Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ටිබෙටයේ උපන් ඇස්. මහින්ද හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිබෙටයේ උපන් ඇස්. මහින්ද හිමි

ළමා ලොව ළමා හදවත් සුපිරිසුදු කරමින්, පහන් කරමින්, දරුවන් සඳහා ළමා සාහිත්‍යයක් ගොඩනඟමින්, සිංහලයෙකු නොවූවද හෙළ ජාතිකාභිමානය, ජාති වාත්ශල්ය මතුකරමින්, ඔද වැඩුන හදින් යුතුව සිංහලයාගේ පරගැතියාවට, පහර ගසමින් නිදිගත් සිංහල ජාතිය අවදි කරන්නට, කවිය උපයෝගී කරගත් ශ්‍රේෂ්ඨ කවියා ලෙස නොපැකිලිව හඳුන්වා දිය හැකි සංඝපීතෘන් වහන්සේ නමක් වසර 60 කට පෙර දිනක දැයෙන් සමුගත්හ.

ඒ නිදහස් දැහැනින්, නිදහසේ මන්ත්‍රයෙන් ජාතික තොටිල්ලෙන්, හෙළ හදවත්හි, හෙළ ලේ අවදි කළ මහ යතිවරයාණ කෙනෙකු වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් වහන්සේ ය. ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල් මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංගී්රසි භාෂාව ද හැදෑරුවේ ය. ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය.

මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ

ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

මහින්ද හිමි ජාතිය පුබුදුවන්නට කී කවි එදා මෙදාතුර සිංහල ජාතිකයන්ගේ සිත්තුළ නොනැසී, සටහන් ව පවතී. උන්වහන්සේ කවියෙන් කළ ජාතික සේවාව කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය, ළමා කවි, දේශාභිමානි කවි හා ජාතිකාභිමානී කවි,දහම් කවි ඒ කොටස් තුනයි. උන්වහන්සේ ගද්‍ය පත පොත ලියා ඇතත් පද්‍ය කාව්‍ය තරම් ඒවා ජනතාව අතරට නොගියේ එවකට සිංහලයාට දේශාභිමානී හා ජාතිකාභිමානී කවි අවශ්‍ය යුගයක් මෙන්ම පද්‍ය තරම් ජාතික හැඟීම් දනවන්නට ගද්‍ය අපෝසත් වීම නිසා විය හැකි ය.

මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි.

එදා ඉංගී්රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය.

සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.

ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්

සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්

එය නිදහසය සිතමින් හැර විකට ඉලව්

දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

සහන ලැබෙන තුරු ලංකා දීපයට

ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට

නහන රුපුන් නහමින් යමි ඉදිරියට

මහණ කමත් බණ දහමත් එයයි මට

නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල, උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය.

මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ.

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.

ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර, ‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ.

සමන්පිච්ච මල් ඉහිරුණු

නිල් තණ කොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී

අනික් කුරුල්ලෝ නිදතී

බෝ අතුවල එල්ලීගෙන

මා වවුලෝ කෑ ගසතී

ගුමු ගුමු ගා මොකද හොරෝ

අහකට පල වන බමරෝ

රෝස මලේ ළඟට වරෝ

අපිය නුඹේ සොහොයුරෝ

සොබා සෞන්දර්යය තුළ ළමා මනස සුන්දරත්වය අවිහිංසාව, ආදරය, කරුණාව ඇතුළු කරන්නට උන්වහන්සේ ගත් වෙහෙස කෙතරම් චමත්කාර ජනකද?

පාට සුවඳ එක වගේ

තිබෙන රෝස මල වගේ

කීකරු පොඩි ළමයගේ

කවුරුත් පවසති අගේ

මවුපියන්ට ගුරුවරුන්ට

ගුණවත් වැඩිමහල්ලන්ට

කීකරු වන පොඩිත්තන්ට

පුළුවනි ලොව බබලවන්ට

උන්වහන්සේ ‘කීකරු ළමයා’ කවි පෙළෙහි එන මේ කවි අදත් අපේ දරුවන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්ම අවවාද ග්රන්ථයන්ගෙන් ඉටු වූ ජාතික සේවාව සමස්ත මානව වර්ගයාටම පොදු වූවකි. පාලි පාඨයන් සිංහල කවි, ගීත බවට පත් කරමින් කරන ලද උදාර මෙහෙවර මෙයින් පැහැදිලි වේ. “නැණමද පුරිස් තෙම වන්නේ මහලු ගොනු සේ ඔහු ඇග මස් වැඩේ නොවැඩේ නුවණ එලෙසින්” මෙමඟින් දැයේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්නට උන්වහන්සේ ගත්තේ අපමණ වෙහෙසකි. සිංහලයෙකු නොවූවද සිංහලයන්ටත් වඩා තමා සපැමිණි සිංහල ජාතියට, දේශයට, ආදරය කළ රටට දැයට පණ දුන්, කවියට රසදුන්, ආගමට හිතැති ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි 1951 මාර්තු 16 දින අපවත් වූහ.

[QUOTE="gepa, post: 13693651, member: 152826"] [b]ටිබෙටයේ උපන් ඇස්. මහින්ද හිමි[/b] [SIZE="5"]ළමා ලොව ළමා හදවත් සුපිරිසුදු කරමින්, පහන් කරමින්, දරුවන් සඳහා ළමා සාහිත්‍යයක් ගොඩනඟමින්, සිංහලයෙකු නොවූවද හෙළ ජාතිකාභිමානය, ජාති වාත්ශල්ය මතුකරමින්, ඔද වැඩුන හදින් යුතුව සිංහලයාගේ පරගැතියාවට, පහර ගසමින් නිදිගත් සිංහල ජාතිය අවදි කරන්නට, කවිය උපයෝගී කරගත් ශ්‍රේෂ්ඨ කවියා ලෙස නොපැකිලිව හඳුන්වා දිය හැකි සංඝපීතෘන් වහන්සේ නමක් වසර 60 කට පෙර දිනක දැයෙන් සමුගත්හ. ඒ නිදහස් දැහැනින්, නිදහසේ මන්ත්‍රයෙන් ජාතික තොටිල්ලෙන්, හෙළ හදවත්හි, හෙළ ලේ අවදි කළ මහ යතිවරයාණ කෙනෙකු වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් වහන්සේ ය. ටිබෙට් දේශයේ සිකිම් නුවර උපන් තෂිනෙම්ග්‍යල් කුමරුවා වයස 12 දී පමණ පැවිදි යතුවරයාණන් නමක් වූ තම සොහොයුරු සිකීම් පුන්නජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් සමඟ මෙරටට සැපත් වූහ. දොඩම්දූවේ පොල්ගස්දූවේ ආරාමයේ වෙසෙමින් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ තෂිනෙම්ගදල් මහා බෝධි විද්‍යාලයට ඇතුළත් වී ඉංගී්රසි භාෂාව ද හැදෑරුවේ ය. ලෝක සංග්‍රාමය පැවති සමයේ පුන්නජි හා ඤාණතිලෝක හිමිවරුන්ගේ ඇවෑමෙන් මොහු පැවිදි බිමට පත් වූබව සඳහන් ය. මෙතුමන් පැවිදි බව ලැබුයේ දොඩම්දූවේ ශෛල බිම්බාරාමයේදී සිකීම් මහින්ද නමිනි. පැවිදි උපාධ්‍යයන් වහන්සේ වූයේ රත්ගම, සිරි චූල සුමන හිමියන්ය. මුලසිටම කවියට ඇලුම් කළ මහින්ද හිමියන්ට දොඩම්දූවේ දී හමු වූ සිරි ජිනරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ තම කවිකම පුබුදුවා ගන්නට අවස්ථාව උදාවිය. මුලදී අමරපුර නිකායේ පැවිදි බව ලත් මේ හිමියන් 1930 පමණ එවක විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණු පොකුනේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන් ළඟ යළි පැවිදි බව ලැබූහ. 1931 උපසම්පදාව ලද මුන්වහන්සේ රත්මලානේ වැඩ වෙසෙමින්, සිංහල, පාලි, සංස්කෘත යන තෙබසින්ම ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, විභාග සමත්ව ආනන්ද මහ විදුහලේ ගුරුපත්වීමක්ද ලැබූහ. 1936 සිට පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ වාසය කළ මහින්ද හිමියෝ අපවත්වනතුරු එහි වැඩ විසූ බව සඳහන් ය. එහිදී ශාසනික මෙන්ම මහා ජාතික මෙහෙවරක් ඉටු කළහ. කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ මහින්ද හිමි ජාතිය පුබුදුවන්නට කී කවි එදා මෙදාතුර සිංහල ජාතිකයන්ගේ සිත්තුළ නොනැසී, සටහන් ව පවතී. උන්වහන්සේ කවියෙන් කළ ජාතික සේවාව කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය, ළමා කවි, දේශාභිමානි කවි හා ජාතිකාභිමානී කවි,දහම් කවි ඒ කොටස් තුනයි. උන්වහන්සේ ගද්‍ය පත පොත ලියා ඇතත් පද්‍ය කාව්‍ය තරම් ඒවා ජනතාව අතරට නොගියේ එවකට සිංහලයාට දේශාභිමානී හා ජාතිකාභිමානී කවි අවශ්‍ය යුගයක් මෙන්ම පද්‍ය තරම් ජාතික හැඟීම් දනවන්නට ගද්‍ය අපෝසත් වීම නිසා විය හැකි ය. මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී්රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය. ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව් සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව් එය නිදහසය සිතමින් හැර විකට ඉලව් දිය දද දියත නංවනු බැරි මොකද බොලව් සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට නහන රුපුන් නහමින් යමි ඉදිරියට මහණ කමත් බණ දහමත් එයයි මට නිදහස් දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල, උන්වහන්සේ තුළ තිබූ ප්‍රබල දෑහිතකාමයට දෙස් දෙන්නේ ය. එදා අපරටට අවශ්‍යව තිබූ නිදහස ලබා ගන්නට උන්වහන්සේ කවිය අමෝරාගෙන සටන් වැදුණේ ය. මහින්ද හිමියන් කරන ලද ජාතික සේවාවේ ප්‍රබල අංගයක් ලෙස උන්වහන්සේ සිංහල දැයේ දරුවන්ට දෙන ලද ළමා සාහිත්‍ය පත පොත හඳුන්වා දිය හැකි ය. මහින්ද හිමියන් සාහිත්‍යයට කරන ලද මෙහෙවර අද්විතීයහ. ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය. ළමා සාහිත්‍ය පෝෂණය කරන්නට උන්වහන්සේ ලියූ කවි අතර, ‘උදය සවස’ ‘මගේ පොතේ අගේ’ ‘ලේනා’ , ‘බමරා හා මල’, ‘වයසේ වෙනස’, ‘මඟුල් ගෙවල් දෙකක්’, ‘රෝස මල හා ළමයා’, ‘ සමගිය බලයවේ’, ‘ කීකරු ළමයා’, ‘යුතුකමෙහි අගේ’, ‘මව්බිම’, ‘ හොඳ ළමයා’ වැනි කවි වලින් යහපත් ළමා ලෝකයක්, ආදරය අහිංසාව දනවන ළමා මනසක් ගොඩනඟන්නට මහත් වෑයමක යෙදී ඇති බව පෙනේ. සමන්පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට බකමූණෝ පියාඹතී අනික් කුරුල්ලෝ නිදතී බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසතී ගුමු ගුමු ගා මොකද හොරෝ අහකට පල වන බමරෝ රෝස මලේ ළඟට වරෝ අපිය නුඹේ සොහොයුරෝ සොබා සෞන්දර්යය තුළ ළමා මනස සුන්දරත්වය අවිහිංසාව, ආදරය, කරුණාව ඇතුළු කරන්නට උන්වහන්සේ ගත් වෙහෙස කෙතරම් චමත්කාර ජනකද? පාට සුවඳ එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු පොඩි ළමයගේ කවුරුත් පවසති අගේ මවුපියන්ට ගුරුවරුන්ට ගුණවත් වැඩිමහල්ලන්ට කීකරු වන පොඩිත්තන්ට පුළුවනි ලොව බබලවන්ට උන්වහන්සේ ‘කීකරු ළමයා’ කවි පෙළෙහි එන මේ කවි අදත් අපේ දරුවන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන්නේ ය. උන්වහන්සේගේ ධර්ම අවවාද ග්රන්ථයන්ගෙන් ඉටු වූ ජාතික සේවාව සමස්ත මානව වර්ගයාටම පොදු වූවකි. පාලි පාඨයන් සිංහල කවි, ගීත බවට පත් කරමින් කරන ලද උදාර මෙහෙවර මෙයින් පැහැදිලි වේ. “නැණමද පුරිස් තෙම වන්නේ මහලු ගොනු සේ ඔහු ඇග මස් වැඩේ නොවැඩේ නුවණ එලෙසින්” මෙමඟින් දැයේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්නට උන්වහන්සේ ගත්තේ අපමණ වෙහෙසකි. සිංහලයෙකු නොවූවද සිංහලයන්ටත් වඩා තමා සපැමිණි සිංහල ජාතියට, දේශයට, ආදරය කළ රටට දැයට පණ දුන්, කවියට රසදුන්, ආගමට හිතැති ටිබැටයේ උපන් සිංහල මහින්ද හිමි 1951 මාර්තු 16 දින අපවත් වූහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom