Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තථාගතයන් වහන්සේගේ ඓශ්චර්‍ය්‍ය භාග්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තථාගතයන් වහන්සේගේ ඓශ්චර්‍ය්‍ය භාග්යය෴

එහි ඓශ්චර්‍ය්‍ය යනු ඉසුරු බව ය, එනම්, තමාගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තූන් ද ස්ව වශයෙහි පැවැත්විය හැකි බව ය. රියැදුරකුට රිය තමාට රිසි පරිදි ගමන් කරවිය හැකි වන්නාක් මෙන්, තමන් වහන්සේගේ සිත හා ලෝකයෙහි වෙසෙන අන්‍ය සත්ත්වයන් හා ලෝකයෙහි ඇති වස්තුන් ද තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ වශයෙහි පැවැත්විය හැකි ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් චිත්තේශ්චර වන්නාහ. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි පවත්වන බැවින් සමාධිසමාපත්තීශ්වර ද වන්නාහ. අනේකප්‍රකාර ඍද්ධීන්හි වශීභාවය ඇති බැවින් ඍද්ධීවර ද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වර ද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝෙශ්වර ද වන්නාහ. නානාගණයන්ට අධිපති බැවින් ගණේශ්වර ද වන්නාහ. ලෝකයට ම අධිපති බැවින් ලෝකේශ්වර ද වන්නාහ.

චිත්තේශ්වර ගුණය ඉතා උසස් ගුණයෙකි. එය නොයෙක් කරුණු පිළිබඳ ඊශ්වරත්වය ඇත්තා වූ ද කෙලෙස් සහිත වූ රජුන්ට දේවබ්රාහ්මයන්ට ඍද්ධිමත් ශ්‍රමණයන්ට නැති ගුණයෙකි. කෙලෙස් සහිත පුද්ගලයන්ගේ සිත්, මුහුදෙහි දී කුඹුගස් කැඩී ගිය, සුක්කානම බිඳී ගිය ජලයාත්‍රාව, සුළං යන යන අතට රළපහර දියපහර යන යන අතට ඇදී යන්නාක් මෙන් ලාභලාභ යශායස නින්දාප්‍රශංසා සුඛදුඃඛ යන අෂ්ට ලෝකධර්මය අනුව විපර්ය්යාසවීම් වශයෙන් ඒ ඒ අතට යන්නේ ය. අෂ්ටලෝකධර්ම නැමැති සැඩසුළං පහරට සැඩ රළපහරට එඩිතර වූ ද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නො දෙන්නේ ය. රාජාදීහු ඇතැම් කරුණුවලදී බිය වී වෙවුලති. ඇතැම් කරුණුවලදී හඬති. ඇතැම් කරුණුවල දී කිපෙති. ඇතැම් කරුණුවලදී බැගෑපත්වෙති. ඇතැම් කරුණුවලදී උමතු වෙති. ඇතැම් කරුණු වලදී දිවි නසා ගනී. ස්වර්ණතිලකා නම් චණ්ඩාල තරුණිය දැක හටගත් චිත්තවිපර්යාසයෙන් රජුන් පස්දෙනෙකු දිවි නසා ගත් බව රසවාහිනියේ කියා තිබේ. ඇතැම් රජුන් ධනාශාවෙන් රෝගාතුර වූ බව ද, ඇතැමුන් යම් යම් කරුණු නිසා උමතු වූ ජාතක කථාදියෙහි දක්වා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් උන් වහන්සේට තමන් වහන්සේගේ සිත ඉෂ්ටානිෂ්ටාරම්මණ දෙපක්ෂය සම්බන්ධයෙන්ම සමව තබා ගත හැකිය. ඕනැම ඉෂ්ටාරම්මණයක් උන් වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ටාරම්මණයක් වශයෙන් වුව ද මධ්යස්ථාරම්මණයක් වශයෙන් වුව ද සැලකිය හැකි ය. අනිෂ්ටාරම්මණයන් ද කැමැත්ත අනුව ඉෂ්ට වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් සැලකිය හැකි ය. ඕනෑ ම පුරුෂයකුගේ සිත විපර්යාස කර දැමීමට සමත්, ඕනෑම පුද්ගලයකු කාමබන්ධනයෙන් බැඳ ගැනීමට සමත් මාරදුහිතෲන්ට බුදුරදුන් කාමබන්ධනයෙන් බැඳ ගැනීමට හැකිතාක් උත්සාහ කොට අන්තිමේදී පැහැර පලායන්නට සිදුවූයේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවිනි. මැරී දින ගණනක් ගතවී හොඳට ම කුණු වී මිනිසකුට ළං විය නො හෙන තත්වයට පැමිණ අමුසොහොනෙහි තුබූ පුණ්ණ නම් දාසියගේ මළසිරුර වෙත වැඩම කොට මළසිරුරට පොරවා තුබූ පණුවන්ගෙන් ගැවසී තුබූ වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ට ඉවත් කොට ගෙන සියතින් ම සෝදා චීවරයක් කොට කිසිදු පිළිකුලක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝග කළ හැකි වූ යේ ද චිත්තේශ්වර භාවය නිසා ය. මාගන්ධියා දේවිය විසින් මිනිසුන්ට අල්ලස් දී ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද, තීර්ථකයන් විසින් සුන්දරිය මරා දමා අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද චිඤ්චමානවිකාව ඉදිරියට ම පැමිණ චෝදනා කළ කල්හි ද, මරහු පැමිණ මහාසංග්‍රාමය කළ කල්හි ද, නාළාගිරි ඇතු පැමිණි කල්හි ද චිත්තේශ්වර භාවය ඇති නිසා තථාගතයන් වහන්සේගේ සිත ප්‍රකෘති ස්වාභාවයෙන් ම පැවැත්තේ ය. තව ද ලෝකයෙහි ඇතැම් උසස් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට තුබුණේ ය යි කියන,

“අණිමා මහිමා පත්ති - පාකම්මං ලඝිමා තථා,

ඊසිතා ච වසීතා ච - යත්ථ කාමාවසායිතා.”

යනුවෙන් දක්නා ඍද්ධිබල අට ද තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙසින් ඇත්තේ ය.

අණිමා යනු ශරීරය කුඩා කිරීම ය. අෂ්ටපරිෂ්කාරධරව අබැටක් තුළ සතර ඉරියව්ව ම පැවැත්විය හැකිතරමට ද, අෂ්ටපරිෂ්කාරධරව මිනිසකුගේ ඇස්පිය රෝමයක සක්මන් කළ හැකි පමණට ද ශරීරය තථාගතයන් වහන්සේට කුඩා කළ හැකි බව කියා තිබේ.

මහිමා යනු ශරීරය මහත් කිරීම ය. තථාගතයන් වහන්සේට කැමති පමණට ශරීරය මහත් කර ගත හැකි ය. උන් වහන්සේ තීර්ථක මථනය පිණිස යමකප්‍රාතිහාර්‍ය්‍යය කොට සත්වන වස විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. ශක්‍රයා උන් වහන්සේ දැක “තථාගතයන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් එළඹෙනු පිණිස වැඩම කළහ යි සිතමි. මේ පාණ්ඩුකම්බල ශෛලාසනය විශාල ය. දිගින් සැට යොදුනක, පළලින් පනස් යොදුනක, ඝනින් පසළොස් යොදුනක. තථාගතයන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අනිකකුට එහි අත තැබීමට ද නො ලැබෙන්නේ ය. උන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අස්න හිස් වන්නේ ය”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන තමන් වහන්සේගේ සගළ සිවුර සතරට නමා සැටයොදුන් ශෛලාසනය මත හෙළූ සේක. සිවුරක් එළූ කලෙක කුඩා පුටුවක් වැසෙන්නාක් මෙන් ශෛලාසනය සිවුරෙන් වැසී ගියේ ය. සක්දෙව්රජු ශෛලාසනය සිවුරෙන් වැසුණ ද බුදුරදුන් එහි සුළු තැනක හිඳිනු ඇතැ”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ සැටයොදුන් අසුන පුරා වැඩ සිටි සේක. මහා පාංසුකූලිකයකු කුඩා පුටුවක හිඳගත් කල සිවුරෙන් පුටුව වැසෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ සිවුරෙන් පාණ්ඩුකම්බලශෛලාසනය වැසී ගියේ ය.

(ධම්මපදට්ඨතථා 452)

රජගහ නුවර විසූ බ්‍රාහ්මණයෙක් “ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය නො ගත හැකි ය”යි අසා විමසනු පිණිස උන් වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසෙන කල්හි සැටරියනන් හුණගසක් ගෙන මඟ සිටියේ ය. ඔහුගේ හුණගස තථාගතයන් වහන්සේගේ දණ පමණ විය. බ්‍රාහ්මණයා පසු දින හුණගස් දෙකක් එක් කොට බැඳ ගෙන මඟ සිටියේ ය. තථාගතයන් වහන්සේ ඒ හුණගස් දෙකින් උඩ තවත් උණගස් දෙකක් පමණ උසින් පෙනී සිටි සේක. “බ්‍රාහ්මණය, නුඹ කුමක් කරන්නෙහි දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ. “නුඹ වහන්සේගේ ප්‍රමාණය ගනිමි”යි බමුණා කීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, මා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් දහම් පිරූයේ මාගේ ප්‍රමාණය අනුන්ට ගත හැකි වනු පිණිස නොවේ ය. බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ අප්රමේයයෝ ය”යි වදාළහ.

(සුමංගල විලාසිනී 200)

පත්ති යනු කොතෙක් දුරකට වුව ද සැණෙකින් යා හැකි බව ය. තථාගතයන් වහන්සේට දෙව්ලොවට බඹලොවට වුව ද අන් සක්වළකට වුව ද වක් කළ අත දිගු කරන්නාක් මෙන් සැණෙකින් යා හැකිය.

“අථඛ්වාහං භික්ඛවෙ, බකස්ස බ්රහ්මුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය, සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙවං උක්කට්ඨායං සුභගවනෙ සාළ රාජමූලෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසිං”

යනුවෙන් මජ්ඣිමනිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ උක්කට්ඨා නම් ජනපදයෙහි සුභග වනයෙහි වැඩ සිට බකබ්රහ්මයා වෙසෙන බඹලොවට බලවත් පුරුෂයකු වක්කළ අත දිග හරින තරම් කාලයේදී වැඩම කළ බව වදාරා තිබේ.

“බොධනෙය්යං ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ

ඛණෙන උපගන්ත්වාන - බොධෙති තං මහාමුනි”

යනුවෙන් “මහාමුනීන්ද්රයන් වහන්සේ ධර්මය අවබෝධ කරවිය හැකි ජනයකු දැක යොදුන් ලක්ෂයක් දුර වුව ද සැණෙකින් ගොස් ඔහුට ධර්මය අවබෝධ කරවති”යි බුද්ධවංස පාළියෙහි ද වදාරා ඇත්තේ ය.

පාකම්ම යනු ඍද්ධිබලයෙන් නානාරූපයන් හා ගිනි දිය සුළං ආදි දේවල් නිර්මාණය කිරීමේදී පමාවක් නැතිව සිතූ සැටියේ ම සිදු කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට යමකප්‍රාතිහාර්‍ය්‍යය කළ හැක්කේ ඉතා ඉක්මනින් ඒ ඒ දෙය මැවිය හැකි ශක්තිය ඇති නිසා ය.

ලඝිමා යනු කය, සිතට අනුකූල කොට සිත මෙන් ලැහැල්ලු බවට වේගවත් බවට පත් කිරීම ය. තථාගතයන් වහන්සේ පොළොවෙහි මෙන් අහසෙහි ද ගමනාදි ඉරියව් පැවැත්විය හැක්කේ, දිව්‍යලෝක බ්‍රහ්මලෝකවලට සැණෙකින් යා හැක්කේ සිත අනුව කය ලැහැල්ලු කළ හැකි බැවිනි.

ඊසිතා යනු ඊශ්වරභාවය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත හා ලෝකයත් ස්වවශයෙහි පැවැත්වීමට සමත් වන සේක. එබැවින් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදීහු තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි කල්හි ඉතා ගෞරවයෙන් හැසිරෙති.

වසීතා යනු ධ්යානසමාපත්තිවලට රිසිසේ සමවැදීම නැගිටීම කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට මුල සිට අගට වුව ද අග සිට මුලට වුව ද කැමති කැමති කසිණාරම්මණයන්හි ඉතා සීඝ්රයෙන් ධ්‍යානවලට සම වැදීම නැඟී සිටීම කළ හැකි ය. ඒ නිසා කැමති ප්‍රාතිහාර්‍ය්‍යයක් ඉක්මණින් කළ හැකි ය.

යත්ථකාමාවසායිතා යනු ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහිදී නියමිත ප්‍රදේශයෙහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්‍ය්‍යය පැවැත්විය හැකි බව ය. අණිමා මහිමාදි මේ බලවිශේෂ අට ද තථාගතයන් වහන්සේගේ ඵෙශ්වර්‍ය්‍ය ගුණයට අයත් වන්නේ ය.

සූවිසි මහ ගුණය - අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ.

[QUOTE="asliyanage, post: 30716041, member: 8764"] තථාගතයන් වහන්සේගේ ඓශ්චර්‍ය්‍ය භාග්යය෴ එහි ඓශ්චර්‍ය්‍ය යනු ඉසුරු බව ය, එනම්, තමාගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තූන් ද ස්ව වශයෙහි පැවැත්විය හැකි බව ය. රියැදුරකුට රිය තමාට රිසි පරිදි ගමන් කරවිය හැකි වන්නාක් මෙන්, තමන් වහන්සේගේ සිත හා ලෝකයෙහි වෙසෙන අන්‍ය සත්ත්වයන් හා ලෝකයෙහි ඇති වස්තුන් ද තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ වශයෙහි පැවැත්විය හැකි ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් චිත්තේශ්චර වන්නාහ. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි පවත්වන බැවින් සමාධිසමාපත්තීශ්වර ද වන්නාහ. අනේකප්‍රකාර ඍද්ධීන්හි වශීභාවය ඇති බැවින් ඍද්ධීවර ද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වර ද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝෙශ්වර ද වන්නාහ. නානාගණයන්ට අධිපති බැවින් ගණේශ්වර ද වන්නාහ. ලෝකයට ම අධිපති බැවින් ලෝකේශ්වර ද වන්නාහ. චිත්තේශ්වර ගුණය ඉතා උසස් ගුණයෙකි. එය නොයෙක් කරුණු පිළිබඳ ඊශ්වරත්වය ඇත්තා වූ ද කෙලෙස් සහිත වූ රජුන්ට දේවබ්රාහ්මයන්ට ඍද්ධිමත් ශ්‍රමණයන්ට නැති ගුණයෙකි. කෙලෙස් සහිත පුද්ගලයන්ගේ සිත්, මුහුදෙහි දී කුඹුගස් කැඩී ගිය, සුක්කානම බිඳී ගිය ජලයාත්‍රාව, සුළං යන යන අතට රළපහර දියපහර යන යන අතට ඇදී යන්නාක් මෙන් ලාභලාභ යශායස නින්දාප්‍රශංසා සුඛදුඃඛ යන අෂ්ට ලෝකධර්මය අනුව විපර්ය්යාසවීම් වශයෙන් ඒ ඒ අතට යන්නේ ය. අෂ්ටලෝකධර්ම නැමැති සැඩසුළං පහරට සැඩ රළපහරට එඩිතර වූ ද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නො දෙන්නේ ය. රාජාදීහු ඇතැම් කරුණුවලදී බිය වී වෙවුලති. ඇතැම් කරුණුවලදී හඬති. ඇතැම් කරුණුවල දී කිපෙති. ඇතැම් කරුණුවලදී බැගෑපත්වෙති. ඇතැම් කරුණුවලදී උමතු වෙති. ඇතැම් කරුණු වලදී දිවි නසා ගනී. ස්වර්ණතිලකා නම් චණ්ඩාල තරුණිය දැක හටගත් චිත්තවිපර්යාසයෙන් රජුන් පස්දෙනෙකු දිවි නසා ගත් බව රසවාහිනියේ කියා තිබේ. ඇතැම් රජුන් ධනාශාවෙන් රෝගාතුර වූ බව ද, ඇතැමුන් යම් යම් කරුණු නිසා උමතු වූ ජාතක කථාදියෙහි දක්වා ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් උන් වහන්සේට තමන් වහන්සේගේ සිත ඉෂ්ටානිෂ්ටාරම්මණ දෙපක්ෂය සම්බන්ධයෙන්ම සමව තබා ගත හැකිය. ඕනැම ඉෂ්ටාරම්මණයක් උන් වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ටාරම්මණයක් වශයෙන් වුව ද මධ්යස්ථාරම්මණයක් වශයෙන් වුව ද සැලකිය හැකි ය. අනිෂ්ටාරම්මණයන් ද කැමැත්ත අනුව ඉෂ්ට වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් සැලකිය හැකි ය. ඕනෑ ම පුරුෂයකුගේ සිත විපර්යාස කර දැමීමට සමත්, ඕනෑම පුද්ගලයකු කාමබන්ධනයෙන් බැඳ ගැනීමට සමත් මාරදුහිතෲන්ට බුදුරදුන් කාමබන්ධනයෙන් බැඳ ගැනීමට හැකිතාක් උත්සාහ කොට අන්තිමේදී පැහැර පලායන්නට සිදුවූයේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවිනි. මැරී දින ගණනක් ගතවී හොඳට ම කුණු වී මිනිසකුට ළං විය නො හෙන තත්වයට පැමිණ අමුසොහොනෙහි තුබූ පුණ්ණ නම් දාසියගේ මළසිරුර වෙත වැඩම කොට මළසිරුරට පොරවා තුබූ පණුවන්ගෙන් ගැවසී තුබූ වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ට ඉවත් කොට ගෙන සියතින් ම සෝදා චීවරයක් කොට කිසිදු පිළිකුලක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝග කළ හැකි වූ යේ ද චිත්තේශ්වර භාවය නිසා ය. මාගන්ධියා දේවිය විසින් මිනිසුන්ට අල්ලස් දී ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද, තීර්ථකයන් විසින් සුන්දරිය මරා දමා අපහාස කරවන්නට පටන් ගත් කල්හි ද චිඤ්චමානවිකාව ඉදිරියට ම පැමිණ චෝදනා කළ කල්හි ද, මරහු පැමිණ මහාසංග්‍රාමය කළ කල්හි ද, නාළාගිරි ඇතු පැමිණි කල්හි ද චිත්තේශ්වර භාවය ඇති නිසා තථාගතයන් වහන්සේගේ සිත ප්‍රකෘති ස්වාභාවයෙන් ම පැවැත්තේ ය. තව ද ලෝකයෙහි ඇතැම් උසස් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට තුබුණේ ය යි කියන, “අණිමා මහිමා පත්ති - පාකම්මං ලඝිමා තථා, ඊසිතා ච වසීතා ච - යත්ථ කාමාවසායිතා.” යනුවෙන් දක්නා ඍද්ධිබල අට ද තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙසින් ඇත්තේ ය. 🌸 අණිමා යනු ශරීරය කුඩා කිරීම ය. අෂ්ටපරිෂ්කාරධරව අබැටක් තුළ සතර ඉරියව්ව ම පැවැත්විය හැකිතරමට ද, අෂ්ටපරිෂ්කාරධරව මිනිසකුගේ ඇස්පිය රෝමයක සක්මන් කළ හැකි පමණට ද ශරීරය තථාගතයන් වහන්සේට කුඩා කළ හැකි බව කියා තිබේ. 🌸 මහිමා යනු ශරීරය මහත් කිරීම ය. තථාගතයන් වහන්සේට කැමති පමණට ශරීරය මහත් කර ගත හැකි ය. උන් වහන්සේ තීර්ථක මථනය පිණිස යමකප්‍රාතිහාර්‍ය්‍යය කොට සත්වන වස විසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළහ. ශක්‍රයා උන් වහන්සේ දැක “තථාගතයන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් එළඹෙනු පිණිස වැඩම කළහ යි සිතමි. මේ පාණ්ඩුකම්බල ශෛලාසනය විශාල ය. දිගින් සැට යොදුනක, පළලින් පනස් යොදුනක, ඝනින් පසළොස් යොදුනක. තථාගතයන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අනිකකුට එහි අත තැබීමට ද නො ලැබෙන්නේ ය. උන් වහන්සේ මෙහි වැඩසිටිනා කල්හි අස්න හිස් වන්නේ ය”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන තමන් වහන්සේගේ සගළ සිවුර සතරට නමා සැටයොදුන් ශෛලාසනය මත හෙළූ සේක. සිවුරක් එළූ කලෙක කුඩා පුටුවක් වැසෙන්නාක් මෙන් ශෛලාසනය සිවුරෙන් වැසී ගියේ ය. සක්දෙව්රජු ශෛලාසනය සිවුරෙන් වැසුණ ද බුදුරදුන් එහි සුළු තැනක හිඳිනු ඇතැ”යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ සැටයොදුන් අසුන පුරා වැඩ සිටි සේක. මහා පාංසුකූලිකයකු කුඩා පුටුවක හිඳගත් කල සිවුරෙන් පුටුව වැසෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ සිවුරෙන් පාණ්ඩුකම්බලශෛලාසනය වැසී ගියේ ය. (ධම්මපදට්ඨතථා 452) රජගහ නුවර විසූ බ්‍රාහ්මණයෙක් “ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය නො ගත හැකි ය”යි අසා විමසනු පිණිස උන් වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසෙන කල්හි සැටරියනන් හුණගසක් ගෙන මඟ සිටියේ ය. ඔහුගේ හුණගස තථාගතයන් වහන්සේගේ දණ පමණ විය. බ්‍රාහ්මණයා පසු දින හුණගස් දෙකක් එක් කොට බැඳ ගෙන මඟ සිටියේ ය. තථාගතයන් වහන්සේ ඒ හුණගස් දෙකින් උඩ තවත් උණගස් දෙකක් පමණ උසින් පෙනී සිටි සේක. “බ්‍රාහ්මණය, නුඹ කුමක් කරන්නෙහි දැ”යි තථාගතයන් වහන්සේ වදාළහ. “නුඹ වහන්සේගේ ප්‍රමාණය ගනිමි”යි බමුණා කීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, මා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් දහම් පිරූයේ මාගේ ප්‍රමාණය අනුන්ට ගත හැකි වනු පිණිස නොවේ ය. බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ අප්රමේයයෝ ය”යි වදාළහ. (සුමංගල විලාසිනී 200) 🌸 පත්ති යනු කොතෙක් දුරකට වුව ද සැණෙකින් යා හැකි බව ය. තථාගතයන් වහන්සේට දෙව්ලොවට බඹලොවට වුව ද අන් සක්වළකට වුව ද වක් කළ අත දිගු කරන්නාක් මෙන් සැණෙකින් යා හැකිය. “අථඛ්වාහං භික්ඛවෙ, බකස්ස බ්රහ්මුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය, සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙවං උක්කට්ඨායං සුභගවනෙ සාළ රාජමූලෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසිං” යනුවෙන් මජ්ඣිමනිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ උක්කට්ඨා නම් ජනපදයෙහි සුභග වනයෙහි වැඩ සිට බකබ්රහ්මයා වෙසෙන බඹලොවට බලවත් පුරුෂයකු වක්කළ අත දිග හරින තරම් කාලයේදී වැඩම කළ බව වදාරා තිබේ. “බොධනෙය්යං ජනං දිස්වා - සතසහස්සෙපි යොජනෙ ඛණෙන උපගන්ත්වාන - බොධෙති තං මහාමුනි” යනුවෙන් “මහාමුනීන්ද්රයන් වහන්සේ ධර්මය අවබෝධ කරවිය හැකි ජනයකු දැක යොදුන් ලක්ෂයක් දුර වුව ද සැණෙකින් ගොස් ඔහුට ධර්මය අවබෝධ කරවති”යි බුද්ධවංස පාළියෙහි ද වදාරා ඇත්තේ ය. 🌸 පාකම්ම යනු ඍද්ධිබලයෙන් නානාරූපයන් හා ගිනි දිය සුළං ආදි දේවල් නිර්මාණය කිරීමේදී පමාවක් නැතිව සිතූ සැටියේ ම සිදු කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට යමකප්‍රාතිහාර්‍ය්‍යය කළ හැක්කේ ඉතා ඉක්මනින් ඒ ඒ දෙය මැවිය හැකි ශක්තිය ඇති නිසා ය. 🌸 ලඝිමා යනු කය, සිතට අනුකූල කොට සිත මෙන් ලැහැල්ලු බවට වේගවත් බවට පත් කිරීම ය. තථාගතයන් වහන්සේ පොළොවෙහි මෙන් අහසෙහි ද ගමනාදි ඉරියව් පැවැත්විය හැක්කේ, දිව්‍යලෝක බ්‍රහ්මලෝකවලට සැණෙකින් යා හැක්කේ සිත අනුව කය ලැහැල්ලු කළ හැකි බැවිනි. 🌸 ඊසිතා යනු ඊශ්වරභාවය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත හා ලෝකයත් ස්වවශයෙහි පැවැත්වීමට සමත් වන සේක. එබැවින් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදීහු තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි කල්හි ඉතා ගෞරවයෙන් හැසිරෙති. 🌸 වසීතා යනු ධ්යානසමාපත්තිවලට රිසිසේ සමවැදීම නැගිටීම කළ හැකි බව ය. තථාගතයන් වහන්සේට මුල සිට අගට වුව ද අග සිට මුලට වුව ද කැමති කැමති කසිණාරම්මණයන්හි ඉතා සීඝ්රයෙන් ධ්‍යානවලට සම වැදීම නැඟී සිටීම කළ හැකි ය. ඒ නිසා කැමති ප්‍රාතිහාර්‍ය්‍යයක් ඉක්මණින් කළ හැකි ය. 🌸 යත්ථකාමාවසායිතා යනු ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහිදී නියමිත ප්‍රදේශයෙහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්‍ය්‍යය පැවැත්විය හැකි බව ය. අණිමා මහිමාදි මේ බලවිශේෂ අට ද තථාගතයන් වහන්සේගේ ඵෙශ්වර්‍ය්‍ය ගුණයට අයත් වන්නේ ය. සූවිසි මහ ගුණය - අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom