Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් නොවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකට පසුව වටමඬල සාහිත්‍ය අවකාශයෙන් දුටු අගනා ශාස්ත්‍රීය අභියෝග නැවතත් අරුණ සාහිත්‍ය පිටුවෙන්. මෙම අශාස්ත්‍රීය මතවාදයට එරෙහිව ඉතා විධිමත් පිළිතුරක් දැක්වීම පිළිබඳ රන්දුලට ස්තුති යි!

සඤ්ඤක ශබ්දවල ශබ්දිම අගයක් තිබේ දැ'යි සරසවියේ දෙවන වසරේ ඉගෙන ගන්න කාලයේ නොයෙක් ලිපි ලේඛන කියවා, තර්කානුසාරයෙන් නිදසුන් පෙළ ගස්වා එකල අපි සඤ්ඤක ශබ්ද ශබ්දිම අගයක් ඇති බව වටහා ගත්තෙමු. 'ඥ' අක්ෂරයේ ගැටලුවත් ලිහා ගත්තේ ඔය ඔන්න ඔය කාලෙ. ජේ.බී. දිසානායකයන් මේ සියල්ල දැනගෙනත් පදනම් විරහිත මතයක් වෙනුවෙන් පෙනී සිටීම අපට විමතියක් වුණා. මා සිතන්නේ නෑ දිසානායකයන්ට මේ තර්ක බිඳිය හැකි යැ'යි කියා.

බදාදා අරුණ සාහිත අවකාශය 'ධාරා'

සිංහල හෝඩියට ඥ අකුර එකතු කරන්න ඕනෑ කියලා අප හිතවත් සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් හඬ නඟන්නෙ දැන් අවුරුදු කීපයක ඉඳලා. එතුමා "ඥ ඕනෑ; ඥ ඕනෑ" කියනවා විනා ඒ ඕනෑකම තහවුරු කරන්න කරුණු දක්වන්නෙ නැහැ. කෙසේ වෙතත් සිංහල හෝඩියට ඥ ඕනෑ නැති බවට නම් වාග්විද්‍යාත්මක හේතු ගණනාවක් දක්වන්න පුළුවන්.

ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් නොවීම

පළමු වැනි හේතුව තමයි ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් (phoneme) නොවීම. ශබ්දිමයක් කියන්නෙ සමාන පරිසරයක යෙදිලා පදවල අර්ථය වෙනස් කරන ශබ්දයක්. උදාහරණයකට පණ - බණ කියන පද දෙකේ ම අණ - අණ කියන කොටස පොදුවේ තියෙනවා. අර්ථය වෙනස් වෙන්නෙ ප්, බ් දෙක වෙනස් වීමෙන්. ඒ කියන්නෙ ප්, බ් දෙක සිංහල භාෂාවේ ශබ්දිම. ඓතිහාසික හෝ වෛන්යාසික හෝ හේතුවකට ඇරුණු කොට හෝඩියක තිබිය යුත්තේ යම් භාෂාවක ශබ්දිම සමූහය පමණ යි. මේක වාග්විද්‍යාවේ සියවසක් විතර පරණ සිද්ධාන්තයක්. දිසානායක සූරීන් මේක නොදන්නවා වෙන්න බැහැ නෙ. ඒ නිසා ඥ යන්න හෝඩියට දාන්න ඕනෑ නම් එතුමා මුලින් ම පෙන්වා දෙන්න ඕනෑ ඒක සිංහල භාෂාවේ ශබ්දිමයක් වන ආකාරය.

ඥ අක්ෂරය තනි අකුරක් නොවීම

ඥ අක්ෂරය තනි අකුරක් නොවීම

දෙ වැනි හේතුව තමයි ඥ අක්ෂරය තනි අකුරක් නොවීම. යමක් ශබ්දිමයක් වෙන්න නම් ඒක මුලින් ම තනි ශබ්දයක් තනි අකුරක් වෙන්න ඕනෑ. ඥ කියන්නෙ බැඳි අකුරක්. ඒ කියන්නෙ සංයුක්ත අක්ෂරයක්. මෙතැන ඇත්තට ම අක්ෂර දෙකක් එකට බැඳිලා තියෙන්නෙ. ඒ තමයි ජ් සහ ඤ කියන අක්ෂර දෙක ජ්+ඤ = ඥ. සිංහල අක්ෂර මාලාවේ තියෙන්නෙ තනි අකුරු හෙවත් කේවල අක්ෂර පමණ යි. වර්තමාන සිංහල වර්ණමාලාවේ තියෙන කොයි අකුරත් නිරූපණය කරන්නෙ එක ශබ්දය යි. එහෙත් ඥ වගේ සංයුක්ත අක්ෂරයකින් එක ළඟ ශබ්ද දෙකක් නිරූපණය වෙනවා. ප්‍රඥාව, අඥාන, විද්‍යාඥ වගේ වචන කියන කොට කාට හරි ඥ යන්නෙන් ශබ්ද දෙකක් ඇහෙන්නෙ නැත්නම් ඒ තැනැත්තා හොඳ වෛද්‍ය සායනයකින් කන පරීක්ෂා කරගන්න ඕනෑ. ප්‍රඥාව, අඥාන, විද්‍යාඥ වගේ ඕනෑ ම පදයක් ඥ යන්න යොදාගන්නෙ නැති ව කේවල අක්ෂර යුගළ වසයෙන් ප්රජ්ඤාව, අජ්ඤාන, විද්යාජ්ඤ යනුවෙන් ලියන්න පුළුවන්. එහෙම ලියන එකේ කිසි වරදක් නැහැ. ඒ නිසා කියන්න තියෙන්නෙ කේවල අක්ෂර පමණක් තියෙන හෝඩියකට සංයුක්ත අක්ෂරයක් ඇතුළත් කිරීමෙන් අක්ෂරමාලාවේ පදනම එහෙම පිටින් ම බිඳ වැටෙනවා. සිංහල අක්ෂර මාලාව අයිති වෙන්නෙ අක්ෂරමාත්රා හෝඩි (alphasyllabry) කියන හෝඩි වර්ගයට. ඒ හෝඩිවල මූලික ලක්ෂණය තමයි එක් අකුරකින් එක් ශබ්දයක් සහ එක් මාත්‍රාවක් නිරූපණය කිරීම. මේ ඥ කියන සංයුක්ත අක්ෂරය හෝඩියට ගත්තොත් සිංහල අක්ෂර මාලාවේ මේ මූලික පදනම එහෙම පිටින් ම බිඳ වැටෙනවා. කාට හරි ඥ කියන්නෙ සංයුක්ත අක්ෂරයක් බව සැක නම්, ළඟ ම තියෙන පිරිවෙනට ගිහිල්ලා පණ්ඩිත හාමුදුරුවන්ට වැඳලා එකත්පස් ව ඉඳගෙන සංස්කෘත භාෂාව ලියන නාගර හෝඩියේ ජ අකුර සහ ඤ අකුර ඉගෙනගෙන ඒ දෙක බැඳීමෙන් ඥ අකුර හැදිලා තියෙන හැටි ඉගෙනගන්න පුළුවන්.

ඤ්ඤ යනුවෙන් අක්ෂර දෙකක් පැහැදිලි ව දැකිය හැකි වීම

තුන් වැනි හේතුව තමයි සංස්කෘතයේ ඥ කියන සංයුක්ත අක්ෂරය පාළියට විකාශය වීමේ දී ඤ්ඤ යනුවෙන් අක්ෂර දෙකක් පැහැදිලි ව දැකිය හැකි වීම. සාමාන්‍යයෙන් සංස්කෘතයේ තනි අකුරක් පාළියේ දී අකුරු දෙකක් බවට පත් වීමක් කිසි විටෙක සිදු වෙන්නෙ නැහැ. එහෙත් සංස්කෘතයේ 'ඥ' යන්න පාළියේ පද මධ්‍යයේ හැම විට ම 'ඤ්ඤ' බවට පත් වෙනවා. ප්‍රඥා > පඤ්ඤා, විඥාන > විඤ්ඤාණ, අඥාන > අඤ්ඤාණ වැනි පද දෙස බැලුවා ම පැහැදිලි ව පෙනෙනවා ඥ යන්නේ තියෙන්නෙ අකුරු දෙකක් බව. ඒක යි සංස්කෘත ඥ (ජ්ඤ) යන්න පාළියට ඤ්ඤ බවට පත් වෙන්නෙ. හැබැයි පද මුල මේක වෙන්නෙ නැහැ. සංස්කෘත පද මුල යෙදෙන ඥ (ජ්ඤ) යන්න පාළියට ඤ බට පත් වෙනවා. දිසානායක සූරීන් ඥ සහ ඤ දෙක සමාන යි කියලා හිතන්නෙ මෙන්න මේ සංස්කෘත පාළි පද මුල සිදු වන විකල්පනය නිසා වෙන්න පුළුවන්. සංස්කෘත පදාදි ඥ යන්න පාළියට ඤ යන්න බවට පත් වෙන්නෙ මේ දෙක සමාන නිසා නෙවෙයි, පාළියේ පදාදි ව්‍යඤ්ජන සංයුක්ත යෙදෙන්නෙ නැති නිසා. ඒක පාළියේ ශබ්ද ධර්මයක්. පාළියේ ස්වර්ණ > සුවණ්ණ, ස්තූප > ථූප ආදිය වෙන්නෙත් පාළියේ පදාදි සංයුක්ත නැති කම නිසා. පාළියේ දී ජ්ඤාන > ඤාණ වෙන්නෙ ඒක යි. එහෙම නැතුව ඥ සහ ඤ සමාන නිසා නෙවෙයි. පද මුල මේ දෙක විකල්පයෙන් යෙදෙන නිසා දෙක ම ශබ්දයෙන් සමාන යි කියලා හිතන එක ඓතිහාසික වාග්විද්‍යාවේ මූලිකාංග ටික ඉගෙන ගත් කෙනකු පවා සිනා ගන්වන කරුණක්. මා විශ්වාස කරනවා දිසානායක සූරීන් මේවා දන්නවා ඇති කියලා.

සිංහල හෝඩියේ රටා සමමිතිය

හතර වැනි හේතුව තමයි දිසානායක සූරීන් ගේ වුවමනාව පරිදි සඤ්ඤක අක්ෂර ශ්‍රේණියෙන් සඤ්ඤක ඦ යන්න අයින් කරලා එතැනට ඥ යන්න දැම්මා ම ඒකෙන් සිංහල හෝඩියේ රටා සමමිතිය (pattern congruity) බිඳ වැටීම. රටා සමමිතිය කියන්නෙ සංස්කෘත සම්ප්රදායය මූලික කරගත් අක්ෂරමාලා තියෙන භාෂාවල අක්ෂරමාලාවේ ක්රමිකත්වය රකින ප්‍රධාන ලක්ෂණයක්. ඟ, ඦ, ඬ, ඳ, ඹ කියන සඤ්ඤක අක්ෂර ශ්‍රේණියේ ඦ අක්ෂරය අයින් කරලා ඒ වෙනුවට සඤ්ඤක අක්ෂරයක් නොවන ඥ අක්ෂරය ඇතුළත් කළා ම ඒකෙන් හෝඩියේ රටාව බිඳෙන බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ කියලා මා හිතන්නෙ නැහැ.

අපට ඕනෑ හැටියට සංස්කෘත පද විකෘති කළ නො හැකියි

පස් වැනි හේතුව තමයි යම් හේතුවක් නිසා ඥ කියන සංයුක්ත අක්ෂරය හෝඩියට ගත්තොත් ක්ෂ, න්ද, ත්ව ආදි අනෙක් සංයුක්ත අක්ෂරත් හෝඩියට ගන්න සිදු වීම. එක් සංයුක්ත අක්ෂරයකට විතරක් විශේෂයෙන් සලකන්න හේතුවක් තියෙන්න විදියක් නැහැ නෙ. ගන්නවා නම් ඔක්කොම සංයුක්ත අක්ෂර ගන්න ඕනෑ. එහෙම නෙ සාධාරණ. දිසානායක සූරීන් කියනවා නෙ පද මුල ඥ අකුර උච්චාරණය වෙන්නෙ කේවල අක්ෂරයක් විදියට කියලා; ඒ කියන්නෙ ඤ යන්න විදියට කියලා. එහෙම පද මුල කේවල අක්ෂරයක් විදියට උච්චාරණය වෙන තව සංයුක්ත අක්ෂර තියෙනවා. ක්ෂ කියන සංයුක්ත අක්ෂරය හොඳ උදාහරණයක්. ක්ෂිතිජය, ක්ෂීරපායි, ක්ෂේත්රය වගේ පද වැඩි දෙනකු උච්චාරණය කරන්නෙ ෂිතිජය, ෂීරපායී, ෂේත්‍රය යනුවෙන්. එහෙම බැලුවා ම දිසානායක සූරීන් ගේ තර්කය අනුව ක්ෂ - ෂ දෙකත් සමාන යි. එහෙනම් ක්ෂ කියන බැඳි අකුරත් හෝඩියට ගන්න වෙනවා. මොන විහිළු කතා ද මේවා? අව්‍යක්තයන් කොහොම උච්චාරණය කළත් අක්ෂර මාලාවක අකුරු විනිශ්චය කිරීමේ දී අප ගුරු කොටගන්න ඕනෑ ව්‍යක්ත උච්චාරණය. ඔය ඥ අකුරත් හරි නම් පද මුල උච්චාරණය කරන්න ඕනෑ ජ්ඤ යනුවෙන්. ඒ බව සංස්කෘත ශබ්දකෝශ සියල්ල ම දක්වනවා. ඥ අකුර යෙදෙන්නෙ සංස්කෘත භාෂාවෙන් ගත් පදවල පමණ යි. අපට ඕනෑ ඕනෑ හැටියට සංස්කෘත පද විකෘති කරන්න අයිතියක් නැහැ. තත්සම ලෙස ගත්තා නම් හරියට ලියන්න කියවන්න ඕනෑ.

සිංහල හෝඩියේ ලාඝවතාව (economy) බිඳ වැටීම

හය වැනි හේතුව තමයි ඥ යන්න හෝඩියට ගැනීමෙන් සිංහල හෝඩියේ ලාඝවතාව (economy) බිඳ වැටීම. ලාඝවතාව කියන්නෙ එක් ශබ්දිමයකට එක් අක්ෂරයක් පමණක් සහ අත්‍යවශ්‍ය අක්ෂර පමණක් ම හෝඩියට ඇතුළත් කරගත යුතු යි කියන මූලධර්මය. කලින් කිව්වා වගෙ දිසානායක සූරීන් ගේ ප්‍රධාන තර්කයක් නෙ ඥ යන්න පද මුල යෙදෙන කොට ඤ යන්නට සමාන ව උච්චාරණය වෙන නිසා හෝඩියට ගන්න ඕනෑ කියන එක. ඉතින් මේ කියන විදියට ඇත්තට ම පද මුල දී ඤ - ඥ දෙක ම සමාන යි නම් එක ම ශබ්දිමය වෙනුවෙන් අක්ෂර දෙකක් හෝඩියට ගන්න ඕනෑ නැහැ නෙ. මේ තියෙන විදියට ම එක ඤ යන්නක් තිබුණා ම ඇති නෙ. එක ම ශබ්දය වෙනුවෙන් ඤ, ඥ යනුවෙන් අක්ෂර දෙකක් හෝඩියට ගත්තොත් ඉදිරියේ දී තවත් ඒ වගේ අක්ෂර ගන්න කියලා බල කිරීම් ඇති වෙන්න පුළුවන්. උදාහරණෙකට තව ටික කලකින් බ අකුරට අකැමැති කවුරුන් හරි බ ශබ්දය දෙන්න වෙනත් අකුරක් යෝජනා කළොත් ඒකත් හෝඩියට ගන්න වෙනවා. මොක ද ඤ, ඥ යනුවෙන් එක ම ශබ්දයට අක්ෂර දෙකක් ගැනීමෙන් අප වැරැදි පූර්වාදර්ශයක් දීලා තියෙන නිසා.

හිතෙන හිතෙන හැටියට හෝඩිය වෙනස් කරන්න බැහැ

හත් වැනි හේතුව තමයි අත්තනෝමත අනුව භාෂාවක හෝඩිය ප්‍රතිසංස්කරණය කරන්න බැරි වීම සහ එවැනි ප්රතිසංස්කරණයක් කරනවා නම් ඒක භාෂා ක්‍රමසම්පාදන කමිටුවක අනුමතියෙන් කළ යුතු වීම. අත්තනෝමත කියන්නෙ එක් එක් පුද්ගලයන් ගෙ මත. සිංහල භාෂාව අයිති දිසානායක සූරීන්ට නෙවෙයි නෙ. ඒ නිසා එතුමාට හිතෙන හිතෙන හැටියට හෝඩියට අකුරු ඔබන්න යි ඉවත් කරන්න යි බෑ. හෝඩියට ප්රතිසංස්කරණයක් කරනවා නම් ඒක කරන්න ඕනෑ රාජ්‍යය විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවක් විසින්. දැන් පවත්නා සිංහල අක්ෂර මාලාවට සඤ්ඤක අක්ෂරත් ෆ අක්ෂරයත් එක් කැරුණේ 1989 දී එහෙම පත් කරපු සිංහල ලේඛන රීති තත්ත්වඥ මණ්ඩලයෙන්. මේ වගේ කමිටුවක් රාජ්‍යය විසින් පත් කරනු ලබන්න ඕනෑ. මොක ද සිංහල කියන්නෙ රාජ්‍ය භාෂා දෙකෙන් එකක්. රාජ්‍ය භාෂාවක හෝඩිය වැනි මූලිකාංගයක වෙනස් කමක් කරන්න රාජ්‍ය බලාධිකාරිය පැවැරූ තත්ත්වඥ මණ්ඩලයකට මිස එක් එක් පුද්ගලයාට බැහැ. ඒ නිසා දිසානායක සූරීන් කොහොම කියුවත් සිංහල හෝඩියට ඥ අකුර එක් කරන්න එතුමාට බැහැ. ඒක කරන්න නම් සියලු ගුරුකුල නියෝජනය වන තත්ත්වඥ මණ්ඩලයක් රාජ්‍ය බලාධිකාරිය සහිත ව පත් කරන්න ඕනෑ. මේවා මා නෙවෙයි කියන්නෙ. ව්‍යාවහාරික වාග්විද්‍යාවේ භාෂා ක්‍රමසම්පාදනය (language planning) යටතේ සංහිතා ක්රමසම්පාදනයේ (corpus planning) ප්‍රධාන මූලධර්මයක් තමයි ඕක.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අප හිතවත් සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන්ට සිංහල හෝඩියට ඥ යන්න ඇතුළත් කරන්න ඕනෑ නම් එසේ බැරි බවට මා කියූ හේතු හත එතුමා ඛණ්ඩනය කරන්න ඕනෑ. මගේ ජීවිත කාලය වගේ දෙගුණයක් විතර වාග්විද්‍යාව හදාරලා තියෙන එතුමාට එහෙම කරන්න බැරි වෙන්න විදියක් නැහැ. ඒ නිසා මා ඉතා සුහද ව එතුමාට අභියෝග කරනවා මා කියූ හේතු හත ඛණ්ඩනය කරලා පෙන්වන්න ය කියලා.

එතුමා හුඟක් වෙලාවට මා කියන අදහස් හෙළ හවුලේ අත්තනෝමත කියලා අහක දානවා. මේ කියූ හේතු හතත් හෙළ හවුලේ අත්තනෝමත නම් රෝමන් යේකොබ්සන්, ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්, සෙලිග් හැරිස්, මොරිස් හේල්, කෙනත් එල්. පයික්, ඩේවිඩ් ඇබකොම්බි, ඩැනියෙල් ජෝන්ස්, ආර්. එච්. රොබින්ස් වැනි මහා වාග්විද්‍යාඥයන් සියලු දෙනාත් හෙළ හවුලේ අය වෙන්න ඕනෑ. මොක ද මා මේ මූලධර්ම ඉගෙනගත්තෙ ඒ අය ගේ පත්පොත්වලින්. ඒ නිසා දිසානායක සූරීන් මීට දක්වන ශාස්ත්‍රීය ප්‍රතිචාරය දැනගන්න මා බොහොම ආසාවෙන් බලා ඉන්නවා.

ඒ වගේ ම දිසානායක සූරීන් හෝඩියට ඥ යන්න දාන්න ඕනෑ කියලා පහු ගිය අවුරුදු දෙකතුනේ නැඟූ ඝෝෂාව එතුමා ගේ "අලුත් සිංහල හෝඩිය" කියන අලුත් පොත අළෙවි කිරීමට යොදපු පූර්ව ප්‍රචාරණ ව්‍යාපාරයක් නෙවෙයි කියලත් මා තරයේ විශ්වාස කරනවා. කවුරුන් කොහොම කියුවත් එතුමා වගේ ජ්‍යේෂ්ඨ විද්වතකු ඒ වගේ සිල්ලර විදියේ වෙළෙඳ ගැටයක් ගහවි කියලා මා නම් හිතන්න කැමැති නැහැ.

-- ක. ක. ගනුෂ්ක රන්දුල

මේක වාදයක්. හරි වැරද්දක් නන් කියන්න නොදනී. අදහස් තියේ නන් කොටාගෙන යන්න.

[QUOTE="හෙළයෙක්, post: 30492497, member: 503645"] කලකට පසුව වටමඬල සාහිත්‍ය අවකාශයෙන් දුටු අගනා ශාස්ත්‍රීය අභියෝග නැවතත් අරුණ සාහිත්‍ය පිටුවෙන්. මෙම අශාස්ත්‍රීය මතවාදයට එරෙහිව ඉතා විධිමත් පිළිතුරක් දැක්වීම පිළිබඳ රන්දුලට ස්තුති යි! සඤ්ඤක ශබ්දවල ශබ්දිම අගයක් තිබේ දැ'යි සරසවියේ දෙවන වසරේ ඉගෙන ගන්න කාලයේ නොයෙක් ලිපි ලේඛන කියවා, තර්කානුසාරයෙන් නිදසුන් පෙළ ගස්වා එකල අපි සඤ්ඤක ශබ්ද ශබ්දිම අගයක් ඇති බව වටහා ගත්තෙමු. 'ඥ' අක්ෂරයේ ගැටලුවත් ලිහා ගත්තේ ඔය ඔන්න ඔය කාලෙ. ජේ.බී. දිසානායකයන් මේ සියල්ල දැනගෙනත් පදනම් විරහිත මතයක් වෙනුවෙන් පෙනී සිටීම අපට විමතියක් වුණා. මා සිතන්නේ නෑ දිසානායකයන්ට මේ තර්ක බිඳිය හැකි යැ'යි කියා. බදාදා අරුණ සාහිත අවකාශය 'ධාරා' ____________________________________________ සිංහල හෝඩියට ඥ අකුර එකතු කරන්න ඕනෑ කියලා අප හිතවත් සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් හඬ නඟන්නෙ දැන් අවුරුදු කීපයක ඉඳලා. එතුමා "ඥ ඕනෑ; ඥ ඕනෑ" කියනවා විනා ඒ ඕනෑකම තහවුරු කරන්න කරුණු දක්වන්නෙ නැහැ. කෙසේ වෙතත් සිංහල හෝඩියට ඥ ඕනෑ නැති බවට නම් වාග්විද්‍යාත්මක හේතු ගණනාවක් දක්වන්න පුළුවන්. ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් නොවීම පළමු වැනි හේතුව තමයි ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් (phoneme) නොවීම. ශබ්දිමයක් කියන්නෙ සමාන පරිසරයක යෙදිලා පදවල අර්ථය වෙනස් කරන ශබ්දයක්. උදාහරණයකට පණ - බණ කියන පද දෙකේ ම අණ - අණ කියන කොටස පොදුවේ තියෙනවා. අර්ථය වෙනස් වෙන්නෙ ප්, බ් දෙක වෙනස් වීමෙන්. ඒ කියන්නෙ ප්, බ් දෙක සිංහල භාෂාවේ ශබ්දිම. ඓතිහාසික හෝ වෛන්යාසික හෝ හේතුවකට ඇරුණු කොට හෝඩියක තිබිය යුත්තේ යම් භාෂාවක ශබ්දිම සමූහය පමණ යි. මේක වාග්විද්‍යාවේ සියවසක් විතර පරණ සිද්ධාන්තයක්. දිසානායක සූරීන් මේක නොදන්නවා වෙන්න බැහැ නෙ. ඒ නිසා ඥ යන්න හෝඩියට දාන්න ඕනෑ නම් එතුමා මුලින් ම පෙන්වා දෙන්න ඕනෑ ඒක සිංහල භාෂාවේ ශබ්දිමයක් වන ආකාරය. ඥ අක්ෂරය තනි අකුරක් නොවීම ඥ අක්ෂරය තනි අකුරක් නොවීම දෙ වැනි හේතුව තමයි ඥ අක්ෂරය තනි අකුරක් නොවීම. යමක් ශබ්දිමයක් වෙන්න නම් ඒක මුලින් ම තනි ශබ්දයක් තනි අකුරක් වෙන්න ඕනෑ. ඥ කියන්නෙ බැඳි අකුරක්. ඒ කියන්නෙ සංයුක්ත අක්ෂරයක්. මෙතැන ඇත්තට ම අක්ෂර දෙකක් එකට බැඳිලා තියෙන්නෙ. ඒ තමයි ජ් සහ ඤ කියන අක්ෂර දෙක ජ්+ඤ = ඥ. සිංහල අක්ෂර මාලාවේ තියෙන්නෙ තනි අකුරු හෙවත් කේවල අක්ෂර පමණ යි. වර්තමාන සිංහල වර්ණමාලාවේ තියෙන කොයි අකුරත් නිරූපණය කරන්නෙ එක ශබ්දය යි. එහෙත් ඥ වගේ සංයුක්ත අක්ෂරයකින් එක ළඟ ශබ්ද දෙකක් නිරූපණය වෙනවා. ප්‍රඥාව, අඥාන, විද්‍යාඥ වගේ වචන කියන කොට කාට හරි ඥ යන්නෙන් ශබ්ද දෙකක් ඇහෙන්නෙ නැත්නම් ඒ තැනැත්තා හොඳ වෛද්‍ය සායනයකින් කන පරීක්ෂා කරගන්න ඕනෑ. ප්‍රඥාව, අඥාන, විද්‍යාඥ වගේ ඕනෑ ම පදයක් ඥ යන්න යොදාගන්නෙ නැති ව කේවල අක්ෂර යුගළ වසයෙන් ප්රජ්ඤාව, අජ්ඤාන, විද්යාජ්ඤ යනුවෙන් ලියන්න පුළුවන්. එහෙම ලියන එකේ කිසි වරදක් නැහැ. ඒ නිසා කියන්න තියෙන්නෙ කේවල අක්ෂර පමණක් තියෙන හෝඩියකට සංයුක්ත අක්ෂරයක් ඇතුළත් කිරීමෙන් අක්ෂරමාලාවේ පදනම එහෙම පිටින් ම බිඳ වැටෙනවා. සිංහල අක්ෂර මාලාව අයිති වෙන්නෙ අක්ෂරමාත්රා හෝඩි (alphasyllabry) කියන හෝඩි වර්ගයට. ඒ හෝඩිවල මූලික ලක්ෂණය තමයි එක් අකුරකින් එක් ශබ්දයක් සහ එක් මාත්‍රාවක් නිරූපණය කිරීම. මේ ඥ කියන සංයුක්ත අක්ෂරය හෝඩියට ගත්තොත් සිංහල අක්ෂර මාලාවේ මේ මූලික පදනම එහෙම පිටින් ම බිඳ වැටෙනවා. කාට හරි ඥ කියන්නෙ සංයුක්ත අක්ෂරයක් බව සැක නම්, ළඟ ම තියෙන පිරිවෙනට ගිහිල්ලා පණ්ඩිත හාමුදුරුවන්ට වැඳලා එකත්පස් ව ඉඳගෙන සංස්කෘත භාෂාව ලියන නාගර හෝඩියේ ජ අකුර සහ ඤ අකුර ඉගෙනගෙන ඒ දෙක බැඳීමෙන් ඥ අකුර හැදිලා තියෙන හැටි ඉගෙනගන්න පුළුවන්. ඤ්ඤ යනුවෙන් අක්ෂර දෙකක් පැහැදිලි ව දැකිය හැකි වීම තුන් වැනි හේතුව තමයි සංස්කෘතයේ ඥ කියන සංයුක්ත අක්ෂරය පාළියට විකාශය වීමේ දී ඤ්ඤ යනුවෙන් අක්ෂර දෙකක් පැහැදිලි ව දැකිය හැකි වීම. සාමාන්‍යයෙන් සංස්කෘතයේ තනි අකුරක් පාළියේ දී අකුරු දෙකක් බවට පත් වීමක් කිසි විටෙක සිදු වෙන්නෙ නැහැ. එහෙත් සංස්කෘතයේ 'ඥ' යන්න පාළියේ පද මධ්‍යයේ හැම විට ම 'ඤ්ඤ' බවට පත් වෙනවා. ප්‍රඥා > පඤ්ඤා, විඥාන > විඤ්ඤාණ, අඥාන > අඤ්ඤාණ වැනි පද දෙස බැලුවා ම පැහැදිලි ව පෙනෙනවා ඥ යන්නේ තියෙන්නෙ අකුරු දෙකක් බව. ඒක යි සංස්කෘත ඥ (ජ්ඤ) යන්න පාළියට ඤ්ඤ බවට පත් වෙන්නෙ. හැබැයි පද මුල මේක වෙන්නෙ නැහැ. සංස්කෘත පද මුල යෙදෙන ඥ (ජ්ඤ) යන්න පාළියට ඤ බට පත් වෙනවා. දිසානායක සූරීන් ඥ සහ ඤ දෙක සමාන යි කියලා හිතන්නෙ මෙන්න මේ සංස්කෘත පාළි පද මුල සිදු වන විකල්පනය නිසා වෙන්න පුළුවන්. සංස්කෘත පදාදි ඥ යන්න පාළියට ඤ යන්න බවට පත් වෙන්නෙ මේ දෙක සමාන නිසා නෙවෙයි, පාළියේ පදාදි ව්‍යඤ්ජන සංයුක්ත යෙදෙන්නෙ නැති නිසා. ඒක පාළියේ ශබ්ද ධර්මයක්. පාළියේ ස්වර්ණ > සුවණ්ණ, ස්තූප > ථූප ආදිය වෙන්නෙත් පාළියේ පදාදි සංයුක්ත නැති කම නිසා. පාළියේ දී ජ්ඤාන > ඤාණ වෙන්නෙ ඒක යි. එහෙම නැතුව ඥ සහ ඤ සමාන නිසා නෙවෙයි. පද මුල මේ දෙක විකල්පයෙන් යෙදෙන නිසා දෙක ම ශබ්දයෙන් සමාන යි කියලා හිතන එක ඓතිහාසික වාග්විද්‍යාවේ මූලිකාංග ටික ඉගෙන ගත් කෙනකු පවා සිනා ගන්වන කරුණක්. මා විශ්වාස කරනවා දිසානායක සූරීන් මේවා දන්නවා ඇති කියලා. සිංහල හෝඩියේ රටා සමමිතිය හතර වැනි හේතුව තමයි දිසානායක සූරීන් ගේ වුවමනාව පරිදි සඤ්ඤක අක්ෂර ශ්‍රේණියෙන් සඤ්ඤක ඦ යන්න අයින් කරලා එතැනට ඥ යන්න දැම්මා ම ඒකෙන් සිංහල හෝඩියේ රටා සමමිතිය (pattern congruity) බිඳ වැටීම. රටා සමමිතිය කියන්නෙ සංස්කෘත සම්ප්රදායය මූලික කරගත් අක්ෂරමාලා තියෙන භාෂාවල අක්ෂරමාලාවේ ක්රමිකත්වය රකින ප්‍රධාන ලක්ෂණයක්. ඟ, ඦ, ඬ, ඳ, ඹ කියන සඤ්ඤක අක්ෂර ශ්‍රේණියේ ඦ අක්ෂරය අයින් කරලා ඒ වෙනුවට සඤ්ඤක අක්ෂරයක් නොවන ඥ අක්ෂරය ඇතුළත් කළා ම ඒකෙන් හෝඩියේ රටාව බිඳෙන බව අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ කියලා මා හිතන්නෙ නැහැ. අපට ඕනෑ හැටියට සංස්කෘත පද විකෘති කළ නො හැකියි පස් වැනි හේතුව තමයි යම් හේතුවක් නිසා ඥ කියන සංයුක්ත අක්ෂරය හෝඩියට ගත්තොත් ක්ෂ, න්ද, ත්ව ආදි අනෙක් සංයුක්ත අක්ෂරත් හෝඩියට ගන්න සිදු වීම. එක් සංයුක්ත අක්ෂරයකට විතරක් විශේෂයෙන් සලකන්න හේතුවක් තියෙන්න විදියක් නැහැ නෙ. ගන්නවා නම් ඔක්කොම සංයුක්ත අක්ෂර ගන්න ඕනෑ. එහෙම නෙ සාධාරණ. දිසානායක සූරීන් කියනවා නෙ පද මුල ඥ අකුර උච්චාරණය වෙන්නෙ කේවල අක්ෂරයක් විදියට කියලා; ඒ කියන්නෙ ඤ යන්න විදියට කියලා. එහෙම පද මුල කේවල අක්ෂරයක් විදියට උච්චාරණය වෙන තව සංයුක්ත අක්ෂර තියෙනවා. ක්ෂ කියන සංයුක්ත අක්ෂරය හොඳ උදාහරණයක්. ක්ෂිතිජය, ක්ෂීරපායි, ක්ෂේත්රය වගේ පද වැඩි දෙනකු උච්චාරණය කරන්නෙ ෂිතිජය, ෂීරපායී, ෂේත්‍රය යනුවෙන්. එහෙම බැලුවා ම දිසානායක සූරීන් ගේ තර්කය අනුව ක්ෂ - ෂ දෙකත් සමාන යි. එහෙනම් ක්ෂ කියන බැඳි අකුරත් හෝඩියට ගන්න වෙනවා. මොන විහිළු කතා ද මේවා? අව්‍යක්තයන් කොහොම උච්චාරණය කළත් අක්ෂර මාලාවක අකුරු විනිශ්චය කිරීමේ දී අප ගුරු කොටගන්න ඕනෑ ව්‍යක්ත උච්චාරණය. ඔය ඥ අකුරත් හරි නම් පද මුල උච්චාරණය කරන්න ඕනෑ ජ්ඤ යනුවෙන්. ඒ බව සංස්කෘත ශබ්දකෝශ සියල්ල ම දක්වනවා. ඥ අකුර යෙදෙන්නෙ සංස්කෘත භාෂාවෙන් ගත් පදවල පමණ යි. අපට ඕනෑ ඕනෑ හැටියට සංස්කෘත පද විකෘති කරන්න අයිතියක් නැහැ. තත්සම ලෙස ගත්තා නම් හරියට ලියන්න කියවන්න ඕනෑ. සිංහල හෝඩියේ ලාඝවතාව (economy) බිඳ වැටීම හය වැනි හේතුව තමයි ඥ යන්න හෝඩියට ගැනීමෙන් සිංහල හෝඩියේ ලාඝවතාව (economy) බිඳ වැටීම. ලාඝවතාව කියන්නෙ එක් ශබ්දිමයකට එක් අක්ෂරයක් පමණක් සහ අත්‍යවශ්‍ය අක්ෂර පමණක් ම හෝඩියට ඇතුළත් කරගත යුතු යි කියන මූලධර්මය. කලින් කිව්වා වගෙ දිසානායක සූරීන් ගේ ප්‍රධාන තර්කයක් නෙ ඥ යන්න පද මුල යෙදෙන කොට ඤ යන්නට සමාන ව උච්චාරණය වෙන නිසා හෝඩියට ගන්න ඕනෑ කියන එක. ඉතින් මේ කියන විදියට ඇත්තට ම පද මුල දී ඤ - ඥ දෙක ම සමාන යි නම් එක ම ශබ්දිමය වෙනුවෙන් අක්ෂර දෙකක් හෝඩියට ගන්න ඕනෑ නැහැ නෙ. මේ තියෙන විදියට ම එක ඤ යන්නක් තිබුණා ම ඇති නෙ. එක ම ශබ්දය වෙනුවෙන් ඤ, ඥ යනුවෙන් අක්ෂර දෙකක් හෝඩියට ගත්තොත් ඉදිරියේ දී තවත් ඒ වගේ අක්ෂර ගන්න කියලා බල කිරීම් ඇති වෙන්න පුළුවන්. උදාහරණෙකට තව ටික කලකින් බ අකුරට අකැමැති කවුරුන් හරි බ ශබ්දය දෙන්න වෙනත් අකුරක් යෝජනා කළොත් ඒකත් හෝඩියට ගන්න වෙනවා. මොක ද ඤ, ඥ යනුවෙන් එක ම ශබ්දයට අක්ෂර දෙකක් ගැනීමෙන් අප වැරැදි පූර්වාදර්ශයක් දීලා තියෙන නිසා. හිතෙන හිතෙන හැටියට හෝඩිය වෙනස් කරන්න බැහැ හත් වැනි හේතුව තමයි අත්තනෝමත අනුව භාෂාවක හෝඩිය ප්‍රතිසංස්කරණය කරන්න බැරි වීම සහ එවැනි ප්රතිසංස්කරණයක් කරනවා නම් ඒක භාෂා ක්‍රමසම්පාදන කමිටුවක අනුමතියෙන් කළ යුතු වීම. අත්තනෝමත කියන්නෙ එක් එක් පුද්ගලයන් ගෙ මත. සිංහල භාෂාව අයිති දිසානායක සූරීන්ට නෙවෙයි නෙ. ඒ නිසා එතුමාට හිතෙන හිතෙන හැටියට හෝඩියට අකුරු ඔබන්න යි ඉවත් කරන්න යි බෑ. හෝඩියට ප්රතිසංස්කරණයක් කරනවා නම් ඒක කරන්න ඕනෑ රාජ්‍යය විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවක් විසින්. දැන් පවත්නා සිංහල අක්ෂර මාලාවට සඤ්ඤක අක්ෂරත් ෆ අක්ෂරයත් එක් කැරුණේ 1989 දී එහෙම පත් කරපු සිංහල ලේඛන රීති තත්ත්වඥ මණ්ඩලයෙන්. මේ වගේ කමිටුවක් රාජ්‍යය විසින් පත් කරනු ලබන්න ඕනෑ. මොක ද සිංහල කියන්නෙ රාජ්‍ය භාෂා දෙකෙන් එකක්. රාජ්‍ය භාෂාවක හෝඩිය වැනි මූලිකාංගයක වෙනස් කමක් කරන්න රාජ්‍ය බලාධිකාරිය පැවැරූ තත්ත්වඥ මණ්ඩලයකට මිස එක් එක් පුද්ගලයාට බැහැ. ඒ නිසා දිසානායක සූරීන් කොහොම කියුවත් සිංහල හෝඩියට ඥ අකුර එක් කරන්න එතුමාට බැහැ. ඒක කරන්න නම් සියලු ගුරුකුල නියෝජනය වන තත්ත්වඥ මණ්ඩලයක් රාජ්‍ය බලාධිකාරිය සහිත ව පත් කරන්න ඕනෑ. මේවා මා නෙවෙයි කියන්නෙ. ව්‍යාවහාරික වාග්විද්‍යාවේ භාෂා ක්‍රමසම්පාදනය (language planning) යටතේ සංහිතා ක්රමසම්පාදනයේ (corpus planning) ප්‍රධාන මූලධර්මයක් තමයි ඕක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අප හිතවත් සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන්ට සිංහල හෝඩියට ඥ යන්න ඇතුළත් කරන්න ඕනෑ නම් එසේ බැරි බවට මා කියූ හේතු හත එතුමා ඛණ්ඩනය කරන්න ඕනෑ. මගේ ජීවිත කාලය වගේ දෙගුණයක් විතර වාග්විද්‍යාව හදාරලා තියෙන එතුමාට එහෙම කරන්න බැරි වෙන්න විදියක් නැහැ. ඒ නිසා මා ඉතා සුහද ව එතුමාට අභියෝග කරනවා මා කියූ හේතු හත ඛණ්ඩනය කරලා පෙන්වන්න ය කියලා. එතුමා හුඟක් වෙලාවට මා කියන අදහස් හෙළ හවුලේ අත්තනෝමත කියලා අහක දානවා. මේ කියූ හේතු හතත් හෙළ හවුලේ අත්තනෝමත නම් රෝමන් යේකොබ්සන්, ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්, සෙලිග් හැරිස්, මොරිස් හේල්, කෙනත් එල්. පයික්, ඩේවිඩ් ඇබකොම්බි, ඩැනියෙල් ජෝන්ස්, ආර්. එච්. රොබින්ස් වැනි මහා වාග්විද්‍යාඥයන් සියලු දෙනාත් හෙළ හවුලේ අය වෙන්න ඕනෑ. මොක ද මා මේ මූලධර්ම ඉගෙනගත්තෙ ඒ අය ගේ පත්පොත්වලින්. ඒ නිසා දිසානායක සූරීන් මීට දක්වන ශාස්ත්‍රීය ප්‍රතිචාරය දැනගන්න මා බොහොම ආසාවෙන් බලා ඉන්නවා. ඒ වගේ ම දිසානායක සූරීන් හෝඩියට ඥ යන්න දාන්න ඕනෑ කියලා පහු ගිය අවුරුදු දෙකතුනේ නැඟූ ඝෝෂාව එතුමා ගේ "අලුත් සිංහල හෝඩිය" කියන අලුත් පොත අළෙවි කිරීමට යොදපු පූර්ව ප්‍රචාරණ ව්‍යාපාරයක් නෙවෙයි කියලත් මා තරයේ විශ්වාස කරනවා. කවුරුන් කොහොම කියුවත් එතුමා වගේ ජ්‍යේෂ්ඨ විද්වතකු ඒ වගේ සිල්ලර විදියේ වෙළෙඳ ගැටයක් ගහවි කියලා මා නම් හිතන්න කැමැති නැහැ. -- ක. ක. ගනුෂ්ක රන්දුල මේක වාදයක්. හරි වැරද්දක් නන් කියන්න නොදනී. අදහස් තියේ නන් කොටාගෙන යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom