Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තල්පතේ කේන්දර ලියන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තල්පතේ කේන්දර ලියන හැටි

තල්පතේ කේන්දර ලියන හැටි

ලංකාවේ ලේඛන ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී මුලින් සිහියට නැඟෙනුයේ ලෙන් ලිපිය. භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සකස් කළ ලෙන් උන්වහන්සේ වෙත පූජා කිරීමේදී ලෙන් ෙදාරෙහි කටාරමේ එම ලෙන කරවූ දායකයාගේ නම ලියා තැබීමේ සිරිතක් පැවැතිණි.

ආදි කාලයෙහි මේවාට අමතරව ලේඛනයේ යෙදුණේ වැලි පිල්ලෙහිය. සියුම් වැලි ඇතිරූ ලෑල්ලක ඇඟිල්ලෙන් පැරැන්නෝ අකුරු ලියූහ. බොහෝ විට වැලි පිහිල්ල හා සම්බන්ධව ප්‍රධානව කතා කෙරෙනුයේ බෞද්ධ විහාරස්ථානයන්ය. එකල පැවැතියේ ආගම පදනම් කොටගත් අධ්‍යාපන ක්‍රමයක් නිසා බොහෝදෙනා අකුරු උගැන්ම සඳහා ගියේ පන්සලටය. වැලිපිිල්ලේ ලියන අකුරු ක්ෂණයෙන් මැකීයන නිසා දිගු කාලයක් මැටි පුවරු, ලෝහ පාත්තර සහ කාසිද එකල සිටි අය ලේඛනයේ යෙදීම සඳහා යොදාගත්හ.

මෙරට ඉතිහාසයේ ප්‍රබල ලේඛන කලාවක් තිබූ බවට පිළිගත හැකි හොඳම සාධකය වනුයේ වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමයි. මුඛ පරම්පරාගතව පැවැත ආ ධර්මය ලේඛන ගත කරන්නට තරම් එකල ආදිතමයන්ට හැකියාවක් පැවැතිණි. එකල බොහෝ විට ලේඛනය සඳහා භාවිත වූයේ තල්පතයි. වර්තමානය වන විට තල්පත ලේඛනයෙන් අෑත්ව යන දෙයක් බවට පත්ව ඇත. එනිසාම තල්පතට වටිනාකමක් එක්වී ඇත.

තල්පත ලේඛනයෙන් අෑත්ව යන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය. අතීතයේදී සියලු ශාස්ත්‍රයන් ලියාතැබුණේ තල්පත්වලය. බුද්ධ ධර්මය, ඉතිහාසය, පාරම්පරික වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, පැරැණි තාක්ෂණය, ජේයතිෂ විද්‍යාව, තාරකා විද්‍යාව, භාෂා සාහිත්‍ය, භූත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ආදිය පිළිබඳ සටහන් තැබූයේ තල්පත්වලය. පාරම්පරික රහස් ගැටපද ලෙස සැඟවූයේ තල්පත්වලය. පොළොන්නරු යුගයේදී කාලිංගමාඝ ආක්‍රමණයේදී විශාල දැනුම් සම්භාරයක් ගබඩා කොට තිබූ පුස්කොළ පොත් බොහෝ ප්‍රමාණයක් විනාශ විය.

පුස්කොළ පොත, තල්පත ආදියෙහි ලිවීම එතරම් පහසු කටයුත්තක් නම් නොවේ. ඒ හා බැඳුණු පාරම්පරික රහස් ගණනාවක් වෙයි. පුස්කොළ පොත් බැඳීම හා ලිවීම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ආකාරයක් ගනී. තල් ගස පිළිබඳ සමාජයේ බොහෝ මතිමතාන්තර පවතී. තල මලක් පීදුණු විට ගමම පාළු වනවා යැයි ගැමියන්ගේ විශ්වාසයයි. තල මලක් පිපෙන්නේ තල් ගසක අවසන් කාලයේ බවටද පිළිගැනීමක් ඇත. පිහි තුඩකටත් වඩා තියුණු තල් අතු බේරමින් තල ගහ මුදුනට නැඟ තල ගොබය කැපීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. ගහ මුලට දෑත එක්කොට වඳිනුයේ පය තබමින්, උඩට යනෙන සෑම මොහොතකම අවදානමක් වන බැවිනි.

තල්ගොබය කපනුයේ පෝයට කලින්ය. හඳ පායන විට තල් ගොබය විසිරීමට පටන් ගන්නා හෙයින් එසේ වුවහොත් එය කපාගැන්මට අපහසු හෙයිනි. තල් ගොබයේ මුලින් කැපුමක් යොදා එහි කඹයක් බඳිනුයේ පහතට බා ගැනීම සඳහාය. වෙර යොදා කපා ගන්නා ලද තල් ගොබය සීරුමාරුවට තවත් කිහිප දෙනකුගේ කර මතින් රැගෙන යනුයේ පුස්කොළ සාදා ගැනීම සඳහාය.

තල් කොළ සකසා ගන්නා ගුරුන්නාන්සේ බිම ඇන තියාගෙන සියුම් තුඩ සහිත පිහියකින් තල් ගොබේ හෙමින් සීරුවේ දිගහැර ගනියි. ඉන්පසු ඔහු තල කොළ එකින් එක තල් ඉරටුවලින් වෙන්කොටගෙන ඒවා එකින් එක සීරුවෙන් රෝල් කොට ගනී. එසේ රෝල් කොට ගන්නා තල් කොළ ඉන්පසු හඳුන්වනුයේ තල වට්ටු ලෙසය.

මෙසේ තල් කොළ කිහිපයක් එකිනෙක තබා රෝල් කරගත් පසු ඒවා තල් ඉරටුවලින්ම ගැටගසා ගනී. ඉන්පසු උදාවන්නේ තල්කොළ තම්බා ගැනීමේ කාර්යයයි.

කබොක් ගල් තුනක් මත තැනෙක ළිපෙහි වතුර පිරවූ හැළියක් තැබෙනුයේ "ස්වස්ති සිද්ධම්" යන්න තොල මතුරමිනි. සුබ වැඩක් කරන විට "ස්වස්ති සිද්ධම්" යන්න නිතරම ගැමියාගේ මුවින් පිටවන්නකි. වතුර පිරවූ හැළියේ අඩියට කොරකහ, පැපොල් මද, පැපොල් අතු ආදියද සීරුවට තැන්පත් කොට ඒ මතට ඔතාගත් තල් කොළ වඩියක්ද තැන්පත් කරගනී. නැවැතත් තල් කොළ වඩිය වැසීයන සේ යළිත් කොළ තට්ටුවක් අසුරයි.

මෙසේ මාරුවෙන් මාරුවට කොළ තට්ටු හා තල් කොළ වඩි කිහිපයක් වතුර හැළියේ තැන්පත් කරයි. චිරිචිරි හඬ නඟමින් නැඟෙන ගිනිදලු මැදින් විසිරෙන දුම් රොටු අතරින් තල් කොළ වඩි තැබීමට සිදුවන්නේ ඉමහත් පරෙස්සමිනි.

ගො ගොර හඬ නඟමින් බුබුළු දමන කොළ කහට මුසුවුණු උණුදිය තල් කොළ වඩිය හකුළුවාලයි. පැය තුනක් තිස්සේ තල් කොළ වඩි බෙහෙත් කොළවල සාරය සමඟ හොඳින් තැම්බෙයි. තම්බාගත් තල් කොළ හොඳින් හිරු එළිය ඇති දිනයෙක එකිනෙක නොගැටෙන සේ එල්ලා ගනුයේ වියැළීම සඳහාය. තම්බාගත් තල් පත්‍ර හොඳින් නොවියළුණහොත් දුර්වර්ණ විය හැකි අතර එසේ දුර්වර්ණ වූ තල් පත්‍ර එතරම් අලංකාරයක් ඇති නොකරන නිසා ඉවත දැමීමට සිදුවේ. මඳ පවනේ වියළන තල් කොළ ඉන්පසු මඳ අව්වේද, අලුයම මඳ පින්නේද, නැවැතත් මඳ අව්වේද ආදී වශයෙන් මාරුවෙන් මාරුවට වියළා ගනී.

හොඳින් වියළාගත් තල් කොළවලින් දිස්වන්නේ හැකිළුණු, පොඩිවුණු ස්වභාවයකි. ගස් දෙකක් අතර බැඳි මෝල්ගසක හෝ සිරස් අතට සිටුවූ කණු දෙකක් අතර බැඳි පුවක් කඳක හෝ දමා තල් කොළ මැදීම සිදුකර ගන්නේ ඉන් අනතුරුවය. හොඳින් මැදගත් තල් කොළ නැවැත වට්ටු ආකාරයට සකස් කරගනී. ඒ තල් කොළවල ආරක්ෂාව සදහාය.

තල් කොළ පුස්කොළ පොත් ලෙස බැඳෙනුයේ ඒ හරහා යැවෙන තරමක් ගනකමින් යුතු නූලකිනි. එයට සිදුරු විදගත යුතුය. තනි සිදුර හෝ සිදුරු දෙකක් විදීම සාමාන්‍යයෙන් සිදුවෙයි. සුළි කැපීම ලෙස හඳුන්වන්නේද ඒ සිදුරු විදීමය. පුස්කොළ පොත් සකස් කිරීමේදි නම් තල් කොළ එකම ප්‍රමාණයට කපාගත යුතුය. ඒ සඳහා භාවිත කරනුයේ කිතුල් ලීයෙන් හෝ වෙනත් ගනකම් සහිත ලීයකින් කළ අච්චුවකි. ඉන්පසුව පත්තුල නම් වූ උපකරණයක් ගිනියම් වන සේ රත්කොට කපාගත් කෙළවර දාරවල අතුල්ලයි. එයින් කොළවල අනවශ්‍ය කොටස් ඉවත් වී මනා නිමාවක් ලබාදේ. පුස්කොළ පොත්වලට මේ පිළිවෙත අදාළ වුවද කේන්දර ලිවීම සඳහා භාවිත වනුයේ තල වට්ටුය. තල වට්ටු දිගහැරීම වැළැක්වීමට එහි දෙපසින් කට්ට කපනු ලැබේ. මේ සියල්ල අවසානයේදී පුස්කොළවල ලිවීමට පටන්ගනී. එය එතරම් ලෙහෙසි කටයුත්තක් නම් නොවේ. එහි ලියන අක්ෂර මෙන්ම ඉස්පිලි පාපිලිද සමාන විය යුතුය. වමේ සිට දකුණට එකම ශෛලියකින් අකුරු පේළි අතර ඇති ඉඩ ප්‍රමාණයන් ආදී වශයෙන් රීතීන් ගණනාවක් අනුගමනය කළ යුතු බව පැරැණි පතපොතෙහි දක්වා ඇත. සිංහ ශෛලිය, හස්ති ශෛලිය, හංස ශෛලිය, කාක ශෛලිය ලෙසින් පුස්කොළ පොත්වල ලියැවෙන අක්ෂර වර්ග සතරකි. පුස්කොළ ලිවීම ඇරැඹෙනුයේ ආශීර්වාද පාඨයකින්ය. එතැන් සිට පුස්කොළය ලිවීම ඇරැඹේ. පුස්කොළ පොත්වල කිසිම විටෙක හල් අකුරු භාවිත නොකරයි. ඒ වෙනුවට ලියනුයේ බැඳි අක්ෂරයන්ය.

පුස්කොළ පොත්වල ලිවීම යනු ඒ මත යම් සීරීමේ විදියකි. ඒ සඳහා යොදාගනු ලබන්නේ පන්හිඳයි. එය විවිධ හැඩයට සකසනු ලැබුවත් අවසානයේ ලිවීම සඳහා සකසා ඇති කොටස කෙළවර වනුයේ තියුණු තුඩකිනි. පුස්කොළ මත ලියා අවසානයේදී කළු මැදීම සිදුකරයි. ඒ සඳහා යොදාගැනෙනුයේ දුම්මල තෙල්ය. සාදාගත් රෙදි පොට්ටනියක කළු තවරා ලියූ අකුරු මත එම පොට්ටනිය තවරාලයි. එවිට පුස්කොළය මත කැපුණු අකුරු තුළට දුම්මල තෙල් උරාගනී.

පුස්කොළ පොත්, හඳහන් ආදිය ස්වාභාවිකවම සැකැසෙන නිසා ඒවායේ ආයු කාලය එතරම් දීර්ඝ නැත. වරින්වර සංරක්ෂණය කළ යුතුය. කෙසේ වෙතත් අද වන විට අභාවයට යන තාක්ෂණ ක්‍රම අතර පුස්කොළ පොත් සැකැසීමේ කලාවද වෙයි. එම රහස් පවතිනුයේ පැරැණියෝ අතර පමණක්මය.

පුස්කොළ යනු සැබැවින්ම කලාවකි. පෑනකින් පැන්සලකින් කඩදාසි කොළ මත මවන නෙක රටාවන්ටත් වඩා තල කොළයක් මත පන්හිඳෙන් ලිවීම අතිශය සියුම් කලාවකි.

අත්ත හොඳයි තද වැස්සට ඉහලන්ඩ

පිත්ත හොඳයි තද වරපට අඹරන්ඩ

ගොබය හොඳයි දස ධර්මේ ලියන්ඩ

මෙමල හොඳයි බුදු පුදයට ගෙනයන්ඩ

පැරැණියෝ තල් ගස දුටුවේ මේ අයුරිනි. වේලාපත්කඩ තල්පත්වල ලියැවෙන්නටත් කලින් තල් ගොබ ගැනුණේ බුදු දහම ලියා තබන්නටය. යම් තැනෙක කරේ දැමීමට යන්තර සකස් කිරීම සඳහාද පුස්කොළ යොදාගත් බව කියැවේ. රන්, රිදී ආභරණ නොමැති යුගවල පුස්කොළවලින් කළ ආභරණ ළඳුන් පැලඳි බවත් ජන කවිවල කියැවේ. වර්තමානයේ අභාවයට ගියද අතීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලියැවුණේ පුස්කොළ පොත්වල බව අතීතයම සාක්ෂි දරනු ඇත.

සැ. යු. - මෙය සවනි ශේශාධි විසින් 2015.10.31 මව්බිම පුවත් පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර, අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම බෙදාගැනීමේ අරමුනින් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි

[QUOTE="sooppuwa, post: 19798980, member: 556336"] [b]තල්පතේ කේන්දර ලියන හැටි[/b] [SIZE="5"]තල්පතේ කේන්දර ලියන හැටි[/SIZE] [IMG]http://www.mawbima.lk/resizer/news-images/550/330/FFFFFF/94875_8.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]ලංකාවේ ලේඛන ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී මුලින් සිහියට නැඟෙනුයේ ලෙන් ලිපිය. භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සකස් කළ ලෙන් උන්වහන්සේ වෙත පූජා කිරීමේදී ලෙන් ෙදාරෙහි කටාරමේ එම ලෙන කරවූ දායකයාගේ නම ලියා තැබීමේ සිරිතක් පැවැතිණි. ආදි කාලයෙහි මේවාට අමතරව ලේඛනයේ යෙදුණේ වැලි පිල්ලෙහිය. සියුම් වැලි ඇතිරූ ලෑල්ලක ඇඟිල්ලෙන් පැරැන්නෝ අකුරු ලියූහ. බොහෝ විට වැලි පිහිල්ල හා සම්බන්ධව ප්‍රධානව කතා කෙරෙනුයේ බෞද්ධ විහාරස්ථානයන්ය. එකල පැවැතියේ ආගම පදනම් කොටගත් අධ්‍යාපන ක්‍රමයක් නිසා බොහෝදෙනා අකුරු උගැන්ම සඳහා ගියේ පන්සලටය. වැලිපිිල්ලේ ලියන අකුරු ක්ෂණයෙන් මැකීයන නිසා දිගු කාලයක් මැටි පුවරු, ලෝහ පාත්තර සහ කාසිද එකල සිටි අය ලේඛනයේ යෙදීම සඳහා යොදාගත්හ. මෙරට ඉතිහාසයේ ප්‍රබල ලේඛන කලාවක් තිබූ බවට පිළිගත හැකි හොඳම සාධකය වනුයේ වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමයි. මුඛ පරම්පරාගතව පැවැත ආ ධර්මය ලේඛන ගත කරන්නට තරම් එකල ආදිතමයන්ට හැකියාවක් පැවැතිණි. එකල බොහෝ විට ලේඛනය සඳහා භාවිත වූයේ තල්පතයි. වර්තමානය වන විට තල්පත ලේඛනයෙන් අෑත්ව යන දෙයක් බවට පත්ව ඇත. එනිසාම තල්පතට වටිනාකමක් එක්වී ඇත. තල්පත ලේඛනයෙන් අෑත්ව යන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය. අතීතයේදී සියලු ශාස්ත්‍රයන් ලියාතැබුණේ තල්පත්වලය. බුද්ධ ධර්මය, ඉතිහාසය, පාරම්පරික වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, පැරැණි තාක්ෂණය, ජේයතිෂ විද්‍යාව, තාරකා විද්‍යාව, භාෂා සාහිත්‍ය, භූත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ආදිය පිළිබඳ සටහන් තැබූයේ තල්පත්වලය. පාරම්පරික රහස් ගැටපද ලෙස සැඟවූයේ තල්පත්වලය. පොළොන්නරු යුගයේදී කාලිංගමාඝ ආක්‍රමණයේදී විශාල දැනුම් සම්භාරයක් ගබඩා කොට තිබූ පුස්කොළ පොත් බොහෝ ප්‍රමාණයක් විනාශ විය. පුස්කොළ පොත, තල්පත ආදියෙහි ලිවීම එතරම් පහසු කටයුත්තක් නම් නොවේ. ඒ හා බැඳුණු පාරම්පරික රහස් ගණනාවක් වෙයි. පුස්කොළ පොත් බැඳීම හා ලිවීම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් ආකාරයක් ගනී. තල් ගස පිළිබඳ සමාජයේ බොහෝ මතිමතාන්තර පවතී. තල මලක් පීදුණු විට ගමම පාළු වනවා යැයි ගැමියන්ගේ විශ්වාසයයි. තල මලක් පිපෙන්නේ තල් ගසක අවසන් කාලයේ බවටද පිළිගැනීමක් ඇත. පිහි තුඩකටත් වඩා තියුණු තල් අතු බේරමින් තල ගහ මුදුනට නැඟ තල ගොබය කැපීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. ගහ මුලට දෑත එක්කොට වඳිනුයේ පය තබමින්, උඩට යනෙන සෑම මොහොතකම අවදානමක් වන බැවිනි. තල්ගොබය කපනුයේ පෝයට කලින්ය. හඳ පායන විට තල් ගොබය විසිරීමට පටන් ගන්නා හෙයින් එසේ වුවහොත් එය කපාගැන්මට අපහසු හෙයිනි. තල් ගොබයේ මුලින් කැපුමක් යොදා එහි කඹයක් බඳිනුයේ පහතට බා ගැනීම සඳහාය. වෙර යොදා කපා ගන්නා ලද තල් ගොබය සීරුමාරුවට තවත් කිහිප දෙනකුගේ කර මතින් රැගෙන යනුයේ පුස්කොළ සාදා ගැනීම සඳහාය. තල් කොළ සකසා ගන්නා ගුරුන්නාන්සේ බිම ඇන තියාගෙන සියුම් තුඩ සහිත පිහියකින් තල් ගොබේ හෙමින් සීරුවේ දිගහැර ගනියි. ඉන්පසු ඔහු තල කොළ එකින් එක තල් ඉරටුවලින් වෙන්කොටගෙන ඒවා එකින් එක සීරුවෙන් රෝල් කොට ගනී. එසේ රෝල් කොට ගන්නා තල් කොළ ඉන්පසු හඳුන්වනුයේ තල වට්ටු ලෙසය. මෙසේ තල් කොළ කිහිපයක් එකිනෙක තබා රෝල් කරගත් පසු ඒවා තල් ඉරටුවලින්ම ගැටගසා ගනී. ඉන්පසු උදාවන්නේ තල්කොළ තම්බා ගැනීමේ කාර්යයයි. කබොක් ගල් තුනක් මත තැනෙක ළිපෙහි වතුර පිරවූ හැළියක් තැබෙනුයේ "ස්වස්ති සිද්ධම්" යන්න තොල මතුරමිනි. සුබ වැඩක් කරන විට "ස්වස්ති සිද්ධම්" යන්න නිතරම ගැමියාගේ මුවින් පිටවන්නකි. වතුර පිරවූ හැළියේ අඩියට කොරකහ, පැපොල් මද, පැපොල් අතු ආදියද සීරුවට තැන්පත් කොට ඒ මතට ඔතාගත් තල් කොළ වඩියක්ද තැන්පත් කරගනී. නැවැතත් තල් කොළ වඩිය වැසීයන සේ යළිත් කොළ තට්ටුවක් අසුරයි. මෙසේ මාරුවෙන් මාරුවට කොළ තට්ටු හා තල් කොළ වඩි කිහිපයක් වතුර හැළියේ තැන්පත් කරයි. චිරිචිරි හඬ නඟමින් නැඟෙන ගිනිදලු මැදින් විසිරෙන දුම් රොටු අතරින් තල් කොළ වඩි තැබීමට සිදුවන්නේ ඉමහත් පරෙස්සමිනි. ගො ගොර හඬ නඟමින් බුබුළු දමන කොළ කහට මුසුවුණු උණුදිය තල් කොළ වඩිය හකුළුවාලයි. පැය තුනක් තිස්සේ තල් කොළ වඩි බෙහෙත් කොළවල සාරය සමඟ හොඳින් තැම්බෙයි. තම්බාගත් තල් කොළ හොඳින් හිරු එළිය ඇති දිනයෙක එකිනෙක නොගැටෙන සේ එල්ලා ගනුයේ වියැළීම සඳහාය. තම්බාගත් තල් පත්‍ර හොඳින් නොවියළුණහොත් දුර්වර්ණ විය හැකි අතර එසේ දුර්වර්ණ වූ තල් පත්‍ර එතරම් අලංකාරයක් ඇති නොකරන නිසා ඉවත දැමීමට සිදුවේ. මඳ පවනේ වියළන තල් කොළ ඉන්පසු මඳ අව්වේද, අලුයම මඳ පින්නේද, නැවැතත් මඳ අව්වේද ආදී වශයෙන් මාරුවෙන් මාරුවට වියළා ගනී. හොඳින් වියළාගත් තල් කොළවලින් දිස්වන්නේ හැකිළුණු, පොඩිවුණු ස්වභාවයකි. ගස් දෙකක් අතර බැඳි මෝල්ගසක හෝ සිරස් අතට සිටුවූ කණු දෙකක් අතර බැඳි පුවක් කඳක හෝ දමා තල් කොළ මැදීම සිදුකර ගන්නේ ඉන් අනතුරුවය. හොඳින් මැදගත් තල් කොළ නැවැත වට්ටු ආකාරයට සකස් කරගනී. ඒ තල් කොළවල ආරක්ෂාව සදහාය. තල් කොළ පුස්කොළ පොත් ලෙස බැඳෙනුයේ ඒ හරහා යැවෙන තරමක් ගනකමින් යුතු නූලකිනි. එයට සිදුරු විදගත යුතුය. තනි සිදුර හෝ සිදුරු දෙකක් විදීම සාමාන්‍යයෙන් සිදුවෙයි. සුළි කැපීම ලෙස හඳුන්වන්නේද ඒ සිදුරු විදීමය. පුස්කොළ පොත් සකස් කිරීමේදි නම් තල් කොළ එකම ප්‍රමාණයට කපාගත යුතුය. ඒ සඳහා භාවිත කරනුයේ කිතුල් ලීයෙන් හෝ වෙනත් ගනකම් සහිත ලීයකින් කළ අච්චුවකි. ඉන්පසුව පත්තුල නම් වූ උපකරණයක් ගිනියම් වන සේ රත්කොට කපාගත් කෙළවර දාරවල අතුල්ලයි. එයින් කොළවල අනවශ්‍ය කොටස් ඉවත් වී මනා නිමාවක් ලබාදේ. පුස්කොළ පොත්වලට මේ පිළිවෙත අදාළ වුවද කේන්දර ලිවීම සඳහා භාවිත වනුයේ තල වට්ටුය. තල වට්ටු දිගහැරීම වැළැක්වීමට එහි දෙපසින් කට්ට කපනු ලැබේ. මේ සියල්ල අවසානයේදී පුස්කොළවල ලිවීමට පටන්ගනී. එය එතරම් ලෙහෙසි කටයුත්තක් නම් නොවේ. එහි ලියන අක්ෂර මෙන්ම ඉස්පිලි පාපිලිද සමාන විය යුතුය. වමේ සිට දකුණට එකම ශෛලියකින් අකුරු පේළි අතර ඇති ඉඩ ප්‍රමාණයන් ආදී වශයෙන් රීතීන් ගණනාවක් අනුගමනය කළ යුතු බව පැරැණි පතපොතෙහි දක්වා ඇත. සිංහ ශෛලිය, හස්ති ශෛලිය, හංස ශෛලිය, කාක ශෛලිය ලෙසින් පුස්කොළ පොත්වල ලියැවෙන අක්ෂර වර්ග සතරකි. පුස්කොළ ලිවීම ඇරැඹෙනුයේ ආශීර්වාද පාඨයකින්ය. එතැන් සිට පුස්කොළය ලිවීම ඇරැඹේ. පුස්කොළ පොත්වල කිසිම විටෙක හල් අකුරු භාවිත නොකරයි. ඒ වෙනුවට ලියනුයේ බැඳි අක්ෂරයන්ය. පුස්කොළ පොත්වල ලිවීම යනු ඒ මත යම් සීරීමේ විදියකි. ඒ සඳහා යොදාගනු ලබන්නේ පන්හිඳයි. එය විවිධ හැඩයට සකසනු ලැබුවත් අවසානයේ ලිවීම සඳහා සකසා ඇති කොටස කෙළවර වනුයේ තියුණු තුඩකිනි. පුස්කොළ මත ලියා අවසානයේදී කළු මැදීම සිදුකරයි. ඒ සඳහා යොදාගැනෙනුයේ දුම්මල තෙල්ය. සාදාගත් රෙදි පොට්ටනියක කළු තවරා ලියූ අකුරු මත එම පොට්ටනිය තවරාලයි. එවිට පුස්කොළය මත කැපුණු අකුරු තුළට දුම්මල තෙල් උරාගනී. පුස්කොළ පොත්, හඳහන් ආදිය ස්වාභාවිකවම සැකැසෙන නිසා ඒවායේ ආයු කාලය එතරම් දීර්ඝ නැත. වරින්වර සංරක්ෂණය කළ යුතුය. කෙසේ වෙතත් අද වන විට අභාවයට යන තාක්ෂණ ක්‍රම අතර පුස්කොළ පොත් සැකැසීමේ කලාවද වෙයි. එම රහස් පවතිනුයේ පැරැණියෝ අතර පමණක්මය. පුස්කොළ යනු සැබැවින්ම කලාවකි. පෑනකින් පැන්සලකින් කඩදාසි කොළ මත මවන නෙක රටාවන්ටත් වඩා තල කොළයක් මත පන්හිඳෙන් ලිවීම අතිශය සියුම් කලාවකි. අත්ත හොඳයි තද වැස්සට ඉහලන්ඩ පිත්ත හොඳයි තද වරපට අඹරන්ඩ ගොබය හොඳයි දස ධර්මේ ලියන්ඩ මෙමල හොඳයි බුදු පුදයට ගෙනයන්ඩ පැරැණියෝ තල් ගස දුටුවේ මේ අයුරිනි. වේලාපත්කඩ තල්පත්වල ලියැවෙන්නටත් කලින් තල් ගොබ ගැනුණේ බුදු දහම ලියා තබන්නටය. යම් තැනෙක කරේ දැමීමට යන්තර සකස් කිරීම සඳහාද පුස්කොළ යොදාගත් බව කියැවේ. රන්, රිදී ආභරණ නොමැති යුගවල පුස්කොළවලින් කළ ආභරණ ළඳුන් පැලඳි බවත් ජන කවිවල කියැවේ. වර්තමානයේ අභාවයට ගියද අතීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලියැවුණේ පුස්කොළ පොත්වල බව අතීතයම සාක්ෂි දරනු ඇත.[/COLOR][/SIZE] [COLOR="Red"] සැ. යු. - මෙය සවනි ශේශාධි විසින් 2015.10.31 මව්බිම පුවත් පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර, අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම බෙදාගැනීමේ අරමුනින් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom