Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ඩොලර් 500 කින් පටන්ගත් මුහුදටත් ගුවනටත් විහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් 500 කින් පටන්ගත් මුහුදටත් ගුවනටත් විහ&#3

ඩොලර් 500 කින් පටන්ගත් මුහුදටත් ගුවනටත් විහිදුණු ව්‍යාපාර ජාලය...

ඉන්දු ලක්සින් වික්‍රමසිංහ සේනානායක ඔහුගේ සම්පූර්ණ නාමය වේ. එහෙත් ව්‍යවසායකත්ව ක්ෂේත්රයේදී, මෙතෙරදී මෙන්ම එතෙරදී ඔහු ප්රකටව සිටින්නේ ආතර් සේනානායක යන නාමයෙනි. ව්‍යාපාර ආයතන සමූහයකින් යුතු IWS සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්ව ක්ෂේත්රයේදී එම ක්ෂේත්රයට පිවිසෙන බොහෝ දෙනා හට පරමාදර්ශි වූ චරිතයක් ලෙස ආතර් සේනානායක නාමය සඳහන් කළ හැකිය.

භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා, හෙලිකොප්ටර් යානා මෙන්ම පෞද්ගලික ගුවන්යානා ගොඩ බැස්සවීම සඳහා වූ පර්යන්තයක් ද ඔහු සතුය. ලෝප්‍රකට පෝෂේ මෙන්ම වොල්වෝ සුපිරි මෝටර් රථ මෙරටට ගෙන්වා බෙදාහරින්නේ ද ඔහු සතු ආයතන වෙතිනි. ආට් (ART) ටෙලිවිෂන් නාළිකාවේ නිර්මාතෘ වන්නේ ඔහුය. සම්පූර්ණ වශයෙන් ගත් කල ආතර් සේනානායකයන්ට අයත් IWS සමූහ ආයතනය සතු ව්‍යාපාරික ආයතන ගණන විස්සකට ආසන්නය.

ඔහු එම සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති වන අතර සම්පත් සෙන්ටර් හි සභාපතිවරයා ලෙසත් කටයුතු කරන්නේය. ඊටත් අමතරව ලංකා - බංග්ලා ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂවරයෙකි. ලංකා - බංග්ලා ආරක්ෂා සමාගමේ අධ්යක්ෂවරයකු ද වන අතර සම්පත් ලීසිං සහ ෆැක්ටරින් සමාගමේ හිටපු සභාපතිවරයා වෙයි. එමෙන්ම බැංකු ක්ෂේත්රයේ සම්මානනීය ගමනක යෙදී සිටින සම්පත් බැංකු සමාගමේ ආරම්භක අධ්යක්ෂවරයා වූවේද මේ ආතර් සේනානායකයන්ය.

එස්. සී. සිකුරිටිස් ආයතනයේ හිටපු සභාපතිවරයා වන්නේ ද ඔහුය. මෙලෙසින් තනතුරු හොබවමින් ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ මහා පරිමාණ ගමනක් ගිය අපරිමාණ චරිතයක් වන ඔහුගේ දීර්ඝ වූ කතාව සංක්ෂිප්ත කොට ‘අභියෝග ජයගත් මිනිස්සු’ කතා මාලාව වෙතින් අද අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ හිණිපෙත්තට නැගි චරිතයක් වුවද අයි.ඩබ්. සේනානායකයන් (ආතර් සේනානායක) යනු බෞද්ධාගමේ හරය දැනගෙන, විනයක් ඇතිව ජීවිතය ගෙවා දමන අර්ථාන්විත මිනිසෙකි. මේ අපූරු මිනිසා උපන්නේ දකුණු ලකේ අගනගරය වන ගාල්ලේදීය. ඔහුගේ පියාගේ ගම මාතලේ වුවද මව්පියන් සමග ඔහු දිවි ගමන ඇරඹියේ ගාල්ලේ සිටය.

තාත්තා වැවිලි කර්මාන්තයේ නියැළි චරිතයක්ව සිටි අතර ව්‍යාපාර කටයුතු ද කළේය. ඉන්දු ලක්සින් සේනානායක පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ නැගණියක සතුය. පවුලේ වැඩිමලා පිරිමි දරුවකු වූ නිසා ඊළඟට මේ මව්පිය යුවළ අපේක්ෂා කළේ ගැහැනු දරුවෙකි. ඒත් උපන්නේ පිරිමි දරුවෙකි.

‘අම්මා ගැහැනු දරුවකුට තිබූ ආසාව නිසාම මගේ කොණ්ඩය වැවෙන්නට ඉඩ හැරියා. පුංචිම කාලයේදී මගේ අතට වළලුත් දාලා තිබුණා. කොටින්ම කිව්වොත් මොන්ටිසෝරි අධ්‍යාපනයේදී මාව දාලා තිබුණෙ කන්‍යාරාමයකට. පසුව පාසල් ගමන පටන් ගත්තේ ගාල්ල මහින්දයෙන්. පළමු වසරේ සිට අවසානය තෙක් පාසල් ජීවිතය ගත කළේ මහින්දයේ.’

ඉනික්බිතිව ඉන්දු ලක්සින් සේනානායක ඔහුගේ වුවමනාව මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට තීරණය කළේය. ඒ 1968 වසරේදී පමණය.

‘ඇයි එහෙම ගියේ?’ අපි ඔහුගෙන් විමසීමු.

‘ඒ කාලයේ හැටියට පවුලේ වැඩිමලා ඇඳි වස්ත්‍රයේ සිට එයා පාවිච්චි කළ බඩු භාණ්ඩ තමයි මල්ලිලාට භාවිත කරන්න දුන්නෙත්. මට නිතරම ලැබුණෙ පරණ ඇඳුම්, පරණ පොත්. හැබැයි නංගිට ලැබුණෙ අලුත් දේ. මොකද එයා ගැහැනු ළමයා නිසා. එයාට අක්කෙක් සිටියෙ නැති නිසාත් එහෙම වුණා. හැබැයි මේ වගේ දේ නිසා පොඩි කාලයේ ඉඳලාම මගේ ශක්තියෙන් නැගී සිටීමේ අරමුණක් මට තිබුණා.’

ඒ නිසා එදා පාසල් සමයේදී සුරතල් මසුන් ඇතිකර ඒවා විකුණා මුදල් හොයා ගත්තා. මුදල් ලැබුණාම මම මටම අලුත් දේ මිලදී ගැනීම කළා. සමහර අවස්ථාවලදී අයියා පරිහරණය කළ දේටත් වඩා ඉස්තරම් දේ ඒ නිසා මම පරිහරණය කළා. එවැනි දේ නිසා කළ ව්‍යාපාරය උනන්දුවෙන් කිරීමටත් පුරුදු වුණා.

එදා පාසල් සමයේදීම ‘තමන් හිසට තම අතමය හෙවණැල්ල’ යන අරමුණ ඇතිව කටයුතු කිරීම ඔහුගේ පුරුද්දක් විය. එදා සුරතල් මසුන් ඇතිකොට ඒවා විකුණා ලැබූ මුදලින් සපත්තු, ඔරලෝසු, ඇඳුම් ආදිය මිලදී ගත්තේ ඔහුටම පමණක්ම නොවීය. තමා සමග එකට ඉගෙන ගත් මිතුරෙක් සිටියේය කාටත් හොරා ඔහු මිතුරා හට උදව් කළේය. එම මිතුරා ඔහුට කීවේ ‘අතුල’ කියාය.

‘අතුල තමන් හිසට තම අතම තමයි හෙවණැල්ල’ යනුවෙන් දිනෙක මිතුරා කීය. එය ඔහුට ගෙන දුන්නේ ධෛර්යසම්පන්න බවකි. පාසල් ජීවිතයේදී මව්පියන්ගෙන් පමණක් යැපීම නොකළ ඔහු විදෙස්ගතවීමට සිතා ගත්තේ ඉන් පසුවය. ස්වකීය ජීවිතයේ යායුතු ගමන ගැන ඔහු හොඳින් දැන සිටියාම විය හැකිය.

හැටේ දශකයේ නිමාවට පෙර ඔහු යුරෝපය බලා පිටත්ව ගිය අතර එහිදී අලුත් ජීවිතයක ඇරඹුම වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අදිටන් කරගත්තේය. යුරෝපයට ගොස් ගත කළ ඒ දිවියේ මතකය ඔහු ගෙනහැර පෑවේ මෙලෙසිනි.

‘තාක්ෂණික ඉංජිනේරු අංශයෙන් තමයි මම එහිදී උසස් අධ්‍යාපනය ලැබුවේ. පසුව එම අංශයේ පුහුණු ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා. මුලින්ම රැකියාව කරද්දී පැය අටේ සීමාව ලෙස එය කළේ නැහැ. ආධුනිකයකු ලෙස ජර්මානු සමාගමක් හා එක්ව සේවය කරමින් සිටියේ. උදේ 8 ට ගියාම රාත්‍රී නවය දහය වන තෙක් සේවය කිරීමට පුරුදුව හිටියා. ඇත්තටම ඒකට විශේෂ හේතුවකුත් තිබුණා. උදේ දිවා රාත්‍රී යන අවස්ථා තුනේදීම ඒ සමාගම නොමිලේ ආහාර පාන සැපයුවා. ඉතින් මම කළේ උදේ වැඩට ආවාම, රාත්‍රී දක්වා සේවය කිරීමයි. ඒ නිසා අමතරව කෑමට වියදම් කරන්න සිදුවුණේ නැහැ. උදේ ඇවිත් වැඩ කරලා රාත්‍රී බෝඩිමට ගියේ නිදාගන්න.’

එදා ඉන්දු ලක්සින් තාරුණ්‍යයේ ඇරඹුමට අරුතක් ගෙන දුන්නේ එලෙසිනි. ඔහුගේ මේ සේවය කිරීමේ රටාව දිහා උකුසු ඇස් යොමුකර සිටි ආයතනයේ ප්‍රධානියකු පැමිණ දිනෙක ඔහුට මෙසේ කීවේය.

‘එදා මාත් ඔයා වගේ බොහෝම මහන්සි වෙලා වැඩ කළා. මම අද මේ තත්ත්වයට ආවේ ඒ නිසයි.’

ඒ කියමන අපේ මේ කතාවේ වීරයාට ගෙන දුන්නේ වීරත්වයක් මෙන්ම ධෛර්ය සම්පන්න බවකි. දිනෙන් දින මේ ධෛර්ය සම්පන්න මිනිසා පියවරෙන් පියවර ඉදිරියටම ගියේය. අවසන ඔහුට සිදුවූයේ මේ ජර්මානු සමාගම සතු රට රටවල පිහිටි වෙනත් ශාඛා සමාගම් වෙත ගොස් වගකීම් ඉටුකිරීමය. රටවල් 12 ක ආයතනවල වගකීම ඔහුට පැවරී තිබිණි. ඔහු රටින් රටට ගොස් ඒ වගකීම අකුරටම ඉටු කළේය.

විටෙක ගුවන්යානය ඔහුගේ උඩුගුවනේ නිවස බවට පත්වූයේ ඉබේටමය. සමාගමේ හාම්පුතුන්ගෙන් පෙරළා ඔහුට ලැබුණේ ලොකු ගෞරවයකි. ආදරයකි. එතරම්ම අවංක කැපවීමක් ඇතිව ඔහු සේවය ලබා දීම ඊට හේතුවය. ඇමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ රටවල සැරින් සැරේ සැරිසරමින් තම සේවය කරමින් සමාගමේ තාක්ෂණික ඉංජිනේරුවරයා ලෙස සිටියදී විටෙක සිංගප්පූරුව ඔහුගේ ගමනාන්තය බවට පත්විය. එවකට එම අංශයේ කටයුතු කළ ආසියාවේ දක්ෂතම ඉංජිනේරුවරයා ලෙස ඔහු නම් කළ හැකිය.

එලෙසින් දක්ෂයකු වුවද ඔහුගේ හිත කීවේ වෙනත් රැකියාවකට මාරුවන ලෙසය. ජීවිතයේ ඊළඟ හැරවුම ඇති වූයේ ඉන් පසුවය.

එදා මම වෙනත් තැනක රැකියාවකට හුවමාරුවීමට කල්පනා කරමින් සිටියදී මගේ හිතවත් සුදු ජාතිකයෙක් මට අපූරු කතාවක් කිව්වා.

ඇයි ඔයා මොකටද අලුත් රස්සාවකට යන්නේ? ඔයාගේ රට හරි ලස්සනයි. මම ඒ රටේ යෙහෙළියක සමග සංචාරය කරලා තියෙනවා. ඔයා එහේ යන්න. ගිහින් අපේ සමාගම වෙනුවෙන් පෙනී සිටින්න’ කීවා.

ඒත් මම ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළා. ‘අඩු තරමින් නිවාඩුවකට ගිහින් හරි මේ ගැන හිතලා බලන්න කීවා. ඒ අතරවාරයේදී මම ලංකාවට ඇවිත් මගේ වෘත්තියට අදාළව තිබූ අංශයේ යන්ත්‍රයක් අලෙවියට සැලැස්වූවා. එම යන්ත්‍රයට මම හිතුවටත් වඩා හොඳ ඉල්ලුමක් ලැබුණෙ. ඒ නිසා ලංකාවට ඒ තාක්ෂණයත් දීලා අපේ රටට යමක් කළොත් හොඳයි කියන අදහස ඊළඟට මට ඇතිවුණා.’

ආහාර පාන ඇසිරීම සහ පිරිසැකසුම්කරණය සඳහා වූ එම මැෂින් ගෙන්වා මෙරට අලෙවි කරන සමාගම මේ දිරිය මිනිසා පටන් ගත්තේ ඉනික්බිතිවය. ජර්මානු යන්ත්‍ර වූ බැවින් ඔහු එය පටන් ගත්ෙත් ජර්මේනියා නමිනි. සැබැවින්ම ඔහුට උරුම වන්නට ඇත්තේ මේ නිජබිම වෙතම වන්නට ඇත. තමාගේ වෘත්තියට අදාළ අංශයක යන්ත්‍රයක් ගෙන්වා අලෙවි කිරීමත් සමග ඇතිවූ ධෛර්ය අනුව නැවත විදේශයක රැකියාවක් නොකරන බවට ප්රබෝධයක් ඔහුට ඇතිවිණි.

‘මා උගත් දෙයින් ලංකාවට ඵලදායි දෙයක් කළ යුතුයි.’ යන්න ඔහු තමාටම සපථ කර ගත්තේය. ලෝකයේ විවිධ තැන්හි සැරිසරමින් තාක්ෂණය ගැන අත්දැකීම් රැසක් ලබා තාක්ෂණික පරිගණකයක් මෙන් වූ සේනානායකයන් ඉනික්බිතිව ඔහු සතු ඒ දැනුම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලබා දුන්නේ විප්ලවීය වෙනසකට සමාජය හරවමිනි.

සෙල්ටෙල් (CELLTELL) යනු මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන් ජංගම දුරකථන සේවාවන්හි ආරම්භක නාමයකි. 1992 වසරේදී සෙල්ටෙල් මොබයිල් ආරක්ෂණ සේවාව යන තාක්ෂණය ඔහු මෙරටට හඳුන්වා දීමට මුල් විය. එය සනිටුහන් වූවේ ලෝකයේම ජංගම දුරකථන ආරක්ෂණ සේවාවක් ස්ථාපිත කළ 29 වැනි ස්ථානය ලෙසය. ඊට පෙර මෝටෝරෝලා සංඥා (Paging) ක්‍රමය ද වෝකි ටෝකි උපකරණ පද්ධතිද, ඔහු විසින් මෙරටට හඳුන්වා දී තිබිණි.

ඊටත් අමතරව ART ටී.වී. ආයතනය බිහි කිරීමටද පුරෝගාමී විය. එවකට ස්ටීරියෝ තාක්ෂණයෙන් බිහිවූ ප්‍රථම ටී.වී. ආයතනය එය බව ඔහු සඳහන් කරයි. තාක්ෂණික උල්පතක් මෙන් වූ සේනායකයන් ලෝප්‍රකට වෙළෙඳ නාම යටතේ වූ සුපිරි රථවාහන හඳුන්වා දීමට ද මුල් විය.

BMW ලංකාවට හඳුන්වා දීමෙන් පසුව ජගුවර් රිජන්සි සමාගම ස්ථාපිත කළා.

ඉන්පසුව යුරෝ කාර් නමින් පෝෂේ රථ ගෙන්වීමටත්, ස්වීඩන්හි නිෂ්පාදිත වොල්වෝ රථ ගෙන්වා බෙදාහැරීමේ ආයතන ස්ථාපිත කළා. මේ සියල්ල අතරේ ගුවන්යානාවලට වුවමනා කරන අමතර කොටස් සහ ඊට අදාළව උපදෙස් දීම වෙනුවෙන් කොමෙස්කෝ ඉංජිනියරින් ආයතනය පටන් ගත්තා. ඒ තාක්ෂණය සහ ඒවා අලෙවි කිරීම වෙනුවෙන් තමයි එම ආයතනය ස්ථාපිත කළේ.’

‘එතකොට 'IWS' යටතේ හෙලිකොප්ටර් සහ නැව් ස්ථාපිත වුණේ කොහොමද? මෙම සමාගම් ජාලයේ සුවිෙශ්ෂි මංසළකුණු වූ ඒ සඳහා ඔහුගෙන් ඊළඟට අපි විමසීමු?

‘අක්කර පහළොවක පමණ ඉඩමක් අරගෙන විශාල අංගණයක් ස්ථාපිත කළේ මෙරටට එන නැව් බඩු, කන්ටේනර් ගබඩා කර තැබීම සඳහායි. ඒ මගින් අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන දීම අපේ අරමුණ වුණා. මෙම කන්ටේනර් පර්යන්තයට අමතරව ඒවා අලුත්වැඩියා කරන අංශයක් ස්ථාපිත කිරීම නිසා රටට ලැබුණෙ විශාල වාසියක්. IWS ඒවියේෂන් පටන් ගත්තෙ හෙලිකොප්ටර් සේවාව ලබාදීමටයි.’

සේනානායකයන් පවසන පරිදි IWS ඒවියේෂන් සතුව දැනට හෙලිකොප්ටර් 3 ක් ශ්‍රී ලංකාවේ තිබේ. තව 7 ක් මියන්මාරය, වියට්නාමය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව යන රටවලට බද්දට දී තිබේ. මේ ගුවන් සමාගමට සාපේක්ෂව හෙලිකොප්ටර් සහ එයාර්බස් මෙන්ම බෙල් හෙලිකොප්ටර් ගොඩ බැස්සවීම සහ නවතා තැබීම සඳහා තොටුපොළක් නිර්මාණය කිරීමට ද පසුගියදා ඔහුට හැකිවිය. ප්‍රයෝජනයට ගත නොහැකිව තිබූ විශාල වගුරු බිමක් උපයෝගී කරගෙන මෙය නිර්මාණය කිරීම සුවිශේෂි දෙයක් වන අතර පුද්ගලික සමාගමක් මෙරට හෙලිකොප්ටර් ගොඩබෑමේ සහ තොටුපොළක් නිර්මාණය කිරීම මෙරට ප්‍රථම වතාවට සිදුවූවකි.

මෙලෙසින් ආතර් සේනානායකයන්ගේ සංකල්ප මත ප්‍රායෝගික වූ සමාගම් ජාලය ගැන වෙනම පොතක් ලිවිය හැකිය. ආයතන 20 ගණනකට ආසන්න සංඛ්‍යාවක් අතරින් ඔහු බිහිකළ නැව් සේවා සමාගම වෙතින් මසකට නැව් 37 ක පමණ කන්ටේනර් විශාල ගොන්නක් ගොඩබෑම සිදුවේ. එමෙන්ම එම නැව් කන්ටේනර් අලුත්වැඩියා කටයුතු ද සිදුවිය.

විදේශ විනිමය උල්පතක් වූ ඒ මගින් රටට කීර්තියක් ද ලැබී තිබේ. මේ මහා සමාගම් ජාලය ගැන කරුණු විස්තර කරන අතරේ එදා සම්පත් බැංකුව ස්ථාපිත කළේ කෙසේද යන්න ගැනත් ඔහුගෙන් දැනගත යුතු ම ය.

‘අසූව දශකයේදී තමයි මට ඒ ආරාධනය ලැබුණේ. එන්.යූ. ජයවර්ධන මහත්තයා එවේලේ මට ආරාධනය කළාම මූලික ප්‍රාග්ධනයක් සැපයූ මම පළමු අධ්යක්ෂවරයකු සහ ආරම්භක සාමාජිකයකු ලෙස ඇතුළත් වුණා. පසුව වසර 25 ක් පමණ එහි සංවර්ධනය උදෙසා උපදෙස් දෙමින් කටයුතු කරන අතරේ වසර 8 ක් උපසභාපතිව හිටියා. පසුකලෙක සභාපති ලෙස වසර 3 ක් කටයුතු කළා. ලෝකයේ විශිෂ්ටතම සම්මාන පවා හිමිකර ගනිමින් සම්පත් බැංකුව ආ ගමන ගැන ලොකු සතුටක් මට තිෙබන්නෙ.

ඔහුට එ් සතුට ඇත්තේ ධන උල්පත් බිහිකළ සමාගම් ජාලයක් මැවූ මහා ඉන්ද්‍රජාලිකයකු වූ නිසා නොවේ. මිනිසුන් උදෙසා මහා මිනිස් දම්වැලකට ජීවනය වෙනුවෙන් තමාගේ සංකල්ප ප්‍රායෝගික වූ නිසාවෙනි. එදා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ඩොලර් 500 ක් අතැතිවය. අද ඉලක්කම්වලින් ලිවිය නොහැකි තරමට වූ විශාල ප්‍රාග්ධන පද්ධතියක් ස්ථාපිත වී ඇත්තේ එකී ඩොලර් 500 ඇරඹුම වෙතිනි.

එදා විදේශයන්හි සේවය කරමින් සිටියදී සුදු ජාතිකයින්ගේ ආමන්ත්රණයට පහසුව උදෙසා ඔහු ආතර් යන නාමය යොදාගත් බව කියයි. මිතුරන් විසින් ‘අතුල’ ලෙස ආමන්ත්ර්රණය කළ ඔහු ආතර් වූයේ ඒ අනුවය.

ආතර් සේනානායකයන්ගේ විවාහය සිදුවූයේ එදා සිංගප්පූරුවේ සිටියදී දැන හඳුනාගත් සිංගප්පූරු ජාතික කාන්තාවක සමගය. ඒ යුවළට දරු තිදෙනෙක් වූහ. දියණියන් දෙදෙනකු සහ එක් පිරිමි දරුවකු ඊට අයත් වූ අතර පිරිමි දරුවා අද ජීවිතය සඳහටම හැර ගොසිනි. ඒ ඩෙංගු මාරයාට ගොදුරු වීම නිසාය. තාත්තාගේ ඊළඟ පුරුක පුතාය. එහෙත් අද පුතා ඔහු සන්තකයේ නැත. ඒ පුතු ගැන ඔහු මතක ආවර්ජනය කළේ මෙලෙසිනි.

ඔහුට එ් සතුට ඇත්තේ ධන උල්පත් බිහිකළ සමාගම් ජාලයක් මැවූ මහා ඉන්ද්‍රජාලිකයකු වූ නිසා නොවේ. මිනිසුන් උදෙසා මහා මිනිස් දම්වැලකට ජීවනය වෙනුවෙන් තමාගේ සංකල්ප ප්‍රායෝගික වූ නිසාවෙනි. එදා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ඩොලර් 500 ක් අතැතිවය. අද ඉලක්කම්වලින් ලිවිය නොහැකි තරමට වූ විශාල ප්‍රාග්ධන පද්ධතියක් ස්ථාපිත වී ඇත්තේ එකී ඩොලර් 500 ඇරඹුම වෙතිනි.

‘ලොකු දූ ඉගෙන ගත්තෙ ලංකාවේ. පසුව එංගලන්තයට ගොස් උපාධිය ලබා ගත්තා. ඇය සම්පත් බැංකුවේ අධ්යක්ෂ ධුරයක් දරන අතර මාත් එක්ක මේ සමාගමේ ඉන්නවා. දෙවැනි දූ ලංකාවේ ඉගෙන ගෙන පසුව බොස්ටන් සරසවියෙන් උපාධිය ලබාගත්තා. පසුව ඇමෙරිකාවේ මෙන්ම සිංගප්පූරුවේ සේවය කොට අපේ ආයතනයට ඇවිත් එය වැඩිදියුණු කිරීමට කටයුතු කළා. දැන් ඇය ඇගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

මගේ පුතා වසර 6 කට පෙරදි නැති වුණේ. එතකොට එයාට වයස 21 යි. සිංගප්පූරු ගුවන් හමුදාවේ ආධුනික නියමුවකු ලෙස පුහුණුව ලබා සිංගප්පූරු විශේෂ කාර්ය බළ ඇණියේ සේවය කළා. මැරතන් ධාවන ශූරයකු ලෙස ඔලිම්පික් තරග සඳහා සිංගප්පූරුව නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පැරෂුට් ඩයිවර් කෙනෙක් ලෙසත් ප්‍රකට වුණා. සිංගප්පූරු රජයෙන් විශේෂ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලැබ උපාධිය සඳහා එයා එදා එංගලන්තයට ගිහින් හිටියෙ. එහි යන ගමන් නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියා.

පසුව එංගලන්තයට ගොස් නැවත ලංකාවට එන ගමනේදී එයා අසනීප වෙලා වහාම රෝමයේ රෝහලකට ඇතුළත් කොට තිබුණා. මම ගියා පුතා බලන්න. ඩෙංගු ගැන එයාලට වැටහීමක් නොතිබුණ නිසා පැය 48 ක් විතර ප්‍රතිකාර ලබාදී තිබුණෙ නැහැ. මම ගියාම පුතා කිව්වා ‘අපි හෙට හමුවෙමු’ කියලා. ඒත් ආයෙත් අපට කවදාවත් හමුවන්න බැරිවුණා.’

තාත්තා කෙනෙකු පුතෙකුගේ වියෝව ගැන කෙසේ නම් වචනවලට පෙරළන්නද? තම පුතුට තිබූ හැකියාවන් සහ ජවය ගැන ඔහු කියයි. කඳුළු පිට නොකර, හැඟුම් පාලනය කරගෙන ඔහු ඒ යළි නොඑන පුතාගේ අතීතය ගැන පවසයි. කඳුළු දෙනෙතින් පිට නොවූවද සේනානායකයන් හදවතින් හඬන තරම පිටකරන සුසුම්වලින් අපට දැනේ.

ඒ හැරත් මේ පුතුගේ වියෝව ඔහු දරා ගන්නේ බෞද්ධ දර්ශනය සැබෑ ලෙස මෙනෙහි කරමිනි. පුතුට පිංපිණිස කතරගම ප්‍රදේශයේ රනින් දාගැබක් ඉදිකළ ඔහු තවත් බොහෝ දාන මාන පිංකම් මෙන්ම සමාජ සත්කාරක සේවාවල යෙදෙන්නේය. දහම ආත්මයට බද්ධ කරගෙන සිටින ඔහු ජීවිතය ගැන හඟින්නේ කෙසේද? මොකක්ද ජීවිතය කියන්නේ? මේ ඔහු ඊට දුන් පිළිතුරය.

‘ජීවිතය කියන්නේ ‘අනිච්ච’ (අනිත්‍ය) දෙයක්. අපි ඉපදෙන්නෙම එහෙමයි. උපන්දා සිට අපි බොහෝ දේ ජීවිතයට කිට්ටුකර ගන්නයි බලන්නෙ. ඒක වුවමනාවට වඩා තණ්හාව වූ පසු ඇතිවන්නේ දුකයි. අපි මැරෙනවා කියා හිතාගෙන සරලව ජීවත් වුණොත් අපට වරදින්නෙ නැහැ. මම නිදාගන්නේ මහ බරක් ඔළුවෙ තියාගෙන නෙවෙයි. හෙට උදේ මට කරන්න තියෙන දේ ආසාවෙන් කිරීමේ අදහසින්. ප්‍රශ්නයක් ඇතිවුණොත් එය අදම විසඳා ගැනීම කළ යුතුයි. තමා සතු ආත්ම ශක්තිය සහ කතාබහ මෙන්ම ක්‍රියාශීලිත්වය ඊට බලපානවා.’

ජීවිතයේ පොදි බැඳ ආ සියල්ල ගෙන යාමට කිසිවෙකුට හෝ පුළුවන්කමක් නැහැ. ඒ අනිත්‍ය බව සැබෑ ලෙසම ඔහු වටහාගෙන සිටින බව දැනේ. මේ මගේ රට මේ අපේ රට යන සංකල්පය ඇතිව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රටට සේවය කළ යුතු බව ඔහු කියයි.

තමා නොව රට පොහොසත් කරන්න යනු ඔහුගේ උදාර මෙන්ම උදාන වාක්‍යය වෙයි. දවසේ දීර්ඝ කාලයක් සක්‍රීයව සිට රාත්‍රී 12 ට පමණ ඔහු නින්දට යයි. අවදිව සිටින කාලයේදී පැය දෙකක් පමණ කිලෝමීටර 10 ක් විතර පා ගමනේ යෙදීම පුරුද්දකි. පසුගියදා ආරුගම්බේ සිට කතරගම දක්වා කිලෝමීටර 132 ක පා ගමනකටත් ඔහු එක්වූවේය. දින පහක් වූ ඒ ගමනේදී ගමනාන්තය දක්වා පා ගමනින් ගිය ඔහුට නිදාගන්නට ලැබුණේ මහපාරේ ගස් හෙවණේය. කෑමට ලැබුණේ පරිප්පු සහ පොල්සම්බල සමග බත්ය. ඔහු ඒ සියල්ල කළේ අපරිමිත බැතියෙනි. සොම්නසිනි.

‘ජීවිතය පුරා මට තිබුණෙ සරලකම. මට බිම නිදා ගන්නත් පුළුවනි. අතිශය සුඛෝපභෝගි කාමරයත් මට ඔට්ටුයි. පැදුරත් සුව යහනයත් මට ඔට්ටුයි. සරලකම තමයි ඒකට හේතුව.’

අප්‍රමාණ මිනිසකු වූ ආතර් සේනානායක එලෙසින් කියයි. මේ රට දියුණුවෙන් දියුණුවට පත්කරවීමට නම්?

දරුවනට හොඳ අධ්‍යාපනයක් දෙන්න.

විනයගරුක වන්න. කාටත් පොදු නීති රීති පිළිපදින්න සහ ඊට අවනතවන්න. අවංකභාවය ඉතා වැදගත්.

ව්‍යවසායකත්වයට එහා ගිය බහුශ්‍රැත දැනුමකින් පොහොසත් වූ ඒ අපූරු මිනිසා සමාජයට ලබා දුන් පණිවුඩය එයයි.

උපුටා ගැනීම : සඳුන් ගමගේ

[QUOTE="kavindu84, post: 24361300, member: 561840"] [b]ඩොලර් 500 කින් පටන්ගත් මුහුදටත් ගුවනටත් විහ[/b] [IMG]https://i.ibb.co/SPsq8Nz/55604977-2205677886361391-373755617535328256-n.jpg[/IMG] [SIZE="4"]ඩොලර් 500 කින් පටන්ගත් මුහුදටත් ගුවනටත් විහිදුණු ව්‍යාපාර ජාලය... ඉන්දු ලක්සින් වික්‍රමසිංහ සේනානායක ඔහුගේ සම්පූර්ණ නාමය වේ. එහෙත් ව්‍යවසායකත්ව ක්ෂේත්රයේදී, මෙතෙරදී මෙන්ම එතෙරදී ඔහු ප්රකටව සිටින්නේ ආතර් සේනානායක යන නාමයෙනි. ව්‍යාපාර ආයතන සමූහයකින් යුතු IWS සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය. ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්ව ක්ෂේත්රයේදී එම ක්ෂේත්රයට පිවිසෙන බොහෝ දෙනා හට පරමාදර්ශි වූ චරිතයක් ලෙස ආතර් සේනානායක නාමය සඳහන් කළ හැකිය. භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා, හෙලිකොප්ටර් යානා මෙන්ම පෞද්ගලික ගුවන්යානා ගොඩ බැස්සවීම සඳහා වූ පර්යන්තයක් ද ඔහු සතුය. ලෝප්‍රකට පෝෂේ මෙන්ම වොල්වෝ සුපිරි මෝටර් රථ මෙරටට ගෙන්වා බෙදාහරින්නේ ද ඔහු සතු ආයතන වෙතිනි. ආට් (ART) ටෙලිවිෂන් නාළිකාවේ නිර්මාතෘ වන්නේ ඔහුය. සම්පූර්ණ වශයෙන් ගත් කල ආතර් සේනානායකයන්ට අයත් IWS සමූහ ආයතනය සතු ව්‍යාපාරික ආයතන ගණන විස්සකට ආසන්නය. ඔහු එම සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති වන අතර සම්පත් සෙන්ටර් හි සභාපතිවරයා ලෙසත් කටයුතු කරන්නේය. ඊටත් අමතරව ලංකා - බංග්ලා ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂවරයෙකි. ලංකා - බංග්ලා ආරක්ෂා සමාගමේ අධ්යක්ෂවරයකු ද වන අතර සම්පත් ලීසිං සහ ෆැක්ටරින් සමාගමේ හිටපු සභාපතිවරයා වෙයි. එමෙන්ම බැංකු ක්ෂේත්රයේ සම්මානනීය ගමනක යෙදී සිටින සම්පත් බැංකු සමාගමේ ආරම්භක අධ්යක්ෂවරයා වූවේද මේ ආතර් සේනානායකයන්ය. එස්. සී. සිකුරිටිස් ආයතනයේ හිටපු සභාපතිවරයා වන්නේ ද ඔහුය. මෙලෙසින් තනතුරු හොබවමින් ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ මහා පරිමාණ ගමනක් ගිය අපරිමාණ චරිතයක් වන ඔහුගේ දීර්ඝ වූ කතාව සංක්ෂිප්ත කොට ‘අභියෝග ජයගත් මිනිස්සු’ කතා මාලාව වෙතින් අද අපි මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ හිණිපෙත්තට නැගි චරිතයක් වුවද අයි.ඩබ්. සේනානායකයන් (ආතර් සේනානායක) යනු බෞද්ධාගමේ හරය දැනගෙන, විනයක් ඇතිව ජීවිතය ගෙවා දමන අර්ථාන්විත මිනිසෙකි. මේ අපූරු මිනිසා උපන්නේ දකුණු ලකේ අගනගරය වන ගාල්ලේදීය. ඔහුගේ පියාගේ ගම මාතලේ වුවද මව්පියන් සමග ඔහු දිවි ගමන ඇරඹියේ ගාල්ලේ සිටය. තාත්තා වැවිලි කර්මාන්තයේ නියැළි චරිතයක්ව සිටි අතර ව්‍යාපාර කටයුතු ද කළේය. ඉන්දු ලක්සින් සේනානායක පවුලේ දෙවැනි දරුවා වන අතර ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ නැගණියක සතුය. පවුලේ වැඩිමලා පිරිමි දරුවකු වූ නිසා ඊළඟට මේ මව්පිය යුවළ අපේක්ෂා කළේ ගැහැනු දරුවෙකි. ඒත් උපන්නේ පිරිමි දරුවෙකි. ‘අම්මා ගැහැනු දරුවකුට තිබූ ආසාව නිසාම මගේ කොණ්ඩය වැවෙන්නට ඉඩ හැරියා. පුංචිම කාලයේදී මගේ අතට වළලුත් දාලා තිබුණා. කොටින්ම කිව්වොත් මොන්ටිසෝරි අධ්‍යාපනයේදී මාව දාලා තිබුණෙ කන්‍යාරාමයකට. පසුව පාසල් ගමන පටන් ගත්තේ ගාල්ල මහින්දයෙන්. පළමු වසරේ සිට අවසානය තෙක් පාසල් ජීවිතය ගත කළේ මහින්දයේ.’ ඉනික්බිතිව ඉන්දු ලක්සින් සේනානායක ඔහුගේ වුවමනාව මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට තීරණය කළේය. ඒ 1968 වසරේදී පමණය. ‘ඇයි එහෙම ගියේ?’ අපි ඔහුගෙන් විමසීමු. ‘ඒ කාලයේ හැටියට පවුලේ වැඩිමලා ඇඳි වස්ත්‍රයේ සිට එයා පාවිච්චි කළ බඩු භාණ්ඩ තමයි මල්ලිලාට භාවිත කරන්න දුන්නෙත්. මට නිතරම ලැබුණෙ පරණ ඇඳුම්, පරණ පොත්. හැබැයි නංගිට ලැබුණෙ අලුත් දේ. මොකද එයා ගැහැනු ළමයා නිසා. එයාට අක්කෙක් සිටියෙ නැති නිසාත් එහෙම වුණා. හැබැයි මේ වගේ දේ නිසා පොඩි කාලයේ ඉඳලාම මගේ ශක්තියෙන් නැගී සිටීමේ අරමුණක් මට තිබුණා.’ ඒ නිසා එදා පාසල් සමයේදී සුරතල් මසුන් ඇතිකර ඒවා විකුණා මුදල් හොයා ගත්තා. මුදල් ලැබුණාම මම මටම අලුත් දේ මිලදී ගැනීම කළා. සමහර අවස්ථාවලදී අයියා පරිහරණය කළ දේටත් වඩා ඉස්තරම් දේ ඒ නිසා මම පරිහරණය කළා. එවැනි දේ නිසා කළ ව්‍යාපාරය උනන්දුවෙන් කිරීමටත් පුරුදු වුණා. එදා පාසල් සමයේදීම ‘තමන් හිසට තම අතමය හෙවණැල්ල’ යන අරමුණ ඇතිව කටයුතු කිරීම ඔහුගේ පුරුද්දක් විය. එදා සුරතල් මසුන් ඇතිකොට ඒවා විකුණා ලැබූ මුදලින් සපත්තු, ඔරලෝසු, ඇඳුම් ආදිය මිලදී ගත්තේ ඔහුටම පමණක්ම නොවීය. තමා සමග එකට ඉගෙන ගත් මිතුරෙක් සිටියේය කාටත් හොරා ඔහු මිතුරා හට උදව් කළේය. එම මිතුරා ඔහුට කීවේ ‘අතුල’ කියාය. ‘අතුල තමන් හිසට තම අතම තමයි හෙවණැල්ල’ යනුවෙන් දිනෙක මිතුරා කීය. එය ඔහුට ගෙන දුන්නේ ධෛර්යසම්පන්න බවකි. පාසල් ජීවිතයේදී මව්පියන්ගෙන් පමණක් යැපීම නොකළ ඔහු විදෙස්ගතවීමට සිතා ගත්තේ ඉන් පසුවය. ස්වකීය ජීවිතයේ යායුතු ගමන ගැන ඔහු හොඳින් දැන සිටියාම විය හැකිය. හැටේ දශකයේ නිමාවට පෙර ඔහු යුරෝපය බලා පිටත්ව ගිය අතර එහිදී අලුත් ජීවිතයක ඇරඹුම වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අදිටන් කරගත්තේය. යුරෝපයට ගොස් ගත කළ ඒ දිවියේ මතකය ඔහු ගෙනහැර පෑවේ මෙලෙසිනි. ‘තාක්ෂණික ඉංජිනේරු අංශයෙන් තමයි මම එහිදී උසස් අධ්‍යාපනය ලැබුවේ. පසුව එම අංශයේ පුහුණු ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා. මුලින්ම රැකියාව කරද්දී පැය අටේ සීමාව ලෙස එය කළේ නැහැ. ආධුනිකයකු ලෙස ජර්මානු සමාගමක් හා එක්ව සේවය කරමින් සිටියේ. උදේ 8 ට ගියාම රාත්‍රී නවය දහය වන තෙක් සේවය කිරීමට පුරුදුව හිටියා. ඇත්තටම ඒකට විශේෂ හේතුවකුත් තිබුණා. උදේ දිවා රාත්‍රී යන අවස්ථා තුනේදීම ඒ සමාගම නොමිලේ ආහාර පාන සැපයුවා. ඉතින් මම කළේ උදේ වැඩට ආවාම, රාත්‍රී දක්වා සේවය කිරීමයි. ඒ නිසා අමතරව කෑමට වියදම් කරන්න සිදුවුණේ නැහැ. උදේ ඇවිත් වැඩ කරලා රාත්‍රී බෝඩිමට ගියේ නිදාගන්න.’ එදා ඉන්දු ලක්සින් තාරුණ්‍යයේ ඇරඹුමට අරුතක් ගෙන දුන්නේ එලෙසිනි. ඔහුගේ මේ සේවය කිරීමේ රටාව දිහා උකුසු ඇස් යොමුකර සිටි ආයතනයේ ප්‍රධානියකු පැමිණ දිනෙක ඔහුට මෙසේ කීවේය. ‘එදා මාත් ඔයා වගේ බොහෝම මහන්සි වෙලා වැඩ කළා. මම අද මේ තත්ත්වයට ආවේ ඒ නිසයි.’ ඒ කියමන අපේ මේ කතාවේ වීරයාට ගෙන දුන්නේ වීරත්වයක් මෙන්ම ධෛර්ය සම්පන්න බවකි. දිනෙන් දින මේ ධෛර්ය සම්පන්න මිනිසා පියවරෙන් පියවර ඉදිරියටම ගියේය. අවසන ඔහුට සිදුවූයේ මේ ජර්මානු සමාගම සතු රට රටවල පිහිටි වෙනත් ශාඛා සමාගම් වෙත ගොස් වගකීම් ඉටුකිරීමය. රටවල් 12 ක ආයතනවල වගකීම ඔහුට පැවරී තිබිණි. ඔහු රටින් රටට ගොස් ඒ වගකීම අකුරටම ඉටු කළේය. විටෙක ගුවන්යානය ඔහුගේ උඩුගුවනේ නිවස බවට පත්වූයේ ඉබේටමය. සමාගමේ හාම්පුතුන්ගෙන් පෙරළා ඔහුට ලැබුණේ ලොකු ගෞරවයකි. ආදරයකි. එතරම්ම අවංක කැපවීමක් ඇතිව ඔහු සේවය ලබා දීම ඊට හේතුවය. ඇමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ රටවල සැරින් සැරේ සැරිසරමින් තම සේවය කරමින් සමාගමේ තාක්ෂණික ඉංජිනේරුවරයා ලෙස සිටියදී විටෙක සිංගප්පූරුව ඔහුගේ ගමනාන්තය බවට පත්විය. එවකට එම අංශයේ කටයුතු කළ ආසියාවේ දක්ෂතම ඉංජිනේරුවරයා ලෙස ඔහු නම් කළ හැකිය. එලෙසින් දක්ෂයකු වුවද ඔහුගේ හිත කීවේ වෙනත් රැකියාවකට මාරුවන ලෙසය. ජීවිතයේ ඊළඟ හැරවුම ඇති වූයේ ඉන් පසුවය. එදා මම වෙනත් තැනක රැකියාවකට හුවමාරුවීමට කල්පනා කරමින් සිටියදී මගේ හිතවත් සුදු ජාතිකයෙක් මට අපූරු කතාවක් කිව්වා. ඇයි ඔයා මොකටද අලුත් රස්සාවකට යන්නේ? ඔයාගේ රට හරි ලස්සනයි. මම ඒ රටේ යෙහෙළියක සමග සංචාරය කරලා තියෙනවා. ඔයා එහේ යන්න. ගිහින් අපේ සමාගම වෙනුවෙන් පෙනී සිටින්න’ කීවා. ඒත් මම ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළා. ‘අඩු තරමින් නිවාඩුවකට ගිහින් හරි මේ ගැන හිතලා බලන්න කීවා. ඒ අතරවාරයේදී මම ලංකාවට ඇවිත් මගේ වෘත්තියට අදාළව තිබූ අංශයේ යන්ත්‍රයක් අලෙවියට සැලැස්වූවා. එම යන්ත්‍රයට මම හිතුවටත් වඩා හොඳ ඉල්ලුමක් ලැබුණෙ. ඒ නිසා ලංකාවට ඒ තාක්ෂණයත් දීලා අපේ රටට යමක් කළොත් හොඳයි කියන අදහස ඊළඟට මට ඇතිවුණා.’ ආහාර පාන ඇසිරීම සහ පිරිසැකසුම්කරණය සඳහා වූ එම මැෂින් ගෙන්වා මෙරට අලෙවි කරන සමාගම මේ දිරිය මිනිසා පටන් ගත්තේ ඉනික්බිතිවය. ජර්මානු යන්ත්‍ර වූ බැවින් ඔහු එය පටන් ගත්ෙත් ජර්මේනියා නමිනි. සැබැවින්ම ඔහුට උරුම වන්නට ඇත්තේ මේ නිජබිම වෙතම වන්නට ඇත. තමාගේ වෘත්තියට අදාළ අංශයක යන්ත්‍රයක් ගෙන්වා අලෙවි කිරීමත් සමග ඇතිවූ ධෛර්ය අනුව නැවත විදේශයක රැකියාවක් නොකරන බවට ප්රබෝධයක් ඔහුට ඇතිවිණි. ‘මා උගත් දෙයින් ලංකාවට ඵලදායි දෙයක් කළ යුතුයි.’ යන්න ඔහු තමාටම සපථ කර ගත්තේය. ලෝකයේ විවිධ තැන්හි සැරිසරමින් තාක්ෂණය ගැන අත්දැකීම් රැසක් ලබා තාක්ෂණික පරිගණකයක් මෙන් වූ සේනානායකයන් ඉනික්බිතිව ඔහු සතු ඒ දැනුම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත ලබා දුන්නේ විප්ලවීය වෙනසකට සමාජය හරවමිනි. සෙල්ටෙල් (CELLTELL) යනු මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන් ජංගම දුරකථන සේවාවන්හි ආරම්භක නාමයකි. 1992 වසරේදී සෙල්ටෙල් මොබයිල් ආරක්ෂණ සේවාව යන තාක්ෂණය ඔහු මෙරටට හඳුන්වා දීමට මුල් විය. එය සනිටුහන් වූවේ ලෝකයේම ජංගම දුරකථන ආරක්ෂණ සේවාවක් ස්ථාපිත කළ 29 වැනි ස්ථානය ලෙසය. ඊට පෙර මෝටෝරෝලා සංඥා (Paging) ක්‍රමය ද වෝකි ටෝකි උපකරණ පද්ධතිද, ඔහු විසින් මෙරටට හඳුන්වා දී තිබිණි. ඊටත් අමතරව ART ටී.වී. ආයතනය බිහි කිරීමටද පුරෝගාමී විය. එවකට ස්ටීරියෝ තාක්ෂණයෙන් බිහිවූ ප්‍රථම ටී.වී. ආයතනය එය බව ඔහු සඳහන් කරයි. තාක්ෂණික උල්පතක් මෙන් වූ සේනායකයන් ලෝප්‍රකට වෙළෙඳ නාම යටතේ වූ සුපිරි රථවාහන හඳුන්වා දීමට ද මුල් විය. BMW ලංකාවට හඳුන්වා දීමෙන් පසුව ජගුවර් රිජන්සි සමාගම ස්ථාපිත කළා. ඉන්පසුව යුරෝ කාර් නමින් පෝෂේ රථ ගෙන්වීමටත්, ස්වීඩන්හි නිෂ්පාදිත වොල්වෝ රථ ගෙන්වා බෙදාහැරීමේ ආයතන ස්ථාපිත කළා. මේ සියල්ල අතරේ ගුවන්යානාවලට වුවමනා කරන අමතර කොටස් සහ ඊට අදාළව උපදෙස් දීම වෙනුවෙන් කොමෙස්කෝ ඉංජිනියරින් ආයතනය පටන් ගත්තා. ඒ තාක්ෂණය සහ ඒවා අලෙවි කිරීම වෙනුවෙන් තමයි එම ආයතනය ස්ථාපිත කළේ.’ ‘එතකොට 'IWS' යටතේ හෙලිකොප්ටර් සහ නැව් ස්ථාපිත වුණේ කොහොමද? මෙම සමාගම් ජාලයේ සුවිෙශ්ෂි මංසළකුණු වූ ඒ සඳහා ඔහුගෙන් ඊළඟට අපි විමසීමු? ‘අක්කර පහළොවක පමණ ඉඩමක් අරගෙන විශාල අංගණයක් ස්ථාපිත කළේ මෙරටට එන නැව් බඩු, කන්ටේනර් ගබඩා කර තැබීම සඳහායි. ඒ මගින් අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන දීම අපේ අරමුණ වුණා. මෙම කන්ටේනර් පර්යන්තයට අමතරව ඒවා අලුත්වැඩියා කරන අංශයක් ස්ථාපිත කිරීම නිසා රටට ලැබුණෙ විශාල වාසියක්. IWS ඒවියේෂන් පටන් ගත්තෙ හෙලිකොප්ටර් සේවාව ලබාදීමටයි.’ සේනානායකයන් පවසන පරිදි IWS ඒවියේෂන් සතුව දැනට හෙලිකොප්ටර් 3 ක් ශ්‍රී ලංකාවේ තිබේ. තව 7 ක් මියන්මාරය, වියට්නාමය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව යන රටවලට බද්දට දී තිබේ. මේ ගුවන් සමාගමට සාපේක්ෂව හෙලිකොප්ටර් සහ එයාර්බස් මෙන්ම බෙල් හෙලිකොප්ටර් ගොඩ බැස්සවීම සහ නවතා තැබීම සඳහා තොටුපොළක් නිර්මාණය කිරීමට ද පසුගියදා ඔහුට හැකිවිය. ප්‍රයෝජනයට ගත නොහැකිව තිබූ විශාල වගුරු බිමක් උපයෝගී කරගෙන මෙය නිර්මාණය කිරීම සුවිශේෂි දෙයක් වන අතර පුද්ගලික සමාගමක් මෙරට හෙලිකොප්ටර් ගොඩබෑමේ සහ තොටුපොළක් නිර්මාණය කිරීම මෙරට ප්‍රථම වතාවට සිදුවූවකි. මෙලෙසින් ආතර් සේනානායකයන්ගේ සංකල්ප මත ප්‍රායෝගික වූ සමාගම් ජාලය ගැන වෙනම පොතක් ලිවිය හැකිය. ආයතන 20 ගණනකට ආසන්න සංඛ්‍යාවක් අතරින් ඔහු බිහිකළ නැව් සේවා සමාගම වෙතින් මසකට නැව් 37 ක පමණ කන්ටේනර් විශාල ගොන්නක් ගොඩබෑම සිදුවේ. එමෙන්ම එම නැව් කන්ටේනර් අලුත්වැඩියා කටයුතු ද සිදුවිය. විදේශ විනිමය උල්පතක් වූ ඒ මගින් රටට කීර්තියක් ද ලැබී තිබේ. මේ මහා සමාගම් ජාලය ගැන කරුණු විස්තර කරන අතරේ එදා සම්පත් බැංකුව ස්ථාපිත කළේ කෙසේද යන්න ගැනත් ඔහුගෙන් දැනගත යුතු ම ය. ‘අසූව දශකයේදී තමයි මට ඒ ආරාධනය ලැබුණේ. එන්.යූ. ජයවර්ධන මහත්තයා එවේලේ මට ආරාධනය කළාම මූලික ප්‍රාග්ධනයක් සැපයූ මම පළමු අධ්යක්ෂවරයකු සහ ආරම්භක සාමාජිකයකු ලෙස ඇතුළත් වුණා. පසුව වසර 25 ක් පමණ එහි සංවර්ධනය උදෙසා උපදෙස් දෙමින් කටයුතු කරන අතරේ වසර 8 ක් උපසභාපතිව හිටියා. පසුකලෙක සභාපති ලෙස වසර 3 ක් කටයුතු කළා. ලෝකයේ විශිෂ්ටතම සම්මාන පවා හිමිකර ගනිමින් සම්පත් බැංකුව ආ ගමන ගැන ලොකු සතුටක් මට තිෙබන්නෙ. ඔහුට එ් සතුට ඇත්තේ ධන උල්පත් බිහිකළ සමාගම් ජාලයක් මැවූ මහා ඉන්ද්‍රජාලිකයකු වූ නිසා නොවේ. මිනිසුන් උදෙසා මහා මිනිස් දම්වැලකට ජීවනය වෙනුවෙන් තමාගේ සංකල්ප ප්‍රායෝගික වූ නිසාවෙනි. එදා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ඩොලර් 500 ක් අතැතිවය. අද ඉලක්කම්වලින් ලිවිය නොහැකි තරමට වූ විශාල ප්‍රාග්ධන පද්ධතියක් ස්ථාපිත වී ඇත්තේ එකී ඩොලර් 500 ඇරඹුම වෙතිනි. එදා විදේශයන්හි සේවය කරමින් සිටියදී සුදු ජාතිකයින්ගේ ආමන්ත්රණයට පහසුව උදෙසා ඔහු ආතර් යන නාමය යොදාගත් බව කියයි. මිතුරන් විසින් ‘අතුල’ ලෙස ආමන්ත්ර්රණය කළ ඔහු ආතර් වූයේ ඒ අනුවය. ආතර් සේනානායකයන්ගේ විවාහය සිදුවූයේ එදා සිංගප්පූරුවේ සිටියදී දැන හඳුනාගත් සිංගප්පූරු ජාතික කාන්තාවක සමගය. ඒ යුවළට දරු තිදෙනෙක් වූහ. දියණියන් දෙදෙනකු සහ එක් පිරිමි දරුවකු ඊට අයත් වූ අතර පිරිමි දරුවා අද ජීවිතය සඳහටම හැර ගොසිනි. ඒ ඩෙංගු මාරයාට ගොදුරු වීම නිසාය. තාත්තාගේ ඊළඟ පුරුක පුතාය. එහෙත් අද පුතා ඔහු සන්තකයේ නැත. ඒ පුතු ගැන ඔහු මතක ආවර්ජනය කළේ මෙලෙසිනි. ඔහුට එ් සතුට ඇත්තේ ධන උල්පත් බිහිකළ සමාගම් ජාලයක් මැවූ මහා ඉන්ද්‍රජාලිකයකු වූ නිසා නොවේ. මිනිසුන් උදෙසා මහා මිනිස් දම්වැලකට ජීවනය වෙනුවෙන් තමාගේ සංකල්ප ප්‍රායෝගික වූ නිසාවෙනි. එදා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියේ ඩොලර් 500 ක් අතැතිවය. අද ඉලක්කම්වලින් ලිවිය නොහැකි තරමට වූ විශාල ප්‍රාග්ධන පද්ධතියක් ස්ථාපිත වී ඇත්තේ එකී ඩොලර් 500 ඇරඹුම වෙතිනි. ‘ලොකු දූ ඉගෙන ගත්තෙ ලංකාවේ. පසුව එංගලන්තයට ගොස් උපාධිය ලබා ගත්තා. ඇය සම්පත් බැංකුවේ අධ්යක්ෂ ධුරයක් දරන අතර මාත් එක්ක මේ සමාගමේ ඉන්නවා. දෙවැනි දූ ලංකාවේ ඉගෙන ගෙන පසුව බොස්ටන් සරසවියෙන් උපාධිය ලබාගත්තා. පසුව ඇමෙරිකාවේ මෙන්ම සිංගප්පූරුවේ සේවය කොට අපේ ආයතනයට ඇවිත් එය වැඩිදියුණු කිරීමට කටයුතු කළා. දැන් ඇය ඇගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මගේ පුතා වසර 6 කට පෙරදි නැති වුණේ. එතකොට එයාට වයස 21 යි. සිංගප්පූරු ගුවන් හමුදාවේ ආධුනික නියමුවකු ලෙස පුහුණුව ලබා සිංගප්පූරු විශේෂ කාර්ය බළ ඇණියේ සේවය කළා. මැරතන් ධාවන ශූරයකු ලෙස ඔලිම්පික් තරග සඳහා සිංගප්පූරුව නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පැරෂුට් ඩයිවර් කෙනෙක් ලෙසත් ප්‍රකට වුණා. සිංගප්පූරු රජයෙන් විශේෂ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලැබ උපාධිය සඳහා එයා එදා එංගලන්තයට ගිහින් හිටියෙ. එහි යන ගමන් නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියා. පසුව එංගලන්තයට ගොස් නැවත ලංකාවට එන ගමනේදී එයා අසනීප වෙලා වහාම රෝමයේ රෝහලකට ඇතුළත් කොට තිබුණා. මම ගියා පුතා බලන්න. ඩෙංගු ගැන එයාලට වැටහීමක් නොතිබුණ නිසා පැය 48 ක් විතර ප්‍රතිකාර ලබාදී තිබුණෙ නැහැ. මම ගියාම පුතා කිව්වා ‘අපි හෙට හමුවෙමු’ කියලා. ඒත් ආයෙත් අපට කවදාවත් හමුවන්න බැරිවුණා.’ තාත්තා කෙනෙකු පුතෙකුගේ වියෝව ගැන කෙසේ නම් වචනවලට පෙරළන්නද? තම පුතුට තිබූ හැකියාවන් සහ ජවය ගැන ඔහු කියයි. කඳුළු පිට නොකර, හැඟුම් පාලනය කරගෙන ඔහු ඒ යළි නොඑන පුතාගේ අතීතය ගැන පවසයි. කඳුළු දෙනෙතින් පිට නොවූවද සේනානායකයන් හදවතින් හඬන තරම පිටකරන සුසුම්වලින් අපට දැනේ. ඒ හැරත් මේ පුතුගේ වියෝව ඔහු දරා ගන්නේ බෞද්ධ දර්ශනය සැබෑ ලෙස මෙනෙහි කරමිනි. පුතුට පිංපිණිස කතරගම ප්‍රදේශයේ රනින් දාගැබක් ඉදිකළ ඔහු තවත් බොහෝ දාන මාන පිංකම් මෙන්ම සමාජ සත්කාරක සේවාවල යෙදෙන්නේය. දහම ආත්මයට බද්ධ කරගෙන සිටින ඔහු ජීවිතය ගැන හඟින්නේ කෙසේද? මොකක්ද ජීවිතය කියන්නේ? මේ ඔහු ඊට දුන් පිළිතුරය. ‘ජීවිතය කියන්නේ ‘අනිච්ච’ (අනිත්‍ය) දෙයක්. අපි ඉපදෙන්නෙම එහෙමයි. උපන්දා සිට අපි බොහෝ දේ ජීවිතයට කිට්ටුකර ගන්නයි බලන්නෙ. ඒක වුවමනාවට වඩා තණ්හාව වූ පසු ඇතිවන්නේ දුකයි. අපි මැරෙනවා කියා හිතාගෙන සරලව ජීවත් වුණොත් අපට වරදින්නෙ නැහැ. මම නිදාගන්නේ මහ බරක් ඔළුවෙ තියාගෙන නෙවෙයි. හෙට උදේ මට කරන්න තියෙන දේ ආසාවෙන් කිරීමේ අදහසින්. ප්‍රශ්නයක් ඇතිවුණොත් එය අදම විසඳා ගැනීම කළ යුතුයි. තමා සතු ආත්ම ශක්තිය සහ කතාබහ මෙන්ම ක්‍රියාශීලිත්වය ඊට බලපානවා.’ ජීවිතයේ පොදි බැඳ ආ සියල්ල ගෙන යාමට කිසිවෙකුට හෝ පුළුවන්කමක් නැහැ. ඒ අනිත්‍ය බව සැබෑ ලෙසම ඔහු වටහාගෙන සිටින බව දැනේ. මේ මගේ රට මේ අපේ රට යන සංකල්පය ඇතිව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රටට සේවය කළ යුතු බව ඔහු කියයි. තමා නොව රට පොහොසත් කරන්න යනු ඔහුගේ උදාර මෙන්ම උදාන වාක්‍යය වෙයි. දවසේ දීර්ඝ කාලයක් සක්‍රීයව සිට රාත්‍රී 12 ට පමණ ඔහු නින්දට යයි. අවදිව සිටින කාලයේදී පැය දෙකක් පමණ කිලෝමීටර 10 ක් විතර පා ගමනේ යෙදීම පුරුද්දකි. පසුගියදා ආරුගම්බේ සිට කතරගම දක්වා කිලෝමීටර 132 ක පා ගමනකටත් ඔහු එක්වූවේය. දින පහක් වූ ඒ ගමනේදී ගමනාන්තය දක්වා පා ගමනින් ගිය ඔහුට නිදාගන්නට ලැබුණේ මහපාරේ ගස් හෙවණේය. කෑමට ලැබුණේ පරිප්පු සහ පොල්සම්බල සමග බත්ය. ඔහු ඒ සියල්ල කළේ අපරිමිත බැතියෙනි. සොම්නසිනි. ‘ජීවිතය පුරා මට තිබුණෙ සරලකම. මට බිම නිදා ගන්නත් පුළුවනි. අතිශය සුඛෝපභෝගි කාමරයත් මට ඔට්ටුයි. පැදුරත් සුව යහනයත් මට ඔට්ටුයි. සරලකම තමයි ඒකට හේතුව.’ අප්‍රමාණ මිනිසකු වූ ආතර් සේනානායක එලෙසින් කියයි. මේ රට දියුණුවෙන් දියුණුවට පත්කරවීමට නම්? දරුවනට හොඳ අධ්‍යාපනයක් දෙන්න. විනයගරුක වන්න. කාටත් පොදු නීති රීති පිළිපදින්න සහ ඊට අවනතවන්න. අවංකභාවය ඉතා වැදගත්. ව්‍යවසායකත්වයට එහා ගිය බහුශ්‍රැත දැනුමකින් පොහොසත් වූ ඒ අපූරු මිනිසා සමාජයට ලබා දුන් පණිවුඩය එයයි. උපුටා ගැනීම : සඳුන් ගමගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom