Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ස්පෙන්සර්-Princess of Wales
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයනා ස්පෙන්සර්-Princess of Wales

සරල සාමාන්‍යය මිනිසුන් අතරේ ජීවත් වූ රාජ කුමාරිකාව-ඩයනා ස්පෙන්සර්

ඇගේ නම තවමත් අප අතර පුවත් මවයි. අදටත් නොනවත්වා ඇගේ ඡායාරූප මුද්‍රණය වන්නේ ඇගේ කාලයේ ලොව විසූ ජනප්‍රියම කාන්තාව ඇය බව පසක් කරමිනි. ඇය ජීවත් වූ සමයේදී මෙන්ම ඇගේ මරණින් පසුවත් ඇය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූවාය. බ්‍රිතාන්‍ය රාජකීය පවුලට “තර්ජනයක්” ලෙස ඇයව සළකන්නට නොපැකිළුනු බොහෝ දෙනෙක් එකල මෙන්ම මෙකලද වාසය කරති.

විලියම් සහ හැරී කුමරුවන් දෙදෙනාට සෙනෙහෙබර මවක වූ ඇය පිළිබඳ සියලු මතක වළ දමන්නට උත්සුක වූ බොහෝ දෙනා ඇගේ දයාබරිත සිනහව පිටුපස වූ කඳුළු කතාව දැන සිටියේ නැත. එම කතාව සත්‍ය වශයෙන්ම දැන සිටියේ ඉතා අල්ප පිරිසකි. කිරුළු නම්බු නාම පසෙක ලා ඇය ලෝකයා ඉදිරියේ හැසිරුණු අයුරු බොහෝ දෙනාගේ ඇසේ කටු අනින්නාක් මෙන් වුවද, ඇගේ උත්තුංග මානුෂීය ගුණ ධර්මයන් අගය කරන්නෝ අදටත් ලොව පුරා වාසය කරති.

ඇය අන් කවරකුත් නොව, සරල සාමාන්‍යය මිනිසුන් අතරේ ජීවත් වූ රාජ කුමාරිකාව: ඩයනා ස්පෙන්සර් හෙවත් එංගලන්තයේ රෝස කුසුමයි.

වේල්සයේ කුමරිය අප අතරින් සදහටම සමුගෙන දශක දෙකක් සපිරෙන්නටත් ඇත්තේ මසක පමණ කාලයකි. විසි වසරකට පසුව පවා ඇය අපගේ මතකයෙන් නික්ම ගොස් නැත්තේ ඇය විසින් මවනු ලැබූ විලාසිතා රටා නිසා පමණක්ම නොවේ. මානව දයාව ලොවට කියා පෑමට ඇය ගත් අපරිමිත උත්සාහය හේතුවෙන්ම ඇය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන්නට වූවාය.

ලෝකය වඩාත් සොඳුරු ස්ථානයක් කිරීම ඇගේ ඒකායන අරමුණ විය. වැඩි කලක් අප අතර රැඳෙන්නට වාසනාව නොලද ඇගේ ජීවන ගමන් මග සිහිපත් කරන්නට ඇය වෙනුවෙන් පාඨක ඔබ වෙත ලියැවෙන ඇගේ ජීවන සටහනයි මේ.

ළමා විය

1961 වසරේ ජූලි මස පළමුවන දින උණුසුම් සැඳෑවේ උපත ලද ඩයනා සළකනු ලැබූවේ තවත් එක් බලාපොරොත්තු කඩවීමක් ලෙසටය. ස්පෙන්සර් පවුල බ්‍රිතාන්‍ය රජ පෙළපත හා ගත් කළ සැබවින්ම ග්‍රාමීය රජ පෙළපතක් විය. එම පෙළපත් නාමයේ හිමිකාරීත්වය දැරිය හැකි වන්නේ පිරිමි දරුවකුට පමණි; සාම්ප්‍රදාය එයයි. ගැහැණු දරුවන් දෙදෙනුගෙන් යුත් පවුලේ ඇය තෙවැන්නිය වූවාය.

පුංචි ඩයනාට වයස අවුරුදු සයක් සපිරෙද්දී ඇගේ දෙමාපියන් එකිනෙකාගෙන් වෙන්වූහ. එතැන් පටන් ඇය ඉගෙනීම් කටයුතු අප්‍රිය කරන්නටත්, නිතර නිතර තමා අවට සිටින සියලු දෙනාගේ අවධානය දිනාගැනීමට කටයුතු කරන්නටත් වූවාය.

විවාහය

යන්තම් දහනවවැනි වියට පා තැබූ ඩයනා ස්පෙන්සර් එවකට තිස් එක් හැවිරිදි වියෙහි පසු වූ චාර්ල්ස් කුමරු සමග පෙමින් වෙලී, ඉතා ඉක්මණින්ම විවාහ දිවියටද ඇතුලු වූවාය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන්ම ඇයට සියල්ල වැටහුණි. චාර්ල්ස් කුමරු ඒ වන විටත් කැමිලා පාකර් සමග රහසිගත ඇසුරක් පවත්වමින් සිටියේය. නමුත් කැමිලාද ඒ වන විට සිටියේ විවාහකවයි.

ඩයනා ස්පෙන්සර් වැනි ග්‍රාමීය කෙල්ලක සරණ පාවා ගත් පසුව චාර්ල්ස් කුමරුගේ මව වන එලිසබෙත් රැජිණට සහ ලෝකයාට පෙනෙන පරිදි බෝනික්කෙකු ලෙස ඩයනාව පාවිච්චි කළ හැකි බවත්, ඒ අතරතුර කැමිලා සමග රිසි සේ හැසිරෙන්නට හැකියාව ඇතිවන බවත් චාර්ල්ස්ගේ අදහස විය. එම අදහස ඔහුට යොමු කරනු ලැබූයේද කැමිලා විසිනි.

තරුණ ඩයනා කුමරිය බකිංහැම් මාළිගාවේ තනි වූවාය. ඇය සමග සතුටු සාමීචියේ යෙදෙන්නටවත් කිසිවෙකුටත් වේලාවක් නොවිණි. චාර්ල්ස්ද තමා සිතූ මිනිසා නොවන බවට මේ වන විටත් ඩයනා කුමරියට වැටහී හමාර ය.

සුවිසල් මාළිගය තුළ කථාබහ කරන්නටවත් කිසිවෙක් නොමැති තැන ඇය මාළිගාවේ මුළුතැන්ගෙය වෙත පිය මැන්නාය. නොබෝ කලකින්ම ලුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය ඇගේ මිතුරන් බවට පත් විය. හැකි සෑම විටෙකට රාජකීය මුළුතැන්ගෙය වෙත ගොස් තම මිතුරු මිතුරියන් හා සාමීචියෙහි යෙදෙන්නට මෙන්ම ඔවුන් හා ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන්නට ද තරුණ කුමාරිකාව අමතක නොකළා ය.

චාර්ල්ස් කුමරු කැමිලා සමග පැවති සබන්ධය නැවත දළු ලා වැඩෙන බව ඩයනාට පසක් වත්ම ඇයට සිදුවූයේ ඒ කිසිවක් නොදුටු, නොදත් කෙනෙකු සේ සිටීමටය. නමුත් තමා කිසි විටෙකත් ඒ කිසිවක් නිහඬව විඳවිය යුතු නැති බව ඇය තමාටම පවසා ගත්තාය. ඇගේ අධිෂ්ඨානය වූයේ තමා අතින් ගිලිහුණු සතුට නැවතත් සොයා යෑමයි.

ඒ වන විටත් ඇයට හා චාර්ල්ස් කුමරුට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා උපත ලබා තිබුණි. සාමාන්‍ය ජනයාගෙන් ඈත් ව, මෙහෙකරුවන් හා වන්දි භට්ටයන් පිරිවරාගෙන, සරල හා සාමාන්‍ය ජීවිතයකින් ඈත්ව තම පුතණුවන් දෙදෙනා හැදෙනු වැඩෙනු දකින්නට ඩයනා කුමරියට උවමනා නොවීය. තම පියා මෙන් නොව, සැබෑ කුමරුවන් ලෙස ඔවුන් වැඩෙනු දැකීම ඇගේ පරමාර්ථය විය. යම් කිසි දිනෙක විලියම් කුමරු එංගලන්තයේ රජ කිරුළ පැළඳුවහොත්, එදිනට ඔහුගේ ක්‍රියා කලාපයන් තුලින් අනිවාර්යයෙන්ම ඩයනා කුමරියගේ උත්තුංග ගුණ ධර්මයන් මතු වී පෙණෙනු ඇතැයි යන්න අදටත් විචාරකයින්ගේ මතයයි.

අලුත් ජීවිතයක්

1995 වසරේදී වේල්සයේ කුමරිය හෙවත් ඩයනා ස්පෙන්සර් චාර්ල්ස් කුමරුගෙන් දික්කසාද වූ අතර, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවක් ලෙස ඇය සතුව තිබූ විශේෂ පොලිස් ආරක්ෂාවද ප්‍රතික්ෂේප කළාය. එතැන් පටන් ඇගේ කාල වේලාව සමාජ සේවය කෙරෙහි යොමු විය. යුද ගින්නෙන් හා විවිධ රෝග පීඩාවන්ගෙන් පීඩිත පුද්ගලයින් උදෙසා කැප වූ ඇය ඇගේ මානුෂීය මෙහෙවර උදෙසාම විශේෂ සම්මාන හා ගරු බුහුමන් රැසකින් පිදුම් ලැබුවාය. ඒඩ්ස් වෛරසය ආසාදනය වුණු පුද්ගලයකුගේ දෑතින් ඇය අල්ලාගෙන සිටිනා ඡායාරූපයක් එකල ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ප්‍රසිද්ධියේ එසේ හැසිරුණු පළමු අවස්ථාව එය විය.

බිම් බෝම්බ වැළලීම නවතාලනු පිණිස ඇය විසින් ලොව පුරා දියත් කරන ලද විශේෂ වැඩසටහන් මාලාව වෙනුවෙන් ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබුවාය. නමුත් අවාසනාවන්ත ලෙස, එම සම්මානය ඇයට හිමිවන විට ඇය අප අතරින් නික්ම ගොස් තිබුණි.

කෙමෙන් කෙමෙන් උදාවූයේ 1997 වසරයි. කාලයාගේ ඇවෑමෙන් ඩයනා කුමරිය ඊජිප්තු ජාතික කෝටිපතියකුගේ පුතෙකු වන එමාද් අල්-දින් හෙවත් ඩොඩී අල්-ෆයෙද් සමග ප්‍රේම සබඳතාවයකට මුල පිරුවාය. බැලු බැල්මට මෙම යුවල ඉතා සතුටින් කාලය ගත කරන බව පෙනෙන්නට තිබුණි. ඔවුන් දෙදෙනා නිතර දෙවේලේ විවිධ සංචාරයන්හි පවා නිරත වූහ. එසේ ඔවුන් දෙදෙනා ගමන් ගත් එක් සංචාරයක් අදටත් අප කාගේත් මතකයන්හි නොනැසී පවතී. ඒ ඔවුන් ප්‍රංශයේ පැරිස් නුවර වෙත කළ සංචාරයයි.

Dodi al fayed

අවසන් හෝරා කිහිපය

තමා මේ ගත කරන්නේ තම දිවියේ අවසන් හෝරා කිහිපය බව නොදැන සිටි ඩයනා කුමරිය S280 වර්ගයේ මර්සිඩීස් බෙන්ස් රථයකට ඩොඩී සමගින් ගොඩ වූවාය. සුප්‍රසිද්ධ රිට්ස් හෝටලයෙන් සිය ආහාර වේල ලබාගත් ඔවුන් දෙදෙනා පැපරාසීන්ගේ කැමරා කාචවලින් සහ අධික වාහන තදබදයෙන් මිදීම පිණිස වෙනත් මගක ගමන් කරන්නට වූහ. සුපුරුදු පරිදි ඩයනා තම රියදුරුට පවසා සිටියේ ඉතා වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසටයි. ඔවුන් ඒ වන විට උමං මාර්ගයකට ඇතුල් වී තිබුණි.

උමං මාර්ගය තුළ ධාවනය වෙමින් තිබූ සුදු පැහැති ෆියට් රථයක් පසු කොට යාමට කාරයේ රියදුරු සැරසෙන විටම ඔහුට කාරය පාලනය කරගත නොහැකිව අසල පිහිටි කොන්ක්‍රීට් කණුවක රථය ගැටුණි. ඒ සැණින්ම ඩොඩී සහ රථයේ රියදුරු මරණයට පත් වුවද ඩයනා තවමත් සිටියේ හුස්ම හෙලමිනි. කොන්ක්‍රීට් කණුවෙහි හැපී පොඩි පට්ටම් වූ කාරය තුලින් ඇයව ඉවතට ගන්නට හැකිවූයේ පැයක් පමණ තිස්සේ කළ සටනකින් පසුවය. වහාම ඇයව රෝහල වෙත ගෙන යන ලදි. සියලු බාධක මැද ඇයගේ හුස්ම පොද රඳවා ගන්නට වෛද්‍යවරු උත්සාහ කළද, විදුලි කම්පන ධාරා පවා ඵල රහිත කරමින් ජූලි 31 වා දින උදෑසන 4:30 ට පමණ එංගලන්තයේ රෝස කුසුම ලෙස විරුදාවලි ලත් ඩයනා ස්පෙන්සර්ගේ අවසන් හුස්ම වා තලයට මුසු විය.

චාර්ල්ස් කුමරු වහාම ඇගේ නිසල සිරුර නැවත ලන්ඩන් නුවරව ගෙන ආවේය. ලොව පුරා මහජනතාව ඉදිරියේ ඩයනා යනු කවරෙක්දැයි බ්‍රිතාන්‍ය රජ පවුල නියම ලෙස හඳුනාගන්ත්තේ ඇගේ මරණින් පසුවය. අධික ශෝකයට පත් ජනතාව බකිංහැම් මාළිගය් වට කොට හඬා වැළපෙමින් සිය ශෝකය පළ කළහ. හුදෙක් තවත් එක් රාජකීය චරිතයක් නොවී ඇය සැබවින්ම මහජනතාවගේ හදවත් ස්පර්ශ කරන්නට සමත් වූ බව මාළිගාවේ සියල්ලන්ටමද වැටහී තිබුණි. ඇගේ අනපේක්ෂිත මරණින් කම්පා වූ ලෝ වැසි ජනතාව එක පිට එක ශෝක පණිවුඩ එවන්නටද විය. ලොව පුරා රාජ්‍ය නායකයින්ද සිය අපරිමිත ශෝකය පළ කර සිටියාහ.

දික්කසාදයෙන් පසුව ඇගෙන් ඉවත් කරනු ලැබූ රාජකීය නාමය නැවත ඇය වෙත පුද කරන්නට බකිංහැම් මාළිගය සැරසුණද, ස්පෙන්සර් පවුලේ සාමාජිකයින් විසින් එය එකහෙලාම ප්‍රතික්ෂේප කරන ලදි. “ඩයනා දැන් අප ළඟයි” ඔවුහු ප්‍රකාශ කළහ. ඇගේ නිසල සිරුර ස්පෙන්සර් පවුල වෙත ගෙන යන ලදී.

ඇතැමෙක් පවසා සිටින්නේ ඩයනා මිය යන විට ඩොඩීගේ දරුවකු ඇගේ කුස තුල දරා සිටි බැවින් එමගින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සිදුවිය හැකි හානිය වළකාලීමට රාජකීය පවුල විසින්ම මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවයි. එවැනි තවත් කුමන්ත්‍රණ රැසක් පිලිබඳ මත පළ කරන්නෝ එමට ය. නමුත් සත්‍යය කුමක් වුවත්, ඉතා අගනා චරිතයක් ලොවට අහිමි වී ගොස් තිබුණි.

අවසානයේ ඇගේ සිරුර ස්පෙන්සර් පවුලට හිමි කොඩියෙන් ආවරණය කොට ඇගේ සොහොන වෙත ගෙන යන ලදී. පැය භාගයක මතක සේවාවකින් පසුව සියල්ලෝ ඇගේ සොහොන් කොත පිහිටුවා තිබූ කුඩා දූපත තුල ඇයව තනිකර දමා නික්ම ගියාහ. සත්‍යය නම්, ඩයනා ස්පෙන්සර් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ඉතා දුකින් ගත කළ බවයි. සිය පවුලෙන් හෝ රාජකීය පවුලෙන් ඇය වෙත නිසි අවධානයක් යොමු වූයේ නැත. තනිවම ඇය ජීවත් වූ පරිද්දෙන්ම, මරණින් මතුවද ඇයව සොහොනක තනිකර දමා සියල්ලෝ නික්ම ගියහ. නමුත් එම හද කම්පනය කරනා සිදුවීමෙන් දශක දෙකකටත් පසුව අදටත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඇයව ඉතා ගෞරවාදරයෙන් සිහිපත් කොට සිටින්නේ ඇය ජීවතුන් අතර සිටි කෙටි කාලය තුල අෑ විසින් වපුරන ලද මනුෂ්‍යත්වයේ බීජයන්හි ඵල තවමත් අප’තර වැඩෙමින් ඇති බැවිනි.

තොරතුරු උපුටාගැනීම – සාරා බ්‍රැඩ්ෆර්ඩ් විසින් රචිත “Diana” කෘතිය ඇසුරිණි.

Source

John Hopkins :assassinating Princess Diana in 1997

http://gossip.hirufm.lk/16158/2017/06/peoples-princess.html

http://www.snopes.com/retired-mi5-agent-confesses-on-deathbed-i-killed-princess-diana/

[QUOTE="Captain jack sparrow, post: 21897759, member: 562592"] [b]ඩයනා ස්පෙන්සර්-Princess of Wales[/b] [B][CENTER][SIZE="6"]සරල සාමාන්‍යය මිනිසුන් අතරේ ජීවත් වූ රාජ කුමාරිකාව-ඩයනා ස්පෙන්සර්[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/HiDtUw.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]ඇගේ නම තවමත් අප අතර පුවත් මවයි. අදටත් නොනවත්වා ඇගේ ඡායාරූප මුද්‍රණය වන්නේ ඇගේ කාලයේ ලොව විසූ ජනප්‍රියම කාන්තාව ඇය බව පසක් කරමිනි. ඇය ජීවත් වූ සමයේදී මෙන්ම ඇගේ මරණින් පසුවත් ඇය ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූවාය. බ්‍රිතාන්‍ය රාජකීය පවුලට “තර්ජනයක්” ලෙස ඇයව සළකන්නට නොපැකිළුනු බොහෝ දෙනෙක් එකල මෙන්ම මෙකලද වාසය කරති. විලියම් සහ හැරී කුමරුවන් දෙදෙනාට සෙනෙහෙබර මවක වූ ඇය පිළිබඳ සියලු මතක වළ දමන්නට උත්සුක වූ බොහෝ දෙනා ඇගේ දයාබරිත සිනහව පිටුපස වූ කඳුළු කතාව දැන සිටියේ නැත. එම කතාව සත්‍ය වශයෙන්ම දැන සිටියේ ඉතා අල්ප පිරිසකි. කිරුළු නම්බු නාම පසෙක ලා ඇය ලෝකයා ඉදිරියේ හැසිරුණු අයුරු බොහෝ දෙනාගේ ඇසේ කටු අනින්නාක් මෙන් වුවද, ඇගේ උත්තුංග මානුෂීය ගුණ ධර්මයන් අගය කරන්නෝ අදටත් ලොව පුරා වාසය කරති. ඇය අන් කවරකුත් නොව, සරල සාමාන්‍යය මිනිසුන් අතරේ ජීවත් වූ රාජ කුමාරිකාව: ඩයනා ස්පෙන්සර් හෙවත් එංගලන්තයේ රෝස කුසුමයි. වේල්සයේ කුමරිය අප අතරින් සදහටම සමුගෙන දශක දෙකක් සපිරෙන්නටත් ඇත්තේ මසක පමණ කාලයකි. විසි වසරකට පසුව පවා ඇය අපගේ මතකයෙන් නික්ම ගොස් නැත්තේ ඇය විසින් මවනු ලැබූ විලාසිතා රටා නිසා පමණක්ම නොවේ. මානව දයාව ලොවට කියා පෑමට ඇය ගත් අපරිමිත උත්සාහය හේතුවෙන්ම ඇය ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන්නට වූවාය. ලෝකය වඩාත් සොඳුරු ස්ථානයක් කිරීම ඇගේ ඒකායන අරමුණ විය. වැඩි කලක් අප අතර රැඳෙන්නට වාසනාව නොලද ඇගේ ජීවන ගමන් මග සිහිපත් කරන්නට ඇය වෙනුවෙන් පාඨක ඔබ වෙත ලියැවෙන ඇගේ ජීවන සටහනයි මේ.[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]ළමා විය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/RVTjID.jpg[/IMG] [SIZE="5"]1961 වසරේ ජූලි මස පළමුවන දින උණුසුම් සැඳෑවේ උපත ලද ඩයනා සළකනු ලැබූවේ තවත් එක් බලාපොරොත්තු කඩවීමක් ලෙසටය. ස්පෙන්සර් පවුල බ්‍රිතාන්‍ය රජ පෙළපත හා ගත් කළ සැබවින්ම ග්‍රාමීය රජ පෙළපතක් විය. එම පෙළපත් නාමයේ හිමිකාරීත්වය දැරිය හැකි වන්නේ පිරිමි දරුවකුට පමණි; සාම්ප්‍රදාය එයයි. ගැහැණු දරුවන් දෙදෙනුගෙන් යුත් පවුලේ ඇය තෙවැන්නිය වූවාය. පුංචි ඩයනාට වයස අවුරුදු සයක් සපිරෙද්දී ඇගේ දෙමාපියන් එකිනෙකාගෙන් වෙන්වූහ. එතැන් පටන් ඇය ඉගෙනීම් කටයුතු අප්‍රිය කරන්නටත්, නිතර නිතර තමා අවට සිටින සියලු දෙනාගේ අවධානය දිනාගැනීමට කටයුතු කරන්නටත් වූවාය.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]විවාහය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/de4f70.jpg[/IMG] [SIZE="5"]යන්තම් දහනවවැනි වියට පා තැබූ ඩයනා ස්පෙන්සර් එවකට තිස් එක් හැවිරිදි වියෙහි පසු වූ චාර්ල්ස් කුමරු සමග පෙමින් වෙලී, ඉතා ඉක්මණින්ම විවාහ දිවියටද ඇතුලු වූවාය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන්ම ඇයට සියල්ල වැටහුණි. චාර්ල්ස් කුමරු ඒ වන විටත් කැමිලා පාකර් සමග රහසිගත ඇසුරක් පවත්වමින් සිටියේය. නමුත් කැමිලාද ඒ වන විට සිටියේ විවාහකවයි. ඩයනා ස්පෙන්සර් වැනි ග්‍රාමීය කෙල්ලක සරණ පාවා ගත් පසුව චාර්ල්ස් කුමරුගේ මව වන එලිසබෙත් රැජිණට සහ ලෝකයාට පෙනෙන පරිදි බෝනික්කෙකු ලෙස ඩයනාව පාවිච්චි කළ හැකි බවත්, ඒ අතරතුර කැමිලා සමග රිසි සේ හැසිරෙන්නට හැකියාව ඇතිවන බවත් චාර්ල්ස්ගේ අදහස විය. එම අදහස ඔහුට යොමු කරනු ලැබූයේද කැමිලා විසිනි.[/SIZE] [SIZE="5"]තරුණ ඩයනා කුමරිය බකිංහැම් මාළිගාවේ තනි වූවාය. ඇය සමග සතුටු සාමීචියේ යෙදෙන්නටවත් කිසිවෙකුටත් වේලාවක් නොවිණි. චාර්ල්ස්ද තමා සිතූ මිනිසා නොවන බවට මේ වන විටත් ඩයනා කුමරියට වැටහී හමාර ය. සුවිසල් මාළිගය තුළ කථාබහ කරන්නටවත් කිසිවෙක් නොමැති තැන ඇය මාළිගාවේ මුළුතැන්ගෙය වෙත පිය මැන්නාය. නොබෝ කලකින්ම ලුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය ඇගේ මිතුරන් බවට පත් විය. හැකි සෑම විටෙකට රාජකීය මුළුතැන්ගෙය වෙත ගොස් තම මිතුරු මිතුරියන් හා සාමීචියෙහි යෙදෙන්නට මෙන්ම ඔවුන් හා ඉවුම් පිහුම් කටයුතුවල යෙදෙන්නට ද තරුණ කුමාරිකාව අමතක නොකළා ය. චාර්ල්ස් කුමරු කැමිලා සමග පැවති සබන්ධය නැවත දළු ලා වැඩෙන බව ඩයනාට පසක් වත්ම ඇයට සිදුවූයේ ඒ කිසිවක් නොදුටු, නොදත් කෙනෙකු සේ සිටීමටය. නමුත් තමා කිසි විටෙකත් ඒ කිසිවක් නිහඬව විඳවිය යුතු නැති බව ඇය තමාටම පවසා ගත්තාය. ඇගේ අධිෂ්ඨානය වූයේ තමා අතින් ගිලිහුණු සතුට නැවතත් සොයා යෑමයි. ඒ වන විටත් ඇයට හා චාර්ල්ස් කුමරුට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනා උපත ලබා තිබුණි. සාමාන්‍ය ජනයාගෙන් ඈත් ව, මෙහෙකරුවන් හා වන්දි භට්ටයන් පිරිවරාගෙන, සරල හා සාමාන්‍ය ජීවිතයකින් ඈත්ව තම පුතණුවන් දෙදෙනා හැදෙනු වැඩෙනු දකින්නට ඩයනා කුමරියට උවමනා නොවීය. තම පියා මෙන් නොව, සැබෑ කුමරුවන් ලෙස ඔවුන් වැඩෙනු දැකීම ඇගේ පරමාර්ථය විය. යම් කිසි දිනෙක විලියම් කුමරු එංගලන්තයේ රජ කිරුළ පැළඳුවහොත්, එදිනට ඔහුගේ ක්‍රියා කලාපයන් තුලින් අනිවාර්යයෙන්ම ඩයනා කුමරියගේ උත්තුංග ගුණ ධර්මයන් මතු වී පෙණෙනු ඇතැයි යන්න අදටත් විචාරකයින්ගේ මතයයි.[/SIZE][/CENTER] [B][CENTER][SIZE="6"]අලුත් ජීවිතයක්[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/640x480q90/923/LDHcvT.jpg[/IMG] [SIZE="5"]1995 වසරේදී වේල්සයේ කුමරිය හෙවත් ඩයනා ස්පෙන්සර් චාර්ල්ස් කුමරුගෙන් දික්කසාද වූ අතර, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවක් ලෙස ඇය සතුව තිබූ විශේෂ පොලිස් ආරක්ෂාවද ප්‍රතික්ෂේප කළාය. එතැන් පටන් ඇගේ කාල වේලාව සමාජ සේවය කෙරෙහි යොමු විය. යුද ගින්නෙන් හා විවිධ රෝග පීඩාවන්ගෙන් පීඩිත පුද්ගලයින් උදෙසා කැප වූ ඇය ඇගේ මානුෂීය මෙහෙවර උදෙසාම විශේෂ සම්මාන හා ගරු බුහුමන් රැසකින් පිදුම් ලැබුවාය. ඒඩ්ස් වෛරසය ආසාදනය වුණු පුද්ගලයකුගේ දෑතින් ඇය අල්ලාගෙන සිටිනා ඡායාරූපයක් එකල ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. ජනප්‍රිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ප්‍රසිද්ධියේ එසේ හැසිරුණු පළමු අවස්ථාව එය විය. බිම් බෝම්බ වැළලීම නවතාලනු පිණිස ඇය විසින් ලොව පුරා දියත් කරන ලද විශේෂ වැඩසටහන් මාලාව වෙනුවෙන් ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබුවාය. නමුත් අවාසනාවන්ත ලෙස, එම සම්මානය ඇයට හිමිවන විට ඇය අප අතරින් නික්ම ගොස් තිබුණි.[/SIZE] [SIZE="5"]කෙමෙන් කෙමෙන් උදාවූයේ 1997 වසරයි. කාලයාගේ ඇවෑමෙන් ඩයනා කුමරිය ඊජිප්තු ජාතික කෝටිපතියකුගේ පුතෙකු වන එමාද් අල්-දින් හෙවත් ඩොඩී අල්-ෆයෙද් සමග ප්‍රේම සබඳතාවයකට මුල පිරුවාය. බැලු බැල්මට මෙම යුවල ඉතා සතුටින් කාලය ගත කරන බව පෙනෙන්නට තිබුණි. ඔවුන් දෙදෙනා නිතර දෙවේලේ විවිධ සංචාරයන්හි පවා නිරත වූහ. එසේ ඔවුන් දෙදෙනා ගමන් ගත් එක් සංචාරයක් අදටත් අප කාගේත් මතකයන්හි නොනැසී පවතී. ඒ ඔවුන් ප්‍රංශයේ පැරිස් නුවර වෙත කළ සංචාරයයි.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/xYHvmj.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Dodi al fayed[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"]අවසන් හෝරා කිහිපය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/UYFDXX.jpg[/IMG] [SIZE="5"]තමා මේ ගත කරන්නේ තම දිවියේ අවසන් හෝරා කිහිපය බව නොදැන සිටි ඩයනා කුමරිය S280 වර්ගයේ මර්සිඩීස් බෙන්ස් රථයකට ඩොඩී සමගින් ගොඩ වූවාය. සුප්‍රසිද්ධ රිට්ස් හෝටලයෙන් සිය ආහාර වේල ලබාගත් ඔවුන් දෙදෙනා පැපරාසීන්ගේ කැමරා කාචවලින් සහ අධික වාහන තදබදයෙන් මිදීම පිණිස වෙනත් මගක ගමන් කරන්නට වූහ. සුපුරුදු පරිදි ඩයනා තම රියදුරුට පවසා සිටියේ ඉතා වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසටයි. ඔවුන් ඒ වන විට උමං මාර්ගයකට ඇතුල් වී තිබුණි.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/aStLkJ.jpg[/IMG] [SIZE="5"]උමං මාර්ගය තුළ ධාවනය වෙමින් තිබූ සුදු පැහැති ෆියට් රථයක් පසු කොට යාමට කාරයේ රියදුරු සැරසෙන විටම ඔහුට කාරය පාලනය කරගත නොහැකිව අසල පිහිටි කොන්ක්‍රීට් කණුවක රථය ගැටුණි. ඒ සැණින්ම ඩොඩී සහ රථයේ රියදුරු මරණයට පත් වුවද ඩයනා තවමත් සිටියේ හුස්ම හෙලමිනි. කොන්ක්‍රීට් කණුවෙහි හැපී පොඩි පට්ටම් වූ කාරය තුලින් ඇයව ඉවතට ගන්නට හැකිවූයේ පැයක් පමණ තිස්සේ කළ සටනකින් පසුවය. වහාම ඇයව රෝහල වෙත ගෙන යන ලදි. සියලු බාධක මැද ඇයගේ හුස්ම පොද රඳවා ගන්නට වෛද්‍යවරු උත්සාහ කළද, විදුලි කම්පන ධාරා පවා ඵල රහිත කරමින් ජූලි 31 වා දින උදෑසන 4:30 ට පමණ එංගලන්තයේ රෝස කුසුම ලෙස විරුදාවලි ලත් ඩයනා ස්පෙන්සර්ගේ අවසන් හුස්ම වා තලයට මුසු විය.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/dSdyuy.jpg[/IMG] [SIZE="5"]චාර්ල්ස් කුමරු වහාම ඇගේ නිසල සිරුර නැවත ලන්ඩන් නුවරව ගෙන ආවේය. ලොව පුරා මහජනතාව ඉදිරියේ ඩයනා යනු කවරෙක්දැයි බ්‍රිතාන්‍ය රජ පවුල නියම ලෙස හඳුනාගන්ත්තේ ඇගේ මරණින් පසුවය. අධික ශෝකයට පත් ජනතාව බකිංහැම් මාළිගය් වට කොට හඬා වැළපෙමින් සිය ශෝකය පළ කළහ. හුදෙක් තවත් එක් රාජකීය චරිතයක් නොවී ඇය සැබවින්ම මහජනතාවගේ හදවත් ස්පර්ශ කරන්නට සමත් වූ බව මාළිගාවේ සියල්ලන්ටමද වැටහී තිබුණි. ඇගේ අනපේක්ෂිත මරණින් කම්පා වූ ලෝ වැසි ජනතාව එක පිට එක ශෝක පණිවුඩ එවන්නටද විය. ලොව පුරා රාජ්‍ය නායකයින්ද සිය අපරිමිත ශෝකය පළ කර සිටියාහ. [CENTER][IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/922/2kWwtk.jpg[/IMG][/CENTER] දික්කසාදයෙන් පසුව ඇගෙන් ඉවත් කරනු ලැබූ රාජකීය නාමය නැවත ඇය වෙත පුද කරන්නට බකිංහැම් මාළිගය සැරසුණද, ස්පෙන්සර් පවුලේ සාමාජිකයින් විසින් එය එකහෙලාම ප්‍රතික්ෂේප කරන ලදි. “ඩයනා දැන් අප ළඟයි” ඔවුහු ප්‍රකාශ කළහ. ඇගේ නිසල සිරුර ස්පෙන්සර් පවුල වෙත ගෙන යන ලදී. ඇතැමෙක් පවසා සිටින්නේ ඩයනා මිය යන විට ඩොඩීගේ දරුවකු ඇගේ කුස තුල දරා සිටි බැවින් එමගින් බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සිදුවිය හැකි හානිය වළකාලීමට රාජකීය පවුල විසින්ම මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවයි. එවැනි තවත් කුමන්ත්‍රණ රැසක් පිලිබඳ මත පළ කරන්නෝ එමට ය. නමුත් සත්‍යය කුමක් වුවත්, ඉතා අගනා චරිතයක් ලොවට අහිමි වී ගොස් තිබුණි. අවසානයේ ඇගේ සිරුර ස්පෙන්සර් පවුලට හිමි කොඩියෙන් ආවරණය කොට ඇගේ සොහොන වෙත ගෙන යන ලදී. පැය භාගයක මතක සේවාවකින් පසුව සියල්ලෝ ඇගේ සොහොන් කොත පිහිටුවා තිබූ කුඩා දූපත තුල ඇයව තනිකර දමා නික්ම ගියාහ. සත්‍යය නම්, ඩයනා ස්පෙන්සර් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ඉතා දුකින් ගත කළ බවයි. සිය පවුලෙන් හෝ රාජකීය පවුලෙන් ඇය වෙත නිසි අවධානයක් යොමු වූයේ නැත. තනිවම ඇය ජීවත් වූ පරිද්දෙන්ම, මරණින් මතුවද ඇයව සොහොනක තනිකර දමා සියල්ලෝ නික්ම ගියහ. නමුත් එම හද කම්පනය කරනා සිදුවීමෙන් දශක දෙකකටත් පසුව අදටත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඇයව ඉතා ගෞරවාදරයෙන් සිහිපත් කොට සිටින්නේ ඇය ජීවතුන් අතර සිටි කෙටි කාලය තුල අෑ විසින් වපුරන ලද මනුෂ්‍යත්වයේ බීජයන්හි ඵල තවමත් අප’තර වැඩෙමින් ඇති බැවිනි.[/SIZE] [IMG]http://imagizer.imageshack.us/v2/320x240q90/923/03LEEJ.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"]තොරතුරු උපුටාගැනීම – සාරා බ්‍රැඩ්ෆර්ඩ් විසින් රචිත “Diana” කෘතිය ඇසුරිණි.[/SIZE][/CENTER][/B] [URL="https://roar.media"][B][CENTER][SIZE="5"]Source[/SIZE][/CENTER][/B][/URL] [B][CENTER][SIZE="5"]John Hopkins :assassinating Princess Diana in 1997 [URL="http://gossip.hirufm.lk/16158/2017/06/peoples-princess.html"]http://gossip.hirufm.lk/16158/2017/06/peoples-princess.html[/URL] [URL="http://www.snopes.com/retired-mi5-agent-confesses-on-deathbed-i-killed-princess-diana/"]http://www.snopes.com/retired-mi5-agent-confesses-on-deathbed-i-killed-princess-diana/[/URL][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom