Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තමන් සතු දෙයක් තව කෙනෙකුට දීම දානය ලෙස ඉතා සරලව හැඳින්විය හැක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් සතු දෙයක් තව කෙනෙකුට දීම දානය ලෙස ඉතා සරලව හැඳින්විය හැක. සාමාන්‍ය ලෝක සත්වයා යන්නේ රැස් කරන ගමනකය. කොපමණ රැස් කරත්, ගොඩ ගසා ගත්තත් ඇති නොවන ස්වභාවයකි, සාමාන්‍ය පෘථග්ජන සිතක ස්වරුපය. එවැනි සත්වයින්ගෙන් පිරුණු විශ්වයේ කෙනෙකුට මොහොතකට හෝ යමක් සතුටු සිතින් යුතුව තව කෙනෙකුට පරිත්‍යාග කල හැකි සිතක් පහල වෙන්නේ නම් එය උතුම් ගතියකි.

තමන් සතුව ඇති කඩල ඇටයක තරම් දෙයක දීමේ සිට බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් කරන තම ජීවිත පුජාව දක්වා සියල්ල දාන විෂයට අයත් වේ. යමක් දන් දෙන විට අප දන් දීමට පෙරත්, දන් දෙන විටත්, දන් දී අවසන් වූ පසුත් ඒ ගැන කුසල් සිත්ම ඇති කර ගත යුතුය. එමගින් එම දානය උසස් දානයක් බවට පත්වේ. මෙහිදී කුසල් සිත් යනු දීමට ඇති කැමැත්ත, සතුටු සිතින් දන් දීම, කොතරම් මහන්සි වී ඒ සඳහා වෙසීමට පත් වන්න සිදුවුවත් ඒ සියල්ල ඉවසා සතුටු සිතින්ම සිටීම, දන් දුන් පසුත් අප මෙවැනි දානයක් දුන්න යයි සිතා සතුටු වීම ආදිය වේ. මේවා කුසල් සිත් වුවද , වට්ටගාමී කුසල් සිත් වේ. එනම් දිගින් දිගට සසර සැරි සැරීම පිණිස හේතුවන කුසල් සිත්ය. නිවන් අරමුණු කරන සිටින කෙනෙකු කල යුතු වන්නේ විවට්ටගාමී එනම් සසර චක්‍රය අනික් පැත්තට පෙරලන, සසර ගමන නවත්වන පරිදි කුසල් සිත් ඇති කර ගැනීමය. උදාහරණ ලෙස දානයක් දීමට ඇති වූ සිතිවිලි සියල්ල දැන් නැතිව ගොස් ඇති අයුරු දැකීම, දන් දෙන විට ඒ ඒ මොහොතේ ඒ පිළිබඳව ඇතිවන ඇතිවන සියලු සිතිවිලි නැතිව නැතිව යන අයුරු බැලීම, තමන් ආහාරයක් වැනි දෙයක් දන් දුන්නේ නම් ඒ සියල්ල පිළිකුල් කොටස් බවට පත් වී නැවත පොළවටම එකතු වී ඇති අයුරු ආදී ලෙස විදර්ශනාමය මනසිකාර ඇති කර ගැනීමය. අනිත්‍ය වශයෙන්, නිරුද්ධ වී නැත්තටම නැති වී යන ලෙස , විශේෂයෙන්ම අනාත්ම ලෙස මේ දාන වස්තුව හා සම්බන්ධ වූ නාම රූප ධර්ම සියල්ල මෙනෙහි කිරීම කල හැකි නම් එය උත්කෘෂ්ට විපාක ගෙන දෙන ක්රියාදාමයකි.

දානය යනු තමන්ගේ සිතේ සමහරක් ස්වභාවයන් මැනවින් පෙන්වා දෙන ක්‍රියාවකි. අපට සමහරක් විට අප භාවිතා නොකරන යමක් දීම ඉතා පහසු විය හැක. තමන් සතු ඇඳුම් පැළඳුම්, වෙනත් භාණ්ඩ සමහර විටක ඉතා පහසුවෙන් යමෙකුට දීමට හැකිය. එයද උසස් ක්‍රියාවකි. නමුත් තමන් ඉතා අගය කරන

තමන් වටිනාකමක් ලබා දී ඇති යමක් දීම අපහසු විය හැකිය. නිවන් මග යන්නා මේ ස්වභාවය හඳුනා ගත යුතුය. තමන් යමකට සිතින් දී ඇති වටිනාකම මත එය අල්ලා ගන්නා ස්වභාවයද අඩු වැඩි වේ. අල්ලා ගැනීම වැඩි නම් , තණ්හාව , ලෝභය, ඉරිසියාව ආදී ක්ලේශයන්ට ක්‍රියාත්මක වීමට ඇති ඉඩ කඩ වැඩි වේ. එවිට එවැනි යමක් දීමට, තව කෙනෙකු පරිහරණය කරනවාට සිත තුල කැමැත්තක් නිරායාසයෙන් ඇති නොවනවා වීමට් පුළුවන. එවැනි සිතක් මැඩ පවත්වා ගෙන යමෙකුට දන් දීමට හැකි නම් එය අති මහත් වූ කුසලයකි. මෙවිට සිත තුල අනන්ත සසර පුරා ක්‍රියාත්මක වූ , අපව නිරතුරවම නිරය වැනි තැන් වලටම ඇද දැමූ අකුසල් සිත් මැඩ පවත්වාගෙන කුසල් සිතක් ක්‍රියාත්මක වීම සිදුවේ. සිත තුල ක්‍රියාත්මක වූ ලෝභයට, තණ්හාවට ඒ මොහොතේ යට නොවී සිටීමට හැකි වේ. විටක එම සිත දිනක සදහටම ලෝභය, තණ්හාව මුලිනුපටා දැමීමට හේතු වනවා විය හැක. තමන්ගේ සිතට අතහැරීම පුරුදු කිරීමට මෙම ක්‍රියාව ඉවහල් වේ. නිවන් මග යන්නකු අනිවාර්යයෙන්ම කල යුත්තකි අතහැරීම. මුළු බුද්ධ දේශනාවම එක වචනයකට කැටි කොට කියනවා නම් "අත හැරීම" ලෙස කිව හැක. දිනක නිවන් ලබන්නේ මේ බාහිර ලෝකයත්, තම කයත්, සිතත් සර්ව සම්පුර්ණයෙන්ම කිසිදු අපේක්ෂාවකින් තොරව අත හැරීමෙනි. එවන් සිතක් දියුණු කිරීමට මේ එක් දානයක් ඉවහල් විය හැකිය. තවත් කෙනෙකු දෙන දෙන දානයක් දැක සතුටු වීම අපට කල හැකිය. මෙවිට සිත් තුල ඉරිසියාව වැනි සිතිවිලි වලට යට නොවී, මුදිතාව වැනි උතුම් ගුණයක් වඩා ගැනීම අපට කල හැකිය. එමෙන්ම දන් දෙන තමන්, දාන වස්තුව, දානය පිළිගන්නා තැනැත්තා ඇතුළු සියලු දේ හුදු නාම රූප ධර්මයන්ය, පඨවී, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් පමණක් හැර මෙහි සත්වයකු , පුද්ගලයකු, ජීවී, අජීවී ලෙස ගැනීමට කිසිවක් නැත ලෙසින් අවබෝධයන් ඇති කර ගත හැකි නම් සසර පුරා යටවී සිටි මෝහය කඩා බිඳ දැමීමට ගන්නා උත්සාහයේ කෙනෙකුගේ එක් පියවරක්ද විය හැකිය. මෙලෙසින් අනේක ලෙසින් නිවන් මග යන්නකුට දානය අරමුණු කරමින් සිත මෙහෙයවිය හැකිය.

බෝධිසත්වයාණන් වහන්සේ කෙනෙකුගේ දාන පාරමිතා ගැන සිතා බැලුවහොත් සසර පුරා කෙලෙසින් නම් බුද්ධත්වය පිණිස සිත පුරුදු කලාද යැයි අපට ඉඳිකටු තුඩක වැනි ප්‍රමාණයක අවබෝධයක් ලැබිය හැකිය. එය පූර්ණ ලෙසින් ආවබෝධ කල හැකි වන්නේ තවත් බුදු කෙනෙකුටම පමණි. උන්වහන්සේ සමහරක් විට දන් දුන්නේ තම ප්‍රිය බිරිඳවය. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ වැඩුණු බැඳීමකි එය. ලොව කෙනෙකුට ලැබිය හැකි උතුම්ම බිරිඳය, උන්වහන්සේ සමග සසර පුරා පැමිණියේ. එවැනි බිරිඳක් දන් දීමට තරම් සිතක් ඇති කර ගැනීම කෙතරම් අපහසු දැයි අපට කිසි දිනක අවබෝධ කල නොහැක. එය තවත් බෝධිසත්වයාණන් වහන්සේ නමක් පමණක් දන්නා කරුණකි. උන්වහන්සේ සසර පුරා තමන් සමග පැමිණි දු දරුවන් දන් දුන්නේය. සමහරක් විට ඒ අයව අරන් ගියේ යහපත් මිනිසුන් නොවන බව අප ජාතක කතා වලින් දනිමු. එලෙස දැන දැනත් දන් දීමට තරම් සිතක් ඇති කර ගැනීම කොතරම් අපහසු ක්‍රියාවක්ද. මේ සියල්ල කලේ බෝසත් අවධියේය. කෙලෙස් මුලිනුපුටා නොදැමූ සිතක් සහිතවය. ආදරය, දුක, කරුණාව, සෙනෙහස මැදය මේ සියල්ල කලේ. නමුත් ඒවාට යට නොවී උතුම් බුද්ධත්වයම පතා ඒ සිත මෙහෙයවා දුන් දාන වස්තුව තැබීමට මේ විශ්වයේම පවා ඉඩ මදි විය හැකිය. උන්වහන්සේ තම අඟ පසඟ දන් දුන්නේ ඒවාට ඇති අකමැත්ත නිසා නොවේය. තමන් සතු ඇස් දෙකම ගලවා දුන් විට, ජීවිත කාලයම අන්ධ වී සිටීමට වන බව දැන දැනමය ඒවා දන් දුන්නේ. තමන් සතුව ඇති වස්තුව දන් දී අවසන් වී, තම ඇඳි වත පවා දුන් අවස්ථා අනන්තය අප්‍රමාණය. සියල්ල දී, අවසානයේ ජීවිතය පිදු අවස්ථා කෙළවරක් නොමැත. මේ සියල්ල තුලින් උන්වහන්සේ සසර පුරා අතහැරීම පුරුදු කලේය. තණ්හාවට ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය. උතුම් වූ නිවන පිණිසම සිත පුරුදු කළේය.

මෙලෙසින් දානමය කුසල් කර්ම සිදු කරන විට අප සිත නිර්වාණ අවබෝධය පිණිස මෙහෙයවෙන පරිදි එම කටයුතු කරනවා නම් එය උසස් ගතියකි. කෙතෙක් කුසල් කලද , දන් දීම් කලද මෙතෙක් කල් සිදුවුයේ අප සසරේ හිරවීමම පමණි. අප අනන්ත අප්‍රමාණ ලෙස මේ සසර පුරා නොයෙක් පුණ්‍ය ක්‍රියා සිදු කොට ඇත. නමුත් එම කිසිවක් අද අපට ඉතිරිව නැත. ඒවායේ විපාකයන්ද ක්ෂය වී ගොස් ඇත. එනිසා සත්‍යය නම් මේ කිසිවක හරයක් සාරයක් නොමැත. අගය කල යුතු දෙයක් නොමැත. දන් දෙන කෙනාද , දාන වස්තුවද, ප්රතිග්රහකයාද, කුසලයද, විපාකයද යන සියල්ල දිනක නැත්තටම නැති වී ගියේය. එම නිසා මේ සසරේ නියම ස්වභාවය අවබෝධ කරගෙන, මේ කුසල් ක්‍රියා පවා උපාදාන කරන්නේ නොමැතිව, එම ක්‍රියා සිදු කරන විට නිවන් අවබෝධයම අධිෂ්ඨාන කරමින් කටයුතු කිරීමට අප සියලු දෙනා සිත මෙහෙයවිය යුතුය.

[QUOTE="asliyanage, post: 29476493, member: 8764"] තමන් සතු දෙයක් තව කෙනෙකුට දීම දානය ලෙස ඉතා සරලව හැඳින්විය හැක. සාමාන්‍ය ලෝක සත්වයා යන්නේ රැස් කරන ගමනකය. කොපමණ රැස් කරත්, ගොඩ ගසා ගත්තත් ඇති නොවන ස්වභාවයකි, සාමාන්‍ය පෘථග්ජන සිතක ස්වරුපය. එවැනි සත්වයින්ගෙන් පිරුණු විශ්වයේ කෙනෙකුට මොහොතකට හෝ යමක් සතුටු සිතින් යුතුව තව කෙනෙකුට පරිත්‍යාග කල හැකි සිතක් පහල වෙන්නේ නම් එය උතුම් ගතියකි. තමන් සතුව ඇති කඩල ඇටයක තරම් දෙයක දීමේ සිට බෝධිසත්වයන් වහන්සේ නමක් විසින් කරන තම ජීවිත පුජාව දක්වා සියල්ල දාන විෂයට අයත් වේ. යමක් දන් දෙන විට අප දන් දීමට පෙරත්, දන් දෙන විටත්, දන් දී අවසන් වූ පසුත් ඒ ගැන කුසල් සිත්ම ඇති කර ගත යුතුය. එමගින් එම දානය උසස් දානයක් බවට පත්වේ. මෙහිදී කුසල් සිත් යනු දීමට ඇති කැමැත්ත, සතුටු සිතින් දන් දීම, කොතරම් මහන්සි වී ඒ සඳහා වෙසීමට පත් වන්න සිදුවුවත් ඒ සියල්ල ඉවසා සතුටු සිතින්ම සිටීම, දන් දුන් පසුත් අප මෙවැනි දානයක් දුන්න යයි සිතා සතුටු වීම ආදිය වේ. මේවා කුසල් සිත් වුවද , වට්ටගාමී කුසල් සිත් වේ. එනම් දිගින් දිගට සසර සැරි සැරීම පිණිස හේතුවන කුසල් සිත්ය. නිවන් අරමුණු කරන සිටින කෙනෙකු කල යුතු වන්නේ විවට්ටගාමී එනම් සසර චක්‍රය අනික් පැත්තට පෙරලන, සසර ගමන නවත්වන පරිදි කුසල් සිත් ඇති කර ගැනීමය. උදාහරණ ලෙස දානයක් දීමට ඇති වූ සිතිවිලි සියල්ල දැන් නැතිව ගොස් ඇති අයුරු දැකීම, දන් දෙන විට ඒ ඒ මොහොතේ ඒ පිළිබඳව ඇතිවන ඇතිවන සියලු සිතිවිලි නැතිව නැතිව යන අයුරු බැලීම, තමන් ආහාරයක් වැනි දෙයක් දන් දුන්නේ නම් ඒ සියල්ල පිළිකුල් කොටස් බවට පත් වී නැවත පොළවටම එකතු වී ඇති අයුරු ආදී ලෙස විදර්ශනාමය මනසිකාර ඇති කර ගැනීමය. අනිත්‍ය වශයෙන්, නිරුද්ධ වී නැත්තටම නැති වී යන ලෙස , විශේෂයෙන්ම අනාත්ම ලෙස මේ දාන වස්තුව හා සම්බන්ධ වූ නාම රූප ධර්ම සියල්ල මෙනෙහි කිරීම කල හැකි නම් එය උත්කෘෂ්ට විපාක ගෙන දෙන ක්රියාදාමයකි. දානය යනු තමන්ගේ සිතේ සමහරක් ස්වභාවයන් මැනවින් පෙන්වා දෙන ක්‍රියාවකි. අපට සමහරක් විට අප භාවිතා නොකරන යමක් දීම ඉතා පහසු විය හැක. තමන් සතු ඇඳුම් පැළඳුම්, වෙනත් භාණ්ඩ සමහර විටක ඉතා පහසුවෙන් යමෙකුට දීමට හැකිය. එයද උසස් ක්‍රියාවකි. නමුත් තමන් ඉතා අගය කරන තමන් වටිනාකමක් ලබා දී ඇති යමක් දීම අපහසු විය හැකිය. නිවන් මග යන්නා මේ ස්වභාවය හඳුනා ගත යුතුය. තමන් යමකට සිතින් දී ඇති වටිනාකම මත එය අල්ලා ගන්නා ස්වභාවයද අඩු වැඩි වේ. අල්ලා ගැනීම වැඩි නම් , තණ්හාව , ලෝභය, ඉරිසියාව ආදී ක්ලේශයන්ට ක්‍රියාත්මක වීමට ඇති ඉඩ කඩ වැඩි වේ. එවිට එවැනි යමක් දීමට, තව කෙනෙකු පරිහරණය කරනවාට සිත තුල කැමැත්තක් නිරායාසයෙන් ඇති නොවනවා වීමට් පුළුවන. එවැනි සිතක් මැඩ පවත්වා ගෙන යමෙකුට දන් දීමට හැකි නම් එය අති මහත් වූ කුසලයකි. මෙවිට සිත තුල අනන්ත සසර පුරා ක්‍රියාත්මක වූ , අපව නිරතුරවම නිරය වැනි තැන් වලටම ඇද දැමූ අකුසල් සිත් මැඩ පවත්වාගෙන කුසල් සිතක් ක්‍රියාත්මක වීම සිදුවේ. සිත තුල ක්‍රියාත්මක වූ ලෝභයට, තණ්හාවට ඒ මොහොතේ යට නොවී සිටීමට හැකි වේ. විටක එම සිත දිනක සදහටම ලෝභය, තණ්හාව මුලිනුපටා දැමීමට හේතු වනවා විය හැක. තමන්ගේ සිතට අතහැරීම පුරුදු කිරීමට මෙම ක්‍රියාව ඉවහල් වේ. නිවන් මග යන්නකු අනිවාර්යයෙන්ම කල යුත්තකි අතහැරීම. මුළු බුද්ධ දේශනාවම එක වචනයකට කැටි කොට කියනවා නම් "අත හැරීම" ලෙස කිව හැක. දිනක නිවන් ලබන්නේ මේ බාහිර ලෝකයත්, තම කයත්, සිතත් සර්ව සම්පුර්ණයෙන්ම කිසිදු අපේක්ෂාවකින් තොරව අත හැරීමෙනි. එවන් සිතක් දියුණු කිරීමට මේ එක් දානයක් ඉවහල් විය හැකිය. තවත් කෙනෙකු දෙන දෙන දානයක් දැක සතුටු වීම අපට කල හැකිය. මෙවිට සිත් තුල ඉරිසියාව වැනි සිතිවිලි වලට යට නොවී, මුදිතාව වැනි උතුම් ගුණයක් වඩා ගැනීම අපට කල හැකිය. එමෙන්ම දන් දෙන තමන්, දාන වස්තුව, දානය පිළිගන්නා තැනැත්තා ඇතුළු සියලු දේ හුදු නාම රූප ධර්මයන්ය, පඨවී, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් පමණක් හැර මෙහි සත්වයකු , පුද්ගලයකු, ජීවී, අජීවී ලෙස ගැනීමට කිසිවක් නැත ලෙසින් අවබෝධයන් ඇති කර ගත හැකි නම් සසර පුරා යටවී සිටි මෝහය කඩා බිඳ දැමීමට ගන්නා උත්සාහයේ කෙනෙකුගේ එක් පියවරක්ද විය හැකිය. මෙලෙසින් අනේක ලෙසින් නිවන් මග යන්නකුට දානය අරමුණු කරමින් සිත මෙහෙයවිය හැකිය. බෝධිසත්වයාණන් වහන්සේ කෙනෙකුගේ දාන පාරමිතා ගැන සිතා බැලුවහොත් සසර පුරා කෙලෙසින් නම් බුද්ධත්වය පිණිස සිත පුරුදු කලාද යැයි අපට ඉඳිකටු තුඩක වැනි ප්‍රමාණයක අවබෝධයක් ලැබිය හැකිය. එය පූර්ණ ලෙසින් ආවබෝධ කල හැකි වන්නේ තවත් බුදු කෙනෙකුටම පමණි. උන්වහන්සේ සමහරක් විට දන් දුන්නේ තම ප්‍රිය බිරිඳවය. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ වැඩුණු බැඳීමකි එය. ලොව කෙනෙකුට ලැබිය හැකි උතුම්ම බිරිඳය, උන්වහන්සේ සමග සසර පුරා පැමිණියේ. එවැනි බිරිඳක් දන් දීමට තරම් සිතක් ඇති කර ගැනීම කෙතරම් අපහසු දැයි අපට කිසි දිනක අවබෝධ කල නොහැක. එය තවත් බෝධිසත්වයාණන් වහන්සේ නමක් පමණක් දන්නා කරුණකි. උන්වහන්සේ සසර පුරා තමන් සමග පැමිණි දු දරුවන් දන් දුන්නේය. සමහරක් විට ඒ අයව අරන් ගියේ යහපත් මිනිසුන් නොවන බව අප ජාතක කතා වලින් දනිමු. එලෙස දැන දැනත් දන් දීමට තරම් සිතක් ඇති කර ගැනීම කොතරම් අපහසු ක්‍රියාවක්ද. මේ සියල්ල කලේ බෝසත් අවධියේය. කෙලෙස් මුලිනුපුටා නොදැමූ සිතක් සහිතවය. ආදරය, දුක, කරුණාව, සෙනෙහස මැදය මේ සියල්ල කලේ. නමුත් ඒවාට යට නොවී උතුම් බුද්ධත්වයම පතා ඒ සිත මෙහෙයවා දුන් දාන වස්තුව තැබීමට මේ විශ්වයේම පවා ඉඩ මදි විය හැකිය. උන්වහන්සේ තම අඟ පසඟ දන් දුන්නේ ඒවාට ඇති අකමැත්ත නිසා නොවේය. තමන් සතු ඇස් දෙකම ගලවා දුන් විට, ජීවිත කාලයම අන්ධ වී සිටීමට වන බව දැන දැනමය ඒවා දන් දුන්නේ. තමන් සතුව ඇති වස්තුව දන් දී අවසන් වී, තම ඇඳි වත පවා දුන් අවස්ථා අනන්තය අප්‍රමාණය. සියල්ල දී, අවසානයේ ජීවිතය පිදු අවස්ථා කෙළවරක් නොමැත. මේ සියල්ල තුලින් උන්වහන්සේ සසර පුරා අතහැරීම පුරුදු කලේය. තණ්හාවට ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය. උතුම් වූ නිවන පිණිසම සිත පුරුදු කළේය. මෙලෙසින් දානමය කුසල් කර්ම සිදු කරන විට අප සිත නිර්වාණ අවබෝධය පිණිස මෙහෙයවෙන පරිදි එම කටයුතු කරනවා නම් එය උසස් ගතියකි. කෙතෙක් කුසල් කලද , දන් දීම් කලද මෙතෙක් කල් සිදුවුයේ අප සසරේ හිරවීමම පමණි. අප අනන්ත අප්‍රමාණ ලෙස මේ සසර පුරා නොයෙක් පුණ්‍ය ක්‍රියා සිදු කොට ඇත. නමුත් එම කිසිවක් අද අපට ඉතිරිව නැත. ඒවායේ විපාකයන්ද ක්ෂය වී ගොස් ඇත. එනිසා සත්‍යය නම් මේ කිසිවක හරයක් සාරයක් නොමැත. අගය කල යුතු දෙයක් නොමැත. දන් දෙන කෙනාද , දාන වස්තුවද, ප්රතිග්රහකයාද, කුසලයද, විපාකයද යන සියල්ල දිනක නැත්තටම නැති වී ගියේය. එම නිසා මේ සසරේ නියම ස්වභාවය අවබෝධ කරගෙන, මේ කුසල් ක්‍රියා පවා උපාදාන කරන්නේ නොමැතිව, එම ක්‍රියා සිදු කරන විට නිවන් අවබෝධයම අධිෂ්ඨාන කරමින් කටයුතු කිරීමට අප සියලු දෙනා සිත මෙහෙයවිය යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom