ඥාතිවරියකට දුන් සිඟිති දියණියගේ මරණය අබිරහසක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4යි මාස 7ක දැරියක සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.එම සැකකරු වන (මියගිය දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ,

    වයස අවුරුදු පහට අඩු දරුවකු ගිවිසුමක් හරහා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක, ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතා ද වන බව පොලිසිය කියයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණේ, මාලිගාවත්ත ලක් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි, මොහොමඩ් රිස්කාන් හායිසා දැරියයි.මියගිය දැරිය, මව හා පියා සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර,

    මීට මාස පහකට පමණ ඉහතදී මව විදේශගත වීමට පෙර නීතිඥවරයකු ඉදිරියේදී ගිවිසුමක් මාර්ගයෙන්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන තෙක් දැරිය හදා වඩා ගැනීම වෙනුවෙන් මාසිකව රුපියල් 30,000ක මුදලක් ලබා දීමේ පොරොන්දුව මත සමීප ඥාතිවරියක වන සැකකාරියට ලබා දී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඉකුත් 5 වැනිදා දැරිය නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී ඇදවැටී ඇති අතර, මඳ වේලාවකදී වමනය ද පහව ඇති අතර, ප්‍රධාන සැකකාරිය විසින් දැරිය රිජ්ජේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.

    එහිදී හදිසි ප්‍රතිකාර ඒකකය තුළදී දැරිය පැය දෙකකට පමණ පසු මියගොස් තිබිණි. දැරියගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේදී ඊයේ (7) විශේෂඥ වෛද්‍ය රාජගුරු මහතා විසින් සිදුකරනු ලැබූ බවත්, දැරියගේ සිරුරේ සුව වූ තුවාල කැලැල් කිහිපයක් දක්නට ලැබෙන බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි.දැරියගේ මළ සිරුර දැරියගේ පියාගේ තාත්තා (සීයා) වෙත භාර දුන් බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව, කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව, ඇයගේ දියණිය අත්අඩංගුවට ගත් සහ පුතු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    muta case ekak nadda??
    muta thibba neda oka weradi wedak kiyala agreement eka gahanne nathuwa policiiyata kiyanna??
     

    Similar threads