Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩොලර් හුවමාරුව ණයක්ද? ආයෝජනයක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු මෙසේ සඳහන් කළ බවද වාර්තා වූයේය. ‘බංග්ලාදේශය වෙන කිසිම අයකුට වඩා එක්සත් රාජධානියට ණය නිකුත් කිරීමේ නිරත වෙනවා. ශ්‍රී ලංකාව කරන්නෙත් එවැන්නක්. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට හෝ යුරෝපා සංගමයේ වෙනත් දියුණු රටකට මුදල් ණයට දෙනවිට අප එය හඳුන්වන්නේ ආයෝජනයක් ලෙසයි. එකම වෙනස වන්නේ එය තුන්වැනි ලෝකයේ රටකට දෙනවිට ණයක් ලෙස හැඳින්වීමයි. එහි ඇති වෙනස එපමණයි. කබ්රාල් තවදුරටත් මෙසේ කීවේය. ආයෝජන සිදුවෙන අවස්ථාවේ දී තමයි තරමක් එම ප්‍රතිමානය වෙනස් වෙන්නේ. එය ශ්‍රී ලංකාවේ සිදුවන ආයෝජනයක් නම් එය ණයක් හැටියට හඳුන්වයි. එම ආයෝජනය දියුණු රටක කළේ නම් එය ආයෝජනයක් ලෙස හඳුන්වාවි. වෙනස එපමණයි.

ඉහත ප්‍රකාශය පරිස්සමෙන් විග්රහ කළ යුතුවේ. මන්දයත් ඒ වටා කොන්දේසි කිහිපයක් පවතින බැවිනි.

නොමග යවන සුළු ප්‍රකාශයක්

අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වන පරිදි යම් රටක් හා සෙසු ලෝකය අතර ගනුදෙනුවක් සිදුවන විට දී එය ණයක් වේවා ආයෝජනයක් වේවා දුප්පත් පොහොසත් කුමන හෝ රටවල් අතර සිදු වූවත් එය හඳුන්වනු ලබන්නේ එකම ආකාරයකිනි.

එම නිසා යම් රටක් එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමයේ රටක වැනි දියුණු ආර්ථිකයකට ණයක් දෙනවිට එය ආයෝජනයක් ලෙස සලකන බව හා ඒ අතර ශ්‍රී ලංකාව වැනි රටක් එවැන්නක් ගන්නා විට ණයක් හැටියට සලකන බව කීම වැරදි කතාවකි.

ණය දෙන රටේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට දුප්පත් රටකට ණය දුන්නත් පොහොසත් රටකට ණය දුන්නත් එය ආයෝජනයකි. ණය ලබා ගන්නා රටට එය ශ්‍රී ලංකාව වේවා ඇමරිකාව වේවා ඒ ආකාරයට රට තුළට එන මූල්‍ය ප්‍රවාහයක් විදේශ ණයකි.

එම නිසා ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් හෝ වෙනත් රටකින් ණයට ගැනීමේ දී ඇතිවන ලජ්ජාව වසා ගැනීමට විදේශ ණය ආයෝජන ලෙස නාමකරණය කිරීම නොමග යැවීමකි.

බංග්ලාදේශය සමග මුල්‍ය ගනුදෙනුව ආයෝජනයක් නොව ණයකි.

බංග්ලාදේශයේ මහ බැංකුවත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෑතක දී එළඹුණු (swap) හුවමාරු ගිවිසුම රජය විසින් (swap) හුවමාරු පහසුකම් ලබාගත් අවසන් අවස්ථාවයි. මෙම මූල්‍ය හුවමාරුව බංග්ලාදේශ රජය විසින් ඩොලර් වලින් ලබා දෙන ණයකි. එම ගිවිසුම අනුව කල්පිරෙන කාලයේ දී එම ණය ආපසු ගෙවිය යුතුවේ.

උත්ප්රාසයට හේතු වූයේ බංග්ලාදේශය සිය ඉතිහාසයේ දී තවත් රටකට දෙන පළමු වැනි මූල්‍ය සහයෝගය ලෙස මෙම හුවමාරු (swap) ණය මුදල වාර්තා කර තිබීමයි. ඩොලර් බිලියන ගණන් ආධාර ලබා ගන්නා දිළිඳුභාවයේ ගැලී සිටි රටක් වූ බංග්ලාදේශය තවත් රටකට ණයක් දෙන්නට තරම් ශක්තියක් ඇති රටක් ලෙස ගෝලීය වශයෙන් එතෙක් හඳුනාගෙන තිබුණේ නැත. එහෙත් එරට ආර්ථිකය පසුගිය දශක දෙක තුළ අද්විතීය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. එම රට 2020දී වඩාත් වේගවත්ව වර්ධනය වූ දකුණු ආසියානු රට බවට පත්වූයේය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්ව සිටි හෙන්රි කිසින්ජර් 1971 බංග්ලාදේශය ‘පතුලක් නැති කූඩය’ කැයි කියමින් හාස්‍යයට ලක් කළේය. අද වනවිට විශාල විදේශ සංචිතයක් එනම් ඩොලර් බිලියන 45ක විදේශ සංචිතයක් බංග්ලාදේශ සතුවේ. එය ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් දස ගුණයකි.

ගෙවුම් ශේෂයට අදාල ක්‍රමෝපායික ප්‍රමිති

රටක සියලුම අන්තර් ජාතික ගනුදෙනු සහ විදේශ ණය එහි ගෙවුම් ශේෂයේ වාර්තාවේ. රටවල් ගෙවුම් ශේෂ සංඛ්‍යා ලේඛන අඛණ්ඩව හා කාලානුරූපව පවත්වාගෙන යාමට අන්තර් ජාතික වශයෙන් පිළිගත් ක්‍රමෝපායික ප්‍රමිති භාවිත කරති. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ (IMF) අත්පොත එහි සාමාජික රටවල් විසින් ගෙවුම්ශේෂ සකස් කිරීම සඳහා බයිබලය ලෙස පරිහරණයට ගනී.

1948දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ගෙවුම් ශේෂ සහ ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වය පිළිබඳ අත්පොත පළමුවෙන් නිකුත් කළේය. අවසාන වශයෙන් එම අත්පොත (BPM6) නිකත් කළේ 2009 වසර උදෙසාය. රටවල් අතර වේගවත්ව සිදුවන මූල්‍ය ගනුදෙනු සහ වෙනස්වන වෙළඳ ගනුදෙනුවලට අදාල මාර්ගෝපදේශ ද ඒ සමග පරිනාවයට ලක් වූයේය.

ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම

BPM 6 අත්පොත ගෙවුම් ශේෂවල මූල්‍ය ගනුදෙනු පහත ආකාරයෙන් වර්ගීකරණයට ලක්කර තිබේ. a) සෘජු ආයෝජන, b) සන්තක ආයෝජන, c) මූල්‍ය ගැනුම්, d) වෙනත් ආයෝජන, e) සංචිත වත්කම් සෘජු ආයෝජනවලට ව්‍යාපාර වස්තු සහ ණය සම්පාදන ඇතුළත් වේ. ඒ ආකාරයටම සන්තක ආයෝජනවලට ව්‍යාපාර වස්තු සහ ණය සම්පාදන අයත් වේ.

රජයේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් සහ දිගුකාලීන සුරැකුම් (භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ස්වෛරී බැඳුම්කර) සඳහා මුදල් යොදවන විදේශ ආයෝජකයන් සන්තක ආයෝජනවල ණය සුරැකුම් යටතේ ලේඛනගත කෙරේ.

(swap) හුවමාරු ගිවිසුම්වලින් රට තුළට ගලා එන මුදල් ප්රවාහයන් අනෙකුත් ආයෝජන සමග ණය ලෙස එක්කාසු වේ. එම නිසා ලබා ගන්නා රටට එනම් ශ්‍රී ලංකාවට ඒවා ආයෝජන වන්නේ නැත.

BPM 6 අත්පොත් වගන්ති අනුව එම නිසා ණය සැලකෙන්නේ ණය වගකීම් ලෙසය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම සාමාජික රටවලට පොදු කාරණයකි. එහිදී සංවර්ධිත රටවලට කියා වෙනසක් සිදු වන්නේ නැත.

මූල්‍ය ප්රවාහයන් පිටතට ගලායාම ශ්‍රී ලංකාව අත් විඳිමින් සිටී

2020දී ශ්‍රී ලංකාවෙන් ශුද්ධ ප්රාග්ධනය පිටතට ගලා යාමක් අත්විඳ තිබේ. එම වසර තුළ මූල්‍ය වත්කම්වල ශූද්ධ අත්පත් කර ගැනීම් සහ මූල්‍ය වගකීම් ශුද්ධ ලෙස රට තුළට ගලා ඒමේ සෑහෙන තරමක පහත වැටීමක් ද දිස්වේ.

රජයේ සුරැකුම් වෙළඳ පොළෙන් විදේශ ආයෝජන (ශුද්ධ ලෙස) පිටතට ගලා යෑම අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) නැවත ගෙවීම, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලා යෑමේ (ශුද්ධ) සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා ඒම පහත වැටීම සහ විදේශිකයන් අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) විකුණා දැමීම 2020 වගකීම් පහත වැටීමට හේතුවී තිබේ.

ගෙවුම් ශේෂ අසීරුතා නිසා නිල සංචිත (දළ) ප්‍රමාණය පහත වැටීම පසුගිය වසරේ මූල්‍ය වත්කම් ශුද්ධ ලෙස අත්පත් කර ගැනීම පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත.

අන්තර්ජාතික ආයෝජනවල සෘණාත්මක බව

ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික ආයෝජන සම්බන්ධයෙන් ඩොලර් බිලියන සෘණ 48ක ප්‍රමාණයක් පවත්වා ගනී. මෙය ප්‍රධාන වශයෙන්ම රජයේ සමස්ත ණය වගකීම් ප්‍රමාණය ඩොලර් බිලියන 28ක් වීමේ ප්රතිඵලයකි. එය මුළු වගකීම් වලින් සියයට 50ක කොටසකි.

වාණිජ බැංකු සහ blue -chip සමාගම් විසින් විදේශ ණය ගැනුම් වැඩිවීමේ ප්රමාණතාවක්ද දක්නට ඇත. 2013 පටන් මෑත කාලය දක්වාම ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ වෙතින් විදේශ ණය ගැනීම සඳහා ඔවුනට අවසරය දී තිබේ.

ටික දිනකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවුම්ශේෂ අසීරුතා මධ්‍යයේ රටතුළට ගලා එන විදේශ මුදල් වැඩිකර ගැනීමේ අරමුණෙන් විදේශ මූල්‍ය යෙදවීම් ශක්තිමත් කර ගැනීමේ මං පෙත් විවර කර ගැනීම සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කළේය. විදේශ ණය ගැනීමේදී විදේශ විනිමය අවදානම අවුරාලීම සඳහා මහ බැංකුව, පෞද්ගලික අංශයට පිරිවැයකින් තොරව හුවමාරු ණය සැපයීමට ද සූදානම්ව සිටී. මෙහිදී විකල්පයක් ලෙස විදෙස් පෞද්ගලික ආයතනවලට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් ආයෝජනය කිරීමේ අවස්ථා ද සලසා දී තිබේ.

ණය ගැනීම උදෙසා කරන එවැනි පෙළඹීම් වලින් ද රටේ ණය ගැනීම් තවදුරටත් වැඩි වන අතර ණය සේවා ගැටලුද ඉන් තිව්ර වනුයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා රටේ විදේශ මුදල් සංචිත ඇතැම් විට ගන්නන් වාලේ ගන්නා ණය උදෙසා ද වැය විය හැකි නිසාය.

ශ්‍රී ලංකාවේ බැඳුම්කර කෙරේ විදේශීය ආයෝජකයන් ආකර්ශනය නොවීම

ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 1000ක වටිනාකමෙන් යුතු අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර ජූලි මාසය වනවිට ගෙවා හමාර කරන්නට නියමිතය. ඒ සමගම මේ වසරේ අගෝස්තු වන විට ඩොලර් මිලියන 1325ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලට ගෙවිය යුතුවේ.

මෑත කාලයේ පැවැත්වූ ඩොලර් වලින් නාමකරණය කරන ලද බැඳුම්කර උදෙසා පැවැත්වූ වෙන්දේසිවලදී විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගන්නට රජයට අසීරු වීම නිසා මේ වන විට ණය ගැටලුව තව තවත් උත්සන්න වී තිබේ.

ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් කෙසේවේද යන්න ආයෝජකයන් ඒ වෙනුවෙන් දක්වන සැලකිල්ලෙන් පිළිබිඹු වේ. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසි කරනු ලැබූ අවසාන අවස්ථා දෙකේදීම ආයෝජකයන් ඒවා බලාපොරොත්තු වූ තරම් මිලදී ගත්තේ නැත. පසුගිය වසරේ නොවැම්බරයේ පැවැත් වූ වෙන්දේසියේ දී ඩොලර් මිලියන 200ක් බලාපොරොත්තු වූ නමුත් මහ බැංකුවට ලබා ගැනීමට හැකි වූයේ ඩොලර් මිලියන 24.82 ක් පමණි. එහිදි සියයට 67ක් පමණ ප්‍රමාණයක් අලෙවී වී නැත. ජනවාරියේදී මිලියන 200ක් වටිනා බැඳුම්කරය අලෙවිය ද සඳහා පිරිනැමූ මුත් ඒක රාශිකර ගත හැකි වූයේ ඩොලර් මිලියන 43ක් පමණි. එහිදී සියයට 78ක ප්‍රමාණයක් අලෙවි වී නැත.

මෑතක දී පැවැත්වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියේද සැලකිය යුතු වර්ධනයක් ලබා නොමැත. එයින්ද පෙන්නුම් කරන්නේ රටේ ණය ස්ථාවර භාවය පිළිබඳව විදේශීය ආයෝජකයන් තුළ ඇති නොකැමැත්තයි.

අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් විදේශ ණය ලබා ගැනීම අපහසු වන පසු බිමක මෑතක දී රටේ ස්වාධීන බැඳුම්කර ශ්‍රේණියත් පහත වැටී ඇති පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවුම් ශ්‍රේෂ අර්බුද තාවකාලිකව විසදා ගැනීමට මුල්‍ය හුවමාර (swap) ඔස්සේ ණය ගැනීම වෙත යොමුවී තිබේ.

ඊළඟ මාස 12 ඇතුළත පියවා දැමිය යුතු ණය බිලියන 7.3දක්වා වැඩිවී තිබේ. මෙකී මුළු ගණන මහ බැංකු වර්තා අනුව විදේශ බැංකු වලින් දේශීය වශයෙන් ගෙන ඇති ණය ඩො. බිලියන 3ක ප්‍රමාණයක් ද ඇති නිසා ඩො. බිලියන 4ක් පමණ ගණනක් ඉක්මනින් නැවත ගෙවා දැමිය යුතුව තිබේ. බංග්ලාදේශය සමග මුල්‍ය හුවමාරුවට ගිවිසුමට පෙර චින යුවාන් බිලියන 10ක් (ඩො.මි. 1.5පමණ) සඳහා චිනයේ peoples Bank (මහජන බැංකු) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි ඉදිරි කාලයේ තව තවත් මුල්‍ය හුවමාරු පරිදි ඉදිරි කාලයේ තව තවත් මුල්‍ය හුවමාරු ණය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මෙම මුල්‍ය හුවමාරු වලින් ගෙවුම් ශේෂ අර්බුදයකට යම් සහනයක් කෙටි කාලයේදී ලැබුණද. රටේ සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් අස්ථාර බවක් ඇතිවන නිසා දැඩි (කටුක බව දැනෙන) ව්‍යුහාත්මක වෙනස්කම් ඒ නිසා ඉදිරියේද කරන්නට සිදු වනු නියතය. විශේෂයෙන් ගෙවුම් ශේෂයේ ද කරන්නට සිදුවනු නියතය. විශේෂයෙන්ම ගෙවුම් ශේෂය හා මුල්‍ය හිඟය සම්බන්ධයෙන් එම වෙනස්කම් කිරීමට සිදුවේ.

මතු පරම්පරාවට හාර දෙන මුල්‍ය ඉලක්ක.

මුල්‍ය නීති රීති ලිහිල් කරනු පිණිස 2003 මුල්‍ය කළමනාකරණ (වගකීම) පිළිබඳ පනතට පසුගිය සතියේ ගෙන ආ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙයින් තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු නියතය.

ඒ අනුව රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයන්ට සහ පෞද්ගලික ආයතනවලට දෙන බැංකු ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට භාණ්ඩාගාරය සහතික වීම් සපයයි. දළ ජාතික නිෂ්පාදනයෙන් කෙතරම් අනුපාතයක් ණය ලබාගත්තේ ද යන්න අදාල 2013 ඉලක්කය 2030 දක්වා ගෙනයාමට තීරණය විය. 2003 මෙම පනත සම්මත කරන විට රාජ්‍ය ණය 2006 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 85 ලෙස අඩු කොට පවත්වාගෙන යෑමේ ඉලක්කය සම්මත විය. එය 2013 දී සියයට 60 දක්වා පහළ මට්ටමක පවත්වා ගැනීමට ද තීරණය විය. ඒ සමගම අයවැය හිඟය, දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 5 ක මට්ටමේ රඳවා ගැනීමට ද බලාපොරොත්තු විය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ හාත්පසින් වෙනස් දෙයකි. අද ණය අනුපාතය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 110කි. මේ වසර අයවැය හිඟය ද.ජා. නිෂ්පාදනයෙන් සියයට 12කට වැඩි සේයක් පෙනේ.

පසුගිය වසර 18 පුරා බලයට පැමිණි ආණ්ඩු මෙම මුල්‍ය ඉලක්ක රඳවා තබා ගන්නට කිසි ලෙසකින් උත්සාහයක් දැරුවේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මුල්‍ය තත්ත්වය වසරෙන් වසර පිරිහෙන්නට ගත්තේ ණය හරිත භාවය තව තවත් වැඩි වෙමිනි. දැන් රජයට බංග්ලාදේශයේ උපකාරය ද ඉල්ලන්නට සිදුව තිබේ.

බංග්ලාදේශයෙන් ණය ලබාගැනීමට සිදුවූ ලජ්ජාව මකා ගන්නට බංග්ලාදේශයෙන් ලබාගත් මුල්‍ය අතමාරුව ණයක් නොව ආයෝජනයකැයි කියා සිටීමට කිසිම දේශපාලකයකුට අයිතියක් නැත. මෙහිදී එය ණයක් වන හැටි විග්රහ කර ඇත.

නියමිතව තිබු සියලු අයවැය ඉලක්ක දැන් තවත් අවුරුදු 10කට කල් තබා තිබේ. මෙයින් වන්නේ මතු පරපුරට මුහුණ දෙන්නට සිදුවන මුල්‍ය දුෂ්කරතා තව තවත් ඔවුනගේ පිට පටවා අත සෝදාගෙන සතුටුවීමයි.

[QUOTE="hichchiputha, post: 26648010, member: 565736"] [B]ඔහු මෙසේ සඳහන් කළ බවද වාර්තා වූයේය. ‘බංග්ලාදේශය වෙන කිසිම අයකුට වඩා එක්සත් රාජධානියට ණය නිකුත් කිරීමේ නිරත වෙනවා. ශ්‍රී ලංකාව කරන්නෙත් එවැන්නක්. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට හෝ යුරෝපා සංගමයේ වෙනත් දියුණු රටකට මුදල් ණයට දෙනවිට අප එය හඳුන්වන්නේ ආයෝජනයක් ලෙසයි. එකම වෙනස වන්නේ එය තුන්වැනි ලෝකයේ රටකට දෙනවිට ණයක් ලෙස හැඳින්වීමයි. එහි ඇති වෙනස එපමණයි. කබ්රාල් තවදුරටත් මෙසේ කීවේය. ආයෝජන සිදුවෙන අවස්ථාවේ දී තමයි තරමක් එම ප්‍රතිමානය වෙනස් වෙන්නේ. එය ශ්‍රී ලංකාවේ සිදුවන ආයෝජනයක් නම් එය ණයක් හැටියට හඳුන්වයි. එම ආයෝජනය දියුණු රටක කළේ නම් එය ආයෝජනයක් ලෙස හඳුන්වාවි. වෙනස එපමණයි.[/B] ඉහත ප්‍රකාශය පරිස්සමෙන් විග්රහ කළ යුතුවේ. මන්දයත් ඒ වටා කොන්දේසි කිහිපයක් පවතින බැවිනි. [B]නොමග යවන සුළු ප්‍රකාශයක්[/B] අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වන පරිදි යම් රටක් හා සෙසු ලෝකය අතර ගනුදෙනුවක් සිදුවන විට දී එය ණයක් වේවා ආයෝජනයක් වේවා දුප්පත් පොහොසත් කුමන හෝ රටවල් අතර සිදු වූවත් එය හඳුන්වනු ලබන්නේ එකම ආකාරයකිනි. එම නිසා යම් රටක් එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමයේ රටක වැනි දියුණු ආර්ථිකයකට ණයක් දෙනවිට එය ආයෝජනයක් ලෙස සලකන බව හා ඒ අතර ශ්‍රී ලංකාව වැනි රටක් එවැන්නක් ගන්නා විට ණයක් හැටියට සලකන බව කීම වැරදි කතාවකි. ණය දෙන රටේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට දුප්පත් රටකට ණය දුන්නත් පොහොසත් රටකට ණය දුන්නත් එය ආයෝජනයකි. ණය ලබා ගන්නා රටට එය ශ්‍රී ලංකාව වේවා ඇමරිකාව වේවා ඒ ආකාරයට රට තුළට එන මූල්‍ය ප්‍රවාහයක් විදේශ ණයකි. එම නිසා ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් හෝ වෙනත් රටකින් ණයට ගැනීමේ දී ඇතිවන ලජ්ජාව වසා ගැනීමට විදේශ ණය ආයෝජන ලෙස නාමකරණය කිරීම නොමග යැවීමකි. බංග්ලාදේශය සමග මුල්‍ය ගනුදෙනුව ආයෝජනයක් නොව ණයකි. බංග්ලාදේශයේ මහ බැංකුවත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෑතක දී එළඹුණු (swap) හුවමාරු ගිවිසුම රජය විසින් (swap) හුවමාරු පහසුකම් ලබාගත් අවසන් අවස්ථාවයි. මෙම මූල්‍ය හුවමාරුව බංග්ලාදේශ රජය විසින් ඩොලර් වලින් ලබා දෙන ණයකි. එම ගිවිසුම අනුව කල්පිරෙන කාලයේ දී එම ණය ආපසු ගෙවිය යුතුවේ. උත්ප්රාසයට හේතු වූයේ බංග්ලාදේශය සිය ඉතිහාසයේ දී තවත් රටකට දෙන පළමු වැනි මූල්‍ය සහයෝගය ලෙස මෙම හුවමාරු (swap) ණය මුදල වාර්තා කර තිබීමයි. ඩොලර් බිලියන ගණන් ආධාර ලබා ගන්නා දිළිඳුභාවයේ ගැලී සිටි රටක් වූ බංග්ලාදේශය තවත් රටකට ණයක් දෙන්නට තරම් ශක්තියක් ඇති රටක් ලෙස ගෝලීය වශයෙන් එතෙක් හඳුනාගෙන තිබුණේ නැත. එහෙත් එරට ආර්ථිකය පසුගිය දශක දෙක තුළ අද්විතීය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. එම රට 2020දී වඩාත් වේගවත්ව වර්ධනය වූ දකුණු ආසියානු රට බවට පත්වූයේය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්ව සිටි හෙන්රි කිසින්ජර් 1971 බංග්ලාදේශය ‘පතුලක් නැති කූඩය’ කැයි කියමින් හාස්‍යයට ලක් කළේය. අද වනවිට විශාල විදේශ සංචිතයක් එනම් ඩොලර් බිලියන 45ක විදේශ සංචිතයක් බංග්ලාදේශ සතුවේ. එය ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මෙන් දස ගුණයකි. [B]ගෙවුම් ශේෂයට අදාල ක්‍රමෝපායික ප්‍රමිති[/B] රටක සියලුම අන්තර් ජාතික ගනුදෙනු සහ විදේශ ණය එහි ගෙවුම් ශේෂයේ වාර්තාවේ. රටවල් ගෙවුම් ශේෂ සංඛ්‍යා ලේඛන අඛණ්ඩව හා කාලානුරූපව පවත්වාගෙන යාමට අන්තර් ජාතික වශයෙන් පිළිගත් ක්‍රමෝපායික ප්‍රමිති භාවිත කරති. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ (IMF) අත්පොත එහි සාමාජික රටවල් විසින් ගෙවුම්ශේෂ සකස් කිරීම සඳහා බයිබලය ලෙස පරිහරණයට ගනී. 1948දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ගෙවුම් ශේෂ සහ ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වය පිළිබඳ අත්පොත පළමුවෙන් නිකුත් කළේය. අවසාන වශයෙන් එම අත්පොත (BPM6) නිකත් කළේ 2009 වසර උදෙසාය. රටවල් අතර වේගවත්ව සිදුවන මූල්‍ය ගනුදෙනු සහ වෙනස්වන වෙළඳ ගනුදෙනුවලට අදාල මාර්ගෝපදේශ ද ඒ සමග පරිනාවයට ලක් වූයේය. [B]ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම[/B] BPM 6 අත්පොත ගෙවුම් ශේෂවල මූල්‍ය ගනුදෙනු පහත ආකාරයෙන් වර්ගීකරණයට ලක්කර තිබේ. a) සෘජු ආයෝජන, b) සන්තක ආයෝජන, c) මූල්‍ය ගැනුම්, d) වෙනත් ආයෝජන, e) සංචිත වත්කම් සෘජු ආයෝජනවලට ව්‍යාපාර වස්තු සහ ණය සම්පාදන ඇතුළත් වේ. ඒ ආකාරයටම සන්තක ආයෝජනවලට ව්‍යාපාර වස්තු සහ ණය සම්පාදන අයත් වේ. රජයේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් සහ දිගුකාලීන සුරැකුම් (භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ස්වෛරී බැඳුම්කර) සඳහා මුදල් යොදවන විදේශ ආයෝජකයන් සන්තක ආයෝජනවල ණය සුරැකුම් යටතේ ලේඛනගත කෙරේ. (swap) හුවමාරු ගිවිසුම්වලින් රට තුළට ගලා එන මුදල් ප්රවාහයන් අනෙකුත් ආයෝජන සමග ණය ලෙස එක්කාසු වේ. එම නිසා ලබා ගන්නා රටට එනම් ශ්‍රී ලංකාවට ඒවා ආයෝජන වන්නේ නැත. BPM 6 අත්පොත් වගන්ති අනුව එම නිසා ණය සැලකෙන්නේ ණය වගකීම් ලෙසය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම සාමාජික රටවලට පොදු කාරණයකි. එහිදී සංවර්ධිත රටවලට කියා වෙනසක් සිදු වන්නේ නැත. මූල්‍ය ප්රවාහයන් පිටතට ගලායාම ශ්‍රී ලංකාව අත් විඳිමින් සිටී 2020දී ශ්‍රී ලංකාවෙන් ශුද්ධ ප්රාග්ධනය පිටතට ගලා යාමක් අත්විඳ තිබේ. එම වසර තුළ මූල්‍ය වත්කම්වල ශූද්ධ අත්පත් කර ගැනීම් සහ මූල්‍ය වගකීම් ශුද්ධ ලෙස රට තුළට ගලා ඒමේ සෑහෙන තරමක පහත වැටීමක් ද දිස්වේ. රජයේ සුරැකුම් වෙළඳ පොළෙන් විදේශ ආයෝජන (ශුද්ධ ලෙස) පිටතට ගලා යෑම අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) නැවත ගෙවීම, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලා යෑමේ (ශුද්ධ) සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා ඒම පහත වැටීම සහ විදේශිකයන් අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) විකුණා දැමීම 2020 වගකීම් පහත වැටීමට හේතුවී තිබේ. ගෙවුම් ශේෂ අසීරුතා නිසා නිල සංචිත (දළ) ප්‍රමාණය පහත වැටීම පසුගිය වසරේ මූල්‍ය වත්කම් ශුද්ධ ලෙස අත්පත් කර ගැනීම පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත. [B]අන්තර්ජාතික ආයෝජනවල සෘණාත්මක බව[/B] ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික ආයෝජන සම්බන්ධයෙන් ඩොලර් බිලියන සෘණ 48ක ප්‍රමාණයක් පවත්වා ගනී. මෙය ප්‍රධාන වශයෙන්ම රජයේ සමස්ත ණය වගකීම් ප්‍රමාණය ඩොලර් බිලියන 28ක් වීමේ ප්රතිඵලයකි. එය මුළු වගකීම් වලින් සියයට 50ක කොටසකි. වාණිජ බැංකු සහ blue -chip සමාගම් විසින් විදේශ ණය ගැනුම් වැඩිවීමේ ප්රමාණතාවක්ද දක්නට ඇත. 2013 පටන් මෑත කාලය දක්වාම ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ වෙතින් විදේශ ණය ගැනීම සඳහා ඔවුනට අවසරය දී තිබේ. ටික දිනකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවුම්ශේෂ අසීරුතා මධ්‍යයේ රටතුළට ගලා එන විදේශ මුදල් වැඩිකර ගැනීමේ අරමුණෙන් විදේශ මූල්‍ය යෙදවීම් ශක්තිමත් කර ගැනීමේ මං පෙත් විවර කර ගැනීම සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කළේය. විදේශ ණය ගැනීමේදී විදේශ විනිමය අවදානම අවුරාලීම සඳහා මහ බැංකුව, පෞද්ගලික අංශයට පිරිවැයකින් තොරව හුවමාරු ණය සැපයීමට ද සූදානම්ව සිටී. මෙහිදී විකල්පයක් ලෙස විදෙස් පෞද්ගලික ආයතනවලට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් ආයෝජනය කිරීමේ අවස්ථා ද සලසා දී තිබේ. ණය ගැනීම උදෙසා කරන එවැනි පෙළඹීම් වලින් ද රටේ ණය ගැනීම් තවදුරටත් වැඩි වන අතර ණය සේවා ගැටලුද ඉන් තිව්ර වනුයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා රටේ විදේශ මුදල් සංචිත ඇතැම් විට ගන්නන් වාලේ ගන්නා ණය උදෙසා ද වැය විය හැකි නිසාය. [B]ශ්‍රී ලංකාවේ බැඳුම්කර කෙරේ විදේශීය ආයෝජකයන් ආකර්ශනය නොවීම[/B] ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 1000ක වටිනාකමෙන් යුතු අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර ජූලි මාසය වනවිට ගෙවා හමාර කරන්නට නියමිතය. ඒ සමගම මේ වසරේ අගෝස්තු වන විට ඩොලර් මිලියන 1325ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලට ගෙවිය යුතුවේ. මෑත කාලයේ පැවැත්වූ ඩොලර් වලින් නාමකරණය කරන ලද බැඳුම්කර උදෙසා පැවැත්වූ වෙන්දේසිවලදී විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගන්නට රජයට අසීරු වීම නිසා මේ වන විට ණය ගැටලුව තව තවත් උත්සන්න වී තිබේ. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් කෙසේවේද යන්න ආයෝජකයන් ඒ වෙනුවෙන් දක්වන සැලකිල්ලෙන් පිළිබිඹු වේ. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසි කරනු ලැබූ අවසාන අවස්ථා දෙකේදීම ආයෝජකයන් ඒවා බලාපොරොත්තු වූ තරම් මිලදී ගත්තේ නැත. පසුගිය වසරේ නොවැම්බරයේ පැවැත් වූ වෙන්දේසියේ දී ඩොලර් මිලියන 200ක් බලාපොරොත්තු වූ නමුත් මහ බැංකුවට ලබා ගැනීමට හැකි වූයේ ඩොලර් මිලියන 24.82 ක් පමණි. එහිදි සියයට 67ක් පමණ ප්‍රමාණයක් අලෙවී වී නැත. ජනවාරියේදී මිලියන 200ක් වටිනා බැඳුම්කරය අලෙවිය ද සඳහා පිරිනැමූ මුත් ඒක රාශිකර ගත හැකි වූයේ ඩොලර් මිලියන 43ක් පමණි. එහිදී සියයට 78ක ප්‍රමාණයක් අලෙවි වී නැත. මෑතක දී පැවැත්වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියේද සැලකිය යුතු වර්ධනයක් ලබා නොමැත. එයින්ද පෙන්නුම් කරන්නේ රටේ ණය ස්ථාවර භාවය පිළිබඳව විදේශීය ආයෝජකයන් තුළ ඇති නොකැමැත්තයි. අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් විදේශ ණය ලබා ගැනීම අපහසු වන පසු බිමක මෑතක දී රටේ ස්වාධීන බැඳුම්කර ශ්‍රේණියත් පහත වැටී ඇති පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවුම් ශ්‍රේෂ අර්බුද තාවකාලිකව විසදා ගැනීමට මුල්‍ය හුවමාර (swap) ඔස්සේ ණය ගැනීම වෙත යොමුවී තිබේ. ඊළඟ මාස 12 ඇතුළත පියවා දැමිය යුතු ණය බිලියන 7.3දක්වා වැඩිවී තිබේ. මෙකී මුළු ගණන මහ බැංකු වර්තා අනුව විදේශ බැංකු වලින් දේශීය වශයෙන් ගෙන ඇති ණය ඩො. බිලියන 3ක ප්‍රමාණයක් ද ඇති නිසා ඩො. බිලියන 4ක් පමණ ගණනක් ඉක්මනින් නැවත ගෙවා දැමිය යුතුව තිබේ. බංග්ලාදේශය සමග මුල්‍ය හුවමාරුවට ගිවිසුමට පෙර චින යුවාන් බිලියන 10ක් (ඩො.මි. 1.5පමණ) සඳහා චිනයේ peoples Bank (මහජන බැංකු) සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි ඉදිරි කාලයේ තව තවත් මුල්‍ය හුවමාරු පරිදි ඉදිරි කාලයේ තව තවත් මුල්‍ය හුවමාරු ණය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. මෙම මුල්‍ය හුවමාරු වලින් ගෙවුම් ශේෂ අර්බුදයකට යම් සහනයක් කෙටි කාලයේදී ලැබුණද. රටේ සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් අස්ථාර බවක් ඇතිවන නිසා දැඩි (කටුක බව දැනෙන) ව්‍යුහාත්මක වෙනස්කම් ඒ නිසා ඉදිරියේද කරන්නට සිදු වනු නියතය. විශේෂයෙන් ගෙවුම් ශේෂයේ ද කරන්නට සිදුවනු නියතය. විශේෂයෙන්ම ගෙවුම් ශේෂය හා මුල්‍ය හිඟය සම්බන්ධයෙන් එම වෙනස්කම් කිරීමට සිදුවේ. [B] මතු පරම්පරාවට හාර දෙන මුල්‍ය ඉලක්ක.[/B] මුල්‍ය නීති රීති ලිහිල් කරනු පිණිස 2003 මුල්‍ය කළමනාකරණ (වගකීම) පිළිබඳ පනතට පසුගිය සතියේ ගෙන ආ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙයින් තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු නියතය. ඒ අනුව රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයන්ට සහ පෞද්ගලික ආයතනවලට දෙන බැංකු ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට භාණ්ඩාගාරය සහතික වීම් සපයයි. දළ ජාතික නිෂ්පාදනයෙන් කෙතරම් අනුපාතයක් ණය ලබාගත්තේ ද යන්න අදාල 2013 ඉලක්කය 2030 දක්වා ගෙනයාමට තීරණය විය. 2003 මෙම පනත සම්මත කරන විට රාජ්‍ය ණය 2006 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 85 ලෙස අඩු කොට පවත්වාගෙන යෑමේ ඉලක්කය සම්මත විය. එය 2013 දී සියයට 60 දක්වා පහළ මට්ටමක පවත්වා ගැනීමට ද තීරණය විය. ඒ සමගම අයවැය හිඟය, දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 5 ක මට්ටමේ රඳවා ගැනීමට ද බලාපොරොත්තු විය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ හාත්පසින් වෙනස් දෙයකි. අද ණය අනුපාතය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 110කි. මේ වසර අයවැය හිඟය ද.ජා. නිෂ්පාදනයෙන් සියයට 12කට වැඩි සේයක් පෙනේ. පසුගිය වසර 18 පුරා බලයට පැමිණි ආණ්ඩු මෙම මුල්‍ය ඉලක්ක රඳවා තබා ගන්නට කිසි ලෙසකින් උත්සාහයක් දැරුවේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මුල්‍ය තත්ත්වය වසරෙන් වසර පිරිහෙන්නට ගත්තේ ණය හරිත භාවය තව තවත් වැඩි වෙමිනි. දැන් රජයට බංග්ලාදේශයේ උපකාරය ද ඉල්ලන්නට සිදුව තිබේ. බංග්ලාදේශයෙන් ණය ලබාගැනීමට සිදුවූ ලජ්ජාව මකා ගන්නට බංග්ලාදේශයෙන් ලබාගත් මුල්‍ය අතමාරුව ණයක් නොව ආයෝජනයකැයි කියා සිටීමට කිසිම දේශපාලකයකුට අයිතියක් නැත. මෙහිදී එය ණයක් වන හැටි විග්රහ කර ඇත. නියමිතව තිබු සියලු අයවැය ඉලක්ක දැන් තවත් අවුරුදු 10කට කල් තබා තිබේ. මෙයින් වන්නේ මතු පරපුරට මුහුණ දෙන්නට සිදුවන මුල්‍ය දුෂ්කරතා තව තවත් ඔවුනගේ පිට පටවා අත සෝදාගෙන සතුටුවීමයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom