ට්‍රම්ප් ගෙදර යයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    s5GZS9p.jpg


    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් නික්ම ගියේය.ඔහු මලානියා ට්‍රම්ප් ද සමග ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිකේතනයක් බලා ගියේ, ඇමරිකානු ඉතිහාසයේ මතභේදාත්මකම ජනපතිවරයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

    බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය මග හරියි​

    මේ අනුව ට්‍රම්ප් ධවල මන්දිරයෙන් වේලාසනින්ම සමුගෙන යන්නේ, බයිඩන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම ද ප්‍රතික්ෂේප කරමිනි. මෙයට පෙර සිය අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්ති උත්සවය මගහැරි ඇමරිකානු ජනාධිපතිවරයෙකු සිටියේ නම් ඒ, දෝෂාභියෝගයට ලක් කළ ඇන්ඩෘෘ ජොන්සන් පමණි. ඒබ්‍රහම් ලින්කන් ඝාතනයෙන් පසුව- සිවිල් යුද්ධයේ අවසාන අවධියේදී ජනපති පදවියට පත් වූ ඔහු ද ට්‍රම්ප් මෙන්ම සමත් වූයේ එක් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට පමණකි.

    මේ අතර, බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර ට්‍රම්ප්, සමුගැනීමේ සාදයක් ද පවත්වන්නට සැලසුම් කරගෙන සිටියි.

    ධවල මන්දිරයේ රතු පලස මැදින් ඇවිද ආ ට්‍රම්ප් සහ මෙලනියා වෙනුවෙන් ලැබුණේ ද සාපේක්ෂව කුඩා මාධ්‍ය ආවරණයක් පමණි.

    විසි පන් දහසක භටයන් විසින් මුරකාවල් යොදා ඇති පුරයක් බවට වොෂින්ටනය පත් කරමින්, ට්‍රම්ප් මෙසේ නික්ම යන්නේ ඇමරිකානු ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක් කළ පළමු ජනාධිපතිවරයා වශයෙන් ද වේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කිසිම රටක් ආක්‍රමණය නොකල සුදු අප්පච්චි. 2024 යලි හමුවෙමු ❤️.
     
    • Love
    Reactions: Die-hard

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    u e awillath pampori gahuwa, uulu Awrudden Vaccination eka haduwe. Covid control karala iwaralu. tax adu karalu, haal pol labetama dunnalu :lol: