Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රම්ප්ගේ තීරු බදු සහ අපිට වැරදුනු තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.

එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.

ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.

ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.

දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්.

ට්‍රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.

ජනපති ට්‍රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.

ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන (Ally) කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි.

ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලිය වෙළඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්.

එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරු බද්ධක් පනවනවා.

නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්ධක්.

එය ගෝලීය වෙළඳාමේ දී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්‍රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි.

මාර්තු මුල් සතියේ දී ට්‍රම්ප් ඊළග අප්‍රේල් 02 දා 'ටිට් ෆෝ ටැට්' බදු පනවන බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු සිදු කළ දේශනයේ ඉන්දියාව ද එහි ඉලක්කයක් බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට තිබුණේ එදා.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව.

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ශිකව ඩොලර් බිලියන 3.4 ක පමණ වෙළඳාමක් සිදුවෙනවා.

ඉන් ඩොලර් මිලියන 368 ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා.

ඒ ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිගු පිටි ආදී භාණ්ඩ.

ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ.

ඒ ප්‍රධාන වශයෙන් ඇඟළුම්, අත් වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා.

ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟළුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ.

විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුධයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කර ගැනීම දැරිය නොහැකි පාඩුවක්.

එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්‍ය පියවර නොගැනීම ශ්‍රී ලංකා රජයෙන් සිදු වූ දරුණු අතපසුවීමක්.

ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්‍රී ලංකාව ද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්‍රී ලංකාවෙන් සිදු වූ විශාල අතපසුවීමක්.

ට්‍රම්ප් ඉහත ප්‍රකාශය කළ දිනට පසුදාම මා, මාගේ යූටියුබ් නාළිකාවේ මෙවැනි අනතුරක ශ්‍රී ලංකාව සිටින බව අනාවැකි පළ කළා.

ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්‍රසාද ලබනා පාලකයන්ට සහ නිළධාරීන්ට වැටහිය යුතුමයි.

ශ්‍රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා.

මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳව සාකච්ඡා කළ බවක් පෙනුනේ නැහැ.

ඒ වෙනුවට ප්රජාතන්ත්රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා.

මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි.

එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩ වල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ.

ට්‍රම්ප් රජයට අවශ්‍ය ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික උවමනා මත සිර කිරීම නොවෙයි.

ගෝලිය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කර ගැනීම පමණයි.

ජනපතිවරයාගේ එක් අත්සනකින් අපට එය කළ හැකිව තිබුණා.

නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුලු සියලූම මෝටර් රථ වල තීරු බදු තවත් වැඩි කළා.

එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබා දුන් සංඥාවක්.

අද එයට වන්දි ගෙවීමට අපට සිදු වුණා.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක් දක්වා තීරුබදු වැඩි කිරීමට අද ට්‍රම්ප් රජය තීරණය කළා.

අද දින ට්‍රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25 ක් ඉලක්ක කළා.

ඉන් ඔහු වැඩිම තීරු බද්ධක් පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටිනවා.

50% ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26% කින් පමණ කළමණාකරණය කර ගැනීමට සමත් වෙලා.

පසුගිය මාසයේ ට්‍රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළඳ ඇමති පියුෂ් ගෝපාල් සිය සියලූම රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා.

ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබා ගත්තේ එම සංචාරයත් සමගයි.

නමුත් ශ්‍රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මග හැරියා.

එම තීරණයත් සමග GSP බදු සහනය හිමිව තිබූ ශ්‍රී ලංකා භාණ්ඩ 3000 කට පමණ නව බදු පැනවුණා.

එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි.

ඇඟළුම් ක්ෂේත්රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි.

මෙරට මැණික් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා.

වාර්ශිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇති වීමේ අවදානමක අප සිටිනවා.

ට්‍රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්‍රී ලංකාවට සිදුවන හානිය වැඩියි.

එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්‍රී ලංකාව තරම් අවදානමක නැහැ.

එමෙන්ම හොඳින් නීරික්ෂණය කළහොත් ගෝලිය ඇඟළුම් වෙළදපොළේ ශ්‍රී ලංකාවට තරගයක් දීමට සිටිනා බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාවවැනි රටවලට පනවා තිබෙන බදු ප්‍රතිශත ශ්‍රී ලංකාවට වඩා අඩුයි.

ඒ ඔස්සේ එක් රැයකින් ශ්‍රී ලංකා ඇඟළුම් වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟළුම් ඇමෙරිකානු වෙළඳපොළේ මිලෙන් අඩු වෙනවා.

ඒ සමගම මෙරටට ලැබෙන ඇඟළුම් ව්‍යාපාර සියල්ල වියට්නාමයට, බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි.

කණගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වා ගත හැකිව තිබූ එකක්.

ස්වල්ප මොහොතකට පෙර මේ තීරු බදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බව දුටුවා.

සැබැවින්ම ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක වීමේ වේගය නිසායි.

ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා.

ඉන්පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබා ගත්තා.

ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා.

ශ්‍රී ලංකා රජය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදු වූ පසු කමිටුවක් පත් කරලා.

කණගාටුව එයයි.

- Ireshan Siriwardhana -

2025. 04. 03

[QUOTE="signshop, post: 30634905, member: 358740"] [IMG width="656px"]https://scontent.fdxb3-1.fna.fbcdn.net/v/t39.30808-6/486408505_638967812082495_9085940123808932533_n.jpg?stp=dst-jpg_s960x960_tt6&_nc_cat=1&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=plnA8JlWafUQ7kNvgH0-C0k&_nc_oc=Adlkmikz6ofnpe88hM6ZkxPC8jdMniLlHJl-3F8DTm48NMwN4CD87m3Wm3Bwoy-vYqo&_nc_zt=23&_nc_ht=scontent.fdxb3-1.fna&_nc_gid=K0UDQ9jPVOlyJ7AI9QGlvw&oh=00_AYHru2Zy8cHj3dB7vY73koZl4QrrKJLMXGdUIsvktIYVWQ&oe=67F4281A[/IMG] මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා. එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ. ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා. ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්. දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්. ට්‍රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි. ජනපති ට්‍රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්. ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන (Ally) කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි. ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලිය වෙළඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්. එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරු බද්ධක් පනවනවා. නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්ධක්. එය ගෝලීය වෙළඳාමේ දී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්‍රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි. මාර්තු මුල් සතියේ දී ට්‍රම්ප් ඊළග අප්‍රේල් 02 දා 'ටිට් ෆෝ ටැට්' බදු පනවන බව ප්‍රකාශ කළා. එහිදී ඔහු සිදු කළ දේශනයේ ඉන්දියාව ද එහි ඉලක්කයක් බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට තිබුණේ එදා. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ශිකව ඩොලර් බිලියන 3.4 ක පමණ වෙළඳාමක් සිදුවෙනවා. ඉන් ඩොලර් මිලියන 368 ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා. ඒ ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිගු පිටි ආදී භාණ්ඩ. ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ. ඒ ප්‍රධාන වශයෙන් ඇඟළුම්, අත් වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා. ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟළුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ. විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුධයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කර ගැනීම දැරිය නොහැකි පාඩුවක්. එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්‍ය පියවර නොගැනීම ශ්‍රී ලංකා රජයෙන් සිදු වූ දරුණු අතපසුවීමක්. ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්‍රී ලංකාව ද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්‍රී ලංකාවෙන් සිදු වූ විශාල අතපසුවීමක්. ට්‍රම්ප් ඉහත ප්‍රකාශය කළ දිනට පසුදාම මා, මාගේ යූටියුබ් නාළිකාවේ මෙවැනි අනතුරක ශ්‍රී ලංකාව සිටින බව අනාවැකි පළ කළා. ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්‍රසාද ලබනා පාලකයන්ට සහ නිළධාරීන්ට වැටහිය යුතුමයි. ශ්‍රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා. මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳව සාකච්ඡා කළ බවක් පෙනුනේ නැහැ. ඒ වෙනුවට ප්රජාතන්ත්රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා. මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි. එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩ වල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ. ට්‍රම්ප් රජයට අවශ්‍ය ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික උවමනා මත සිර කිරීම නොවෙයි. ගෝලිය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කර ගැනීම පමණයි. ජනපතිවරයාගේ එක් අත්සනකින් අපට එය කළ හැකිව තිබුණා. නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුලු සියලූම මෝටර් රථ වල තීරු බදු තවත් වැඩි කළා. එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබා දුන් සංඥාවක්. අද එයට වන්දි ගෙවීමට අපට සිදු වුණා. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක් දක්වා තීරුබදු වැඩි කිරීමට අද ට්‍රම්ප් රජය තීරණය කළා. අද දින ට්‍රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25 ක් ඉලක්ක කළා. ඉන් ඔහු වැඩිම තීරු බද්ධක් පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටිනවා. 50% ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26% කින් පමණ කළමණාකරණය කර ගැනීමට සමත් වෙලා. පසුගිය මාසයේ ට්‍රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළඳ ඇමති පියුෂ් ගෝපාල් සිය සියලූම රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා. ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබා ගත්තේ එම සංචාරයත් සමගයි. නමුත් ශ්‍රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මග හැරියා. එම තීරණයත් සමග GSP බදු සහනය හිමිව තිබූ ශ්‍රී ලංකා භාණ්ඩ 3000 කට පමණ නව බදු පැනවුණා. එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි. ඇඟළුම් ක්ෂේත්රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි. මෙරට මැණික් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා. වාර්ශිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇති වීමේ අවදානමක අප සිටිනවා. ට්‍රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්‍රී ලංකාවට සිදුවන හානිය වැඩියි. එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්‍රී ලංකාව තරම් අවදානමක නැහැ. එමෙන්ම හොඳින් නීරික්ෂණය කළහොත් ගෝලිය ඇඟළුම් වෙළදපොළේ ශ්‍රී ලංකාවට තරගයක් දීමට සිටිනා බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාවවැනි රටවලට පනවා තිබෙන බදු ප්‍රතිශත ශ්‍රී ලංකාවට වඩා අඩුයි. ඒ ඔස්සේ එක් රැයකින් ශ්‍රී ලංකා ඇඟළුම් වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟළුම් ඇමෙරිකානු වෙළඳපොළේ මිලෙන් අඩු වෙනවා. ඒ සමගම මෙරටට ලැබෙන ඇඟළුම් ව්‍යාපාර සියල්ල වියට්නාමයට, බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි. කණගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වා ගත හැකිව තිබූ එකක්. ස්වල්ප මොහොතකට පෙර මේ තීරු බදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බව දුටුවා. සැබැවින්ම ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක වීමේ වේගය නිසායි. ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා. ඉන්පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබා ගත්තා. ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා රජය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදු වූ පසු කමිටුවක් පත් කරලා. කණගාටුව එයයි. - [URL='https://www.facebook.com/IreshanS?__cft__[0]=AZUeyB6nkfZuU4bEngwUhfN7aDhKBaIk3twpBe9wKjiMXQx0EAjSD9gRUAkWcX2SYaxkqH0t9_o_2GG6dG5-394353QmyzROooE9WkOpdZnf_Khvt8mhCHT8Zq03ir2NMey0hGvajKelk9OtQ5sR7WS8CjDqtKiQ-Ks1-bmKbX84Nvjxs5_oyP-YYtka06QwYSHvjCb_WuvRylW9kAaMUNsiTBsDFP0G1cl7O4Js-hpb0Rr-be2odzQRorvO0dguQw0&__tn__=-]K-y-R']Ireshan Siriwardhana[/URL] - 2025. 04. 03 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom