Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඤාණෂාර හිමියන් පිලිකුල්සහගතයි-දිවයින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඤාණෂාර හිමියන් පිලිකුල්සහගතයි-දිවයින

ලසේනා දෙකක කලබලය!

වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 'ජාතික බල සේනාව' නම් සංවිධානයක් මගින් පසුගිය බදාදා කොළඹ කොම්පඤ්ඤවීදියේ හෝටලයක පැවැත්වීමට ගිය මාධ්‍ය හමුවට කඩාවැදුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්රමුඛ පිරිසක් විසින් කලබලයක් ඇති කොට එම මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර කඩාකප්පල් කිරීම දේශපාලන පක්ෂ කිහිපයක මෙන්ම ප්රජාතන්ත්රවාදය අගයන බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජාතික සමගියට බාධා කරන ජාතිවාදී සංවිධාන පිළිබඳව කරුණු දැක්වීමට බව වටරැක විජිත හිමියෝ පවසති. මුස්ලිම් පූජකවරුන් කිහිපදෙනකු ද මෙයට සහභාගිවීමට පැමිණ සිටියහ.

එහෙත් මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර එම ස්ථානයට කඩාවැදුණු බොදුබල සේනාවේ පිරිස හැසිරුණු අන්දම රූපවාහිනි නාලිකා හා වෙබ් අඩවිවල වීඩියෝ දර්ශන මගින් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දැකගත හැකි විය.

'කට වහගන්නවා. ඉස්සෙල්ලා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ෂටප්. මරක්කලයන්ට කඩේ යන්නෙ නැතිව බුදුහාමුදුරුවන්ට කඩේ පලයන් මිනිහො. මූට ගේන්න ඇඳුමක්. මේ රටේ මොකක්ද මරක්කලයන්ට තිබෙන ප්‍රශ්නෙ." මේ ගලබොඩඅත්තේ හිමියන් එම අවස්ථාවේ විජිත හිමියන්ට හා මුස්ලිම් පූජකවරුන්ට බැණ වදිමින් පැවැසූ දේවලින් මෙහි ලිවිය හැකි වචන ස්වල්පයක් පමණි.

මාධ්‍ය හමුව කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ටවත් මුස්ලිම් පූජකවරුන්ටවත් වචනයක්වත් ප්‍රකාශ කිරීමට ඉඩ නොදී තර්ජනාත්මක ලෙස බැණ වදිමින් ගලගොඩඅත්තේ හිමියන් එහිදී හැසිරුණේ මරියකඩේ ගණන්කාරයකු, චණ්ඩියකු ලෙස බව රූපවාහිනියෙන් මේ සිද්ධිය නැරඹූ බොහෝ දෙනකු පැවසූහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ව්‍යවස්ථාව අනුව "සෑම පුරවැසියකුටම, (අ) භාෂණයේ නිදහස සහ ප්රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට, (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට, (ඇ) සමාගමයේ නිදහසට, හිමිකම් ඇත්තේය" යනුවෙන් දක්වා ඇත.

ඒ අනුව වටරැක විජිත හිමියන්ට පමණක් නොව ඕනෑම කෙනකුට තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. 'ජාතික බලසේනාව' ද මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ එම අයිතිය අනුවය. බොදුබල සේනාවට තිබුණේ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ අදහස්වලට තමන්ගේ මාධ්‍ය හමුවකදී හෝ රැස්වීමකදී පිළිතුරු දීම මිස ප්රජාතන්ත්ර විරෝධී ලෙස එය කඩාකප්පල් කිරීම නොවේ.

සිංහල ජාතිය වෙනුවෙන් හා බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බව පවසමින් නීතිය අතට ගෙන චණ්ඩින් මෙන් කටයුතු කිරීමට බොදුබල සේනාවට පමණක් නොව කිසිදු සේනාවකට අයිතියක් නැත. එසේ කිරීමෙන් සිංහලයන් හා බෞද්ධයන් අතර වීරයන් වන්නේ යෑයි යමෙකු සිතනවා නම් එය මුළාවකි.

සිංහල ජාතියේත් බෞද්ධයන්ගේත් අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොල සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි හා අනගාරික ධර්මපාලතුමා ආදී බෞද්ධ නායකයන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ කිසිවකු නීතිය අතට ගෙන චණ්ඩි පාට් දැමූ බවක් දැනගන්නට නැත.

'ජාතික බලසේනා' මාධ්‍ය හමුවට කඩාවැදුණු 'බොදුබල සේනාව' මාධ්‍ය හමුව කඩාකප්පල් කළා පමණක් නොව එය කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ට උන්වහන්සේගේ සිවුර ගලවන බවට ද තර්ජනය කරමින් සිංහලයන්ගෙන් හා බෞද්ධයන්ගෙන් සමාව ගන්නා ලෙසට ද බලකර සිටියේය.

මරණ බියට පත් විජිත හිමියෝ "මා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් පාවාදුන්නා. එම පාවාදීම ගැන මා මේ රටේ සිංහල ජනතාවගෙන් ද බෞද්ධ ජනතාවගෙන් ද සමාව ඉල්ලනවා" යනුවෙන් තැතිගත් මුහුණින් යුතුව ප්‍රකාශ කළහ.

මේ සියල්ල සිදුවූයේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු පොලිසිය බලා සිටියදීය. ජාතික බලසේනාව මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා මෙම හෝටලය මුදල් ගෙවා වෙන්කරවාගෙන ඇති බැවින් ඔවුන්ට එය පැවැත්වීමට ඉඩ දෙන්නැයි පොලිස් නිලධාරියකු ඉල්ලා සිටි නමුත් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් එය තඹයකටවත් මායිම් නොකොට, තමන් අත්අඩංගුවට ගන්නැයි පොලිsසියට අභියෝගයක් ද කළේය.

අන්තිමේදී පොලිස් ආරක්ෂාව ඇතිව වටරැක විජිත හිමියන් ඇතුළු පිරිස පිටත්ව ගියහ. පසුව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස්, තමන් මරණ බිය නිසා ඒ අවස්ථාවේ සමාව ඉල්ලා සිටි බවත් බොදුබල සේනාව තමන් වහන්සේ සතුව තිබූ ලිපිගොනු ද පැහැරගත් බවත් පැමිණිලි කොට තිබුණි.

මේ සිද්ධිය බදාදා රාත්‍රියේ හා බ්‍රහස්පතින්දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු අප්‍රේල් 12 දා විජිත හිමියන්ගේ පැමිණිල්ල පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය ඥනසාර හිමියන්ට දැනුම් දී තිබේ.

ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවට කඩාවැදී රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන් ද ප්රජාතන්ත්රවාදය පිළිබඳ පාර්ශ්වයෙන් ද බරපතළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරමින් බොදු බල සේනා සංවිධානය විසින් ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් යෑයි මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.

"මෙහිදී බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් විසින් එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු සංවිධායකයන්ට බැණ වදින හා එළවා දමන ආකාරයත් බලහත්කාරයෙන් සමාව ගැනීමට සලස්වන ආකාරයත් දක්නට ලැබුණේ පොලිස් නිලධාරීන් ද එහි සිටින තත්ත්වයක් තුළය"

සෑම සංවිධානයක් විසින්ම මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්ත්වය අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව, ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ඉස්මතු කළ යුතු මොහොතක ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයෙන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දකිමු" යයි ද ජනතා විමුක්ති පෙරමුණ සිය නිවේදනයෙන් කියා සිටී.

පොලිස් නිලධාරීන් ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් ප්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්ඩුවේ අනුග්‍රහය මිස වෙනකක් නොවේ යෑයි සිය නිවේදනය මගින් ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්ර විරෝධී සහ ජාතික අසමගියට තුඩුදෙන මෙබඳු හිතුවක්කාරී හැසිරීම් වළක්වාලීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු යෑයි බලකර සිටින බව ද සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බොදුබල සේනාව විසින් ඇති කළ මෙම සිද්ධිය ගැන රජය මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරයි. ඔහු පවසන්නේ මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවයි.

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට තුළ ජාතික සමගිය, සංහිඳියාව වර්ධනය වෙමින් තිබියදී යළිත් ජාතිවාදයට පාර කපන මෙවැනි සිද්ධීන් අනුමත කළ නොහැකි බවත් බොදුබල සේනාව මීට පෙර ද මේ අයුරින් ක්‍රියා කර ඇති බවත් සඳහන් කරන කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ සිද්ධියේදී ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් ක්‍රියා කරන ආකාරය හෙළාදකින බවත් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ ඇමැති වාසුදේව නානායක්කාර මහතා බොදුබල සේනා සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් 'ආණ්ඩුව ආණ්ඩුවක් නම්' මෙවැනිs සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු නිකම් බලා සිටීමට පුළුවන්දැයි ප්‍රශ්න කරයි. නීතියට උඩින් කටයුතු කිරීමට බොදුබල සේනාවට බලයක් නැති බව ද ඇමැතිවරයා පවසයි.

මෙවැනි සිදුවීම් ඉදිරියටත් ඇතිවීමට ඉඩ තැබුවහොත් අනාගතයේදී ශ්‍රී ලංකාව නීතියක් නැති රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇති බව නිසැකය.

[QUOTE="amasin, post: 16527206, member: 438906"] [b]ඤාණෂාර හිමියන් පිලිකුල්සහගතයි-දිවයින[/b] [SIZE="4"]ලසේනා දෙකක කලබලය! වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 'ජාතික බල සේනාව' නම් සංවිධානයක් මගින් පසුගිය බදාදා කොළඹ කොම්පඤ්ඤවීදියේ හෝටලයක පැවැත්වීමට ගිය මාධ්‍ය හමුවට කඩාවැදුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්රමුඛ පිරිසක් විසින් කලබලයක් ඇති කොට එම මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර කඩාකප්පල් කිරීම දේශපාලන පක්ෂ කිහිපයක මෙන්ම ප්රජාතන්ත්රවාදය අගයන බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත. මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජාතික සමගියට බාධා කරන ජාතිවාදී සංවිධාන පිළිබඳව කරුණු දැක්වීමට බව වටරැක විජිත හිමියෝ පවසති. මුස්ලිම් පූජකවරුන් කිහිපදෙනකු ද මෙයට සහභාගිවීමට පැමිණ සිටියහ. එහෙත් මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර එම ස්ථානයට කඩාවැදුණු බොදුබල සේනාවේ පිරිස හැසිරුණු අන්දම රූපවාහිනි නාලිකා හා වෙබ් අඩවිවල වීඩියෝ දර්ශන මගින් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දැකගත හැකි විය. 'කට වහගන්නවා. ඉස්සෙල්ලා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ෂටප්. මරක්කලයන්ට කඩේ යන්නෙ නැතිව බුදුහාමුදුරුවන්ට කඩේ පලයන් මිනිහො. මූට ගේන්න ඇඳුමක්. මේ රටේ මොකක්ද මරක්කලයන්ට තිබෙන ප්‍රශ්නෙ." මේ ගලබොඩඅත්තේ හිමියන් එම අවස්ථාවේ විජිත හිමියන්ට හා මුස්ලිම් පූජකවරුන්ට බැණ වදිමින් පැවැසූ දේවලින් මෙහි ලිවිය හැකි වචන ස්වල්පයක් පමණි. මාධ්‍ය හමුව කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ටවත් මුස්ලිම් පූජකවරුන්ටවත් වචනයක්වත් ප්‍රකාශ කිරීමට ඉඩ නොදී තර්ජනාත්මක ලෙස බැණ වදිමින් ගලගොඩඅත්තේ හිමියන් එහිදී හැසිරුණේ මරියකඩේ ගණන්කාරයකු, චණ්ඩියකු ලෙස බව රූපවාහිනියෙන් මේ සිද්ධිය නැරඹූ බොහෝ දෙනකු පැවසූහ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ව්‍යවස්ථාව අනුව "සෑම පුරවැසියකුටම, (අ) භාෂණයේ නිදහස සහ ප්රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට, (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට, (ඇ) සමාගමයේ නිදහසට, හිමිකම් ඇත්තේය" යනුවෙන් දක්වා ඇත. ඒ අනුව වටරැක විජිත හිමියන්ට පමණක් නොව ඕනෑම කෙනකුට තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. 'ජාතික බලසේනාව' ද මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ එම අයිතිය අනුවය. බොදුබල සේනාවට තිබුණේ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ අදහස්වලට තමන්ගේ මාධ්‍ය හමුවකදී හෝ රැස්වීමකදී පිළිතුරු දීම මිස ප්රජාතන්ත්ර විරෝධී ලෙස එය කඩාකප්පල් කිරීම නොවේ. සිංහල ජාතිය වෙනුවෙන් හා බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බව පවසමින් නීතිය අතට ගෙන චණ්ඩින් මෙන් කටයුතු කිරීමට බොදුබල සේනාවට පමණක් නොව කිසිදු සේනාවකට අයිතියක් නැත. එසේ කිරීමෙන් සිංහලයන් හා බෞද්ධයන් අතර වීරයන් වන්නේ යෑයි යමෙකු සිතනවා නම් එය මුළාවකි. සිංහල ජාතියේත් බෞද්ධයන්ගේත් අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොල සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි හා අනගාරික ධර්මපාලතුමා ආදී බෞද්ධ නායකයන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ කිසිවකු නීතිය අතට ගෙන චණ්ඩි පාට් දැමූ බවක් දැනගන්නට නැත. 'ජාතික බලසේනා' මාධ්‍ය හමුවට කඩාවැදුණු 'බොදුබල සේනාව' මාධ්‍ය හමුව කඩාකප්පල් කළා පමණක් නොව එය කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ට උන්වහන්සේගේ සිවුර ගලවන බවට ද තර්ජනය කරමින් සිංහලයන්ගෙන් හා බෞද්ධයන්ගෙන් සමාව ගන්නා ලෙසට ද බලකර සිටියේය. මරණ බියට පත් විජිත හිමියෝ "මා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් පාවාදුන්නා. එම පාවාදීම ගැන මා මේ රටේ සිංහල ජනතාවගෙන් ද බෞද්ධ ජනතාවගෙන් ද සමාව ඉල්ලනවා" යනුවෙන් තැතිගත් මුහුණින් යුතුව ප්‍රකාශ කළහ. මේ සියල්ල සිදුවූයේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු පොලිසිය බලා සිටියදීය. ජාතික බලසේනාව මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා මෙම හෝටලය මුදල් ගෙවා වෙන්කරවාගෙන ඇති බැවින් ඔවුන්ට එය පැවැත්වීමට ඉඩ දෙන්නැයි පොලිස් නිලධාරියකු ඉල්ලා සිටි නමුත් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් එය තඹයකටවත් මායිම් නොකොට, තමන් අත්අඩංගුවට ගන්නැයි පොලිsසියට අභියෝගයක් ද කළේය. අන්තිමේදී පොලිස් ආරක්ෂාව ඇතිව වටරැක විජිත හිමියන් ඇතුළු පිරිස පිටත්ව ගියහ. පසුව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස්, තමන් මරණ බිය නිසා ඒ අවස්ථාවේ සමාව ඉල්ලා සිටි බවත් බොදුබල සේනාව තමන් වහන්සේ සතුව තිබූ ලිපිගොනු ද පැහැරගත් බවත් පැමිණිලි කොට තිබුණි. මේ සිද්ධිය බදාදා රාත්‍රියේ හා බ්‍රහස්පතින්දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු අප්‍රේල් 12 දා විජිත හිමියන්ගේ පැමිණිල්ල පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය ඥනසාර හිමියන්ට දැනුම් දී තිබේ. ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවට කඩාවැදී රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන් ද ප්රජාතන්ත්රවාදය පිළිබඳ පාර්ශ්වයෙන් ද බරපතළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරමින් බොදු බල සේනා සංවිධානය විසින් ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක් යෑයි මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ. "මෙහිදී බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් විසින් එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු සංවිධායකයන්ට බැණ වදින හා එළවා දමන ආකාරයත් බලහත්කාරයෙන් සමාව ගැනීමට සලස්වන ආකාරයත් දක්නට ලැබුණේ පොලිස් නිලධාරීන් ද එහි සිටින තත්ත්වයක් තුළය" සෑම සංවිධානයක් විසින්ම මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්ත්වය අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව, ජාතික සමගිය පිළිබඳ කතිකාවතක් ඉස්මතු කළ යුතු මොහොතක ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයෙන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දකිමු" යයි ද ජනතා විමුක්ති පෙරමුණ සිය නිවේදනයෙන් කියා සිටී. පොලිස් නිලධාරීන් ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් ප්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්ඩුවේ අනුග්‍රහය මිස වෙනකක් නොවේ යෑයි සිය නිවේදනය මගින් ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්ර විරෝධී සහ ජාතික අසමගියට තුඩුදෙන මෙබඳු හිතුවක්කාරී හැසිරීම් වළක්වාලීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු යෑයි බලකර සිටින බව ද සඳහන් කරයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බොදුබල සේනාව විසින් ඇති කළ මෙම සිද්ධිය ගැන රජය මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි චෝදනා කරයි. ඔහු පවසන්නේ මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවයි. ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට තුළ ජාතික සමගිය, සංහිඳියාව වර්ධනය වෙමින් තිබියදී යළිත් ජාතිවාදයට පාර කපන මෙවැනි සිද්ධීන් අනුමත කළ නොහැකි බවත් බොදුබල සේනාව මීට පෙර ද මේ අයුරින් ක්‍රියා කර ඇති බවත් සඳහන් කරන කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ සිද්ධියේදී ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් ක්‍රියා කරන ආකාරය හෙළාදකින බවත් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ ඇමැති වාසුදේව නානායක්කාර මහතා බොදුබල සේනා සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් 'ආණ්ඩුව ආණ්ඩුවක් නම්' මෙවැනිs සංවිධානයක් මේ ආකාරයට කටයුතු කරනු නිකම් බලා සිටීමට පුළුවන්දැයි ප්‍රශ්න කරයි. නීතියට උඩින් කටයුතු කිරීමට බොදුබල සේනාවට බලයක් නැති බව ද ඇමැතිවරයා පවසයි. මෙවැනි සිදුවීම් ඉදිරියටත් ඇතිවීමට ඉඩ තැබුවහොත් අනාගතයේදී ශ්‍රී ලංකාව නීතියක් නැති රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇති බව නිසැකය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom