ඩුබායි හි කෘත්‍රීම දූපත් (Dubai Artificial Islands)

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඩුබායි හි කෘත්‍රීම දූපත් (Dubai Artificial Islands)

    මෑත ඉතිහාසයේ මිනිසා නිර්මානය කල ඉතා අපූරු නිර්මානයක් ලෙස මෙම දූපත් සමූහය හඳුන්වා දිය හැක.මෙවා ඩුබායි නොගැඹුරු මුහුදු තීරයේ වැලි ගොඩකර නිර්මාණය කර ඇත.

    මෙහි පාම් දූපත් 2ක් (Palm Islands), "ලෝකය" (The World) ලෙස නම් කරන ලද දූපත් සමූහය, "Deira" නම් දූපත් (Deira Islands) සහ "විශ්වය" (The Universe) නම් දූපත් පිහිටා ඇත. මින් බොහෝමයක් දූපත් තවම ඉදි කෙරෙමින් පවතී. මෙවැනි දූපත් නිර්මාණය කිරිමේ අදහස පහලවී ඇත්තේ ඩුබයි හි පාලකයා වූ ශෙක් "Sheikh Mohammed bin Rashid Al Maktoum"හටය. ඉදිකිරීම් කටයුතු පැවරුනේ ඩුබායි සමාගමක් වන " Nakheel Properties " නම් සමාගමටයි.



    "ලෝකය" ( The world islands )

    මෙය දල වශයෙන් ලෝක සිතියමක හැඩය ගෙනෙන සේ කෘත්‍රිමව ඉදිකරන ලද, දිගින් 9 කි.මී සහ පළලින් 6 කි.මී පමණ වන දූපත් 300ක සමූහයකි. මේවා පර්සියානු මුහුදේ, ඩුබායි(එක්සත් අරාබි එමීර් රාජ්‍යය) වෙරල තීරයට කි.මී 4ක් පමණ දුරට වන්නට පිහිටා ඇත. 2003 දී ඉදිකිරීම් ඇරඹුනද 2008 දී ලෝකයේ ඇතිවූ ආර්තික අර්බුදයත් සමග මෙහි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවන ලදි. දූපත් සියල්ල ඉදිකලද 2013 වන විට ගොඩනැගිලි සාදා නිමකර තිබුනේ දූපත් දෙකක පමණි. සැම දූපතක්ම ඊට අදාල රටේ නමින් හැඳිවෙන අතර මෙවා සියල්ල පුද්ගලික ගැනුම්කරුවන්ට මිලදී ගත හැක.මේ වන විට 70% පමණ දූපත් ප්‍රමාණයක් අලෙවි වී ඇතැයි සැලකේ.

    "Deira" දූපත් (Deira Islands)


    පලමුව මෙය පාම් දූපත් සමූහයේ තුන්වන දූපත (Palm Deira) ලෙස සෑදීමට සැලසුම් කලද පසුව එය (Deira Islands) ලෙස වෙනස් කරන ලදි. දැනට ඉදිකිරීම් කරගෙන යන අතර සාදා නිම කල පසු එහි හෝටල්,රංග ශාලා ඇතුලු 1400 ක පමණ වෙලඳ කටයුතු සඳහා අවස්ථාව උදාවේ.


    "විශ්වය" (The Universe)


    මෙය සෞරග්‍රහ මණ්ඩලය සහ ක්ෂීරපථය නිරූපණය වන ලෙස Palm Jumeirah, The World, Jumeirah මුහුදු තීරය සහ Deira Islands මැදි වන ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබුනි. මෙය පිලිබඳව පලමුව 2008 දී නිවේදනය කල අතර 2023-2028 වන විට නිම කිරීමට සැලසුම් කර තිබුනි.කෙසේ වෙතත් 2008-2009 දී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් තවමත් ආරම්භ කර නැත.

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩුබායි කියන්නේ ආයි මොනා කියන්නද බන් උන් තමා
    පට්ටෙටම සංවර්ධනය උනේ හලාල් තමා ඒත් බලහන් අපේ රටවල් වලට වඩා පහල මට්ටමක තිබුන
    රටක් :cool:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rqGv7GS.jpg


    1126.gif
     

    Similar threads