Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
තඩියාගේ නුවරඑලිය සංචාරය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාමත් කර්කශ වූ සීතලෙන් හිරිහැර විඳි නින්දකින් අනතුරුව පාන්දර අවදි වූ අපි ළඟ පිහිටි හෝටලයකින් කිරි කොපි කෝප්පයක් බී දැන් කල්පනා කරන්නේ ඊළඟට මොකද කරන්නේ කියාය ... ගමෙන් ඩීසල් පුරවන ලද ඩීසල් ටැංකිය කොහේ යන්නටත් කලින් පුරවාගත යුතුය... ලොකු අයියාගේ පරණ පොලිස් ජීප් රථයේ ඩීසල් මීටරය තියා මෙලෝ මල දානයක් වැඩ කරන්නේ නැතිය... ඉස්ටාර්ට් වෙනවාට අමතරව වැඩ කරන යමක් තියෙනවානම් ඒ හෙඩ් ලයිට් දෙක පමණය... අවුරුදු දහයකට වඩා එහා ගිය මතකය මාගේ දශමයටම නිවැරදි අතර එදා ජීප් රථයට නුවර එළියෙන් ටැංකිය පිරෙන්නම ඩීසල් වැදුනේ රුපියල් හයසිය පනහකටය... ඩීසල් පුරවා ගත් අපි දැන් පිවිසෙන්නේ ගමනේ භයානකම කාර්යයටය... ඒ නම් කන්ද බැසීමටය... පනනම් තැන අග පිනි බින්දු වන්නේ කියා කව්දෝ කෙනෙක් කියා තිබුනා සත්තම සත්තය...ජීවිතය තුනක් මගේ දකුණු කකුල යටය... දන්නා කියන ශිල්ප සියල්ලම පාවිච්චි කරමින් නුවර එළියෙන් පහලට ජීප් රථය ධාවනය වන්නට වන්නේය... ඒ අතර රවියාට මතක් වෙන්නේ නුවර එළියේ සිටිනා අපේ පරණ ගජ මිතුරෙක්ය...ඌ ඉන්නේ හක්ගල මල් වත්තට පොඩ්ඩක් උඩට වෙන්නට කඳු ගැටයක් පහල පාරෙන් හැරිලා ගියාමය...

ඒ ගමන පරණ පොලිස් ජීප් රථයේ කට්ටිය යන්නේ සම්පතයා හොයාගෙනය... අපි එහෙට යනකොට සම්පතයා උගේ අල පාත්තියට පෝර දමන්නට ගොහිල්ලාය ... ඉතාමත් ආගන්තුක සත්කාර ලැදි සම්පතයාගේ බිරිඳ වහා ගොස් සම්පතයා ගෙදරට කැන්දාගෙන ආවේය... කවදත් හිත හොඳ සම්පතයා උණු උණු පාන් ගෙනවිත් අපිට ඉතාමත් රසවත් උදේ ආහාරයක් පිළියෙළ කර දුන්නේ කිසිම ලෝභ කමක් නැතුවය...උදේ ආහාරයෙන් පසුව සතුටු සාමීචියේ යෙදෙන අතර අපි නැවත කතරගම යන බව දැනගත් සම්පතයා හනික ලැහැස්ති වන්නේ අපි සමග කතරගම ඒමටය ... මීට කලින් මාගේ දකුණු කකුල යට තිබුනේ ජීවිත තුනක්ය... දැන් හතරක්ය.. එයින් එකෙක් එක දරු පියෙක්ය... ඒ නම් සම්පත්ය...පරණ පොලිස් ජීප් රථයේ බ්රේක් තත්වය දන්නේනම් සම්පතයා අපි එක්ක කතරගම යන්න එන්නේනම් නැත... උගේ බිරින්දෑ ඒ බව දන්නේනම් ඌ අපි සමග එවන්නේද නැත...

දන්නා කියන ශිල්ප සියල්ල සීරු මාරුවට දක්වමින් බොහොම සීරුවට පරණ පොලින් ජීප් රථය කඳු පාර පහලට ධාවනය වන්නේය... කට්ටියම පාරේ අයිනක තිබුණු සීතල් දිය පාරකින් හොඳහැටි ස්නානය කලෝය ...මේ කියනා ස්ථානයේ ගත් චායාරුපයක් තඩියා ළඟ තිබුණු බව මට යන්තමට වාගේ මතකය ... බතලයා කතරගමට ඇවිත් රස්තියාදු වන්නට මත්තෙන් පරණ පොලිස් ජීප් රථය කතරගමට යායුතුය... බඩ තඩියා ද උගේ ඥාති නඩය සමග කතරගම බලා එනවාය... හැමගේම බලාපොරොත්තුව අද රෑට අමතක නොවෙන සොමියක් දම්මන්නටය...

වැල්ලවාය දක්වා බොහොම ශාන්තව තැන්පත්ව දන්නා කියන ශිල්ප සියල්ලම භාවිතා කරමින් ධාවනය වූ ජීප් රථයේ රියදුරු අසුන නොසිතු වෙලාවක තඩියා ආක්‍රමණය කළේය... යමක් බඩට දාගන්නට කඩයක් ළඟ නැවැත්වූ පරණ පොලිස් ජීප් එක දැන් ධාවනය වන්නේ තඩියා ගේ විධානයටය... රියදුරා තඩියා ය , සහයට රියදුරා සම්පත්යාය...ගමන බොහොම වේගවත්ය... තඩියා ට රිය පැදවීමට බලපත්රයක්ද නැතිය, බ්රේක් ඇත්තේද නැතිය ... එත් ගමන අසූව පැනලාය ... බුත්තල පාරේ වාහන සෙනග නැති උනත් පාරට අලියෙක් පැන්නොත් අලියාට ඇඩ්රස් නැතිවෙනවාය... එදා බුත්තල පාරට අලියෙක් පැන්නා නම් පරණ පොලිස් ජීප් රථය සමග අලියාගේ පින්තුරයක් පත්තරේ වැටෙනවා සුවර්ය... ඒ නම් ජීප් රථයක ගැටී අලියෙක් මරුට යන හෙඩිම යටතේය... පසුපස ඇති ඔයයි මමයි කියනා තාලයේ මුනට මුණ බලා වාඩිවෙන ආසන දෙකේ මුනට මුණ බලාගෙන ඉන්න මා සහ රවියා බිරාන්තවී බලා සිටින්නේ ජීප් රථය කොහේ හෝ කුඩු පට්ටම් වී නවතින තෙක්ය... ඒ අතරේ රවියා මා දිහා බලන්නේ තොට සාදු වැඩේ කියන්න වගේය ... කතරගම දෙවියන්ගේ පිහිටෙන් තඩියා සෙල්ලකතරගම ලන්වෙද්දී වේගය අඩුකර හෙමින් ගමනින් යන්නට පටන්ගත් නිසා මගේ රුදිර ගමනාගමනය ටිකක් යහපත් අතට හැරුනේය... සෙල්ල පසුකරමින් අසූවේ වේගයෙන් රථය පදෙව්වේනම් මා භයටම ජීප් රථය තුලම වලකජ්ජ ගහනවා නියතමය...

අපි හතරකට්ටුව කතරගමට යහපත් වෙනවිට බඩ තඩියා ප්‍රමුක ඥාති බස් රථයක පිරිවර කතරගම නවාතැනක නවාතැන් ගෙන අවසන්ය. අපිත් එල වස්සන් සේ ඒ ආසන්නයේම නවාතැනක් කුලියට ගැනීම අප මුළු ගමනේම කල එකම සහ තඩිම ගොන්කමය... දැන් එව්වා සිදුවී හමාරය... දැන් එව්වාට පසුතැවීම කිසිම පලක් නැති වැඩක් වන්නේය...අපට රාත්‍රී කෑම වේල බඩ තඩියා ගේ ඥාති හිතවතුන්ගේන්ය... ඒ කාපු බත් පතේ නය එදා රෑ එලිවෙනතුරුම ගෙවන්නට සිදු උනාය... මේ අතරේ වෙච්චි පොරොන්දුව අකුරටම ඉටුකළ බතලයා කොළඹ මීටීම අහවර වී කතරගමට සැපත්වී උන්නේය... ඒ බොක්කේ ෆිට් එක නිසාය... වෙන යාළුවන් එහෙම කටු කාගෙන බොරු ලක්ස ගණනින් කියාගෙන දුරුකතර ගෙවාගෙන යාළුවන් බලන්නට එන්නේ නැත... මේ අපේ මිතුරුකමේ හැටිය... බොක්කේ ෆිට් එක කියන්නේ එයමය...

බඩ තඩියා ගේ ඥාති මිත්‍ර නඩයෙන් රාත්‍රී ආහාරය වළඳා නවාතැනට ආ අපි නැවත එතනටම එන තෙක් තවත් දෙදෙනෙක් මග බලා උන්නෝය... ඒ වෙන කව්රුත් නොවේය... තඩි ඇල්සේසන් පොලිස් බල්ලන් දෙදෙනෙක් එකවර දමා ෂපාන් එකට නෑවිය හැකි තරම් තඩි දොදොල් තාච්චි දෙකක ඉදෙන්නට ලැහැස්තියෙන් පසුවන කිරියා තාච්චි දෙකය...ඒ කිරියා තාච්චි දෙක මතක්වෙන හැම මොහොතකම අදත් ඇඟේ මයිල් කෙලින් වෙන්නේය... මොකද අපි එකෙක්වත් උපන් තේකට ඒ තරම් ලොකු පරිප්පු නැවක් බාලානම් නැත්තේය...

බඩ තඩියාගේ නඩය කතරගම ඇවිත් තියෙන්නේ කිරි දානයක් දෙන්නටය... අපි එව්වා කලින් දන්නේ නැතිය... දන්නවානම් උන් ඉන්නා පලාතකවත් යන්නේ නැතිය... දැන් ඉතින් කරන්නට දෙයක් ඇත්තෙම නැතිය ... කාපු බත් පතට හරියන්නට කිරියා හැඳි ගාන්නට සිද්දවෙනවාය...අපි කිරියා හදන තැනට යහපත් වී සුළු වෙලාවකින් බඩ තඩියා ගේ නඩයේ සිටි කොල්ලන් එකා දෙන්න කිරි ඉදෙනා තැනින් මරුවෙන්නට ගත්තෝය... දැන් ඉතින් කිරියා හදන්නට ඉතිරිව ඉන්නේ පරණ පොලිස් ජීප් නඩය හා මග යන්නට පන නැති වයසක උන්දලා දෙතුන් දෙනෙකුය... කොල්ලන් උනත් අපි බල්ලන් නොවෙන බැවින් මේ වයසක උන්දලා ට කිරියා හැඳිගාන්නට දමා මාරුවන්නට විදියක් ඇත්තෙම නැත්තේය... උන්දලාට කිරියා හැඳිගාන්නට තබා දොදොල් පත්ත උස්සා ගැනීමටවත් පණක් ඇත්තේ නැතිය..රාත්‍රී දහය එකොළහ උනේය... එකොළහ දොළහ උනේය....දොළහ එක උනේය ... මෙසේ කාලය ගෙවී උදෑසන පහමාර වෙනතුරුම අපි කට්ටිය කිරි හැඳිගෑවෝය ...කිරියා හැඳිගාන එක සෙල්ලම් වැඩක් නොවේය... එව්වා දන්නේ එව්වා කරපු එවුන් විතරය...

කිරියා සංග්රාමයෙන් හෙම්බත්වූ අපි පැය කිහිපයක් දොයිය බබාලා වී දහයට පමණ නවාතැනින් පිටත් උනෝය ... ඒ වනවිටත් බඩ තඩියා ප්‍රමුක ඥාති නඩය පැදුරටත් නොකියා මාරුවී ගිහිල්ලාය .... අඩුම තරමේ කිරියා හැඳි ගෑ අපිට උදේට කන්නට කිරියා කෑල්ලක්වත් තියා කිරිබත් කෑල්ලක්වත් නොතබා උන් සියල්ලෝම දිරාමාරුවෙලාය... එව්වා මහා අසික්කිත වැඩය ... කරපු ගොන්කම් ඇතුන් ලව්වාවත් අද්දවන්නට නොහැකිය ...සියලු දුක් වේදනා අමතක වෙන්නට රටබීමකින් සප්පායම් වූ අපි පළමුව කරේ සම්පතයාව නුවරඑළි බසයකට නැංවීමය ... අපි හින්දා ඌටත් පරිප්පු නැවක් බාන්නට සිදුඋනේය ...

පරණ පොලි ජීප් රථය දැන් සීරුවට ධාවනය වන්නේ යාල බලාය ... තිස්ස යටාල වෙහෙර ඉදිරිපිටදී එකවර යමක් දුටු රවියා ඕක හරෝපන්... ඕක හරෝපන් ඔතන පාරෙන් ඇතුලට හරෝපන් කියා මර හඬ තලන්නේය... මේ මගුලේ බ්රේක් නැති බව රවියාට අමතකය... බ්රේක් තිබුනත් ඉස්සරහට යන වාහනය හිටි හැටියේ එහෙම අංශක අනුවේ වංගුවක් හැරවීමට මේක නයිට් රයිඩර් වර්ගයේ එකක් නොවේය...නයිට් රයිඩරයේ මයිකල් නයිට් උනත් එහෙම අංශක අනුවට කාරෙක හරෝපන් කියා කිට් ට කිව්වොත් කිට් කාරයා මයිකලයා ට කුණුහරුපෙන් බැන නිකම් ඉන්න එකක් නැත, නයිට් රයිඩරයේ වහලය ඇර මයිකලයා උඩින් එලියට විසික් කරනවාය...දැන් හරවන්නට විදිහක් නැත... ඉස්සරහට එන්නේ රවියාගේ සුපර් සැලුනයය ... රියදුරු අසුනේ ඉන්නේ රවියාගේ ලොකු අයියාය ... ලොකු අයියා පන මෙන් රකිනා සහ පරෙස්සමට කිරිබත්ගොඩ ගෙදර මිදුලේ ගාල් කර ඇති යයි සිතා සිටිනා ජීප් රථය කොල්ලන් රැලක් සමග තිස්සමහාරාමේය... ජීප් රථය දුටු ලොකු අයියා ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැම්මේ සැලුනයේ පසුපස අසුනේ සිටිනා සුද්දන් දෙදෙනා මතක් වෙලාය... ජීප් රථය තිස්සේදී දුටු නිසා යන්තම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැමුවත් නුවර එළියේදී ජීප් රථය දැක්කානම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දමන්නේම නැති වන්නට ඉඩ තිබුනේය .... නියම මහත්මා ගති ඇති ලොකු අයියා අපිට තියා රවියාටවත් වචනයක් කිව්වේ නැතිය...ලොකු අයියා රටේ ප්‍රසිද්ද මනුස්සයෙක්ය ...ඒ වාගේම බොහොම නිවුණු ගතිගුණ අත්තෙක්ය...

අපි මේ යන්නේ යාල කැලයේ සතුන් බැලීමට නොවේය... යාල කැලයේ සතුන්ට ඊටත් අන්ත වස්සන් හතරදෙනෙකු පෙන්වීමටය... රැයක් එළිවෙනතුරු අනුන්ගේ නඩයක කිරියා හැඳි ගෑ අපිට වස්සන් යයි ආමන්ත්‍රණය කිරීම වස්සන් වෙත කෙරෙනා වූ අපහාසයක්ම වන්නේමය...දැන් එව්වා සිදුවී හමාරය... එව්වා සියල්ල අමතක කල අපි සියල්ල යාල කැලයේ ඇතුලේ කරක් ගසද්දී පරණ පොලිස් ජීප් රථය අපිට අජුත ගනයේ පරිප්පුවක් බෙදුවේය...

ඒ නම් කැලය මැදදී ජීප් රථයේ අක්සිලේටර් කේබලය දෙකට මැදින් කැඩී යාමය...අක්සිලේටර් කේබලය නැතුව වාහනයක් ඉදිරියට ධාවනය කිරීමට නොහැකිය... වාහනය ඉදිරියට යන්නේ අක්සිලේටරය පෑගුවාමය ...කේබලය කැඩුන අක්සිලේටරය පෑගුවාට වාහනය ඉස්සරහට යන්නට සැර දමන්නේ නැත...ඕනෙනම් යනවා කියා හිතාගෙන සොමියට පාගන්නට පුලුවනිය ... එත් වාහනය යන්නේ නැත්තේය... දැන් ඉතින් ගමන අහවරය... කිරියා හැඳි ගෑ පින පහුවදාම පලදී ඇත්තේය...

මාගේ දැනුමේ ප්‍රමාණයට අනුව ලනු කැබැල්ලක් සොයාගතහොත් කැලයෙන් එලියට යාමට මගක් පාදාගන්නට පිළිවන,, එත් යාල කැලයේ සතුන් ලනු අඹරන්නේ නැත... එත් දන්නා කියන සියලු උපක්‍රම පාවිච්චි කරපු රවියා සෆාරි යන ජීප් රථයකින් වයර් කැබැල්ලක් ඉල්ලගත්තේය... වයරය ඩීසල් පොම්පයේ ගැටගැසූ පසු ජීප් රථය ඇතුලට අනික් කොන ඇදගනීමට වයරය දිග මදිය... වෙන කරන්නට දෙයක් නැත ... කරන්නට තිබෙනා එකම දෙයනම් රවියාට රථය පදවන්නට දී මම දකුණු පැත්තේ මඩ පුවරුව උඩ වාඩිවී අක්සිලේටරය ඇදීමය...

දැන් ජීප් රථය හෙමි හෙමින් ඉදිරියට යන්නේය...රිඅදුරු අසුනේ රවියාය... රථයෙන් එළියේ මඩ පුවරුව උඩ මම වාඩිවෙලා අක්සිලේටය අදිනවාය... ඉඳහිට හමුවෙනා සෆාරි ජීප් රථයක යන සුද්දන් හෝ අපේ එවුන් හිතන්නේ මට කාලා තෙල වැඩිවෙලා මැරෙන්න හදනවා කියාය... එත් අපිට වෙච්චි සන්තැසිය දන්නේ අපි පමණය... රවියා අතේ සුක්කානම තිබුනාට රථය යන්නේ මට උවමනා වේගයෙන්ය ... රවියාට තිබෙන්නේ පාරේ හරි පැත්තෙන් රථය පැදවීම පමණය... අතරමගදී අහම්බෙන් දුටු ලනු කැබැල්ලක් අහුලාගත් අපි වයර් කැබැල්ලට ලනුව ගැටගසා මට ස්ථාන මාරුවීමක් සාදාගැනීමට හැකි වූ බැවින් ඉදිරි අසුනේම වාඩිවීමට වාසනාව පෑදිණි ...දැන් අපි දෙන්නා ඉදිරිපස අසුනේ හවුලේ රථය පදවනවාය... මම අක්සිලේටර් අංශයේ වැඩ සියල්ල අකුරට ක්රියාවේ යොදවන අතර රවියා සුක්කනම් අංශයේ වැඩ අකුරට ක්‍රියාත්මක කරවීම නිසා යන්තම් සන්තම් තිස්සමහාරාමයේ ගරාජයකට රථය රැගෙන ඒමට අපිට හැකි වුනෝය ...

ගරාජයේ එකා අපිව තුට්ටුවකට ගණන් ගත්තෙම නැතිය... හවස් වෙලා හදල දෙන්නම් කියා කියන්නෝය... අපිට හවස් වෙනකම් මෙතන තපින්නට වෙලාවක් නැත... ජීප් කටුව හදාගන්නා ආකාරය මම දන්නා නමුත් ප්රශ්නය අවශ්‍ය උපකරණ නැතිකමය... ගරාජයේ එකා උගේ උපකරණ පාවිච්චි කර පුලුවනිනම් හදාගන්නා ලෙස දන්වුයෙන් වහාම රුපියල් දහයක් දී ත්‍රිරෝද රථ කේබලයක් ගෙනවිත් කෙබලයට දමා ගෙදර යාමට අටවා ගැනීමට මට ගතවුයේ විනාඩි දහයකටත් වඩා අඩු කාලයක් වන්නට ඇත..... දැන් මට මේ පරණ පොලිස් ජීප් රථයේ තොවිලය හොඳටෝම ඇති වෙලාය.. ප්රශ්නය වන්නේ බ්රේක් නැති වාහනය පදවන්නට දෙන්නට සුවර් එකෙක් නැතිකමය... එළිවෙනතුරු හැඳිගාපු කිරියා තාච්චි දෙකේ පිනට මාගේ මොලයට පහල වූ කදිම අදහසක් මම ක්‍රියාවට නංවන්නේ මේ අතරය....ඒ නම් අලුත් අක්සිලේටර් කේබලය බුරුලට තියා තද කිරීමය...එහෙම කලවිට රථය වේගයෙන් පදවන්නට බැරිය... වේගයෙන් පදවන්නට බැරි රථය කව්රු එලෙව්වත් කමක් නැතිය... හැප්පුනත් මැරෙන්නේ නැතිය...

රථය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව ගම රට බලා පිටත්වූ අපිට තිස්ස වැව බන්ට් එක අසල දන්නා කියන මුහුණු කීපයක් දැක විමසා බැලුකල හමුවන්නේ අපි ලව්වා බත් පිඟානට එළිවෙනතුරු කිරියා හැදවූ බඩ තඩියා ප්‍රමුක නඩයයි.. කට්ටියම හරිම සන්තෝසයෙන් දවල් ආහාරය භුක්ති වින්දිනවාය ... අපේ බඩ තඩියා ට දැන් නඩයේ හෙන තැනක් තිබෙනවාය... ඒ උගේ ගොන් යාළුවන් ලව්වා එළිවෙනතුරු කිරියා හැදූවූ නිසාය...එවන් උදව්වක් කල ගොන් වස්සන් හතරදෙනාට උන් දවලට බත් ටිකක් කන්න එන්න කියා වත් කීවේ නැතිය... එව්වා සිංහලයාගේ ගති පුරුදුය... එත් උන් එව්වා දන්නා කියන එවුන් ජාතියක් වෙන්නට විදිහක් නැත්තේය...එව්වා දැන උගෙන උන්නානම් අපි කෑවත් නැතත් එදා අපිට කන්නට කියනවාය...බඩ තඩියා නම් හෙන බත් කොතක් ගිලිමින් උන්නේය... එක පැත්තකින් බලනා කල අපිට කන්නට තියා උන්ට කන්නටවත් බත් ටිකක් බඩ තඩියා ඉතුරු කරන්නට විදිහක් නැත...බඩ තඩියා යනු මුළු නඩේටම දවස් දෙක තුනකට කන්නට ගෙනා මාළු හට්ටිය එකවර කා දමනා ජාතියේ එකෙක්ය... එහෙව් එකෙකුට කන්නට බොන්නට දෙන නඩයකට අපිට කන්නට දෙන්නට වැඩිපුර යමක් තිබෙන්නට විදිහක් නැතිය...

තිස්සෙන් ජීප් රථය පැදවීමට ලැබෙන්නේ අලුත්ම රියදුරෙකුටය...ඒ නම් බතලයාය... බතලයා හා හා පුරා කියා රෝද හතරක් පදවන්නේ අදය... බතලයාට පැදවීමේ කලාව අල්ලාගැනීමට වැඩි වෙලාවක් ගියේ නැතිය.. බතලයා දැන් රථය වැඩ දමා එලවන්නේය.. එත් උපරිම වේගය යා හැක්කේ 40 ක් පමණිය... ඒ හින්දා මට කිසිම භයක් දැනෙන්නේ නැතිය ... කිරියා හැදු අමාරුව යන්නට ටිකක් දොයිය බබා වන්නට පුලුවනිය... බතලයා ගමට එනතුරුම රථය සීරුවට පැදවූ අතර සහයට රියදුරු වසයෙන් වැඩි කාලයක් ඉදිරි අසුන හිමිවුයේ මටය...බතලයාටත් බඩ තඩියාටත් පොදු වූ එකම ලක්ෂණය නම් සමහරක් දුරකථන අමතුන් පැමිණෙන විට කිසිම අණක් ගුණක් නැතිව පාර මැද හෝ වාහනය නවත්වා එන්ජිම නවත්වා අපිට මුකවාඩම් දැම්ම දුරකතනයට පිළිතුරැ දීමය... වටින්නම දෙයනම් එවන් තත්ත්වයක් යටතේ කෙසේ හෝ ගමනට සහභාගී වීමය... ඒ බොක්කේ ෆිට් එක නිසාය..

රවියා හා තඩියා ඇති පදමට නිදාගත්තෝය...සියල්ල වන්නේ අපිටම බැවින් ගම පෙනී පෙනීම පරණ පොලිස් ජීප් රථයේ පසුපස රෝදයේ හුලන් ගියේ අපිටම අරියාදුවට වන්නට ඇතිය ... සියලු භාදක නිමවා රෝද මාරු කර ගම රට එනවිට රාත්‍රී දෙක පසුවී තිබුනේය... තඩියා ගේ නුවර එලිය ගමන එලෙසින් නිමා උනත් රවියාට සහ රවියලාගේ පවුලේ කොල්ලන් කුරුට්ටන්ට ඒ ගමනින් වාසියක් සිදුවුයේය... ඒ නම් ඒ තරම් දුරක් යා හැකි ජීප් රථය කෙසේ හෝ බ්රේක් හදා ගොඩ ගැනීමට කව්රුත් දායක වීමය... රවියාගේ අක්කාගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරන්ට එදා සිට රවියා වීරයෙක්ය... ඒ නම් බ්රේක් කඳුලක් නැති ජීප් රථයෙන් නුවර එලි ගොස් කිසිදු අනතුරක් උපද්‍රවයක් නැතුව ගෙදර ආ නිසාය... එත් නුවර එලියට යනතුරුත් ගිහින් එනතුරුත් රවියා බයෙන් බිරාන්ත වී උන් අයුරු දන්නේ අපි පමණය...එව්වා අපි කාටවත් කියන්නට යන්නේ නැතිය ...

මේක කියවන උඹලා මෙතන ඉන්න එවුන්ට නම් ගම් ආදේස කොරන්නට එපාය... මේ ගමන ආගිය එවුන්ගේ බිරින්දෑ වරුනුත් මෙව්වා කියවනවාය... නම් ගම් කෙලින්ම දැම්මොත් මුන්ට ඇඩ්රස් නැතිවෙන්නට කන්න වෙනවාය... ඒ තරමට අපේ එවුන්ගේ පෙර වැරදි ෆයිල් වල පිරිලාය... මෙව්වා කියවා මල පන්නාගෙන සුදු වෑන් වලින් මාව හොයන්නට එපාය... ඒ මම මෙව්වා ලිව්වේ කිසිම අමනාපයකින් තරහකින් නොවන නිසාය ... මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය... ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය... මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය...එත් කිරිනම් මතු කිසිම ආත්මයක හැඳිගාන්නට හතුරෙකුටවත් සිදුවන්නට එපාය..

ගිය නොගිය ට්‍රිප් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1587654

පාසල් සමයේ රස කතා

http://www.elakiri.com/forum/showthread.php?t=1548483

[QUOTE="polwattacom, post: 16857907, member: 114075"] [SIZE="5"]ඉතාමත් කර්කශ වූ සීතලෙන් හිරිහැර විඳි නින්දකින් අනතුරුව පාන්දර අවදි වූ අපි ළඟ පිහිටි හෝටලයකින් කිරි කොපි කෝප්පයක් බී දැන් කල්පනා කරන්නේ ඊළඟට මොකද කරන්නේ කියාය ... ගමෙන් ඩීසල් පුරවන ලද ඩීසල් ටැංකිය කොහේ යන්නටත් කලින් පුරවාගත යුතුය... ලොකු අයියාගේ පරණ පොලිස් ජීප් රථයේ ඩීසල් මීටරය තියා මෙලෝ මල දානයක් වැඩ කරන්නේ නැතිය... ඉස්ටාර්ට් වෙනවාට අමතරව වැඩ කරන යමක් තියෙනවානම් ඒ හෙඩ් ලයිට් දෙක පමණය... අවුරුදු දහයකට වඩා එහා ගිය මතකය මාගේ දශමයටම නිවැරදි අතර එදා ජීප් රථයට නුවර එළියෙන් ටැංකිය පිරෙන්නම ඩීසල් වැදුනේ රුපියල් හයසිය පනහකටය... ඩීසල් පුරවා ගත් අපි දැන් පිවිසෙන්නේ ගමනේ භයානකම කාර්යයටය... ඒ නම් කන්ද බැසීමටය... පනනම් තැන අග පිනි බින්දු වන්නේ කියා කව්දෝ කෙනෙක් කියා තිබුනා සත්තම සත්තය...ජීවිතය තුනක් මගේ දකුණු කකුල යටය... දන්නා කියන ශිල්ප සියල්ලම පාවිච්චි කරමින් නුවර එළියෙන් පහලට ජීප් රථය ධාවනය වන්නට වන්නේය... ඒ අතර රවියාට මතක් වෙන්නේ නුවර එළියේ සිටිනා අපේ පරණ ගජ මිතුරෙක්ය...ඌ ඉන්නේ හක්ගල මල් වත්තට පොඩ්ඩක් උඩට වෙන්නට කඳු ගැටයක් පහල පාරෙන් හැරිලා ගියාමය... ඒ ගමන පරණ පොලිස් ජීප් රථයේ කට්ටිය යන්නේ සම්පතයා හොයාගෙනය... අපි එහෙට යනකොට සම්පතයා උගේ අල පාත්තියට පෝර දමන්නට ගොහිල්ලාය ... ඉතාමත් ආගන්තුක සත්කාර ලැදි සම්පතයාගේ බිරිඳ වහා ගොස් සම්පතයා ගෙදරට කැන්දාගෙන ආවේය... කවදත් හිත හොඳ සම්පතයා උණු උණු පාන් ගෙනවිත් අපිට ඉතාමත් රසවත් උදේ ආහාරයක් පිළියෙළ කර දුන්නේ කිසිම ලෝභ කමක් නැතුවය...උදේ ආහාරයෙන් පසුව සතුටු සාමීචියේ යෙදෙන අතර අපි නැවත කතරගම යන බව දැනගත් සම්පතයා හනික ලැහැස්ති වන්නේ අපි සමග කතරගම ඒමටය ... මීට කලින් මාගේ දකුණු කකුල යට තිබුනේ ජීවිත තුනක්ය... දැන් හතරක්ය.. එයින් එකෙක් එක දරු පියෙක්ය... ඒ නම් සම්පත්ය...පරණ පොලිස් ජීප් රථයේ බ්රේක් තත්වය දන්නේනම් සම්පතයා අපි එක්ක කතරගම යන්න එන්නේනම් නැත... උගේ බිරින්දෑ ඒ බව දන්නේනම් ඌ අපි සමග එවන්නේද නැත... දන්නා කියන ශිල්ප සියල්ල සීරු මාරුවට දක්වමින් බොහොම සීරුවට පරණ පොලින් ජීප් රථය කඳු පාර පහලට ධාවනය වන්නේය... කට්ටියම පාරේ අයිනක තිබුණු සීතල් දිය පාරකින් හොඳහැටි ස්නානය කලෝය ...මේ කියනා ස්ථානයේ ගත් චායාරුපයක් තඩියා ළඟ තිබුණු බව මට යන්තමට වාගේ මතකය ... බතලයා කතරගමට ඇවිත් රස්තියාදු වන්නට මත්තෙන් පරණ පොලිස් ජීප් රථය කතරගමට යායුතුය... බඩ තඩියා ද උගේ ඥාති නඩය සමග කතරගම බලා එනවාය... හැමගේම බලාපොරොත්තුව අද රෑට අමතක නොවෙන සොමියක් දම්මන්නටය... වැල්ලවාය දක්වා බොහොම ශාන්තව තැන්පත්ව දන්නා කියන ශිල්ප සියල්ලම භාවිතා කරමින් ධාවනය වූ ජීප් රථයේ රියදුරු අසුන නොසිතු වෙලාවක තඩියා ආක්‍රමණය කළේය... යමක් බඩට දාගන්නට කඩයක් ළඟ නැවැත්වූ පරණ පොලිස් ජීප් එක දැන් ධාවනය වන්නේ තඩියා ගේ විධානයටය... රියදුරා තඩියා ය , සහයට රියදුරා සම්පත්යාය...ගමන බොහොම වේගවත්ය... තඩියා ට රිය පැදවීමට බලපත්රයක්ද නැතිය, බ්රේක් ඇත්තේද නැතිය ... එත් ගමන අසූව පැනලාය ... බුත්තල පාරේ වාහන සෙනග නැති උනත් පාරට අලියෙක් පැන්නොත් අලියාට ඇඩ්රස් නැතිවෙනවාය... එදා බුත්තල පාරට අලියෙක් පැන්නා නම් පරණ පොලිස් ජීප් රථය සමග අලියාගේ පින්තුරයක් පත්තරේ වැටෙනවා සුවර්ය... ඒ නම් ජීප් රථයක ගැටී අලියෙක් මරුට යන හෙඩිම යටතේය... පසුපස ඇති ඔයයි මමයි කියනා තාලයේ මුනට මුණ බලා වාඩිවෙන ආසන දෙකේ මුනට මුණ බලාගෙන ඉන්න මා සහ රවියා බිරාන්තවී බලා සිටින්නේ ජීප් රථය කොහේ හෝ කුඩු පට්ටම් වී නවතින තෙක්ය... ඒ අතරේ රවියා මා දිහා බලන්නේ තොට සාදු වැඩේ කියන්න වගේය ... කතරගම දෙවියන්ගේ පිහිටෙන් තඩියා සෙල්ලකතරගම ලන්වෙද්දී වේගය අඩුකර හෙමින් ගමනින් යන්නට පටන්ගත් නිසා මගේ රුදිර ගමනාගමනය ටිකක් යහපත් අතට හැරුනේය... සෙල්ල පසුකරමින් අසූවේ වේගයෙන් රථය පදෙව්වේනම් මා භයටම ජීප් රථය තුලම වලකජ්ජ ගහනවා නියතමය... අපි හතරකට්ටුව කතරගමට යහපත් වෙනවිට බඩ තඩියා ප්‍රමුක ඥාති බස් රථයක පිරිවර කතරගම නවාතැනක නවාතැන් ගෙන අවසන්ය. අපිත් එල වස්සන් සේ ඒ ආසන්නයේම නවාතැනක් කුලියට ගැනීම අප මුළු ගමනේම කල එකම සහ තඩිම ගොන්කමය... දැන් එව්වා සිදුවී හමාරය... දැන් එව්වාට පසුතැවීම කිසිම පලක් නැති වැඩක් වන්නේය...අපට රාත්‍රී කෑම වේල බඩ තඩියා ගේ ඥාති හිතවතුන්ගේන්ය... ඒ කාපු බත් පතේ නය එදා රෑ එලිවෙනතුරුම ගෙවන්නට සිදු උනාය... මේ අතරේ වෙච්චි පොරොන්දුව අකුරටම ඉටුකළ බතලයා කොළඹ මීටීම අහවර වී කතරගමට සැපත්වී උන්නේය... ඒ බොක්කේ ෆිට් එක නිසාය... වෙන යාළුවන් එහෙම කටු කාගෙන බොරු ලක්ස ගණනින් කියාගෙන දුරුකතර ගෙවාගෙන යාළුවන් බලන්නට එන්නේ නැත... මේ අපේ මිතුරුකමේ හැටිය... බොක්කේ ෆිට් එක කියන්නේ එයමය... බඩ තඩියා ගේ ඥාති මිත්‍ර නඩයෙන් රාත්‍රී ආහාරය වළඳා නවාතැනට ආ අපි නැවත එතනටම එන තෙක් තවත් දෙදෙනෙක් මග බලා උන්නෝය... ඒ වෙන කව්රුත් නොවේය... තඩි ඇල්සේසන් පොලිස් බල්ලන් දෙදෙනෙක් එකවර දමා ෂපාන් එකට නෑවිය හැකි තරම් තඩි දොදොල් තාච්චි දෙකක ඉදෙන්නට ලැහැස්තියෙන් පසුවන කිරියා තාච්චි දෙකය...ඒ කිරියා තාච්චි දෙක මතක්වෙන හැම මොහොතකම අදත් ඇඟේ මයිල් කෙලින් වෙන්නේය... මොකද අපි එකෙක්වත් උපන් තේකට ඒ තරම් ලොකු පරිප්පු නැවක් බාලානම් නැත්තේය... බඩ තඩියාගේ නඩය කතරගම ඇවිත් තියෙන්නේ කිරි දානයක් දෙන්නටය... අපි එව්වා කලින් දන්නේ නැතිය... දන්නවානම් උන් ඉන්නා පලාතකවත් යන්නේ නැතිය... දැන් ඉතින් කරන්නට දෙයක් ඇත්තෙම නැතිය ... කාපු බත් පතට හරියන්නට කිරියා හැඳි ගාන්නට සිද්දවෙනවාය...අපි කිරියා හදන තැනට යහපත් වී සුළු වෙලාවකින් බඩ තඩියා ගේ නඩයේ සිටි කොල්ලන් එකා දෙන්න කිරි ඉදෙනා තැනින් මරුවෙන්නට ගත්තෝය... දැන් ඉතින් කිරියා හදන්නට ඉතිරිව ඉන්නේ පරණ පොලිස් ජීප් නඩය හා මග යන්නට පන නැති වයසක උන්දලා දෙතුන් දෙනෙකුය... කොල්ලන් උනත් අපි බල්ලන් නොවෙන බැවින් මේ වයසක උන්දලා ට කිරියා හැඳිගාන්නට දමා මාරුවන්නට විදියක් ඇත්තෙම නැත්තේය... උන්දලාට කිරියා හැඳිගාන්නට තබා දොදොල් පත්ත උස්සා ගැනීමටවත් පණක් ඇත්තේ නැතිය..රාත්‍රී දහය එකොළහ උනේය... එකොළහ දොළහ උනේය....දොළහ එක උනේය ... මෙසේ කාලය ගෙවී උදෑසන පහමාර වෙනතුරුම අපි කට්ටිය කිරි හැඳිගෑවෝය ...කිරියා හැඳිගාන එක සෙල්ලම් වැඩක් නොවේය... එව්වා දන්නේ එව්වා කරපු එවුන් විතරය... කිරියා සංග්රාමයෙන් හෙම්බත්වූ අපි පැය කිහිපයක් දොයිය බබාලා වී දහයට පමණ නවාතැනින් පිටත් උනෝය ... ඒ වනවිටත් බඩ තඩියා ප්‍රමුක ඥාති නඩය පැදුරටත් නොකියා මාරුවී ගිහිල්ලාය .... අඩුම තරමේ කිරියා හැඳි ගෑ අපිට උදේට කන්නට කිරියා කෑල්ලක්වත් තියා කිරිබත් කෑල්ලක්වත් නොතබා උන් සියල්ලෝම දිරාමාරුවෙලාය... එව්වා මහා අසික්කිත වැඩය ... කරපු ගොන්කම් ඇතුන් ලව්වාවත් අද්දවන්නට නොහැකිය ...සියලු දුක් වේදනා අමතක වෙන්නට රටබීමකින් සප්පායම් වූ අපි පළමුව කරේ සම්පතයාව නුවරඑළි බසයකට නැංවීමය ... අපි හින්දා ඌටත් පරිප්පු නැවක් බාන්නට සිදුඋනේය ... පරණ පොලි ජීප් රථය දැන් සීරුවට ධාවනය වන්නේ යාල බලාය ... තිස්ස යටාල වෙහෙර ඉදිරිපිටදී එකවර යමක් දුටු රවියා ඕක හරෝපන්... ඕක හරෝපන් ඔතන පාරෙන් ඇතුලට හරෝපන් කියා මර හඬ තලන්නේය... මේ මගුලේ බ්රේක් නැති බව රවියාට අමතකය... බ්රේක් තිබුනත් ඉස්සරහට යන වාහනය හිටි හැටියේ එහෙම අංශක අනුවේ වංගුවක් හැරවීමට මේක නයිට් රයිඩර් වර්ගයේ එකක් නොවේය...නයිට් රයිඩරයේ මයිකල් නයිට් උනත් එහෙම අංශක අනුවට කාරෙක හරෝපන් කියා කිට් ට කිව්වොත් කිට් කාරයා මයිකලයා ට කුණුහරුපෙන් බැන නිකම් ඉන්න එකක් නැත, නයිට් රයිඩරයේ වහලය ඇර මයිකලයා උඩින් එලියට විසික් කරනවාය...දැන් හරවන්නට විදිහක් නැත... ඉස්සරහට එන්නේ රවියාගේ සුපර් සැලුනයය ... රියදුරු අසුනේ ඉන්නේ රවියාගේ ලොකු අයියාය ... ලොකු අයියා පන මෙන් රකිනා සහ පරෙස්සමට කිරිබත්ගොඩ ගෙදර මිදුලේ ගාල් කර ඇති යයි සිතා සිටිනා ජීප් රථය කොල්ලන් රැලක් සමග තිස්සමහාරාමේය... ජීප් රථය දුටු ලොකු අයියා ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැම්මේ සැලුනයේ පසුපස අසුනේ සිටිනා සුද්දන් දෙදෙනා මතක් වෙලාය... ජීප් රථය තිස්සේදී දුටු නිසා යන්තම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දැමුවත් නුවර එළියේදී ජීප් රථය දැක්කානම් ඉහලට ඇදගත් හුස්ම ටික පහලට දමන්නේම නැති වන්නට ඉඩ තිබුනේය .... නියම මහත්මා ගති ඇති ලොකු අයියා අපිට තියා රවියාටවත් වචනයක් කිව්වේ නැතිය...ලොකු අයියා රටේ ප්‍රසිද්ද මනුස්සයෙක්ය ...ඒ වාගේම බොහොම නිවුණු ගතිගුණ අත්තෙක්ය... අපි මේ යන්නේ යාල කැලයේ සතුන් බැලීමට නොවේය... යාල කැලයේ සතුන්ට ඊටත් අන්ත වස්සන් හතරදෙනෙකු පෙන්වීමටය... රැයක් එළිවෙනතුරු අනුන්ගේ නඩයක කිරියා හැඳි ගෑ අපිට වස්සන් යයි ආමන්ත්‍රණය කිරීම වස්සන් වෙත කෙරෙනා වූ අපහාසයක්ම වන්නේමය...දැන් එව්වා සිදුවී හමාරය... එව්වා සියල්ල අමතක කල අපි සියල්ල යාල කැලයේ ඇතුලේ කරක් ගසද්දී පරණ පොලිස් ජීප් රථය අපිට අජුත ගනයේ පරිප්පුවක් බෙදුවේය... ඒ නම් කැලය මැදදී ජීප් රථයේ අක්සිලේටර් කේබලය දෙකට මැදින් කැඩී යාමය...අක්සිලේටර් කේබලය නැතුව වාහනයක් ඉදිරියට ධාවනය කිරීමට නොහැකිය... වාහනය ඉදිරියට යන්නේ අක්සිලේටරය පෑගුවාමය ...කේබලය කැඩුන අක්සිලේටරය පෑගුවාට වාහනය ඉස්සරහට යන්නට සැර දමන්නේ නැත...ඕනෙනම් යනවා කියා හිතාගෙන සොමියට පාගන්නට පුලුවනිය ... එත් වාහනය යන්නේ නැත්තේය... දැන් ඉතින් ගමන අහවරය... කිරියා හැඳි ගෑ පින පහුවදාම පලදී ඇත්තේය... මාගේ දැනුමේ ප්‍රමාණයට අනුව ලනු කැබැල්ලක් සොයාගතහොත් කැලයෙන් එලියට යාමට මගක් පාදාගන්නට පිළිවන,, එත් යාල කැලයේ සතුන් ලනු අඹරන්නේ නැත... එත් දන්නා කියන සියලු උපක්‍රම පාවිච්චි කරපු රවියා සෆාරි යන ජීප් රථයකින් වයර් කැබැල්ලක් ඉල්ලගත්තේය... වයරය ඩීසල් පොම්පයේ ගැටගැසූ පසු ජීප් රථය ඇතුලට අනික් කොන ඇදගනීමට වයරය දිග මදිය... වෙන කරන්නට දෙයක් නැත ... කරන්නට තිබෙනා එකම දෙයනම් රවියාට රථය පදවන්නට දී මම දකුණු පැත්තේ මඩ පුවරුව උඩ වාඩිවී අක්සිලේටරය ඇදීමය... දැන් ජීප් රථය හෙමි හෙමින් ඉදිරියට යන්නේය...රිඅදුරු අසුනේ රවියාය... රථයෙන් එළියේ මඩ පුවරුව උඩ මම වාඩිවෙලා අක්සිලේටය අදිනවාය... ඉඳහිට හමුවෙනා සෆාරි ජීප් රථයක යන සුද්දන් හෝ අපේ එවුන් හිතන්නේ මට කාලා තෙල වැඩිවෙලා මැරෙන්න හදනවා කියාය... එත් අපිට වෙච්චි සන්තැසිය දන්නේ අපි පමණය... රවියා අතේ සුක්කානම තිබුනාට රථය යන්නේ මට උවමනා වේගයෙන්ය ... රවියාට තිබෙන්නේ පාරේ හරි පැත්තෙන් රථය පැදවීම පමණය... අතරමගදී අහම්බෙන් දුටු ලනු කැබැල්ලක් අහුලාගත් අපි වයර් කැබැල්ලට ලනුව ගැටගසා මට ස්ථාන මාරුවීමක් සාදාගැනීමට හැකි වූ බැවින් ඉදිරි අසුනේම වාඩිවීමට වාසනාව පෑදිණි ...දැන් අපි දෙන්නා ඉදිරිපස අසුනේ හවුලේ රථය පදවනවාය... මම අක්සිලේටර් අංශයේ වැඩ සියල්ල අකුරට ක්රියාවේ යොදවන අතර රවියා සුක්කනම් අංශයේ වැඩ අකුරට ක්‍රියාත්මක කරවීම නිසා යන්තම් සන්තම් තිස්සමහාරාමයේ ගරාජයකට රථය රැගෙන ඒමට අපිට හැකි වුනෝය ... ගරාජයේ එකා අපිව තුට්ටුවකට ගණන් ගත්තෙම නැතිය... හවස් වෙලා හදල දෙන්නම් කියා කියන්නෝය... අපිට හවස් වෙනකම් මෙතන තපින්නට වෙලාවක් නැත... ජීප් කටුව හදාගන්නා ආකාරය මම දන්නා නමුත් ප්රශ්නය අවශ්‍ය උපකරණ නැතිකමය... ගරාජයේ එකා උගේ උපකරණ පාවිච්චි කර පුලුවනිනම් හදාගන්නා ලෙස දන්වුයෙන් වහාම රුපියල් දහයක් දී ත්‍රිරෝද රථ කේබලයක් ගෙනවිත් කෙබලයට දමා ගෙදර යාමට අටවා ගැනීමට මට ගතවුයේ විනාඩි දහයකටත් වඩා අඩු කාලයක් වන්නට ඇත..... දැන් මට මේ පරණ පොලිස් ජීප් රථයේ තොවිලය හොඳටෝම ඇති වෙලාය.. ප්රශ්නය වන්නේ බ්රේක් නැති වාහනය පදවන්නට දෙන්නට සුවර් එකෙක් නැතිකමය... එළිවෙනතුරු හැඳිගාපු කිරියා තාච්චි දෙකේ පිනට මාගේ මොලයට පහල වූ කදිම අදහසක් මම ක්‍රියාවට නංවන්නේ මේ අතරය....ඒ නම් අලුත් අක්සිලේටර් කේබලය බුරුලට තියා තද කිරීමය...එහෙම කලවිට රථය වේගයෙන් පදවන්නට බැරිය... වේගයෙන් පදවන්නට බැරි රථය කව්රු එලෙව්වත් කමක් නැතිය... හැප්පුනත් මැරෙන්නේ නැතිය... රථය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව ගම රට බලා පිටත්වූ අපිට තිස්ස වැව බන්ට් එක අසල දන්නා කියන මුහුණු කීපයක් දැක විමසා බැලුකල හමුවන්නේ අපි ලව්වා බත් පිඟානට එළිවෙනතුරු කිරියා හැදවූ බඩ තඩියා ප්‍රමුක නඩයයි.. කට්ටියම හරිම සන්තෝසයෙන් දවල් ආහාරය භුක්ති වින්දිනවාය ... අපේ බඩ තඩියා ට දැන් නඩයේ හෙන තැනක් තිබෙනවාය... ඒ උගේ ගොන් යාළුවන් ලව්වා එළිවෙනතුරු කිරියා හැදූවූ නිසාය...එවන් උදව්වක් කල ගොන් වස්සන් හතරදෙනාට උන් දවලට බත් ටිකක් කන්න එන්න කියා වත් කීවේ නැතිය... එව්වා සිංහලයාගේ ගති පුරුදුය... එත් උන් එව්වා දන්නා කියන එවුන් ජාතියක් වෙන්නට විදිහක් නැත්තේය...එව්වා දැන උගෙන උන්නානම් අපි කෑවත් නැතත් එදා අපිට කන්නට කියනවාය...බඩ තඩියා නම් හෙන බත් කොතක් ගිලිමින් උන්නේය... එක පැත්තකින් බලනා කල අපිට කන්නට තියා උන්ට කන්නටවත් බත් ටිකක් බඩ තඩියා ඉතුරු කරන්නට විදිහක් නැත...බඩ තඩියා යනු මුළු නඩේටම දවස් දෙක තුනකට කන්නට ගෙනා මාළු හට්ටිය එකවර කා දමනා ජාතියේ එකෙක්ය... එහෙව් එකෙකුට කන්නට බොන්නට දෙන නඩයකට අපිට කන්නට දෙන්නට වැඩිපුර යමක් තිබෙන්නට විදිහක් නැතිය... තිස්සෙන් ජීප් රථය පැදවීමට ලැබෙන්නේ අලුත්ම රියදුරෙකුටය...ඒ නම් බතලයාය... බතලයා හා හා පුරා කියා රෝද හතරක් පදවන්නේ අදය... බතලයාට පැදවීමේ කලාව අල්ලාගැනීමට වැඩි වෙලාවක් ගියේ නැතිය.. බතලයා දැන් රථය වැඩ දමා එලවන්නේය.. එත් උපරිම වේගය යා හැක්කේ 40 ක් පමණිය... ඒ හින්දා මට කිසිම භයක් දැනෙන්නේ නැතිය ... කිරියා හැදු අමාරුව යන්නට ටිකක් දොයිය බබා වන්නට පුලුවනිය... බතලයා ගමට එනතුරුම රථය සීරුවට පැදවූ අතර සහයට රියදුරු වසයෙන් වැඩි කාලයක් ඉදිරි අසුන හිමිවුයේ මටය...බතලයාටත් බඩ තඩියාටත් පොදු වූ එකම ලක්ෂණය නම් සමහරක් දුරකථන අමතුන් පැමිණෙන විට කිසිම අණක් ගුණක් නැතිව පාර මැද හෝ වාහනය නවත්වා එන්ජිම නවත්වා අපිට මුකවාඩම් දැම්ම දුරකතනයට පිළිතුරැ දීමය... වටින්නම දෙයනම් එවන් තත්ත්වයක් යටතේ කෙසේ හෝ ගමනට සහභාගී වීමය... ඒ බොක්කේ ෆිට් එක නිසාය.. රවියා හා තඩියා ඇති පදමට නිදාගත්තෝය...සියල්ල වන්නේ අපිටම බැවින් ගම පෙනී පෙනීම පරණ පොලිස් ජීප් රථයේ පසුපස රෝදයේ හුලන් ගියේ අපිටම අරියාදුවට වන්නට ඇතිය ... සියලු භාදක නිමවා රෝද මාරු කර ගම රට එනවිට රාත්‍රී දෙක පසුවී තිබුනේය... තඩියා ගේ නුවර එලිය ගමන එලෙසින් නිමා උනත් රවියාට සහ රවියලාගේ පවුලේ කොල්ලන් කුරුට්ටන්ට ඒ ගමනින් වාසියක් සිදුවුයේය... ඒ නම් ඒ තරම් දුරක් යා හැකි ජීප් රථය කෙසේ හෝ බ්රේක් හදා ගොඩ ගැනීමට කව්රුත් දායක වීමය... රවියාගේ අක්කාගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මිතුරන්ට එදා සිට රවියා වීරයෙක්ය... ඒ නම් බ්රේක් කඳුලක් නැති ජීප් රථයෙන් නුවර එලි ගොස් කිසිදු අනතුරක් උපද්‍රවයක් නැතුව ගෙදර ආ නිසාය... එත් නුවර එලියට යනතුරුත් ගිහින් එනතුරුත් රවියා බයෙන් බිරාන්ත වී උන් අයුරු දන්නේ අපි පමණය...එව්වා අපි කාටවත් කියන්නට යන්නේ නැතිය ... මේක කියවන උඹලා මෙතන ඉන්න එවුන්ට නම් ගම් ආදේස කොරන්නට එපාය... මේ ගමන ආගිය එවුන්ගේ බිරින්දෑ වරුනුත් මෙව්වා කියවනවාය... නම් ගම් කෙලින්ම දැම්මොත් මුන්ට ඇඩ්රස් නැතිවෙන්නට කන්න වෙනවාය... ඒ තරමට අපේ එවුන්ගේ පෙර වැරදි ෆයිල් වල පිරිලාය... මෙව්වා කියවා මල පන්නාගෙන සුදු වෑන් වලින් මාව හොයන්නට එපාය... ඒ මම මෙව්වා ලිව්වේ කිසිම අමනාපයකින් තරහකින් නොවන නිසාය ... මෙවන් කාලයක් අපිට තිබුනා කියා අමතක වන නිසාය... ආයේ එව්වා කරන්නට වෙන්නේ ලබන ආත්මයේ වන්නට පුලුවනිය... මතු ආත්මයක උනත් මිතුරන් ලැබෙනවානම් ලැබිය යුත්තේ උඹලා වැනි බොක්කේ මිතුරන්ය...එත් කිරිනම් මතු කිසිම ආත්මයක හැඳිගාන්නට හතුරෙකුටවත් සිදුවන්නට එපාය..[/SIZE] ගිය නොගිය ට්‍රිප් එක [url]http://www.elakiri.com/forum/showthread.php?t=1587654[/url] පාසල් සමයේ රස කතා [url]http://www.elakiri.com/forum/showthread.php?t=1548483[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom