිකයින් පල්ලිය හැර යෑමට උත්සාහ කිරීම ගැන ජෝන්ස් කලබලයට පත්වූ අතර ඔහුගේ ප්‍රධාන අනුගාමිකයෙක් උත්සාහ කළේ රයන්ට පිහියකින් ඇණ ඝාතනය කිරීමටයි. රයන් එම ප්‍රහාරයෙන් ගැලවී යෑමට සමත් වුණත්, ඔවුන් අල්ලා ඝාතනය කරන ලෙස ජෝන්ස් තම පිරිසට නියෝග කළා. [img]http://i.imgur.com/ksVz4cr.jpg[/img] කොන්ග්රස් සාමාජික ලියෝ රයන් මියගිය වන බවට වූ පුවත්පත් ලිපියක් (StevenWarRan) රයන් සහ පිරිස පෝට් කයිටුමා හි ගුවන් පථය වෙත පැමිණ ගුවන් යානයකට නැග පිටව යෑමට සැරසෙන තෙක් රැක සිටි ජෝන්ස්ගේ අනුගාමිකයින් එම පිරිසට වෙඩි තබනු ලැබුවා. කොන්ග්රස් සාමාජික රයන් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙම සිදුවීමෙන් මියගියා. [B]“විප්ලවීය දිවිපිදුම”[/B] 1978 නොවැම්බර් 18 වන දා රයන් ඝාතනයෙන් අනතුරුව සවස් යාමයේ ජනපදයට පැමිණෙන ජෝන්ස් සියල්ලන්වම පැවිලියමට රැස් කරනවා. රැස්වූ අනුගාමිකයින්ට ඔහු විසින් ප්‍රකාශ කරන්නේ කොන්ග්රස් සාමාජිකා ගමන් කරනා යානාවේ නියමුවාට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබනා බව තමාට දැනෙන බවත්, යානය කඩා වැටෙනා බවත්, එයට වරදකරු ලෙස තමන් සියල්ලන්ම බලධාරීන් විසින් ඝාතනය කර දමනු ලබන ඇති බවත් ය. එමනිසා තමන් සියළුදෙනාම ‘විප්ලවීය’ ලෙස සියදිවි නසාගත යුතු බව ඔහු විසින් යෝජනා කරනවා. ඇතැම් සාමාජිකයින් විසින් තමන් සියදිවි නසාගැනීම නොව පලායෑම කළ යුතු බව කීවත් ජෝන්ස් විසින් එය නොසලකා හරිනු ලබනවා. ඔහු විසින් පුනරුත්පත්තිය පිළිබඳව ද කරන ලද ඇඟවුම් නිසා බහුතරයක් අනුගාමිකයින්ගේ සහය ද ඔහුට හිමිවෙනවා. එම නිසා සයනයිඩ්, වැලියම්, සහ කොලරල් හයිඩ්රේට් ආදිය යොදන ලද පැණිබීමක් පිළියෙල කරනු ලබනවා. [img]http://i.imgur.com/SNtK1Pe.jpg[/img] රූපයේ දැක්වෙන බැරලයේ ඇත්තේ සයනයිඩ් දැමූ පැණිබීම පානයයි (theunredacted.com) පළමුව බිළින්දන් සහ කුඩා දරුවන්ගේ මුව තුළට කටුව ඉවත් කළ සිරින්ජ මගින් මෙම බීම විදිනු ලැබුවා. මව්වරුන් ඉදිරියට පැමිණ පැණිබීම අඩංගු බේසමෙන් තම දරුවන්ට පෙවීමට පටන්ගත් අතර ජෝන්ස්ගේ ප්‍රධාන අනුගාමිකයින් විසින් වැඩිහිටියන්වද එය පානය කිරීමට දිරිගන්වනු ලැබුවා. කෙසේ නමුත් මිනිත්තු 5ක් තුළ විෂ ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර, එය තම දරුවන් තුළ ඇතිකරවනු ලැබූ වේදනාව සහ ප්‍රතික්‍රියාවන් දුටු වැඩිහිටියන් තමන් විසින් එය පානය කිරීමට පැකිලෙන්නට වුණා. එම අවස්ථාව ජෝන්ස් විසින් පටිගත කර තිබූ අතර එම හඬ පටයේ පසුබිමින් සාමාජිකයින්ගේ හැඬුම් සහ විලාපයන් අසන්නට ලැබෙනවා. කැමැත්තෙන් දිවි නසාගැනීමට එකඟ වුවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමේ දී සාමාජිකයින් මහත් පැකිළීමක් සහ බියක් දැක්වූ බවට එය සාක්ෂි සපයනවා. පැණිබීම බිව් සියළුම සාමාජිකයින් පැවිලියමෙන් පිටත එළිමහනට රැගෙන ගිය අතර, ජෝන්ස් තම අනුගාමිකයින් මෙන් වස පානය කළේ නැහැ. ඔහු තවත් සාමාජිකයින් කීපදෙනෙකු සමඟ හිසට වෙඩි තබාගත්තා. [img]http://i.imgur.com/x98HnXD.jpg[/img] සියදිවි නසාගත්තවුන් ගණන 909කි (Newsweek) [B]අනාවරණය[/B] කොන්ග්රස් සාමාජිකයන්ගේ මරණය නිසා නොවැම්බර් 19 වන දින ගයනා පොලිස් නිලධාරීන් ජෝන්ස්ටවුන් ජනපදයට පැමිණියා. ඔවුනට දක්නට ලැබුණේ ජනපදයේ බිම සියදිවි නසාගත්තවුන්ගෙන් වැසී පැවතුණු බවයි. බොහෝ දෙනෙකු තමන්ගේ ආදරණීයයන් වැළඳගෙන මරු දැක තිබුණා. ජෝන්ස්ටවුන්හි සමූහ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් දිවි බේරාගැනීමට කීපදෙනෙක් සමත්වුණා. විවිධ කටයුතු සඳහා ජනපදයෙන් පිටතට ගොස් සිටි කීපදෙනෙක්, ආරක්ෂකයින් රවටා ජනපදයෙන් අසල වනයට පලාගිය කීපදෙනෙක් සහ සිය කන් ඇසීමේ දුර්වලතාවයක් නිසා රැස්වීමට කළ නියෝගය නෑසුණු පුද්ගලයෙකුත් මෙම සිදුවීමෙන් දිවි බේරාගෙන තිබුණා. ඉතුරු ජනපදිකයින් 909 දෙනාම එදින මරු වැළඳගත්තා. [/COLOR][/SIZE] Source: rorar.lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom