Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් …
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්....

වික්ටර් රත්නායක ගායකයාගේ තනිවෙන්නට මගේ ලොවේ ගීතය ඔබ අසා නොමැති ගීතයක් වන්නට නම් නොහැක. ඔබ මේ ගීතය අසද්දී නැත්නම් මුමුණද්දී සංයුක්ත නිකායේ මිගජාල සූත්‍රය ද සිහිපත් කර ගතහොත් මහත් වූ ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ අදහසයි.

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්, රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ, සුවඳ මා ලඟින්...

සුවඳ දැනෙන දෙයකි. විඳිය හැකි දෙයකි. ගීතයේ කියැවෙන ආකාරයට ගීතය කියන්නා වූ අයට පුරුදු පාළුවෙන් තනිවිය නොහැක්කේ ඔහුගේ සොඳුරියගේ සුවඳ, මතකය ඔහුට දැනෙන නිසාවෙනි. මෙනිසා එම සුවඳ රැගෙන යන ලෙස ඔහු ඉල්ලයි. එයින් කියැවෙන දෙය වන්නේ මතකය සුවඳ වැනි දැනෙන දේ නිසා තනිවීමට ඇති හැකියාව අහිමි වන බවයි.

මිගජාල ස්වාමීන්වහන්සේ වරක් බුදුරජාණන්වහන්සේ හමුවට ගොස් මෙසේ විමසයි.

“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?”

සරලවම තනිව වසන්නේ කෙසේ ද යන්න මිගජාල ස්වාමීන්වහන්සේගේ ප්රශ්නය යි. මීට බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කරයි.

“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ."

කෙනෙකුට ඇස නිසා හඳුනා ගැනීමට අවශ්‍ය රූප ඇත. මෙහිදී දැකීමත් පෙනීමත් අතර වෙනස ද සිතේ තබා ගත යුතු ය. පෙනීම සහ දැකීම දෙකකි. පෙනීම තෝරා ගැනීමක් නැතිව සිදුවුවත් දැකීම තෝරා ගැනීමක් සහිතව සිදු වේ. ඒ තෝරා ගැනීම සඳහා හේතු ඇත. ඉහතදී ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ලෙසින් දැක්වෙන්නේ ඒ හේතු ය. ඉතින් යමකු ඒ රූප පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී.

නිදසුනකට ඔබ කැමැති චිත්‍රපටයක් ගන්න. ඒ චිත්‍රපටය බැලීමට ඔබ උත්සාහ කරයි. කෙසේ හෝ ඔබ එය බැලුවා යැයි සිතන්න. ඉන්පසුව ඔබ අනුන්ටත් ඒ චිත්‍රපටය ගැන කියයි. ඒ කියන්නේ අසා සිටින්නන්ටද එය බැලීමට ආරාධනා කරමිනි. මෙසේ එහි ගැලී සිටින විට ඒ හේතු කොට තණ්හාව උපදී. තණ්හාව හේතුවෙන් ඒ ඇසින් දකින රූප සඳහා ආශාව ඇති කර ගනී. ඒ ආශාව නිසා රූපයට බැඳීම ඇති වන අතර ඒ බැඳීම ඇති විට තනිවීම සිහිනයක් පමණි. සිරුර තනි වුවත් මනස සොයන්නේ බැඳීම ඇති රූපයයි. එවැන්නකුට තනිව සිටීමට නොහැක.

මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ මිගජාල ස්වාමීන්වහන්සේට ඇස, කණ, නාසය, සිරුර, කට සහ මනස මුල් කර ගෙන ඇති වන තණ්හාව මුල් කර ගත් බැඳීම හේතුවෙන් කෙනකුට තනිව වාසය කළ නොහැකි බව පෙන්වා දෙයි. වැඩිදුරටත් ඒ පිළිබඳව බුද්ධ දේශනාව පහත පරිදි ය.

“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ."

තනිවීමට අවශ්‍ය නිසා මතක සුවඳ රැගෙන යන ලෙස ඉල්ලා සිටින්නේ එහෙයිනි.

බුදුරජාණන්වහන්සේ මින් නොනැවතී තනිවිය හැකි ආකාරය ද දේශනා කරයි.

“මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ."

දැකීමට කැමැති රූප සඳහා බැඳීමක් ඇති කර නොගන්නා තැනැත්තා තනිව වාසය කරන්නේ ය. ඒ තැනැත්තාට රූප දැකීමත් බැලීමත් එකකි. ඔහු රූපය පිළිබඳව වර්ණනා කරමින් අන්යන් ඒ සඳහා පෙළඹවන්නේ නැත. නිදසුනකට ඔබ මෙවැන්නකු නම් චිත්‍රපටයක් බැලුවත් එය බැලීම සඳහා තවකකුට එහි ගුණදොස් වර්ණනා කරන්නේ නැත. මිගජාල සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ ඇස, කන, නාසය, කට, සිරුර සහ මනස මුල් කරගනිමින් නොඇලීමේ වැදගත්කම පෙන්වා දෙයි. ඒ අනුව, “මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්ෂූන්ගෙන්, භික්ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්ථකයන්ගෙන්, තීර්ත්ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ.

ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” ලෙසින් බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.

සමහර අවස්ථාවලදී ඔබත් "මට ටිකක් තනියම ඉන්න ඕනා" නැත්නම් "තනිවම ඉන්න එක හොඳයි" වැනි උදාන වාක්‍ය පවසමින් කැලෑවලට, භාවනා මධ්‍යස්ථානවලට යන්නට උත්සාහ කරනු ඇත. යහළු මිතුරන්ගෙන්, ඤාතීන්ගෙන් ඈත්වීමට උත්සාහ කරනු ඇත. එහෙත් මිගජාල සූත්‍රයට අනුව ඔබ ඇස, කන, නාසය, කට, සිරුර සහ මනස මුල් කරගනිමින් බැඳීම් ඇති කර ගෙන සිටී නම් ඒ තනිවීමට ගනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයක් නැත.

එනිසා ඔබේ ලොවේ තනිවීමට අවශ්‍යයි කියා ඔබට හිතෙන්නේ නම්, ඒ සඳහා සූදානම් ද කියා ප්‍රථමයෙන්ම ඔබගෙන් ම විමසා දැන ගෙන පියවර ගන්න.

[QUOTE="hpalpola, post: 28676738, member: 321413"] [B][SIZE=4]තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්[/SIZE][/B][SIZE=4].... වික්ටර් රත්නායක ගායකයාගේ තනිවෙන්නට මගේ ලොවේ ගීතය ඔබ අසා නොමැති ගීතයක් වන්නට නම් නොහැක. ඔබ මේ ගීතය අසද්දී නැත්නම් මුමුණද්දී සංයුක්ත නිකායේ මිගජාල සූත්‍රය ද සිහිපත් කර ගතහොත් මහත් වූ ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ අදහසයි. තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්, රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ, සුවඳ මා ලඟින්... සුවඳ දැනෙන දෙයකි. විඳිය හැකි දෙයකි. ගීතයේ කියැවෙන ආකාරයට ගීතය කියන්නා වූ අයට පුරුදු පාළුවෙන් තනිවිය නොහැක්කේ ඔහුගේ සොඳුරියගේ සුවඳ, මතකය ඔහුට දැනෙන නිසාවෙනි. මෙනිසා එම සුවඳ රැගෙන යන ලෙස ඔහු ඉල්ලයි. එයින් කියැවෙන දෙය වන්නේ මතකය සුවඳ වැනි දැනෙන දේ නිසා තනිවීමට ඇති හැකියාව අහිමි වන බවයි. මිගජාල ස්වාමීන්වහන්සේ වරක් බුදුරජාණන්වහන්සේ හමුවට ගොස් මෙසේ විමසයි. “ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” සරලවම තනිව වසන්නේ කෙසේ ද යන්න මිගජාල ස්වාමීන්වහන්සේගේ ප්රශ්නය යි. මීට බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කරයි. “මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ." කෙනෙකුට ඇස නිසා හඳුනා ගැනීමට අවශ්‍ය රූප ඇත. මෙහිදී දැකීමත් පෙනීමත් අතර වෙනස ද සිතේ තබා ගත යුතු ය. පෙනීම සහ දැකීම දෙකකි. පෙනීම තෝරා ගැනීමක් නැතිව සිදුවුවත් දැකීම තෝරා ගැනීමක් සහිතව සිදු වේ. ඒ තෝරා ගැනීම සඳහා හේතු ඇත. ඉහතදී ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ලෙසින් දැක්වෙන්නේ ඒ හේතු ය. ඉතින් යමකු ඒ රූප පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. නිදසුනකට ඔබ කැමැති චිත්‍රපටයක් ගන්න. ඒ චිත්‍රපටය බැලීමට ඔබ උත්සාහ කරයි. කෙසේ හෝ ඔබ එය බැලුවා යැයි සිතන්න. ඉන්පසුව ඔබ අනුන්ටත් ඒ චිත්‍රපටය ගැන කියයි. ඒ කියන්නේ අසා සිටින්නන්ටද එය බැලීමට ආරාධනා කරමිනි. මෙසේ එහි ගැලී සිටින විට ඒ හේතු කොට තණ්හාව උපදී. තණ්හාව හේතුවෙන් ඒ ඇසින් දකින රූප සඳහා ආශාව ඇති කර ගනී. ඒ ආශාව නිසා රූපයට බැඳීම ඇති වන අතර ඒ බැඳීම ඇති විට තනිවීම සිහිනයක් පමණි. සිරුර තනි වුවත් මනස සොයන්නේ බැඳීම ඇති රූපයයි. එවැන්නකුට තනිව සිටීමට නොහැක. මේ ආකාරයට බුදුරජාණන්වහන්සේ මිගජාල ස්වාමීන්වහන්සේට ඇස, කණ, නාසය, සිරුර, කට සහ මනස මුල් කර ගෙන ඇති වන තණ්හාව මුල් කර ගත් බැඳීම හේතුවෙන් කෙනකුට තනිව වාසය කළ නොහැකි බව පෙන්වා දෙයි. වැඩිදුරටත් ඒ පිළිබඳව බුද්ධ දේශනාව පහත පරිදි ය. “මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ." තනිවීමට අවශ්‍ය නිසා මතක සුවඳ රැගෙන යන ලෙස ඉල්ලා සිටින්නේ එහෙයිනි. බුදුරජාණන්වහන්සේ මින් නොනැවතී තනිවිය හැකි ආකාරය ද දේශනා කරයි. “මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ තෙමේ එය නොපතයි ද, (ගුණ) නොවනයිද, එහි ගැලී නො සීටී ද; එය නොපතන, (ගුණ) නොවනන, එහි ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණා සතුට නිරුද්ධ වේ. තෘෂ්ණා සතුට නැති කල්හි, ඇලීම නොවේ. ඇලීම නැතිකල්හි බැඳීම නොවේ. මිගජාලය, තෘෂ්ණා බන්ධනයෙන් මිදුනාවූ මහණතෙම එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ." දැකීමට කැමැති රූප සඳහා බැඳීමක් ඇති කර නොගන්නා තැනැත්තා තනිව වාසය කරන්නේ ය. ඒ තැනැත්තාට රූප දැකීමත් බැලීමත් එකකි. ඔහු රූපය පිළිබඳව වර්ණනා කරමින් අන්යන් ඒ සඳහා පෙළඹවන්නේ නැත. නිදසුනකට ඔබ මෙවැන්නකු නම් චිත්‍රපටයක් බැලුවත් එය බැලීම සඳහා තවකකුට එහි ගුණදොස් වර්ණනා කරන්නේ නැත. මිගජාල සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ ඇස, කන, නාසය, කට, සිරුර සහ මනස මුල් කරගනිමින් නොඇලීමේ වැදගත්කම පෙන්වා දෙයි. ඒ අනුව, “මිගජාලය, මෙසේ වාසය කරන්නාවූ මහණතෙම හුදෙක් භික්ෂූන්ගෙන්, භික්ෂුණීන්ගෙන්, උපාසකවරුන්ගෙන්, උපාසිකාවරුන්ගෙන්, රජුන්ගෙන්, රජ මහ ඇමැතියන්ගෙන්, තීර්ත්ථකයන්ගෙන්, තීර්ත්ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසීගත්තාවූ ගම්වල වාසය කෙරේද, එතකුදුවුවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? තෘෂ්ණාව වනාහි ඔහුගේ දෙවැන්න වේ. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවාය. එහෙයින් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේය” ලෙසින් බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. සමහර අවස්ථාවලදී ඔබත් "මට ටිකක් තනියම ඉන්න ඕනා" නැත්නම් "තනිවම ඉන්න එක හොඳයි" වැනි උදාන වාක්‍ය පවසමින් කැලෑවලට, භාවනා මධ්‍යස්ථානවලට යන්නට උත්සාහ කරනු ඇත. යහළු මිතුරන්ගෙන්, ඤාතීන්ගෙන් ඈත්වීමට උත්සාහ කරනු ඇත. එහෙත් මිගජාල සූත්‍රයට අනුව ඔබ ඇස, කන, නාසය, කට, සිරුර සහ මනස මුල් කරගනිමින් බැඳීම් ඇති කර ගෙන සිටී නම් ඒ තනිවීමට ගනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයක් නැත. එනිසා ඔබේ ලොවේ තනිවීමට අවශ්‍යයි කියා ඔබට හිතෙන්නේ නම්, ඒ සඳහා සූදානම් ද කියා ප්‍රථමයෙන්ම ඔබගෙන් ම විමසා දැන ගෙන පියවර ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom