Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව

ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව

බම්බු ගහන්නද ලෙඩකට දෙන්නේ නැතුව

තරංගා කුමාරි වික්‍රමසූරිය

අපි කුඩා කල 'හීන් සැරය' කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක් වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක් කරගන්නට තරම් දක්ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු 'හීන් සැරයක්' නොව 'මාරක සැරයකි'. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද, අගමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට 'ඩෙංගු'ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක් වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක් උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක් මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි.

මේ දිනවල නැවතත් දිගින් දිගටම ඩෙංගු මරණ වාර්තා වන්නේය. සිය ගණනින් ඩෙංගු රෝගීන් වාර්තාවන්නේය. එය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇත්තේය. එහෙත් ඇගෙන් ප්‍රතිකාර ගත් කිසිවෙකු ඩෙංගු මාරයට ගොදුරු වූ බවක් අපි අසා නැත්තෙමු. ඒ ප්‍රතිකාරය අත්දුටුය. ප්රත්යක්ෂය. නමුත් මොකක් හෝ කරුමයක් හේතුවෙන් මේ සා ජාතික ව්‍යසනයකදී ඒ සා වටින ඇගේ ප්‍රතිකාරය ජාතික මට්ටමෙන් යොදාගැනීමට අප තවමත් අපොහොසත්ය. ඇගේ බෙහෙත බටහිර වෛද්‍ය විද්‍යාව මත රැඳුණු රජයේ රෝහල් පද්ධතියට 'වහ කදුරුය'. ඩෙංගු රක්තපාතයට ගොදුරුව ශරීරය අභ්‍යන්තරයට රුධිරය කාන්දුවද්දී ජීවිතය යදින රෝගියාට ජීවිතය ලබාදෙනු වෙනුවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අන්ධ වූ සමහරක් වෙදැදුරෝ සම්බාධක පනවති. මේ ඉසිවර වෙදදුවගේ බෙහෙත 'අරහං' ඔවුහු එය ලබාගතහොත් තමන් රෝගියාට වගකියන්නේ නැතැයි තර්ජනය කරති. සැබැවින්ම එය මරණ තර්ජනයකි. අවසානයේ අසරණ රෝගීන් මරුට බිලිවෙයි. එහෙත් එහිදී ප්‍රතිකාර වලකමින් 'මරු කියවූ' පොල්පොට් දොස්තරලා බකන් නිලා සිටිති. උන් මාරයාට කත් අදිති. ජීවිත බිලිදෙති. බක පණ්ඩිත කතා කියමින් ප්‍රතිකාර වැලකූ මේ පොල්පොට් දොස්තරලා වගේ වගක් නැතිව මාරයාගේ ඊළඟ බිල්ලට රෝගියෙකු සූදානම් කරති.

මේ සියල්ල මෙසේ සිදුවද්දී ආණ්ඩුව 'වෙන දෙයක් වෙන්නට දී' කිසිවක් නොදුටු අයුරින් ඔහේ සිටියි. මේ කුමන 'මළ විකාරයක් 'දැයි අපටත් සිතාගත නොහැකිය. දිනෙන් දිනම ඩෙංගු රෝගයට ගොදුරුවන ජාතියේ මළගම ඉදිරියේ ආණ්ඩුවත් ගත යුතු පියවර අමතක කොට (මළ) විකාර කරමින් සිටින්නේ ඇයිදැයි ඇයවත් දන්නවා ඇතිද?

අපි වෛද්‍ය තරංගා කුමාරිව ඇමතීමු. ඇගේ ජංගම දුරකථනය ක්‍රියාත්මකය. එහෙත් පිළිතුරු රහිතය. දිගින් දිගටම එසේය. බැරිම තැන කෙටි පණිඩුයක් තැබීමු. පසුදින ඇය අප ඇමතුවාය. 'අනේ මම හරියටම හවස 6 ට ගන්නද?' වෙහෙසකර කටහඬින් පණිවුඩයක් ලැබිණි. කියූ වේලාවට ඇමතුමක් නොලද තැන අපි නැවතත් ඇය ඇමතීමූ. 'අනේ අමතක වුණා නෙමෙයි. කථාකරගන්න ඉස්පාසුවක් නැහැ. තරහ නැතිනම් මට හතහමාර වෙනකම් කල් දෙනවද?' දැන් ඇගේ හඬ තවත් මළානිකය. අවසානයේ වෛද්‍යවරියට ඉස්පාසුවක් ලැබෙන විට රෑ 8 ත් පසුවී තිබුණි. ඇගේ කටහඬ කෙඳිරියක් බඳුය.

'හොඳටම මහන්සි පාටයි.....'

අපි කථාවට පිවිසුනෙමු.

'ඒ ගැන මොනවා අහනවද. හුඟක් දවස්වල උදේ 5.30 ට පටන් ගත්තහම රෑ 10 වෙනකනුත් බෙහෙත් දෙනවා. ඒ කරලා ඇවිල්ලා නිදියගන්නවත් නෑ. දුර පළාත්වල ඉඳලා බෙහෙත් හොයාගෙන සමහරු රෑ 12 ටත් එනවා. ලෙඩෙක් මැරෙන්න වැටිලා ඉන්නවා කියල මං ළඟට ඇවිත් කිව්වහම මම කොහොමද බලාගෙන ඉන්නේ. ඉතින් රැයක් දවාලක් නැහැ. නිදහසක් නෑ. සාමාන්‍ය ජීවිතයක් නෑ. සමහරක් වෙලාවට ජීවිතයම එපා වෙනවා. ඒත් ඉතින් කොච්චර වෙහෙස වුණත් 'මගේ දරුවා බේරුණා' කියලා අම්මා කෙනෙක් ඇවිත් කිව්වහම මට ආයෙත් පණ එනවා'

ඇගේ ස්වරයේ අතිශෝක්තියක් නම් නැත්තේය. ඇත්තේ ඇගේ යථාර්ථයම පමණි.

'ඇයි ඔබතුමිය ඔය විදිහට වෙහෙසෙන්නේ? මොකද මේ බෙහෙත ලංකාවේ ඕනෑම තැනකින් ගන්න පුළුවන් විදිහට බෙදාහරින්නේ නැත්තේ? එහෙම කළා නම් ඔබතුමියට මෙතෙක් කරගෙන ආපු සර්වාංග වෙදකම සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්නේ?'

මේ වන විට ඇයට සර්වාංග වෛද්‍යවරියකගේ කාර්යයට කල් වේලා නැති තරමටම ඩෙංගු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුව තිබේ.

'මට දැන් මේ බෙහෙතට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. පේටන්ට් එකත් ලැබිලා තිබෙනවා. ඇත්තටම මේක ලංකාවෙ µdමසි වලින් බෙදන්න ක්‍රමයක් හදන්න පුළුවන්. ඒත් එහෙම නෙමෙයි. සල්ලි නැති දුප්පත් මනුස්සයෙක්ට ලංකාවෙ ඉස්පිරිතාලයකින් මේ බෙහෙත නොමිලේ ගන්න පුළුවන් තැනට එන්න ඕනා. මම මේ බෙහෙත µdමසිවලට දැම්මොත්, කවදාවත් මේක ඉස්පිරිතාලෙකින් ගන්න තියෙන එක වැලකිලා මේක හැමදාම මුදලට විකිණෙන බෙහෙතක් වේවි. මම ඒකට කැමති නැහැ. ඒකයි මම මේ බලාගෙන ඉන්නේ'

කිසිවිටෙකත් මුදලට යට නොවූ, විටෙක ප්‍රතිකාර බලාගෙන එන රෝගියාට ගමන් වියදම පවා දෙන මේ 'පිංවතිය' ඒ දිනය එනතුරු බලා සිටියි.

එහෙත් කොපමණ කලක් එසේ බලා සිටින්නද? මේ බෙහෙත රජයේ රෝහලක සාමාන්‍ය බෙහෙතක් නොවෙන්නේ මන්ද?

'ඒ වෙනුවෙන් 'සායනික පරීක්ෂණය' කියලා දෙයක් පළමුවෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ රෝහලක ඉන්න ලෙඩ්ඩු 60 ක් අරගෙන ඒ අයගෙන් භාගයකට (30 කට) බටහිර ඖෂධ දීලා, අනෙක් 30 ට අපි හොයාගත්තු බෙහෙත දෙන්න ඕනා. ඊට පස්සෙ ඒ අය සුවවන ස්වභාවය සටහන් කරගන්න ඕනේ. අපේ බෙහෙතේ ප්‍රතිඵල වැඩියි නම් ඒ ගැන බටහිර වෛද්‍ය සභාවට වාර්තා සහිතව දන්වන්න ඕනේ'

මේ කියන සායනික පරීක්ෂණය කිසිවෙකු ඇයට ලබාදෙන්නේ නැත. සෞඛ්‍ය ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම්වරියක්ද මේ බෙහෙතේ ප්‍රතිඵල ලබා ඇති සෞඛ්‍ය ඇමතිතුමාද මේ බෙහෙත ගැන 'නෑසූ කන්ව' සිටියි.. මේ ගැන යෝජනාවක් ලි�තව ගොනුකර, ඇය ජනපතිතුමාටම දී මාසයක් පමණ කල් ගතව තිබේ. නමුත් ප්‍රතිචාර නැත.

'ඇයි මෙහෙම වෙන්නේ. බටහිර වෛද්‍යවරුන්ට මේ බෙහෙත 'වහ කදුරු' වගේ නේද?'

අපි සෘජුවම ඇගෙන් ඇසීමු.

'හැම කෙනෙක්ටම එහෙම නෙමෙයි. මං ළඟට රෝගීන්ව එවන බටහිර වෛද්‍යවරුත් ඉන්නවා. ඒත් සමහරු එහෙම නෙමෙයි. පහුගිය දවසක අවුරුදු දෙකහමාරක දරුවෙක්ට මේ බෙහෙත අරගෙන ගියා. ඒත් දොස්තර මහත්තුරු බෙහෙත දෙන්න දීලා නැහැ. එහෙම කළොත් ඒ අය වගකියන්නේ නෑ කීවලු. අන්තිමේදි දරුවා නැතිවුණා. එතකොට ඒ මරණයට වගකියන්නේ කව්ද? අනික මරණයකට වගකියලා ඇති වැඩේ මොකක්ද?'

හිපොක්‍රටීස්ගේ වෛද්‍ය උපාධිය ලැබ, සාතන් ඉදිරියේ දිව්රුම් දුන් එහෙව් වෛද්‍යවරුන්ට මේ බෙහෙත නොරිස්සීම අරුමයක් නොවේ. එහෙත් මේ ඔසුවේ අගය දත්තෝ ජීවිතය රැකගනිති.

'ඇත්තටම දැනට ඔබතුමියගේ බෙහෙතෙන් ජීවිත කීයක් විතර බේරලා තියෙනවද?'

ඇය දුන්නේ සෘජු පිළිතුරකි.

'බෙහෙත පාවිච්චි කරපු එක්කෙනෙක්වත් මැරුණේ නැහැ කියලා හොඳටම විශ්වාසයි'

එය මාරයාට කළ අභියෝගයක් බඳුය.

'සමහරු එනවා ප්ලේට්ලට් 3000 දක්වා බැහැලා. ළඟදි දවසක රත්නපුරේ ප්‍රසිද්ධ ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් ඒ තත්ත්වෙන් ආවා. ඒත් මේ හැමකෙනෙක්ම බේරුණා'

මේ අතරවාරයේ අප කථාවට බාධාවක් වන්නේය.

'අනේ මගෙන් බෙහෙත් ගත්තු කෙනෙක් කෝල් එකක් දෙනවා. විනාඩි කීපයක් දෙනවාද?'

අපේ දුරකථන ඇමතුම අතරින් ලද එම ඇමතුම පත්තරයකට කථා කරනවාට වඩා ඇයට වැදගත් විය. ඇය රෝගියකුට මොන තරම් ප්රමුඛත්වයක් දෙනවාද යන්න අපට දැන් තහවුරුය. ඇය නැවත විනාඩි කිහිපයකින් නැවතත් අපේ දුරකථනයට සම්බන්ධ වූවාය.

'මනමාලියෙක් කථා කළේ. එයාගෙ වෙඩින් එක ළඟටම ඇවිත් එයාට ඩෙංගු හැදුණා. බෙහෙත් වලට සුවවෙලා එයා වෙඩින් එකත් අරගෙන'

ඒ ඉසිවරියගේ තවත් ආශ්චර්යකට ලද ප්රතිචාරයකි.

'පිට රටවලින් එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද මේ බෙහෙතට?'

අපි එසේ ඇසුවේ අපට නොවටිනා අපේ දේ පිටරැටියන්ට අගේ බව දන්නා බැවිනි.

'නැත්තේ නැහැ. පහුගිය කාලේ කැනඩාවේ මහාචාර්ය කෙනෙක් ලංකාවට ඇවිත් සති කීපයක් නැවතිල ඉඳගෙන උත්සහ කළා මාව ඒ රටට ගෙන්වගන්න. ජෙට් එකක් එවන්නම් කිව්වා එහෙට එනවා නම්. ඒත් මේක මගෙ රට. මගෙ වෙද පරපුර රැඳුණු තැන. මට එහෙම යන්න ඕනේ නැහැ. මේ බෙහෙත ලෝකෙට විකුණගන්න තැනට ලංකාවට එන්න පුළුවන් වුණොත් හිතාගන්නත් බැරි තරම් විදේශ විනිමයක් අපේ රටට ගෙනෙන්න පුළුවන්. ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා'

මාරයාට අභියෝග කරන ඖෂධයක ජාත්‍යන්තර වටිනාකම කොපමණක්ද? එහෙත් මේ වටිනාකම දන්නා එක මොළගෙඩියක්වත් දියවන්නාවේ වන රැස්වීම් ශාලාවේ සිටිත්ද? ඒ උන්ගේ බඩගෙඩිය වඩා ගන්නට තරම් දෙයක් මේ බෙහෙත තුළ නැති නිසාද?

'ඇමැතිවරු ඕනේ තරම් ඇවිත් ඒ අයගෙ රෝගීන්ට බෙහෙත් අරගෙන යනවා. උදව් කරන්නම් කියලත් කියනවා. ඒත් සාලින්ද දිසානායක ඇමැතිතුමා විතරයි උපකාරයක් කළේ. ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න එතුමා ගොඩක් උපකාර කළා'

ඇගේ බෙහෙතේ ගුණය පමණක් නොව කෙළෙහි ගුණයද ඇය සතුය. එහෙත් ජාතියට ඇය සොයාදුන් දිව ඔසුව වෙනුවෙන් ජාතිය ඇයට කෙළෙහි ගුණ දැක්වුවාද යන්න අපට පැනයකි. එහෙත් ඇය විශ්වාසය තබා සිටියි. ජනාධිපතිතුමාට භාරදුන් යෝජනාවට එතුමා ඉක්මන් ප්‍රතිචාර දක්වනු ඇතැයි මේ ඉසිවර දියණිය බලාපොරොත්තු තබා සිටින්නීය. ජනපතිතුමා පමණක් නොව කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිහඬව අනගි මෙහෙයක් කරන ජනපති ආර්යාවද ඇගේ පරපුරේ මේ දියණිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපි විශ්වාස කරමු.

එක්දහස් හත්සිය ගණන්වලින්ද ඔබ්බට ගිය මව්පස වෙද පරම්පරාවක සහ සර්ප වෙදකමෙහි කෙළපැමිණි පියපස වෙද පරම්පාරවක උරුමය මිටින් ගෙන උපන් මේ ඉසිවර දියණිය ඇගේ මුළු ජීවිතයම මරණීය ලෙඩරෝග වලට ප්‍රතිකාර පිණිස කැපකර ඇති සැටියකි. ඇය අප සමග සංවාදය අවසන් කළේ විසඳාගත නොහැකිව සිටි පිළිතුරට ධර්මය සමග සැබැවින්ම සැසඳෙන පිළිතුරක් දෙමිනි.

'අපිට බෙහෙත කරන්න පුළුවන් වුණත් බෙහෙතක් තියාගෙන මිනිස්සු මැරෙන්නේ, කර්මය වෙනස් කරන්න අපිට බැරි නිසා වෙන්න ඇති'

සැබැවි. බෙහෙතක් තබාගෙන මිනිසුන් මියයන්නේ කරුමයටමය. අපි තවමත් කරුමක්කාර රටකි.

(වෛද්‍ය තරංගා කුමාරි වික්රමසූරියගේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක 091-7914202 ඔස්සේ විස්තර විමසිය හැක.)

ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2014/06/08/feature20.html

බෙහෙත් තියාගෙන ළමයි මිනිස්සු කොච්චර මැරුණද ? දන්නා අය කරදරේ වැටිලා ඉන්නවානම් දැනුවත් කරන්න

[QUOTE="bohokal, post: 16753065, member: 10276"] [b]ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව[/b] [SIZE="4"]ඩෙංගු මරුවා පරදා තැනු දිව ඔසුව බම්බු ගහන්නද ලෙඩකට දෙන්නේ නැතුව තරංගා කුමාරි වික්‍රමසූරිය අපි කුඩා කල 'හීන් සැරය' කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක් වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක් කරගන්නට තරම් දක්ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු 'හීන් සැරයක්' නොව 'මාරක සැරයකි'. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද, අගමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට 'ඩෙංගු'ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක් වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක් උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක් මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි. මේ දිනවල නැවතත් දිගින් දිගටම ඩෙංගු මරණ වාර්තා වන්නේය. සිය ගණනින් ඩෙංගු රෝගීන් වාර්තාවන්නේය. එය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇත්තේය. එහෙත් ඇගෙන් ප්‍රතිකාර ගත් කිසිවෙකු ඩෙංගු මාරයට ගොදුරු වූ බවක් අපි අසා නැත්තෙමු. ඒ ප්‍රතිකාරය අත්දුටුය. ප්රත්යක්ෂය. නමුත් මොකක් හෝ කරුමයක් හේතුවෙන් මේ සා ජාතික ව්‍යසනයකදී ඒ සා වටින ඇගේ ප්‍රතිකාරය ජාතික මට්ටමෙන් යොදාගැනීමට අප තවමත් අපොහොසත්ය. ඇගේ බෙහෙත බටහිර වෛද්‍ය විද්‍යාව මත රැඳුණු රජයේ රෝහල් පද්ධතියට 'වහ කදුරුය'. ඩෙංගු රක්තපාතයට ගොදුරුව ශරීරය අභ්‍යන්තරයට රුධිරය කාන්දුවද්දී ජීවිතය යදින රෝගියාට ජීවිතය ලබාදෙනු වෙනුවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අන්ධ වූ සමහරක් වෙදැදුරෝ සම්බාධක පනවති. මේ ඉසිවර වෙදදුවගේ බෙහෙත 'අරහං' ඔවුහු එය ලබාගතහොත් තමන් රෝගියාට වගකියන්නේ නැතැයි තර්ජනය කරති. සැබැවින්ම එය මරණ තර්ජනයකි. අවසානයේ අසරණ රෝගීන් මරුට බිලිවෙයි. එහෙත් එහිදී ප්‍රතිකාර වලකමින් 'මරු කියවූ' පොල්පොට් දොස්තරලා බකන් නිලා සිටිති. උන් මාරයාට කත් අදිති. ජීවිත බිලිදෙති. බක පණ්ඩිත කතා කියමින් ප්‍රතිකාර වැලකූ මේ පොල්පොට් දොස්තරලා වගේ වගක් නැතිව මාරයාගේ ඊළඟ බිල්ලට රෝගියෙකු සූදානම් කරති. මේ සියල්ල මෙසේ සිදුවද්දී ආණ්ඩුව 'වෙන දෙයක් වෙන්නට දී' කිසිවක් නොදුටු අයුරින් ඔහේ සිටියි. මේ කුමන 'මළ විකාරයක් 'දැයි අපටත් සිතාගත නොහැකිය. දිනෙන් දිනම ඩෙංගු රෝගයට ගොදුරුවන ජාතියේ මළගම ඉදිරියේ ආණ්ඩුවත් ගත යුතු පියවර අමතක කොට (මළ) විකාර කරමින් සිටින්නේ ඇයිදැයි ඇයවත් දන්නවා ඇතිද? අපි වෛද්‍ය තරංගා කුමාරිව ඇමතීමු. ඇගේ ජංගම දුරකථනය ක්‍රියාත්මකය. එහෙත් පිළිතුරු රහිතය. දිගින් දිගටම එසේය. බැරිම තැන කෙටි පණිඩුයක් තැබීමු. පසුදින ඇය අප ඇමතුවාය. 'අනේ මම හරියටම හවස 6 ට ගන්නද?' වෙහෙසකර කටහඬින් පණිවුඩයක් ලැබිණි. කියූ වේලාවට ඇමතුමක් නොලද තැන අපි නැවතත් ඇය ඇමතීමූ. 'අනේ අමතක වුණා නෙමෙයි. කථාකරගන්න ඉස්පාසුවක් නැහැ. තරහ නැතිනම් මට හතහමාර වෙනකම් කල් දෙනවද?' දැන් ඇගේ හඬ තවත් මළානිකය. අවසානයේ වෛද්‍යවරියට ඉස්පාසුවක් ලැබෙන විට රෑ 8 ත් පසුවී තිබුණි. ඇගේ කටහඬ කෙඳිරියක් බඳුය. 'හොඳටම මහන්සි පාටයි.....' අපි කථාවට පිවිසුනෙමු. 'ඒ ගැන මොනවා අහනවද. හුඟක් දවස්වල උදේ 5.30 ට පටන් ගත්තහම රෑ 10 වෙනකනුත් බෙහෙත් දෙනවා. ඒ කරලා ඇවිල්ලා නිදියගන්නවත් නෑ. දුර පළාත්වල ඉඳලා බෙහෙත් හොයාගෙන සමහරු රෑ 12 ටත් එනවා. ලෙඩෙක් මැරෙන්න වැටිලා ඉන්නවා කියල මං ළඟට ඇවිත් කිව්වහම මම කොහොමද බලාගෙන ඉන්නේ. ඉතින් රැයක් දවාලක් නැහැ. නිදහසක් නෑ. සාමාන්‍ය ජීවිතයක් නෑ. සමහරක් වෙලාවට ජීවිතයම එපා වෙනවා. ඒත් ඉතින් කොච්චර වෙහෙස වුණත් 'මගේ දරුවා බේරුණා' කියලා අම්මා කෙනෙක් ඇවිත් කිව්වහම මට ආයෙත් පණ එනවා' ඇගේ ස්වරයේ අතිශෝක්තියක් නම් නැත්තේය. ඇත්තේ ඇගේ යථාර්ථයම පමණි. 'ඇයි ඔබතුමිය ඔය විදිහට වෙහෙසෙන්නේ? මොකද මේ බෙහෙත ලංකාවේ ඕනෑම තැනකින් ගන්න පුළුවන් විදිහට බෙදාහරින්නේ නැත්තේ? එහෙම කළා නම් ඔබතුමියට මෙතෙක් කරගෙන ආපු සර්වාංග වෙදකම සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්නේ?' මේ වන විට ඇයට සර්වාංග වෛද්‍යවරියකගේ කාර්යයට කල් වේලා නැති තරමටම ඩෙංගු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුව තිබේ. 'මට දැන් මේ බෙහෙතට ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබිලා තිබෙනවා. පේටන්ට් එකත් ලැබිලා තිබෙනවා. ඇත්තටම මේක ලංකාවෙ µdමසි වලින් බෙදන්න ක්‍රමයක් හදන්න පුළුවන්. ඒත් එහෙම නෙමෙයි. සල්ලි නැති දුප්පත් මනුස්සයෙක්ට ලංකාවෙ ඉස්පිරිතාලයකින් මේ බෙහෙත නොමිලේ ගන්න පුළුවන් තැනට එන්න ඕනා. මම මේ බෙහෙත µdමසිවලට දැම්මොත්, කවදාවත් මේක ඉස්පිරිතාලෙකින් ගන්න තියෙන එක වැලකිලා මේක හැමදාම මුදලට විකිණෙන බෙහෙතක් වේවි. මම ඒකට කැමති නැහැ. ඒකයි මම මේ බලාගෙන ඉන්නේ' කිසිවිටෙකත් මුදලට යට නොවූ, විටෙක ප්‍රතිකාර බලාගෙන එන රෝගියාට ගමන් වියදම පවා දෙන මේ 'පිංවතිය' ඒ දිනය එනතුරු බලා සිටියි. එහෙත් කොපමණ කලක් එසේ බලා සිටින්නද? මේ බෙහෙත රජයේ රෝහලක සාමාන්‍ය බෙහෙතක් නොවෙන්නේ මන්ද? 'ඒ වෙනුවෙන් 'සායනික පරීක්ෂණය' කියලා දෙයක් පළමුවෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ රෝහලක ඉන්න ලෙඩ්ඩු 60 ක් අරගෙන ඒ අයගෙන් භාගයකට (30 කට) බටහිර ඖෂධ දීලා, අනෙක් 30 ට අපි හොයාගත්තු බෙහෙත දෙන්න ඕනා. ඊට පස්සෙ ඒ අය සුවවන ස්වභාවය සටහන් කරගන්න ඕනේ. අපේ බෙහෙතේ ප්‍රතිඵල වැඩියි නම් ඒ ගැන බටහිර වෛද්‍ය සභාවට වාර්තා සහිතව දන්වන්න ඕනේ' මේ කියන සායනික පරීක්ෂණය කිසිවෙකු ඇයට ලබාදෙන්නේ නැත. සෞඛ්‍ය ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම්වරියක්ද මේ බෙහෙතේ ප්‍රතිඵල ලබා ඇති සෞඛ්‍ය ඇමතිතුමාද මේ බෙහෙත ගැන 'නෑසූ කන්ව' සිටියි.. මේ ගැන යෝජනාවක් ලි�තව ගොනුකර, ඇය ජනපතිතුමාටම දී මාසයක් පමණ කල් ගතව තිබේ. නමුත් ප්‍රතිචාර නැත. 'ඇයි මෙහෙම වෙන්නේ. බටහිර වෛද්‍යවරුන්ට මේ බෙහෙත 'වහ කදුරු' වගේ නේද?' අපි සෘජුවම ඇගෙන් ඇසීමු. 'හැම කෙනෙක්ටම එහෙම නෙමෙයි. මං ළඟට රෝගීන්ව එවන බටහිර වෛද්‍යවරුත් ඉන්නවා. ඒත් සමහරු එහෙම නෙමෙයි. පහුගිය දවසක අවුරුදු දෙකහමාරක දරුවෙක්ට මේ බෙහෙත අරගෙන ගියා. ඒත් දොස්තර මහත්තුරු බෙහෙත දෙන්න දීලා නැහැ. එහෙම කළොත් ඒ අය වගකියන්නේ නෑ කීවලු. අන්තිමේදි දරුවා නැතිවුණා. එතකොට ඒ මරණයට වගකියන්නේ කව්ද? අනික මරණයකට වගකියලා ඇති වැඩේ මොකක්ද?' හිපොක්‍රටීස්ගේ වෛද්‍ය උපාධිය ලැබ, සාතන් ඉදිරියේ දිව්රුම් දුන් එහෙව් වෛද්‍යවරුන්ට මේ බෙහෙත නොරිස්සීම අරුමයක් නොවේ. එහෙත් මේ ඔසුවේ අගය දත්තෝ ජීවිතය රැකගනිති. 'ඇත්තටම දැනට ඔබතුමියගේ බෙහෙතෙන් ජීවිත කීයක් විතර බේරලා තියෙනවද?' ඇය දුන්නේ සෘජු පිළිතුරකි. 'බෙහෙත පාවිච්චි කරපු එක්කෙනෙක්වත් මැරුණේ නැහැ කියලා හොඳටම විශ්වාසයි' එය මාරයාට කළ අභියෝගයක් බඳුය. 'සමහරු එනවා ප්ලේට්ලට් 3000 දක්වා බැහැලා. ළඟදි දවසක රත්නපුරේ ප්‍රසිද්ධ ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් ඒ තත්ත්වෙන් ආවා. ඒත් මේ හැමකෙනෙක්ම බේරුණා' මේ අතරවාරයේ අප කථාවට බාධාවක් වන්නේය. 'අනේ මගෙන් බෙහෙත් ගත්තු කෙනෙක් කෝල් එකක් දෙනවා. විනාඩි කීපයක් දෙනවාද?' අපේ දුරකථන ඇමතුම අතරින් ලද එම ඇමතුම පත්තරයකට කථා කරනවාට වඩා ඇයට වැදගත් විය. ඇය රෝගියකුට මොන තරම් ප්රමුඛත්වයක් දෙනවාද යන්න අපට දැන් තහවුරුය. ඇය නැවත විනාඩි කිහිපයකින් නැවතත් අපේ දුරකථනයට සම්බන්ධ වූවාය. 'මනමාලියෙක් කථා කළේ. එයාගෙ වෙඩින් එක ළඟටම ඇවිත් එයාට ඩෙංගු හැදුණා. බෙහෙත් වලට සුවවෙලා එයා වෙඩින් එකත් අරගෙන' ඒ ඉසිවරියගේ තවත් ආශ්චර්යකට ලද ප්රතිචාරයකි. 'පිට රටවලින් එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද මේ බෙහෙතට?' අපි එසේ ඇසුවේ අපට නොවටිනා අපේ දේ පිටරැටියන්ට අගේ බව දන්නා බැවිනි. 'නැත්තේ නැහැ. පහුගිය කාලේ කැනඩාවේ මහාචාර්ය කෙනෙක් ලංකාවට ඇවිත් සති කීපයක් නැවතිල ඉඳගෙන උත්සහ කළා මාව ඒ රටට ගෙන්වගන්න. ජෙට් එකක් එවන්නම් කිව්වා එහෙට එනවා නම්. ඒත් මේක මගෙ රට. මගෙ වෙද පරපුර රැඳුණු තැන. මට එහෙම යන්න ඕනේ නැහැ. මේ බෙහෙත ලෝකෙට විකුණගන්න තැනට ලංකාවට එන්න පුළුවන් වුණොත් හිතාගන්නත් බැරි තරම් විදේශ විනිමයක් අපේ රටට ගෙනෙන්න පුළුවන්. ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා' මාරයාට අභියෝග කරන ඖෂධයක ජාත්‍යන්තර වටිනාකම කොපමණක්ද? එහෙත් මේ වටිනාකම දන්නා එක මොළගෙඩියක්වත් දියවන්නාවේ වන රැස්වීම් ශාලාවේ සිටිත්ද? ඒ උන්ගේ බඩගෙඩිය වඩා ගන්නට තරම් දෙයක් මේ බෙහෙත තුළ නැති නිසාද? 'ඇමැතිවරු ඕනේ තරම් ඇවිත් ඒ අයගෙ රෝගීන්ට බෙහෙත් අරගෙන යනවා. උදව් කරන්නම් කියලත් කියනවා. ඒත් සාලින්ද දිසානායක ඇමැතිතුමා විතරයි උපකාරයක් කළේ. ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න එතුමා ගොඩක් උපකාර කළා' ඇගේ බෙහෙතේ ගුණය පමණක් නොව කෙළෙහි ගුණයද ඇය සතුය. එහෙත් ජාතියට ඇය සොයාදුන් දිව ඔසුව වෙනුවෙන් ජාතිය ඇයට කෙළෙහි ගුණ දැක්වුවාද යන්න අපට පැනයකි. එහෙත් ඇය විශ්වාසය තබා සිටියි. ජනාධිපතිතුමාට භාරදුන් යෝජනාවට එතුමා ඉක්මන් ප්‍රතිචාර දක්වනු ඇතැයි මේ ඉසිවර දියණිය බලාපොරොත්තු තබා සිටින්නීය. ජනපතිතුමා පමණක් නොව කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිහඬව අනගි මෙහෙයක් කරන ජනපති ආර්යාවද ඇගේ පරපුරේ මේ දියණිය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපි විශ්වාස කරමු. එක්දහස් හත්සිය ගණන්වලින්ද ඔබ්බට ගිය මව්පස වෙද පරම්පරාවක සහ සර්ප වෙදකමෙහි කෙළපැමිණි පියපස වෙද පරම්පාරවක උරුමය මිටින් ගෙන උපන් මේ ඉසිවර දියණිය ඇගේ මුළු ජීවිතයම මරණීය ලෙඩරෝග වලට ප්‍රතිකාර පිණිස කැපකර ඇති සැටියකි. ඇය අප සමග සංවාදය අවසන් කළේ විසඳාගත නොහැකිව සිටි පිළිතුරට ධර්මය සමග සැබැවින්ම සැසඳෙන පිළිතුරක් දෙමිනි. 'අපිට බෙහෙත කරන්න පුළුවන් වුණත් බෙහෙතක් තියාගෙන මිනිස්සු මැරෙන්නේ, කර්මය වෙනස් කරන්න අපිට බැරි නිසා වෙන්න ඇති' සැබැවි. බෙහෙතක් තබාගෙන මිනිසුන් මියයන්නේ කරුමයටමය. අපි තවමත් කරුමක්කාර රටකි. (වෛද්‍ය තරංගා කුමාරි වික්රමසූරියගේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා දුරකථන අංක 091-7914202 ඔස්සේ විස්තර විමසිය හැක.) ඉන්ද්‍රජිත් සුබසිංහ[/SIZE] [url]http://www.divaina.com/2014/06/08/feature20.html[/url] [SIZE="4"]බෙහෙත් තියාගෙන ළමයි මිනිස්සු කොච්චර මැරුණද ? දන්නා අය කරදරේ වැටිලා ඉන්නවානම් දැනුවත් කරන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom