Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

පක්ෂ, පාට, ආගම්, ජාති , කුල, ආදරේ කරන පන දෙන අපේක්ෂකයින් කරේ තියාගෙන රටේ වර්තමාන දේශපාලනය ගැන කතාකරන හැම කෙනාම මේ ලිපිය කියවල තමුන් කැමති අපේක්ෂකයා හෝ පක්ෂය මේ බුද්ධ ධර්මය ඇතුලේ පිහිටලා ඉන්නවද ? මේ රාජ්‍ය යන්නේ පරිහානියටද , දියුණුවටද කියල කිරලා මැනලා බලන්න මෙන්න බුදුරජානන් වහන්සේ රාජ්‍ය පාලනය ගැන දේශනා කරපු ධර්මය...

දස රාජ ධර්මය

කිසියම් රටක දේශපාලන, ආගමික, ආර්ථික, සංස්කෘතික මතුනොව සමාජයීය යන අංශයන්හි සංවර්ධනයක් ලබාගැනීම උදෙසා පාලකයාගේ ක්‍රියාකලාපයන් එරටට සෘජුව ම බලපානු ලබයි. බුදුදහම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පාලකයෙකු විසින් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ බුදුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. එසේම උන්වහන්සේ දේශනා කර තිබෙනුයේ බෞද්ධ පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවය. රටක පාලකයා දැහැමි වන කල්හි එරට ජනතාව ද නිරන්තරයෙන් දැහැමි වන බව උන්වහන්සේ දේශනා කර තිබේ. ඒ අනුව බුදු දහමේ සඳහන් වන අන්දමට පාලකයෙකු රටක් පාලනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විමසා බැලීම කාලෝචිතය.

රාජ්‍ය පාලකයා ජනතාවගේ මූලික ආරක්ෂකයා, නිවැරැදි මඟපෙන්වන්නා මෙන්ම උපදේශකයා වශයෙන් ද ක්‍රියා කරනු ලබයි. රජු ශිෂ්ටසම්පන්න පුද්ගලයෙකු විය යුතු සේම නීතිගරුක අයෙකු වීමද ඉතා වැදගත්ය. මූලික වශයෙන් පාලකයා පන්සිල් ආරක්ෂා කරන දැහැමි පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍යය. රජු කිසිම අවස්ථාවක දී,

සතුන් නොමැරිය යුතුය.

සොරකම් නොකළ යුතුය.

කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය.

මුසාවාද නොකිය යුතුය.

මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුතුය.

මූලික වශයෙන් මෙම පන්සිල් පද ආරක්ෂා කරන පාලකයා දැහැමි අයෙකු ලෙස සමාජයේ කැපී පෙනේ. එසේම ජනතාවට වැරැදි කිරීමට අනුබල නොදිය යුතු සේම, වැරැදිවල නිරත වන හා පුද්ගලයින් එයින් මුදා නොගැනීම ද රජු සතු වගකීමකි. මෙසේ පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම පාලකයාගේ වැදගත් ලක්ෂණයක් බව ගම්‍ය වේ.

බුදු දහමට අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන්නා "දසරාජ ධර්ම" අනුගමනය කළ යුතුය. රාජ්‍ය යහපත්ව පවත්වාගෙන යැම උදෙසා උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. බුදුදහම පෙන්වා දෙන අන්දමට රාජ්‍ය පාලකයෙකු අනුගමනය කළ යුතු ධර්මතා මෙසේය.

"දානං සීලං පරිව්ච්ගං අජජවං මඡ්ංජවං තපං

අක්කොධං අවිහිංසංච ඛන්තිංච අවිරොධනං"

1. දානය,

2. ශීලය,

3. පරිත්‍යාගය,

4. සෘජුභාවය,

5. මෘදුභාවය,

6. තපස,

7. ක්‍රෝධ නොකිරීම

8. අවිහිංසාව,

9. ඉවසීම,

10. අවිරෝධතාව,

යන ඒවාය.

1.දානය

- දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි.

2සීලය

- කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි.

මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ.

3.පරිත්‍යාගය

- තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි.

4.සෘජුභාවය

- සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි.

විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ.

5.මෘදුභාවය

- මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ.

6.තපස

- ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ.

මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි.

7.ක්‍රෝධ නොකිරීම

- වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි.

8.අවිහිංසාව

- හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි.

කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ.

9.ඉවසීම

- ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි.

10.අවිරෝධතාව

- ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය.

1. නිතර නිතර රැස්වීම

2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.

3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම.

4. වැඩිහිටියන්ට ගරු කිරීම.

5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම.

6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම.

7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම.

මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. මෙම ධර්ම මගින් බලාපොරොත්තු වන්නේ සාමුහිකව පාලනය කරනු ලබන සාමාජික හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධානය මෙහෙය වීමයි. නිතර රැස්වීම පිළිබඳ ප්‍රතිපත්තිය මෙයට සම්බන්ධ වූ විට නූතන පාර්ලිමේන්තු ක්‍රමයේත් අපේක්ෂා කරන සාමූහික වගකීම හා ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ග තහවුරු වන බව පෙනේ.

බුදුදහම ධාර්මිකත්වය කෙබඳු ආකාරයකින් අගය කළේද යන්න පසුකාලීනව බුදුගුණ අලංකාරය රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත පහත පද්‍යයෙන් ගම්‍ය වේ.

"රජුන් අදමිටුවත් - වෙති මැතිදෝ ද එපවත්

දැක උන්ගේ පවත් - බමුණු ගහපතියෝ ද එගනිත්"

රජු අදමිටු වන කල්හි සමීපයේ සිටින සියලුදෙනා ද අවසානයේ සමස්ත රටවැසියන් ද අදමිටු වේ. එම නිසා රජු කිසිදු අවස්ථාවක අදමිටු නොවිය යුතුය.

කෙසේ වුවද, ගව රැළේ නායකයා ඇදට යන කල්හි සෙසු ගවයෝ ද ඇදට යති. එසේම රජු අදැහැමි වන විට රටවැසියෝ ද ඇදැහැමි වෙති. ගව රැළේ නායකයා සෘජුව යන විට සෙසු ගවයෝද සෘජුව යති. එසේම රටේ පාලකයා ධාර්මික වන කල්හි රට වැසියෝ ද ධාර්මික වෙති.

බුදුදහමෙහි සඳහන් මෙම කරුණු තුළින් අනාවරණය වනුයේ පාලකයෙකු සතුව පැවති සුවිශේෂී ලක්ෂණයකි. එසේ නම් රාජ්‍ය පාලකයා අනුගමනය කළ යුතු කරුණු කවරේද එයින් රටක සමෘද්ධිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ ද යන්න මෙම කරුණු අනුව ගම්‍ය වේ.

ගත්තේ මෙතනින්..

https://www.facebook.com/GaligamuweGnanadeepathero

[QUOTE="polwattacom, post: 18811984, member: 114075"] [b]ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..[/b] [SIZE="4"][COLOR="Purple"]පක්ෂ, පාට, ආගම්, ජාති , කුල, ආදරේ කරන පන දෙන අපේක්ෂකයින් කරේ තියාගෙන රටේ වර්තමාන දේශපාලනය ගැන කතාකරන හැම කෙනාම මේ ලිපිය කියවල තමුන් කැමති අපේක්ෂකයා හෝ පක්ෂය මේ බුද්ධ ධර්මය ඇතුලේ පිහිටලා ඉන්නවද ? මේ රාජ්‍ය යන්නේ පරිහානියටද , දියුණුවටද කියල කිරලා මැනලා බලන්න මෙන්න බුදුරජානන් වහන්සේ රාජ්‍ය පාලනය ගැන දේශනා කරපු ධර්මය... දස රාජ ධර්මය [IMG]https://scontent-iad3-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/11891078_748277891965430_6341104638421489297_n.jpg?oh=49276bee174427cafc2b389ddc95bfba&oe=56765922[/IMG] කිසියම් රටක දේශපාලන, ආගමික, ආර්ථික, සංස්කෘතික මතුනොව සමාජයීය යන අංශයන්හි සංවර්ධනයක් ලබාගැනීම උදෙසා පාලකයාගේ ක්‍රියාකලාපයන් එරටට සෘජුව ම බලපානු ලබයි. බුදුදහම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පාලකයෙකු විසින් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ බුදුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. එසේම උන්වහන්සේ දේශනා කර තිබෙනුයේ බෞද්ධ පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවය. රටක පාලකයා දැහැමි වන කල්හි එරට ජනතාව ද නිරන්තරයෙන් දැහැමි වන බව උන්වහන්සේ දේශනා කර තිබේ. ඒ අනුව බුදු දහමේ සඳහන් වන අන්දමට පාලකයෙකු රටක් පාලනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විමසා බැලීම කාලෝචිතය. රාජ්‍ය පාලකයා ජනතාවගේ මූලික ආරක්ෂකයා, නිවැරැදි මඟපෙන්වන්නා මෙන්ම උපදේශකයා වශයෙන් ද ක්‍රියා කරනු ලබයි. රජු ශිෂ්ටසම්පන්න පුද්ගලයෙකු විය යුතු සේම නීතිගරුක අයෙකු වීමද ඉතා වැදගත්ය. මූලික වශයෙන් පාලකයා පන්සිල් ආරක්ෂා කරන දැහැමි පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍යය. රජු කිසිම අවස්ථාවක දී, . සතුන් නොමැරිය යුතුය. සොරකම් නොකළ යුතුය. කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය. මුසාවාද නොකිය යුතුය. මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුතුය. . මූලික වශයෙන් මෙම පන්සිල් පද ආරක්ෂා කරන පාලකයා දැහැමි අයෙකු ලෙස සමාජයේ කැපී පෙනේ. එසේම ජනතාවට වැරැදි කිරීමට අනුබල නොදිය යුතු සේම, වැරැදිවල නිරත වන හා පුද්ගලයින් එයින් මුදා නොගැනීම ද රජු සතු වගකීමකි. මෙසේ පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම පාලකයාගේ වැදගත් ලක්ෂණයක් බව ගම්‍ය වේ. බුදු දහමට අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන්නා "දසරාජ ධර්ම" අනුගමනය කළ යුතුය. රාජ්‍ය යහපත්ව පවත්වාගෙන යැම උදෙසා උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. බුදුදහම පෙන්වා දෙන අන්දමට රාජ්‍ය පාලකයෙකු අනුගමනය කළ යුතු ධර්මතා මෙසේය. . . "දානං සීලං පරිව්ච්ගං අජජවං මඡ්ංජවං තපං අක්කොධං අවිහිංසංච ඛන්තිංච අවිරොධනං" . 1. දානය, 2. ශීලය, 3. පරිත්‍යාගය, 4. සෘජුභාවය, 5. මෘදුභාවය, 6. තපස, 7. ක්‍රෝධ නොකිරීම 8. අවිහිංසාව, 9. ඉවසීම, 10. අවිරෝධතාව, යන ඒවාය. . 1.දානය - දානය වනාහි අනුන්ට අභිමත වස්තු දී එනම් 1) ආහාරපාන 2) ඇඳුම්, 3) නිවාස, 4) බෙහෙත් ආදියෙන් සංග්‍රහ කිරීමයි. ප්රතිලාභ බලාපොරොත්තුවක් නැතිව දන් දීමයි. රටේ කර්මාන්තකරුවන්ට, ගොවියන්ට, ව්‍යාපාරිකයින්ට, එකී කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා අවැසි ප්‍රාග්ධන ආධාර සපයා අතහිත දීමද දානය තුළින් අපේක්ෂා කෙරේ. මෙලෙස දන්දීමේ අනුසස් සහ ප්‍රතිඵල ඉතා බලවත්ය. පාලකයෙකුට තම අරමුණු ඉටුකර ගැනීම උදෙසා අවංක දක්ෂ පිරිසක් තමා වටා එක් රොක් වන්නේ දානයේ ආනිශංස වශයෙනි. ඤාණවන්ත උපදේශකයන් ලැබෙන්නේ දානයේ අනුසස් වශයෙනි. . 2සීලය - කයෙන්, වචනයෙන් සංවර වීම සීලයයි. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලයයි. පාලකයා අනිවාර්යයෙන් මේ ආර්ය කාන්ත සීලය රැකීමට කැපවුණු අයෙකු විය යුතුය. මෙහිදී ප්‍රාණඝාතයෙන් වෙන් වුණු පාලකයා සතුරු ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වදින්නේ කෙළෙසදැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවක රජු හෝ පාලකයා යුද්ධය නම් කටුක යථාර්ථයට මුහුණදීමට ක්‍රියාත්මක වන්නේ රට වැසියාගේ ආත්මාරක්ෂාව උදෙසා සිය යුතුකම ඉටු කිරීමේ උතුම් චේතනාවෙන් මිසෙක මිනීමැරීමේ චේතනාවෙන් නොවේ. ‘දෙටුගැමුණු’ රජ පුවතින්ද මේ ගැන මනා ආදර්ශයක් ගත හැක. ඒ ශ්‍රේෂ්ඨ සිංහල මහ රජු පැවසුවේ ‘මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසාම’ වන බවයි. මේ ශීලය රැකීමෙහි ලා බොරු කීමෙන් වැළකී සත්‍යවාදී වීම, අතිශයින් වැදගත්ය. පරුෂ වචනයෙන්, අසැබි වචනයෙන් හෝ කේලාම් කීමෙන් (කේලාම් වලට හසුවීමෙන්) හිස් වචන දෙඩීමෙන් වැළකී වචනයේ උතුම් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම රාජ්‍ය පාලකයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමටද, එතුළින් යහ පාලනය ඇතිකිරීමට ද නිසැකවම ඉවහල් වේ. මෙසේ සිල්වත් වීම නිසා ලැබෙන අනුසස් රැසකි. සිල්වතා අප්‍රමාදීව කටයුතු කරන නිසා ධනවත්භාවයට පත්වේ. පිරිසක් ඉදිරියට එළැඹීමේ හැකියාව ලැබේ. ඕනෑම තැනක මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔහු පිළිබඳව කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන අතර නිසි පිළිගැනීම හා ගෞරවය නිතැතින්ම ලැබේ. හේ සිහියෙන් යුක්තව කළුරිය කරන අතර ඒකාන්තයෙන්ම සුගතියක උපත ලබයි. තවද භාවනාව තුළින් සමාධිය ඇතිකර ගැනීමටත් ප්‍රඥාව පහළ කර ගැනීමටත් සීලය පදනම් වේ. . 3.පරිත්‍යාගය - තමාගේ කාලය, ශ්‍රමය සහ සැප පහසුකම් අනුන්ගේ යහපත සඳහා කැපකිරීම පරිත්‍යාග ගුණයයි. මෙය නායකත්වයේ හරයයි. යහපත් නායකයෙක්වීමට මෙය වටිනාම හේතුවක් වේ. කාන්තාරයක අතරමං වී ජලය නොමැතිව මිය යෑමට ආසන්නව සිටියදී දිය උල්පත් සොයාගෙන සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බෝසතාණන් වහන්සේ පිළිබඳ කථාවක් ‘වණ්ණුපථ ජාතකයේ’ සඳහන්ය. එහි දී අන් සියල්ලන් අධෛර්යයට පත් වී උත්සාහය අත්හළ විටෙක, ගැල් නායක බෝධිසත්වයන් වහන්සේ තනිවම දිය උල්පත ඇතැයි හැඟෙන තැන සොයාගෙන, මහත් ධෛර්යයෙන් යුතුව එම උණ පඳුර තිබූ තැන කැන, ගල් තලාවක් බිඳවා ජලය ලබාගත් ආකාරය යහපත් නායකයෙකුගේ පරිත්‍යාගශීලී වීරෝදාර ගුණයට කදිම නිදසුනකි. . 4.සෘජුභාවය - සත්‍යය රැක ගැනීම සෘජුභාවයයි. ලාභ, කීර්ති, ප්‍රශංසා, ඉදිරියේ තම අවංක ප්‍රතිපත්ති පාවා නොදී සෘජු, නිර්භයව, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම පාලකයාගේ කාර්යභාරයයි. මනා විනයකින් හා සැළසුමකින් යුතුව කටයුතු කරන හෙතෙම කලට වෙලාවට, අලස නොවී කඩිසරව සිය කාර්යභාරයෙහි යෙදේ. පොරොන්දු කඩ නොකරයි. විශ්වාසය රැකගනී. පැහැදුන අයගේ පැහැදීම වැඩිවන ලෙසත්, නොපැහැදුන අය පැහැදෙන ලෙසත් කටයුතු කරයි. හේ ඇත්ත හමුවෙහි මලක් මෙන් මෙලොක් වෙයි. අසත්‍යය, අධර්මය හමුවෙහි ගලක් මෙන් දැඩි වේ. කුසීතව බාධක හමුවේ පසුනොබා වජ්රමය අධිෂ්ඨානයෙන්, තිර අදිටනින්, සිහි කල්පනා ඇතිව පෙරටම ඇදෙයි. එබඳු පාලකයා මෙලොවත් පරලොවත් දිනයි. එබඳු පාලකයෙකු ඇති රට, සමාජය සුඛිත මුදිත වේ. . 5.මෘදුභාවය - මෘදු භාවය වනාහි සිත මෘදු මෙලෙක්ව, අනුන්ගේ දුකෙහිදී උණුවන සුළුව තබා ගැනීමයි. මෙත්, කරුණා, මුදිතා වඩාගත් මෘදු සිත උපේක්ෂාවෙන් යුතුවේ. අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ. සැපේදී ඉහළ නොනගී. දුකේදී පහළ නොබසී. සතර බ්‍රහ්ම විහරණය ඇති මෘදු සිත ගැඹුරු විලක නිසල ජල තලයක් මෙනි. තද සිත පහසුවෙන් සැලේ. කම්පා වේ. මෘදු චිත්තය පහසුවෙන් සැලෙන්නේ, හෝ කම්පා වන්නේ නැත. එහෙයින් සත්‍යය රකිමින් ජීවත්වීමට හැකිවේ. . 6.තපස - ආත්ම දමනය තපස් ගුණයයි. පරිත්‍යාගශීලි පුද්ගලයෝ, තණ්හාවට දාසකම් නොකරමින් මනා උත්සාහය තුළින් ලබාගත් දෙයින් පමණක් සතුටු වී සුවසේ කල් ගෙවති. චාම් සරල ජීවිතයක් ගත කරති. මෙසේ තුටු සිතින් ගත කරන දිවිය දිනෙන් දින වර්ධනය වීමෙන් අල්පේච්ඡතාව (අඩු ආශා ඇති බව - අපිස් බව) තුළින් තපස නැතහොත් ආත්ම දමනය ඇතිවේ. පාලකයෙකුට එය වටිනා බලයකි. එය අනුන්ට පරම ආදර්ශයක් වේ. අවවාදයට තරවටුවට වඩා ඒකාන්තයෙන්ම ආදර්ශය උතුම් වේ. මෙලෙස බෞද්ධ දැහැමි බෝසත් පාලකයා තමා උදෙසා නොව අනුන් උදෙසා ජීවත්වන්නෙකි. නිසැකවම රට ජාතිය ගැන සිතන්නෙකි. තම දිවි පරදු කොට අනුන් හට අභය දෙන්නෙකි. එය ඔහුගේ ජීවිතයේ පරමාර්ථයයි. අරමුණයි. . 7.ක්‍රෝධ නොකිරීම - වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය, මදය මානයෙන් වැළකීම අක්‍රෝධ ගුණයයි. අනුන්ගේ සතුට දැක සතුටු වන මුදිතා ගුණය ඒකාන්තයෙන් පාලකයෙකු තුළ පිහිටිය යුතුය. හේ දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව (අන්‍යයන්ට යපතට දියුණුවට උදව් කිරීම) හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝකයාට මනා සේ සංග්‍රහ කරයි. . 8.අවිහිංසාව - හිංසාවෙන් වැළකීම අවිහිංසා ගුණයයි. මේ උදෙසා මෙත්තා, කරුණා ආදි ගුණ දම් වැඩිය යුතුය. මෛත්‍රීය වනාහි ලොකු කුඩා සියලු සත්ත්වයන් කෙරෙහි සමව පැතිර වූ මවක සිය එකම දරුවාට දක්වන ස්නේහයට සමාන වූ මිතුරු සිතයි. කරුණාව වනාහි දුකට පත් වූ සත්ත්වයින් දුකින් මුදවා ගැනීමට සිතෙක ඇතිවන සැබෑ වුවමනාවයි. ළතෙත් භාවයයි. දානාදී පරිත්‍යාග ගුණ වලටත් මුල් වන්නේ මේ කරුණාවමයි. දැහැමි පාලකයෙකු ඒකාන්තයෙන් මෛත්‍රී භාවනාව වැඩීම වැදගත් ය. ඒ තුළින් සමාව දීමේ උතුම් ගුණයද වැඩේ. . 9.ඉවසීම - ක්ෂාන්තිය අත්‍යවශ්‍ය ගුණාංගයකි. ‘ඛන්ති පරමං තපෝ තිතික්ඛා’ ‘ඉවසීම පරම තපසයි’ යනු බුදු වදනයි. බෝසත් ඉවසීම විර්යයෙන් දුක් පීඩා දරා සිටීමට වඩා බොහෝ ඉදිරියට ගිය එකකි. බෞද්ධ පාලකයාද බෝධිසත්වයෙකි. හේ යහපත් අරමුණ වෙත. ළඟාවෙන්නේ මනා ඉවසීමෙන් යුක්තවයි. . 10.අවිරෝධතාව - ගැටුම් වලට නොවැටීම අවිරෝධතා ගුණයයි. පාලකයන් අතර සමඟිය රැක ගැනීමට මෙය ඉතා වැදගත් වේ. එමෙන්ම උම්මග්ග ජාතකයේ විවරණය කරන ලෙසම, දක්ෂ තානාපතීන් හරහා අසල්වැසි රාජ්‍ය පාලකයන් සමඟ මනා මිතුරු සම්බන්ධතාවයක් ඇතිව යහපත්, විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුත්තේමය. එය සතුරන් ජය ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයකි. බුදුරදුන් සමූහාණ්ඩුවක් සිදුකළ ලිච්ඡවීන් අරභයා දේශනා කොට වදාළ සප්ත අපරිහාණිය ධර්ම සමගිය සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. . 1. නිතර නිතර රැස්වීම 2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම. 3. පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීති නොපැනවිම. 4. වැඩිහිටියන්ට ගරු කිරීම. 5. කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන හිරිහැර නොකිරීම. 6. සම්ප්‍රදානුකූලව ගරු සත්කාර කරන පූජනීය ස්ථාන වලට ඒ ගරු සත්කාර නොපිරිහෙලා ඉටු කිරීම. 7. පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම. . මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කරන ගණ තන්ත්ර රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුනට ඉගැන්වූහ. මෙම ධර්ම මගින් බලාපොරොත්තු වන්නේ සාමුහිකව පාලනය කරනු ලබන සාමාජික හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධානය මෙහෙය වීමයි. නිතර රැස්වීම පිළිබඳ ප්‍රතිපත්තිය මෙයට සම්බන්ධ වූ විට නූතන පාර්ලිමේන්තු ක්‍රමයේත් අපේක්ෂා කරන සාමූහික වගකීම හා ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ග තහවුරු වන බව පෙනේ. **************** බුදුදහම ධාර්මිකත්වය කෙබඳු ආකාරයකින් අගය කළේද යන්න පසුකාලීනව බුදුගුණ අලංකාරය රචනා කළ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත පහත පද්‍යයෙන් ගම්‍ය වේ. . "රජුන් අදමිටුවත් - වෙති මැතිදෝ ද එපවත් දැක උන්ගේ පවත් - බමුණු ගහපතියෝ ද එගනිත්" . රජු අදමිටු වන කල්හි සමීපයේ සිටින සියලුදෙනා ද අවසානයේ සමස්ත රටවැසියන් ද අදමිටු වේ. එම නිසා රජු කිසිදු අවස්ථාවක අදමිටු නොවිය යුතුය. කෙසේ වුවද, ගව රැළේ නායකයා ඇදට යන කල්හි සෙසු ගවයෝ ද ඇදට යති. එසේම රජු අදැහැමි වන විට රටවැසියෝ ද ඇදැහැමි වෙති. ගව රැළේ නායකයා සෘජුව යන විට සෙසු ගවයෝද සෘජුව යති. එසේම රටේ පාලකයා ධාර්මික වන කල්හි රට වැසියෝ ද ධාර්මික වෙති. බුදුදහමෙහි සඳහන් මෙම කරුණු තුළින් අනාවරණය වනුයේ පාලකයෙකු සතුව පැවති සුවිශේෂී ලක්ෂණයකි. එසේ නම් රාජ්‍ය පාලකයා අනුගමනය කළ යුතු කරුණු කවරේද එයින් රටක සමෘද්ධිය කෙරෙහි බලපානු ලබන්නේ කෙසේ ද යන්න මෙම කරුණු අනුව ගම්‍ය වේ.[/COLOR][/SIZE] ගත්තේ මෙතනින්.. [url]https://www.facebook.com/GaligamuweGnanadeepathero[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom