Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copyright

https://rasikalogy.blogspot.com/2025/10/all-are-equal-but-some-are-more-equal.html

තමන් රාජකාරි කරන රෝහල්වලින් හා වෙනත් ආයතන වලින් නිකුත් කරන “කාර් පාස්” එක වාහනවල අලවාගෙන යාම තහනම් කිරීමත් සමඟම බොහෝ වෛද්‍යවරුන්ගේ සිත් රිදී ඇති බව ෆේස්බුක් එකේ ලියැවෙන දේ කියවන අපට පෙනේ. මෙයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොට ඇති වෛද්‍යවරුන් අතර මාලිමාවට සහයෝගයදුන් වෛද්‍යවරුන්ද සිටීම අපව පුදුමයට පත්කරයි. එසේ අපව පුදුමයට පත්කරන්නේ වෙන කිසිවක් නිසා නොව ප්රජාතන්ත්රවාදී දියුණු රටක් ඇති කිරීම සඳහා “සිස්ටම් චේන්ජ්” කිරීමට පොරොන්දු දුන් මාලිමා ආණ්ඩුවේ ව්‍යායාමයේ එක පියවරක් ලෙස මෙසේ සමාජයේ යම් පන්තියකට තම පන්තියේ වරප්‍රසාද අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් කරන මේ සද්ක්‍රියාවට ඔවුන් විරුද්ධ වන්නේ කෙසේදැයි මාලිමාට සහයෝගයක් නොදුන් අප වැනි අය කල්පනා කරනවිට ය.

මා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ලංකාවේ කාලයක් සේවය කොට දැන් එක්සත් රාජධානියේ සේවය කරමි. ප්රජාතන්ත්රවාදී දියුණු රටක් යනුවෙන් මාලිමා ආණ්ඩුව අදහස් කළේ එක්සත් රාජධානිය වැනි රටක් යයි සිතමි. මෙහි වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද නැත. අපේ වාහන වල අලවාගෙන යාමට “ඩොක්ටර්ස් පාස්” නැත. අප රාජකාරි කරන රෝහල්වල එහි රාජකාරී කරන සේවකයන්ට වෙන්වූ රථගාල්ද, රෝහලට එන රෝගීන්ට හා අමුත්තන්ට වෙනම රථගාල් ද ඇත. වෛද්‍යවරුන්ට කියා වෙනම “කාර් පාක්” නොමැත. සමහර රෝහල්වල වෛද්‍යවරුන් තමන්ගේ වාහන නැවත්වීමේ අයිතිය සඳහා මාසිකව හෝ වාර්ෂිකව ගාස්තුවක් ගෙවිය යුතුය. (සේවකයින් හා අමුත්තන් තමන්ගේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු ගෙවනවාද නැද්ද යන්න එක්සත් රාජධානියේ රටින් රටට හා රෝහලින් රෝහලට වෙනස්වේ.)

දිනක් මා සේවය කරන රෝහලෙන් පිට රෝහලකට රාජකාරී වැඩකට ගියෙමි. රෝහලේ ප්‍රධාන දොරටුව අබියසම ඇති අමුත්තන්ගේ රථගාලට මම මගේ වාහනය හැරවූයෙමි. එහි ස්වයංක්‍රිය බාධකයට මා ළං වූ විගසම, රෝහලේ රාජකාරි කරන සේවයකු පැමිණ මා කොහේ යන්නේ දැයි විමසා සිටියේය. මා ඇඳ සිටි නිල් පැහැති “ස්ක්‍රබ්ස්” නිසා මා කාර්ය මණ්ඩලයේ අයකු බව ඔහු දැක ඔහු පැමිණි බව පසුව මම තේරුම් ගතිමි. ඔහුට මා වෛද්‍යවරයකු බව ද මා පැමිණි කාරණය ද පැහැදිලි කළෙමි. ඔහු මට කියා සිටියේ මෙය අමුත්තන්ගේ රථගාල බැවින් මට එහි මගේ වාහනය නතර කල නොහැකි බවයි. දුරින් ඇති රෝහලේ සේවකයින්ගේ රථගාල පෙන්වා මට එහි යන්නැයි උපදෙස් දුන්නේය. මා මේ රෝහලේ රාජකාරී නොකරන බව ද, ඒ නිසා මා අමුත්තෙකු ලෙස සැලකිය යුතු බව ද කියා ඔහුට කොපමණ කීවත් ඔහු පවසා සිටියේ රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් අමුත්තන්ගේ රථගාලේ තම වාහන නැවැත්වීම නිසා රෝගීන් හා අමුත්තන් අපහසු තාවයට පත්වන නිසා එය වැළැක්වීම තමන්ගේ රාජකාරිය නිසා එය කිසිසේත්ම කල නොහැකි බවයි. ඔහුත් සමඟ වාද කිරීමෙන් ඵලක් නොමැති බව දැන වාහනය හරවාගෙන ඔහු කියූ රථගාලයට ගියෙමි. එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට තමන් සේවය කරන රෝහලේ සේවයකයන් සලකන්නේ මෙසේය. වෛද්‍යවරයාගේ අයිතියට වඩා රෝහලේ සේවය ලබා ගන්නට පැමිණෙන අමුත්තන්ගේ හා රෝගීන්ගේ අයිතිය ඔවුන්ට වැදගත්වේ. ලංකාවේ රෝහලක මෙහෙම දෙයක් වෙන්නට පුළුවන් ද?

මෙයට ටික කාලයකට පෙර, වාර්ෂික ක්‍රිකට් තරඟයක දී තුවාල ලැබූ සඟයෙකු කොළඔ ජාතික රෝහලේ එක්ස්රේ එකක් ගැනීමට නවත්වා පාර පැනගොස් සිසිල් පැන් පානය කොට නැවත ජාතික රෝහලතුළට පැමිණි වෛද්‍යවරු තුන්දෙනාගෙන් ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අවේලාවේ කොහේ යන්නේදැයි අසා සිටියේය. ඒ දාඩිය පෙරාගෙන ටී ෂර්ට් හා කලිසම් ඇද සිටි තුන්දෙනා බැලූ බැල්මට වෛද්‍යවරුන් යැයි අඳුනාගැනීමට නොහැකිවූ නිසා ය. එහි සිටි එක් වෛද්‍යවරයකු එසේ ඇසුවායැයි උරණව ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ ඇයිදැයි අදත් අනික් වෛද්‍යවරුන් දෙදෙනාට ප්රහේලිකාවකි. කෙසේ හෝ එතැනට රැස් වූ අනිකුත් ආරක්ෂ නිලධාරීන් හා රෝහල් සේවකයින් මේ තුන්දෙනා වෛද්‍යවරුන් බව හඳුනාගැනීමේන් පසු ගුටි කෑ ආරක්ෂ නිලධාරියා වරදකාරයා වී රැකියාවෙන් ඔහුව දොට්ට දමනබව ආරක්ෂක නිලධාරීන්ගේ වැඩබලන ප්‍රධානියා පැවසීමෙන් පසු සියල්ල සමථයකට පත්විය. මේ සිද්ධිය සිදුවූයේ දශක තුනකට පමණ පෙරය. දැනුත් තත්වය මෙසේමදැයි නොදනිමි. එදා තරුණ “සෙක්කාට” පහර දුන් වෛද්‍යවරයා අද දියුණු ප්රජාතන්ත්රවාදී රටක් සේවය කරයි. එදා ඔහු කළ වරද පිළිබදව අද පශ්චාත්තාපයට පත්වන බව නොඅනුමාන ය.

මා දියුණු ප්රජාන්ත්රවාදී රටක ප්‍රධානම ලක්ෂණයක් හැටියට දකින්නේ රාජ්‍ය යන්ත්‍රණය මහජනතාවටත් හා මහජනතාව එකිනෙකාටත් සලකන ආකාරයයයි. මා ජිවත්වන රටේ වෛද්‍යවරයෙකුටත් පාරේ කුණු එකතු කරන සේවකයාටත් සලකන්නේ එකම ආකාරයකිනි. මට ඔහුටත් අසනීපයක්වූ විට, පවුලේ වෛද්‍යවරයාට දුරකථනයෙන් කතාකොට ඔහුව/ඇයව හමුවීමට වෙලාවක් ගතයුතුය. මා වෛද්‍යවරයකු කියා මට කිසිම විදිහක විශේෂ සැලකීමක් කරන්නේ නැත. මා වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විට අනිත් සියලුදෙනා සේම තුණ්ඩුවක් ගෙන පෝලිමේ සිටගෙන සිටිය යුතු ය. මා වෛද්‍යවරයකු බව මේ කිසිම තැනකට අදාලනොවන නිසා මා වෛද්‍යවරයකු බව කියන්න යන්නේ නැත. ලංකාවේ තත්වය ගැන මා අමුතුවෙන් කිවයුතු නැතැයි සිතේ.

මා දැන් ලංකාවේ සේවය නොකළත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය විට වැඩක් කරගැනීමට බැංකුවට ගියෙමි. පුරුද්දට පෝලිමේ සිටගෙන සිටිනවිට බැංකුවට පැමිණි මා අඳුරන වෛද්‍යවරයෙකු මා දැක, මටවත් නොකියාම, කවුන්ටරයේ සිටි සේවක මහත්මියට ගොස් මා පෙන්වා වෛද්‍යවරයකු පෝලිමේ සිටින බව පෙන්වා දුන්නේය. එයින් කලබලවූ ඇය පෝලිමේ කිහිපදෙනෙකු සිටියද මට වෙනම අඬගසා, පුටුවක වාඩිකොට මා පැමිණි කාරණය ඉටුකොට දුන්නාය. මාලිමා ආණ්ඩුව පැමිණ සිටිනේනේ මේ ක්‍රමය වෙනස් කිරීමටය. කාටත් සාධාරණ ක්‍රමයක් ඇති කරන්නටය. පරණ ක්‍රමය වෛද්‍යවරුන් වැනි සමාජයේ ඉහලයැයි සැලකෙන පන්තියට හොඳ බව කිවයුතු නොවේ. නමුත් සැමටම සමානත්මතාවයෙන් සලකන දියුණු සාමාජයකට යන්නට අවශ්‍යනම් තමන් මෙතෙක් විදි වරප්‍රසාද නැති කරගන්නට සිදුවෙන බව තේරුම්ගත යුතුය. මා දන්නා ආකාරයට ජනාධිපති හා ඔහුගේ ඇමති මණ්ඩලය පමණක් නොව මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ද මෙතුවක් කල් දේශපාලකයින් විදි වරප්‍රසාදවලට තිත තබා ආදර්ශයක් පෙන්වා තිබෙන පසුබිමක වෛද්‍යවරුන් වැනි උගතුන්ට තම වරප්‍රසාදවලට ආයුබෝවන් කීම හැරෙන්න වෙන විකල්පයක් නැති බව කිවයුතුය.

“කාර් පාස් එකක අවශ්‍යතාවය පිළිබද වෛදවරුන් කිහිපදෙනකු ලියා තිබූ දේ කියෙව්වෙමි. ඒවා කිසිවක් සාධාරණ නොවන බව සිතේ. ඔන්කෝල් කරන වෛද්‍යවරුන්ට හදිසියකට රෝහලට ඒමට කාර්පාස් එකක් අවශ්‍යබව එක තර්කයකි. එය පුහු තර්කයක් බව කණගාටුවෙන් හෝ කිවයුතුය. පළමුවෙන්ම සියලුම ඔන්කෝල් වෛද්‍යරුන්ට රෝහල්වල “ඩියුටි රූම්” එකක් ඇත. එසේ නොදී සිටින්නට රෝහල් පාලකයින්ට නොහැක. එසේ කාමරයක් ලබා දී නැත්නම්, එයින් කියැවෙන්නේ ඔන්කෝල් වෛද්‍යවරයාගේ හදිසි පැමිණීම අවශ්‍යනොවන බව ය. බොහෝ දුරට සිදුවන්නේ ඩියුටි රූම් එකක් දුන්න ද ඔන්කෝල් වෛද්‍යවරුන් එහි නොසිට ගෙදර යාමයි. දෙවනුව කිවයුත්තේ මේ කාර්පාස් එක තිබුණ ද ඔවුන්ට පාරේ ඉඩ දීමට කිසිවකු බැඳී නොමැති බවයි. ඒකට ප්‍රධානම හේතුව වන්නේ සියලුම වෛද්‍යවරුන්ගේ වාහනවල මේ පාස් එක අලවා ඇති නිසා ඔන්කෝල් කරන වෛද්‍යවරයා ගේ හඳුනාගැනීමට පාරේ ගමන් කරන අවශේෂ රියැදුරන්ට ද, මඟීන්ට ද, පොලිස් නිලධාරීන්ට ද ක්‍රමයක් නැත. ඇත්තටම ඔන්කෝල් වෛද්‍යවරයාට හදිසියට රෝහලට පැමිණීමට අවශ්‍යනම් කළ යුත්තේ ඔවුන්ට වෙනම මාක් කරන ලද වාහනයක් හෝ තමන්ගේ පෞද්ගලික වාහනයේ අනිත් අයට පෙනෙන සේ තාවකාලිකව සවිකළ හැකි ගිලන්රථවල සවිකරන ආකාරයේ නිල් “ෆ්ලෑෂින් ලයිට්” එකක් ඔන්කෝල් සඳහා පැමිණෙන විට සවිකරගැනීමට ක්‍රමයක් සාදා ගැනීමයි.

දෙවන තර්කය වන්නේ, රෝහලේ ආරක්ෂක නිලධාරීන් වෛද්‍යවරුන්ගේ වාහන අඳුනගන්නේ කෙසේද යන්නයි. වාහන අඳුනාගැනීමට ක්‍රමවේදයක් සාදා ගැනීම ඒ ඒ ආයතන වල වගකීමක් වන අතර ඒ සඳහා රජය මැදිහත්වීම අවශ්‍ය නොවේ. ඇත්තටම කියනවානම් රෝහලක ගේට්ටුවෙන් ඇතුලුවීම සඳහා වාහන පාස් එක වීදුරුවේ පැය විසිහතරම අලවාගෙන සිටීම අවශ්‍යනොවේ. ගේට්ටුවේදී එය ආරක්ෂක නිලධාරී මහතාට පෙන්වා නැවත වාහනයේ කිසිවකුට නොපෙනෙනසේ තබා ගත හැක. දැනට සිඳුවන්නේ ආරක්ෂක නිලධාරීන් කිසිදු වගවිභාගයක් නොමැතිව “ක්‍රොස්” එකක් වීදුරුවේ ගසා තිබේ නම් වාහනය ඇතුළු කිරීමට අවසර දීමයි. නොයෙකුත් බෙහෙත්වර්ග ප්‍රවර්ධනයට පැමිණෙන ඖෂධ සමාගම්වල රෙප් මහතුන් කිසිම ප්‍රශ්නයක් නොමැතිව රෝහල්වලට ඇතුළුවන්නේ මේ හොර පාරෙනි. කොළඹින් පිට රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරයකු ලියා තිබුණේ මේ කාර් පාස් එක නිසා තමන්ට විශාල නොවුණත් සුලු වාසියක් හිමිවන බවයි. මේ කාර්පාස් එක දකින පොලිස් නිලධාරී මහතුන් සමහරවිට තමන්ව නවතා අනවශ්‍ය ලෙස කරදර නොකරන බව ඔහු පවසා තිබුණි. පිටරටකට නොයා, සොච්චම් පඩියකට, දුරබැහැර රාජකාරී කරන තමන්වැනි අයට තිබෙන මෙවැනි ඉතාම සුළු වරප්‍රසාද පවා කප්පාදු කරන තැනට ආණ්ඩුව පත්වන්නේ නම් තවදුරටත් මේ රටේ ඉන්නවාදැයි සිතා බැලිය යුතු බවත් ඔහු කියා තිබුණි. ඔහු කියා ඇති දේ බොරුවක් නොවේ. නමුත් අපට “බිගර් පික්චර්” එක බැලීමට හැකියාවක් තිබිය යුතුය. රටක් දියුණු වෙනවා දකින්නට ආශානම් මෙවැනි කැපවීමි කිරීමට අපට හැකිවිය යුතුය. දැනට අප බොහෝ දෙනෙකුට තිබෙන මානසික තත්වය නම් රටේ “සිස්ටම් චේන්ජ්” එකක් වී දියුණු රටක් විය යුතු නමුත්, එයට තමන් හැර සියලු දෙනාම යම් කැප කිරීමක් කළයුතු බවයි.

තව වෛද්‍ය විශේෂඥවරයකු කියා තිබුණේ, මේ කාර්පාස් එකත් ටයි එකත් නිසා තමන්ගේ වාහනය අනතුරකට පත්වූවිට විශේෂ වාසි හිමිවන බවයි. එහෙම නොතිබුනානම් සාමාන්‍ය පුද්ගලයන්සේ කුණුහරුපකියා රණ්ඩුවෙන්නට සිදුවන බවයි. දැන් මාලිමා ආණ්ඩුවේ අභිප්‍රාය වන්නේ ටයි පටයටවත් කාර්පාස් එකටවත් නොව මනුෂ්‍යාට සලකන සමාජයක් ඇතිකිරීමට බව මාලිමාට ඉතසිතින්ම සහයෝගය දුන් මේ විශේෂඥ වෛද්‍යවරයාට අමතකවීම පුදුමයට කාරණයකි. තවදුරටත් ටයි පැලදීමෙන්වත් කාර්පාස් පාවිච්චි කිරීමෙන්වත් තමන් බලාපොරොත්තුවන සමාජයට යා නොහැකිබව එතුමා වැනි අය තේරුම්ගත යුතුව ඇත. දැන් ඇත්තේ මේ සියල්ල අළුයම ලූ කෙළපිඬක් සේ සලකා බැහැර කොට නව සමාජයට අඩිය තැබීමයි. පරණ හණමිටි අදහස් කරපින්නාගෙන එය කළ නොහැක. මුලදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවන බව නොඅනුමාන ය. නමුත් “සිස්ටම් චේන්ජ්” කොට නව සමාජයකට අවතීර්ණ වීමට වෙනත් විකල්පයක් නොමැත.

- නිර්නාමිකයි

[QUOTE="BINGU_PUTHA, post: 31040823, member: 469273"] copyright [URL]https://rasikalogy.blogspot.com/2025/10/all-are-equal-but-some-are-more-equal.html[/URL] තමන් රාජකාරි කරන රෝහල්වලින් හා වෙනත් ආයතන වලින් නිකුත් කරන “කාර් පාස්” එක වාහනවල අලවාගෙන යාම තහනම් කිරීමත් සමඟම බොහෝ වෛද්‍යවරුන්ගේ සිත් රිදී ඇති බව ෆේස්බුක් එකේ ලියැවෙන දේ කියවන අපට පෙනේ. මෙයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොට ඇති වෛද්‍යවරුන් අතර මාලිමාවට සහයෝගයදුන් වෛද්‍යවරුන්ද සිටීම අපව පුදුමයට පත්කරයි. එසේ අපව පුදුමයට පත්කරන්නේ වෙන කිසිවක් නිසා නොව ප්රජාතන්ත්රවාදී දියුණු රටක් ඇති කිරීම සඳහා “සිස්ටම් චේන්ජ්” කිරීමට පොරොන්දු දුන් මාලිමා ආණ්ඩුවේ ව්‍යායාමයේ එක පියවරක් ලෙස මෙසේ සමාජයේ යම් පන්තියකට තම පන්තියේ වරප්‍රසාද අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් කරන මේ සද්ක්‍රියාවට ඔවුන් විරුද්ධ වන්නේ කෙසේදැයි මාලිමාට සහයෝගයක් නොදුන් අප වැනි අය කල්පනා කරනවිට ය. මා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ලංකාවේ කාලයක් සේවය කොට දැන් එක්සත් රාජධානියේ සේවය කරමි. ප්රජාතන්ත්රවාදී දියුණු රටක් යනුවෙන් මාලිමා ආණ්ඩුව අදහස් කළේ එක්සත් රාජධානිය වැනි රටක් යයි සිතමි. මෙහි වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද නැත. අපේ වාහන වල අලවාගෙන යාමට “ඩොක්ටර්ස් පාස්” නැත. අප රාජකාරි කරන රෝහල්වල එහි රාජකාරී කරන සේවකයන්ට වෙන්වූ රථගාල්ද, රෝහලට එන රෝගීන්ට හා අමුත්තන්ට වෙනම රථගාල් ද ඇත. වෛද්‍යවරුන්ට කියා වෙනම “කාර් පාක්” නොමැත. සමහර රෝහල්වල වෛද්‍යවරුන් තමන්ගේ වාහන නැවත්වීමේ අයිතිය සඳහා මාසිකව හෝ වාර්ෂිකව ගාස්තුවක් ගෙවිය යුතුය. (සේවකයින් හා අමුත්තන් තමන්ගේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු ගෙවනවාද නැද්ද යන්න එක්සත් රාජධානියේ රටින් රටට හා රෝහලින් රෝහලට වෙනස්වේ.) දිනක් මා සේවය කරන රෝහලෙන් පිට රෝහලකට රාජකාරී වැඩකට ගියෙමි. රෝහලේ ප්‍රධාන දොරටුව අබියසම ඇති අමුත්තන්ගේ රථගාලට මම මගේ වාහනය හැරවූයෙමි. එහි ස්වයංක්‍රිය බාධකයට මා ළං වූ විගසම, රෝහලේ රාජකාරි කරන සේවයකු පැමිණ මා කොහේ යන්නේ දැයි විමසා සිටියේය. මා ඇඳ සිටි නිල් පැහැති “ස්ක්‍රබ්ස්” නිසා මා කාර්ය මණ්ඩලයේ අයකු බව ඔහු දැක ඔහු පැමිණි බව පසුව මම තේරුම් ගතිමි. ඔහුට මා වෛද්‍යවරයකු බව ද මා පැමිණි කාරණය ද පැහැදිලි කළෙමි. ඔහු මට කියා සිටියේ මෙය අමුත්තන්ගේ රථගාල බැවින් මට එහි මගේ වාහනය නතර කල නොහැකි බවයි. දුරින් ඇති රෝහලේ සේවකයින්ගේ රථගාල පෙන්වා මට එහි යන්නැයි උපදෙස් දුන්නේය. මා මේ රෝහලේ රාජකාරී නොකරන බව ද, ඒ නිසා මා අමුත්තෙකු ලෙස සැලකිය යුතු බව ද කියා ඔහුට කොපමණ කීවත් ඔහු පවසා සිටියේ රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් අමුත්තන්ගේ රථගාලේ තම වාහන නැවැත්වීම නිසා රෝගීන් හා අමුත්තන් අපහසු තාවයට පත්වන නිසා එය වැළැක්වීම තමන්ගේ රාජකාරිය නිසා එය කිසිසේත්ම කල නොහැකි බවයි. ඔහුත් සමඟ වාද කිරීමෙන් ඵලක් නොමැති බව දැන වාහනය හරවාගෙන ඔහු කියූ රථගාලයට ගියෙමි. එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට තමන් සේවය කරන රෝහලේ සේවයකයන් සලකන්නේ මෙසේය. වෛද්‍යවරයාගේ අයිතියට වඩා රෝහලේ සේවය ලබා ගන්නට පැමිණෙන අමුත්තන්ගේ හා රෝගීන්ගේ අයිතිය ඔවුන්ට වැදගත්වේ. ලංකාවේ රෝහලක මෙහෙම දෙයක් වෙන්නට පුළුවන් ද? මෙයට ටික කාලයකට පෙර, වාර්ෂික ක්‍රිකට් තරඟයක දී තුවාල ලැබූ සඟයෙකු කොළඔ ජාතික රෝහලේ එක්ස්රේ එකක් ගැනීමට නවත්වා පාර පැනගොස් සිසිල් පැන් පානය කොට නැවත ජාතික රෝහලතුළට පැමිණි වෛද්‍යවරු තුන්දෙනාගෙන් ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අවේලාවේ කොහේ යන්නේදැයි අසා සිටියේය. ඒ දාඩිය පෙරාගෙන ටී ෂර්ට් හා කලිසම් ඇද සිටි තුන්දෙනා බැලූ බැල්මට වෛද්‍යවරුන් යැයි අඳුනාගැනීමට නොහැකිවූ නිසා ය. එහි සිටි එක් වෛද්‍යවරයකු එසේ ඇසුවායැයි උරණව ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ ඇයිදැයි අදත් අනික් වෛද්‍යවරුන් දෙදෙනාට ප්රහේලිකාවකි. කෙසේ හෝ එතැනට රැස් වූ අනිකුත් ආරක්ෂ නිලධාරීන් හා රෝහල් සේවකයින් මේ තුන්දෙනා වෛද්‍යවරුන් බව හඳුනාගැනීමේන් පසු ගුටි කෑ ආරක්ෂ නිලධාරියා වරදකාරයා වී රැකියාවෙන් ඔහුව දොට්ට දමනබව ආරක්ෂක නිලධාරීන්ගේ වැඩබලන ප්‍රධානියා පැවසීමෙන් පසු සියල්ල සමථයකට පත්විය. මේ සිද්ධිය සිදුවූයේ දශක තුනකට පමණ පෙරය. දැනුත් තත්වය මෙසේමදැයි නොදනිමි. එදා තරුණ “සෙක්කාට” පහර දුන් වෛද්‍යවරයා අද දියුණු ප්රජාතන්ත්රවාදී රටක් සේවය කරයි. එදා ඔහු කළ වරද පිළිබදව අද පශ්චාත්තාපයට පත්වන බව නොඅනුමාන ය. මා දියුණු ප්රජාන්ත්රවාදී රටක ප්‍රධානම ලක්ෂණයක් හැටියට දකින්නේ රාජ්‍ය යන්ත්‍රණය මහජනතාවටත් හා මහජනතාව එකිනෙකාටත් සලකන ආකාරයයයි. මා ජිවත්වන රටේ වෛද්‍යවරයෙකුටත් පාරේ කුණු එකතු කරන සේවකයාටත් සලකන්නේ එකම ආකාරයකිනි. මට ඔහුටත් අසනීපයක්වූ විට, පවුලේ වෛද්‍යවරයාට දුරකථනයෙන් කතාකොට ඔහුව/ඇයව හමුවීමට වෙලාවක් ගතයුතුය. මා වෛද්‍යවරයකු කියා මට කිසිම විදිහක විශේෂ සැලකීමක් කරන්නේ නැත. මා වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විට අනිත් සියලුදෙනා සේම තුණ්ඩුවක් ගෙන පෝලිමේ සිටගෙන සිටිය යුතු ය. මා වෛද්‍යවරයකු බව මේ කිසිම තැනකට අදාලනොවන නිසා මා වෛද්‍යවරයකු බව කියන්න යන්නේ නැත. ලංකාවේ තත්වය ගැන මා අමුතුවෙන් කිවයුතු නැතැයි සිතේ. මා දැන් ලංකාවේ සේවය නොකළත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය විට වැඩක් කරගැනීමට බැංකුවට ගියෙමි. පුරුද්දට පෝලිමේ සිටගෙන සිටිනවිට බැංකුවට පැමිණි මා අඳුරන වෛද්‍යවරයෙකු මා දැක, මටවත් නොකියාම, කවුන්ටරයේ සිටි සේවක මහත්මියට ගොස් මා පෙන්වා වෛද්‍යවරයකු පෝලිමේ සිටින බව පෙන්වා දුන්නේය. එයින් කලබලවූ ඇය පෝලිමේ කිහිපදෙනෙකු සිටියද මට වෙනම අඬගසා, පුටුවක වාඩිකොට මා පැමිණි කාරණය ඉටුකොට දුන්නාය. මාලිමා ආණ්ඩුව පැමිණ සිටිනේනේ මේ ක්‍රමය වෙනස් කිරීමටය. කාටත් සාධාරණ ක්‍රමයක් ඇති කරන්නටය. පරණ ක්‍රමය වෛද්‍යවරුන් වැනි සමාජයේ ඉහලයැයි සැලකෙන පන්තියට හොඳ බව කිවයුතු නොවේ. නමුත් සැමටම සමානත්මතාවයෙන් සලකන දියුණු සාමාජයකට යන්නට අවශ්‍යනම් තමන් මෙතෙක් විදි වරප්‍රසාද නැති කරගන්නට සිදුවෙන බව තේරුම්ගත යුතුය. මා දන්නා ආකාරයට ජනාධිපති හා ඔහුගේ ඇමති මණ්ඩලය පමණක් නොව මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ද මෙතුවක් කල් දේශපාලකයින් විදි වරප්‍රසාදවලට තිත තබා ආදර්ශයක් පෙන්වා තිබෙන පසුබිමක වෛද්‍යවරුන් වැනි උගතුන්ට තම වරප්‍රසාදවලට ආයුබෝවන් කීම හැරෙන්න වෙන විකල්පයක් නැති බව කිවයුතුය. “කාර් පාස් එකක අවශ්‍යතාවය පිළිබද වෛදවරුන් කිහිපදෙනකු ලියා තිබූ දේ කියෙව්වෙමි. ඒවා කිසිවක් සාධාරණ නොවන බව සිතේ. ඔන්කෝල් කරන වෛද්‍යවරුන්ට හදිසියකට රෝහලට ඒමට කාර්පාස් එකක් අවශ්‍යබව එක තර්කයකි. එය පුහු තර්කයක් බව කණගාටුවෙන් හෝ කිවයුතුය. පළමුවෙන්ම සියලුම ඔන්කෝල් වෛද්‍යරුන්ට රෝහල්වල “ඩියුටි රූම්” එකක් ඇත. එසේ නොදී සිටින්නට රෝහල් පාලකයින්ට නොහැක. එසේ කාමරයක් ලබා දී නැත්නම්, එයින් කියැවෙන්නේ ඔන්කෝල් වෛද්‍යවරයාගේ හදිසි පැමිණීම අවශ්‍යනොවන බව ය. බොහෝ දුරට සිදුවන්නේ ඩියුටි රූම් එකක් දුන්න ද ඔන්කෝල් වෛද්‍යවරුන් එහි නොසිට ගෙදර යාමයි. දෙවනුව කිවයුත්තේ මේ කාර්පාස් එක තිබුණ ද ඔවුන්ට පාරේ ඉඩ දීමට කිසිවකු බැඳී නොමැති බවයි. ඒකට ප්‍රධානම හේතුව වන්නේ සියලුම වෛද්‍යවරුන්ගේ වාහනවල මේ පාස් එක අලවා ඇති නිසා ඔන්කෝල් කරන වෛද්‍යවරයා ගේ හඳුනාගැනීමට පාරේ ගමන් කරන අවශේෂ රියැදුරන්ට ද, මඟීන්ට ද, පොලිස් නිලධාරීන්ට ද ක්‍රමයක් නැත. ඇත්තටම ඔන්කෝල් වෛද්‍යවරයාට හදිසියට රෝහලට පැමිණීමට අවශ්‍යනම් කළ යුත්තේ ඔවුන්ට වෙනම මාක් කරන ලද වාහනයක් හෝ තමන්ගේ පෞද්ගලික වාහනයේ අනිත් අයට පෙනෙන සේ තාවකාලිකව සවිකළ හැකි ගිලන්රථවල සවිකරන ආකාරයේ නිල් “ෆ්ලෑෂින් ලයිට්” එකක් ඔන්කෝල් සඳහා පැමිණෙන විට සවිකරගැනීමට ක්‍රමයක් සාදා ගැනීමයි. දෙවන තර්කය වන්නේ, රෝහලේ ආරක්ෂක නිලධාරීන් වෛද්‍යවරුන්ගේ වාහන අඳුනගන්නේ කෙසේද යන්නයි. වාහන අඳුනාගැනීමට ක්‍රමවේදයක් සාදා ගැනීම ඒ ඒ ආයතන වල වගකීමක් වන අතර ඒ සඳහා රජය මැදිහත්වීම අවශ්‍ය නොවේ. ඇත්තටම කියනවානම් රෝහලක ගේට්ටුවෙන් ඇතුලුවීම සඳහා වාහන පාස් එක වීදුරුවේ පැය විසිහතරම අලවාගෙන සිටීම අවශ්‍යනොවේ. ගේට්ටුවේදී එය ආරක්ෂක නිලධාරී මහතාට පෙන්වා නැවත වාහනයේ කිසිවකුට නොපෙනෙනසේ තබා ගත හැක. දැනට සිඳුවන්නේ ආරක්ෂක නිලධාරීන් කිසිදු වගවිභාගයක් නොමැතිව “ක්‍රොස්” එකක් වීදුරුවේ ගසා තිබේ නම් වාහනය ඇතුළු කිරීමට අවසර දීමයි. නොයෙකුත් බෙහෙත්වර්ග ප්‍රවර්ධනයට පැමිණෙන ඖෂධ සමාගම්වල රෙප් මහතුන් කිසිම ප්‍රශ්නයක් නොමැතිව රෝහල්වලට ඇතුළුවන්නේ මේ හොර පාරෙනි. කොළඹින් පිට රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරයකු ලියා තිබුණේ මේ කාර් පාස් එක නිසා තමන්ට විශාල නොවුණත් සුලු වාසියක් හිමිවන බවයි. මේ කාර්පාස් එක දකින පොලිස් නිලධාරී මහතුන් සමහරවිට තමන්ව නවතා අනවශ්‍ය ලෙස කරදර නොකරන බව ඔහු පවසා තිබුණි. පිටරටකට නොයා, සොච්චම් පඩියකට, දුරබැහැර රාජකාරී කරන තමන්වැනි අයට තිබෙන මෙවැනි ඉතාම සුළු වරප්‍රසාද පවා කප්පාදු කරන තැනට ආණ්ඩුව පත්වන්නේ නම් තවදුරටත් මේ රටේ ඉන්නවාදැයි සිතා බැලිය යුතු බවත් ඔහු කියා තිබුණි. ඔහු කියා ඇති දේ බොරුවක් නොවේ. නමුත් අපට “බිගර් පික්චර්” එක බැලීමට හැකියාවක් තිබිය යුතුය. රටක් දියුණු වෙනවා දකින්නට ආශානම් මෙවැනි කැපවීමි කිරීමට අපට හැකිවිය යුතුය. දැනට අප බොහෝ දෙනෙකුට තිබෙන මානසික තත්වය නම් රටේ “සිස්ටම් චේන්ජ්” එකක් වී දියුණු රටක් විය යුතු නමුත්, එයට තමන් හැර සියලු දෙනාම යම් කැප කිරීමක් කළයුතු බවයි. තව වෛද්‍ය විශේෂඥවරයකු කියා තිබුණේ, මේ කාර්පාස් එකත් ටයි එකත් නිසා තමන්ගේ වාහනය අනතුරකට පත්වූවිට විශේෂ වාසි හිමිවන බවයි. එහෙම නොතිබුනානම් සාමාන්‍ය පුද්ගලයන්සේ කුණුහරුපකියා රණ්ඩුවෙන්නට සිදුවන බවයි. දැන් මාලිමා ආණ්ඩුවේ අභිප්‍රාය වන්නේ ටයි පටයටවත් කාර්පාස් එකටවත් නොව මනුෂ්‍යාට සලකන සමාජයක් ඇතිකිරීමට බව මාලිමාට ඉතසිතින්ම සහයෝගය දුන් මේ විශේෂඥ වෛද්‍යවරයාට අමතකවීම පුදුමයට කාරණයකි. තවදුරටත් ටයි පැලදීමෙන්වත් කාර්පාස් පාවිච්චි කිරීමෙන්වත් තමන් බලාපොරොත්තුවන සමාජයට යා නොහැකිබව එතුමා වැනි අය තේරුම්ගත යුතුව ඇත. දැන් ඇත්තේ මේ සියල්ල අළුයම ලූ කෙළපිඬක් සේ සලකා බැහැර කොට නව සමාජයට අඩිය තැබීමයි. පරණ හණමිටි අදහස් කරපින්නාගෙන එය කළ නොහැක. මුලදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවන බව නොඅනුමාන ය. නමුත් “සිස්ටම් චේන්ජ්” කොට නව සමාජයකට අවතීර්ණ වීමට වෙනත් විකල්පයක් නොමැත. - නිර්නාමිකයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom