Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'තරුණ ජීවිත බිලිගන්නා' ආඝාත (stroke) අවදානම වළක්වා ගන්න..🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් ඇති වන හදිසි රෝගී තත්ත්වය ආඝාතය (Stroke) ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්ත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශය වේ.

මීට දින කිහිපයකට පෙර මිය ගිය ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ මරණයට හේතුව ද ආඝාත තත්ත්වයක් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබිණි.

ආඝාත තත්ත්වය ඇති වෙන්නේ කොහොම ද?

"ඒක ආකාර දෙකකට වෙන්න පුළුවන්. බහුල වශයෙන් වෙන්නේ මොළයට රුධිරය සපයන ධමනියක් අවහිර වීමෙන්, 20%ක් 25%ක් වගේ කොටසගේ එම රුධිර සපයන කුඩා ධමනියක් පිපිරී යාමෙන් ඇතිවන රුධිර වහනයෙන් තමයි ආඝාතය ඇති වෙන්නේ," යැයි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර බීබීසී සිංහල වෙත පැවසීය.

මීට අමතරව රුධිර සපයන ධමනිවල ඇති වන දුර්වලකම් නිසා හටගන්නා රෝගී තත්ත්වයන් හරහා ද ආඝාතය ඇති විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ආඝාතය ඇති වීමට බලපාන අවදානම් සාධක මොනවා ද?

අධික රුධිර පීඩනය, දුම් පානය, දියවැඩියාව, අධික රුධිර කොලෙස්ටරෝල් සහ හෘදය ආශ්‍රිතව ඇති වන සංකූලතා ආඝාතය ඇති වීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, අයහපත් ආහාර රටාව නිසා ඇති වන ස්ථූලභාවය, ව්‍යායාම කිරීම අවම වීම මෙන් ම මානසික ආතතිය සහ විෂාදය ද ආඝාතය ඇති වීමට හේතු විය හැකි බව ය.

"හැම අවුරුද්දක ම ලෝක ආඝාත සංවිධානය මගින් අලුත් අවදානම් සාධක කිහිපයක් හඳුන්වා දෙනවා. 2025 අපිට තියෙන දත්ත අනුව නගරබද ආශ්රිත වායු දූෂණය වගේ ම වායු ගුණාත්මක දර්ශකය පහළ වැටීම විශාල වශයෙන් හේතු වන බව දක්වලා තියෙනවා," ඔහු පැවසීය.

FAST ගැන දැනුවත් වෙමු

ආඝාත තත්ත්වයේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට FAST යන සංකේතනාමය හඳුන්වා දී තිබේ.

F - Face Drooping (මුහුණේ පැත්තක් පණ නැති වීම හෝ කට පැත්තකට ඇදවීම)

A - Arm Weakness (එක් අතක් හෝ කකුලක් පණ නැති වී ඇත් ද?)

S - Speech Difficulty (කතාවේ වෙනසක් ඇති වී ඇත් ද, කතාව පැටලෙනවා ද, ඔබ කියන දේ රෝගියාට තේරුම් ගත හැකි ද?)

T - Time to call (පමා නොවන්න, වහා ම රෝහලට රැගෙන යන්න)රෝගියෙකු නොපමාව ඔබට ආසන්නතම රෝහල කරා රැගෙන යාමට 1990 අංකය අමතා නොමිලේ සුව සැරිය ගිලන් රථ සේවාව භාවිත කිරීමේ පහසුකම ඔබට ඇත.

ආඝාත රෝග ලක්ෂණ ඇති වූ වහා ම කළ යුතු දෑ සම්බන්ධව ද විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පැහැදිලි කළේ ය.

"මුකුත් ප්‍රතිකාර ගෙදරදී දෙන්න යන්න එපා. රෝගියාට ගිලීමේ අපහසුතා ඇති වෙනවා. මොනවා හරි දෙන්න ගියොත් ශ්වසන අපහසුතා ඇති වෙන්න පුළුවන්. රෝගියා සන්සුන් කරලා වම් ඇලයට හරවලා තියන්න පුළුවන්. තද ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් අවහිරතාව අයින් කරලා රෝගියාව ඉක්මනින් රෝහල්ගත කිරීම තමයි කළ යුතු වෙන්නේ.

"හෘදයාබාධයකදී වේදනාවක් ඇති වෙන නිසා ගොඩක් රෝගීන් බයවෙලා ඉක්මනට රෝහලට එනවා. ආඝාතයේදී රෝග ලක්ෂ විදිහට පණ නැති වීමක්, හිරිවැටීමක් වගේ රෝග ලක්ෂණ නිසා ගොඩක් ආමාරු වෙලා තමයි රෝහලට එන්නේ. ඒක එක හේතුවක් ආඝාත රෝගී තත්ත්වය උත්සන්න වෙන්න," යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

ආඝාතය ඇති වීමේ අවදානම වළක්වා ගන්න පුළුවන් ද?

"අවදානම් සාධක ගත්තොත් ඒවායින් 80% විතර අපිට වළක්වා ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ජීවන රටාවේ වෙනස්කම් තමයි ඉතා ම වැදගත්," යැයි ආඝාත තත්ත්වය වළක්වා ගත හැකි ආකාර පිළිබඳව උපදෙස් දෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

ක්ෂණික ආහාර සහ සකසා පැකට් කරන ලද ආහාර වර්ගවලින් මිදී නැවුම් එළවලු සහ පලතුරු භාවිතය මෙන් ම ව්‍යායාම සිදු කරමින් ස්කන්ධ දර්ශකයට අනුව උස සහ බර පවත්වා ගැනීම, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකී සිටිම හරහා ආඝාත අවදානම අවම කර ගත හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

"රෝගී තත්ත්ව පාලනයත් ඉතා ම වැදගත්. අපිට අධික රුධිර පීඩනය තියෙනවා නම්, දියවැඩියාව තියෙනවා නම්, කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් හෝ හෘද රෝග තියෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර අරගෙන පාලනය කර ගත යුතුයි," ඔහු පැහැදිලි කළේ ය.

අවම වශයෙන් වසරකට වරක් හෝ අවුරුදු 35ට වැඩි පුද්ගලයන් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් වී ඉහත සඳහන් කරන ලද රෝගී තත්ත්වයන් ඇත්නම් ඒ සඳහා නිසා ප්‍රතිකාර ලබා ගැනීම ද වැදගත් බව විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පැවසීය.

තරුණ ආඝාත රෝගීන් වැඩි ද?

තරුණ ප්‍රජාව අතර ආඝාත රෝග තත්ත්වයේ වැඩි වීමක් තිබේනවා ද? බීබීසි සිංහල සේවය ස්නායු වෛද්‍ය විශේෂඥවරයා ගෙන් විමසීය.

"තරුණ ආඝාතය කියලා අපි කියනවා; අවුරුදු 45ට අඩු අය එම රෝගී කාණ්ඩයට අයිති වෙනවා. ලෝකයේ දත්ත ගත්තොත් 70% පමණ ආඝාතය ඇති වෙන්නේ රැකියාවේ යෙදෙන වයස්වල පුද්ගලයන්ට. ඒ තත්ත්වය පාලනය කිරීම ඉතා ම වැදගත්," ඔහු පැවසීය.

මෙරටින් වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල්වලින් වාර්තා වන බව පැවසූ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර; ඉන් 4,000ක් පමණ මිය යන බව ද සඳහන් කළේ ය.

පුනරුත්ථාපනය වැදගත් වන්නේ ඇයි?

ආඝාත රෝගීන් කෙටි කාලීන හෝ දිර්ඝ කාලීන දුබලතාවලට මුහුණ දෙනු ලබන අතර ඉන් මිදීමට එම රෝගීන්ට පුනරුත්ථාපන ක්‍රියාවලිය අතවශ්‍ය බව විශේෂඥ මතය යි.

ඒ පිළිබඳව බීබීසි සිංහල සේවය රාගම වෛද්‍ය පීඨයේ, ආබාධිතා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැවගෙන් විමසීමක් කළේ ය.

"අපි ගොඩක් දකිනවා තරුණ අයට ආඝාතය හැදෙනවා. ඒවගේ කට්ටිය ගොඩක් වෙලාවක රැකියාවක තමයි ඉන්නේ. ඒ වගේ කෙනෙක් පුනරුත්ථාපනයට යොමු නොකිරීම තුළින් ඒ අයගේ පවුල්වලට වෙන බලපෑම සහ රටක් විදිහට, සමාජයක් විදිහට සහ ආර්ථිකයට වන බලපෑම ඉතා ම ඉහළ යි," යැයි ආචාර්යවරිය පුනරුත්ථාපනයේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් පැවසුවා ය.

එම පුනරුත්ථාපන ක්‍රියාවලිය කායිකව මෙන් ම මානසිකව ද සිදුවන බව ඇය සඳහන් කළා ය.

"පළවෙනියෙන් ම ආඝාතයෙන් පසුව ඔවුන්ගේ සුව වීමේ ප්‍රගතිය ඉතා ම ඉහළයි. අවුරුදු 40,45 වගේ තරුණ අයගේ ප්‍රගතිය තවත් හොඳයි. දෙවන වතාවට ආඝාතය හැඳුනොත් ඒ අයගේ දුබලතාව ටිකක් වැඩි වෙනවා. මොකද පුනරුත්ථාපනය මගින් වෙන්නේ මොළයේ හානි වුණ සෛලවලට අනිත් සෛල ආදේශ කිරීමක්, එතකොට නැවත ඇති වන ආඝාත තත්ත්වය එක්ක මොළයේ හානි වන සෛල ප්‍රමාණය වැඩියි," ඇය පැහැදිලි කළා ය.

'පවුලේ සහයෝගිතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව් අවශ්‍යයි'

පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් ආඝාත රෝගියා පෙර සිටි තත්ත්වයේ සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වීමට සායනික ක්‍රියාවලියට එහා ගිය පසුබිමක් අවශ්‍ය බව ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැව පෙන්වා දුන්නා ය.

"පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අධිෂ්ඨානය තමයි ඒගොල්ලන්ව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ ඔවුන් පෙර සිටි තත්ත්වයට ගෙන ඒම. ගොඩක් වෙලාවට පුනරුත්ථාපනය කරන විශේෂඥයා වැඩ කරන්නේ සායනික පසුබිමක් තුළ, සමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සායනික පසුබිමෙන් ඔබ්බට යන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර සහ චිකිත්සක ක්‍රම තිබුණාට පවුලේ සහයෝගිතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව්ව නැතිව ඒක කරන්න ටිකක් අමාරුයි. තරුණ අයට නම් ගොඩක් වෙලාවට අපි ඔවුන් වැඩ කරමින් හිටපු තැන්වලත් සහයෝගයත් බලාපොරොත්තු වෙනවා," ඇය පැහැදිලි කළා ය.

"සමාජයේ තාම පුනරුත්ථාපන කිරීම පිළිබඳව ලොකු පිළිගැනීමක් නැහැ. ගොඩක් වෙලාවට ආඝාත තත්ත්වය හැදුනාට පස්සේ ජීවිතය රැකීම විතරක් ඇති කියන එක තමයි සමාජ මතය. ඔවුන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට දායක කරගැනිමේ අවශ්‍යතාවක් බොහෝ ශ්‍රී ලාංකික අයගේ මානසිකත්වයේ නැහැ. ඒක තමයි ලංකාවේ වෙනස් කළ යුතු තැන," යැයි දශකයකට වැඩි කාලයක් පුරා පුනරුත්ථාපන ක්ෂේත්රය පිළිබඳව අත්දැකීම් ඇති ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැව වැඩිදුරටත් කියා සිටියා ය.

BBC සිංහල

[QUOTE="Bitter Truth, post: 30645114, member: 555686"] [IMG]https://i.imgur.com/jWCRR7c.jpeg[/IMG] මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් ඇති වන හදිසි රෝගී තත්ත්වය ආඝාතය (Stroke) ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්ත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශය වේ. මීට දින කිහිපයකට පෙර මිය ගිය ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ මරණයට හේතුව ද ආඝාත තත්ත්වයක් බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබිණි. [HEADING=1]ආඝාත තත්ත්වය ඇති වෙන්නේ කොහොම ද?[/HEADING] "ඒක ආකාර දෙකකට වෙන්න පුළුවන්. බහුල වශයෙන් වෙන්නේ මොළයට රුධිරය සපයන ධමනියක් අවහිර වීමෙන්, 20%ක් 25%ක් වගේ කොටසගේ එම රුධිර සපයන කුඩා ධමනියක් පිපිරී යාමෙන් ඇතිවන රුධිර වහනයෙන් තමයි ආඝාතය ඇති වෙන්නේ," යැයි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර බීබීසී සිංහල වෙත පැවසීය. මීට අමතරව රුධිර සපයන ධමනිවල ඇති වන දුර්වලකම් නිසා හටගන්නා රෝගී තත්ත්වයන් හරහා ද ආඝාතය ඇති විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය. [HEADING=1]ආඝාතය ඇති වීමට බලපාන අවදානම් සාධක මොනවා ද?[/HEADING] අධික රුධිර පීඩනය, දුම් පානය, දියවැඩියාව, අධික රුධිර කොලෙස්ටරෝල් සහ හෘදය ආශ්‍රිතව ඇති වන සංකූලතා ආඝාතය ඇති වීමට ප්‍රධාන අවදානම් සාධක ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, අයහපත් ආහාර රටාව නිසා ඇති වන ස්ථූලභාවය, ව්‍යායාම කිරීම අවම වීම මෙන් ම මානසික ආතතිය සහ විෂාදය ද ආඝාතය ඇති වීමට හේතු විය හැකි බව ය. "හැම අවුරුද්දක ම ලෝක ආඝාත සංවිධානය මගින් අලුත් අවදානම් සාධක කිහිපයක් හඳුන්වා දෙනවා. 2025 අපිට තියෙන දත්ත අනුව නගරබද ආශ්රිත වායු දූෂණය වගේ ම වායු ගුණාත්මක දර්ශකය පහළ වැටීම විශාල වශයෙන් හේතු වන බව දක්වලා තියෙනවා," ඔහු පැවසීය. [HEADING=1]FAST ගැන දැනුවත් වෙමු[/HEADING] ආඝාත තත්ත්වයේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට FAST යන සංකේතනාමය හඳුන්වා දී තිබේ. F - Face Drooping (මුහුණේ පැත්තක් පණ නැති වීම හෝ කට පැත්තකට ඇදවීම) A - Arm Weakness (එක් අතක් හෝ කකුලක් පණ නැති වී ඇත් ද?) S - Speech Difficulty (කතාවේ වෙනසක් ඇති වී ඇත් ද, කතාව පැටලෙනවා ද, ඔබ කියන දේ රෝගියාට තේරුම් ගත හැකි ද?) T - Time to call (පමා නොවන්න, වහා ම රෝහලට රැගෙන යන්න)රෝගියෙකු නොපමාව ඔබට ආසන්නතම රෝහල කරා රැගෙන යාමට 1990 අංකය අමතා නොමිලේ සුව සැරිය ගිලන් රථ සේවාව භාවිත කිරීමේ පහසුකම ඔබට ඇත. ආඝාත රෝග ලක්ෂණ ඇති වූ වහා ම කළ යුතු දෑ සම්බන්ධව ද විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පැහැදිලි කළේ ය. "මුකුත් ප්‍රතිකාර ගෙදරදී දෙන්න යන්න එපා. රෝගියාට ගිලීමේ අපහසුතා ඇති වෙනවා. මොනවා හරි දෙන්න ගියොත් ශ්වසන අපහසුතා ඇති වෙන්න පුළුවන්. රෝගියා සන්සුන් කරලා වම් ඇලයට හරවලා තියන්න පුළුවන්. තද ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් අවහිරතාව අයින් කරලා රෝගියාව ඉක්මනින් රෝහල්ගත කිරීම තමයි කළ යුතු වෙන්නේ. "හෘදයාබාධයකදී වේදනාවක් ඇති වෙන නිසා ගොඩක් රෝගීන් බයවෙලා ඉක්මනට රෝහලට එනවා. ආඝාතයේදී රෝග ලක්ෂ විදිහට පණ නැති වීමක්, හිරිවැටීමක් වගේ රෝග ලක්ෂණ නිසා ගොඩක් ආමාරු වෙලා තමයි රෝහලට එන්නේ. ඒක එක හේතුවක් ආඝාත රෝගී තත්ත්වය උත්සන්න වෙන්න," යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. [HEADING=1]ආඝාතය ඇති වීමේ අවදානම වළක්වා ගන්න පුළුවන් ද?[/HEADING] "අවදානම් සාධක ගත්තොත් ඒවායින් 80% විතර අපිට වළක්වා ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ජීවන රටාවේ වෙනස්කම් තමයි ඉතා ම වැදගත්," යැයි ආඝාත තත්ත්වය වළක්වා ගත හැකි ආකාර පිළිබඳව උපදෙස් දෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. ක්ෂණික ආහාර සහ සකසා පැකට් කරන ලද ආහාර වර්ගවලින් මිදී නැවුම් එළවලු සහ පලතුරු භාවිතය මෙන් ම ව්‍යායාම සිදු කරමින් ස්කන්ධ දර්ශකයට අනුව උස සහ බර පවත්වා ගැනීම, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකී සිටිම හරහා ආඝාත අවදානම අවම කර ගත හැකි බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය. "රෝගී තත්ත්ව පාලනයත් ඉතා ම වැදගත්. අපිට අධික රුධිර පීඩනය තියෙනවා නම්, දියවැඩියාව තියෙනවා නම්, කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් හෝ හෘද රෝග තියෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර අරගෙන පාලනය කර ගත යුතුයි," ඔහු පැහැදිලි කළේ ය. අවම වශයෙන් වසරකට වරක් හෝ අවුරුදු 35ට වැඩි පුද්ගලයන් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් වී ඉහත සඳහන් කරන ලද රෝගී තත්ත්වයන් ඇත්නම් ඒ සඳහා නිසා ප්‍රතිකාර ලබා ගැනීම ද වැදගත් බව විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර පැවසීය. [HEADING=1]තරුණ ආඝාත රෝගීන් වැඩි ද?[/HEADING] තරුණ ප්‍රජාව අතර ආඝාත රෝග තත්ත්වයේ වැඩි වීමක් තිබේනවා ද? බීබීසි සිංහල සේවය ස්නායු වෛද්‍ය විශේෂඥවරයා ගෙන් විමසීය. "තරුණ ආඝාතය කියලා අපි කියනවා; අවුරුදු 45ට අඩු අය එම රෝගී කාණ්ඩයට අයිති වෙනවා. ලෝකයේ දත්ත ගත්තොත් 70% පමණ ආඝාතය ඇති වෙන්නේ රැකියාවේ යෙදෙන වයස්වල පුද්ගලයන්ට. ඒ තත්ත්වය පාලනය කිරීම ඉතා ම වැදගත්," ඔහු පැවසීය. මෙරටින් වසරකට ආඝාත රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල්වලින් වාර්තා වන බව පැවසූ ස්නායු විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර; ඉන් 4,000ක් පමණ මිය යන බව ද සඳහන් කළේ ය. [HEADING=1]පුනරුත්ථාපනය වැදගත් වන්නේ ඇයි?[/HEADING] ආඝාත රෝගීන් කෙටි කාලීන හෝ දිර්ඝ කාලීන දුබලතාවලට මුහුණ දෙනු ලබන අතර ඉන් මිදීමට එම රෝගීන්ට පුනරුත්ථාපන ක්‍රියාවලිය අතවශ්‍ය බව විශේෂඥ මතය යි. ඒ පිළිබඳව බීබීසි සිංහල සේවය රාගම වෛද්‍ය පීඨයේ, ආබාධිතා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැවගෙන් විමසීමක් කළේ ය. "අපි ගොඩක් දකිනවා තරුණ අයට ආඝාතය හැදෙනවා. ඒවගේ කට්ටිය ගොඩක් වෙලාවක රැකියාවක තමයි ඉන්නේ. ඒ වගේ කෙනෙක් පුනරුත්ථාපනයට යොමු නොකිරීම තුළින් ඒ අයගේ පවුල්වලට වෙන බලපෑම සහ රටක් විදිහට, සමාජයක් විදිහට සහ ආර්ථිකයට වන බලපෑම ඉතා ම ඉහළ යි," යැයි ආචාර්යවරිය පුනරුත්ථාපනයේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් පැවසුවා ය. එම පුනරුත්ථාපන ක්‍රියාවලිය කායිකව මෙන් ම මානසිකව ද සිදුවන බව ඇය සඳහන් කළා ය. "පළවෙනියෙන් ම ආඝාතයෙන් පසුව ඔවුන්ගේ සුව වීමේ ප්‍රගතිය ඉතා ම ඉහළයි. අවුරුදු 40,45 වගේ තරුණ අයගේ ප්‍රගතිය තවත් හොඳයි. දෙවන වතාවට ආඝාතය හැඳුනොත් ඒ අයගේ දුබලතාව ටිකක් වැඩි වෙනවා. මොකද පුනරුත්ථාපනය මගින් වෙන්නේ මොළයේ හානි වුණ සෛලවලට අනිත් සෛල ආදේශ කිරීමක්, එතකොට නැවත ඇති වන ආඝාත තත්ත්වය එක්ක මොළයේ හානි වන සෛල ප්‍රමාණය වැඩියි," ඇය පැහැදිලි කළා ය. [HEADING=1]'පවුලේ සහයෝගිතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව් අවශ්‍යයි'[/HEADING] පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් ආඝාත රෝගියා පෙර සිටි තත්ත්වයේ සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වීමට සායනික ක්‍රියාවලියට එහා ගිය පසුබිමක් අවශ්‍ය බව ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැව පෙන්වා දුන්නා ය. "පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අධිෂ්ඨානය තමයි ඒගොල්ලන්ව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ ඔවුන් පෙර සිටි තත්ත්වයට ගෙන ඒම. ගොඩක් වෙලාවට පුනරුත්ථාපනය කරන විශේෂඥයා වැඩ කරන්නේ සායනික පසුබිමක් තුළ, සමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සායනික පසුබිමෙන් ඔබ්බට යන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර සහ චිකිත්සක ක්‍රම තිබුණාට පවුලේ සහයෝගිතාව සහ ඔවුන් ඇසුරු කරන අයගේ උදව්ව නැතිව ඒක කරන්න ටිකක් අමාරුයි. තරුණ අයට නම් ගොඩක් වෙලාවට අපි ඔවුන් වැඩ කරමින් හිටපු තැන්වලත් සහයෝගයත් බලාපොරොත්තු වෙනවා," ඇය පැහැදිලි කළා ය. "සමාජයේ තාම පුනරුත්ථාපන කිරීම පිළිබඳව ලොකු පිළිගැනීමක් නැහැ. ගොඩක් වෙලාවට ආඝාත තත්ත්වය හැදුනාට පස්සේ ජීවිතය රැකීම විතරක් ඇති කියන එක තමයි සමාජ මතය. ඔවුන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට දායක කරගැනිමේ අවශ්‍යතාවක් බොහෝ ශ්‍රී ලාංකික අයගේ මානසිකත්වයේ නැහැ. ඒක තමයි ලංකාවේ වෙනස් කළ යුතු තැන," යැයි දශකයකට වැඩි කාලයක් පුරා පුනරුත්ථාපන ක්ෂේත්රය පිළිබඳව අත්දැකීම් ඇති ආචාර්ය දිනූෂා අතපත්තු බක්මීවැව වැඩිදුරටත් කියා සිටියා ය. BBC සිංහල [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom