ඩඩ්ලි සිරිසේන පක්ෂ පැත්තෙන් හිනා වෙන ඉමෝජිය හොයන ගමන් 😜 - පොස්ටුව delete කරන්න අමතක වෙලා

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    240668409_1974042039416900_7983013955704701356_n.png


    "සහල් ඒකාධිකාරය බිඳින්න හැකිදැයි ජනපති තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුයි"

    සහල් ප්‍රශ්නය විසඳන්නට නම් රටේ සහල් ඒකාධිකාරය බිඳ දැමිය යුතු බවත් එය තමාට කළ හැකිදැයි ජනාධිපතිවරයා තමාගෙන්ම ප්‍රශ්න කරගත යුතු බවත් ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

    අද රටේ ඉතා කුඩා කණ්ඩායමක් වී මිලදී ගැනීමේ සහ සහල් තොග වෙළෙ¼දාමේ යෙදී සිටින නිසා සියල්ල තීරණය කිරීමේ බලය ඔවුන් වෙත තිබෙන බවත් ආණ්ඩුව කළ යුත්තේ ගැසට් නිකුත් කිරීම නොව සහල් ඒකාධිකාරය බිඳ තරගකාරීත්වයක් ඇති කිරීම බවත් ඔහු පවසයි.

    ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය නමුත් පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නොමැති නිසා අසරණ වෙන්නේ රටේ පොදු ජනතාව බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමට කලින් ඔහු සම්බන්ධයෙන් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැඟූ අතර අද අයිස් කන්දක් දියවෙන සේ ඔහුගේ සැබෑ ස්වභාවය හෙළිවෙමින් තිබෙන බවත් එය තේරුම් ගැනීමට තිබෙන හොඳම ක්‍ෂේත්‍රය අපේ රටේ කෘෂිකර්මාන්තය බවත් ඒ මහතා කියයි.

    සහල් මිල පාලනය කිරීමට විද්‍යාත්මක නොවන, තර්කානුකූල නොවන විසඳුම් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් ඒ සඳහා ගැසට් නිකුත් කළ බවත් සිහිපත් කළ හෙතෙම මීට සති දෙකකට පමණ පෙර තමා මාධ්‍ය හමුවකදී සහල් මිලට සම්බන්ධ ගැසට් නිවේදනය හකුළා ගන්නා බවට අනාවැකියක්ද පළ කළ බවත් කීය.
    - අනුරාධා හේරත් (මව්බිම)

     

    Similar threads