Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
ටයිටැනික්: ආදරණිය රෝස්ගෙ කවරුත් නොදකින පැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටැනික්: ආදරණිය රෝස්ගෙ කවරුත් නොදකින ප&#3536

ටයිටැනික්: ආදරණිය රෝස්ගෙ කවරුත් නොදකින පැත්ත

ඔව්, අපි කතා කරන්න යන්නේ සැබෑ ටයිටැනික් නැව ගැන නොවේ, ටයිටැනික් චිත්‍රපටය ගැන. ටයිටැනික් නැව අයිස් කන්දක හැපී ගිලී යෑම අහඹුවක්. එහෙත් ටයිටැනික් චිත්‍රපටය යනු අහඹුවක් නොව, බොහෝ කාලයක පූර්ව සූදානමක් (ඒ කියන්නේ ලිවීම ඇතුළු පූර්ව-නිශ්පාදන අවධිය සැලකීමෙන්) සහිත එකක්. අහඹුවක් නොවන දේවල් තුල අභ්‍යන්තර නීති, න්‍යායන්, සහ අරමුණු හැංඟිලා තියෙනවා. අපි අද බලමු අහඹුවක් නොවූ ටයිටැනික් තුළ ඇති අභ්‍යන්තර නීතීන් මොනවා ද කියා.

දෘශ්ටිවාදය විචාරය කිරීම

දෘශ්ටිවාද විචාරය: වර්ණවත් පණිවිඩ අතර සැඟවී ඇති කළු සුදු ඇත්ත පණිවිඩ සෙවීම (folksonomy.co)

දෘශ්ටිවාදී විචාරය අද ශාස්ත්‍රීය මට්ටමේ අධ්‍යනයක් වෙලා තියෙනවා. මේ විෂයේ දී අපි අධ්‍යනය කරන්නේ අපේ අදහස් සංකල්ප ගැන, හරියටම කිව්වොත්, අපේ ‘ව්‍යාජ’ අදහස් සහ සංකල්ප ගැන. මෙහෙම කිව්වම ටිකක් සංකීර්ණයි, ඒ නිසා අපි දෘශ්ටිවාදය කියන තැනින් පටන් ගමු.

අපි අතර භාෂාවක්, සංස්කෘතියක් තියෙනවා. අපි සමාජයේ අනෙක් පුද්ගලයින් සමග සන්නිවේදනය කරන්නේ මේ දේවල් වලින්. ඒ කියන්නේ, ඔබ උදේම නැගිටලා දවස පටන්ගන්න තැන ඉඳලා කතන්දරේ පටන් ගනිමු. එලාම් එක වදිනවා උදේ 4.45ට. අපි ඔරලෝසුවට බැන බැන බොහොම අමාරුවෙන් නැගිටිනවා, මොකද අපි රැකියාවට වෙලාවට යන්න උදේ 4.45 ට නැගිටින්න ඕනෙ.

ඒ කියන්නේ, අපි රැකියාවක් කරන්න ඕනේ, ඒ විතරක් නෙවෙයි අපි වෙලාවට රැකියා ස්ථානයේ ඉන්නත් ඕනේ.

ප්රශ්නය: අපි රැකියාවක් කරන්න ඕනේ කියන එක අපිට බාහිර ලෝකයෙන් දාපු අදහසක් මිස ඉපදෙනකොට ජානගත වෙච්ච අදහසක් නෙවෙයි. ඒත් අපි හිතනව ‘මනුස්සයෙක් වුණාම රස්සාවක් කරන්න ඕනෙ කියල, එහෙම නේද?

ඊළඟට ඔබ නැගිටලා ඇඳුම් ඇඳගන්න ඕන වෙලාව. ඔබ ‘වැදගත්’ කිට් එකට බහිනවා. ඒ කියන්නේ හොඳට අයන් කරපු ෂර්ට් එකක්, කලිසමක්, ටයි එකක් ආදිය.

ප්රශ්නය: මේ වික්ටෝරියානු ඇඳුම අඳින එක විශ්වීය නියමයක් නෙවෙයි. ඒක බාහිර සමාජය විසින් ඇණවුම් කල එකක්. ඒත් අපි හිතනවා ‘මනුස්සයෙක් වුණා ම මේක තමයි ඇඳුම’ කියලා. එකඟ වෙනවා නේද?

ඊළඟට ඔබ බස් එකේ යනවා. අතරමග පන්සලක් පාස් කරනවා, සීට් එකෙන් නැගිටලා ගෞරව කරනවා. ඊළඟ බස් නැවතුම්පළේදි හාමුදුරුනමක් නගිනවා, ඔබ එක සිතින් ආසනය පිරිනමනවා.

ඔව්, ඔබ හිතනවා පන්සලක් අසලින් යන විට නැගිටීම, හාමුදුරුනමකට ආසනය දීම තමා ‘නියම විදිය’ කියලා, ඒ කියන්නේ විශ්වීය ආකාරය කියලා.

නමුත් හොඳට බැලුවොත් වැටහේවී, ඒවාට විශ්වීය ආකාරයක් නැති බව. ඒවා අපේ විශ්වාස පද්ධතීන් බව. මේ විශ්වාස පද්ධතීන්ට අපි කියනවා දෘශ්ටිවාදයන් කියල. එතකොට ‘දෘශ්ටිවාදී අධ්‍යයනය’ කියන්නේ මේ දෘශ්ටිවාදයන් යට ඇත්තටම කියවෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම බව.

අපි ටයිටැනික් දෘශ්ටිවාදී අධ්‍යනයකට නතු කරමු. මේ සියල්ල පදනම් වෙන්නේ ස්ලෝවේනියන් ජාතික දාර්ශනිකයෙකු වන ස්ලැවොයි ජිජැක් ටයිටැනික් සම්බන්ධයෙන් කියපු කතාවක් මුල් කරගෙන. අපි ඔහුගේ අදහස් තේරෙන භාෂාවෙන් සාකච්ඡා කරමු.

සුරංගනා කතාව හෙවත් අපේ ආදර කතාවේ ස්වභාවිකම මොඩලය

සිරගත වුණු කුමරියන්. (seventeen.com)

ඔබ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, ග්‍රීම් සහෝදරයෝ විතරක් නෙවෙයි ජනප්‍රවාද විදියට පවතින සුරංගනා කතා වලටත් නිරාවරණය වෙලා ඇති කියලා හිතනවා. අපි ඒවගෙන් කිහිපයක් තෝරාගන්නවා, ඒ, ටයිටැනික් පිළිබඳ වටහා ගැනීමට සූදානම් කරන්න. බහුතරයක් ‘කුමාරි’ලා ගැන, හිම කුමාරි, නිදි කුමාරි, තම්බලිනා ආදී කුමාරිලා විතරක් නෙවෙයි, කුමාරිලා නොවන මනුස්ස දූවරු වන චරිත ගැනත් හිතන්න. උදාහරණයකට, ආදර කතාවක් නැති ‘ඌස් දේශයේ මායාකාරයා’ කතාවේ ඩොරති ගැනත් හිතන්න. මේ කතා බොහෝමයක එක ම සැඟවුණු කතා ආකෘතියක් තියෙනවා.

පළවෙනි කාරණය: කුමාරිකාවක් හෙවත් නව යොවුන් තරුණියක් ඉන්නවා.

දෙවැනි කාරණය: රජෙක් ඉන්නවා, රජා බොහෝ විට කුමාරිකාවගේ පියා වෙන්න පුළුවන්.

තෙවැනි කාරණය: නපුරු කුඩම්මා කෙනෙක්, මායාකාරියෙක් ඉන්නවා. මෙයා කරන්නෙ කුමාරිය හිර කරල තියාගන්න එක.

හතරවෙනි කාරණය: කුමාරිය බේරගන්න ඈත දේශයකින් නැත්නම් වෙනම සමාජ පන්තියකින් කුමාරයෙක් එනවා.

ඔන්න ඉතින් මේ කුමාරයා කුමාරිය එක්ක ආදරයෙන් බැඳෙනවා, නපුරු කුඩම්මා නැත්නම් මායාකාරිය එක්ක සටන් වැදිල ජයග්‍රහණය කර දෙන්නා ‘they lived happily ever after’ කියල කතාවේ අන්තිමට ලියවෙන විදියට සියල්ල අවසාන කරනවා.

කතාවක චරිත සහ සැබෑ චරිත

ජේම්ස් කැමරන් ඔහුගේ හීන ලෝකය සමග. (abc7.com)

අපි ටයිටැනික් චිත්‍රපටයේ චරිත දෙසටම හැරෙමු. ප්‍රධාන චරිත දෙක, ජැක් සහ රෝස්, පිරිමියෙක් සහ ගැහැණියක්. අප වටහාගත යුතු මූලිකම දේ චිත්‍රපටයේ චරිත විශේෂයෙන්ම ජැක් සහ රෝස් යනු ඔවුන්ට ඕනෑ දේ කරන අය නොවන බව. එමෙන්ම, ඔවුනුත් ඇතුළුව ටයිටැනික් හි සියළුම චරිත පමණක් නොව ටයිටැනික් නැව පවා එකම චරිතයක විවිධ මුහුණුවරවල් බව. ඒ කියන්නේ ඔවුන් සැබෑ පුද්ගලයින් නොවන බව. ඇයි ඒ?

මතක තබාගන්න ටයිටැනික් යනු ප්‍රබන්ධයක් බව. ටයිටැනික් තිර කතාව ලියන්නේ ජේම්ස් කැමරන්. චිත්‍රපටය තුළ හෙළිවෙන්නේ කැමරන්ගේ මනෝභවික අවශ්‍යතාවය මිස එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් නොවේ. කැමරන්ගේ හීන ලෝකය හෙවත් ෆැන්ටසිය ඔහු එළිදක්වන්නේ ඔහු නිර්මාණය කරන කතන්දරයෙන්. කතන්දරයේ චරිත ඇත්තට ම කරන්නේ කැමරන්ට ඕනෑ දේ මිස සැබෑ පුද්ගලයින් මෙන් ස්වාධීන තීරණ මත සිදු කරන දේවල් නොවේ.

වැදගත්ම දේ ප්රබන්ධයක චරිත ලේඛකයාගේ විශ්වාස පද්ධතිය මත ගොඩනැගුණු ෆැන්සියේ අවශ්‍යතාවය ඉටුකරන බව වටහාගැනීම.

විශ්වාස පද්ධතීන් ගැන කිව්වාම අපි ඊට සමාන සංකල්පයක් කලින් ඉදිරිපත් කළා, ‘දෘශ්ටිවාදය’ නමින්. අපි මේ උත්සාහ කරන්නේ ටයිටැනික් නම් ප්‍රබන්ධය තුලින් හෙළිවන කැමරන්ගේ දෘශ්ටිවාදය කුමක් ද යන්න හෙළි කිරීමට. ඒ කියන්නේ, ටයිටැනික් නම් චිත්‍රපටය සෘජුව කියන කතන්දරය යටින් ඇත්තටම කියවෙන්නේ කුමක් ද යන්න දැන ගැනීමට.

ඔව් දැන් අපි ටයිටැනික් හාරා අවුස්සමු

රෝස් ඇගේ සිහින ලෝකය අබිමුව. (cosmopolitan.co.uk)

අපි දවල් සිහින දකිමු, අපේ ආශාවන් ෆැන්ටසයිස් කරමු. හිතන්න, එම ක්රියාවේ ඇත්තේ සරල ආකෘතියක්. මුලින් අපි සැබෑ ලෝකේ ඉන්නවා, ඊළඟට අපි අපේ සිහින ලෝකයට යනවා, ඊළඟට සිහිනය අවසානයේ දී අපි අපේ සැබෑ ලෝකෙට එනවා, අපේ සිහිනය අවසන් කරනවා. චිත්‍රපටයක් කියන්නෙත් අපි එකිනෙකා දකින්නට ආශා කරන දේ නිර්මාණය කර සෙලෝලොයිඩ් පටයකට ගෙන නරඹන එක.

අපේ පෞද්ගලික දවල් සිහින සහ සිනමාව අතර එක්තරා වෙනසක් තියෙනවා. ඒ අපේ දවස් සිහිනය අප විසින්, අපේ ආශාව විසින් නිර්මාණය කරන එකක් වුවත් සිනමාව කියන්නෙ වෙන කෙනෙක් විසින් නිර්මාණය කර දෙන හීන ලෝකයක්, ෆැන්ටසියක්. ස්ලැවොයි ජිජැක් එක්තරා අවස්තාවක දී, ‘සිනමාව කියන්නෙ අපේ ආශාව නිර්මාණය කරන එකක්’ කියලා කියන්නෙ ඒකයි.

අපි දවල් සිහිනයක ආකෘතිය ටයිටැනික් චිත්‍රපටයේ ඇති ආකාරය සොයා බලමු. මම යෝජනා කරන්නේ මෙහෙමයි. ටයිටැනික් නැව නම් සුඛෝපබෝගී ලෝකය තමා රෝස්ගේ හීන ලෝකය. මතක තියාගන්න, එය රෝස්ගේ හීන ලෝකය වන්නේ ටයිටැනික් යනු රෝස් විසින් කියන කතාව නිසා බව.

සැබෑ ලෝකයේ සිටින රෝස් ඇගේ දවල් සිහිනය ඒ කියන්නේ ෆැන්ටසිය අරඹන්නේ නැවට නැගීමත් එක්ක. කතාව හොඳින් නරඹා ඇති ඔබට පැහැදිලි ඇති කාරණයක් තමා ඇයට ඕන ඇය සිරවෙලා ඉන්න වික්ටෝරියානු සභ්‍යත්වයෙන් යුතු ලෝකයෙන් මිදෙන්න කියන එක. අපිටත් මේ ජොබ් කරන සාමාන්‍ය සුපුරුදු ජීවිතය එපා වුණා ම සියල්ල අතෑරල දාල කොහෙ හරි ඈත පළාතක විනෝද චාරිකාවක් ගිහින් එන්න හිතෙනවා. ඒ වගේම තමා අපිට මේ සුපුරුදු ජීවිතේ එපා වුණාම ඊට වඩා ලස්සන ලෝකයක් හිතේ මවාගෙන අපේ හීන ලෝකේ ටික වෙලාවක් ජීවත් වෙලා ආයෙත් අපේ ලෝකෙට එන බව. හොඳින් හිතල බලන්න, සැබෑ ලෝකෙන් හීන ලෝකෙට යන එක, අපි එදිනෙදා ජීවිතය අතහැර විනෝද චාරිකාවක් යන එක, රෝස් එයාගෙ එදිනෙදා ජීවිතය අතහැර නැවට නැගීම මේ සියල්ල ම එකම මිනිස් අවශ්‍යතාවයක් මත පදනම් වන බව. ඒ කියන්නේ අපිට මේ ඒකාකාරී ලෝකයෙන් මිදී ඈත ගමනක් යන්න ඕන. හැබැයි ඒ ගමන සදාකාලික එකක් නෙවෙයි. අපිට ආපහු සැබෑ ඒකාකාරී ලෝකෙට එන්න ඕන. විනෝද චාරිකාවක් ගියොත් ආපහු එන්න ඕන. දවල් සිහිනයක අපිට සදාකාලිකව ජීවත් වෙන්න බෑ, අපි ආපහු පියවි ලෝකයට එන්න ඕන. ටයිටැනික් නැවේ පෙම්වතෙකු සමග රෝස් ගත කරන අපූර්ව ජීවිතය සදාකාලික නෑ, නැවෙන් ගොඩ බැහැලා ආපහු සුපුරුදු ඒකාකාරී ජීවිතයට යන්න ඕන.

අපි සුරංගනා කතාව හෙවත් ආදර කතාවේ ස්වභාවිකම මොඩලය ගැන අපි කතා කළා. කුමාරිකාවක් ඉන්නවා, එයා කතාව තුළ නපුරු කුඩම්මා කෙනෙක් හරි මායාකාරියක විසින් හරි හිර ගෙදරක, එක්ටැම් ගෙදරක, හෝ නපුරු මායාවක හිර කරල තියෙන්නෙ. ටයිටැනික් චිත්‍රපටයේ රෝස් කියන චරිතයත් ඒ ආකාරයටම හිර වෙලා ඉන්නෙ. රුත්, ඒ කියන්නේ රෝස්ගේ මව, හිතනවා රෝස් සහ කැල්ගේ විවාහයෙන් පවුලේ ආර්ථික ප්‍රශ්න සියල්ල විසඳේවි කියල. ඉතින් රෝස් කැමති වුණත් නැතත් ඇය කැල් සමග විවාහ විය යුතු යි යන්න තීරණය කරලා අවසන්. රෝස් සුරඟනා කතාවක කුමාරියක්ම තමා. ඈ වික්ටෝරියානු හැදියාව, ඉහළ පන්තිය කියන සදාචාර පද්ධතිය, එතකොට ආර්ථික පවුල් ප්‍රශ්න කියන දේවල් වල හිරකාරියක්.

සුරංගනා කතාවේ දෙවන කොටස. සිර වී සිටින කුමාරිය කවදාහරි දවසක කුමාරයෙක් ඇවිත් ඇයව මේ හිර මැදිරියෙන් ගලවා ගනීවි කියල විශ්වාස කරනවා. සුරංගනා කතාවල කුමාරයෙකුගේ සිප ගැනීමකින් ශාපයන්ගෙන් මිදෙන කුමාරියන්, එක්ටැම් ගෙවල් සිර මැදිරි වලින් කුමාරිකාවන් ගලවාගන්නා කුමාරයින් – උන්මාද චිත්‍රා වගේ කතාවක් ගත්තොත් අපේ රටෙත් මේ කතා ආකෘතිය තියෙන බව පැහැදිලි වේවි – සින්ඩරෙල්ලා වගේ කතාවක් ගත්තොත් කුස්සියටම හිර වෙලා ඉන්න කුමාරියක් ඉන් ගලවා ගැනීමට සපත්තුවක් රට වටා යවන කුමාරයෙක් දකින්න පුළුවන් වේවි.

මේ කුමාරයා සෑම විටම කුමාරිය සිර කළ ලෝකයට පිටස්තර අයෙක්. කවදා හරි ඈත රටකින් එන කුමාරයෙක් මාව කැන්දාගෙන යාවි කියන කතාව අපේ ගීත සාහිත්‍යයෙත් සෑහෙන්න ලියවිලා තියෙනවා. රෝස් හිරවෙලා ඉන්නේ ඉහළ පන්තියේ ජීවිතයක. එතකොට ඈ ගලවා ගන්න එන්න ඕන පිටස්තර ලෝකයේ කුමාරයා තවත් ඉහළ පන්තියේ කුමාරයෙක් වෙන්න බෑ. ඒ කුමාරයා තුන්වන පන්තියේ කුමාරයෙක් විය යුතු යි. ඔව්, ඒ ජැක්, සූදුවෙන් ටයිටැනික් නැවට නගින්නට වාසනාව (හෝ අවාසනාව) හිමිකරගත් කුමාරයෙක්.

දැන් ඔබට ආදර කතාවේ ස්වභාවිකම මොඩලය ඇතුලේ ටයිටැනික් කතාව වර්ධනය කරන්න පුළුවන්. කැල්, රූත් ඇතුළු ප්‍රථම පන්තිය හෙවත් නපුරු මායාකාරිය සහ ඇගේ වුවමනාව (රෝස් සමග කැල් විවාහ විය යුතු යි යන්න) නම් සිරගෙදරින් ඇයව නිදහස් කරගන්න ජැක් නම් කුමාරයා සටන් වදිනවා. අවසානයේ දී කුමාරයා සටන ජයග්‍රහණය කරනවා. අන්තිමට දෙන්න බොහොම සතුටින් චිරාත් කාලයක් ජීවත් වෙනවා.

නමුත් එය සිද්ධ වෙන්නෙ එහෙම නෙවෙයි, ටයිටැනික් නැව මුහුදේ ගිලී යනවා. ජැක් මිය යනවා. ඇත්තට ම මෙතන දි මොක ද වෙන්නේ ?

සදාතනික ප්‍රේමයක්? (scienceabc.com)

අපි මුලින් වටහා ගත්ත තැනකට යමු. ටයිටැනික් කියන්නෙ රෝස් කියන කතාව. රෝස් කියන්නේ කැමරන් නම් අධ්‍යක්ෂකවරයාගේ සහ තිර රචකයාගේ ෆැන්ටසිය නිරූපණය කරන චරිතය. රෝස් සැබෑ ලෝකයේ ඉඳල ඇගේ දවල් සිහිනයට, හීන ලෝකෙට ඇතුළු වෙනවා. ඒ කියන්නෙ, කැමරන් එයාගෙ හීන ලෝකෙට ඇතුළු වීමම තමා. රෝස් ටයිටැනික් නැවට නැගල සැබෑ ලෝකයෙන් ඈතට යනවා. එහිදී ඇයට ඇගේ හීන ලෝකයේ කුමාරයා හමු වෙනවා. ඔහු සමග ආදරයෙන් බැඳෙනවා. ඊළඟට:

සුරංඟනා කතාවක්, ඒ නමෙන්ම කියැවෙන විදියට සැබෑවක් නෙවෙයි. අපේ හීන ලෝකය ඇතුලෙ පටන් අරගෙන පැවතිල ඒ තුළම අවසාන වන දෙයක්. නමුත්:

කතාවේ එක්තරා අවස්ථාවක රෝස් ජැක්ට මෙහෙම කියනවා.

When the ship docks I’m getting off with you. (නැව ඊළඟ තොටුපලේ නැවත්වුවම මම ඔයත් එක්ක බහිනවා)

ජැක් කියනවා. This is crazy … (ඒකෙ තේරුමක් නැහැනේ)

ඒත් රෝස් කියන්නේ I know. It doesn’t make any sense. That’s why I trust it. (මම දන්නවා එකේ තේරුමක් නැහැ කියල, ඒක තමයි මම ඒ තීරණය විශ්වාස කරන්නේ)

ඒ සමගම නැව අයිස් කන්දක හැපෙනවා.

සැබෑ ටයිටැනික් නැව අයිස් කන්දක හැපීම අහඹු දෙයක්. ඒත් අපි මුලින් කිව්වා වගේ ප්රබන්ධයක කිසිම දෙයක් අහඹු නෑ. ඒ සියල්ල කතා රචකයාගේ ආශාව මත ගොඩනැගුණු හීන ලෝකය වෙනුවෙන් පෙළ ගැහිච්ච දේවල්. ජැක් සහ රෝස්ගේ හමුවීම පමණක් නොව මෝටර් රථයක් තුළ දෙදෙනා ලිංගික හැසිරීමක් දක්වා සියල්ල කිසිදු බරපතල හැලහැප්පීමකින් තොරව සුන්දර ප්‍රේමයක් ලෙස ඉදිරියට යන කතන්දරයේ දී ඉහත දෙබසත් සමගම නැව අයිස් කන්දක හැපීම අහඹුවක් නෙවෙයි. මේ සිදුවීම් ගැලපිල්ලෙන් ඉතා සංකීර්ණ කතාවක් කියවෙනවා.

අපි හීන ලෝකවල කරන දේවල් බොහෝමයි. අපේ ලිංගික හීන, පෞද්ගලික ඉලක්ක පිළිබඳ හීන, අපේ ප්‍රතිරූපය පිළිබඳ හීන මේ බොහොමයක් සැබෑ ලෝකයේ දී ඉටුකරගත හැකි දේවල් නොවේ. ඉටුකරගත හැකි වුවත් ඒ වෙනුවෙන් කල යුතු කැප කිරීම කිරීමට නොහැකි බැවින් අප විසින් අතහැර දමන දේවල්. උදාහරණයකට, මම මගේ තරහකාරයෙකුට හිත ඇතුලෙන් පහර දුන්නත් සැබෑ ලෝකෙදි මම ඒ දේ කරන්න යන්නෙ නැත්තෙ මට සැබෑ ලෝකයේ දී මගේ තරහකාරයාට පහර දීමට බැරි නිසා වෙන්න පුළුවන්, එහෙම පුළුවන් උනත් සැබෑ ලෝකේ තියෙන නීති රීති නිසා මේ වගේ දෙයක් මගහැරෙන්න තියෙන අවස්ථා වැඩියි). අපිට හීන ලෝකයක් තියෙන්නෙත් ඒ නිසා. සැබෑ ලෝකෙදි ඉටුකරගන්න බැරි දේවල් අපි හීන ලෝක ඇතුලෙදි තෘප්ත කර ගන්නවා.

අපි කිව්වා සුරංඟනා කතා ඒවායේ වචනාර්ථයෙන් ම කියවෙන විදියට සැබෑ ලෝකෙ සිද්ධ වෙන දේවල් නොවේ කියල. ඒ වගේම ආකෘතියක යන ටයිටැනික් චිත්‍රපටයෙදි අපි කිව්වා වගේ රෝස් විසින් කියන කතන්දරයෙ දී, නැත්නම් කැමරන් විසින් මවන රෝස් නැමති යුවතියගේ හීන ලෝකය හෙවත් ටයිටැනික් නැවේ දී ඉහත කී දෙබස පහත ප්රශ්නය ඇති කරනවා.

රෝස්ගේ හීන ලෝකයේ දී ඈ විඳගන්න සතුටට ඈ ප්‍රකාශ කරනවා, ‘මම නැව වරායට ගිය ගමන් ම ඔයා(ජැක්) එක්ක යන්න එනවා’ කියලා. එතකොට ජැක් පළ කරන්නේ අවිශ්වාස සහගත හැඟීමක්. ‘මේක පිස්සුවක්’, ඔහු කියනවා. රෝස් කියන්නෙත් ‘ඔව් මේක පිස්සුවක් තමා, කිසිම තේරුමක් නැති දෙයක්’ කියලා.

ඔබට හොඳින් පැහැදිලි ඇති දෙදෙනා ම දන්නවා කියලා ඔවුන්ගේ තහනම් ආදරය සැබෑ ලෝකෙදි ඒ තරම් සුන්දර වෙන එකක් නොවන බව. මොකද ජැක් කියන්නෙ නිර්ධන පන්තියේ අයෙක්. රෝස් කියන්නෙ ඉහළ පාන්තික කාන්තාවක්. ඔවුන්ට ඇත්තටම එකට ජීවත් විය හැකි ද?

රෝස් ඇගේ උතුරා යන සතුට තුළ කියනවා, ‘ඔව් මම ඔයත් එක්ක විවාහ වෙන්න කැමතියි’ කියලා. ඒත් ඇත්තට ම ඒ ප්‍රකාශයත් එක්කම වරදකාරී හැඟීමකට පත් වෙනවා. මොකද, අර අපි කලින් කිව්වා වගේ හීන ලෝකෙ තියෙන්නෙ සැබෑ ලෝකෙ සිද්ධ වෙන්නෙ නැති දේවල්. හීන ලෝකෙ සිද්ධ වෙන දේවල් සැබෑ ලෝකෙදිත් කරන්න ගියාම අපි පත්වෙන්නෙ කරදර ගොඩකට. ගොඩක් අය තම තමන්ගෙ පෞද්ගලික ලිංගික හීන සැබෑ ලෝකෙට කවදාවත් ගෙන එන්නෙ නෑ. ඒ වගේ ම රෝස් ඇගේ හීන ලෝකෙදි තීරණය කරනවා, ඔව් මම නැවෙන් ගොඩ බැස්ස ගමන්, ඒ කියන්නේ සැබෑ ලෝකයට ආවට පස්සෙ ජැක් සමග විවාහ වෙනවා කියල. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය හමුවේ රෝස්ට විසඳුම් දෙකක් තියෙනවා.

එක, හීනය සැබෑවක් කරගන්න එක. දෙක, හීනය විනාශ කරගන්න එක

රෝස් තීරණය කරනවා හීනය විනාශ කරන්න. ඇයට ඇත්තට ම ඕනේ නෑ ජැක් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න. ඇයට ඕනේ කවදාවත් සඵල නොවන හීන ලෝකය විනාශ කරගන්න, ඒත් එක්කම ජැක් මැරෙනවා දකින්න.

ඇගේ හීන ලෝකය වන ටයිටැනික් නැව අයිස් කන්දක හැපෙන්නේ ඒ විදියට. අපි කලින් කතා කලා වගේ ඒ හැපීම අහඹුවක් නෙවෙයි. කතාවේ සිදුවීම් සියල්ල පෙළ ගැස්වෙන්නේ කැමරන්ගේ හීන ලෝකය පූර්ණ කිරීමට. ජැක්, රෝස්, නැව, මේ සියල්ල ඔහුගේ හීන ලෝකයේ කොටස් පමණයි.

රෝස්ගේ වෙසින් සිටින කැමරන්ගේ අරමුණ වඩා පැහැදිලි වෙනවා කතාවේ අවසන් දර්ශන පෙළ එක්ක. කතාවේ රචකයා විදියට කැමරන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා ජැක්ට පණ බේරාගෙන රෝස් සමග ගොඩට පැමිණීමට අවස්ථාව සලසා දීමට. නමුත් ඔහු නිර්මාණය කරන රෝස් නම් චරිතයට ඇත්තටම ඕනේ ජැක් මැරෙනවා දකින්න. ඔහු සමග විවාහ නොවී ඉන්න. ඉතින් ඔහු ජැක්ගේ මරණයට කටයුතු සූදානම් කරනවා. එපමණක් නොවේ, අධ්‍යක්ෂණයේ දී රෝස්ට ජැක්ගේ මරණයේ වේදනාවෙන් පහසුවෙන් ගැලවීමට ඔහු කටයුතු සලස්වා දී තියෙනවා. රෝස් එකවර හැරී බලන විට ජැක් මියගිහින්. බොහෝ ප්‍රේම කතාවල පෙම් යුවලක එක අයෙකුගේ මරණය අනෙකාට ද මරණය වැළඳගන්නට හේතුවක් වුව ජැක්ව ඉක්මනින් ඉවත ලා සිය ජීවිතය බේරා ගන්නට රෝස් උත්සහ දැරීම එම දර්ශන පෙළේ අපූර්වතම ලක්ෂණය වෙයි. හොඳින් බලන්න රෝස්ට ජැක්ගෙන් ගැලවීමට අවිඥාණික වුවමනාවක් වෙයි. එය ඇයට ද නොතේරෙන ඇගේම අවිඥාණයේ ඉල්ලීමක්.

සිහිනයක් ලෙස ම තබාගන්නට කැමති සුන්දර ප්‍රේමයක්. (digitalspy.com)

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රෝස් සාර්ථක බවය. ඇය අපූර්ව සිහින ලෝකයක් ගොඩනගා ගනියි. පිටස්තර කුමාරයෙක් සමග ඈ ප්‍රේමයෙන් බැඳේ. ඒ කුමාරයා සමග ඈ තමා සිරව සිටින සංස්කෘතික හිර කූඩුවෙන් මිදී නිදහස අත් විඳියි. එහෙත් ඒ හීන ලෝකයේ සතුට කෙතරම් ද යත් ඇයට ඒ හීනය සැබෑවක් කරගන්නට සිතෙයි. ඒ සමඟම එම තීරණය පිළිබඳ ඈ පසුතැවෙයි. ඈ ප්‍රේමය වෙනුවට ඇගේ සමාජ පන්තිය හෙවත් ඇගේ හිර කූඩුව තුළ ම නතර වන්නට අවිඥාණිකව, හිත යටින් තීරණය කරයි. ඇගේ අවිඥාණය විසින් අයිස් පර්වතයක් එවා ඇගේ හීන ලෝකයේ නෞකාව ටයිටැනික් විනාශ කර පෙම්වතා මරා දමයි. ඇය ප්‍රේමය සැබෑ ලෝකයට ගෙන එන්නේ සැබෑවක් ලෙස එනම් විවාහ විය යුතු පෙම්වතෙකු විදියට නොව මතකයක් විදියට. දැන් ඇගේ ප්‍රේමය ඇගේ හීන ලෝකය තුළ සදාකාලිකව ම සුරක්ෂිතයි. එහෙම නේද?

source - sinhalaroar.lk

[QUOTE="NK123, post: 20568759, member: 543337"] [b]ටයිටැනික්: ආදරණිය රෝස්ගෙ කවරුත් නොදකින පැ[/b] [SIZE=3][U][B][SIZE=5]ටයිටැනික්: ආදරණිය රෝස්ගෙ කවරුත් නොදකින පැත්ත[/SIZE][/B][/U] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔව්, අපි කතා කරන්න යන්නේ සැබෑ ටයිටැනික් නැව ගැන නොවේ, ටයිටැනික් චිත්‍රපටය ගැන. ටයිටැනික් නැව අයිස් කන්දක හැපී ගිලී යෑම අහඹුවක්. එහෙත් ටයිටැනික් චිත්‍රපටය යනු අහඹුවක් නොව, බොහෝ කාලයක පූර්ව සූදානමක් (ඒ කියන්නේ ලිවීම ඇතුළු පූර්ව-නිශ්පාදන අවධිය සැලකීමෙන්) සහිත එකක්. අහඹුවක් නොවන දේවල් තුල අභ්‍යන්තර නීති, න්‍යායන්, සහ අරමුණු හැංඟිලා තියෙනවා. අපි අද බලමු අහඹුවක් නොවූ ටයිටැනික් තුළ ඇති අභ්‍යන්තර නීතීන් මොනවා ද කියා.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=5]දෘශ්ටිවාදය විචාරය කිරීම[/SIZE][/B] [SIZE=3][IMG]http://www.standbyformindcontrol.com/wp-content/uploads/2014/09/they-live-2.jpg[/IMG] දෘශ්ටිවාද විචාරය: වර්ණවත් පණිවිඩ අතර සැඟවී ඇති කළු සුදු ඇත්ත පණිවිඩ සෙවීම (folksonomy.co) [/SIZE][SIZE=3]දෘශ්ටිවාදී විචාරය අද ශාස්ත්‍රීය මට්ටමේ අධ්‍යනයක් වෙලා තියෙනවා. මේ විෂයේ දී අපි අධ්‍යනය කරන්නේ අපේ අදහස් සංකල්ප ගැන, හරියටම කිව්වොත්, අපේ ‘ව්‍යාජ’ අදහස් සහ සංකල්ප ගැන. මෙහෙම කිව්වම ටිකක් සංකීර්ණයි, ඒ නිසා අපි දෘශ්ටිවාදය කියන තැනින් පටන් ගමු.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි අතර භාෂාවක්, සංස්කෘතියක් තියෙනවා. අපි සමාජයේ අනෙක් පුද්ගලයින් සමග සන්නිවේදනය කරන්නේ මේ දේවල් වලින්. ඒ කියන්නේ, ඔබ උදේම නැගිටලා දවස පටන්ගන්න තැන ඉඳලා කතන්දරේ පටන් ගනිමු. එලාම් එක වදිනවා උදේ 4.45ට. අපි ඔරලෝසුවට බැන බැන බොහොම අමාරුවෙන් නැගිටිනවා, මොකද අපි රැකියාවට වෙලාවට යන්න උදේ 4.45 ට නැගිටින්න ඕනෙ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ කියන්නේ, අපි රැකියාවක් කරන්න ඕනේ, ඒ විතරක් නෙවෙයි අපි වෙලාවට රැකියා ස්ථානයේ ඉන්නත් ඕනේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]ප්රශ්නය[/I]: අපි රැකියාවක් කරන්න ඕනේ කියන එක අපිට බාහිර ලෝකයෙන් දාපු අදහසක් මිස ඉපදෙනකොට ජානගත වෙච්ච අදහසක් නෙවෙයි. ඒත් අපි හිතනව ‘මනුස්සයෙක් වුණාම රස්සාවක් කරන්න ඕනෙ කියල, එහෙම නේද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඊළඟට ඔබ නැගිටලා ඇඳුම් ඇඳගන්න ඕන වෙලාව. ඔබ ‘වැදගත්’ කිට් එකට බහිනවා. ඒ කියන්නේ හොඳට අයන් කරපු ෂර්ට් එකක්, කලිසමක්, ටයි එකක් ආදිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]ප්රශ්නය[/I]: මේ වික්ටෝරියානු ඇඳුම අඳින එක විශ්වීය නියමයක් නෙවෙයි. ඒක බාහිර සමාජය විසින් ඇණවුම් කල එකක්. ඒත් අපි හිතනවා ‘මනුස්සයෙක් වුණා ම මේක තමයි ඇඳුම’ කියලා. එකඟ වෙනවා නේද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඊළඟට ඔබ බස් එකේ යනවා. අතරමග පන්සලක් පාස් කරනවා, සීට් එකෙන් නැගිටලා ගෞරව කරනවා. ඊළඟ බස් නැවතුම්පළේදි හාමුදුරුනමක් නගිනවා, ඔබ එක සිතින් ආසනය පිරිනමනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔව්, ඔබ හිතනවා පන්සලක් අසලින් යන විට නැගිටීම, හාමුදුරුනමකට ආසනය දීම තමා ‘නියම විදිය’ කියලා, ඒ කියන්නේ විශ්වීය ආකාරය කියලා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නමුත් හොඳට බැලුවොත් වැටහේවී, ඒවාට විශ්වීය ආකාරයක් නැති බව. ඒවා අපේ විශ්වාස පද්ධතීන් බව. මේ විශ්වාස පද්ධතීන්ට අපි කියනවා දෘශ්ටිවාදයන් කියල. එතකොට ‘දෘශ්ටිවාදී අධ්‍යයනය’ කියන්නේ මේ දෘශ්ටිවාදයන් යට ඇත්තටම කියවෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම බව.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි ටයිටැනික් දෘශ්ටිවාදී අධ්‍යනයකට නතු කරමු. මේ සියල්ල පදනම් වෙන්නේ ස්ලෝවේනියන් ජාතික දාර්ශනිකයෙකු වන ස්ලැවොයි ජිජැක් ටයිටැනික් සම්බන්ධයෙන් කියපු කතාවක් මුල් කරගෙන. අපි ඔහුගේ අදහස් තේරෙන භාෂාවෙන් සාකච්ඡා කරමු.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=5]සුරංගනා කතාව හෙවත් අපේ ආදර කතාවේ ස්වභාවිකම මොඩලය[/SIZE][/B] [SIZE=3][IMG]http://vignette4.wikia.nocookie.net/disney/images/0/01/Disney_Princess_transform_to_redesign.jpg/revision/latest?cb=20130620103437[/IMG] සිරගත වුණු කුමරියන්. (seventeen.com) [/SIZE][SIZE=3]ඔබ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්, ග්‍රීම් සහෝදරයෝ විතරක් නෙවෙයි ජනප්‍රවාද විදියට පවතින සුරංගනා කතා වලටත් නිරාවරණය වෙලා ඇති කියලා හිතනවා. අපි ඒවගෙන් කිහිපයක් තෝරාගන්නවා, ඒ, ටයිටැනික් පිළිබඳ වටහා ගැනීමට සූදානම් කරන්න. බහුතරයක් ‘කුමාරි’ලා ගැන, හිම කුමාරි, නිදි කුමාරි, තම්බලිනා ආදී කුමාරිලා විතරක් නෙවෙයි, කුමාරිලා නොවන මනුස්ස දූවරු වන චරිත ගැනත් හිතන්න. උදාහරණයකට, ආදර කතාවක් නැති ‘ඌස් දේශයේ මායාකාරයා’ කතාවේ ඩොරති ගැනත් හිතන්න. මේ කතා බොහෝමයක එක ම සැඟවුණු කතා ආකෘතියක් තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]පළවෙනි කාරණය[/I]: කුමාරිකාවක් හෙවත් නව යොවුන් තරුණියක් ඉන්නවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]දෙවැනි කාරණය:[/I] රජෙක් ඉන්නවා, රජා බොහෝ විට කුමාරිකාවගේ පියා වෙන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]තෙවැනි කාරණය:[/I] නපුරු කුඩම්මා කෙනෙක්, මායාකාරියෙක් ඉන්නවා. මෙයා කරන්නෙ කුමාරිය හිර කරල තියාගන්න එක.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][I]හතරවෙනි කාරණය:[/I] කුමාරිය බේරගන්න ඈත දේශයකින් නැත්නම් වෙනම සමාජ පන්තියකින් කුමාරයෙක් එනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔන්න ඉතින් මේ කුමාරයා කුමාරිය එක්ක ආදරයෙන් බැඳෙනවා, නපුරු කුඩම්මා නැත්නම් මායාකාරිය එක්ක සටන් වැදිල ජයග්‍රහණය කර දෙන්නා ‘they lived happily ever after’ කියල කතාවේ අන්තිමට ලියවෙන විදියට සියල්ල අවසාන කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=5]කතාවක චරිත සහ සැබෑ චරිත[/SIZE][/B] [SIZE=3][IMG]http://cdn.abclocal.go.com/images/otrc/2010/photos/8802320_600x338.jpg[/IMG] ජේම්ස් කැමරන් ඔහුගේ හීන ලෝකය සමග. (abc7.com) [/SIZE][SIZE=3]අපි ටයිටැනික් චිත්‍රපටයේ චරිත දෙසටම හැරෙමු. ප්‍රධාන චරිත දෙක, ජැක් සහ රෝස්, පිරිමියෙක් සහ ගැහැණියක්. අප වටහාගත යුතු මූලිකම දේ චිත්‍රපටයේ චරිත විශේෂයෙන්ම ජැක් සහ රෝස් යනු ඔවුන්ට ඕනෑ දේ කරන අය නොවන බව. එමෙන්ම, ඔවුනුත් ඇතුළුව ටයිටැනික් හි සියළුම චරිත පමණක් නොව ටයිටැනික් නැව පවා එකම චරිතයක විවිධ මුහුණුවරවල් බව. ඒ කියන්නේ ඔවුන් සැබෑ පුද්ගලයින් නොවන බව. ඇයි ඒ?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මතක තබාගන්න ටයිටැනික් යනු ප්‍රබන්ධයක් බව. ටයිටැනික් තිර කතාව ලියන්නේ ජේම්ස් කැමරන්. චිත්‍රපටය තුළ හෙළිවෙන්නේ කැමරන්ගේ මනෝභවික අවශ්‍යතාවය මිස එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් නොවේ. කැමරන්ගේ හීන ලෝකය හෙවත් ෆැන්ටසිය ඔහු එළිදක්වන්නේ ඔහු නිර්මාණය කරන කතන්දරයෙන්. කතන්දරයේ චරිත ඇත්තට ම කරන්නේ කැමරන්ට ඕනෑ දේ මිස සැබෑ පුද්ගලයින් මෙන් ස්වාධීන තීරණ මත සිදු කරන දේවල් නොවේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]වැදගත්ම දේ ප්රබන්ධයක චරිත ලේඛකයාගේ විශ්වාස පද්ධතිය මත ගොඩනැගුණු ෆැන්සියේ අවශ්‍යතාවය ඉටුකරන බව වටහාගැනීම.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]විශ්වාස පද්ධතීන් ගැන කිව්වාම අපි ඊට සමාන සංකල්පයක් කලින් ඉදිරිපත් කළා, ‘දෘශ්ටිවාදය’ නමින්. අපි මේ උත්සාහ කරන්නේ ටයිටැනික් නම් ප්‍රබන්ධය තුලින් හෙළිවන කැමරන්ගේ දෘශ්ටිවාදය කුමක් ද යන්න හෙළි කිරීමට. ඒ කියන්නේ, ටයිටැනික් නම් චිත්‍රපටය සෘජුව කියන කතන්දරය යටින් ඇත්තටම කියවෙන්නේ කුමක් ද යන්න දැන ගැනීමට.[/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=5]ඔව් දැන් අපි ටයිටැනික් හාරා අවුස්සමු[/SIZE][/B] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/ea/a3/df/eaa3dfa7bcbe41b22ed83553265ca703.jpg[/IMG] රෝස් ඇගේ සිහින ලෝකය අබිමුව. (cosmopolitan.co.uk) [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි දවල් සිහින දකිමු, අපේ ආශාවන් ෆැන්ටසයිස් කරමු. හිතන්න, එම ක්රියාවේ ඇත්තේ සරල ආකෘතියක්. මුලින් අපි සැබෑ ලෝකේ ඉන්නවා, ඊළඟට අපි අපේ සිහින ලෝකයට යනවා, ඊළඟට සිහිනය අවසානයේ දී අපි අපේ සැබෑ ලෝකෙට එනවා, අපේ සිහිනය අවසන් කරනවා. චිත්‍රපටයක් කියන්නෙත් අපි එකිනෙකා දකින්නට ආශා කරන දේ නිර්මාණය කර සෙලෝලොයිඩ් පටයකට ගෙන නරඹන එක. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපේ පෞද්ගලික දවල් සිහින සහ සිනමාව අතර එක්තරා වෙනසක් තියෙනවා. ඒ අපේ දවස් සිහිනය අප විසින්, අපේ ආශාව විසින් නිර්මාණය කරන එකක් වුවත් සිනමාව කියන්නෙ වෙන කෙනෙක් විසින් නිර්මාණය කර දෙන හීන ලෝකයක්, ෆැන්ටසියක්. ස්ලැවොයි ජිජැක් එක්තරා අවස්තාවක දී, ‘සිනමාව කියන්නෙ අපේ ආශාව නිර්මාණය කරන එකක්’ කියලා කියන්නෙ ඒකයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි දවල් සිහිනයක ආකෘතිය ටයිටැනික් චිත්‍රපටයේ ඇති ආකාරය සොයා බලමු. මම යෝජනා කරන්නේ මෙහෙමයි. ටයිටැනික් නැව නම් සුඛෝපබෝගී ලෝකය තමා රෝස්ගේ හීන ලෝකය. මතක තියාගන්න, එය රෝස්ගේ හීන ලෝකය වන්නේ ටයිටැනික් යනු රෝස් විසින් කියන කතාව නිසා බව. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සැබෑ ලෝකයේ සිටින රෝස් ඇගේ දවල් සිහිනය ඒ කියන්නේ ෆැන්ටසිය අරඹන්නේ නැවට නැගීමත් එක්ක. කතාව හොඳින් නරඹා ඇති ඔබට පැහැදිලි ඇති කාරණයක් තමා ඇයට ඕන ඇය සිරවෙලා ඉන්න වික්ටෝරියානු සභ්‍යත්වයෙන් යුතු ලෝකයෙන් මිදෙන්න කියන එක. අපිටත් මේ ජොබ් කරන සාමාන්‍ය සුපුරුදු ජීවිතය එපා වුණා ම සියල්ල අතෑරල දාල කොහෙ හරි ඈත පළාතක විනෝද චාරිකාවක් ගිහින් එන්න හිතෙනවා. ඒ වගේම තමා අපිට මේ සුපුරුදු ජීවිතේ එපා වුණාම ඊට වඩා ලස්සන ලෝකයක් හිතේ මවාගෙන අපේ හීන ලෝකේ ටික වෙලාවක් ජීවත් වෙලා ආයෙත් අපේ ලෝකෙට එන බව. හොඳින් හිතල බලන්න, සැබෑ ලෝකෙන් හීන ලෝකෙට යන එක, අපි එදිනෙදා ජීවිතය අතහැර විනෝද චාරිකාවක් යන එක, රෝස් එයාගෙ එදිනෙදා ජීවිතය අතහැර නැවට නැගීම මේ සියල්ල ම එකම මිනිස් අවශ්‍යතාවයක් මත පදනම් වන බව. ඒ කියන්නේ අපිට මේ ඒකාකාරී ලෝකයෙන් මිදී ඈත ගමනක් යන්න ඕන. හැබැයි ඒ ගමන සදාකාලික එකක් නෙවෙයි. අපිට ආපහු සැබෑ ඒකාකාරී ලෝකෙට එන්න ඕන. විනෝද චාරිකාවක් ගියොත් ආපහු එන්න ඕන. දවල් සිහිනයක අපිට සදාකාලිකව ජීවත් වෙන්න බෑ, අපි ආපහු පියවි ලෝකයට එන්න ඕන. ටයිටැනික් නැවේ පෙම්වතෙකු සමග රෝස් ගත කරන අපූර්ව ජීවිතය සදාකාලික නෑ, නැවෙන් ගොඩ බැහැලා ආපහු සුපුරුදු ඒකාකාරී ජීවිතයට යන්න ඕන. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි සුරංගනා කතාව හෙවත් ආදර කතාවේ ස්වභාවිකම මොඩලය ගැන අපි කතා කළා. කුමාරිකාවක් ඉන්නවා, එයා කතාව තුළ නපුරු කුඩම්මා කෙනෙක් හරි මායාකාරියක විසින් හරි හිර ගෙදරක, එක්ටැම් ගෙදරක, හෝ නපුරු මායාවක හිර කරල තියෙන්නෙ. ටයිටැනික් චිත්‍රපටයේ රෝස් කියන චරිතයත් ඒ ආකාරයටම හිර වෙලා ඉන්නෙ. රුත්, ඒ කියන්නේ රෝස්ගේ මව, හිතනවා රෝස් සහ කැල්ගේ විවාහයෙන් පවුලේ ආර්ථික ප්‍රශ්න සියල්ල විසඳේවි කියල. ඉතින් රෝස් කැමති වුණත් නැතත් ඇය කැල් සමග විවාහ විය යුතු යි යන්න තීරණය කරලා අවසන්. රෝස් සුරඟනා කතාවක කුමාරියක්ම තමා. ඈ වික්ටෝරියානු හැදියාව, ඉහළ පන්තිය කියන සදාචාර පද්ධතිය, එතකොට ආර්ථික පවුල් ප්‍රශ්න කියන දේවල් වල හිරකාරියක්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සුරංගනා කතාවේ දෙවන කොටස. සිර වී සිටින කුමාරිය කවදාහරි දවසක කුමාරයෙක් ඇවිත් ඇයව මේ හිර මැදිරියෙන් ගලවා ගනීවි කියල විශ්වාස කරනවා. සුරංගනා කතාවල කුමාරයෙකුගේ සිප ගැනීමකින් ශාපයන්ගෙන් මිදෙන කුමාරියන්, එක්ටැම් ගෙවල් සිර මැදිරි වලින් කුමාරිකාවන් ගලවාගන්නා කුමාරයින් – උන්මාද චිත්‍රා වගේ කතාවක් ගත්තොත් අපේ රටෙත් මේ කතා ආකෘතිය තියෙන බව පැහැදිලි වේවි – සින්ඩරෙල්ලා වගේ කතාවක් ගත්තොත් කුස්සියටම හිර වෙලා ඉන්න කුමාරියක් ඉන් ගලවා ගැනීමට සපත්තුවක් රට වටා යවන කුමාරයෙක් දකින්න පුළුවන් වේවි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ කුමාරයා සෑම විටම කුමාරිය සිර කළ ලෝකයට පිටස්තර අයෙක්. කවදා හරි ඈත රටකින් එන කුමාරයෙක් මාව කැන්දාගෙන යාවි කියන කතාව අපේ ගීත සාහිත්‍යයෙත් සෑහෙන්න ලියවිලා තියෙනවා. රෝස් හිරවෙලා ඉන්නේ ඉහළ පන්තියේ ජීවිතයක. එතකොට ඈ ගලවා ගන්න එන්න ඕන පිටස්තර ලෝකයේ කුමාරයා තවත් ඉහළ පන්තියේ කුමාරයෙක් වෙන්න බෑ. ඒ කුමාරයා තුන්වන පන්තියේ කුමාරයෙක් විය යුතු යි. ඔව්, ඒ ජැක්, සූදුවෙන් ටයිටැනික් නැවට නගින්නට වාසනාව (හෝ අවාසනාව) හිමිකරගත් කුමාරයෙක්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැන් ඔබට ආදර කතාවේ ස්වභාවිකම මොඩලය ඇතුලේ ටයිටැනික් කතාව වර්ධනය කරන්න පුළුවන්. කැල්, රූත් ඇතුළු ප්‍රථම පන්තිය හෙවත් නපුරු මායාකාරිය සහ ඇගේ වුවමනාව (රෝස් සමග කැල් විවාහ විය යුතු යි යන්න) නම් සිරගෙදරින් ඇයව නිදහස් කරගන්න ජැක් නම් කුමාරයා සටන් වදිනවා. අවසානයේ දී කුමාරයා සටන ජයග්‍රහණය කරනවා. අන්තිමට දෙන්න බොහොම සතුටින් චිරාත් කාලයක් ජීවත් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]නමුත් එය සිද්ධ වෙන්නෙ එහෙම නෙවෙයි, ටයිටැනික් නැව මුහුදේ ගිලී යනවා. ජැක් මිය යනවා. ඇත්තට ම මෙතන දි මොක ද වෙන්නේ ?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://images.desimartini.com/media/uploads/2015-5/kate_landscape_1bb2ba7-1bb2ban.jpg[/IMG]සදාතනික ප්‍රේමයක්? (scienceabc.com) [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි මුලින් වටහා ගත්ත තැනකට යමු. ටයිටැනික් කියන්නෙ රෝස් කියන කතාව. රෝස් කියන්නේ කැමරන් නම් අධ්‍යක්ෂකවරයාගේ සහ තිර රචකයාගේ ෆැන්ටසිය නිරූපණය කරන චරිතය. රෝස් සැබෑ ලෝකයේ ඉඳල ඇගේ දවල් සිහිනයට, හීන ලෝකෙට ඇතුළු වෙනවා. ඒ කියන්නෙ, කැමරන් එයාගෙ හීන ලෝකෙට ඇතුළු වීමම තමා. රෝස් ටයිටැනික් නැවට නැගල සැබෑ ලෝකයෙන් ඈතට යනවා. එහිදී ඇයට ඇගේ හීන ලෝකයේ කුමාරයා හමු වෙනවා. ඔහු සමග ආදරයෙන් බැඳෙනවා. ඊළඟට:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සුරංඟනා කතාවක්, ඒ නමෙන්ම කියැවෙන විදියට සැබෑවක් නෙවෙයි. අපේ හීන ලෝකය ඇතුලෙ පටන් අරගෙන පැවතිල ඒ තුළම අවසාන වන දෙයක්. නමුත්:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කතාවේ එක්තරා අවස්ථාවක රෝස් ජැක්ට මෙහෙම කියනවා.[/SIZE] [SIZE=3] [/SIZE][INDENT] [SIZE=3]When the ship docks I’m getting off with you. (නැව ඊළඟ තොටුපලේ නැවත්වුවම මම ඔයත් එක්ක බහිනවා)[/SIZE] [SIZE=3]ජැක් කියනවා. This is crazy … (ඒකෙ තේරුමක් නැහැනේ)[/SIZE] [SIZE=3]ඒත් රෝස් කියන්නේ I know. It doesn’t make any sense. That’s why I trust it. (මම දන්නවා එකේ තේරුමක් නැහැ කියල, ඒක තමයි මම ඒ තීරණය විශ්වාස කරන්නේ)[/SIZE] [SIZE=3]ඒ සමගම නැව අයිස් කන්දක හැපෙනවා.[/SIZE] [/INDENT][SIZE=3] [/SIZE][SIZE=3]සැබෑ ටයිටැනික් නැව අයිස් කන්දක හැපීම අහඹු දෙයක්. ඒත් අපි මුලින් කිව්වා වගේ ප්රබන්ධයක කිසිම දෙයක් අහඹු නෑ. ඒ සියල්ල කතා රචකයාගේ ආශාව මත ගොඩනැගුණු හීන ලෝකය වෙනුවෙන් පෙළ ගැහිච්ච දේවල්. ජැක් සහ රෝස්ගේ හමුවීම පමණක් නොව මෝටර් රථයක් තුළ දෙදෙනා ලිංගික හැසිරීමක් දක්වා සියල්ල කිසිදු බරපතල හැලහැප්පීමකින් තොරව සුන්දර ප්‍රේමයක් ලෙස ඉදිරියට යන කතන්දරයේ දී ඉහත දෙබසත් සමගම නැව අයිස් කන්දක හැපීම අහඹුවක් නෙවෙයි. මේ සිදුවීම් ගැලපිල්ලෙන් ඉතා සංකීර්ණ කතාවක් කියවෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි හීන ලෝකවල කරන දේවල් බොහෝමයි. අපේ ලිංගික හීන, පෞද්ගලික ඉලක්ක පිළිබඳ හීන, අපේ ප්‍රතිරූපය පිළිබඳ හීන මේ බොහොමයක් සැබෑ ලෝකයේ දී ඉටුකරගත හැකි දේවල් නොවේ. ඉටුකරගත හැකි වුවත් ඒ වෙනුවෙන් කල යුතු කැප කිරීම කිරීමට නොහැකි බැවින් අප විසින් අතහැර දමන දේවල්. උදාහරණයකට, මම මගේ තරහකාරයෙකුට හිත ඇතුලෙන් පහර දුන්නත් සැබෑ ලෝකෙදි මම ඒ දේ කරන්න යන්නෙ නැත්තෙ මට සැබෑ ලෝකයේ දී මගේ තරහකාරයාට පහර දීමට බැරි නිසා වෙන්න පුළුවන්, එහෙම පුළුවන් උනත් සැබෑ ලෝකේ තියෙන නීති රීති නිසා මේ වගේ දෙයක් මගහැරෙන්න තියෙන අවස්ථා වැඩියි). අපිට හීන ලෝකයක් තියෙන්නෙත් ඒ නිසා. සැබෑ ලෝකෙදි ඉටුකරගන්න බැරි දේවල් අපි හීන ලෝක ඇතුලෙදි තෘප්ත කර ගන්නවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි කිව්වා සුරංඟනා කතා ඒවායේ වචනාර්ථයෙන් ම කියවෙන විදියට සැබෑ ලෝකෙ සිද්ධ වෙන දේවල් නොවේ කියල. ඒ වගේම ආකෘතියක යන ටයිටැනික් චිත්‍රපටයෙදි අපි කිව්වා වගේ රෝස් විසින් කියන කතන්දරයෙ දී, නැත්නම් කැමරන් විසින් මවන රෝස් නැමති යුවතියගේ හීන ලෝකය හෙවත් ටයිටැනික් නැවේ දී ඉහත කී දෙබස පහත ප්රශ්නය ඇති කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රෝස්ගේ හීන ලෝකයේ දී ඈ විඳගන්න සතුටට ඈ ප්‍රකාශ කරනවා, ‘මම නැව වරායට ගිය ගමන් ම ඔයා(ජැක්) එක්ක යන්න එනවා’ කියලා. එතකොට ජැක් පළ කරන්නේ අවිශ්වාස සහගත හැඟීමක්. ‘මේක පිස්සුවක්’, ඔහු කියනවා. රෝස් කියන්නෙත් ‘ඔව් මේක පිස්සුවක් තමා, කිසිම තේරුමක් නැති දෙයක්’ කියලා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔබට හොඳින් පැහැදිලි ඇති දෙදෙනා ම දන්නවා කියලා ඔවුන්ගේ තහනම් ආදරය සැබෑ ලෝකෙදි ඒ තරම් සුන්දර වෙන එකක් නොවන බව. මොකද ජැක් කියන්නෙ නිර්ධන පන්තියේ අයෙක්. රෝස් කියන්නෙ ඉහළ පාන්තික කාන්තාවක්. ඔවුන්ට ඇත්තටම එකට ජීවත් විය හැකි ද?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රෝස් ඇගේ උතුරා යන සතුට තුළ කියනවා, ‘ඔව් මම ඔයත් එක්ක විවාහ වෙන්න කැමතියි’ කියලා. ඒත් ඇත්තට ම ඒ ප්‍රකාශයත් එක්කම වරදකාරී හැඟීමකට පත් වෙනවා. මොකද, අර අපි කලින් කිව්වා වගේ හීන ලෝකෙ තියෙන්නෙ සැබෑ ලෝකෙ සිද්ධ වෙන්නෙ නැති දේවල්. හීන ලෝකෙ සිද්ධ වෙන දේවල් සැබෑ ලෝකෙදිත් කරන්න ගියාම අපි පත්වෙන්නෙ කරදර ගොඩකට. ගොඩක් අය තම තමන්ගෙ පෞද්ගලික ලිංගික හීන සැබෑ ලෝකෙට කවදාවත් ගෙන එන්නෙ නෑ. ඒ වගේ ම රෝස් ඇගේ හීන ලෝකෙදි තීරණය කරනවා, ඔව් මම නැවෙන් ගොඩ බැස්ස ගමන්, ඒ කියන්නේ සැබෑ ලෝකයට ආවට පස්සෙ ජැක් සමග විවාහ වෙනවා කියල. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය හමුවේ රෝස්ට විසඳුම් දෙකක් තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එක, හීනය සැබෑවක් කරගන්න එක. දෙක, හීනය විනාශ කරගන්න එක[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රෝස් තීරණය කරනවා හීනය විනාශ කරන්න. ඇයට ඇත්තට ම ඕනේ නෑ ජැක් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න. ඇයට ඕනේ කවදාවත් සඵල නොවන හීන ලෝකය විනාශ කරගන්න, ඒත් එක්කම ජැක් මැරෙනවා දකින්න.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඇගේ හීන ලෝකය වන ටයිටැනික් නැව අයිස් කන්දක හැපෙන්නේ ඒ විදියට. අපි කලින් කතා කලා වගේ ඒ හැපීම අහඹුවක් නෙවෙයි. කතාවේ සිදුවීම් සියල්ල පෙළ ගැස්වෙන්නේ කැමරන්ගේ හීන ලෝකය පූර්ණ කිරීමට. ජැක්, රෝස්, නැව, මේ සියල්ල ඔහුගේ හීන ලෝකයේ කොටස් පමණයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රෝස්ගේ වෙසින් සිටින කැමරන්ගේ අරමුණ වඩා පැහැදිලි වෙනවා කතාවේ අවසන් දර්ශන පෙළ එක්ක. කතාවේ රචකයා විදියට කැමරන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා ජැක්ට පණ බේරාගෙන රෝස් සමග ගොඩට පැමිණීමට අවස්ථාව සලසා දීමට. නමුත් ඔහු නිර්මාණය කරන රෝස් නම් චරිතයට ඇත්තටම ඕනේ ජැක් මැරෙනවා දකින්න. ඔහු සමග විවාහ නොවී ඉන්න. ඉතින් ඔහු ජැක්ගේ මරණයට කටයුතු සූදානම් කරනවා. එපමණක් නොවේ, අධ්‍යක්ෂණයේ දී රෝස්ට ජැක්ගේ මරණයේ වේදනාවෙන් පහසුවෙන් ගැලවීමට ඔහු කටයුතු සලස්වා දී තියෙනවා. රෝස් එකවර හැරී බලන විට ජැක් මියගිහින්. බොහෝ ප්‍රේම කතාවල පෙම් යුවලක එක අයෙකුගේ මරණය අනෙකාට ද මරණය වැළඳගන්නට හේතුවක් වුව ජැක්ව ඉක්මනින් ඉවත ලා සිය ජීවිතය බේරා ගන්නට රෝස් උත්සහ දැරීම එම දර්ශන පෙළේ අපූර්වතම ලක්ෂණය වෙයි. හොඳින් බලන්න රෝස්ට ජැක්ගෙන් ගැලවීමට අවිඥාණික වුවමනාවක් වෙයි. එය ඇයට ද නොතේරෙන ඇගේම අවිඥාණයේ ඉල්ලීමක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://lesbrain.files.wordpress.com/2012/08/leonard-dicaprio-kate-winslet-apjpg-e74d75274192bb05.jpg[/IMG]සිහිනයක් ලෙස ම තබාගන්නට කැමති සුන්දර ප්‍රේමයක්. (digitalspy.com) [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රෝස් සාර්ථක බවය. ඇය අපූර්ව සිහින ලෝකයක් ගොඩනගා ගනියි. පිටස්තර කුමාරයෙක් සමග ඈ ප්‍රේමයෙන් බැඳේ. ඒ කුමාරයා සමග ඈ තමා සිරව සිටින සංස්කෘතික හිර කූඩුවෙන් මිදී නිදහස අත් විඳියි. එහෙත් ඒ හීන ලෝකයේ සතුට කෙතරම් ද යත් ඇයට ඒ හීනය සැබෑවක් කරගන්නට සිතෙයි. ඒ සමඟම එම තීරණය පිළිබඳ ඈ පසුතැවෙයි. ඈ ප්‍රේමය වෙනුවට ඇගේ සමාජ පන්තිය හෙවත් ඇගේ හිර කූඩුව තුළ ම නතර වන්නට අවිඥාණිකව, හිත යටින් තීරණය කරයි. ඇගේ අවිඥාණය විසින් අයිස් පර්වතයක් එවා ඇගේ හීන ලෝකයේ නෞකාව ටයිටැනික් විනාශ කර පෙම්වතා මරා දමයි. ඇය ප්‍රේමය සැබෑ ලෝකයට ගෙන එන්නේ සැබෑවක් ලෙස එනම් විවාහ විය යුතු පෙම්වතෙකු විදියට නොව මතකයක් විදියට. දැන් ඇගේ ප්‍රේමය ඇගේ හීන ලෝකය තුළ සදාකාලිකව ම සුරක්ෂිතයි. එහෙම නේද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]source - sinhalaroar.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom