Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තයිරොයිඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සනට අවලස්සන එක්කරන වායු ගෙඩි (තයිරොයිඩ්)

වායු ගෙඩි එහෙමත් නැත්නම් ගලගණ්ඩය කියන රෝගී තත්ත්වය අපි හොඳින්ම අහලා දැකලා තියෙනවා. උගුර ඉදිරිපසින් ගෙඩියක් මෙන් පෙනෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුමක්. මෙහි ද විවිධ අවස්ථා තිබෙනවා. වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මල්ටි නොඩියුලර් ගොයිටර් කියන අවස්ථාවයි. මෙහිදී මෙම වායුගෙඩිය තුළ ගැටිති කීපයක්ම හට ගන්නවා.

වායුගෙඩි ඇති වීම වැඩිපුරම දැකිය හැකි පලාත් තිබෙනවා. බදුල්ල, මතුගම, රත්නපුරය වැනි ප්‍රදේශවල මෙවැනි රෝගීන්ගේ බහුල බවක් දැකිය හැකියි. එයට හේතුව ලංකාවේ අයඩින් බහුලව ඇත්තේ මුහුදු බඩ ප්‍රදේශවල වීමයි.

රටේ ඇතුළට යත්ම මාළු, ආහාරයට එක්කර ගැනීම අඩුවන නිසා මේ ඌනතාව හටගෙන තිබෙනවා.

අයඩින් අවශ්‍යමද?

අයඩින් ශරීරයට අවශ්‍යම දෙයක්. මෙය අපට ශරීරය තුළ නිපදවා ගන්නට බැහැ. ඒ නිසා ආහාර ලෙස පිටතින් ගත යුතු වෙනවා. ලංකාවේ අයඩින් ලබාදෙන ප්‍රධාන ආහාරය අයඩින් මිශ්‍ර ලුණු යි. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හා වර්ධනයට අයඩින් අවශ්‍ය වෙනවා. ළදරුවකු මව් කුස තුළ සිටින කාලයේ දීම ස්නායු පද්ධතියේ වර්ධනය සිදු වෙනවා. එසේ නම් දරුවෙකු මව් කුස සිටින කාලයේ දීම අයඩින් ද අවශ්‍යයි. ඒ නිසා මව අයඩින් ලබා ගැනීම නොකඩවා කළ යුතුයි. මව ලබාගන්නා අයඩින් හිඟ වීමෙන් දරුවාට අයඩින් ඌනතාව ඇති වී ස්නායු පද්ධතියේ වර්ධනයට බාධා ඇතිවෙන්නට පුලුවන්.

ලංකාවේ සෑම රෝහලකම පාහේ වැඩිපුර සිදු කරන සැත්කම් අතර වායු ගෙඩි ඉවත් කිරීමේ සැත්කමද තිබෙනවා. ඒ තරමට මෙම සැත්කම බහුල වී ඇත.

වායු ගෙඩි ලෙසින් අප හඳුන්වන තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම සිදුවන විට ඒ ආසන්නයේ ඇති අනෙකුත් ග්‍රන්ථින් තෙරපීමට ලක්වෙනවා. බොහෝ විට ස්වසන පද්ධතිය, කලාතුරකින් ගලනාලය මෙසේ තෙරපීමට ලක්වන අවයව අතර වෙනවා. බොහෝ විට වායුගෙඩි රෝගීන් ප්‍රතිකාර ලැබීමට යොමු වන්නේ ඉහත දැක්වූ තත්ත්ව මත ඇති වන අපහසුතා සමගයි. කලාතුරකින් වායු ගෙඩි නිසා ස්වසන මාර්ගය තෙරපී ඇදුම තත්ත්වයට යමෙක් පත්වෙන්න පුළුවන්.

තවත් තත්ත්වයක් තමයි මේ වායුගෙඩිය උර කුහරය තුළට ගිලෙනවා. උර කුහරය හා ගෙල වෙන් කරන තැන තිබෙන්නේ අස්ථිවලින් තැනුන කූඩුවක්. එහි අස්ථි එහා මෙහා වෙන්නේ නෑ. එවිට සිදු වන්නේ ඒ තුළ ඇති ස්වසන නාලය, ගලනාලය තෙරපීමට ලක්වීමයි.

වායු ගෙඩි පිළිකාවට මුල් වෙනවාද?

වායුගෙඩියක් ඇති වූ විට එය ඉවත් නොකර වසර 15 ක් පමණ කාලයක් තිබුණොත් 5% ක පමණ අවදානමක් තිබෙනවා එය පිළිකාවක් වීමට. නමුත් අපට ස්ථිරවම කියන්න බෑ මේ පිළිකා තත්ත්වය ඇති වූයේ කවදාද කියලා. එය අවුරුදු 15 ට පෙරම හෝ වසරකට පෙර හෝ කවදා හෝ ඇති වීමට පුළුවන්.

ඒ හේතුව නිසා තමයි පිළිකාවක් නොවුනත් විශාල වායු ගෙඩි ඉවත් කරන්නට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ.

වායුගෙඩිවලට පිළියම සැත්කම විතරද?

ඇතැම් වායුගෙඩිවලට ඖෂධ ප්‍රතිකාර ලබා දුන්විට ඒවා අඩුවෙලා යනවා. මෙය දිනකින් දෙකකින් සිදුවන දෙයක් නෙවෙයි. වසර 2 ක් පමණ ප්‍රතිකාර ලබාගන්න ඕන. ඖෂධ මගින් අඩු නොවනවා නම් ඉන් පසු කළ යුත්තේ ද සැත්කමයි.

වායුගෙඩියක් මුලින්ම නිඩ්ල් ටෙස්ට් එකක් මගින් පරික්ෂා කරනවා. පලපුරුදු රෝග නිධානඥයකුට හැකියාව තිබෙනවා ඒ මගින් යම් අවදානමක් තිබෙනවාදැයි දැනගන්නට.

තවත් ක්‍රමයක් තමයි කැමරාවක් මගින් පරික්ෂා කර බැලීම. එහිදී තයිරොක්සින් නිපදවෙනවාද නැද්ද කියන කාරණය සොයා බලන්න පුළුවන්.

නීඩ්ල් ටෙස්ට් එක නෝමල් වෙලා ඒ කියන්නේ අවදානමක් නෑ කියලා හඳුනාගෙන, නමුත් කැමරා පරික්ෂණයෙන් සොයා ගත්තොත් ග්‍රන්ථින් නිසියාකාරව ක්‍රියා කරන්නේ නෑ කියලා එතැනදීත් තීරණය වන්නේ සැත්කමක් සිදු කිරීමටයි. නමුත් මෙහිදී මතක තබා ගන්න ඕන මෙය පිළිකා අවදානමක් නිසා සිදුකරන සැත්කමක් නොවන බව.

ඇතැම් වෙලාවට නීඩ්ල් ටෙස්ට් එකේදි දැනගන්න ලැබෙනවා විශාල වූ වායුගෙඩිය තුළ අසාමාන්‍ය බවක් තිබෙන බව. නමුත් මේ අසාමාන්‍ය බව කුමන හේතුවක් නිසාද කියලා විග්රහ කරන්න බැහැ, එහි කොටස් පරික්ෂා නොකර. එතැනදීත් සැත්කමක් මගින් වායුගෙඩිය ඉවත් කරලා පරික්ෂා කරන්නට සිදුවෙනවා.

තයිරොයිඩ් ග්‍රන්ථිය දකුණු හා වම් වශයෙන් පිහිටා තිබෙනවා. අවශ්‍යතාව අනුව මෙහි දකුණ, වම හෝ ග්‍රන්ථින් දෙකම ඉවත් කරන අවස්ථා තිබෙනවා.

වායුගෙඩි හඳුනාගන්නේ කොහොමද?

බොහෝ විට පලපුරුදු වෛද්‍යවරයෙකුට දුටු පමණින් රෝගියකු හඳුනාගන්න පුලුවන්. බොහෝ දෙනා අපි මුලින් පැවසූ ලෙස ගිලීමේ, හුස්ම ගැනීමේ ආදී අපහසුතා සමගයි වෛද්‍යවරයකු වෙත පැමිණෙන්නේ. මෙය නිශ්චිතව දැන ගැනීමට ස්කෑන් පරික්ෂාවකින් පුළුවන්. එහිදි තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වී ඇති බව තහවුරු වුවහොත් එසේ වීමට හේතුව ඉන් පසුව සොයා බලයි. තයිරොක්සින් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වුවත්, වැඩිවුවත් මේ අවස්ථා දෙකේදීම ග්‍රන්ථිය විශාල වීම සිදුවෙනවා.

කාන්තාවන්ට වායුගෙඩි ඇතිවීම බහුලද?

කාන්තාවන්ට වායුගෙඩි ඇති වීමේ වැඩි ප්රවනතාවක් තිබෙනවා. මෙය හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් වීමට පුළුවන්. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් ද කාන්තාවන්ට ගැටලු ඇතිවීම වැඩියි. නමුත් නියමිත ප්‍රතිකාර ලබා ගනිමින්, වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළහොත් දරුවන් ලැබීමට පවා ඔවුන්ට ඉඩ කඩ තිබෙනවා.

වායු ගෙඩි වළක්වා ගන්න නම්,

වායුගෙඩි ඇතිවීම වළක්වා ගැනීමට නම් අපට කළ හැකි හොඳම දේ ආහාරයට අයඩින් එකතු කරගැනීමයි. අයඩින් ශරීරයේ නිපදවා ගන්නට පුලුවන් දෙයක් නෙමෙයි. මෙය අපට ආහාර මගින් බාහිරව ගැනීමට සිදු වෙනවා.

අයඩින් ශරීරයට උරාගැනීම වලක්වන ඇතැම් ආහාර වර්ග තිබෙනවා. මේවායින් වැලකීමත් හොඳයි. ඒවා නම්, මයියොක්කා, රාබු, ගෝවා, නෝකෝල් ආදියයි.

උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

සෝභිත අබේරත්න

නවලියෙන් උපුටා ගැනීමකි

[QUOTE="signshop, post: 21687079, member: 358740"] [SIZE="4"][B]ලස්සනට අවලස්සන එක්කරන වායු ගෙඩි (තයිරොයිඩ්)[/B] [IMG]http://stephj884412.weebly.com/uploads/2/4/6/7/24676331/8174160.jpg?461[/IMG] වායු ගෙඩි එහෙමත් නැත්නම් ගලගණ්ඩය කියන රෝගී තත්ත්වය අපි හොඳින්ම අහලා දැකලා තියෙනවා. උගුර ඉදිරිපසින් ගෙඩියක් මෙන් පෙනෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුමක්. මෙහි ද විවිධ අවස්ථා තිබෙනවා. වැඩිපුරම දකින්නට ලැබෙන්නේ මල්ටි නොඩියුලර් ගොයිටර් කියන අවස්ථාවයි. මෙහිදී මෙම වායුගෙඩිය තුළ ගැටිති කීපයක්ම හට ගන්නවා. වායුගෙඩි ඇති වීම වැඩිපුරම දැකිය හැකි පලාත් තිබෙනවා. බදුල්ල, මතුගම, රත්නපුරය වැනි ප්‍රදේශවල මෙවැනි රෝගීන්ගේ බහුල බවක් දැකිය හැකියි. එයට හේතුව ලංකාවේ අයඩින් බහුලව ඇත්තේ මුහුදු බඩ ප්‍රදේශවල වීමයි. රටේ ඇතුළට යත්ම මාළු, ආහාරයට එක්කර ගැනීම අඩුවන නිසා මේ ඌනතාව හටගෙන තිබෙනවා. [B]අයඩින් අවශ්‍යමද? [/B] අයඩින් ශරීරයට අවශ්‍යම දෙයක්. මෙය අපට ශරීරය තුළ නිපදවා ගන්නට බැහැ. ඒ නිසා ආහාර ලෙස පිටතින් ගත යුතු වෙනවා. ලංකාවේ අයඩින් ලබාදෙන ප්‍රධාන ආහාරය අයඩින් මිශ්‍ර ලුණු යි. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හා වර්ධනයට අයඩින් අවශ්‍ය වෙනවා. ළදරුවකු මව් කුස තුළ සිටින කාලයේ දීම ස්නායු පද්ධතියේ වර්ධනය සිදු වෙනවා. එසේ නම් දරුවෙකු මව් කුස සිටින කාලයේ දීම අයඩින් ද අවශ්‍යයි. ඒ නිසා මව අයඩින් ලබා ගැනීම නොකඩවා කළ යුතුයි. මව ලබාගන්නා අයඩින් හිඟ වීමෙන් දරුවාට අයඩින් ඌනතාව ඇති වී ස්නායු පද්ධතියේ වර්ධනයට බාධා ඇතිවෙන්නට පුලුවන්. ලංකාවේ සෑම රෝහලකම පාහේ වැඩිපුර සිදු කරන සැත්කම් අතර වායු ගෙඩි ඉවත් කිරීමේ සැත්කමද තිබෙනවා. ඒ තරමට මෙම සැත්කම බහුල වී ඇත. වායු ගෙඩි ලෙසින් අප හඳුන්වන තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම සිදුවන විට ඒ ආසන්නයේ ඇති අනෙකුත් ග්‍රන්ථින් තෙරපීමට ලක්වෙනවා. බොහෝ විට ස්වසන පද්ධතිය, කලාතුරකින් ගලනාලය මෙසේ තෙරපීමට ලක්වන අවයව අතර වෙනවා. බොහෝ විට වායුගෙඩි රෝගීන් ප්‍රතිකාර ලැබීමට යොමු වන්නේ ඉහත දැක්වූ තත්ත්ව මත ඇති වන අපහසුතා සමගයි. කලාතුරකින් වායු ගෙඩි නිසා ස්වසන මාර්ගය තෙරපී ඇදුම තත්ත්වයට යමෙක් පත්වෙන්න පුළුවන්. තවත් තත්ත්වයක් තමයි මේ වායුගෙඩිය උර කුහරය තුළට ගිලෙනවා. උර කුහරය හා ගෙල වෙන් කරන තැන තිබෙන්නේ අස්ථිවලින් තැනුන කූඩුවක්. එහි අස්ථි එහා මෙහා වෙන්නේ නෑ. එවිට සිදු වන්නේ ඒ තුළ ඇති ස්වසන නාලය, ගලනාලය තෙරපීමට ලක්වීමයි. [B]වායු ගෙඩි පිළිකාවට මුල් වෙනවාද? [/B] වායුගෙඩියක් ඇති වූ විට එය ඉවත් නොකර වසර 15 ක් පමණ කාලයක් තිබුණොත් 5% ක පමණ අවදානමක් තිබෙනවා එය පිළිකාවක් වීමට. නමුත් අපට ස්ථිරවම කියන්න බෑ මේ පිළිකා තත්ත්වය ඇති වූයේ කවදාද කියලා. එය අවුරුදු 15 ට පෙරම හෝ වසරකට පෙර හෝ කවදා හෝ ඇති වීමට පුළුවන්. ඒ හේතුව නිසා තමයි පිළිකාවක් නොවුනත් විශාල වායු ගෙඩි ඉවත් කරන්නට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. [B]වායුගෙඩිවලට පිළියම සැත්කම විතරද?[/B] ඇතැම් වායුගෙඩිවලට ඖෂධ ප්‍රතිකාර ලබා දුන්විට ඒවා අඩුවෙලා යනවා. මෙය දිනකින් දෙකකින් සිදුවන දෙයක් නෙවෙයි. වසර 2 ක් පමණ ප්‍රතිකාර ලබාගන්න ඕන. ඖෂධ මගින් අඩු නොවනවා නම් ඉන් පසු කළ යුත්තේ ද සැත්කමයි. වායුගෙඩියක් මුලින්ම නිඩ්ල් ටෙස්ට් එකක් මගින් පරික්ෂා කරනවා. පලපුරුදු රෝග නිධානඥයකුට හැකියාව තිබෙනවා ඒ මගින් යම් අවදානමක් තිබෙනවාදැයි දැනගන්නට. තවත් ක්‍රමයක් තමයි කැමරාවක් මගින් පරික්ෂා කර බැලීම. එහිදී තයිරොක්සින් නිපදවෙනවාද නැද්ද කියන කාරණය සොයා බලන්න පුළුවන්. නීඩ්ල් ටෙස්ට් එක නෝමල් වෙලා ඒ කියන්නේ අවදානමක් නෑ කියලා හඳුනාගෙන, නමුත් කැමරා පරික්ෂණයෙන් සොයා ගත්තොත් ග්‍රන්ථින් නිසියාකාරව ක්‍රියා කරන්නේ නෑ කියලා එතැනදීත් තීරණය වන්නේ සැත්කමක් සිදු කිරීමටයි. නමුත් මෙහිදී මතක තබා ගන්න ඕන මෙය පිළිකා අවදානමක් නිසා සිදුකරන සැත්කමක් නොවන බව. ඇතැම් වෙලාවට නීඩ්ල් ටෙස්ට් එකේදි දැනගන්න ලැබෙනවා විශාල වූ වායුගෙඩිය තුළ අසාමාන්‍ය බවක් තිබෙන බව. නමුත් මේ අසාමාන්‍ය බව කුමන හේතුවක් නිසාද කියලා විග්රහ කරන්න බැහැ, එහි කොටස් පරික්ෂා නොකර. එතැනදීත් සැත්කමක් මගින් වායුගෙඩිය ඉවත් කරලා පරික්ෂා කරන්නට සිදුවෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය දකුණු හා වම් වශයෙන් පිහිටා තිබෙනවා. අවශ්‍යතාව අනුව මෙහි දකුණ, වම හෝ ග්‍රන්ථින් දෙකම ඉවත් කරන අවස්ථා තිබෙනවා. [B]වායුගෙඩි හඳුනාගන්නේ කොහොමද? [/B] බොහෝ විට පලපුරුදු වෛද්‍යවරයෙකුට දුටු පමණින් රෝගියකු හඳුනාගන්න පුලුවන්. බොහෝ දෙනා අපි මුලින් පැවසූ ලෙස ගිලීමේ, හුස්ම ගැනීමේ ආදී අපහසුතා සමගයි වෛද්‍යවරයකු වෙත පැමිණෙන්නේ. මෙය නිශ්චිතව දැන ගැනීමට ස්කෑන් පරික්ෂාවකින් පුළුවන්. එහිදි තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වී ඇති බව තහවුරු වුවහොත් එසේ වීමට හේතුව ඉන් පසුව සොයා බලයි. තයිරොක්සින් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වුවත්, වැඩිවුවත් මේ අවස්ථා දෙකේදීම ග්‍රන්ථිය විශාල වීම සිදුවෙනවා. [B]කාන්තාවන්ට වායුගෙඩි ඇතිවීම බහුලද? [/B] කාන්තාවන්ට වායුගෙඩි ඇති වීමේ වැඩි ප්රවනතාවක් තිබෙනවා. මෙය හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් වීමට පුළුවන්. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් ද කාන්තාවන්ට ගැටලු ඇතිවීම වැඩියි. නමුත් නියමිත ප්‍රතිකාර ලබා ගනිමින්, වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළහොත් දරුවන් ලැබීමට පවා ඔවුන්ට ඉඩ කඩ තිබෙනවා. [B]වායු ගෙඩි වළක්වා ගන්න නම්, [/B] වායුගෙඩි ඇතිවීම වළක්වා ගැනීමට නම් අපට කළ හැකි හොඳම දේ ආහාරයට අයඩින් එකතු කරගැනීමයි. අයඩින් ශරීරයේ නිපදවා ගන්නට පුලුවන් දෙයක් නෙමෙයි. මෙය අපට ආහාර මගින් බාහිරව ගැනීමට සිදු වෙනවා. අයඩින් ශරීරයට උරාගැනීම වලක්වන ඇතැම් ආහාර වර්ග තිබෙනවා. මේවායින් වැලකීමත් හොඳයි. ඒවා නම්, මයියොක්කා, රාබු, ගෝවා, නෝකෝල් ආදියයි. උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝභිත අබේරත්න [B]නවලියෙන් උපුටා ගැනීමකි[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom