Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඩොලර් රේට් එක සහ බඩු මිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://economatta.blogspot.com/

ලිපියක් ලියන්නේ සතියකට පසුවයි. ලිපියක් එන තුරු බලා ඉන්න බව කිහිප දෙනෙක්ම ඊමේල් හා මැසේජ් කර තිබුණා. වැඩ ගොඩක හිර වී ඉන්න නිසා මේ වැඩේට මේ දවස් වල ලොකු කාලයක් යොදවන්න අමාරුයි. කලින් යොදා ගත් වැඩක් අවලංගු වූ නිසා අහම්බෙන් ලැබුණු පැයක ඉඩකයි මෙය ලියන්නේ.

පසුගිය මැයි 12 පමණ සිට මහ බැංකුව විසින් නැවතත් ඩොලරයක මිල හිර කර ගෙන සිටින බව කාටත් රහසක් නෙමෙයි. එසේ වුවත්, කලින් රුපියල් 200 මට්ටමේ හිර කර ගෙන සිටීම හා දැන් මේ කරන හිර කර ගෙන සිටීම අතර යම් වෙනස්කම් තිබෙන බව මම කලින් ලිපි වල ලිවුවා.

කලින් පාරට සාපේක්ෂව මේ පාර මේ වැඩේ කරන්නේ පාරදෘශ්‍ය ආකාරයකට. ඒ වගේම, කලින් පාර වගේ මේ පාර ඩොලරයේ මිල තියා ගන්න සංචිත නාස්ති කිරීමක් වෙන්නේ නැහැ. එහෙම විකුණන්න සංචිත ඇත්තේත් නැහැ. මේ වෙනස්කම් තිබුණත්, මිල හිර කර ගෙන සිටීම කියන්නේ මිල හිර කරගෙන සිටීමක්.

එහෙමනම් කලින් පාර ඩොලරයක මිල හිර කර ගෙන සිටීම ගැන ඉතාම විවේචනාත්මක ලෙස කතා කරපු ඉකොනොමැට්ටා මේ පාර ඒ තරම් දරුණුවට මේ ප්‍රතිපත්තිය විවේචනය නොකළේ ඇයි?

මේ ප්‍රශ්නෙට කලින් පිළිතුරු දී තිබෙනවා. මතක් කිරීමක් විදිහට නැවතත් කෙටි පිළිතුරක් දෙන්නම්.

කලින් පාර වගේම මේ පාරත් ඩොලරය තියා ගෙන ඉන්නේ එහි නියම මිලෙහි නොවන බව ඉතාම පැහැදිලි කරුණක්නේ. නමුත් වෙනස කලින් පාර මේ නියම මිල උපරිම වශයෙන් කීයක්ද කියන එක ගැන අදහසක් තිබුණා. ඒ ගැන මම වරින් වර ලියා තිබෙනවා. අවශ්‍යනම් පෙර ලිපි නැවත කියවා බලන්න.

ඒ දවස් වල ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා නොගෙන අත ඇරියානම් එය වැඩිම වුනොත් රුපියල් 275 පමණ මට්ටමකට ගොස් නවතිනවා. මිල ඒ මට්ටම ඉක්මවා යනවානම් එය පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා. නමුත්, එහෙම නොකළ නිසා තිබුණු සංචිත ටික නාස්ති වී ගියා.

දැන් ඒ විදිහටම ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් මිල කීයට හරි ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද? කීයටවත් නැහැ. සෛද්ධාන්තිකව අනන්තය දක්වාම මිල ඉහළ යන්න පුළුවන්. මොකද මිල ඉහළ යාමට සමාන්තරව රුපියල් අතේ තියෙන එය ඒ රුපියල් ඩොලර් කරන්න තියෙන පෙළඹුමත් ඉහළ යනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී ඒ හේතුවෙන් ඩොලර් ඉල්ලුම අඩු වුනත්, අනෙක් පැත්තෙන් සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. තමන්ගේම විදේශ බැරකම් පියවාගන්න බැරුව ඉන්න බංකොලොත් මහ බැංකුවකට මේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම පාලනය කරන්න බැහැ.

මෙයින් අදහස් වන්නේ පවතින වාතාවරණය තුළ ඩොලරය නිදහසේ පා කළොත් දිගින් දිගටම මිල ඉහළ යන බවයි. ඒ කියන්නේ ඉන්ධන ආදී ආනයනික භාණ්ඩ වල මිලත් දිගින් දිගටම ඉහළ යවන්න වෙනවා කියන එකයි. දේශපාලනික හා අනෙකුත් ප්‍රායෝගික සාධක සැලකිල්ලට ගත් විට මෙයින් අදහස් වන්නේ ඩොලරයට පාවෙන්න දුන්නත් යම් සීමාවකදී එහි මිල පාලනය කරන්න වෙනවා කියන එකයි.

ඩොලරය රුපියල් 10,000ට යන්න දුන්නත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඩොලර් හිඟය හා ඒ නිසා ඇති වී තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම්, ඒ මට්ටමේදී හෝ මිල යම් ආකාරයකින් පාලනය කරන්න වෙනවා. එහෙමනම් කලින්ම රුපියල් 360 මට්ටමේ හිර කර ගත්තා කියලා සිදු වෙන අමුතු, විශාල අවාසියක් නැහැ. ඔය වැඩේට මම ඒ තරම් විරුද්ධත්වයක් නොදැක්වුවේ ඔය හේතුව නිසා. (හැබැයි මට පෞද්ගලිකව ඔය තීරණය ගන්න වුනානම් මම ඔය තීරණය ගන්නේ මිල තව ටිකක් වැඩි වුනාට පස්සේ. සමහර විට රුපියල් 450-500 වගේ මට්ටමකට යන්න දීලා ප්‍රතිචාර දිහා බලනවා. ඒක වෙනම කතාවක්!)

ඩොලරයේ මිල පාලනය කිරීම නිසා සමපේක්ෂණ ඉල්ලුමත් පාලනය වුනා. කළුකඩ මිල ඉහළ යන එක නැවතුණා පමණක් නෙමෙයි ටිකක් අඩු වුනා. ප්‍රේෂණ ඉහළ ගියා. හැබැයි ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරයට තවමත් විශාල, දැනෙන වෙනසක් වෙලා නැහැ.

මේ විදිහට නැවත වටයකින් ඩොලර් මිල මාර්ගෝපදේශනය කිරීම ආරම්භ වුනේ මැයි 12. ඉන් පසුව, දිනපතාම මහ බැංකුව විසින් පෙර දින පැවති මිල මත පදනම්ව මිල ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාව බැංකු වලට දැනුම් දුන්නා. පටන් ගත්තේ රුපියල් 360 සිටයි. මැයි 13 වනදා මිල රුපියල් 360 සිට රුපියල් 2.60ක් අඩු හෝ වැඩි විය හැකි වුනා. ඊට වඩා වෙනස් වෙන්න බැහැ.

මේ රුපියල් 2.60 සීමාව තීරණය කළේ කොහොමද? මම දන්නේ නැහැ. මගේ අනුමානය මුලින්ම රුපියල් 3.60 සීමාවක් යෝජනා වෙන්න ඇති කියලා. 1%ක්නේ. ඒකට යම් පදනමක් තියෙනවා. රුපියල් 3.60x2 = 7.20ක විචලනයක් ටිකක් වැඩියි කියලා හිතිලා පස්සේ රුපියල අඩු කළා වෙන්න පුළුවන්. මගේ හිතළුවක් පමණයි. කොහොම වුනත්, වැදගත් කරුණ ඩොලරයට දවසකට රුපියල් 2.60කින් වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්කම තිබුණා.

මැයි 17 මේ විචලන සීමාව රුපියල් 2.50 වුනා. ඒකත් තේරුම් ගන්න පුළුවන්නේ. විචලන සීමාව රුපියල් 5කට රවුම් කරලා. දවසකට රුපියල් 2.50ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. කොහොමටත් බැංකු විසින් ඒ වන විට, මහ බැංකුව කැමති මට්ටම වූ, රුපියල් 360 සීමාවේම ඩොලර් එක තියාගෙන හිටියා මිසක් ඔය දෙකයි පණහේ වාසිය ගන්න ගිහින් තිබුණේ නැහැ.

මැයි 23 වන විටත් ඩොලරයක මිල රුපියල් 359.44 මට්ටමේම රැඳී තිබෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල කඩාගෙන ඉහළ යාමේ අවදානමක් මහ බැංකුවට පේන්න නැහැ. ඒ නිසා මහ බැංකුව අර රුපියල් 2.50 සීමාව රුපියල් 3 දක්වා පුළුල් කරනවා. දැන් බැංකු වලට අවශ්‍යනම් දවසකට රුපියල් 3ක් දක්වා මිල වැඩි කරන්න පුළුවන්. හැබැයි මහ බැංකුව ඔය වැඩේ කරන්නේ මිල ඒ විදිහට වැඩි වෙන ප්‍රවණතාවක් පේන්න නැති නිසා.

මැයි 25 දක්වාම ඔය තත්ත්වය තියෙනවා. ඒ වන විට ඩොලරයක මිල රුපියල් 359.38යි. ඒ කියන්නේ, අවශ්‍යනම් රුපියල් 362.38 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ තරම් වැඩි නොවුණත් ඔන්න දැන් මිල රුපියල් 359.71 දක්වා වැඩි වෙනවා.

දැන් මොකද වෙන්නේ? ඔය ශත 33 වැඩි වීමට මහ බැංකුව පොඩ්ඩක් බය වෙනවා. මැයි 26 වෙද්දී ඩොලරයක මිල දවසකට අඩු විය හැකි ප්‍රමාණය රුපියල් 3 මට්ටමේම තියලා වැඩි විය හැකි ප්‍රමාණය රුපියල් 2.50 දක්වා බස්සනවා. එසේ කිරීමෙන් වෙළඳපොලට වෙනස් සංඥාවක් දෙනවා.

"ඕගොල්ලන්ට කලින් වගේම යම් සීමාවක් දක්වා නිදහසේ ඩොලරයක මිල අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි වැඩි කරන එක ගැන අපේ එච්චර කැමැත්තක් නැහැ!"

ඔහොම කිවුවත් මැයි 27 වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 පන්නලා රුපියල් රුපියල් 360.76 දක්වා ඉහළ යනවා. මහ බැංකුව බය වෙනවා. ආයේ තොණ්ඩුව තද කරනවා. මැයි 30 සිට දවසකට ඩොලරයට ඉහළ යා හැක්කේ රුපියලකින් පමණයි. හැබැයි දවසකට රුපියල් 4කින් පහළ යන්න පුළුවන්!

දැන් මේ මහ බැංකුව කියන්නේ කුමක්ද? කිසි ප්‍රශ්නයක් නැතුව ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න අපි ඉඩ දෙනවා. හැබැයි අඩු වෙනවානම් විතරයි!

අර මුල් කාලයේ හදපු ෆෝඩ් කාර් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ.

"Any customer can have a car painted any color that he wants, so long as it is black."

පාරිභෝගිකයින්ට තමන් කැමති පාටකින් මෝටර් රථ ඇණවුම් කළ හැකියි. එහෙත් එම පාට කළු පාට විය යුතුයි!

බැංකු වලට තමන්ට කැමැති පරිදි ඩොලරයක මිල තීරණය කළ හැකියි. එහෙත් එම මිල රුපියල් 360 නොඉක්මවිය යුතුයි!

දැන් ඉතිං චක්‍රලේඛ ගහමින් මහ බැංකුව එන්නේ මොකාටද කියලා බැංකු වලට ඉතාම පැහැදිලියිනේ.

"අපි හිතන විදිහට ඩොලරයක මිල රුපියල් 360 ඉක්මවිය යුතු නැහැ. ඕගොල්ලන්ට අවශ්‍යනම් දවසකට රුපියලකින් වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්නවත් එපා!"

බැංකු කිවුවට ලොකුම බැංකු දෙක රාජ්‍ය බැංකුනේ. ඔය බැංකු දෙක හරහා ඩොලරයක මිල අවශ්‍ය මට්ටමේම තියා ගන්නත් පුළුවන්.

පසුගිය සතිය අවසන් වන තුරුම කතන්දරේ ඕකයි. දවසකට රුපියල් 4කින් මිල අඩු කළ හැකි වුනත් බැංකු වලට මිල අඩු කරන්න ලොකු උවමනාවක් තිබුණේම නැහැ. නමුත් මහ බැංකුවට අවශ්‍ය වෙලා තිබුනේ සුළුවෙන් හෝ මිල අඩු වෙනවා දකින්න. දවසකට රුපියලකින් මිල ඉහළ යාමේ පුංචි ඉඩක් තිබුණත් ඒක ඇත්තටම කැමැත්තකින් ඉතිරි කර තිබුණු ඉඩක් නෙමෙයි.

පසුගිය සති තුනක පමණ කාලය තුළ මහ බැංකුවට අවශ්‍ය වූ දේ සිදු වෙමින් තිබුණා. හැබැයි මේ සතියේ මේ ප්‍රවණතාවය වෙනස් වෙලා. ඊයේ සහ අද ඩොලරයක මිල අර රුපියලේ කඹයේ දුර ගිහින් තණකොල ටික කාලා.

6/17 (සිකුරාදා) - රුපියල් 359.75

6/20 (සඳුදා) - රුපියල් 360.75

6/21 (අඟහරුවාදා) - රුපියල් 361.75

මේ හදිසි වෙනසට හේතුව කුමක්ද? මේ සතියේ IMF එකේ කණ්ඩායමක් ලංකාවට ආවා කියලා අපි දන්නවනේ. මේක IMF එක සමඟ සිදුවනු සාකච්ඡා වල ප්‍රතිඵලයක්ද?

මහ බැංකුවට සුබ සිහින තියෙනවා විය හැකි වුවත් ඩොලරයක මිල තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේනම් නැති බව සක් සුදක් සේ පැහැදිලි කරුණක්. මිල අඩු කරනවානම් ඉතිං මොකක් හරි කෘතිම ක්‍රමයකට තමයි. අනෙක් පැත්තෙන් කිසිම පාලනයක් නැතුව මිල ඉහළ යන්න දෙන්න පුළුවන්කමකුත් නැහැ තමයි. හැබැයි එහෙමයි කියලා රුපියල් 360 මට්ටමේම හිර කරගෙන ඉන්න එකත් හරියන වැඩක් නෙමෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ කාරණය මහ බැංකුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලද?

[QUOTE="malakadss, post: 27874342, member: 179884"] [URL]http://economatta.blogspot.com/[/URL] ලිපියක් ලියන්නේ සතියකට පසුවයි. ලිපියක් එන තුරු බලා ඉන්න බව කිහිප දෙනෙක්ම ඊමේල් හා මැසේජ් කර තිබුණා. වැඩ ගොඩක හිර වී ඉන්න නිසා මේ වැඩේට මේ දවස් වල ලොකු කාලයක් යොදවන්න අමාරුයි. කලින් යොදා ගත් වැඩක් අවලංගු වූ නිසා අහම්බෙන් ලැබුණු පැයක ඉඩකයි මෙය ලියන්නේ. පසුගිය මැයි 12 පමණ සිට මහ බැංකුව විසින් නැවතත් ඩොලරයක මිල හිර කර ගෙන සිටින බව කාටත් රහසක් නෙමෙයි. එසේ වුවත්, කලින් රුපියල් 200 මට්ටමේ හිර කර ගෙන සිටීම හා දැන් මේ කරන හිර කර ගෙන සිටීම අතර යම් වෙනස්කම් තිබෙන බව මම කලින් ලිපි වල ලිවුවා. කලින් පාරට සාපේක්ෂව මේ පාර මේ වැඩේ කරන්නේ පාරදෘශ්‍ය ආකාරයකට. ඒ වගේම, කලින් පාර වගේ මේ පාර ඩොලරයේ මිල තියා ගන්න සංචිත නාස්ති කිරීමක් වෙන්නේ නැහැ. එහෙම විකුණන්න සංචිත ඇත්තේත් නැහැ. මේ වෙනස්කම් තිබුණත්, මිල හිර කර ගෙන සිටීම කියන්නේ මිල හිර කරගෙන සිටීමක්. එහෙමනම් කලින් පාර ඩොලරයක මිල හිර කර ගෙන සිටීම ගැන ඉතාම විවේචනාත්මක ලෙස කතා කරපු ඉකොනොමැට්ටා මේ පාර ඒ තරම් දරුණුවට මේ ප්‍රතිපත්තිය විවේචනය නොකළේ ඇයි? මේ ප්‍රශ්නෙට කලින් පිළිතුරු දී තිබෙනවා. මතක් කිරීමක් විදිහට නැවතත් කෙටි පිළිතුරක් දෙන්නම්. කලින් පාර වගේම මේ පාරත් ඩොලරය තියා ගෙන ඉන්නේ එහි නියම මිලෙහි නොවන බව ඉතාම පැහැදිලි කරුණක්නේ. නමුත් වෙනස කලින් පාර මේ නියම මිල උපරිම වශයෙන් කීයක්ද කියන එක ගැන අදහසක් තිබුණා. ඒ ගැන මම වරින් වර ලියා තිබෙනවා. අවශ්‍යනම් පෙර ලිපි නැවත කියවා බලන්න. ඒ දවස් වල ඩොලරය රුපියල් 200 මට්ටමේ තියා නොගෙන අත ඇරියානම් එය වැඩිම වුනොත් රුපියල් 275 පමණ මට්ටමකට ගොස් නවතිනවා. මිල ඒ මට්ටම ඉක්මවා යනවානම් එය පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා. නමුත්, එහෙම නොකළ නිසා තිබුණු සංචිත ටික නාස්ති වී ගියා. දැන් ඒ විදිහටම ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් මිල කීයට හරි ගිහින් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයිද? කීයටවත් නැහැ. සෛද්ධාන්තිකව අනන්තය දක්වාම මිල ඉහළ යන්න පුළුවන්. මොකද මිල ඉහළ යාමට සමාන්තරව රුපියල් අතේ තියෙන එය ඒ රුපියල් ඩොලර් කරන්න තියෙන පෙළඹුමත් ඉහළ යනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී ඒ හේතුවෙන් ඩොලර් ඉල්ලුම අඩු වුනත්, අනෙක් පැත්තෙන් සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා සමස්තයක් ලෙස ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. තමන්ගේම විදේශ බැරකම් පියවාගන්න බැරුව ඉන්න බංකොලොත් මහ බැංකුවකට මේ සමපේක්ෂණ ඩොලර් ඉල්ලුම පාලනය කරන්න බැහැ. මෙයින් අදහස් වන්නේ පවතින වාතාවරණය තුළ ඩොලරය නිදහසේ පා කළොත් දිගින් දිගටම මිල ඉහළ යන බවයි. ඒ කියන්නේ ඉන්ධන ආදී ආනයනික භාණ්ඩ වල මිලත් දිගින් දිගටම ඉහළ යවන්න වෙනවා කියන එකයි. දේශපාලනික හා අනෙකුත් ප්‍රායෝගික සාධක සැලකිල්ලට ගත් විට මෙයින් අදහස් වන්නේ ඩොලරයට පාවෙන්න දුන්නත් යම් සීමාවකදී එහි මිල පාලනය කරන්න වෙනවා කියන එකයි. ඩොලරය රුපියල් 10,000ට යන්න දුන්නත් ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ඩොලර් හිඟය හා ඒ නිසා ඇති වී තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම්, ඒ මට්ටමේදී හෝ මිල යම් ආකාරයකින් පාලනය කරන්න වෙනවා. එහෙමනම් කලින්ම රුපියල් 360 මට්ටමේ හිර කර ගත්තා කියලා සිදු වෙන අමුතු, විශාල අවාසියක් නැහැ. ඔය වැඩේට මම ඒ තරම් විරුද්ධත්වයක් නොදැක්වුවේ ඔය හේතුව නිසා. (හැබැයි මට පෞද්ගලිකව ඔය තීරණය ගන්න වුනානම් මම ඔය තීරණය ගන්නේ මිල තව ටිකක් වැඩි වුනාට පස්සේ. සමහර විට රුපියල් 450-500 වගේ මට්ටමකට යන්න දීලා ප්‍රතිචාර දිහා බලනවා. ඒක වෙනම කතාවක්!) ඩොලරයේ මිල පාලනය කිරීම නිසා සමපේක්ෂණ ඉල්ලුමත් පාලනය වුනා. කළුකඩ මිල ඉහළ යන එක නැවතුණා පමණක් නෙමෙයි ටිකක් අඩු වුනා. ප්‍රේෂණ ඉහළ ගියා. හැබැයි ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරයට තවමත් විශාල, දැනෙන වෙනසක් වෙලා නැහැ. මේ විදිහට නැවත වටයකින් ඩොලර් මිල මාර්ගෝපදේශනය කිරීම ආරම්භ වුනේ මැයි 12. ඉන් පසුව, දිනපතාම මහ බැංකුව විසින් පෙර දින පැවති මිල මත පදනම්ව මිල ඉහළ හෝ පහළ යා හැකි උපරිම සීමාව බැංකු වලට දැනුම් දුන්නා. පටන් ගත්තේ රුපියල් 360 සිටයි. මැයි 13 වනදා මිල රුපියල් 360 සිට රුපියල් 2.60ක් අඩු හෝ වැඩි විය හැකි වුනා. ඊට වඩා වෙනස් වෙන්න බැහැ. මේ රුපියල් 2.60 සීමාව තීරණය කළේ කොහොමද? මම දන්නේ නැහැ. මගේ අනුමානය මුලින්ම රුපියල් 3.60 සීමාවක් යෝජනා වෙන්න ඇති කියලා. 1%ක්නේ. ඒකට යම් පදනමක් තියෙනවා. රුපියල් 3.60x2 = 7.20ක විචලනයක් ටිකක් වැඩියි කියලා හිතිලා පස්සේ රුපියල අඩු කළා වෙන්න පුළුවන්. මගේ හිතළුවක් පමණයි. කොහොම වුනත්, වැදගත් කරුණ ඩොලරයට දවසකට රුපියල් 2.60කින් වැඩි වෙන්න හෝ අඩු වෙන්න පුළුවන්කම තිබුණා. මැයි 17 මේ විචලන සීමාව රුපියල් 2.50 වුනා. ඒකත් තේරුම් ගන්න පුළුවන්නේ. විචලන සීමාව රුපියල් 5කට රවුම් කරලා. දවසකට රුපියල් 2.50ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. කොහොමටත් බැංකු විසින් ඒ වන විට, මහ බැංකුව කැමති මට්ටම වූ, රුපියල් 360 සීමාවේම ඩොලර් එක තියාගෙන හිටියා මිසක් ඔය දෙකයි පණහේ වාසිය ගන්න ගිහින් තිබුණේ නැහැ. මැයි 23 වන විටත් ඩොලරයක මිල රුපියල් 359.44 මට්ටමේම රැඳී තිබෙනවා. ඒ කියන්නේ ඩොලරයක මිල කඩාගෙන ඉහළ යාමේ අවදානමක් මහ බැංකුවට පේන්න නැහැ. ඒ නිසා මහ බැංකුව අර රුපියල් 2.50 සීමාව රුපියල් 3 දක්වා පුළුල් කරනවා. දැන් බැංකු වලට අවශ්‍යනම් දවසකට රුපියල් 3ක් දක්වා මිල වැඩි කරන්න පුළුවන්. හැබැයි මහ බැංකුව ඔය වැඩේ කරන්නේ මිල ඒ විදිහට වැඩි වෙන ප්‍රවණතාවක් පේන්න නැති නිසා. මැයි 25 දක්වාම ඔය තත්ත්වය තියෙනවා. ඒ වන විට ඩොලරයක මිල රුපියල් 359.38යි. ඒ කියන්නේ, අවශ්‍යනම් රුපියල් 362.38 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ තරම් වැඩි නොවුණත් ඔන්න දැන් මිල රුපියල් 359.71 දක්වා වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔය ශත 33 වැඩි වීමට මහ බැංකුව පොඩ්ඩක් බය වෙනවා. මැයි 26 වෙද්දී ඩොලරයක මිල දවසකට අඩු විය හැකි ප්‍රමාණය රුපියල් 3 මට්ටමේම තියලා වැඩි විය හැකි ප්‍රමාණය රුපියල් 2.50 දක්වා බස්සනවා. එසේ කිරීමෙන් වෙළඳපොලට වෙනස් සංඥාවක් දෙනවා. "ඕගොල්ලන්ට කලින් වගේම යම් සීමාවක් දක්වා නිදහසේ ඩොලරයක මිල අඩු වැඩි කරන්න පුළුවන්. හැබැයි වැඩි කරන එක ගැන අපේ එච්චර කැමැත්තක් නැහැ!" ඔහොම කිවුවත් මැයි 27 වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 පන්නලා රුපියල් රුපියල් 360.76 දක්වා ඉහළ යනවා. මහ බැංකුව බය වෙනවා. ආයේ තොණ්ඩුව තද කරනවා. මැයි 30 සිට දවසකට ඩොලරයට ඉහළ යා හැක්කේ රුපියලකින් පමණයි. හැබැයි දවසකට රුපියල් 4කින් පහළ යන්න පුළුවන්! දැන් මේ මහ බැංකුව කියන්නේ කුමක්ද? කිසි ප්‍රශ්නයක් නැතුව ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න අපි ඉඩ දෙනවා. හැබැයි අඩු වෙනවානම් විතරයි! අර මුල් කාලයේ හදපු ෆෝඩ් කාර් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ. "Any customer can have a car painted any color that he wants, so long as it is black." පාරිභෝගිකයින්ට තමන් කැමති පාටකින් මෝටර් රථ ඇණවුම් කළ හැකියි. එහෙත් එම පාට කළු පාට විය යුතුයි! බැංකු වලට තමන්ට කැමැති පරිදි ඩොලරයක මිල තීරණය කළ හැකියි. එහෙත් එම මිල රුපියල් 360 නොඉක්මවිය යුතුයි! දැන් ඉතිං චක්‍රලේඛ ගහමින් මහ බැංකුව එන්නේ මොකාටද කියලා බැංකු වලට ඉතාම පැහැදිලියිනේ. "අපි හිතන විදිහට ඩොලරයක මිල රුපියල් 360 ඉක්මවිය යුතු නැහැ. ඕගොල්ලන්ට අවශ්‍යනම් දවසකට රුපියලකින් වැඩි කරන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිතන්නවත් එපා!" බැංකු කිවුවට ලොකුම බැංකු දෙක රාජ්‍ය බැංකුනේ. ඔය බැංකු දෙක හරහා ඩොලරයක මිල අවශ්‍ය මට්ටමේම තියා ගන්නත් පුළුවන්. පසුගිය සතිය අවසන් වන තුරුම කතන්දරේ ඕකයි. දවසකට රුපියල් 4කින් මිල අඩු කළ හැකි වුනත් බැංකු වලට මිල අඩු කරන්න ලොකු උවමනාවක් තිබුණේම නැහැ. නමුත් මහ බැංකුවට අවශ්‍ය වෙලා තිබුනේ සුළුවෙන් හෝ මිල අඩු වෙනවා දකින්න. දවසකට රුපියලකින් මිල ඉහළ යාමේ පුංචි ඉඩක් තිබුණත් ඒක ඇත්තටම කැමැත්තකින් ඉතිරි කර තිබුණු ඉඩක් නෙමෙයි. පසුගිය සති තුනක පමණ කාලය තුළ මහ බැංකුවට අවශ්‍ය වූ දේ සිදු වෙමින් තිබුණා. හැබැයි මේ සතියේ මේ ප්‍රවණතාවය වෙනස් වෙලා. ඊයේ සහ අද ඩොලරයක මිල අර රුපියලේ කඹයේ දුර ගිහින් තණකොල ටික කාලා. 6/17 (සිකුරාදා) - රුපියල් 359.75 6/20 (සඳුදා) - රුපියල් 360.75 6/21 (අඟහරුවාදා) - රුපියල් 361.75 මේ හදිසි වෙනසට හේතුව කුමක්ද? මේ සතියේ IMF එකේ කණ්ඩායමක් ලංකාවට ආවා කියලා අපි දන්නවනේ. මේක IMF එක සමඟ සිදුවනු සාකච්ඡා වල ප්‍රතිඵලයක්ද? මහ බැංකුවට සුබ සිහින තියෙනවා විය හැකි වුවත් ඩොලරයක මිල තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේනම් නැති බව සක් සුදක් සේ පැහැදිලි කරුණක්. මිල අඩු කරනවානම් ඉතිං මොකක් හරි කෘතිම ක්‍රමයකට තමයි. අනෙක් පැත්තෙන් කිසිම පාලනයක් නැතුව මිල ඉහළ යන්න දෙන්න පුළුවන්කමකුත් නැහැ තමයි. හැබැයි එහෙමයි කියලා රුපියල් 360 මට්ටමේම හිර කරගෙන ඉන්න එකත් හරියන වැඩක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ කාරණය මහ බැංකුවට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලද? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom