Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය

[ATTACH]51624[/ATTACH]

තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය

මරණානුස්සති භාවනාව පිළිබඳ ලෝකයාට මැනැවින් කරුණු කාරණා දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. එහි යම් අඩුවක් හෝ දෝෂයක් හෝ ඇතැයි කිසිවකුට තර්කයක් හෝ වාදයක් කළ නොහැකිය. එසේ සිතන්නේ නම් එය ඔවුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය.

සිතේ ස්වභාව වන්නේ සසරට ඇදී යෑමයි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා (අවිද්‍යාව) කර්ම රැස් කරයි. රැස් කරන තාක් ඉපදීම හා මරණය පැමිණෙයි. එය නොවේවායි පැතුවාට සිදු නොවේ.

ජරාමරණයන්ගෙන් නිදහස් වන මාවත මැදුම් මාවතයි. එම මාර්ගයෙන්, අන්තදෙකට වැටෙන සිත මැනැවින් කළමනාකරණය කරගෙන ස්වයං භූ ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් ලොව්තුරා බුදුන්වහන්සේ කරුණා අභ්‍යාසයෙන් යුතුව, ලෝකයාට මැදුම්මාවත විමුක්තියට ඒකායන මාර්ගය බව දේශනා කළ සේක. සතිපට්ඨානය වැඩීම සියලු දුකින් මිදීමටත්, සැනසිල්ලට හා නිවීමටත් උපකාර වන්නේ යැයි විභජනය කොට (බෙදාහරිමින්) විවෘත කර දේශනා කොට වදාළ සේක.

කර්ම රැස් කර ඉපැදී මියයන සත්වයාගේ පසුපස එන අකුසල කර්ම විපාකදීම, කුසල කර්ම විපාක දීම, සතර අපාදි දුක්ඛයට වැටී තීව්ර කටුක දුක් විඳින කාල සීමාව, නැවත සුගතියට එන හේතු සාධක, සුගතියෙන් දුගතියට නැවත වැටෙන ආකාරය පිළිබඳ සත්‍ය වශයෙන් කිවහැක්කේ තථාගතයන් වහන්සේට පමණක් බව මහා කම්ම විභංග සූත්‍රයෙන් මනාව හෙළි දරව් වේ.

දිනක් අලව් නුවරට වැඩම කළ බුදුන් වහන්සේ (නුවර වැසියන්ගේ ආරාධනා පරිදි) දනව් වැසියන් විසින් පිරිනමන ලද දානය පිළිගෙන වැළැඳීමෙන් අනතුරුව මහා පිරිසට මරණ සතිය වැඩීමේ අනුසස් වදාළ සේක. ඒ දහම් ඇසූ බොහෝ දෙනා තම නිවෙස්වලට ගොස් දෛනික කටයුතුවල නිරත වූහ. එම දේශනාවට මැනැවින් දෙසවන් යොමු කළ සොළොස් හැවිරිදි එක් පේෂකාර දියණියක් පැහැදී මෙසේ සිතුවා ය.

අහෝ ! බුදුරජුන් වදාළ දේශනාව ඉතා මනරම්ය. අගනේ ය. සියලු දෙනාට යහපත, සැනසීම උදාකරදෙන්නේ ය. මෙම දහම පිළිපදින යම්කෙනකු ඇත්නම් යහපත දකිනු ඇත. සැපය ලබනු ඇත. මා ද නිරන්තරයෙන් සියලු වැඩකටයුතු කරන අතර, මරණ සතිය වැඩීම සිදු කළ යුතු ය. මෙසේ සිතා තුන් අවුරුද්දක් ම අතපසු නොකොට දිවා රාත්‍රී සැමකල්හිම මරණ සති භාවනාව පුරුදු පුහුණු කළා ය. පහන් සිතින් කාලය ගත කළා ය. නොයෙක් නයින් ගුණයෙන් පිරුණාය. මෙත් කරුණාවෙන් හදවත විකසිත කර ගත්තා ය. සිතෙහි නිරන්තරව මැරෙන බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත දියුණු කරගත්තා ය. බිය සැක, දුරුකර ගත්තා ය.

වැඩූ සිත් ඇති අය කවුරුදැයි දිනක් අලුයම් වේලෙහි ලොව බැලූ බුදුපියාණන්ට තුන් අවුරුද්දක් මරණ සතිය වඩා ඇති පේෂකාර දියණියගේ මරණය එ දවස සිදුවෙන බවත්, සෝවාන් වීමට වාසනා භාග්‍ය ඇති බවත් පෙනුණි. සෝතාපත්ති ඵලයට පැමිණ නියත ව, මරණය සිදුවෙන බව දැක මහත් කරුණාවෙන් අලව් නුවර අග්ගලාව විහාරයට වැඩිසේක. බොහෝ දෙනා බණ ඇසීමට වෙහෙරට රැස්වූහ. පේෂකාර දියණිය ද සිය පියාගේ පේෂ කර්මාන්තයට අවශ්‍ය කළමනා කිසිවක් රැගෙන යන අතර, වෙහෙරට ගොස් බණ අසන පිරිස අතර හිඳගත්තා ය. ඇය කෙරෙහි කරුණාවෙන් බුදුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කිහිපයක් ඇයගෙන් විමසූ සේක.

බුදුරජාණන් වහන්සේ -[/COLOR]

දියණිය, කොහිසිට ආවෙහිද?

පේෂකාර දියණිය -

මම නොදනිමි, බුදුන්වහන්ස.

බුදුන්වහන්සේ -

කොහි යන්නෙහිද?

පේෂකාර දියණිය -

මම නොදනිමි බුදුන්වහන්ස.

බුදුන්වහන්සේ -

නොදන්නෙහිද?

පේෂකාරදියණිය -

මම දනිමි. බුදුන් වහන්ස.

බුදුන් වහන්සේ -

දන්නෙහිද?

පේෂකාරදියණිය-

මම නොදනිමි බුදුන්වහන්ස.

මෙම ප්‍රශ්න සතරට එක එල්ලේ ඒ ආකාරයෙන් පිළිතුරු දීම ගැන පිරිස කලබල වූහ. ඇය විසින් කටට ආ දෙයක් නොවිචාරා කියන ලද්දේ වේයැයි සිතා කලබල වූ පිරිස සන්සිඳවා සිවු පැනයන්ට මෙසේ උත්තර දීම ගැන ඇයගෙන් විමසූ සේක. පළමුවෙන් විමසූ පැනයට නොදනිමි කියා පිළිතුරු දුන්නේ, පෙර සසරේ මා කවරෙක් වූවා දැයි නොදත් නිසායි. කොහියන්නෙහිද? යන පැනයට මම නොදනිමි යැයි කීවේ මියගොස් උපදින තැන නොදන්නා නිසයි. නොදන්නෙහිද? දනිමියි පිළිතුරු දුන්නේ මැරෙන බව ස්ථිර බව දන්නා හෙයිනි.දන්නෙහිද? මම නොදනිමි ලෙස පිළිතුරු දුන්නේ මැරෙන වේලාව නොදන්නා නිසයි.

මෙසේ නුවණින් පිළිතුරු දීම ගැන ඇයට ප්‍රශංසා කොට මෙම ගාථාව බුදුන්වහන්සේ දේශනා කොට වදාළ සේක.

අන්ධභූතො අයං ලොකො

තනුකෙත්ථ විපස්සති

සකුන්තො ජාල මුන්තො ව

අප්පො සග්ගාය ගච්ඡති

අවිද්‍යාව ප්‍රත්‍ය කොට ලෝවැසියා අන්ධව ජීවිතය ගත කරන්නේ ය. ටික දෙනෙක් පමණක් පංචස්කන්ධය නැසෙන බිඳෙන බව අනිච්ච වශයෙන් අවබෝධකරගෙන අප්‍රමාදව කටයුතු කර මරණින් මතු සුගතියට හෝ නිවනට පත්වෙති. කෙසේද යත්, දැලින් මිදුණු වටුවකු මරණයෙන් බේරී යන්නා සේය. (වටු වැද්දකු දැමූ දැලට අසු නොවී ඉන් ගැලවී බේරියන වටුවන් මෙන්)

දේශනා අවසානයෙහි පේෂකාර දියණිය වැඩු මරණ සතිය ඇති, ඉන්ද්රිය ධර්මයන් මෝරා ඇති, අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ තැනැත්තී සක්කාය දිට්ඨිය ප්‍රහීණ වීමෙන් (තුන් සංයෝජන) සෝවාන් ඵලයට පත් වූවා ය.

ඔබත් පේෂකාරදියණිය මෙන් මරණ සතිය නිරන්තරයෙන්ම භාවිතයෙන් බහුල ලෙස වැඩීමට පහත සඳහන් ක්‍රම ආකාරයන් කියවා අප්‍රමාද වන්නට කටයුතු කරන්න. ලෝක සත්වයා සැමදා ජීවත්වීමට කැමැත්තක් ඇති කරගෙන සිටියත්, සෑම තප්පරයක් තප්පරයක් පාසාම ආයුෂ ගෙවී යන්නේ ය. හිඳින, දිග හැරෙන, නැවෙන, ඇවිදින, සිටින, නිදන, වටපිට බලන, කතා කරන, බලන, අසන, රසවිඳින, පහස ලබන හැම ක්රියාවක්හිම ආයුෂ ගෙවී ඇත්තේ ය. සිතන පතන හැම තප්පරයකම ආයුෂ ගෙවීයයි. මෙසේ දින, සති, මාස, අවුරුදු මරණයට ම සමීපවන්නේ ය. නමුත් අවිද්‍යා සහගතව බලන අයට පෙනෙන්නේ තමා සදාකාලික බවය. උදාහරණයක් සලකා බලමු. උදේ පාසල් යන දරුවා සවස ගෙදරට එන විට පෙනෙන්නේ උදේ සිටිය දරුවා ලෙසට ය. එම දරුවා ගෙදර සිටින අයට පෙනෙන්නේ ද එසේමය. එහෙත් පැය හයක, හතක කාල පරිච්ඡේදය තුළ වෙනස් වීම, විපරිණාමය ඔවුන්ට අවබෝධ නොවේ. අඩුම තරමේ පිපාසය වු වාරගණන, මලමුත්‍රා කළ වාර ගණන, විවිධ ආබාධ හටගත් වාරගණන, සීත, උෂ්ණය, දහදිය වැගිරීම, ඉරියව්වල විකාරභාවය, සිතේ හටගත් සිතිවිලිවල වේගය, කුසල් අකුසල් රැස් කිරීම, එයින් සිත වැඩි වාර ගණනක් පාපයට ඇදීයාම, පි‍්‍රය අපි‍්‍රය භාවය, කාමයන් මුල් කරගෙන හටගත් දහනය ආදිය පිළිබඳ නුවණින් විමසීමක් සිදු නොවේ. එම මොහොතේ මරණය සිදුවෙතැයි සිත හසුරුවා ගත යුතු ආකාරය ගැන ද අවබෝධයක් නැත.

එමනිසා පහන් සිතකින් මරණයට මුහුණ දීමට මෙන්ම තමාට තමා අයත් ලෝකයක් සදාකාලික කිසිවක් නැතිහෙයින්, පරම සුවය වන නිවන අවබෝධ කර ගැනීමටද මරණ සතිය වැඩිය යුතු ය.

1. වධක පච්චුඨානතො

වධකයකු හිස ගසන්නට එළැඹි සිටියාසේ මරණය ද වහා පැමිණේ යැයි සිහිකිරීම වධක පච්චුපට්ඨානය නම් වේ. පළිගැනීමේ චේතනාවෙන් බොහෝ කලක් සිට ඒ සඳහා අවස්ථාව එළැඹි වහාම සතුරාගේ ජීවිතය තොරකරන්නේ යම්සේද එපරිද්දෙන් මා කරාද ක්ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙතැයි ජීවිතය අනියතයි, මරණය නියතයි යනාදී වශයෙන් භාවනා මනසිකාරය වැඩිය යුතු ය.

* උදාවෙන සූර්යයා මොහොතකුදු නොනැවතී මුදුන් වී නැවත ද මොහොතක්වත් නොනැවතී වහා වහා අස්තයට යන්නේ යම්සේද

* කඳු මුදුනේ පටන් ගත් ගඟක් ශීඝ්‍රව වෙනස් වෙමින් නොනැවතී සාගරයට ගලා යන්නේ යම්සේ ද ජීවිතය ද උප්පත්තියේ සිට ක්ෂණයක් ක්ෂණයක් පාසාම මරණය කරා පැමිණෙන්නේ ය.

* අහසෙහි පාවෙන වළාකුළු, මහත් වූ සුළඟින්, විසිරී නොපෙනී යන්නේ යම්සේද, අධ්‍යාත්මික වයෝ ධාතුව කිපී මරණය වහා පැමිණෙන්නේ ය.

* වැසි සමයෙහි අහසෙහි දිස්වෙන විදුලි එළිය ඇතිවී ක්ෂණ මාත්‍රයෙන් අහෝසි වී යන්නේ යම්සේද, උපන්නා වූ සත්වයාගේ ජීවිතය සැනකින් මරණයට යන්නේ ය.

* ගසක මල් පිපී සුවඳ හමන මොහොත තුළ දී වැසි හෝ සුළං හමා මල් පෙති විසිරී ගසයට පතිත වන්නේ යම්සේද, සත්වයාගේ ජීවිතය ද මරණ නමැති සුළඟින් විසිරී යන්නේය, පතිත වන්නේ ය.

* ඉදුණු මිහිරි ඵලය නටුවෙන් ගිලිහී යන්නාසේ, ජීවිතය ද මරණයෙන් ගිලිහී යන්නේ ය.

* දිය ඇදි ඉර වහා මැකීයන්නේ යම්සේද ජීවිතය ද ඒකාන්තයෙන් මරණය සමඟ මැකී යන්නේ ය.

* විසිතුරු කරන ලද මැටි භාජනයක් වැටී බිඳීයන්නේ යම්සේද, සත්වයාගේ කයද මරණයෙන් බිඳී යන්නේ ය.

* තණ අග ඇති පිනිබිඳු හිරු උදාවත්ම අතුරුදන් වන්නේ යම්සේද, උපන්නාවූ ජීවිතය මරණයත් සමඟ නැතිවන්නේ ය.

* වැසි වසින කල දිය මත හටගත් බුබුළු බිඳීයන්නේ යම්සේද ජීවිතයද මරණය සමඟ මොහොතකදී බිඳී යන්නේ ය.

මෙලෙස කඩුවක් අමෝරාගත් වධකයකු පැමිණ සිටියාසේ මා වෙත ක්ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙන්නේ යැයි ජීවිතය අනියතයි මරණය නියතයි යනාදී වශයෙන් මරණ සතිය සිහිපත් කළ යුතු ය.

2. සම්පත්ති විපත්තිතො

නිරෝගී සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ධන සම්පත්තිය, බල සම්පත්තිය ආදී කොටැති කවර සම්පත්තියක් වුවද, විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේ යැයි සිතීම, සිහිකිරීම සම්පත්ති විපත්ති නම් වේ.

* තරුණ සම්පත්තිය ජරාව කෙළවර කොට ඇතැයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි යනුවෙන් සිහිකළ යුතු ය. ද්වාරයන්ගෙන් වැගිරෙන්නා වූ දෑ තරුණය කියා සුවඳවත් නොවේ. දුගඳ හමන්නේ ය. එසේ කලකිරීම ප්‍රකට කොට තරුණ මදය ප්රහාණය කොට මානාදි ක්ලේශ ධර්ම සමුච්ඡේදනය කිරීම පිණිස වීර්යය කළ යුතු ය. උපත සමඟ විපත ඒකාන්ත කොට ඇතැයි මරණසතිය වැඩිය යුතු ය.

* ආරෝග්‍ය සම්පත්තිය ව්‍යාධි ආදියෙන් විපත්ති බහුලකොට ඇතැයි, කුමන ලෙඩකින් ජීවිතයට විපත්ගෙන දී මරණය තමා කරා පැමිණෙන්නේදැයි කිව නොහැකියයි සලකා මරණසතිය සිහි කටයුතු ය.

* සාමිස පී‍්‍රතිය ශෝකය කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද ශෝකයත් සමඟ විපත්තිය කරා පැමිණෙන්නේ ය.

* මහා පර්වත සතර දිශාවෙන් මහත් වූ ශබ්දයෙන් හඬ නඟා පෙරැළී එන්නා සේ, ජරා මරණ නමැති මහා පර්වතයද රජ, මැති, ඇමැති ආදී බලවතුන් හා කිසිවක් කර කියා ගත නොහැකි දුබලයන් ආදී භේදයකින් තොරව විනාශයට පත්කරමින් විපත්තිය ගෙන දෙන්නේ ය. එබැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.

සිවුරඟ සේනාවන් හාත්පසින් ශක්තිමත් කරගෙන යුද්ධ කරමින් රාජධානී ජය ගත්තත්, ජරා මරණ වේගය සත්වයා යටපත් කරගෙන පැමිණෙන විට සිවුරඟ සේනා බලයට කිසිවක් කර කියා ගත නොහැකිය. ජරාමරණය ජය ගන්නේ ය. මෙසේ නුවණින් යුතුව මරණ සතිය වැඩිය යුතු ය.

පොල්ගහවෙල මිතභාණි හිමි

[QUOTE="jeewan tk, post: 16703771, member: 336776"] [b]තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය[/b] [ATTACH]51624._xfImport[/ATTACH] [COLOR="Red"][SIZE="5"]තණ අග රැඳි පිනි බිඳ බඳු අනියත ජීවිතය[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මරණානුස්සති භාවනාව පිළිබඳ ලෝකයාට මැනැවින් කරුණු කාරණා දේශනා කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනි. එහි යම් අඩුවක් හෝ දෝෂයක් හෝ ඇතැයි කිසිවකුට තර්කයක් හෝ වාදයක් කළ නොහැකිය. එසේ සිතන්නේ නම් එය ඔවුන්ට දිගුකලක් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ය. සිතේ ස්වභාව වන්නේ සසරට ඇදී යෑමයි. චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා (අවිද්‍යාව) කර්ම රැස් කරයි. රැස් කරන තාක් ඉපදීම හා මරණය පැමිණෙයි. එය නොවේවායි පැතුවාට සිදු නොවේ. ජරාමරණයන්ගෙන් නිදහස් වන මාවත මැදුම් මාවතයි. එම මාර්ගයෙන්, අන්තදෙකට වැටෙන සිත මැනැවින් කළමනාකරණය කරගෙන ස්වයං භූ ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් ලොව්තුරා බුදුන්වහන්සේ කරුණා අභ්‍යාසයෙන් යුතුව, ලෝකයාට මැදුම්මාවත විමුක්තියට ඒකායන මාර්ගය බව දේශනා කළ සේක. සතිපට්ඨානය වැඩීම සියලු දුකින් මිදීමටත්, සැනසිල්ලට හා නිවීමටත් උපකාර වන්නේ යැයි විභජනය කොට (බෙදාහරිමින්) විවෘත කර දේශනා කොට වදාළ සේක. කර්ම රැස් කර ඉපැදී මියයන සත්වයාගේ පසුපස එන අකුසල කර්ම විපාකදීම, කුසල කර්ම විපාක දීම, සතර අපාදි දුක්ඛයට වැටී තීව්ර කටුක දුක් විඳින කාල සීමාව, නැවත සුගතියට එන හේතු සාධක, සුගතියෙන් දුගතියට නැවත වැටෙන ආකාරය පිළිබඳ සත්‍ය වශයෙන් කිවහැක්කේ තථාගතයන් වහන්සේට පමණක් බව මහා කම්ම විභංග සූත්‍රයෙන් මනාව හෙළි දරව් වේ. දිනක් අලව් නුවරට වැඩම කළ බුදුන් වහන්සේ (නුවර වැසියන්ගේ ආරාධනා පරිදි) දනව් වැසියන් විසින් පිරිනමන ලද දානය පිළිගෙන වැළැඳීමෙන් අනතුරුව මහා පිරිසට මරණ සතිය වැඩීමේ අනුසස් වදාළ සේක. ඒ දහම් ඇසූ බොහෝ දෙනා තම නිවෙස්වලට ගොස් දෛනික කටයුතුවල නිරත වූහ. එම දේශනාවට මැනැවින් දෙසවන් යොමු කළ සොළොස් හැවිරිදි එක් පේෂකාර දියණියක් පැහැදී මෙසේ සිතුවා ය. අහෝ ! බුදුරජුන් වදාළ දේශනාව ඉතා මනරම්ය. අගනේ ය. සියලු දෙනාට යහපත, සැනසීම උදාකරදෙන්නේ ය. මෙම දහම පිළිපදින යම්කෙනකු ඇත්නම් යහපත දකිනු ඇත. සැපය ලබනු ඇත. මා ද නිරන්තරයෙන් සියලු වැඩකටයුතු කරන අතර, මරණ සතිය වැඩීම සිදු කළ යුතු ය. මෙසේ සිතා තුන් අවුරුද්දක් ම අතපසු නොකොට දිවා රාත්‍රී සැමකල්හිම මරණ සති භාවනාව පුරුදු පුහුණු කළා ය. පහන් සිතින් කාලය ගත කළා ය. නොයෙක් නයින් ගුණයෙන් පිරුණාය. මෙත් කරුණාවෙන් හදවත විකසිත කර ගත්තා ය. සිතෙහි නිරන්තරව මැරෙන බව මෙනෙහි කොට අප්‍රමාදව කුසල් සිත දියුණු කරගත්තා ය. බිය සැක, දුරුකර ගත්තා ය. වැඩූ සිත් ඇති අය කවුරුදැයි දිනක් අලුයම් වේලෙහි ලොව බැලූ බුදුපියාණන්ට තුන් අවුරුද්දක් මරණ සතිය වඩා ඇති පේෂකාර දියණියගේ මරණය එ දවස සිදුවෙන බවත්, සෝවාන් වීමට වාසනා භාග්‍ය ඇති බවත් පෙනුණි. සෝතාපත්ති ඵලයට පැමිණ නියත ව, මරණය සිදුවෙන බව දැක මහත් කරුණාවෙන් අලව් නුවර අග්ගලාව විහාරයට වැඩිසේක. බොහෝ දෙනා බණ ඇසීමට වෙහෙරට රැස්වූහ. පේෂකාර දියණිය ද සිය පියාගේ පේෂ කර්මාන්තයට අවශ්‍ය කළමනා කිසිවක් රැගෙන යන අතර, වෙහෙරට ගොස් බණ අසන පිරිස අතර හිඳගත්තා ය. ඇය කෙරෙහි කරුණාවෙන් බුදුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කිහිපයක් ඇයගෙන් විමසූ සේක.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]බුදුරජාණන් වහන්සේ -[[/SIZE]/COLOR] [COLOR="Blue"][SIZE="4"]දියණිය, කොහිසිට ආවෙහිද?[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]පේෂකාර දියණිය -[/SIZE][/COLOR] [COLOR="YellowGreen"][SIZE="4"]මම නොදනිමි, බුදුන්වහන්ස.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]බුදුන්වහන්සේ -[/SIZE][/COLOR] [COLOR="YellowGreen"][SIZE="4"]කොහි යන්නෙහිද?[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]පේෂකාර දියණිය -[/SIZE][/COLOR] [COLOR="YellowGreen"][SIZE="4"]මම නොදනිමි බුදුන්වහන්ස.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]බුදුන්වහන්සේ -[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="4"]නොදන්නෙහිද?[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]පේෂකාරදියණිය -[/SIZE][/COLOR] [COLOR="YellowGreen"][SIZE="4"]මම දනිමි. බුදුන් වහන්ස.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]බුදුන් වහන්සේ -[/SIZE][/COLOR] [COLOR="YellowGreen"][SIZE="4"]දන්නෙහිද?[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]පේෂකාරදියණිය-[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="4"]මම නොදනිමි බුදුන්වහන්ස.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මෙම ප්‍රශ්න සතරට එක එල්ලේ ඒ ආකාරයෙන් පිළිතුරු දීම ගැන පිරිස කලබල වූහ. ඇය විසින් කටට ආ දෙයක් නොවිචාරා කියන ලද්දේ වේයැයි සිතා කලබල වූ පිරිස සන්සිඳවා සිවු පැනයන්ට මෙසේ උත්තර දීම ගැන ඇයගෙන් විමසූ සේක. පළමුවෙන් විමසූ පැනයට නොදනිමි කියා පිළිතුරු දුන්නේ, පෙර සසරේ මා කවරෙක් වූවා දැයි නොදත් නිසායි. කොහියන්නෙහිද? යන පැනයට මම නොදනිමි යැයි කීවේ මියගොස් උපදින තැන නොදන්නා නිසයි. නොදන්නෙහිද? දනිමියි පිළිතුරු දුන්නේ මැරෙන බව ස්ථිර බව දන්නා හෙයිනි.දන්නෙහිද? මම නොදනිමි ලෙස පිළිතුරු දුන්නේ මැරෙන වේලාව නොදන්නා නිසයි. මෙසේ නුවණින් පිළිතුරු දීම ගැන ඇයට ප්‍රශංසා කොට මෙම ගාථාව බුදුන්වහන්සේ දේශනා කොට වදාළ සේක.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]අන්ධභූතො අයං ලොකො තනුකෙත්ථ විපස්සති සකුන්තො ජාල මුන්තො ව අප්පො සග්ගාය ගච්ඡති[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]අවිද්‍යාව ප්‍රත්‍ය කොට ලෝවැසියා අන්ධව ජීවිතය ගත කරන්නේ ය. ටික දෙනෙක් පමණක් පංචස්කන්ධය නැසෙන බිඳෙන බව අනිච්ච වශයෙන් අවබෝධකරගෙන අප්‍රමාදව කටයුතු කර මරණින් මතු සුගතියට හෝ නිවනට පත්වෙති. කෙසේද යත්, දැලින් මිදුණු වටුවකු මරණයෙන් බේරී යන්නා සේය. (වටු වැද්දකු දැමූ දැලට අසු නොවී ඉන් ගැලවී බේරියන වටුවන් මෙන්) දේශනා අවසානයෙහි පේෂකාර දියණිය වැඩු මරණ සතිය ඇති, ඉන්ද්රිය ධර්මයන් මෝරා ඇති, අප්‍රමාද විහරණයෙන් යුක්ත වූ තැනැත්තී සක්කාය දිට්ඨිය ප්‍රහීණ වීමෙන් (තුන් සංයෝජන) සෝවාන් ඵලයට පත් වූවා ය. ඔබත් පේෂකාරදියණිය මෙන් මරණ සතිය නිරන්තරයෙන්ම භාවිතයෙන් බහුල ලෙස වැඩීමට පහත සඳහන් ක්‍රම ආකාරයන් කියවා අප්‍රමාද වන්නට කටයුතු කරන්න. ලෝක සත්වයා සැමදා ජීවත්වීමට කැමැත්තක් ඇති කරගෙන සිටියත්, සෑම තප්පරයක් තප්පරයක් පාසාම ආයුෂ ගෙවී යන්නේ ය. හිඳින, දිග හැරෙන, නැවෙන, ඇවිදින, සිටින, නිදන, වටපිට බලන, කතා කරන, බලන, අසන, රසවිඳින, පහස ලබන හැම ක්රියාවක්හිම ආයුෂ ගෙවී ඇත්තේ ය. සිතන පතන හැම තප්පරයකම ආයුෂ ගෙවීයයි. මෙසේ දින, සති, මාස, අවුරුදු මරණයට ම සමීපවන්නේ ය. නමුත් අවිද්‍යා සහගතව බලන අයට පෙනෙන්නේ තමා සදාකාලික බවය. උදාහරණයක් සලකා බලමු. උදේ පාසල් යන දරුවා සවස ගෙදරට එන විට පෙනෙන්නේ උදේ සිටිය දරුවා ලෙසට ය. එම දරුවා ගෙදර සිටින අයට පෙනෙන්නේ ද එසේමය. එහෙත් පැය හයක, හතක කාල පරිච්ඡේදය තුළ වෙනස් වීම, විපරිණාමය ඔවුන්ට අවබෝධ නොවේ. අඩුම තරමේ පිපාසය වු වාරගණන, මලමුත්‍රා කළ වාර ගණන, විවිධ ආබාධ හටගත් වාරගණන, සීත, උෂ්ණය, දහදිය වැගිරීම, ඉරියව්වල විකාරභාවය, සිතේ හටගත් සිතිවිලිවල වේගය, කුසල් අකුසල් රැස් කිරීම, එයින් සිත වැඩි වාර ගණනක් පාපයට ඇදීයාම, පි‍්‍රය අපි‍්‍රය භාවය, කාමයන් මුල් කරගෙන හටගත් දහනය ආදිය පිළිබඳ නුවණින් විමසීමක් සිදු නොවේ. එම මොහොතේ මරණය සිදුවෙතැයි සිත හසුරුවා ගත යුතු ආකාරය ගැන ද අවබෝධයක් නැත. එමනිසා පහන් සිතකින් මරණයට මුහුණ දීමට මෙන්ම තමාට තමා අයත් ලෝකයක් සදාකාලික කිසිවක් නැතිහෙයින්, පරම සුවය වන නිවන අවබෝධ කර ගැනීමටද මරණ සතිය වැඩිය යුතු ය.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]1. වධක පච්චුඨානතො[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]වධකයකු හිස ගසන්නට එළැඹි සිටියාසේ මරණය ද වහා පැමිණේ යැයි සිහිකිරීම වධක පච්චුපට්ඨානය නම් වේ. පළිගැනීමේ චේතනාවෙන් බොහෝ කලක් සිට ඒ සඳහා අවස්ථාව එළැඹි වහාම සතුරාගේ ජීවිතය තොරකරන්නේ යම්සේද එපරිද්දෙන් මා කරාද ක්ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙතැයි ජීවිතය අනියතයි, මරණය නියතයි යනාදී වශයෙන් භාවනා මනසිකාරය වැඩිය යුතු ය. * උදාවෙන සූර්යයා මොහොතකුදු නොනැවතී මුදුන් වී නැවත ද මොහොතක්වත් නොනැවතී වහා වහා අස්තයට යන්නේ යම්සේද * කඳු මුදුනේ පටන් ගත් ගඟක් ශීඝ්‍රව වෙනස් වෙමින් නොනැවතී සාගරයට ගලා යන්නේ යම්සේ ද ජීවිතය ද උප්පත්තියේ සිට ක්ෂණයක් ක්ෂණයක් පාසාම මරණය කරා පැමිණෙන්නේ ය. * අහසෙහි පාවෙන වළාකුළු, මහත් වූ සුළඟින්, විසිරී නොපෙනී යන්නේ යම්සේද, අධ්‍යාත්මික වයෝ ධාතුව කිපී මරණය වහා පැමිණෙන්නේ ය. * වැසි සමයෙහි අහසෙහි දිස්වෙන විදුලි එළිය ඇතිවී ක්ෂණ මාත්‍රයෙන් අහෝසි වී යන්නේ යම්සේද, උපන්නා වූ සත්වයාගේ ජීවිතය සැනකින් මරණයට යන්නේ ය. * ගසක මල් පිපී සුවඳ හමන මොහොත තුළ දී වැසි හෝ සුළං හමා මල් පෙති විසිරී ගසයට පතිත වන්නේ යම්සේද, සත්වයාගේ ජීවිතය ද මරණ නමැති සුළඟින් විසිරී යන්නේය, පතිත වන්නේ ය. * ඉදුණු මිහිරි ඵලය නටුවෙන් ගිලිහී යන්නාසේ, ජීවිතය ද මරණයෙන් ගිලිහී යන්නේ ය. * දිය ඇදි ඉර වහා මැකීයන්නේ යම්සේද ජීවිතය ද ඒකාන්තයෙන් මරණය සමඟ මැකී යන්නේ ය. * විසිතුරු කරන ලද මැටි භාජනයක් වැටී බිඳීයන්නේ යම්සේද, සත්වයාගේ කයද මරණයෙන් බිඳී යන්නේ ය. * තණ අග ඇති පිනිබිඳු හිරු උදාවත්ම අතුරුදන් වන්නේ යම්සේද, උපන්නාවූ ජීවිතය මරණයත් සමඟ නැතිවන්නේ ය. * වැසි වසින කල දිය මත හටගත් බුබුළු බිඳීයන්නේ යම්සේද ජීවිතයද මරණය සමඟ මොහොතකදී බිඳී යන්නේ ය. මෙලෙස කඩුවක් අමෝරාගත් වධකයකු පැමිණ සිටියාසේ මා වෙත ක්ෂණ මාත්‍රයෙන් මරණය පැමිණෙන්නේ යැයි ජීවිතය අනියතයි මරණය නියතයි යනාදී වශයෙන් මරණ සතිය සිහිපත් කළ යුතු ය. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]2. සම්පත්ති විපත්තිතො[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]නිරෝගී සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ධන සම්පත්තිය, බල සම්පත්තිය ආදී කොටැති කවර සම්පත්තියක් වුවද, විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද මරණයත් සමඟ විනාශ වන්නේ යැයි සිතීම, සිහිකිරීම සම්පත්ති විපත්ති නම් වේ. * තරුණ සම්පත්තිය ජරාව කෙළවර කොට ඇතැයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි යනුවෙන් සිහිකළ යුතු ය. ද්වාරයන්ගෙන් වැගිරෙන්නා වූ දෑ තරුණය කියා සුවඳවත් නොවේ. දුගඳ හමන්නේ ය. එසේ කලකිරීම ප්‍රකට කොට තරුණ මදය ප්රහාණය කොට මානාදි ක්ලේශ ධර්ම සමුච්ඡේදනය කිරීම පිණිස වීර්යය කළ යුතු ය. උපත සමඟ විපත ඒකාන්ත කොට ඇතැයි මරණසතිය වැඩිය යුතු ය. * ආරෝග්‍ය සම්පත්තිය ව්‍යාධි ආදියෙන් විපත්ති බහුලකොට ඇතැයි, කුමන ලෙඩකින් ජීවිතයට විපත්ගෙන දී මරණය තමා කරා පැමිණෙන්නේදැයි කිව නොහැකියයි සලකා මරණසතිය සිහි කටයුතු ය. * සාමිස පී‍්‍රතිය ශෝකය කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද ශෝකයත් සමඟ විපත්තිය කරා පැමිණෙන්නේ ය. * මහා පර්වත සතර දිශාවෙන් මහත් වූ ශබ්දයෙන් හඬ නඟා පෙරැළී එන්නා සේ, ජරා මරණ නමැති මහා පර්වතයද රජ, මැති, ඇමැති ආදී බලවතුන් හා කිසිවක් කර කියා ගත නොහැකි දුබලයන් ආදී භේදයකින් තොරව විනාශයට පත්කරමින් විපත්තිය ගෙන දෙන්නේ ය. එබැවින් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය. සිවුරඟ සේනාවන් හාත්පසින් ශක්තිමත් කරගෙන යුද්ධ කරමින් රාජධානී ජය ගත්තත්, ජරා මරණ වේගය සත්වයා යටපත් කරගෙන පැමිණෙන විට සිවුරඟ සේනා බලයට කිසිවක් කර කියා ගත නොහැකිය. ජරාමරණය ජය ගන්නේ ය. මෙසේ නුවණින් යුතුව මරණ සතිය වැඩිය යුතු ය.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]පොල්ගහවෙල මිතභාණි හිමි[/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom