ඩොලර් හිඟයෙන් DNA පරීක්ෂණවලටත් බාධා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශය විසින් වාර්තා නිකුත් කිරීමේ කටයුතු ප්‍රමාද වන බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

    අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟවීම සහ ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ වෙත මසකට නඩු 150ක් පමණ නඩු භාණ්ඩ ලෙස ලැබෙන අතර ඒ අනුව වාර්තා 200ක් පමණ මසකට නිකුත් කරනු ලබයි.

    මෙම පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලබන විශේෂිත රසායනික ද්‍රව්‍ය සියල්ලම විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන අතර එම රසායනික ද්‍රව්‍ය නියමිත පරිදි ලබාදීමට නොහැකි බව අදාළ රාසායන ද්‍රව්‍ය සපයන ආයතන විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ.

    රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා විදේශ මුදල් හුවමාරුව අපහසුවීම සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ එම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අඩාල වීම මෙම තත්ත්වයට බලපා ඇති බව සඳහන්ය.

    ඒ අනුව අධිකරණ මස්තු විද්‍යා හා DNA විශ්ලේෂණ අංශ මඟින් අදාළ වාර්තා නිකුත් කිරීමේ කාලය ප්‍රමාද වන අතර රසායන ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි ලබාගත් පසුව නැවත නියමිත පරිදි වාර්තා නිකුත් කිරීම සිදුකරන බව රස පරික්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    :lol::lol::lol::lol:
    ඊලග අවුරුදු තුනේ දී ඕක හරි යනවා...

    වැඩ ලස්සේ කරාම රටේ අපරාද නැත්තටම නැති වෙනවා එතකොට රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වහල දාන්න තියෙන්නේ