Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු - බොරු, මිත්‍යාමත සහ දුර්මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු - බොරු, මිත්‍යාමත සහ දුර්මත

ඩෙංගු පාලනය කරගන්න බැරි වෙන්න ප්‍රධානතම හේතු අතර අපේ ජනතාව අතර තියෙන බොරු, මිත්‍යාමත සහ දුර්මත ලොකු තැනක් ගන්න බව ඔබ දැන සිටියාද? වෛද්‍යවරයෙක් වශයෙන් පසුගිය වසර තුනක සේවා කාලයේදී මගෙන් ඩෙංගු ගැන වාට්ටුවේ හිටපු ලෙඩ්ඩු අහපු ප්‍රශ්න වලට මම දුන්න උත්තර ලිපියක් විදියට සකස් කරන්න හිතුවේ එකයි.

1. මෙයාට හැදිලා තියෙන්නේ ඩෙංගුමද?

දන්නේ නැත්තම් ඇයි ඩෙංගු ටෙස්ට් එක කරන්නේ නැත්තේ?

ඩෙංගු කියා දැන ගැනීමට කරන පරීක්ෂණ තියෙනවා. නමුත් ඩෙංගු කියා දැන ගත්තා කියලා බෙහෙත් ප්‍රතිකාර වෙනස් වෙන්නේ නෑ. සෑම වෛරස් උණකටම මූලිකවම ප්‍රතිකාරය එකයි. හැමතැනකම මේ පරීක්ෂණ කරන්නට පහසුකම්ද නෑ. වියදමත් තරමක් වැඩියි. ඒ නිසා අත්‍යාවශ්‍ය අවස්ථා වලදී පමණයි සිදු කෙරෙන්නේ. Dengue NS1 Antigen පරීක්ෂණය උණ සෑදී පැය 24ත් දින 5ත් අතර අවශ්‍ය නම් සිදු කර ගත හැකියි.

2. ඩෙංගු test එක negative නම් බය වෙන්න ඕන නෑ නේද?

ඩෙංගු test එකක් negative වීමෙන් ඩෙංගු නෑ කියන්න බෑ. ඒකයි මෙම test එක මත අපි පදනම් වෙන්නේ නැත්තේ. ප්‍රතිකාර කලින් වගේම වෙනසක් නැතුව කෙරෙනවා.

වැදගත්ම දේ වාර්තාව negative උනත් එය FBC පරීක්ෂණයත් සමඟ නැවත වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීමයි. (උණ සුවවී ඇතත්)

3. ඩෙංගු හැදුනම බය වෙන්න ඕන කවුද?

ඩෙංගු හැදුනම හැමෝම බය වෙන්න ඕන. ඒත් අපි අවදානම් සහිත කොටසක් නම් කරලා තියෙන්නේ වැඩි අවධානයක් ඒ අයට ලබා දිය යුතු නිසයි.

» කුඩා දරුවන්

» බර වැඩි අය

» ගර්භණී කාන්තාවන්

» අනෙකුත් දීර්ඝකාලින රෝග සහිත අය (හෘද රෝග වැනි)

» වියපත් අය

» එක්වරකට වඩා ඩෙංගු සෑදී ඇති අය

මේ අය හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන.

4. ඇයි පැරසිටමෝල් විතරක් දෙන්නේ? ඊට වඩා හොඳ බේතක් නැද්ද?

ඩෙංගු කියන්නේ වෛරසයක් නිසා ඇති වන රෝගයක්. වෛරස නිතර තමන්ගේ ජානගත ව්‍යුහය වෙනස් කරගන්නා නිසා ප්‍රතිවෛරස බෙහෙත් දැනට නිපදවා ඇත්තේ රෝග කීපයකට පමණයි. ඩෙංගු වලට සාර්ථක ප්‍රතිවෛරස ඖෂධ තවම නිපදවා නෑ.

5. පැරසිටමෝල් වලට උණ අඩුවෙන්නේ නෑනේ.

උණ අඩු කරන්න Brufen, Diclofenac, Mefanamic Acid වගේ බේත් දෙන්න බැරිද?

NSAID කාණ්ඩයේ Brufen, Diclofenac, Mefanamic Acid වැනි බෙහෙත් ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

6. එතකොට උණ අඩු කරගන්නේ කොහොමද?

ටිකක් රස්නේ වතුරෙන් තෙතමාත්තු කිරීම තමයි එකම විකල්පය. විශේෂයෙන් නළල, කිහිලි යට වගේ ප්‍රදේශ. කිසිම හේතුවක් මත පැය 6කට අඩුවෙන් පැරසිටමෝල් නැවත ලබා නොදිය යුතුයි. මාත්‍රාව ඉක්මවා යෑමෙන් පසුකාලීනව අක්මාවට හානි ඇති විය හැකියි.

7. ඇයි වතුර මැනලා බොන්න කියන්නේ?

50kg ක දේහ ස්කන්ධයක් ඇති වැඩිහිටියෙකුට පැයකට අවශ්‍ය කරන තරල පරිමාව මිලි100කි. ඊට වඩා බර අඩු අයගේ බරට සමානුපාතිකව මෙය වෙනස් වෙනවා (උදා: කුඩා දරුවන්).

8. ඇයි එහා ඇඳේ ලෙඩාට වගේ මෙයාට saline දාන්නැතුව වතුර බොන්න කියන්නේ?

හැකි සෑම අවස්ථාවකම තරල කළමනාකරණයට මුඛය හරහා තරල ලබා දෙන එකයි හොඳම. ශිරා හරහා අනවශ්‍ය ආකාරයට කටු ඇතුල් කර saline ලබා දීමෙන් අලුතින් විෂබීජ ඇතුලුවීම මෙන්ම තරල ප්‍රමාණය වැඩිවීම (fluid overload) වැනි තත්වය ඇති විය හැකිය. අත්‍යාවශ්‍ය අවස්ථා වල පමණයි සේලයින් ලබා දෙන්නේ. (කියවන්න “වෛද්‍යවරයා ඔබට සේලයින් දුන්නේ නැත්තේ ඇයි?” : http://bit.ly/normalsaline)

9. මූත්‍රා මනින්නේ ඇයි? කොච්චර පැය ගාණකට වරක් මූත්‍රා මනින්න ඕනද?

ශරීරයට අවශ්‍ය කරන තරල පරිමාව නිවැරදිව ලබා දීමෙන් ඊට සමානුපාතිකව මූත්‍රා නිපදවෙනවද කියලා බලන එක තමයි වාට්ටුවෙදි මූලිකවම කෙරෙන්නේ. නිවැරදි පරිමාවට මූත්‍රා නිපදවෙනවා කියන්නේ ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිදුවෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් පැය 3කට වරක් මුත්‍රා මැනීම ප්‍රමාණවත්. රෝගී තත්වය අනුව ඊට වඩා අඩු කාලයකදී මනින්නට සිදුවිය හැකියි. වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.

10. දැන් ගත්ත ලේ එකේ රිපෝට් එක කොහොමද?

Full Blood Count එකක් machine එකෙන් process කිරීමට විනාඩි 10ක් පමණ ගතවන නමුත් ලේ ගැනීම, නලයට නිවැරදිව පුරවා ලේබල් කිරීම, ලැබ් එක වෙත ගෙනයාම සහ ලැබ් එකෙන් භාර ගැනීම වැනි කටයුතු බොහෝමයක් ඊට කලින් සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් හදිස්සි නොවන report එකක් ලැබීමට පැය 2-4ක් වැනි කාලයක් ගත වෙන්න පුලුවන්.

11. දවසට ලේ කීපාරක් ගන්න ඕනද?

සාමාන්‍ය ඩෙංගු රෝගය සහිත රෝගියෙකුගෙන් දවසකට එක් වරක් හෝ දෙවරක් ලේ පරික්ෂා කිරීම ප්‍රමාණවත්. නමුත් ඩෙංගු රක්තපාත තත්වයේදී දවසකට තුන් වරකට වැඩි වාර සංඛ්‍යාවක් ලේ පරික්ෂා කරන්නට සිදුවිය හැකියි.

12. මෙයාගේ platelets (පට්ටිකා) අඩු වෙන්නේ ඇයි?

ඩෙංගු වෛරසය පට්ටිකා නිපදවීම අඩු කරන අතර ඒවා විනාශ කිරීමට ක්‍රියා කරනවා. පට්ටිකා වගේම සුදු රුධිරාණුත් මුල් අවධියේදී අඩුවෙනවා.

13. පට්ටිකා වැඩි වෙන්න කන්න හොඳ කෑම මොනවද?

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පට්ටිකා වැඩි කිරීමෙන් ඩෙංගු රෝගය සුව නොවේ. පට්ටිකා ප්‍රමාණය රෝග ක්‍රියාවලියේ එක් දර්ශකයක් පමණයි.

14. එතකොට පැපොල් යුෂ?

එහෙම විශේෂ ආහාර වර්ගයක් අපි අනුමත කරන්නේ නෑ. පට්ටිකා ඉහළ යාමෙන් ඩෙංගු සුව වන්නේ නෑ.

15. එහෙනම් බොන්න හොඳ මොනවාද?

ජලය, ජීවනී ඇතුලු ඕනෑම තරල වර්ගයක්. නමුත් රතු, දුඹුරු, කලු පැහැති තරල ලබා නොදිය යුත්තේ ආහාර මාර්ගයෙන් සිදුවන හදිස්සි ලේ ගැලීමකදී (ලේ වමනය) හඳුනා ගැනීමට අපහසු වන නිසා.

16. ලේ අඩුවෙනවා නම් ලේ දෙන්නේ නැත්තේ ඇයි?

ඩෙංගු රක්තපාත තත්වයේ වඩා බරපතල අවස්ථාවන් හිදී ලේ පිටින් ලබාදීමට ඉතා කලාතුරකින් සිදුවිය හැකියි. පට්ටිකා පමණක් අඩුවුනා කියලා ලේ දෙන්න අවශ්‍ය නෑ. රුධිර ගැලීමක් ආරම්භ වුවහොත් පමණයි පට්ටිකා ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ.

17. මෙයාට උණ හොඳ වෙලා දවස් 4ක් වෙලත් ටිකට් කපන් නැත්තේ ඇයි?

උණ හොඳ වීමෙන් ඩෙංගු රෝගය සුව වුනා කියන්න බෑ. විශේෂයෙන් ඩෙංගු රක්තපාත අවස්ථාවට ඇතුල් වීමේදීද උණ සුව වීම මූලික ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා රුධිර වාර්තා සාමාන්‍ය වනතුරු රෝහලේ සිටීම වැදගත්.

ඩෙංගු රක්තපාත තත්වය ගැන ලෙඩ්ඩුන්ට තිබුන ගැටලු ගැන ඊලඟ සතියේ සාකච්ඡා කරන්නම්.

මම වගේම තවත් ලිපි ලියන වෛද්‍යවරු කීපදෙනෙක් සාමූහිකව එකතු වෙලා මේ දවස් වල ඩෙංගු රෝගය මැඩපවත්වන්න පෑනෙන් සටන් වදිනවා. අපේ මූලික අරමුණ ජනතාව ඩෙංගු රෝගය ගැන දැන ගත යුතු නිවැරදි කරුණු මෙන්ම අලුත් සොයා ගැනීම් ගැනත් ඔයාලව දැනුවත් කරන එක. මේ ලිපි සේරම National Dengue Control Unit,Sri Lanka පිටුව හරහා කියවන්න පුලුවන්.

තවත් ඔබට ඩෙංගු ගැන තියෙන උත්තර නැති ගැටලු වලට අපි උත්තර දෙන්න සූදානම්. අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ [29-12-2019]

[QUOTE="malakadss, post: 25046445, member: 179884"] [b]ඩෙංගු - බොරු, මිත්‍යාමත සහ දුර්මත[/b] [IMG]https://i.ibb.co/n3HgWNn/dengu.jpg[/IMG] [SIZE=3]ඩෙංගු පාලනය කරගන්න බැරි වෙන්න ප්‍රධානතම හේතු අතර අපේ ජනතාව අතර තියෙන බොරු, මිත්‍යාමත සහ දුර්මත ලොකු තැනක් ගන්න බව ඔබ දැන සිටියාද? වෛද්‍යවරයෙක් වශයෙන් පසුගිය වසර තුනක සේවා කාලයේදී මගෙන් ඩෙංගු ගැන වාට්ටුවේ හිටපු ලෙඩ්ඩු අහපු ප්‍රශ්න වලට මම දුන්න උත්තර ලිපියක් විදියට සකස් කරන්න හිතුවේ එකයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 1. මෙයාට හැදිලා තියෙන්නේ ඩෙංගුමද? දන්නේ නැත්තම් ඇයි ඩෙංගු ටෙස්ට් එක කරන්නේ නැත්තේ?[/SIZE] [SIZE=3] ඩෙංගු කියා දැන ගැනීමට කරන පරීක්ෂණ තියෙනවා. නමුත් ඩෙංගු කියා දැන ගත්තා කියලා බෙහෙත් ප්‍රතිකාර වෙනස් වෙන්නේ නෑ. සෑම වෛරස් උණකටම මූලිකවම ප්‍රතිකාරය එකයි. හැමතැනකම මේ පරීක්ෂණ කරන්නට පහසුකම්ද නෑ. වියදමත් තරමක් වැඩියි. ඒ නිසා අත්‍යාවශ්‍ය අවස්ථා වලදී පමණයි සිදු කෙරෙන්නේ. Dengue NS1 Antigen පරීක්ෂණය උණ සෑදී පැය 24ත් දින 5ත් අතර අවශ්‍ය නම් සිදු කර ගත හැකියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 2. ඩෙංගු test එක negative නම් බය වෙන්න ඕන නෑ නේද?[/SIZE] [SIZE=3] ඩෙංගු test එකක් negative වීමෙන් ඩෙංගු නෑ කියන්න බෑ. ඒකයි මෙම test එක මත අපි පදනම් වෙන්නේ නැත්තේ. ප්‍රතිකාර කලින් වගේම වෙනසක් නැතුව කෙරෙනවා.[/SIZE] [SIZE=3] වැදගත්ම දේ වාර්තාව negative උනත් එය FBC පරීක්ෂණයත් සමඟ නැවත වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීමයි. (උණ සුවවී ඇතත්)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 3. ඩෙංගු හැදුනම බය වෙන්න ඕන කවුද?[/SIZE] [SIZE=3] ඩෙංගු හැදුනම හැමෝම බය වෙන්න ඕන. ඒත් අපි අවදානම් සහිත කොටසක් නම් කරලා තියෙන්නේ වැඩි අවධානයක් ඒ අයට ලබා දිය යුතු නිසයි.[/SIZE] [SIZE=3] » කුඩා දරුවන් » බර වැඩි අය » ගර්භණී කාන්තාවන් » අනෙකුත් දීර්ඝකාලින රෝග සහිත අය (හෘද රෝග වැනි) » වියපත් අය » එක්වරකට වඩා ඩෙංගු සෑදී ඇති අය[/SIZE] [SIZE=3] මේ අය හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 4. ඇයි පැරසිටමෝල් විතරක් දෙන්නේ? ඊට වඩා හොඳ බේතක් නැද්ද?[/SIZE] [SIZE=3] ඩෙංගු කියන්නේ වෛරසයක් නිසා ඇති වන රෝගයක්. වෛරස නිතර තමන්ගේ ජානගත ව්‍යුහය වෙනස් කරගන්නා නිසා ප්‍රතිවෛරස බෙහෙත් දැනට නිපදවා ඇත්තේ රෝග කීපයකට පමණයි. ඩෙංගු වලට සාර්ථක ප්‍රතිවෛරස ඖෂධ තවම නිපදවා නෑ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 5. පැරසිටමෝල් වලට උණ අඩුවෙන්නේ නෑනේ. උණ අඩු කරන්න Brufen, Diclofenac, Mefanamic Acid වගේ බේත් දෙන්න බැරිද?[/SIZE] [SIZE=3] NSAID කාණ්ඩයේ Brufen, Diclofenac, Mefanamic Acid වැනි බෙහෙත් ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවීමේ අවදානම වැඩි කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 6. එතකොට උණ අඩු කරගන්නේ කොහොමද?[/SIZE] [SIZE=3] ටිකක් රස්නේ වතුරෙන් තෙතමාත්තු කිරීම තමයි එකම විකල්පය. විශේෂයෙන් නළල, කිහිලි යට වගේ ප්‍රදේශ. කිසිම හේතුවක් මත පැය 6කට අඩුවෙන් පැරසිටමෝල් නැවත ලබා නොදිය යුතුයි. මාත්‍රාව ඉක්මවා යෑමෙන් පසුකාලීනව අක්මාවට හානි ඇති විය හැකියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 7. ඇයි වතුර මැනලා බොන්න කියන්නේ?[/SIZE] [SIZE=3] 50kg ක දේහ ස්කන්ධයක් ඇති වැඩිහිටියෙකුට පැයකට අවශ්‍ය කරන තරල පරිමාව මිලි100කි. ඊට වඩා බර අඩු අයගේ බරට සමානුපාතිකව මෙය වෙනස් වෙනවා (උදා: කුඩා දරුවන්).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 8. ඇයි එහා ඇඳේ ලෙඩාට වගේ මෙයාට saline දාන්නැතුව වතුර බොන්න කියන්නේ?[/SIZE] [SIZE=3] හැකි සෑම අවස්ථාවකම තරල කළමනාකරණයට මුඛය හරහා තරල ලබා දෙන එකයි හොඳම. ශිරා හරහා අනවශ්‍ය ආකාරයට කටු ඇතුල් කර saline ලබා දීමෙන් අලුතින් විෂබීජ ඇතුලුවීම මෙන්ම තරල ප්‍රමාණය වැඩිවීම (fluid overload) වැනි තත්වය ඇති විය හැකිය. අත්‍යාවශ්‍ය අවස්ථා වල පමණයි සේලයින් ලබා දෙන්නේ. (කියවන්න “වෛද්‍යවරයා ඔබට සේලයින් දුන්නේ නැත්තේ ඇයි?” : [URL="https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fbit.ly%2Fnormalsaline%3Ffbclid%3DIwAR0pOYE2Wl34IyIPfuEghLo63L1GUckIW4b25tvnRDbkHCthR3wowcDcLmU&h=AT1ARu7MQd2faUzamXUvq3ZUL4bFLlbghV5EC65HghRI8ghm8ajZ1Vg5eaZ3yJRPqN3Ww1I-Zojsmf2iStWZll7lZIzLMlO3lHh2y5hUzJh0nuWMM-ILR1brr5okRcN9LUP2Yg_eztRJrOBWX7i18y08JfgsN5oqnfhnZaCfD453jBZO3bqu0Mr63Ot319cPIIwxQMOkQ2Isw_rMR9CRGrlg6i91yuiKTXWziRT7o2MjDDOx0QIIdCiYfmC-25SQSn3zUhurCIQEZKhm6uWUUSUCiQB0fjuD9LgffIzw9eGcdH5NKWgB3FQQaD6yZYvCOhAZJ9KK2PqLi-h4lzxkJOyDC4NazjCV3rJGeFh5nqAdCE9pOM1_iipatR5MXe5FB-0_ysB3qmd4lADO5PniXmCeFgX1BtZz5JE37TiyRqXqi4Xzbqnfo6TcHvg9-OWJGBIn0OxM6g9sNp87O7ziNdHEKQlskftMf_CQgWIVsuUVY-7JwdaGG9BOSQoui4HGPmg7MS0WZ4hJMMzPW9ANCKqwuMcWQbva33tFCvceiYXxyl2CqC3s3UOdnIj06f_hfM1DOYSjwmFkN9E3O0GEzU1qI5UxLaIVeIibLXj3azdYO6-yxDqljOWjHMdqnIMhtLg1WBudEYFZr0udcOtQ6wbEsI4Yy6IO7WV0EsQvrlGtiZk8rtgk3xHXrG9wCD2ZJ-0nXaKdK0dyOiH0Y9H0IPhUCntF1X8i6b4YdHn4kmLVxjSKLFWW-BANlSW4FjL-OrgWxQi-NHdkboaeyHnFe0rfEwQgKT3MhVRjM1MigMxzJ6-hx438cyoEEgjcrIXCBs-6iNmobX-kNo0cQdngyTF4YX8M"]http://bit.ly/normalsaline[/URL])[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 9. මූත්‍රා මනින්නේ ඇයි? කොච්චර පැය ගාණකට වරක් මූත්‍රා මනින්න ඕනද?[/SIZE] [SIZE=3] ශරීරයට අවශ්‍ය කරන තරල පරිමාව නිවැරදිව ලබා දීමෙන් ඊට සමානුපාතිකව මූත්‍රා නිපදවෙනවද කියලා බලන එක තමයි වාට්ටුවෙදි මූලිකවම කෙරෙන්නේ. නිවැරදි පරිමාවට මූත්‍රා නිපදවෙනවා කියන්නේ ශරීරයේ රුධිර සංසරණය හොඳින් සිදුවෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් පැය 3කට වරක් මුත්‍රා මැනීම ප්‍රමාණවත්. රෝගී තත්වය අනුව ඊට වඩා අඩු කාලයකදී මනින්නට සිදුවිය හැකියි. වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 10. දැන් ගත්ත ලේ එකේ රිපෝට් එක කොහොමද?[/SIZE] [SIZE=3] Full Blood Count එකක් machine එකෙන් process කිරීමට විනාඩි 10ක් පමණ ගතවන නමුත් ලේ ගැනීම, නලයට නිවැරදිව පුරවා ලේබල් කිරීම, ලැබ් එක වෙත ගෙනයාම සහ ලැබ් එකෙන් භාර ගැනීම වැනි කටයුතු බොහෝමයක් ඊට කලින් සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් හදිස්සි නොවන report එකක් ලැබීමට පැය 2-4ක් වැනි කාලයක් ගත වෙන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 11. දවසට ලේ කීපාරක් ගන්න ඕනද?[/SIZE] [SIZE=3] සාමාන්‍ය ඩෙංගු රෝගය සහිත රෝගියෙකුගෙන් දවසකට එක් වරක් හෝ දෙවරක් ලේ පරික්ෂා කිරීම ප්‍රමාණවත්. නමුත් ඩෙංගු රක්තපාත තත්වයේදී දවසකට තුන් වරකට වැඩි වාර සංඛ්‍යාවක් ලේ පරික්ෂා කරන්නට සිදුවිය හැකියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 12. මෙයාගේ platelets (පට්ටිකා) අඩු වෙන්නේ ඇයි?[/SIZE] [SIZE=3] ඩෙංගු වෛරසය පට්ටිකා නිපදවීම අඩු කරන අතර ඒවා විනාශ කිරීමට ක්‍රියා කරනවා. පට්ටිකා වගේම සුදු රුධිරාණුත් මුල් අවධියේදී අඩුවෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 13. පට්ටිකා වැඩි වෙන්න කන්න හොඳ කෑම මොනවද?[/SIZE] [SIZE=3] බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පට්ටිකා වැඩි කිරීමෙන් ඩෙංගු රෝගය සුව නොවේ. පට්ටිකා ප්‍රමාණය රෝග ක්‍රියාවලියේ එක් දර්ශකයක් පමණයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 14. එතකොට පැපොල් යුෂ?[/SIZE] [SIZE=3] එහෙම විශේෂ ආහාර වර්ගයක් අපි අනුමත කරන්නේ නෑ. පට්ටිකා ඉහළ යාමෙන් ඩෙංගු සුව වන්නේ නෑ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 15. එහෙනම් බොන්න හොඳ මොනවාද?[/SIZE] [SIZE=3] ජලය, ජීවනී ඇතුලු ඕනෑම තරල වර්ගයක්. නමුත් රතු, දුඹුරු, කලු පැහැති තරල ලබා නොදිය යුත්තේ ආහාර මාර්ගයෙන් සිදුවන හදිස්සි ලේ ගැලීමකදී (ලේ වමනය) හඳුනා ගැනීමට අපහසු වන නිසා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 16. ලේ අඩුවෙනවා නම් ලේ දෙන්නේ නැත්තේ ඇයි?[/SIZE] [SIZE=3] ඩෙංගු රක්තපාත තත්වයේ වඩා බරපතල අවස්ථාවන් හිදී ලේ පිටින් ලබාදීමට ඉතා කලාතුරකින් සිදුවිය හැකියි. පට්ටිකා පමණක් අඩුවුනා කියලා ලේ දෙන්න අවශ්‍ය නෑ. රුධිර ගැලීමක් ආරම්භ වුවහොත් පමණයි පට්ටිකා ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] 17. මෙයාට උණ හොඳ වෙලා දවස් 4ක් වෙලත් ටිකට් කපන් නැත්තේ ඇයි?[/SIZE] [SIZE=3] උණ හොඳ වීමෙන් ඩෙංගු රෝගය සුව වුනා කියන්න බෑ. විශේෂයෙන් ඩෙංගු රක්තපාත අවස්ථාවට ඇතුල් වීමේදීද උණ සුව වීම මූලික ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා රුධිර වාර්තා සාමාන්‍ය වනතුරු රෝහලේ සිටීම වැදගත්.[/SIZE] [SIZE=3] ඩෙංගු රක්තපාත තත්වය ගැන ලෙඩ්ඩුන්ට තිබුන ගැටලු ගැන ඊලඟ සතියේ සාකච්ඡා කරන්නම්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මම වගේම තවත් ලිපි ලියන වෛද්‍යවරු කීපදෙනෙක් සාමූහිකව එකතු වෙලා මේ දවස් වල ඩෙංගු රෝගය මැඩපවත්වන්න පෑනෙන් සටන් වදිනවා. අපේ මූලික අරමුණ ජනතාව ඩෙංගු රෝගය ගැන දැන ගත යුතු නිවැරදි කරුණු මෙන්ම අලුත් සොයා ගැනීම් ගැනත් ඔයාලව දැනුවත් කරන එක. මේ ලිපි සේරම [URL="https://www.facebook.com/nationaldengue.lk/?__tn__=KH-R&eid=ARBioVykjYGR7nfE91fB8uIcvJATBVsXcxD0OC2RzdaWck4x1JwmNLnulemCGPLVY2gDVhPtn5r_qHnn&fref=mentions&__xts__%5B0%5D=68.ARBlDbDLgOKjxYEwen4EhX9Mk9YvhyohSVjpzzy_Nz_34Bz8I0nr0ilYDvyjB2ZCrU36jx1yapY7QUpZi0K1zgkO123qs1ddU1_6mrkDgRpKSsKEZjJ2thUkju3H35tzMxQfHdoA-siOvRiMz4RZSSk9y0g4pKjpDNkmUy5B8AuDcxlvYKsW7sMy3SWSWKopHU4yMsfYniYczJ10pyJszQVZ1eHZO-W1d9P0kaFBQU_rXcV4viJymTDV8V0fJxsPLox7URMybobc7bSPW9PN8fTH0JGCq48FzHK9LJO0SKKsB58HbcCsE0MkqimPgZ33WO1PYouihoMWtG1NRfNMNPMORS9pFKzpec7Q4yQEVKj5tFgqKQ5Ae5RL89aSM-Ecn51YIrJk_SNxWcSD2BXtgumWDGzxGKUG43d0JtV1_ut335NsZkCrIBPXX1jdfFoh8uipEmWdRykoNDH60e0eQFTwJkdAAfRWVENLu2J8qxywTA_Kk8o-YEdRDG7X"]National Dengue Control Unit,Sri Lanka[/URL] පිටුව හරහා කියවන්න පුලුවන්.[/SIZE] [SIZE=3] තවත් ඔබට ඩෙංගු ගැන තියෙන උත්තර නැති ගැටලු වලට අපි උත්තර දෙන්න සූදානම්. අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] වෛද්‍ය චන්දිම ජයසිංහ [29-12-2019][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom